• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

නීලා වික්‍රමසිංහ ප්‍රබුද්ධ ගී – 1973

July 31, 2021 by shamilka neela wickramasinghe, Prabath Rajasooriya

රිජ්වේ තිලකරත්න රන් යුගය  – ප්‍රබුද්ධ ගී වැඩසටහන

නව රජයක්‌ බලයට පත්වන විට එහි පාලක දේශපාලන පක්‍ෂය ද වෙනස්‌වූයේ නම් පූර්වයෙන් පැවති රජයේ මහජන ව්‍යාපෘති අත්හිටුවීම මෙහි සම්ප්‍රදායයි

එහෙත් එයින් තමන් අපකීර්තියට පත්ව ඡන්දදායකයන්ගේ වෛරයට බඳුන්වේනමි ඊට දී තිබූ නාමය වෙනස්‌ කරමින් ඉන් අත්වන සේවාව අඩුවැඩි කරමින් පවත්වාගෙන යන්නට සිදුවේ

1965-70 රජය විසින් කෘෂිකාර්මික නවෝදය නමින් දියත් කරනු ලැබුවා යෑයි වාර්තා වන්නේ එවැන්නකි ඉන් අනතුරුව 1970-77 පත් වූ රජය  එය වගා සංග්‍රාමය නමින් නව සඵ පොරවා පවත්වාගෙන යනු ලැබීය

අදට වඩා හාත්පසින්ම වෙනස්‌ සමාජයක සංවෘත ආර්ථිකයක මෙකි නොකී ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම සඳහා එවකට පැවති එකම මාධ්‍ය වුයේ රජයේ ගුවන් විදුලියයි

ඒ අනුව විශේෂ වාර්තා නාට්‍ය හා සංගීතමය වැඩසටහන් දියත් කරන්නට නියම කෙරි තිබිණි

එකී සංගීතමය වැඩසටහන් නිසා උපන් ගීත නිරතුරු ප්‍රචාරය කරවා ජනප්‍රිය කරවීමට බලධාරීන් බැඳි සිටියහ එහෙත් ඒවා එවක ගුවන් විදුලි ප්‍රතිපත්තිය අනුව උසස්‌ ප්‍රමිතියක පැවතුනු අතර ඒ නිසා රසික ශ්‍රාවක යුග යුග හද බැඳ ගත් නිර්මාණ බවට පත් විය

ඒ අනුව කෘෂිකාර්මික නවෝදයෙන් උපන් එඩිතර ලංකා වැඩසටහන වගා සංග්‍රාමය යටතේ ප්‍රබුද්ධ ගී බවට හැරිනි

ඒ ගී රස විඳිනට වරම් ලැබූ වැඩිහිටියන් දශක 04 ඇවෑමෙන් කෙමෙන් දිවියෙන් සමුගනිමින් නික්‌ම යන අතරවාරයේ එවක කුඩා ළමා ළපැටියෝ අද වැඩිහිටියන්ව සිටිති

ඔවුන්ව තම සුන්දර ළපැටි විය කරා පියමං කරවාදෙන එකී ගීතාවලිය යළිත් ඇසිය හැක්‌කේ ද අද ගුවන් විදුලියෙනි නමුත් ඊද ඉතා සිමාසහිතවය

මෙවන් රසික හවුල් මගින් ඔහුවූ ඒවා යළි රසවිඳිනට අපේක්‍ෂා කරන්නේ ඉහත අතීතාවලෝකනය නිසාමත් නොවේ

ඒවා තම සිත් පහන් කරවා නිවා සනහන නිසාවෙනි

ඉහත සඳහන් ප්‍රබුද්ධ ගී වැඩසටහන එවක ගුවන් විදුලියේ මහ පුටුව හෙබවූ රිජ්වේ තිලකරත්නයන්ගේ මගපෙන්වීමෙන් ප්‍රවිණ ගායන ශිල්පිනි ජී එස්‌ බී රාණි පෙරේරා විසින් මෙහෙයවනු ලැබිය

සංගීත අධ්‍යක්‍ෂණය පැවරුනේ සිංහල සිනමා සංගීතයේ ඒ වනවිටත් විකුම් පෑ කේමදාසයන් හටය

Ridgeway Thilakeratne
Ridgeway Thilakeratne
G.S.B.Rani Perera
G.S.B.Rani Perera
Premasiri Khemadasa
Premasiri Khemadasa

සමන් චන්ද්‍රනාත් වීරසිංහ සුනිල් සරත් පෙරේරා අජන්තා රණසිංහ වැනි එවක ආධුනික ගී පද රචකයන් ඒවා පබැඳුහ

ඒ අතර මෛත්‍රි පනාගොඩ මීගොඩ විල්සන් හා තරමක නව මගක්‌ ගත් ගී ලියු ප්‍රියානන්ද විජේසුන්දර ද විය

ඔහුගේ ගී පද රචනා හෘදයාංගමය මටසිලිටිය ශ්‍රාවකයන්ගේ මානසික ආවේගයන් කුඵ ගන්වන සුඵය

Sunil Sarath Perera
Sunil Sarath Perera
Ajantha Ranasinghe
Ajantha Ranasinghe
Priyananda Wijesundara
Priyananda Wijesundara

එයින් ප්‍රවිණ ශිල්පිනී නීලා වික්‍රමසිංහ ගැයූ ගී වඩාත් සුන්දරය

සිතක සිතා ගන්නට බැරි දුරක නොවේ ඔබ ඉන්නේ / රන් තැඹිලිය මලේ රුවට / සදා උකුඵ තල මා සුව යහනක

එයින් කිහිපයකි

 

ජාතික අභිමානය ඉතිහාසය හා කෘෂිකාර්මික ජනදිවිය යා කරමින් ලියු එකී ගීතාවලියේ ආ තරමක අන්දෝලානාත්මක නිර්මාණයකි මේ

මෙහිදී ඔහු සුපුරුදු රටාවෙන් බැහැරව ගොස්‌ පවතින තත්වය විවේචනයට බඳුන් කරයි විරෝධාකල්ප හටගන්වයි
—————-xxxxxxxxxxxxxxxx————————

ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා – ගායකයාණෙනි මන බඳිනා මන බඳිනා


සෝ ලතැවුල් හද උතුරණ අයුරින්  – පෙම් ගී නොගයන් මතු දවසේ

වැඩසටහන – ප්‍රබුද්ධ ගී 1973-1977

නිෂ්පාදනය – දිවංගත ජී එස්‌ බී රාණි පෙරේරා

අධීක්‍ෂණය – ප්‍රවිණ පරිපාලන නිලධාරී එවකට ගුවන් විදුලි හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් – සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් (1973-1977) – දිවංගත රිජ්වේ තිලකරත්න (1930-1980)

පද රචනය- ප්‍රියානන්ද විජේසුන්දර

තනු හා සංගීත අදියුරු – දිවංගත ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

ගායනය – ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනී / ආචාරිණී නීලා වික්‍රමසිංහ

(විශේෂ ස්‌තුතිය ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනී / ආචාරිණී නීලා වික්‍රමසිංහ මහත්මියට)

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Back

Leave a Reply Cancel Reply

Your email address will not be published.

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • From Actor to Director

    From Actor to Director

    June 26, 2022
  • එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 04

    එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 04

    June 18, 2022
  • An adult is sad but a child smiles

    An adult is sad but a child smiles

    June 12, 2022
  • සරත් දසනායක ගී එකතුව

    සරත් දසනායක ගී එකතුව

    June 5, 2022
  • එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 03

    එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 03

    May 28, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved