• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

nanda-pathirana

නන්දා පතිරණ පළමු හා එකම වෙළද ගී තැටිය

December 12, 2021 by shamilka
Nanda Pathirana, Prabath Rajasooriya

හෙළ ගී රැජින නික්ම යන්නට මත්තෙන් ඇය  නැළවු  නන්දා ගී  රාවය – දර්ශණ ලේබලය -1978

මේ 1978 වසරයි නව රජයක්‌ බලයට පත් වී තිබේ විපර්යාස රැසක්‌ සිදුවෙමින් පැවතිනි නව ආන්ඩු ක්‍රම ව්‍යවස්‌ථාවකින් ලංකීය ඉතිහාසයේ මුල්වරට විධායක ජනපති වරයෙකු දේශය පාලනය කරයි ඔහු යටතේ නව අග්‍රමාත්‍ය ධුරයේ කටයුතු කරන්නට තෝරාගෙන සිටියේ ලංකිය ඉතිහාසයේ මුල්වරට අගනුවර මැද නාගරිකයෙකුය හෙතම රණසිංහ ප්‍රේමදාස නමිනි

විදුලි වේගයෙන් කොළොම්පූරය මහා පරිවර්තනයකට ලක්‌වෙමින් පැවතිනි නගරය සිසාර වටරවුම් ඉදිවිනි එහි නා නා වර්ණයෙන් සමලංකෘත පුෂ්පයෝ සුලගේ ලෙළදෙති ලංකිකයන්ට මතුනොව අගනුවර වැසියනට පවා අගන්තුක ව පැවති අහස්‌ පදික මාරු හතු පිපෙමින් තිබිනි

කොළඹ කොටුව දුම්රිය නැවතුම ට යාබදව කඩ සාප්පු රැසක්‌ වහ වහා ගොඩනැගිනි ඒවායේ මින්පෙර මෙහි කිසිදිනක නොතිබු නොදුටු විසිතුරු ඇඳුම් පැළඳුම් අයිත්තම් නෙක වර්ණ බහලුම් ගමන් මඵ පිරි ඉතිරී ගොසිනි

ඒ වෙනුවෙන් ගීත ද පබැඳිනි එවකට දගකාර යව්වනයේ වේග රිද්මයේ ගායන තරුව නිහාල් නෙල්සන් විසින් ඊට හඩ මුසු කෙරිණි එහි ලියෑවි ගැයුණු දෑ අතිශයෝක්‌තිය නොවේ

කොළඹ කොටුවේ කොටු දොරකඩ තිබුනු තැනට ටිකක්‌ එහා……………..

ලෝකේම ඇති ඔක්‌කොම දේ තිබුනු තැනක්‌ තියනවා………..

මේක ලෝක වෙළඳ පොළ අපේ මේක ලෝක වෙළඳ පොල අපේ…………………

මේ නාමය දිවයිනේ අස්‌සක්‌ මුලලක්‌ නෑර විදුලි වේගයෙන් පැතිර යමින් තිබිනි නා නා දෙසින් ජනය එහි එක්‌ රොක්‌ වන්නට වුයේ මේ විසිතුරු බඩු කන්දරාවෙන් තමන්ට ඇවැසි දෑ පොරකමින් මිළදී ගන්නටය

මෙහි සේවය කල තරුණෙකි ඔහු ධර්මදාස දලබඩගේ නමිනි එහි යනෙනා කලාකරුවන් ඔහු ඇසුරට ද පත්වෙයි සතුටු සාමිචියේ නිරත වෙයි ඔහුගේ බිරිඳ එවක ජාතික ගුවන් විදුලියේ ජන ගී ගායන ශීල්පිනියක්‌ ලෙස පතල නන්දා පතිරණය

මේ අතර ෆෝර්චූන්ස්‌ (The Fortunes) නායක ප්‍රවිණ සංගීතවේදි ස්‌ටැන්ලි පීරිස්‌ ද වෙයි

Nanda Pathirana
Nanda Pathirana
Stanley Peiris
Stanley Peiris

ධර්මදාසට ඔහුගෙන් යෝජනාවකි
නරකද අපි ඇල්බම් එකක්‌ කරොත් ?
ඔව් අපි කරමු අනිවාර්යෙන්ම
කලාලැදි රසිකයෙකු වු ධර්මදාසයන් ඊට එකහෙළා එකගත්වයට පළ කරයි
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
ස්‌ථානය කොළඹ අගරදගුරැ නිල නිවස්න යාබද බොරැල්ලේ බිෂොප් හවුස්‌ – ශබ්දාගාරයයි

ප්‍රධාන පටිගත කිරිමේ ඉංජිනේරු ඩොනල්ඩ් අයිවන් ගේ සංඥාව
ලැබෙනතුරු සංගීතවේදී ස්‌ටැන්ලි පිරිස්‌ ඇතුඵ ෆෝර්චූන්ස්‌ වාදක මන්ඩලය සුදානම්ය සංඥාව ලැබී ශීල්පිනි නන්දා පතිරණ ගීතය ගැයීම පිනිස තම අවදිකරනු ලැබීය

ලන්ද දිගේ හැංගි හොරා – සැඳෑ කාලයේ ……………………..

රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ ……………………..

ස්‌ටැන්ලි පිරිසුවන් ගේ කණිටු සොයුරු මිල්ටන් ලතාවකට බඳ ළෙලවමින් තම උරහිස රුවා ගත් විදුලි ගිටාරයේ තත් සුරතින් පිරිමදිනු පෙනේ

පළමුවන අන්තර් වාදනය ඇරඹ ශබ්දාගාරය සිසාරා දෝංකාර නංවන අතිශය සුමියුරු වස්‌දඞු රවයකි හිස පහතට රැවා ගනිමින් සදාකල් පියවුනු දෑස්‌ සහිත ඔහුගේ අතැගිලි යුහුසුඵව වස්‌දන්ඩ ඔබ මොබ සිසාරා දිවයනු පෙනේ ඔහු කවුරුද

ඈත දුර ඌව පලාතෙන් අගනුවර කර පියමං කරමින් මහත් සේ දුක්‌ කරදර කම්කොටඵ මධ්‍යයේ තමන් දිවි දෙවැනි කොට ඇඵම් කරණ සංගීතය හැදැරීම පිනිස ආ ඔහු දෑස්‌ අඳ යව්වනයෙකි නමින් වී හේමපාල පෙරේරා ය ඔහු ෆොර්චූන්ස්‌ වාදක මන්ඩලය වෙනුවෙන් වාදන සහය සපයයි

V. Hemapala Perera
V. Hemapala Perera

පටිගත කිරිම නරඹමින් සිටින නෙක දනා අතරින් එහි සිටි සියල්ලගේම නොමද අවධානයට ලක්‌වු කාන්තා රුවකි ඇය එහි රස පහසෙන් කුල්මත් වි ඇති සේය
ගායනය අවසන්ය

හරිම ලස්‌සන මෙලඩි එකක්‌ නංගී ……………

ඇය තම රන්රසුදැල් රාව පරදින කිකිණිහඩ නංවමින් පිළිවදන් දිනි
අය වන් දැවැන්තයෙකුගෙන් එවැනි වදනක්‌ ? ඒ සහතිකය අමිලය

එදා මෙදා තුර සිංහල වේදිකාවේ සිනමාවේ ජයකෙහෙළි බැඳි තම අසමසම හඞ පෞරුෂයෙන් අපමණ රසික රසිකාවින් වසග කල අදටත් නොබිඳි වාර්තාව වු තමන් පෙනි සිටි ජවනිකා වෙනුවෙන් වැඩිම වාර ගණනක්‌ තමන්ගේම හඩින් ගැයු ඇය එවකට ලංකීය කලා ක්‍ෂේත්‍රය අග රැජිනි රුක්‌මණි දේවිය ඇය

Rukmani Devi
Rukmani Devi

එදින ඇය ගුවන් විදුලි ජන සංගීත පර්යේෂණ අංශයේ ම සහය ගායක ටී එම් ජයරත්න ද සහභාගි කරවාගෙන ගීත 04 ක්‌ පටිගත කරනු ලැබිය
තැටි වෙළඳ ව්‍යාපාරය ට බට නවතම සාමාජිකයන් ව තම පවුලේ නිෂ්පාදනයක්‌ වූ එහි ලේබලය ස්‌වකීය ළදරු කණිටු පුතු ගේ නම යොදා දර්ශණ නමින් වෙළඳ පොළට නිකුත් කලේය
ඒ වහාම ඒ ගීත 04 ම ගුවන් විදුලියේ වෙළඳ සේවය සිසාර ගුවනට මුසුකෙරිණි

01 මල්වනේ රෝස කැකුඵ මැදින් මට පෙනේ  ………………..

02 හිරු දෙවියන් වැඳ අවසර ගත්තා – ………………

03 මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා – මම සැනසෙනවා …………….

රසිකයන් අන්ද මන්ද කලේ තම සුපුරුදු ජන ගී ආර හැරදා යළි ඉපදුනු නන්දා පතිරණ ගේ නැවුම් හඩ නුපුරුදු ලෙසින් සවනක වැකිමෙණි

හෙළයේ මහා ගීත කෝකිලාවිය නිළි රැජින ගේ මුවින් නැගි පැසසුම් කෙසේ සුඵකොට තකන්නද තැටිය අලෙවි වාර්තා තබමින් විකිණි යන්නට විය

එහෙත් එය අසන්නට දකින්නට ඇය මෙහි නොවිය ගීත ඇල්බමයේ ආගමනය ට පෙරාතුවම ඇය යළි නෙඑන්නටම නික්‌ම ගියාය

01 මා අමතන්න එපා පාඵ මේ රෑයේ…………………

ඔබේ ශෝකි වෙණ නදින් මා හඞවන්න එපා…………….

මා අමතන්න එපා…………………

02  ලන්ද දිගේ හැංගි හොර සැදෑ කාලයේ …………………
රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ ……………..

03   මේ වේදනා මේ චේතනා විඳිනා…………..
ඒ ආදරේ කඳුලින් නුවන් තෙමනා…………..
මේ පාඵ යාමේ ආදරේ හඳුනා…………
සිත සැඵණා ………………

සහය – ශිල්පී ටී එම් ජයරත්න

xxxxxxxxxxxxxxxxxx

ලේබලය – දර්ශන (DARSHANA)

දිනය – 1978 ඔක්‌තෝබර්


නිෂ්පාදනය – ධර්මදාස ගලබඩගේ


පටිගත කිරීමේ ඉංජිනේරු – ඩොනල්ඩ් අයිවන්

ශබ්දාගාරය – බිෂොප් හවුස්‌- බොරැල්ල කොළඹ 08
ධාවන වේගය – 45 භ්‍රමණවට (45 rpm)

ගීත සංඛ්‍යාව – 04

පළමු පැත්ත (SIDE A)

01 ලන්ද දිගේ හැංගි හොරා

02 මා අමතන්න එපා

දෙවැනි පැත්ත (SIDE B)


01 මේ වේදනා මේ චේතනා (සහය ටී එම් ජයරත්න)

02 ගොම්මන් එළියේ (සහය ටී එම් ජයරත්න)

පද රචනා – කුලරත්න ආරියවංශ

තනු නිර්මාණය හා සංගීත අදියුරු – ස්‌ටැන්ලි පීරිස්‌

———–     සමාප්තයි   —————–

පසු සටහන් –
(විශේෂ ස්‌තුතිය – ජ්‍යෙෂ්ඨ ශීල්පිනි නන්දා පතිරණ මහත්මිය වෙත)

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • From Actor to Director

    From Actor to Director

    June 26, 2022
  • එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 04

    එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 04

    June 18, 2022
  • An adult is sad but a child smiles

    An adult is sad but a child smiles

    June 12, 2022
  • සරත් දසනායක ගී එකතුව

    සරත් දසනායක ගී එකතුව

    June 5, 2022
  • එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 03

    එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 03

    May 28, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved