
එදා හෙළ කලා කෙත එකළුකල අමරණීය නිර්මාණපෙළින් බිංදු මාත්‍රයක්
ප්‍රවිණ සිනමාවේදී ගී පද රචක කලාපෙළ පුරෝගාමි සුගතපාල සෙනරත් යාපා අමා ගී මි බිඳක් – 1969
—————————-
ඔහු –
සිනමාවේදී ජී ඩී එල් පෙරේරා විසින් කලා ලැදි සරසවි අසිරි ලැබූ නවක යෞවනයන් උදෙසා 62 වසරේ ඇරඹු කලාපෙල සමාජිකයෙකුව සාමා සිනමාපටයේ නිර්මාණයට දායක විය
එහි චරිතයක් රඟපා ගේය පද අමුණා (වනන්තරේ ගල් අරනේ විමානේට ………ගායනය ආධුනික ශිල්පීනී මල්ලිකා පෙරේරා)
රාජ්‍ය ලිපිකරු සේවයේ යෙදී සිටිමින් මිනිසා හා කපුටා කෙටි වාර්තා චිත්‍රපටය නිපදවා
හෙල කලා කෙත අස්‌වදන්නට සමත් වූ නවකයන් රැසක ආගමනය සනිටුහන් කල
හන්තානේ කථාව නිර්මාණය කරන ලදී
විජය කුමාරණතුංග / විජය ධර්ම ශ්‍රී / බර්ටි ජයසේකර / බර්ටි ගුණසේකර / දයා තෙන්නකෝන් රංගන ප්‍රභා මැවූ
වික්‌ටර් රත්නායක / සනත් නන්දසිරි
සත්සර ප්‍රභා මැවූ
එහි සංගීත නිර්මාණය ආචාර්ය කේමදාසයන් විසිනි
විශේෂ දර්ශනය – 20 දෙසැමිබර් 1969
තිරගත වූ දිනය – 26 පෙබරවාරි 1970
කථා සැකිල්ල –
මනමේ / සෙවනැල්ල (සිරි ගුණසිංහ) ඇසුරු කරමිනි
සරසවි සිසු සුභා (ස්‌වර්ණා මල්ලවාරච්චි) හා ඇගේ ගැමි පෙම්වතා සිසු අනුර (ටෝනි රණසිංහ) අතරට මැදහත්ව සුභා පොළඹවා ගත් සෙල්ලක්‌කාර සිසු බන්දු (විජය කුමාරණතුංග)
විශේෂ කරුණු –
විවේනයට ලක්‌වූ බන්දු- සුභා පෙම් ජවනිකාවන්
විජය කුමාරණතුංග සමන්ති ලැනරෝල් සම්මුඛ පරික්‍ෂණයකින් තෝරාගන්නා ලද්දන් විම
එකම ගීයකට පද රචකයන් දෙදෙනෙකුගේ දායකත්වය
සරා සොඳුරු මල් පැටලී මිහිර මවන ජීවිතයයි (වික්‌ටර් – නන්දා )
පිරිමි ගී පද කොටස් – මහගම සේකර
කාන්තා ගී පද කොටස් – සුගතපාල සෙනරත් යාපා
චිත්‍රපට අධ්‍යක්‍ෂක විසින්ම ස්‌වකීය නිර්මාණයට ම ගී රචනා කල ප්‍රථම හා එකම අවස්‌ථාව ?
ඔහුගේ වෙනත් නිර්මාණ –
පෙමිබර මධු – 1977 / ඉන්දුට මල් මිටක් – 1981
(මුල් පිටපත)————————-
ගැයුම මහාචාර්ය සනත් නන්දසිරි සමග සහය ශිල්පී අතුල සෝමසිරි ?
අනන්ත වූ දෙරණ සරා – දෑස නිවන නිලක් සොයා
අහස් ගවිව නැග ගත්තේ නිල්ල දකින්නයි
ගඟක ගලන සිඟිති දොළක – සිහිළ විඳින්නයි
ගසක වෙළෙන සිඟිති වැලක- පහස ලබන්නයි
……………………………..
තනුව හා සංගීත අධ්‍යක්‍ෂණය – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
—————————-
(පරිශිලනය- සුනිල් මිහිඳුකුල කෘති)
එදා ඇසුණු ගී – 2018 නොවැම්බර්
~සටහන් පෙළගැස්ම~
Prabath Rajasooriya
ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න
ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…