• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

sarath-balasooriya

ප්‍රවිණ සංගීතවෙදී සරත් බාලසූරිය දිවිමග සළකුණු

August 22, 2020 by shamilka
Prabath Rajasooriya, Sarath Balasooriya

ඔබ කොහි සැගවුනිද ?

දයාබර සංගීතවෙsදියාණෙනි (02 කොටස) – බැති උපහාර මනහාර ගී නාදය

.

උපත 1942 දෙසැමිබර් 10

විපත – අවිනිශ්චිතයි

උපන් ගම – කිරුළපන

සංගීතය හැරීම – රජයේ සංගීත විද්‍යාලය – 1962 (වයලීන් වාදනය)

(අමිතා දඵගම / වින්සන්ටි ප්‍රේමසිරි / නවරත්න අත්තනායක සමකාලිනව)
බටහිර සංගීත නිපුණතා හා ප්‍රගුණ කිරීමි – ශ්‍රි ලංකා යුධ හමුදා බටහිර තුර්ය වාදන වෘන්දය – ක්‌ලැරිනටි වාදක – 1968

ක්‍ෂේත්‍රයේ පෑ දස්‌කමි (ගී නිර්මාණ) –
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා වාද්‍ය වෘන්දය – 1973
– වෙළඳ තැටි සංගීත අධ්‍යක්‍ෂනය – 1966 සිට

සරත් බාලසුරිය සංගීතවේදියා යුධ හමුදා තුර්ය වාදක මන්ඩලයේ පෙරදිග රාගධාරි සංගීතය හැරු ප්‍රමුඛතම සාමාජිකයා වූ බව සඳහන් වේ

ශ්‍රවණය කල සැණෙන් එහි ස්‌වර හඳුනා ගෙන ස්‌වර ලිපිය සටහන් කිරීමේ අපුර්ව හැකියාවක්‌ අත් කර ගත් ඔහු ඒ හරහා ගායකයන් හා වෙනත් සංගීතවේදීන් ගේ නිර්මාණකරණයේදී බෙහෙවින් ප්‍රයෝජනවත් ශිල්පියෙකු විය

නැසිගිය පැට්‍රික්‌ දෙණිපිටිය සංගීතවේදියා ද 50-60 දශකයේදී ඉහත ශිල්පයේ කෙළ පැමිණියෙකුව සිටි බවද කියෑවේ

Patrick Denipitiya

ගුවන් විදුලියේ සේවය කරණ සමයේදී මධුවිතට ඇබිබැහිවීමෙන් වරින් වර රෝගි තත්වයට පත්වූ ඔහු 1996 අප්‍රේල් මසයේදි ඒ සඳහා රෝහල්ගත ව සිටි බව වර්තා වේ

ඔහුගේ ජීවන චාරිකාවේ වඩත් අනුවේදනිය සිදුවිම සටහන් වන්නේ එහිදීය

දිනක ඔහුගේ සුවදුක්‌ විමසන්නට පැමිණි පවුලේ සාමාජිකයන් හට ඔහු දක්‌නට නොවිය

අපවන් රසිකයන් වෙත සුන්දර නිර්මාණ ගණනාවක්‌ තිලිණ කළ මේ අපුර්ව නිර්මාණකරුවා රෝහලෙන් අතුරුදහන්ව ගොසිනි

එදා මෙදා තුර දශක 2 ක්‌ ඉක්‌මවා යන්නට ආසන්නය

සොයා විපරමි කරනු ලැබුවද ඔහු පිළිබඳව කිසිම තොරතුරක්‌ වාර්තා නොවූ බව සඳහන්ය

—————
නොමියෙන නිර්මාණපෙලින් බිඳක්‌
හෙළ දෙරණේ කඳුල සුසුම / සිරිපොද වැස්‌සේ / අනේ මස්‌සිනේ (නන්දා මාලනී)

බඹර රැගුමි (වික්‌ටර්)
ආදර සුභා / ආත්ම ගණනක (ශ්‍රීමතී)
මළවුන්ගේ නගරයේ (අබේ / නාලනී)
——————–

ගී පද රචනය – හේම ශ්‍රී ද අල්විස්‌
තනුව හා සංගීතය – සරත් බාලසූරිය
ගායනය – ජ්‍යෙෂ්ඨ ශිල්පිණි ලතා වල්පොළ
(ජෙම්ටෝන් තැටි ලේබලය වෙනුවෙනි)

තොරතුරු මුලාශ්‍රය –
දුරකථන සංවාදය – ප්‍රවිණ ගුවන් විදුලි වැඩසටහන් සම්පාදක ගීත රචක හේම ශ්‍රී ද අල්විස්‌ මහතා
මියෑසි හරසර – ලාල් ආනන්ද අබේධීර

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

සැගවුනිද ඔබ ? – ගාන්ධර්වයාණෙනි- (01 වන කොටස)

August 4, 2020 by shamilka
Prabath Rajasooriya, Sarath Balasooriya

සිරිපොද වැස්‌සේ රාත්‍රියේ – නන්දා මාලනී

කොහි සැගවුනිද ඔබ ? – ගාන්ධර්වයාණෙනි- (01 වන කොටස)  

යටගිය දවස ඔබ ඇතුඵ පන්සිඵ කැළ පුබුදුවාළූ ගී පුෂ්ප සුගන්ධය අදද රසික සිත් වසග කරනු ලබයි

ඒ අදදිනෙන් චතුර්දශකයකටත් ඔබ්බෙනි

එපමණ කාලයක් ගතවී යෑයි කෙසේ සිතන්නද ?

ඒ අද යුගයේ මිනිස් දිවියක ආයුසිමාවෙන් හරිඅඩකටත් වඩා වැඩිකාලයක් නොවේද ?

අරුත්ගන්වන්නට අසමත් වුවද භාරත ගී රසයෙන් කුල්මත්ව එහි මිහිර සොයා යමින් සිටි හෙළ ගී රසික කැළ යළිත් තම සුපුරුදු හෙළ ගීයට ආශක්ත කරවුයේ අරුත්බර පදමාළාවන්ට සප්තස්වර රටා මුසු කරවාලු එදා පන්සිඵකැළ ය ඒ අතර ඔබ ගේ නමද කියවිය යුතුමය

පෙර සසර පුරුද්දටදෝ ළමාවියේ සිට පිහිටා ආ මියුරු සත්සර රටා මැවීමේ කලාව දියුණු තියුණු කරගෙන ආ ඔබ ඇඟිලි තුඩු වරෙක යුහුසුඵව දිවගියේ ශ්‍රවණ මාත්‍රයෙන් මැවු ස්වරලිපි ඔස්සේය

ඔබේ නාමය එදා රසික දනන් තුඩග නිතර රැව් පිළිරැව් දුන් බව කිවේ නම් එය සත්‍යයෙන් තොරය

අදද ඔබ නියෝජනය කල සරස්වතිය අසිරි ලැබු ඒ ක්ෂේත්‍රයේ පවා ඔබ හඳුනන්නෝ අතළොස්සකි වෙත්නම් ඔවුහු ද ඔබේ එදා සමකාලිනයෝ වන බව නිසැකය

අන් අවසෙස් රසිකයන් පිළිබඳව කුමන කථාද?

එදා යුගයක් ඒකාලෝක කළ සුන්දර නිර්මාණ ගොන්න අතරින් ඔබේ නිර්මාණ ද සෙස්සන් ගේ හා කිසිසේත් දෙවැනි නොවෙති

ඒ පිළිබඳව ඔබේ ඒ නිර්මායන්ට පෙම්බැඳි රසිකයා දෙස් දෙනු ඇත

එහෙත් ඔබේ ඒ සුන්දර සත්සර රටා පිළිබඳව හඩ අවදිකරන්නෝ විරළය අල්පය

එහෙත්

දයාබර සංගීතවෙදියාණෙනි!

Sarath Balasooriya

ඔබ අප අතර රැඳුනු යුගය යමිතමි දෙදශකයක් නොඉක්මවා ගියද
ඒ කෙටිකාලයේදී නිහඩවම සහෘද අප වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදුණු බව සැබැය
එහෙත්
ඔබ අපහදවතින් කිසිකළෙක හෝ ගිළිහේ යෑයි නොසිතන අමරණීය ගී පෙළක තනු රචකයාව සොඳුරු අදියුරුවාණෝව නොකියාම නිහඩවම නොපෙනි ගියේ මන්දයි විමසමින් අදට නවතින්නෙමි

සුභ ගමන් !!!

———
ය ලි
මතුයම් දිනක යළි අප හමුවට එනතුරු පෙරමග බලා සිටින්නෙමි
එදා ඒ මැවූ මිහිරියාව යළි පුබුදුවනු වස් අදින් වසර 40 කට ඉහතදී වෙළඳ තැටියක ඔබවා ඔබේ සත්සර රටාවෙන් හැඩගැන්වූ  ඒ    ගීය ඒලෙසම අද යළි අමුණා එවන්නෙමි
එය ඔබේ නාමයට උපහාරයක් වේවා !!
——————————-
සිරිපොද වැස්සේ රාත්‍රියේ
පහන් කණුව යට ඔබ හැමදාමත්
රැගත් සුරා පිරූ විතින්
පුවත් නොදැන බමන ගතින්
සුරත් තඹුරු පෙති සේ දෙනෙතින්

———————————-
ගේය පද ඇමුනුවේ මහඇදුරු සුනිල් ආරියරත්නයන් බවද
ස්වකීය හඩ අවදිකරමින් ඔබේ සත්සර පණගැන්වුයේ නන්දා මාලනීය විසින් බවද

අද රසික කැළ වෙනුවන් සටහන් කරන්නට අවසර

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • From Actor to Director

    From Actor to Director

    June 26, 2022
  • එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 04

    එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 04

    June 18, 2022
  • An adult is sad but a child smiles

    An adult is sad but a child smiles

    June 12, 2022
  • සරත් දසනායක ගී එකතුව

    සරත් දසනායක ගී එකතුව

    June 5, 2022
  • එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 03

    එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 03

    May 28, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved