• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

එදා ඇසුණු ගී ඔප ලා අදත් දිදුලවමු

July 3, 2021 by shamilka Palitha Perera, Prabath Rajasooriya

ඔබ ඔහු හඳුනන්නේ ක්‍රිකට්‌ විස්‌තර ප්‍රචාරයෙකු ලෙස නම් ?

සකල වාසනා නිධාන භූමී – ලොව අපරාජිත පවිත්‍ර භූමි

අපගේ පිනටම බිහිවුණු භූමී – පුන්‍ය මාතෘ ධරණී

ලංකා (වික්‌ටර් රත්නායක – නන්දා මලනී – අමිතා වැදිසිංහ ඇතුඵ කන්ඩායම)

තනු නිර්මාණය හා සංගීත සංයෝජනය – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

මේ නිර්මාණයේ පසුබිම් තොරතුරු සොයා රසික අප පියමං කළ යුත්තේ අදින් වසර 50 ක තරම් වන ඈත අතීතයටයි ස්‌ථානය සිංහල සංගීතයේ මහ ගෙදරයි

ඒ අනුව ඔබ දැන් මේ පිවිස සිටින්නේ 1965 වසරටයි නව රජයක්‌ බලයට පත් වී තිබේ එක්‌සත් ජාතික පක්‍ෂය එහි භාරකරුයි නියමුවා අගමැතිඳු ඩඩ්ලි සේනානායකයන්ය

රජය සතු ආයුධය මෙවළම මහජනයා ඡන්ද දායකයා හා එය යා කරන මහා පාලම ද ජනමතයේ ජීවනාලිය ද වන්නේ ප්‍රවෘත්ති අමාත්‍යංශය සතුවන ගුවන් විදුලි සංස්‌ථාවයි දැන් එහි ද නව නියමුවෙක්‌ හා අධ්‍යක්‍ෂ මන්ඩලයක්‌ පත් ව සිටී

ඔහු උත්තරීතර රජ්‍ය යාන්ත්‍රණය කොඳු නාරටිය බඳු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දක්‍ෂතම සාමාජිකයෙකු වු නෙවිල් ජයවීරයන්ය ඔහු යටතේ නව අධ්‍යක්‍ෂ මන්ඩල සාමාජිකයන් අතර සෑම් ජේ පෙරේරා මහතාද වෙයි

Neville Jayaweera

සුපුරුදු පරිදි වැඩසටහන් හි පෙළගැස්‌ම අන්තර්ගතය මෙහෙවයන නිලදරුවන් යන මේ සියල්ල වෙනස්‌ කරනු ලැබ තිබේ එපමණක්‌ නොව නව වැඩසටහන් මාළාවක්‌ ද එළි දක්‌වන්නට සැරසි සිටි

තවත් තෙවසරක්‌ ඉක්‌බිත්තෙන් 1968 වසර ට පිවිසෙමු

නව රජයේ කෘෂිකාර්මික නවෝදය නමින් ගොවිතැන නගා සිටුවිමේ ව්‍යාපෘතිය අරඹා තිබේ එහි ප්‍රවර්ධනය සුපුරුදු පරිදි ගුවන් විදුලයට පැවරුණි

සෑම් ජේ පෙරේරා මහතා ගේ අධික්‍ෂණය යටතේ ඇරඹුනු නැවුම් සුවඳ හමන සංගීතමය වැඩසටහනේ නාමය එඩිතර ලංකා විය නමින් ම හැගෙන පරිදි එහි ඇතුළත් විය යුත්තේ එඩිය දෑ අබිමානය වඩවන ගීතයන්ය

මෙයින් එතෙක්‌ ගුවන් විදුලිය ආ මග වෙනසකට බඳුන් කරවමින් නව ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන්නට පටන් ගැණිනි ඒ අනුව සංස්‌ථාවේ කාර්ය මන්ඩලයද ඇතුඵ ඕනෑම බාහිර සංගීතඥයන් හා ගීත රචකයන් හට තම නිර්මාණ සඳහා දොරගුඵ විවර වූ අතර ඒ සඳහා තිබුනු සියඵ බාධක ඉවත් කරන ලදී

මෙs වැඩසටහන ද මෙහෙයවීම ගුවන් විදුලියේ එක්‌ එක්‌ නිවේදකයන් හා සම්පාදකයන් අතර බෙදා දෙනු ලැබීය ඒ අනුව නිවේදක සිරිල් රාජපක්‍ෂයන් ද හට ද අවස්‌ථාව ලැබී තිබුනි
ඔහුට ලැබුනු වැඩසටහනේ සංගීත සංයෝජකයා ලෙස රෝහිත විජේසූරියයන් නම් කර ඇත

Cyril Rajapaksha
Cyril Rajapaksha
Rohitha Wijesuriya
Rohitha Wijesuriya

දැන් විසඳාගත යුත්තේ ගී පද රචකයන් උපයා සපයා ගැනීමේ ගැටඵවයි

මෙවක අප කථා නායකයාණෝ ගුවන් විදුලයේ සේවයට පැමිණ්‌ පස්‌වස සපිරුණා පමණකි එක්‌තරා දිනයක සැන්දෑයාමයක 06 වන මැදිරියේ දී එහි පිවිසි සිරිල් රාජපක්‍ෂයන් ගේ හඩ අවදිවිනි

පාලී මට මොනවා හරි ඉක්‌මණට ලියලා ඕනෑ මේකට වැඩිවෙලා ගතකරන්න නම් එපා මොකද රෝහිත බලාගෙන ඉන්නවා මියුසික්‌ කරන්න පුඵවන් තරම් ඉක්‌මනට මට රෙකෝඩිං දාගන්න ඕනෑ

පාලි ක්‍රියාත්මක විය මැදිරියේ පුහුණු කුටියට පිවිස එහි මේසය මතට බරව ඉහත පද පේලිය ලියන්නට පටන් ගත්තේය පදවැළ සම්පූර්ණය එහෙත් රචකයා තෘප්තිමත් නැත ඔහු යළිත් ක්‍රියාත්මක විය

මා සාර භූමි ලංකා – මා විජය භුමි ලංකා

මා පුන්‍ය භුමි ලංකා – අප ජන්ම භුමි
ලංකා


(රෝහිත විජේසූරිය ඇතුඵ කන්ඩායම)

පාලී ??? ඔහු කවරෙක්‌ද ??? 60-70 මතුනොව 80-90 න්ද මෙපිටට විත් 2000-2010 දීද ගුවන් විදුලියට සවන් යොමුකළෝ ඔහුව කිසිවිට නොහඳුනන්නේ නොවේමය

එහෙත් ඒ රසිකයෝ අතර ක්‍රිකට්‌ ක්‍රිඩාලෝලී දනන් තුඩග ඒ නාමය අද දක්‌වාත් රැව්දෙයි ඒ ප්‍රවිණ ගුවන් විදුලි මාධ්‍යවේදී අදී නාලන්දීය පාලිත පෙරේරා ය

Palitha Perera

මේ වනතුරු සංස්‌ථාවේ කාර්ය මන්ඩලය වෙතින් සපයා ගන්නා ගී පද රචනා සඳහා ගෙවීමක්‌ නොකෙරිනි ඉතිහාසයේ මුල් වරට එඩිතර ලංකා වැඩසටහනේදී ඒ සම්ප්‍රදාය බිඳමින් එක්‌ ගීතයක්‌ සඳහා රු පහළොවක තරම් සැළකිය යුතු ගෙවීමක්‌ අනුමත කරනු ලැබ තිබිණි (එවකට එහි අපන ශාලාවේ බත් මුලක්‌ රුපියලක්‌ විය කොළඹ – මහනුවර බස්‌ ගාස්‌තුව රු දෙකයි විසිපහකි)

මේ නිසා මෙම වැඩසටහන වෙනුවෙන් සංස්‌ථා සේවකයන් ගේ කැපවීම ඉහළම මට්‌ටමින් සිදුවිණි කරුණාරත්න අමරසිංහ අමරබංදු රූපසීංහ පාලිත පෙරේරා ඇතුඵ කණ්‌ඩායමට නැවුම් වෙනසක්‌ සිදුකිරීම පිණිස උත්සහ දරූහ

සහන නිවෙදක නිව්ටන් ගුණරත්නයන්ගෙන් නව අදහසකි
අපි කේමදාස මාස්‌ටර්ව ත් ගනිමු

සියල්ලෝ එකගත්වයකට පැමිණ සිටියහ

ඒ අනුව මරදානේ වර්තමාන ජයන්ත වීරසේකර මාවතේ එනම් එදා ඩි්‍රබ්‍රෙක්‌ පාරේ පිහිටා තිබුණු සංගීත මංජරිය වෙත මෙකී ගුවන් විදුලි සගයෝ පිවිසියහ ආ කාරණය දැන්වීණි එයින් ඇරඹෙනුයේ සිංහල සංගීත වංශයේ නව පරිච්ඡේදයකි ඒ කේමදාසයන් හා පුරා කියා ගුවන් විදුලි ගී නිර්මාණකරණයට පිවිසිමේ පසුබිම් කථාවයි

Khemadasa
Khemadasa

කරු ද (කරුණාරත්න අමරසිංහ) ද තම පෑන් තුඩ මෙහෙයවමින්

මා දුටු මුල්හිරු පෙන්වු ලංකා – මා ගත් මුල් සුසුමක්‌ දුන් ලංකා
ඔබගේ මුත්හර සරසමු ලංකා

(නන්දා මාලනී)

එඩිතර ලංකා ගීත එකින් එක පටිගත වන්නට විය

මේ අතර ගුවන් විදුලි සගයෝ ද දිවා රෑ නොබලා ඊට උර දෙන්නට විය රෝහිත විජේසුරියයන් ගේ මා සාර භූමි ලංකා පටිගත කරන දිනය ලං වන්නට විය

පුහුණුවිම් සිදුකරමින් පැවතිණි

රෝහිත විජේසූරියන් විසින් වාදක මන්ඩලය මෙහෙයවමින් සිටීන අතරවාරයේ අඩි 06 කටත් වඩා දිග උණ බම්බුවක්‌ වැනි දැවැන්ත වාද්‍ය භාන්ඩයක්‌ වැයෙනවා දුටු පාලි ඇතුඵ පිරිස ගේ කතුහලය ඇවිස්‌සුණි

ඒකට කියන්නේ බෙසුන් කියලා වාදනය කරන්නේ නාවුක හමුදා තුර්ය වාදක කන්ඩායමේ එක්‌කෙනෙක්‌ රෝහිත ගේ පිළිතුර විය

ගීත තුනක්‌ සඳහා අප නිවේදකයාණෝ හට රු හතලිස්‌පහක මුදලක්‌ ගෙවනු ලැබීය
——————————————————————-
මා සාර භූමි ලංකා – මා විජය භූමි ලංකා

මා පුන්‍ය භූමි ලංකා – අප ජන්ම භූමි ලංකා

නදී ඇළ දොළ අහස්‌ දියකඳ – සදා තෙතමන සෙවන දෙරණයි

කරල් බරවූ කුඹුරු යායයි – මේ බිමෙන් අප රට නිධානයි

සතුරු එඩි මැද හෙළා ලේ කඳ – නැංගු නිවහල් විජය දෙරණයි

වීර හෙළයන් පුදා ජීවය – ලැබූ නිදහස අපට උරුමයි

බුදුන් සිරිපා පියුම් නැමදූ- මගේ මේ රන් පුන්‍ය දෙරණයි

සදා කාලෙන් සදා කාලේට- අපට දළදා සමිඳු සරණයි

 

නිෂ්පාදනය- ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව

වැඩසටහන –  එඩිතර ලංකා

වසර – 1968

අරමුණ – කෘෂිකාර්මික නවෝදය වැඩසහන – අග්‍රාමත්‍ය ඩඩ්ලි
සේනානායක රජය – 1965  – 1970

නිෂ්පාදනය – සිරිල් රාජපක්‍ෂ

ගීතයේ පද සංකල්පනාව – පාලිත පෙරේරා – ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව

තනු නිර්මාණය පුහුණුකිරීම් හා සංගීත අධ්‍යක්‍ෂණය වාදක මන්ඩලය මෙහෙයවීම
– සංගීතඥ රෝහිත විජේසූරිය (බාහිර ශීල්පී)

සමූහ ගායනා  – රෝහිත විජේසූරිය  – අමිතා වැදිසිංහ ඇතුඵ පිරිස
වාදක මන්ඩලය – ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා වාද්‍ය වෘන්දය සහ යුධ හමුදා තූර්ය වාද්‍ය වෘන්දයේ සහය

මෙතැනින් සවන්දෙන්න

—————————————————————————

සකල වාසනා නිධාන භූමී  –  ලොව අපරාජිත පවිත්‍ර භූමි

අපගේ පිනටම බිහිවුණු භුමි – පුන්‍ය මාතෘ ධරණී

ලංකා

දේශ දේශ ජය කෙහෙළි බැන්දු – ඒක  ඡත්‍රයේ සෙවෙනෙහි රැන්දු

විරු දරුවන්ගේ රුහිරය වැගුරූ – වීර භුමියේ ප්‍රෙෘඩ උදානේ

(කන්ඩායම් සමූහය)

බුදු සිරිපා පිදූ රහතුන් වැඩසිටී – ප්‍රනභූමියයි – ධර්මදීපණී (අමිතා වැදිසිංහ – ඒකල)

දෙරණ මතින් නැගි දාගැබ් බුදු රූ – (වික්‌ටර් රත්නායක – ඒකල)

පුන්‍ය භූමියේ භක්‌ති ප්‍රණාමයි (නන්දා මාලනී – ඒකල – සමුහ)

 

නිෂ්පාදනය- ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව

වැඩසටහන –  එඩිතර ලංකා

වසර – 1968

අරමුණ – කෘෂිකාර්මික නවෝදය වැඩසහන – අග්‍රාමත්‍ය ඩඩ්ලි
සේනානායක රජය – 1965  – 1970

නිෂ්පාදනය – සිරිල් රාජපක්‍ෂ

ගීතයේ පද සංකල්පනාව – පාලිත පෙරේරා – ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව

තනු නිර්මාණය පුහුණුකිරීම් හා සංගීත අධ්‍යක්‍ෂණය වාදක මන්ඩලය මෙහෙයවීම
– සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස (බාහිර ශීල්පී)

සමූහ ගායනා  – වික්‌ටර් රත්නායක  – නන්දා මාලනී – අමිතා වැදිසිංහ

වාදක මන්ඩලය –

වයලීන් – ඒලියන් ද සොයිසා මරදකොලොන්නේ රොක්‌සාමි

බටනලා – එම් ඩබ්ලිව් පීරිස්‌

තබ්ලා – විජේරත්න රණතුංග – නඩරාජා (වෙළඳ සේවා වාදක මන්ඩලය)

සිතාර්  – සරත් දසනායක – පියදාස අතුකෝරාළ

ක්‌ලැරිනට්‌ – ටි එෆ් ලතීෆ් – ඒ ජේ කරීම්

ආචාර්ය කේමදාස නිර්මාණපෙළෙහි ප්‍රථම ගුවන් විදුලි පටිගතකිරීම

මෙතැනින් සවන්දෙන්න

(තොරතුරු මුලාශ්‍රය වෙනුවෙන් ස්‌තුති පුර්වක ප්‍රණාමය – ගුවන් විදුලි ප්‍රවිණ මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතා වෙත පිරිනම්මි)

මතු සම්බන්ධයි…………………

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Back

Leave a Reply Cancel Reply

Your email address will not be published.

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • “REMEMBERING CLARENCE” – By Des Kelly

    “REMEMBERING CLARENCE” – By Des Kelly

    May 22, 2022
  • එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

    එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

    May 15, 2022
  • “CALYPSO BAILA GREATS” – By Des Kelly

    “CALYPSO BAILA GREATS” – By Des Kelly

    May 8, 2022
  • එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

    එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

    May 1, 2022
  • Mohideen Baig: The conscience of a collective

    Mohideen Baig: The conscience of a collective

    April 23, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved