• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

එදා ඇසුණු ගී ඔප ලා අදත් දිදුලවමු – 02

July 16, 2021 by shamilka Palitha Perera, Prabath Rajasooriya

ඔබ ඔහු හඳුනන්නේ ක්‍රිකට්‌ විස්‌තර ප්‍රචාරයෙකු ලෙස නම් ? – 02

ආරාධනා ගීතාවලිය ප්‍රේක්‍ෂකයන් ඉදිරියේ පටිගතකිරීම – පන්ඩිත් අමරදේව – පාලිත පෙරේරා

මේ 80 දශකයේදී ය එවකට ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා සිංහල සේවා අධ්‍යක්‍ෂ ධූරය හොබවමින් සිටි වකවානුවයි

සේයාරුව පිළිබඳව තොරතුරු විමසන ලදුව හෙතම මෙසේ පැවසීය

ගුවන් විදුලි නිවේදක වෘත්තියේ හා ඒ ආයතනයේ ගෞරවය හා අභිමානය රැකෙන අයුරින් ප්‍රේක්‍ෂකයා ඉදිරියේ හැසිරීමට පමණක්‌ නොව ඊට සුදුසු ඇඳුම් කට්‌ටලයකින් සැරසීමටද අප අමතක කලේ නැහැ 

මෙවන් බාහිර පටිගතකිරීම් වලදී ඒ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වූ බව කිවයුතුයි

ඒ කරුණු සලකා බලද්දී ඒ යුගය හා වර්තමානය අහසට පොළොව මේනැයි මට හැගීයයි

x –  x – x – x – x – x – x – x – x – x – x – x – x – x – x – x – x

පාලිත පෙරේරා නම් වූ මේ සොඳුරු මිනිසා ගුවන් විදුලියේ රන් යුගය බබළවා සමුගෙන ගිය ප්‍රවිණ නිවේදකයන් අතර තම නාමයද රඳවා තබා දශක පහක ගුවන් විදුලි චාරිකාව නිමවා අදදිනයේ එයින් ඉසිඹු ලැබ අපමණ තෘප්තියකින් එය ප්‍රත්‍යවලෝකනයේ යෙදෙයි

Palitha Perera

අදින් චතුර්දශකයට ඔබ්බෙන් වූ යුගයක කුජ දිනයන්හි ගොම්මන් අඳුර ගලා ආ නිමේෂයකදී ඔහුගේ ගැඹුරු එහෙත් දැහැන් ගත වූ හඩ ශ්‍රාවක සවන් පත් සිසරා ඇසුනු මනෝරම්‍ය ගුවන් විදුලි වැඩසටහනකි 

ආරාධනා ගීතාවලිය

ආරාධනා නම් ගී රස බිළිදා ගේ ජන්ම ලාභය ට නිමිත්ත වූ රසවත් පසුබිම් කථාව වර්තමාන ගී රසිකයන්ගේ දැනුවත් වීම පිණිස ඔහු මෙලෙස හෙළිදරවු කරනු ලැබිය

එක්‌තරා දිනක අපේ ගුවන් විදුලි කාර්යාලයට දුරකථන ඇමතුමක්‌ ලැබුනා ඒ ලංකා බැංකුවේ එවක ට අධ්‍යක්‍ෂ මන්ඩලයේ සාමාජිකයෙකුව සිටි ඒ එස්‌ ජයවර්ධන මහතාගෙන්

ඒ අනුව ඔහු තම ආයතනය විසින් වෙළඳ සේවය හා සම්බන්ධව සංගීතමය වැඩසටහනක්‌ මෙහෙයවන්නට තීරණය කර ඇති බවත් එය ඉදිරිපත් කරන්නා වශයෙන් මා දැනටමත් තෝරාගෙන ඇති බවත් කියා සිටියා

තමා විසින් ඒ ඔස්‌සේ අරමුණු 02 ක්‌ සපුරාගන්නට උත්සහ කරනු ලබන බවත්
එයින් පළමුවැන්න ලෙස ඒ වැඩසටහන මගින් පන්ඩිත් අමරදේවයන් විසින් සිංහල ගීත ක්‍ෂේත්‍රයට කළ අපිරිමිත සේවය අගයා ඔහුට මුල්‍යමය අනුග්‍රහයක්‌ දැක්‌වීමට සැළසුම් කර ඇතැයි යන්නත්

දෙවනුව ඒ මගින් වෙළඳ සේවයේ ශ්‍රාවක රසඥතාවය වැඩිදියුණු කරන්නට අතහිත දීමක්‌ සිදුකරන්නට සැලසුම් කර ඇතැයි යන්නත් හෙළිදරවු කරනු ලැබුවා

එකී වැඩසටහනේ ආකෘතිය අනුව පන්ඩිත් අමරදේවයන් යොදාගනිමින් ගුත්තිල කාව්‍යයය ගීයට නංවා එහි දී ගායනා කරවන්නට අදහස්‌ කරගෙන සිටින බව වැඩිදුරටත් කියා සිටි ඔහු ඊට මගේ අදහස කවරේදැයි විමසා සිටියා

W D Amaradeva

එය හොඳ අදහසක්‌ නමුත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ගැටඵ පැනනැගිය හැකි බව මට වැටහි ගිය නිසා අමරදේවයන්ගේ ජනප්‍රිය ගී ප්‍රතිනිර්මාණය කරමින් ඔහු ලවා යළි ගායනා කිරීම වඩාත් ඵලදායි වන බව යෝජනා කරනු ලැබ ඊට එකගත්වය පළ කළා

එහි ප්‍රථිපලයක්‌ ලෙස එය සැලසුම් කිරීම සඳහා භාර කෙරුනේ ලංකා බැංකුවේ ප්‍රචාරක අංශය හා ගිවිසුම්ගත ෆීනික්‌ස්‌ දැන්වීම් ප්‍රචාරක ආයතනයටයි එහි හිමිකරු අර්වින් විරක්‌කොඩි මහතා ට එහි සම්බන්ධිකරණ කටයුතු පැවරී තිබුනා

එහි සංගීතය සැපයීම සඳහා ගුවන් විදුලියේ සංගීත අංශයේ නිෂ්පාදක උපාලි ද සිල්වා මහතා ගේ නම යෝජනා කරනු ලැබූ අතර

එක්‌තරා දිනක මේ පිළිබඳව ඉදිරි කටයුතු සැලසුම් කරන්නට අප කන්ඩායම ෆීනික්‌ස්‌ දැන්වීම් ආයතනය පිහිටා තිබුනු කොටුවේ ටයිම්ස්‌ ගොඩනැගිල්ලේ සතරවන මහලේදී මුණගැසුනා

ඒ වනවිටත් වීරක්‌කොඩි මහතා විසින් මේ වැඩසටහනට සුදුසු නමක්‌ යෝජනා කරන්නට අරිසෙන් අහුබුදුවන් විමසා තිබු බව දැනගන්නට ලැබුනු අතර මෙදින ඔහු විසින් ඉදිරිපත් කෙරුණු නම් අපේ සාකච්ඡාවට බඳුන් කරනු ලැබුවා

ඒ අතරින් ආරාධනා නාමය හොඳින් සුඛෝච්චාරණය වන අයුර අනුව එය වඩාත් සුදුසු යෑයි තීරණය වුනා

එහිදී අපගේ අදහසට පුර්ණ එකගත්වය පළකරමින් එය ලංකා බැංකුව යන නාමයේ ගණ පිහිටුවා ඇති අයුර හා ඉතා හොඳින් සැසඳෙන බව අහුබුදුවන් කියා සිටියා

මගේ මතකය අනුව මේ සාකච්ඡා වේ ප්‍රථිපලය ලෙස 70 දශකයේ මැද භාගයේ දී පමණ

ආරාධනා ගීතාවලිය ලෙසින් එය උත්සවාකාරයෙන් එළිදක්‌වනු ලැබුවා

මෙහිදී ගීතාවලිය ලෙසින් මා එය නම්කලේ බයිබලය අනුව යමින් නමුත් මගෙන් පසුව එය ආරාධනා ස්‌වර දැහැන ලෙස වෙනස්‌ වූවා

1977 ඇතිවු දේශපාලන පෙරළිය නිසා ඇති වු යම් යම් බලපෑම් නිසාවෙන් එය තාවකාලිකව අත්හිටුවන්නට සිදුවූවත් වසරකින් පමණ පසු යළි අරඹා 1996 වනතුරු පමණ පැවැත්වූයේ විශිෂ්ඨ ගණයේ ගායක ගායිකාවන් ගණනාවකගේ සහභාගීත්වයෙන් බව මහත් අභිමානයෙන් යුතුව කියනු කැමැත්තෙමි

ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදී පාලිත පෙරේරා විසින් 60 දශකයේ රචනා කරනු ලැබූ ගීතයක්‌ රෝහිත විජේසූරිය සංගීත ශිල්පියා විසින් ගයනු ලැබ ප්‍රචාරය වෙමින් තිබිණි එය සවනත වැකුණු ප්‍රවිණ ශිල්පී අයිවර් ඩෙනිස්‌ ඊට මහත් සේ ඇඵම්කරනු ලැබු බව සඳහන් කෙරිණි

අයිවර් ඩෙනිස්‌ කැඳවනු ලැබ තිබු ආරාධනා වැඩසටහනකදී ඔහු විසින් එය යළි ගායනා කරනු ලැබු අතර ඊට පසුබිම් වූ සිද්ධි දාමය ද හෙළිදරවු කරනු ලැබුවේ පහත අයුරිනි

Rohitha Wijesuriya
Ivor Dennis
Ivor Dennis

—————–
උපුටනය ආරම්භය

මේ ගීතය මා ලියු එකම පෙම් ගීතයයි ඒ මගේ බිරිඳට පෙම් කරන මගේ තරුණ කාලේල ගුවන් විදුලියේ වැඩ කරන අවදියේදී

ඇය එකල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා පිඨයේ උගෙනුම ලබමින් සිටියේ නමුත් මම කලා අංශයෙන් අධ්‍යාපනය හැදෑරුව අයෙක් මම කොළඹ ඇය සිටියේ පේරාදෙණියේ

දැන් වගේ නොවේ ඒකාලේ ලිපි මගින් තමයි අදහස් හුවමාරු උනේ ලිපියක් තැපැල් කර ඊට පිළිතුරු ලැබෙන්න දවස් 6ක් විතර ගත වෙනවා ඉතින් මේ ගීය ලියවුනේ ඇගෙන් ලිපියක් ප්‍රමාදවී මගේ හිතේ ඇති වූ කාන්සියටයි

ගුවන් විදුලියේ වැඩ ඉවර කොට සවස ගෙදර විත් බලන කොට එදත් ඇගෙන් ලිපියක් ‍නොලැබී ඇඳේ හන්සිවී කල්පනා කර කර ඉන්නකොට මට නින්ද ගිහින්

ඒ නින්දේදී මම ඇයව සිහිනෙන් දුටුවා ඒකයි මගේ අත්දැකීම මට මේ ගීය ලියන්න හේතු වුනු

ගීතය ලිව්වේ රෝහිත විජේසුරියගේ සරල ගී වැඩසටහනට 1965 කාලේදී ඒ කාලේ සිංහල ස්වදේශීය සංගීත වැඩසටහනක් තිබුන වර්ෂයේ හොඳම ගීතය තෝරන හරියට ගීත ධාරා වගේ එය ඉදිරිපත් කලේ බර්ටි ගලහිටියාවයි වර්ෂ අවසානයේ හොඳම තෙවැනි ගීතය ලෙස මේ ගීතය අසන්නන් තෝරලා තිබුන

Berty Galhitiyawa
Berty Galhitiyawa

ප්‍රථම ස්ථානය ගත් ගීතය වුනේ මහගම සේකර  සාරවිට චිත්‍රපටියට ලියු නන්දා මාලිනි ගැයූ  මේ සිංහල අපගේ රටයි ගීය දෙවැනි තැනට ආවේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ හඳපාන චිත්‍රපටියට ලියු සිසිර හා ඉන්ද්‍රානි ගැයූ  හඳපානේ මල් පිපුනා  ගීය මේ ගීත තේරුවේ අසන්නන් එවූ පොස්ට් කාඩ් වලින්

මේ මගේ ගීතයට ඇලුම් කල ගයක අයිවෝ ඩෙනිස් පසු කලකදී ඔහුගේ ආරාධනා ගීතාවලියටද මේ ගීතය ගයනා කලා

ගීතය
——
සැනසුම සොයමින් යනක වැතරි
කාන්සියේ මා සිටින වෙලාවේ
මීදුම් පිරි මගේ සිහින වරායට
ඔබ නැග එන නැව සෙමින් ඇදේ

මා වෙත ඇවිදින් සියුමැලි දෑතින්
සිහිනෙන් ඔබ මගේ හිස අත ගෑවා
ලතවිල්ලෙන් තොර සැනසිලි සිතකින්
මා නිදියන සැටි බලා ඉදන් ඔබ
අවිහින්සක ලෙස හිනැහෙනු දුටුවා

ඔබ හා මාගේ කල්පිත ලෝකයේ
ඇති මහ පරතෙර පෙනෙන නිසා
ඔබ දුටුවේ සිහිනෙන් කියලා
ඒ සිහිනේදී මට හැඟී ගියානම්
අවදි නොවන්නෙමි සිහින වලාවෙන්

උපුටනය අවසානයි

——————–

දශක 05 ක්‌ යනු වර්තමාන මිනිසෙකුගේ සතු පූර්ණායුෂයෙන් තුනෙන් දෙකකටත් වැඩි කාලයකි එතරම් කාලයක්‌ ගුවන් විදුලි මාධ්‍යවේදියකු ලෙස රැඳී සිටිමින් මා කළ කි දෑ ශ්‍රාවක ඔබේ දිවි ගමනට අත්වැලක්‌ වූවා යෑයි මගේ අදහසයි

එපමණට දිගු වු වෘත්තිය දිවියේදී මගේ ආදරණිය ශ්‍රාවකයන් වෙනුවෙන් මා සතු වූ වගකීම කාර්යභාරය මට හැකි උපරිම අයුරින් කැපවීමෙන් ඉටු කරන ලද්දේයැයි තෘප්තිමත් වෙමි එයින් මා උපයා ගත්තේ ඔබේ දයා-කරුණාවයි එපමණකින් ම මා සෑහීමකට පත් ව සිටිමි මා කිසියම් දිනක මෙලොවින් සමුගෙන ගියත් මගේ නාමය ඔබේ හදවත් තුලින් සමුගෙන යන තුරු මම අමරණීයය

අදද ආරධනා අපමණය එතෙකුදු වුවත් යළිත් එහි යන්නට ගොස්‌ රැඳෙන්නට මා සිත අවසර නොදේ අපමණ පළිබෝධ සහිත ජීවන සයුරේ කැළඹුනු රළ පතරින් මෑත්ව මදකට ගිමන් හරින්නට මා අවසර පතමි

අයුබෝවන්

————-(The end)—————–

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Back

Leave a Reply Cancel Reply

Your email address will not be published.

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • “REMEMBERING CLARENCE” – By Des Kelly

    “REMEMBERING CLARENCE” – By Des Kelly

    May 22, 2022
  • එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

    එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

    May 15, 2022
  • “CALYPSO BAILA GREATS” – By Des Kelly

    “CALYPSO BAILA GREATS” – By Des Kelly

    May 8, 2022
  • එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

    එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

    May 1, 2022
  • Mohideen Baig: The conscience of a collective

    Mohideen Baig: The conscience of a collective

    April 23, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved