• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

ජෙරල්ඩ් වික්‍රමසුරිය

Gerald Wickremasooriya

සුරිය ලේබලයේ නිර්මාතෘ

ජෙරල්ඩ්ගේ බොහෝ සංගීත ප්‍රභේද කෙරෙහි තිබු උනන්දුව නිසා සුරිය සංගීතයේ විවිධ මානයන් සොයා ගියේය. ධ්වනි හා විද්‍යුත් ශබ්ද දෙයාකාරයෙන්ම කැලිප්සෝ කණ්ඩායම් සංගීතය, සිංහල, දෙමල සහ බටහිර පොප්, බයිලා, සිංහල සරල ගී, බෙර රිද්ම, නුර්ති ගී, නාඩගම් ගී, ගැමි ගී, ළමා ගී සහ පසුකාලීනව පිරිත් මේ ප්‍රබෙධයන්ට අයත් වේ.

සාම්ප්‍රදායික නැටුම් කලාවට, රූකඩ සහ වෙස් මුහුනු නිර්මාණය සඳහා ලෝක ප්‍රසිද්ධ අම්බලන්ගොඩ, පෝරඹ හි 1920 මාර්තු 22 උපත ලද ජෙරල්ඩ්ගේ ළමා කාලය ගත වන්නේ නාඩගම් සංගීතය, ජන ගී, බෙර පද මැද්දේය.

ඔහුගේ මුල්ම සම්ප්‍රදායික නැටුමේ සහ සංගීතයේ අත්දැකීම වන්නේ, “මගුල් මඩුව” ශාන්තිකර්මයි. තවත් ඔහුව සාම්ප්‍රදායික සංගීතයට නැඹුරුවන්නේ නිතර නිතර නිවසෙහි ග්‍රැමෆෝනයෙන් ඇසෙන ටවර් හෝල් ගීතයන්ගෙන් සහ ඔහුගේ පියාණන් විසින් අම්බලන්ගොඩ නගරයේ පවත්වා ගෙන ගිය නුර්ති ශාලාවයි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙන් මුලික අධ්‍යාපනය සිදු කල ඔහු, ඉන් අනතුරුව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරිය. එහිදී ඔහුට  පොප් සංගීතයේ ආභාෂය ලැබුණි.

1938දී ආනන්ද සමරකෝන් ශූරීන්ගෙන් සංගීතය හැදෑරීමට පටන්ගත් ඔහු, “එස්රාජය” වාදනය කිරීමට ඉගෙන ගත්තේය. මේ වකවානුවේදීම “රේඩියෝ සිලෝන්” හි ආනන්ද සමරකෝන් ශූරීන් සමගින් සංගීත වැඩසටහන් වලට ගීත ගායනය කිරීමට අවස්තාව හිමි විය.

ජිවන ගමනේ ආරම්භය 

1948දී  EPA බෝගල වතුයායේ, සහයකයකු ලෙස තම වෘත්තිය ජීවිතය ආරම්භ කරන ඔහු තමන්ගේම ව්‍යාපාරයක් ලෙස ” The Children’s Bookshop ” ආරම්භ කරන්නේ, ඥාති පුත්‍රයකු වූ කේ.වී.ජී. ද සිල්වාගේ අදහසකටයි. 1959දී ඔහු EPA බෝගල වතුයායේ රැකියාවෙන් ඉවත්වන්නේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරද්දීය.

ළමයින් සඳහාම පොත් විකිණීම සහ බෙදාහැරිම සිදු කරමින් සිඝ්‍රයෙන් දියුණු වූ ව්‍යාපාරය, තම මීළඟ පියවර ලෙස සංගීත තැටි විකිණීම ආරම්භ කරමින්, සුරිය ලේබලය සඳහා මුල් අඩිතාලම දැමීය.

 

The Moonstone album Cover for ‘Dilhani’
The Moonstone album Cover for ‘Dilhani’

ජිවන ගමන

සංගීත ලේබලයේ වැඩ කටයුතු අතර මැද, දකුණේ පිහිටි තම වතුයායේ ඇවිදීමට ඔහු සති අන්තයේ ගමන් කලේ, වගා කටයුතු වලට ඇති ඇල්ම නිසාමය.

අර්ධ අන්ධ භාවය හේතුවෙන් ඔහුගේ ප්‍රිය බිරිඳ විසින් ඔස්ටින් A 40 රථය පදවාගෙන යනු අතර ඔහු කෙත්වල සෑම අඟලක්ම ඇවිදිනවා. තවද කොල්ලුපිටියේ තමන්ගේ පිටුපස මිදුලේ වගා කරන ලද එළවලු  කොළඹ 7 බුලර්ස් පාරේ පිහිටි සතිපතා ජාතික පොලෙහි ඉරිදා දිනයන්හි, විකිණීමද සිදු කළේය.

කියවීමට අධික රුචිකත්වයක් දැක්වූ ඔහු ස්ව-අධ්‍යනයෙන් සංගීතය හා එහි පරිණාමය, එයට ඇති වූ බලපෑම, සංගීත විද්‍යාව ගැන ගැඹුරු අවබෝධයක් ලබා ගත්තේ. සිංහල පොප් සංගීත ප්‍රභේදය වර්ධනයට සහ දක්ෂයන් හඳුනා ගෙන ඔවුන් තරු බවට පත් කිරීමට ජෙරල්ඩ්ගේ උපන් හැකියාවන් වර්ධනයට මෙම අධ්‍යනය රුකුලක් විය.

ගෝල්ඩන් චයිම්ස්, සුපර් ගෝල්ඩන් චයිම්ස්, බයිලා චක්‍රවර්ති ලෙසින් එම්.එස්.ප්‍රනාන්දු, බයිලා රජුන් ලෙසින් පොල් ප්‍රනාන්දු, බේබි ශිරෝමි ලෙසින් ශිරෝමි ප්‍රනාන්දු, ජෙරල්ඩ් බෞතීස්ම කෙරු කලාකරුවන් සහ සංගීත කණ්ඩායම්ය.

මේ අනුව යමින් ඔහු සුරිය ලේබලය යටතේ අදටත් ජනප්‍රිය ගීත ගොන්නක් නිෂ්පාදනය කළේය.

1973 සුරිය ස්ටුඩියෝවේ, කීබෝර්ඩ් වාදනය කරන ජෙරල්ඩ්

කැපී පෙනෙන නිෂ්පාදකයෙකු වීමෙන් අනතුරුව, ඔහු සෑම විටම “හේතුවක් ඇති කැරලිකරුවෙකු” විය.

කලාකරුවන්ගේ ජනප්‍රිය ගීතයන්ට “තුප්පහි සංගීතය” ලෙසින් ගුවන්විදුලි සංස්ථාව තහනම් කෙරු විට, ඔහු එම නිර්මාණයන්ට සහ කලාකරුවන්ට සහයෝගය ලබා දෙන ලිපි පුවත්පත් වලට ලිව්වේය.

ජෙරල්ඩ්, ලාංකීය සංගීත කර්මාන්තයේ බුද්ධිමය දේපල පිළිබඳ නව පිටුවක් පෙරළමින්, සංගීත නිර්මාණකරුවන් සඳහා royalties ගෙවීමට පටන් ගත්තේ එවන් දෙයක් අසා වත් නොමැති කාලයකය.

සංගීතය කොල්ලකෑමට එරෙහිව නිතරම සටන් වැදුණු ඔහු International Federation of the Phonographic Industry (IFPI) සංවිධානයේ සාමාජිකත්වය හිමි කරගත් ප්‍රථම ලාංකීකයා විය. ජනප්‍රිය Sri Lanka Performing Rights Society (SLPRS) ස්ථාපිත කිරීමේ පුරෝගාමිව කටයුතු කලෙත් ඔහුයි.

1960 අගභාගයේ සිට 1980 මුල්භාගය දක්වා ඔහුගේ ලේබලය මගින් ලාංකීය විනොදාස්වාදයේ නව උන්නතින් බිහි විය. ඔහු ජනප්‍රිය ගීත රැසක් නිෂ්පාදනය කළා මෙන්ම නිතර නිතර නව මංපෙත් සොයා යන්නට විය. ඉංග්‍රීසි කතා කරන බටහිරපන්නයේ ප්‍රේක්ෂකයන් අතර සිංහල පොප් ගීත ජනප්‍රිය කරවීම, දෙමළ පොප් සංගීතය ජනප්‍රිය නොවුණු යුගයක ඒ සඳහා  මුලිකත්වය ගැනීමට තරම් නිර්භීත වීම, දිවංගත වින්ස්ටන් ජයවර්ධනයන් විසින් රචනා කරන ලද වාද්‍ය වෘන්දයක් සමඟ දේශීය බෙර රිද්ම ශබ්දය සංස්ලේෂණය කිරීම, මහජනයා අතර නුර්ති ගී නැසෙන සමයක, නූර්ති ගී පටිගත කර නිෂ්පාදනය කරමින් ටවර් හෝල් ගීතයන් ජන ගත කිරීම, පාවෙන වේදිකාවක සජීවී පොප් ගී ප්‍රසංගයක් සංවිධානය, ගුවන් විදුලි වැඩසටහනකට සංගීත ලේබලයක් විසින් අනුග්‍රහය දැක්වීම ඒ අතර වෙයි.

තරුණ වයසේ ක්‍රීඩා කරද්දී ඔහුගේ එක් ඇසක් අන්ධව තිබු බව ජීවිතය පුරාවට රහසක්ව තිබු අතර, බොහෝ දෙනා දැන සිටියේ ඇසේ යම් අපහසුතාවක් තිබු බව පමණයි. මෙය කිසි විටකත් ඔහුගේ පෞද්ගලික හෝ රැකියා ජීවිතයට බලපෑමක් ඇති නොකළේ ය.

1981දී ඇසේ සුද ඉවත්කිරීමේ අසාර්ථක ශල්‍යකර්මයෙන් අනතුරුව ඔහු පුර්ණ අන්ධභාවයට පත් වූ ඔහු, තම කාලය හා ශ්‍රමය අන්ධයන් සඳහා වූ කවුන්සිලය වෙත ලබා දෙන අතර, ඔහුගේ බිරිඳ ඩල්සි සුරිය ලේබලයේ වැඩ කටයුතු සොයා බැලිය.

ලාංකීය ගීත ක්ෂේත්‍රය ඉමහත් සේවයක් කල ජෙරල්ඩ් වික්‍රමසුරිය, 2006 ජනවාරි 9 වන දින වයස අවුරුදු 86 දී අභාවප්‍රාප්ත විය.

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved