• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

හඳපානේ මල් පිපුණා

October 16, 2021 by shamilka Indrani Senaratne, Prabath Rajasooriya

ආලෝකේ පතුරා – සිසිර සේනාරත්න සිනමා ගීතාවලිය – 02 – හඳපානේ මල් පිපුණා

ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර පහළවු අතිවිශිෂ්ඨ සිනමා ගී නිර්මාණපෙළක උපත සිදුවූයේ මෙකී 60 දශකයේදී බව පෙනීයයි ඒවා පද රචනා මෙන්ම සංගීත නිර්මාණයෙන් හා තනු රචනාවන්ගේ ඊට පෙර දශකය හා සංසන්දනයේදී ගව් ගණනාවක්‌ ඉදිරියෙන් පවතින බව සාමාන්‍ය ගී රසිකයන් හට පවා වැටහී යනු ඇත

මහගම සේකර   ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ  අරිසෙන් අහුබුදු   මර්සලීනු ජයකොඩි පියනම  වැනි මහා දැවැන්තයන් ද දෙවැනි පෙළ නියෝජිත ධර්මසිරි ගමගේ   ජෝර්ජ් ලෙස්‌ලි රණසිංහ  සිරිල් ඒ සීලවිමල  ශ්‍රී නිහාල් ජයසිංහ   ගී සාහිත්‍යය ඔප කරනු ලැබු අතර එකී නිර්මාණ සඳහා තනු යොදා සංගීතවත් කලෝ එකී ක්‍ෂේත්‍රයේ ද දැවැන්තයන් විය

ඒ අනුව පන්ඩිත් අමරදේව  ආර් ඒ චන්ද්‍රසේන   සෝමදාස ඇල්විටිගල  ප්‍රේමසිරි කේමදාස  ෂෙල්ටන් ප්‍රේමරත්න  සුනිල් සාන්ත  එම් කේ රොක්‌සාමි  ලයනල් අල්ගම  යන මෙකී අමරණීය නාමයන් අතරට

50 දශකයේ ක්‍ෂේත්‍රයට පිවිසි ඉන්දීය ජාතික පසුව ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලැබූ රාමයියා මුත්තුසාමි නාමය ද ඒ පෙළටම එකී මට්‌ටමේම සඳහන් නොකලේ නම් එය ඔහු බලවත් අසාධාරණයකි ඔහු ඊට සැපයූ අමිල දායකත්වය  ඉහත සංගීතවේදීන් ට කිසිසේත් නොදෙවෙනිය

Mahagamasekara
Cyril A Seelawimala
M.K.Rocksamy
R.Muththusami

මෙකි නාමාවලිය අතරට පිවිසි ආගන්තුක නවකයන් දෙපොළ නැසිගිය තිලක්‌ කරුණාතිලක සංගීතවේදියා හා සිසිර සේනාරත්නයන් ය පළමුවැන්නා මි මි 16 සිනමා සිත්තම් කලාවේ සප්ත ස්‌වර සංකලනයේ  අංක 01 ස්‌ථානයේ වැජඹිනි

සම්මානයට බුහුමුනට පාත්‍ර වූ එදාමෙදා තුර අමර වරම ලද එකී ගිතාවලිය හා කරට කර රැඳෙන්නට තරම් සුදුසු වන ස්‌වර සංකලන මෙහෙයුමක යෙදී ඒ හා සම මට්‌ටමක රැඳෙන ගී නිර්මාණ බිහිකරවාදෙන්නට තරම් නවක යව්වනයෙකු වු සිසිරයන් සමත් විය

ඒ බවට හොඳම සාක්‍ෂි වන්නේ ඉහත දක්‌වා ඇති  හඳපාන සිනමාසිත්තමේ ගීතාවලියයි

එදා රසිකයන් මන්මත් කළ භාරත ගී රසය ට නොදෙවෙනි මෙකි මෝහණීය ගී පෙළෙහි මිලග අදියර දියත් වුයේ එකී වසරේම බිනර මහේ දසවැනි දාතමින් දිගහැරුණු කිංස්‌ලි රාජපක්‍ෂයන්ගේම හිතට හිත සිනමා පටය ඔස්‌සේය

හඳපානේ මල් පිපුණා – කිරිමුදේ රැල් නැගුනා

අප දෙන්නා ඒ වගේ බැඳුනි ආදරේ

ජීවනයේ මී වනයේ පැණි පිරුණා – ආදරේ

ඒ පැණි බොන බඹරි මමයි ප්‍රේමනිය හදේ –

ඔබගේ සෙවනැල්ල ලෙසේ එන්නෙමි හැමදාම මෙසේ

මේ දෛවේ තීරණේ – මතු අනාගතේ

සිංහල ගීතාවලියේ අමිල මිණිමුතු බඳු ගුණාත්මක  ගී නිර්මාණ එකපෙළට එළිදුටු 60 දශකයේ එකී ගීත හා කරට කර සිටිමින්  ප්‍රේමණීය යව්වනයේ ගී රසිකයන් හදකිතිකැවු මෙකී නැවුම් ගී අමාඵලයන් බිහිකරවාලන්නට ඉන් පසු එළැඹියේ  සිංහල සිනමාවේ පුරෝගාමි දැවැන්තයෙකු බඳු වු තිස්‌ස ලියනසුරියන්ය

50 දශකයේ යව්වනයෙකුව ජී ඩී එල් පෙරේරා ගේ කළාපෙළ සිනමා පාඨමාලා පර්ෂදයේ සාමාජිකයෙකු ව සිනමා චාරිකාව ඇරඹු ඔහුගේ

පුංචිබබා නමින් වූ සිනමා සිත්තම හෙළ සිනමාවට සදාතනික ආයෝජනයක්‌ වුයේ නිළි රැජිනි මාලනී ෆොන්සේකා නම් එවකට ආධුනික වේදිකා රංගන ශිල්පිණියගේ සිනමාගමනය සිදුකල නිර්මාණය ලෙසිනි ඊට සිසිරයන්ගේ දායකත්වය සැපයුනේ සප්තස්‌වර සංකලනය හා හඩද එකට මුසුකරවාලමින් මෙයාකාරයෙනි

මාගේ පුතුට මල් යහන සදන්නේ  – ඈත සිහින වැල් පාවි එන්නේ

රෝස කැලේකින් හමුවු වැන්නේ – මට ඒ කුමරුන් කවුදෝ දුන්නේ

පුංචි පුතුනි ඇයි කිරට හඩන්නේ – කවුද පුතුට ලේ කිරිකර දුන්නේ

අම්මා කියාලයි බහතෝරන්නේ – ඒ සුදු අම්මා කොහේදෝ ඉන්නේ

ගී පදවැල්  – ධර්මසිරි ගමගේ (සිඵමිණ කර්තෘ මන්ඩලික ප්‍රවිණ පුවත්පත් කලාවේදී)

ඔහුගේ ප්‍රිය බිරිඳ ඉන්ද්‍රණී හඩ අවදිකරමින්

පෙම් මදිරා රස මී රසේ  – ඔබටයි පුද දුන්ෙන් සදා
මා කුඵඳුල් තිර ආදරේ

 

සුජාතා අත්තනායක හරූන් ලන්ත්‍රා ගායන තරු ද්විත්වයේ ප්‍රභාවය දශක ගණනාවක පරම්පරා දෙකක ඇවෑමෙන් දිදුලවන මේ ගීතයේ රසමිහිර ඉහත ගී හා ඉක්‌මවානොයයි නම් සමවෙයි

ගංගාවේ නීල ජලේ  – රැල්ල බිඳී වැල්ලෙ වදී……….

මෙල්ල වෙවි ආපසු ඒදෝ………………..

මුතු බෙල්ලගේ මුතු කිමිදි ගොඩ ගෙනා යුතු -………………

සුජාතා අත්තනායක සමග හරූන් ලන්ත්‍රා ගායනය

සිනමා පටය – පුංචි බබා – 1967 (මාලනී ෆොන්සේකා මංගල සිනමා රංගනය – තිස්‌ස ලියනසූරිය අධ්‍යක්‍ෂණය)


පද සංකල්පනය – නැසිගිය ප්‍රවිණ ගී පද රචක කරුණාරත්න අබේසේකර


තනු නිර්මාණය හා සංගීතය – ප්‍රවිණ ගායන ශීල්පී සංගීතඥ නැසීගිය සිසිර සේනාරත්න

 

1969 දුරුතු මස එකොළොස්‌වන දින තිරයේ ඇඳුනු කිංස්‌ලි රාජපක්‍ෂයන්ගේම සෙනෙහස සිනමා සිත්තම මේ ගිමිණිමුතුදාමයේ දිගුව සටහන් කරනු ලැබීය

එහිදි ඉන්ද්‍රාණි විජයබන්ඩාර ශිල්පිනිය තම තියුණු හඩ මෙලෙස අවදිකරන්නී
 

ඔබේ නාදය කොවුලෝ – මධු පානෙකි කොවුලෝ

හද පාරන පෙම මෝරණ – අම ගීතෙකි කොවුලෝ

මේ ජීවන සංගීත ලොවේ සුන්දරතාවේ – මල් පීදෙන මධු වෑහෙන මේ යව්වන කාලේ

උතුරා ගියා ගියා අමරස ගංගා කොවුලෝ

ගී පද සංකල්පනාව – හර්බට්‌ එම් සෙනවිරත්න

මෙහි වැයුනු වෙනත් ගී අතර

 ආදරය කරුණා දයා ගුණ  (පද කරුණාසේන ජයලත්)
මේ ශාන්ත පරිසර   ……
මේ වගේ හඳ පෑයූ  ….
දුව සුජාතා
මේ ලෝ තලේ

තිබිණි

 

මතු සම්බන්ධයි…………

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Back

Leave a Reply Cancel Reply

Your email address will not be published.

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • “REMEMBERING CLARENCE” – By Des Kelly

    “REMEMBERING CLARENCE” – By Des Kelly

    May 22, 2022
  • එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

    එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

    May 15, 2022
  • “CALYPSO BAILA GREATS” – By Des Kelly

    “CALYPSO BAILA GREATS” – By Des Kelly

    May 8, 2022
  • එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

    එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

    May 1, 2022
  • Mohideen Baig: The conscience of a collective

    Mohideen Baig: The conscience of a collective

    April 23, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved