
ඉරට උඩින් සක්වලට උඩින්
නැසිගිය ප්‍රවිණ සංගීතවේදී සරත් දසනායක ප්‍රණාම!
———————————
එදා ගුවනින් ඇසුණු සිංහල ගී මග නැවුම් මාවතක රැඳවු ආනන්ද සමරකෝන් කලාකරුවාණන් ගත් එමඟ කටු කොහොළින් නොවැසෙන්නට ස්‌වකිය ගී හඬ මෙහෙයවුයේ සුනිල් ශාන්තයන්ය



දේශිය සංගීතයක රසභාව කෙසේනම් ප්‍රචලිත කරන්නේදැයි කණින් කොණින් ඇසෙන්නට වූ යුගයක එහි වළ ගොඩැලි මට සිලුටු කරමින් මුදු සුමුදු කරවූවෝ පන්ඩිත් අමරදේවයන්ය කේමදාසයන්ය – ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය
අනතුරුව වික්‌ටර් රත්නායක නම් අපූර්ව සංගීතවේදියාය



පසුව එළඹියේ හෙළ ගීතාවලියේ තවත් රන් යුගයකි ඉන් ඉක්‌බිති පරපුරක එකි මංපෙත සැරසු ගාන්ධර්වයන් අතර ඔස්‌ටින් මුණසිංහ හා සිනමා ගීයේ ස්‌වකීය ආධිපත්‍ය මොනවට පිළිබිඹු කරමින් පෙළහර පෑ අප කතානායකයන් සරත් දසනායක නමි විය
ඔහු හා සමකාලිනව භාරත සිනමා සංගීතයේ පෙරළිකාර රාහුල් දේවි බර්මන් ගේ විප්ලවීය තනුරටාවන් ඊට බලපෑවේ යම්සේද සිංහල සිනමාවේ ඊට නොදෙවෙනි මං සළකූණු සනිටුහන් කරමින් යුගයක සුමධුර තනුරටා හිමිකරුවා ඔහුම විය
හෙතෙම සිනමා ගීතයෙන් බැහැරව තම සුපුරුදු රටාවෙන් පියවරක් ඔබිබට ගොස් දේශිය පසඟතුරු නාදරටා සංකලනය කරමින් නිර්මානකරණයේ යෙදුණු අවස්‌ථා විරළය
එදා ගී රස විඳි ශ්‍රාවක ප්‍රජාවෙන් වසන්ව වර්තමානයේ නොඇසි ගිය ඔහුගේ අපූර්ව නිර්මාණයකි මෙය
මෙහිදි ඔහු තම නිර්මාණ පෙළහර පෑම සඳහා තෝරාගන්නේ ආචාර්ය අජන්තා රණසිංහයන් අතින් ලියැවුනු පදවැළකි – ගී නිර්මාණයකදී එතරම්ම සාකච්ඡාවකට නොම බඳුන් වූ මාතෘකාවකි ඒ නිසාම එය රසිකයන් හට නවමු අත්දැකීමක් වනු අතරම සිංහල ගීතාවලිය අතර සුවිශේෂීය
මීටි සරත් දසනායකයන් විසින් එහි යටිපෙළින් කියැවෙන පදඅරුත මනාව ප්‍ර්‍රකට වන සේ යොදා ඇති සංගීත අදියුරුව පිරික්‌සා බැලිම වටී
(තැටිගත කළ මුල් පිටපතයි – 1975?) ————————-
ඉරට උඩින් සක්වලට උඩින් පෙම් රළ පතරේ පව්ව උඩින්
කඩුඵ උඩින් පැනයන්න ලියේ සුමුදු වටොර නළවා
රන්මිණ් කුන්ඩල නූපුර හඩවා – ස්‌වප්න විමානෙන්
සීතා දේවිය යන්න ගියේ
චන්ද්‍ර කලාවේ රාජ භවන ලඟ – ජය ටැඹ වෙතටම යන්න ලියේ
යන්න ලියේ ………………………………………………
————————————
පද රටා නමැයුම – ආචාර්ය අජන්තා රණසිංහ
තනු හා සංගීත රටා නිමැයුම – ප්‍රවිණ සංගීතවේදී නැසිගිය සරත් දසනායක
ගායන සහය – ආචාර්ය වික්‌ටර් රත්නායක
සිංහල සංගීතයේ රවි ශංකර් – ප්‍රවිණ සංගීතවේදී සරත් දසනායක
රජයේ සංගීත විද්‍යාලයෙන් ශිල්ප හදාරා කලක් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වාද්‍ය වෘන්දයේ සිතාර් වාදකයා ලෙස ඔහුගේ අමරණිය නිර්මාණ බොහෝ ගණනක සිතාර් වාදනයේ යෙදුනි
ඒ ඔහුගේ සංගීත මංජරිය නමි මරදානේ ජයන්ත විරසේකර මාවතේ එකල (60 දශකය) පිහිටා තිබුණු කලායතනයේදීය
ඊට සමගාමීව ඉසිපතන විදුහල ඇතුඵ පාසල් ගණනාවක සංගීත විෂය භාර ආචාර්යවරයා ලෙස රජයේ සේවයේ යෙදමින්
70 දශකයේ මුල් භාගයේදී කරුණාරත්න අබේසේකරයන් ගේ පබැඳුමි උදෙසා ශාන්? 45 භ්‍රමණවට ඊපී තැටි ලේබලය යටතේ ගීත 4 ක් ඔහු විසින් මුලින්ම ජෝතිපාලයන් උදෙසා නිර්මාණය කරන ලදී
1 නීල දෑස පූරා
2 ඔබ නිදන්න ඔබ නිදන්න
3 අද අමුතුම රැයකි
4 මල්සර මල් දුන්නේ
පසුව විශ්මය සිනමා පටයේ ගී නිර්මාණයේ යෙදී සිටියදී ම සෝමපාල ලීලානන්දයන්ගේ නිර්දේශයෙන් ඉහත ගී ශ්‍රවණය කළ සේන සමරසිංහයන් විසින් දසනායකයන්ගේ සිනමා සංගීත දිවියේ රන් දොරටු විවර කරදුන් //සදහටම ඔබ මගේ // සිනමා සිත්තමේ ගී රස ගැන්විම සිදු කරල ලදී
පෙම් රස වෑහෙන / අමර පෙම් ලතාවේ / වාසනාව දොර ඇරලා / දෑසේ මාගේ
ඔහුගේ දෙවන නිර්මාණය වූ //කස්‌තුරි සුවඳ // ඔහු ගේ ගී රසභාවය වඩාත් කුඵගැන්වුනු කෘතියයි
ලස්‌සන ලෝකෙක / පෙම්වතියන්ගේ / ගිගිරි ජගරි අංඩවනා / මල් වයසේ මධු සිහිනේ / පාට පොදක් තිලක ලා
පසුව සමරසිංහ – දසනායක සුසංයෝගය 70-80 දශකයේ සිනමා ගීතාවලියේ අමරණිය මංපෙතක් සටහන් කරවන ලදී
එදා ඇසුණු ගී – 2018 නොවැම්බර්
~සටහන් පෙළගැස්ම~
Prabath Rajasooriya
ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න
ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…