• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

malini-bulathsinghala

තුන්කල් ගී / පැරණි ගී රසික තේරීමි

September 19, 2020 by shamilka
Malini Bulathsinghala, Prabath Rajasooriya

එදා 2000 වසර නමි බිළිඳු අද නව යෞවන වියට එළඹෙමින් සිටී ඒ බිළිඳා බිහිවූ යුගයේ අප ගී රසයෙන් පරිණත බවට පමුණුවන්නට ස්‌වකීය ශ්‍රමය කැපකල ශිල්පිනියකගේ සමුගැන්ම සටහන් කළේය

එදා අත්නොවිඳි විදුහුරු තාක්‍ෂණය අද අධිවේගයෙන් පරිණතවෙමින් සිටී එයින් ඔබ අප වන් රසිකයන් උපරීම ඵලප්‍රයෝජන අත්විඳිය යුතුය එය එසේ වන්නේය

එදා අති බහුතරයක්‌ රසිකයන්ට අතීතයේ ඇසු ගීයක්‌ රසවිඳින්නට සිත්වීද ඒ රසය විඳගැනීමට මහත් සටනක යෙදීමට සිදුවිය

දුටු සිනමා පට ජවනිකාවක්‌ සිහිකළ සැනින් දැකීම සිහිනයක්‌ම පමණක්‌ විය

ගී සංරක්‍ෂණය කරන්නට සිත් වී වැයකළ යුතු කාලය ද ගතයුතු වෙහෙස ද මහත්ය ඊට වැඩියෙන් සැළකිලිමත් විය යුතුවුයේ  පිරිවැයයි

2016 වසර සඳහා තොරාගත් නිර්මාණයන්හි අතීත පසුබිමි වාර්තා එහි පුර්විකාව සරසවන්නට රැස්‌කරමින් සිටිනා අතරවාරයේ මෙහි රසිකාවියකගේ සටහනක්‌ අනුව ඇය ඇතුඵ සමාජික සමාජිකාවන්ගේ රසිකවත්ය අගයා එය පොබයා මෙසේ කෘතගුණ දක්‌වන්නට සිත්විය

—————————–

ඇයගේ හඩ කිසිවෙකුට යමිතමින් හෝ සමාන නොවේ ඒ යුගයේ ශිල්පීන්ගේ අනන්‍යතාවය එයමය ගුවන් විදුලි අසන්නන් වූ අප ඔවූහූ මුල් පදය උසුරුවන සැණෙහිම හඳුනාගත්හ

70 ගුවන් විදුලි සරළ ගී රන්යුගය බැබළවූ ශිල්පීන් අතර ඇයගේ නාමය හිනිපෙත්තේ රැඳී පවතී

රෝහන චිත්‍රකුමාර වීරසිංහ නමි වර්තමානයේ සප්තස්‌වර පෙළහර පානා ගාන්ධාර්යාණන්ගේ හඩ හා හා පුරා කියා අවදී වූ 1973 වසරේ ඔහුට සහය වුයේ ඈය ඒ  //රන් තරු මිණිමුතු ආභරණ ඇඳන් // (උපාලි ධනවල විතාන) නිර්මාණයේදීය එහි ස්‌වරරටා ඇමුණුම ඔහුගේය

60 දශකයේදදී ඇයගේ හඩ නොඇසුණා නොවේ ඒ නව යෞවනියක්‌ ලෙස සමූහ ගායනයකට සහභාගි වෙමිනි එහිදී ඇය අත්වැල් ගායනා එක්‌කලේ ග්‍රේෂන් – ලෙනාඩි දෙපොළ හා සමගිනි ළමා ළපට අප පිනවු ඒ //යාල යාල යාල යන්න සතුන් බලන්න // නමින් ලියෑවුණු ගීය ගැයුවේ ග්‍රෙන්ලෙනාඩෝස්‌ නමි කැලිප්සෝ ශෛලියෙනි (ගුවන් විදුලි කන්ඩායමි ගී තීරය – 1970-80 දශක)

ඇය එවක පස්‌දුන් කෝරළයේ ගැමි ලඳක්‌ වූ බී ඇස්‌ මාලනී නමින් ගී ලොවට එක්‌වූ අප ශිල්පිනී මාලනී බුලත්සිංහල ය

—–
මල් මඳ පවනේ……තාලෙට නටනා රන්වන් රන් ගොයමේ
මනෝහර ගීතය දුර ඇසිලා..
හදවත් පුබුදන්නා
මිහිරිතම දැයකට පන පිඹිනා….
රණ බෙර සද්දේ දෑතක ඇත්තේ පෙරමුනටම යන්නා
අපේ රට සව්සිරි සැප විඳිනා
සිරිකත හිනැහෙන්නා ඉසුරුබර යුගයක් එළැඹෙන්නා..

මල් මඳ පවනේ……

කළුවර නින්දේ තිමිරය බින්දේ
අරුණළු රැස් හලලා
උදාහිරු පෙරඹර පායන්නා
නව පන ලබමින්නා
මහාජන ගඟ පෙරටම ගලනා..
මල් මඳ පවනේ……

70-80 දශක උදා ගී / අරුණ කිරණ ගී වැඩසටහන්)

ගී පද – ජයමිපතී අල්ගම ?

ස්‌වර රටා – එච් එම් ජයවර්ධන

(පදමාළාව  උපුටාගැනීම මෙණු සිරිවික්‍රම සටහන)

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

HM Jayawardena

සඳ තරු නිහඬයි

April 12, 2020 by admin
H M Jayawardana, Malini Bulathsinghala, Nanda Malini, Prabath Rajasooriya, TM Jayarathne

සම්මානයක් යනු කිසියම් කර්තව්‍යයක උසස් තත්වය සඳහා පුද්ගලයෙකු වෙත පිදෙන වටිනාම අගැයීමකට. මා එසේ කෙටියෙන් පැවසුවත් එය විවිදාකාරයෙන් නිර්වචනය කිරීමට පුලුවන. කලාකරුවෙකුට තමා නියැලෙන අංශයකට අදාලව සම්මානයක් හිමිවීම තරම් සතුටක් තවත් ඇතැයි මා සිතන්නේ නැහැ. එය හිතෙහි පවත්නා සිහිනයකි. එසේවුවද තරගකාරී ලොව තුල එවැන්නක් හිමිකර ගැනීම ලෙහෙසිපහසු නැත.

අද මා පවසන්නේ ඉහතකී සම්මානය සම්බන්ධව ඉදුරාම වෙනස් සිදුවීමක් මෙන්ම ඒ හා බැඳී අපූරු වටිනා චරිතයක් පිලිබඳවය. ඔහු අප රටේ දක්ශතම සංගීතවේධියෙකි.
1983 වසරේ තිරගතවූ ‘මුහුදු ලිහිණී’ චිත්‍රපටය සඳහා තමා වෙත පිදුනු හොඳම සංගීත අධ්‍යක්ෂවරයා සම්මානය ප්‍රතික්ෂේප කරන්නට තරම් ඔහු අදීනත්වයෙන් යුතු විය. වේදිකාවට පැමිණි ඔහු මෙම සම්මානය හිමිවිය යුත්තේ ‘තුන්වෙනි යාමය’ චිත්‍රපටයේ සංගීතය සැපයූ ප්‍රවීණ සංගීතවේධි ප්‍රේමසිරී කේමදාසයන් හට බවත් එය තමාගේ කාර්‍යයට වඩා ඉදිරියෙන් ඇති බවද පැවසුවේය. මෙවැනි දෑ ලෝකයේ අගැයුම් අවස්ථාවන්හිදී සිදුව ඇතත් එයද ඉතා අල්ප වශයෙනි. එම නිසාම අප රටේ වූ මේ සිදුවීම කතාබහට හා ආන්දෝලනයට තුඩුදෙන කාරණාවක් වුනා. ‘අපේ කාලයේ වීරයෙක්’ යන හෙඩිම යටතේ පසුදිනෙක දිවයින පුවත්පතේ සිනමා හා කලා තොරතුරු අතිරේකයේ මෙම සිදුවීම වාර්තා විය.

ඔහු නිර්මාණයට උපරිම සාදාරනත්වයක් ඉටුකිරීමට හැමවිටම උත්සාහ කල අයෙක් බව පහත මා දක්වා ඇති නිදසුන් දෙස බැලීමෙන් හා ඊට ඔබ තුල ඇති කැමැත්ත තවදුරටත් තහවුරු කරනු නොඅනුමානය.
——————-
* සඳ තරු නිහඬයි
ගහ කොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදිවෙලා….

* හාමුදුරුවනේ දනක් බෙදන්නට
හයි හත්තිය නෑ දැන්….
ඉස්සර නම් දවසක් හැර දවසක්
පන්සල් එනවා මම්……

* ඔබයි රම්‍ය සඳ කිරණ
ඝන අන්ධකාරේ….
ඔබයි සෞම්‍ය තරු එලිය
ගිම්හාන කාලේ…..

* දෙවොලේ නොකැලැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැම කල්…

* වාසනා වේවා… වාසනා වේවා….
පින්බර යුවතී කුල කුමරිය වී
මංගල මල් නැකතේ……

* රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්…
ජීවිතේ ලසෝ තැවුල්
නිවන්න රත්තරන්….

* ඇය යන්න ගියා මැකිලා…
වන සිරසක තුරු සෙවනැලි අතරේ….

* මිණි මිණි පොදේ ලා ඇඳුරේ
තෙමි තෙමි ගියදා….
ඉඳහිට අදත් සිහිවෙනවා
හිරි පොද දැකලා….

* සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිඳ වැලපෙනවා…..

* මාල ගිරවියේ.. මාල ගිරවියේ….
මට නුඹත් එක්ක අපේ ගමට
පියාඹන්න ආසයි….

* වී පැදුරෙන් ඉගිලී යන
කුරුල්ලෙකු ලෙසින්….

* වීනාවී උර තලයේ රැඳෙන්න
සත්සර රැව් නගන්න
වීනාවී……

* තනිවෙන්න ඉඩදෙන්න
මටයි මගේ හිතටයි…
————-

මේ ඔහු තැනූ මිහිරෙන් අනූන ගී තනු අතරෙන් කිහිපයක් පමණි. නොයෙකුත් භාදා අවහිර මැද්දේ නොනවත්වා සුන්දරව ගලාගෙන ගිය මේ ගීත ගඟුල නොසිතූ විරූ ලෙස දෛවයේ තීන්දුවට හසුව නතරවී ඇති බැව් අද දහවලේ දැනගන්නට ලැබුණි. ඒ මීට දින කිහිපයකට ඉහතදී හදිස්සියේ අසනීපව කළුබෝවල ජාතික රෝහලට ඇතුලත් කෙරුන එච්. එම්. ජයවර්ධන නම් සොඳුරු සංගීතවේධියාණන් අප අතරින් සමුගත් පුවතයි.
මෙතැනින් පසුව ඔබ හමුවේ තබන්නේ එතුමන් පිලිබඳව කෙටි විමසුමකි.
——————–
ඒ 1950 වසරයි. දුශ්කර ගැමි පරිසරයක් වූ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ හේන් වගාව, ගොවිතැන සිය ජීවිකාව කරගත් පවුලක වැඩිමල් පිරිමි දරුවා ලෙස ඔහු උපදින්නෙ හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන නමිනි. මුල් අධ්‍යාපනය සඳහා සියඹලාණ්ඩුව මහා විද්‍යාලය කරා යොමුවූ අතර එහිදී ශිෂ්‍යත්වය සමත්ව අනතුරුව පස්සර මහා විද්‍යාලයට ඇතුලත් කෙරුණි. ගමෙන් ඈත්ව නුහුරු නුපුරුදු පරිසරයක නේවාසික ජීවිතයකට හුරුවීමට ඔහුට
සිදුවිය. මුල් කාලයේ ඇතිවූ හුදෙකලා බව නිසා ඔහු සිය පියාට ලිපියක් ලියා තමාව නැවත ගමට ගෙනයාමට කියා ආයාචනා කලද පසුව පියා සහ ගුරුවරුන්ගේ උපදෙස් මත නැවතීමට තීරණය කලේය. නේවාසිකාගාරයේ තිබ කුඩා ගුවන්විදුලි යන්ත්‍රය, ජපන් මැන්ඩලීනය සහ බටනලාවට ඔහුගේ හිත ඇති ගියා පමණක් නොව ඒ මගින් එවකට ප්‍රචාරය වුන ‘ ගලන ගඟකි ජීවිතේ..’ වැනි ගීත බටනලාව මගින් වයන්නටද පෙලඹුනේය. පී. ඒ. සුබසිංහ නම් සංගීත ගුරුවරයා මෙහිදී ඔහුගේ දක්ශතා හඳුනාගෙන ඔහුට මහත් අත්වැලක් වූ බව එච්. එම්. පවසයි. ඒ මහතා යටතේ ඔහු බටනලාව හොඳින් ප්‍රගුණ කලත් ඊට දැක්වූ වැඩි නැඹුරුතාවය නිසාදෝ අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙල විභාගයෙන් අසමත් විය. මේ හේතුව නිසා යලි උපන් ගම වෙත යන ඔහු නොයෙකුත් රැකියාවන් වල නිරතවන අතරතුරේ නිවසේ සැමට හොරෙන් තවදුරටත් බටනලාව වැයීමට වගබලාගත්තේය.

ගුවන්විදුලි සේවයට අනියම් වාදන ශිල්පීන් තෝරාගැනීමේ පුවත්පත් දැන්වීමක් ඔහු නෙත ගැටෙන්නේ මේ අතරතුරේදිය. දෙවරක් නොසිතා ඉල්ලුම් පතක් යොමුකිරීමෙන් පසු පරීක්ෂණය සඳහා ඔහු කැඳවනු ලැබීය. මෙය ඔහුගේ ජීවිත ගමනේ හැරවුම් ලක්ශය සනිටුහන් කරන ගමනක් බව ඔහු එදා දවසේ කිසිසේත් නොසිතන්නට ඇත. කලින් දිනයේ කොළඹ පැමිණි ඔහු මරදාන ශාලිමාර් හෝටලයේ කාමරයක ලැගුම්ගෙන පසුදා නියමිත වෙලාවට පරීක්ෂණය සඳහා මුහුණ දුන්නේ මහත් බලාපොරොත්තු කරපින්නාගෙනය. සෝමදාස ඇල්විටිගලයන්ගේ මූලිකත්වයෙන් සිදුවූ එම පරීක්ෂණයෙන් නොසිතූ ලෙස ඔහු අසමත් වීම එච්. එම්. හට මහත් කණගාටුවක් සිත තුල ජනිත කලේය. තිර අදිටනින් පලමුව අමරදේවයන් සහ අනතුරුව පාසැලේ ඉතිහාසය විශය ඉගැන්වූ වසන්ත ඔබේසේකරයන්’ වද හමුවී මේ තත්වය පැහැදිලි කල ඔහු අමරදේවයන් ඉදිරියේදි බටනලා වාදනයක් ඉදිරිපත් කරමින් එතුමාගේ සිත දිනාගැනීමට සමත්විය. පසුදා පරීක්ෂක මඩුල්ලට අමරදේවයන්ද පැමිණ සිටි අතර එවර එච්. එම්. සාර්ථකත්වයට පත්වුනි.

එතැන් පටන් සෝමදාස ඇල්විටිගලයන්ගේ සිට පණ්ඩිත් අමරදේව, වික්ටර් රත්නායක, සනත් නන්දසිරී, දයාරත්න රණතුංග, නන්දා මාලනී යන මෙහි නම් සඳහන් නොකල බොහො ප්‍රවීණ ගායක ගායිකාවන් සහ සංගීතඥයන්ගේ වැඩසටහන්වලට එච්. එම්. නැතුවම බැරි වාදකයෙක් විය. සරළ ගී සමත්ව වික්ටර් සනත් සහ අමරදේවයන්ගේ අත්වැල් ගායනය සඳහා නිතර ගුවන්විදුලියට පැමිණෙන මාලනී බුලත්සිංහල ඔහුට හමුවන්නේ මේ අතරවාරයේ වීම සුවිශේෂී සිදුවීමකි. ඇයගේ ඉල්ලීමක් අනුව සරළ ගී වැඩසටහනක් සඳහා ‘රජ මැදුරක ඉපදී සිටියානම්’ යන පදවැලට මිහිරි තනුවක් එක්කර සුන්දර ගීතයක් බවට ඔහු පත්කලේය. ඉන් ඉක්බිතිව මේ නවක තරුණයාගේ තනු ඔස්සේ නවමු ගීත ගඟුලක් යැයි හැඳින්විය හැකි සුභාව්ත හරවත් නිර්මාණ ගනනාවක් බිහිවෙනු දැකගන්නට හැකිවෙයි.

දැන හැඳුනුම්කම ක්‍රමයෙන් ප්‍රේමයක් බවට හැරී තිබුණෙන් මාලනී හා එච්. එම්. විවාහ දිවියට ඇතුලත් වුනි.

කාලයත් සමග දුවෙක් සහ පුතෙක් ඔවුන්ගේ කැදැල්ලට එක්වූ අතර ඒ සතුට ඔවුන්ට විඳගැනීමට හැකිවූයේ වසර කිහිපයක් පමණි. ඩෙංගු උවදුරේ ආරම්භක ගොදුරක් බවට ඔවුන්ගේ දියණිය ගොදුරු වුනේය. දියණියගේ වියෝව එච්. එම්. හට කෙසේවත් දරාගත නොහැකි වු අතර ඔහු බොහෝවිට රැය පහන්කලේ දියණිය මිහිදන් කල කනත්තේ ඇයගේ සොහොන මතය. පසුව මාලනී සහ පොලිසිය මැදිහත්වී ඔහුට අවවාද කර එය සමතයකට පත්කල බව පසුකාලෙකදී ඔහු හා පැවති රූපවාහිනී සාකච්ඡාවක් මගින් දැනගත්තෙමි. අද ඔවුන්ගේ පුතු කසුන් කල්හාර දිවයිනේ පිලිගත් දක්ශ ගායකයෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙකි.

‘ආරාධනා’ චිත්‍රපටය තුලින් එච්. එම්. ජයවර්ධන සහ රෝහන වීරසිංහ යුගලය 1982 වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂණයට සම්මාන හිමිකරගත්තාය. මුහුදු ලිහිණි, කැලෑ මල්, මංගල තෑග්ග ඔහු තනිව සංගීත අධ්‍යක්ෂණය කල චිත්‍රපටය.
මිනිසෙකු පිට නැගි අසරුවෙකි, කඩමණ්ඩියේ දොල අයිනේ, අහසින් තරුවක් කඩා වැටෙනවා, මිණි මිණි පොදේ ලා අඳුරේ, ඔබ හා මෙමා අතිනත්, එක යායට මල පීදුනු, සැන්දෑ අහස වගේ, ලා දළු බෝපත්, සැන්දෑ අහස වගේ, සියල්ල ඉදිරී ගරා වැටුනදා, මධුර ප්‍රේම, පංච කල්‍යාණියේ, පෙම් ලොව දී දුටු, සිනාවකින් පුතුගෙ මුවේ, වාලුකා තලේ, නෙලාගන්න බෑ, මවයි පියයි එකතුවෙලා, පිලිම නෙලා, වැව් ඉස්මත්තේ දාගැබ් හැදිලා, වසන් කරන්නට බෑ, සෙනෙහස ඉල්ලා ලිය තඹරා මල, ඔහු තැනූ මියුරු තනු ගනනාවෙන් කොටසක් ලෙස නම් කල හැක.
2001 වසරේදී සිය ආදරණීය බිරිඳ මාලනී බුලත්සිංහලගේ හදිසි වියෝව නැවතත් ඔහුගේ සිත කම්පාවට ලක්කල සිදුවීමක් වුණා. ජීවිතයේ අවසන් කාලය දක්වාම මේ පාළුව තනිකම ඔහුව වෙලාගත්තා යැයි මට සිතේ. සංවේදී කලාකරුවන් බොහෝවිට යොමුවන ඇබ්බැහිවීම් ඔස්සේ ඔහුද තරමක් ඈතට යන්නට ඇත. ඒ කොහොම වුණත් ඔහුට තම ජීවිතේ මීට වඩා වටින්නේ යැයි සිතුනා නම් කොතරම් එකක්ද. දැන් ඒ ගැන සිතීමෙන් කතා කිරීමෙන් පලක් නැත. මේ ඔහුට උරුමවූ අවසානයයි. ඒ කෙසේවෙතත් ඔබ තැනූ මියුරු ගි නිර්මාණත් සමග ඔබ අපේ හදවත් තුල සදාකාලිකවම ජීවත්වෙන බව නම් සහතිකය.

දයාබර එච්. එම්. ජයවර්ධන ප්‍රවීණ සංගීතවේධියාණෙන., ඔබට නිවන් සුව ලැබේවා.!

~සටහන් පෙළගැස්ම‍~
Janaka Ilukkumbure

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

වෙල්ලස්සෙන් කොළොම්පුරට – සිරිලක ගුවන සිසාරා ඇසුණු වස්දඞුරාවය – 2

April 10, 2020 by admin
H M Jayawardana, Malini Bulathsinghala, Nanda Malini, Prabath Rajasooriya, TM Jayarathne

ගුවන් විදුලියේ රිජ්වේ තිලකරත්න යුගයේ එයින් දිනපතා නිතිපතා නව ගීත නව වැඩසටහන් ගණනාවක් ඔස්සේ බිහිවෙද්දී ඊට මුල් වී උරදුන්නේ එවකට එහි වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙස සේවය කල ප්‍රවීණ සිනමා ගී ගායන ශිල්පිනී ජී එස් බී රාණි පෙරේරා ය. ඇය ගේ වැඩසටහන් ඔස්සේ එඩ්වර්ඩ් ජයකොඩි, බන්දුල විජේවිර වැනි එවක අධුනිකයන් ගේ ගීත ද කළ එළි දුටුවේය.

සෝමදාස ඇල්විටිගලයන් යටතේ පැවති ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ වස්දඞුරාව නගන්නට සැදී පැහැදී සිටි දෙවැන්නා ’එච් එම්’ ය. පළමුවැන්නා ’එම් ඩබ්ලිව් පීරිස්’ ය. 1970 දශකයේ ගුවන් වා තලය සිසාරා නැගුනු ගුවන් විදුලි ගී වස්දඞුවෙන් හැඩවූයේ යම්සේද ඒවා එකිනෙක පාසා රසගැන්වූයේ මේ දෙපොළගේ වැයුමෙනි.

ඈත වෙල්ලස්සේ සියඹලාන්ඩුවේ කෙත් යාය කොනින් දිනකර මුවා වි ගිමන් හරින්නට සමුගෙන ගිය යාමයේ ඒ සිසාරා ඇදී ආ බට ලී හඞ එයාකාරයෙන්ම දැන් ඇසෙන්නේ කලබල කොළොම්පුරයේ ගුවන් විදුලි මැදිරියෙනි. එහෙත් එහි සුන්දරත්වය රසමිහිර අංශුමාත්‍රයකින් හෝ වෙනස් නොවුන බවට සහතිකයයි මේ. ඒ පාවී එන බටනලා හඞ ඔස්සේ ඔහු ශ්‍රාවක ඔබව ඔහුගේ ඒ සුන්දර ගම්පියස වෙත කැඳවාගෙන යන්නට සුදානම්ය. නිල් වියනක සිරි අසිරිය විඳිමින් පියනගනු මැනවි ඔබ ඔහුගේ ගම්පියස වෙත.

මට තනි නැත නුඹ නාඩන් සුරතළියේ……
ප්‍රේමාලිංගන නැතුවට අහිමි පෙමට බිඳුනු සිතට….
මම නොතැවෙන්නෙම්……
—————————————
පද රචනය – ප්‍රවීණ පුවත්පත් කලාවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව සහ සංගීතය – නැසිගිය එච් එම් ජයවර්ධන
නිෂ්පාදිත යුගය – 1975 පමණ (ගුවන් විදුලි ගීතයකි)

ගී තැටි යුගයේ නිමාව සනිටුහන් කල ’කැසට්’ ගී යුගයේ භාරදුර කර්තව්‍යයක් ඉටු කරන්නට ඔහුට පැවරෙද්දී එහි පුර්වගාමී වෙළඳ තැටි ගීත උදෙසාද ඔහු ගේ තනු නිර්මාණයේ පහන් අලෝකය යොමුවී අවසන්ය.

නවාතැන් පොල ඔබයි – ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
අලයේ වන බිගුන් බමනා
ප්‍රේමයේ ජල තරග නැගෙනා
නිල්ල දිවෙනා නිම්නයේ
සදා උනුසුම් නවාතැන ඔබ

(මහාචාර්ය සුනිල් ආරියරත්න ගී පද – ආචාර්ය නන්දා මාලිනී – සිංග්ලංකා කැසට්පටය – 1982)

70 දශකයේ ගුවන් විදුලියේ ’කිකිණි’ නාදය සතු ගැමියුවතිය වු ඇය ’බී ඇස් මාලිනී’ හෙවත් බුලත්සිංහලගේ ’මාලිනීය. ඇය සිය කුඩා නැගනිය වු ’සන්ධ්‍යා’ ද කැටුව එහි විත් නෙක වැඩසටහන් උදෙසා හඞ අවදිකරන්නී සියඹලාන්ඩුවේ ගැමි යව්වනයා ’එච් එම්’ ගේ නෙත් පහර ලබන්නීය.

80 දශකය උදාවෙද්දී කැසට් ගී කලාවේ ස්වර්ණ යුගය නැගඑමින් ගුවන් විදුලි ගීයේ වසන්ත යුගය පෑල දොරින් පලවා හරින ලද්දේය. ’එච් එම් – මාලිනී’ දම්පතීන් ලංකීය ගීත කලාවේ නව ප්‍රරවණතාවය අනුව යමින් විකුම් පාමින් සිටියහ.

මාලිනිය දිවා රෑ සංදර්ශන වේදිකවේ හඞ අවදිකරද්දී එච් එම් ගේ දෙවැනි නිවහන ද නවාතැන් පොළ ද ශබ්දාගාරයන් බවට පත්විය. ලද විරාමයෙන් කිරිකැටි දියණියගේ මොළකැටි වදනින් සැනහෙමින් සිය වෙහෙස දුරුකරගත්හ.

ඇස පිනවන නෙක විසිතුරු භාන්ඩයන්ගෙන් ද දිව පිනවන රසමසවුළෙන්ද කඩ සල්පිල් පිරි යද්දී ඒ හා අත්වැල් බැඳගත්තේ පෙර නොවූ විරූ ’රෝග ව්‍යාධීන්’ය.

මදුරු දෂ්ඨයක ප්‍රතිඵලයක් ලෙසින් එවකට පැතිරෙමින් තිබූ වසංගත රෝගයකට ගොදුරු වූ ඔවුන්ගේ එකම බිළිඳියගේ වියෝව සංවේදී ඔහුගේ කලාකාමි හදවත සසල කළේය.

උමතුවෙන් මෙන් ඔහු සිය දියණිය සදා නින්දේ සැතපෙන කුටිරය මත වැතිර සිටියේය ..දින සති ගණනක් එසේ කලේය…

ඉනුදු කලකට පසු ඔවුන් ගේ කැදැල්ලේ ලැගුම් සොයා සපැමිණි කුමරා ’කසුන් කල්හාර’ ගේ මොළකැටි වදනින් සෝ සංකා තැවුල් දුරු වී ගියේය.

තවත් දශකයකුත් පස් වසක් ගතවී තිබිනි. මාලිනිය ගී රස මිහිර බෙදා දෙනු පිනිස දුරු රට පියමං කලාය. ඇය එතැන් හි සිට සිය දයාබර සැමියා ගේ සෙවණ සොයා එනු වෙනුවට නොපෙනෙන ලොවක වෙසෙනා අදරණීය දියණිය සොයා නොකියාම යන්නට ගියාය.

ඔහු යෞවනයේ එළිපත්තේ සිටි පුතු කසුන් හා හුදකලා විය.

එහෙත් ඔහුගේ අතැගිලි තුඩු අතරින් පෙරී ආ රසමියැසි ධාරාවන් මදකුදු මිලින ව නොගියේය. එතෙකුදු මේ ගාන්ධර්වයා මෙළොව ලැගුම් සොයා පැමිණි ’මිනිස් කය’ ට මනුලොව දහමෙන් වසන් වී සිටිය නොහැකි විය. ඔහු ගත දිනෙන් දින දුබල විය. එය ඔහු කරන්නට කියන්නට නියමිත බොහෝ දේ වැළැක්වීය.

තතු විමසා දැන ගත් පරිදි ඔහුගේ ’වකුගඩු’ අකර්මන්‍ය වී ඇතැයි දැන ගන්නට ලැබ ඊට නියමිත පිළියම් යොදන්නට ඔහු සිය කාලය ද ශ්‍රමය ද ධනය ද වැය කරන්නට විය.

ලාංකීය සිහල ගී රස මිහිර මැවු බොහෝ ගාන්ධර්වයන් මෙහි රැුඳි සිටි කාලය ඉක්මවා යන්නට ඔහුට ද අවසර නොවුන සේය. එච් එම් ජයවර්ධන නම් වූ ඔහු ලක්දනා සිය වසන්ත උළෙලේ සිරියෙන් මත්වෙද්දී 2019 වසින් බක් මස දසවැනි දිනයේ සැන්දෑ යාමයේ මළහිරු බැස යද්දී සිය දියණිය සහ දයාබර බිරිඳ සොයා නික්ම ගියේය.

එනමුදු චතුර් දශකයක දිගු යුගයක් ඉක්මවා ඔහු එක්තැන් කල සොඳුරු ස්වර රටා හෙළ ගී පවතින තුරා අමර වරම ලබනු නිසැකය.

එච් එම් ජයවර්ධන ගී මුතු දාමයේ බිඳක්

නීල වර්ණ වන වදුලේ – ටී එම් ජයරත්න – තිලකරත්න කුරුවිට බන්ඩාර
මේ පුංචි රටේ – ටී එම් – කුලරත්න ආරියවංශ
රත්තරන් නෙත් දෙකින් – කුලරත්න ආරියවංශ
උඩ අහසේ තරු ගානේ – නීලා වික්‍රමසිංහ – තිලකරත්න කුරුවිට බන්ඩාර
පිණිබිඳු විසිරෙන සීතල හිමිදිරියේ – මාලිනි බුලත්සිංහල – දයා ද අල්විස්
මා එක්කලා අමනාපව – මාලිනි බුලත්සිංහල – ප්‍රේමකීර්ති ද අල්විස්
වී පැදුරෙන් ඉගිලී යන – ක්‍රිෂාන්ත එරන්දක – මහින්ද දිසානායක
ඔබයි රම්‍ය සඳ කිරණ – නන්දා මාලිනී – මහාචාර්ය සුනිල් ආරියරත්න
එක යායට මල් පීදුනු – සංගීත් නිපුන් සනත් නන්දසිරි – සුනිල් ආරියරත්න
චේතනා පරිශුද්ධ වූවත් – සනත් නන්දසිරි – සුනිල් ආරියරත්න
ඔබ හා මෙමා අතිනත් අරන් – ටී එම් – විමලා රංජනී පීරිස්
ළබැඳි සබඳ ඔබ කිමද තැවෙන්නේ – ඉන්ද්‍රානි බෝගොඩ – ධර්මදාස පරණගමඑක යායේ කකා වැටී – බන්දුල විජේවිර – සුනිල් එදිරිසිංහ – (මංගල තෑග්ග – 1987) – ප්‍රේමකීර්ති ද අල්විස්
මා හඞනා කදුඵ ගලා – නන්දා මාලිනී – සුනිල් ආරියරත්න
කඩමන්ඩියේ දොළ අයිනේ –නන්දා මාලිනී – සුනිල් ආරියරත්න
පෙම්ලොව දී දුටු ඔහුමද මේ – නන්දා මාලිනී – සුනිල් ආරියරත්න
සිනාවකින් පුතුගේ මුවේ – විජය කුමාරතුංග – මාලිනි බුලත්සිංහල
(ආරාධනා – 1981) – සුනිල් සරත් පෙරේරා
නෙළා ගන්න බෑ මගේ අත දිග නෑ – නන්දා මාලිනී – සුනිල් ආරියරත්න
දුවයි පුතයි මමයි අපි – මාලිනි බුලත්සිංහල – සුනිල් ආරියරත්න
රෝස කුසුමක් පිපේවී – නන්දා මාලිනී – සුනිල් ආරියරත්න
අම්මා බුදුවේවා – මාලිනි බුලත්සිංහල – සුනිල් ආරියරත්න
මධුර ප්‍රේම කල්පනා – නන්දා මාලිනී – කුලරත්න ආරිවංශ
හංස ගීයද ගයන්නේ – නන්දා මාලිනී – සුනිල් ආරියරත්න
පූජාසනයේ ඔබ හිඳුවා – නන්දා මාලිනී – සුනිල් ආරියරත්න
සක්වල තලයේ සොයා බලා – සෝමතිලක ජයමහ – සුනිල් ආරියරත්න
නවාතැන් පොළ ඔබයි – නන්දා මාලිනී – සුනිල් ආරියරත්න
පුංචි පුංචි රංචු එක්වෙලා – නන්දා මාලිනී – සුනිල් ආරියරත්න
ප්‍රේමය නම් රාගයෙන් තොර – නන්දා මාලිනී – සුනිල් ආරියරත්න
පිළිම නෙලා නැති විරුවන් – නන්දා මාලිනී – සුනිල් ආරියරත්න
වරදින්නේ නැත මට හිමි බත්පත – රෝහණ සිරිවර්ධන – සුනිල්
ආරියරත්න
දෙවොලේ නොකැළැල් – සුනිල් එදිරිසංහ – සුනිල් ආරියරත්න
මධු බඳුන් දෙතොල් විෂ බඳුන් – නිර්මලා රණතුංග – සුනිල් ආරියරත්න
කැළැමල් පිපේ සුවඳ දිදී – සුනිල් එදිරිසිංහ (කැළෑමල් – 1982) – සුනිල් ආරියරත්න
පහන් කන්ද මුල අඳුරුයි – නන්දා මාලිනී – සුනිල් ආරියරත්න
බුදු තාත්තේ බොන්න එපා – නන්දා මාලිනී – සුනිල් ආරියරත්න
මේ ජීවන ගංගාධාරයේ – නන්දා මාලිනී – සුනිල් ආරියරත්න
—————- ——– –(සමාප්තයි)———————
එදා ඇසුනු ගී බ්ලොග් අඩවිය – 2019 වප් මස

සටහන් පෙළගැස්ම‍
Prabath Rajasooriya

<– කියවන්න වෙල්ලස්සෙන් කොළොම්පුරට – සිරිලක ගුවන සිසාරා ඇසුණු වස්දඞුරාවය 1
එච්.එම්.ජයවර්ධන මතකය

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

වෙල්ලස්සෙන් කොළොම්පුරට – සිරිලක ගුවන සිසාරා ඇසුණු වස්දඞුරාවය 1

April 3, 2020 by admin
H M Jayawardana, Malini Bulathsinghala, Nanda Malini, Prabath Rajasooriya, TM Jayarathne

සොබා සොඳුරු බව කැටිකොටගත් අදින් අඩසියවසකට පෙර ඌව වෙල්ලස්ස එහි වත්මන් පරිසරයට වඩා බෙහෙවින් වෙනස් ව තිබිනි ඉංග්‍රීසි පාලන යුගයේදී දිස්ත්‍රික්ක විසිගනනකට අධික සංඛ්‍යාවකවකට කැබැලි කරනු ලැබූ ලක්දිව විසල් බවෙන් අනුරපුර දිස්ත්‍රික්කයට පමණක් දෙවැනි වන මොණරාගල පෙර රජ දවස වෙල්ලස්ස ලෙසින් නම්වුයේ එහි සිතිජ ඉම තෙක් පැතිර තිබු නිල්ල ගැසුනු සුවිසල් කෙත්වතු නිසා යැයි කියැවේ.

එහි වැස්සන් අතරින් බොහොමයක් අදද සිය පදෙසටම ආවේනික ප්‍රාදේශීය බස්වහරක් පවත්වාගෙන යන ගැමියන්ය පරසිඳු දුටුගැමුණු – එළාර සංග්‍රාම යුගය දක්වා දුර ඈත ඉතිහාසයක අමිල නිධන් සගවාගත් ඒ බිමයාය උදෙසා ලියැවුනු කව් – ගී – ගැදි පැදි නිමැයුම් ද සුඵපටු නොවේ.

භාහිර ලෝකය හා සිමිත සබඳතා පවත්වාගන්නට රිසි වු එහි වැසියන් හට යම්තමින් හෝ නවලොව අරුණඵ අංශු මාත්‍ර පමණින් විවිර වුයේ මේ පුවතට පසුබිම් වු 60 දශකයේදී වන්නට ඇත.

දිවයිනේ සෙසු වැසියන් සියවසකට ආසන්න යුගයක සිටි භුක්ති විඳි තැපැල් සේවය මෙබිම වාසභූමිය කොටගත් සියඹලාන්ඩුව වැසි ගැමියන් උදෙසා දියත් වුවා පමණි එහි ගොඩගැසෙන තැපැල් මලු කර ලා බයිසිකලය පැදයන එගම් වැසි යෞවනයා ද සිප්හලට සමුදුන්නා පමණකි.

ගලන ගගකි ජිවිතේ – දායඵ ලෝකයේ….

මිහිර පතා ආදරේ – ළපඵ නටයි ගං තෙරේ….

පෙරදිනක සිය සිප්හලේදී වැයු අයුර ඔහුට මැවි පෙනයි අදත් හෙටත් මතු මතුත් දිවි තිබෙන තුරා වයන්නෙමි මම එසේ ඔහු ඉටාගත්තේය.

ඔහු පියුං මහතැන් ගේ පරම ගාම්භීර කාකි ඇඳුමට සමුදෙන්නට තිරණය කලේය පසුවදා සිට වෙල් එළියේ කුඹුක් ගස් සෙවනේ කරඹ යායේ කොනේ ගාල් වී සැඩහිරු රැුස් ගෙවියන තුරු සොමිසඳ කැන් පෙරීඑන තුරු වයන්නට හැකි නොවේද?

එදිනෙදා ඇවැසි දෑ අල්ප වු ඒ යුගයේ කුස ගිනි නිවාගන්නට සරි යමක් සපයා ගන්නට අරගලයක් ඇවැසි නොවු ඒ යුගයේ එගම් වැස්සන් හට මාසික වේතන ලද රැුකියා එතරම් වැදගත් නොවන්නට ඇත.

යමං මැණික් ගරන්ට……………….

මිතුරු කොඵගැටයෙකු ගේ ඒ කියුම ද නරකම නැත … ඔව් මම කැමති අපි කරමු ………………. ඔහු ගේ පිළිවදනයි

මොනරාගල ඔක්කම්පිටිය බදුල්ල ලොව කාන්තියෙන් බබළවා ලූ මිණිකැට මතුවන බිම පදෙස් අතර වෙයි

රතු – නිල් – ආරනූල් – පසිංගල් – කැට කෙසේවෙතදු දිනපතා නිතිපතා බොරඵ කැට කුඩා ගනනින් ලැබුනු ඔහු වහා ඒ රඵපරඵ දිවියෙන් ද සමුගත්තේය

තමා පෙරදිනක සිය සිප්හලේ වැයු ගී නාදයේ රසමිහිර සිහිගැන්වුනු ඔහුට පුරාන වෙල්ලස්සෙන් රුහුුණු රට මාගම් පුරයට පිවිසෙන්නට සිත්විය ඒ ගී නාදයේ බයස්කෝප් රූපරාමුවේ දිස්වු සිහින කුමරා වසනුයේ එහි නොවේද ?

හම්බන්තොට වීරවිල වෙරළ ඉම පේන මායිමේ දිස්වු සැනසුම නාමපුවරුව ඇසගැසුනු වහාම තම ආගිය තොරතුරු පවසා එහි හිමිකරුවා මුණගැසෙන්නට පැමිණිය වග දැන්වීය

ගාමිණි සර් අද මෙහෙ නෑ …………………….

එසේ එක් සිහින මාලිගාවක් සුනුවිසුනු වෙද්දී තවත් එකක් එතැන ගන්නට පැමිනියේය එයින් කියවුනේ දකුනු ලකේ අග නගරයට යන ලෙසය

ගාලු පුරයේ රිච්මන්ඩ් කන්ද නැගි මේ අඳුරු පැහැ කෙසග මිනිසා ගේ ඊලග සිහිනය විජයානන්ද දහනායක මැතිඳු මුණගැසීමය

සර් මම රස්සාවක් හොයාගෙන ආවේ සියඹලාන්ඩුව ඉඳලා ………………….

ඇයි එච්චර ඈත ගමක ඉඳං මෙච්චර දුර ආවේ ………….රස්තියාදු ගහන්න එපා ………මේ සල්ලි අරන් ගෙදර යනවා …………………..

අවවාදය ලැබුනේ රුපියල් විස්සක තරම් ලොකු මුදලක් මිට මොළවද්දීය

මාස ගණනකට පසුව සියඹලාන්ඩුවේ ගැමියන් හට යළිත් තමන්ට හුරුපුරුදු හින්දෑරි කොඵගැටයා ගේ රුව උදේ හවා දකින්නට ලැබිනි ඒ මෙවර වෙල් ඉපනැලේලේ ගසකට බරදී බටනලා වයන්නා නොවේ වැඩබිම් වල අත්උදව් කරුවෙකි

තවත් කලක් ගතවෙද්දී ඔහු බුරුත – හල්මිල්ල – වීර – පඵ පඵ ගසන්නෙකු ලෙස ඔවුන් දුටුවේය……

මද කලකින් නැවතත් සියඹලාන්ඩුවේ අපුරු වාදකයා ආගිය අතක් නොවිණි

තම පුතු ගැන ලැබුනු පනිවුඩයකින් අනුව ඔහුගේ පියා කඩිමුඩියේ ඈත හිමයේ වන වදුල පීරා රිංගා යද්දී ඔහු නිල්ල ගැසී පිදී ගිය එක්තරා සරුයායක සිරි නරඹමින් සිටිනු දකින්නට පියා ගේ නෙත් පින් නොව පව්කර තිබුනේය

මොනවද උඹ මේ කරන්නේ…?

මාත් ඉතිං ජීවත්වෙන්න එැපැයැ අප්පච්චි…..

අපේ පරපුරේ උන් මේ වා කරලා නෑ නොකා මළත් මේවා කරන්න එපා………………

ත්‍රෛලෝකවිජයපත්‍ර වගාව පැළ ඉදිරි අහසින් විසිවි යන්නට පටන් ගත්තේය

දැන් නැවතත් වාදකයා ගම්මානයේය… සියඹලාන්ඩුවේ නව තැපැල් පියුං උන්නැහේ ගේ සිණු නාදය ඔහුගේ දොරකඩ නාදවීමේ අරුමය කිමද?

හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන….. නමට ලියුං කරදහියක් ආංඩුවේ රේඩියෝ සිලෝන් එකෙන්………………….

ඔහු පස්වනක් ප්‍රිතියෙන් පිනා ගියේය මෙතරම් සතුටක්…. කවර දිනක හෝ පෙර අත්දකින්නට ලැබුනු වගක් මතක නැත…. තමන් මෑත දිනක කඩමන්ඩියේ පුවත්පත් දැන්විමට ලියු ලිපියට පිළීතුරක් ලැබි ඇත

ඔහු දුරබැහැර සිට අගනුවරට පිවිසියේය නමුත් ඒ ගුවන් විදුලි සම්මුඛ පරික්‍ෂණය මුහුණදෙන්නට නොවේ, තමන්ගේ කටයුත්ත වඩාත් හොඳින් පහසුවෙන් කරගැන්මට හැකි කෙටි ක්‍රමය පිළිබඳව ඔහු හොඳින්ම දැනුවත්ය

නීල වර්ණ වන වදුලේ …..

කුරුඵ ප්‍රේම ගී අතරේ ……….

සයුරු සමිඳු වැළඳ ගන්ට ……………

පෙම් දියවර ගලා හැලේ ……………..

පද සංකලනය – ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බන්ඩාර

ගැයුම – ටී එම් ජයරත්න

(තරංගා ලේබලයේ වෙළඳ තැටියකි – 1979)

රජයේ ආයතනයන් හි රැුකියා ලබාගැනීමේ සාම්ප්‍රදායික නොවන ජනප්‍රිය හුරුපුරුදු ක්‍රමවේදය වඩාත් ආරක්‍ෂාකාරි මෙන්ම ස්ථිරසාර යැයි ද ඔහු සිතුවේය

දුරබැහැර සිට එන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නේවාසිකාගාරය වු ශ්‍රාවස්තිය කරා පිවිස තම ප්‍රාදේශීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මුණගැසීම එකී පහසු කෙටි ක්‍රමයයි නියමිත දිනය එළඹියේය ඒ ප්‍රභූවරයාගේ නිර්දේශය සහිත ලියැවිල්ල එදවස ගුවන් විදුලියේ සංගීත පාලක තනතුර හෙබවු කීර්තිධර සම්මානනීය ජ්‍යෙෂ්ඨ සංගීතවේදී සෝමදාස ඇල්විටිගලයන් අතට ලැබි ඇත

මේ මන්ත්‍රී ලියුම් අපිට වැඩක් නෑ ……………. හෙට එනවා පරික්‍ෂණයේදී තමුන්ගේ හැකියාව පෙන්නන්න පුඵවන් …..

ලැබුනු පිළිතුරයි ……..

බදුල්ලේ දී සිය ගුරුපියෙකු ලෙස කටයුතු කල වසන්ත ඔබේසේකරයන් ඔහුට සිහිවිය ඇල්විටිගල ශූරීන් සහ ඔහු සමිපතමයන්ය දෙදෙනා එක්ව වසර කිහිපයකට ඉහත දී හෙළ සිනමාවේ සිදු කළ පෙරළිය ඒ අපුර්ව සිනමා පටය වු සත්සමුදුර එහි මෝහනීය සංගීත රටා.. සංවේදී දෙබස් ඛණ්ඩ…. ඔහුගේ මතකයේ රූප දසුන් මවමින් ඇදී ගියේය

ආත්ම ධෛර්ය සිඳබිඳනොගත් ඔහු කෙසේ කවර කැපකිරීමක් කරමින් හෝ තම උත්සහය මල්ඵල ගන්වන්නට කැස කැවීය

වසන්ත ඔබේසේකරයන් මුණ ගැසී ඔහුගේ ලියුම් කරදහියක් ද ලබාගැනීමේ ඔහුගේ සිහිනය සැබෑ කර ගත්තේය

ඉන් ඉක්බිති ….වසර ගණනක් පුරා තැන තැන මුළා වෙමින් විඳි දුක් කම්කටොඵ ඔහුට සිහි වන්නට ඇත … අවසානයේ තමා ගේ ආදරණිය වස්දඞුව …. ළපටි වියේ සිට ගමේ වෙල් එළියේ ඉපනැල්ලේ ගාටමින් ගී තාල වයමින් සිදුකළ සිය ප්‍රියතම විනෝදාංශය සිය ජීවන මාර්ගය බවට පත් වන්නට වැඩ කටයුතු යෙදෙන තීරාණාත්මක මෙහොත හෙට උදාවනු ඇද්ද?

පරික්‍ෂණ මන්ඩලයේ අසුන්ගෙන සිටියේ සිංහල සංගීතයේ මහ පුරුෂයාණෝය ඒ පන්ඩිත් අමරදේවයන් ය ගීයක අනුවැයිමක් සිදුකර පෙන්වන ලෙස එතුමෝ ගේ අභියෝගයකි

ඔහු ගීතයක් වයන්නට විය

අමරදේවයන් ගේ වතකමල පිබිද නැගී එන අයුරු ඔහු ගේ නෙත්කොන් දසුනේ ඇඳිගියේය

සත් සමුදුරේදී හෙළ ගීතය නවමගකට යොමුකරමින් යුග පෙරළියක් සිදුකල මේ මහා සංගීතවේදීන් දෙදෙනා අතර මන්ත්‍රනයකි

හරි…. තමුන් ව අපි තෝරාගත්තා……………..

පසුකලදී හෙළ සරල ගීතය වඩ වඩාත් සොඳුරු කරවන්නට අමයුරු සුමධුර රසපුර්ණ භාවපුර්ණ සංවේදී සත්සර රටා බිහිකල ගාන්ධර්වයෙකුගේ නිර්මාණ දිවිගමන එතැන් සිට එඅයුරින් ඇරඹිනි

සංගීතයේ අල – වැල – මුලගිය තැන් හදාරා නැති හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන ගේ මුවින් නැගී ආ වායුදහරාව වස්දඞුව කිතිකවද්දී ඔහුගේ අතැගිලි තුඩින් හාර්මෝනියමෙන් මතුවි ආ මධුරමනෝහර තනු දහරා රසිකයන්ගේ හදවත එදා සිට කිතිකවමින් සිටී.

ගුවන් විදුලියේ ද සිංහල සංගීතයේදී වසන්ත සමය උදා වී තිබූ යුගය ’70’ දශකය ලෙසින් නම්කෙරුනේ නම් ඒ යුගයේ පරසිඳු එකී ගී තනු අතර ඔහුගේ නිර්මාණ ද එමටය.

හාත්පස එකලු කරන්නට විදුලි මිනි පහන්ද ශබ්ද දුෂණය නංවන්නට විවිධාකාර විද්යුත් මේවලම් ද හිඳ හිට හෝ දකින්ට නොවූ එදා ගම් පියසේ හුදකලා නිසල බව සොඳුරු ලෙස බිඳලුයේ එච් එම් ජයවර්ධනවරුන් ගේ ’වස්දඞු’ රාවයයි. සැඳැ අඳුර ගලා එද්දී විදුලි කෝෂ යුග්මයකින් පමන බලගැන්වූ කුඩා රේඩියෝවෙන් නිසොල්මනේ නැගෙන සංගීත රාවය සිත පහන් කර දැහැනට සමකරවයි.

ඔබ හා මෙමා අතිනත් අරන්…………………

අපගේ ලොවේ තනිවූ එදා……………

ඔබ මා දෙපා දෑතින් බදා………….

සිපගත් එදා සිහිවෙනවා………………..

ගැයුම- ටී එම් ජයරත්න

පද සංකල්පනය – විමලා රංජනී පීරිස් (ගුවන් විදුලි අධ්‍යක්‍ෂ ජනරාල් රිජ්වේ තිලකරත්න ගී සංකල්පනා උදෙසා යෙදූ අන්වර්ථ නාමයකි)

විශේෂ ස්තුතිය උපුටා ගැනීම – රස මතක අසිරිය – විජිත් කුමාර් සේනාරත්න මහතා

සටහන් පෙළගැස්ම‍
Prabath Rajasooriya

කියවන්න වෙල්ලස්සෙන් කොළොම්පුරට – සිරිලක ගුවන සිසාරා ඇසුණු වස්දඞුරාවය 2 –>
එච්.එම්.ජයවර්ධන මතකය

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • “REMEMBERING CLARENCE” – By Des Kelly

    “REMEMBERING CLARENCE” – By Des Kelly

    May 22, 2022
  • එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

    එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

    May 15, 2022
  • “CALYPSO BAILA GREATS” – By Des Kelly

    “CALYPSO BAILA GREATS” – By Des Kelly

    May 8, 2022
  • එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

    එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

    May 1, 2022
  • Mohideen Baig: The conscience of a collective

    Mohideen Baig: The conscience of a collective

    April 23, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved