• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

ධර්මදාස වල්පොළ – අතීතාවලෝකනය

September 18, 2021 by shamilka Dharmadasa Walpola, Prabath Rajasooriya

ඇසේවා අදද හෙටද එදා ඇසුණු ඒ කන්කඵ කෝකිල නාදය …… 01

සප්ත දශකයකටත් පෙරසිට  භාරතයේ හින්දි සිනමාව හා ගීතය එකිනෙක හා තදින් වෙලී පවතින්නේ යම්සේද එයින් ආභාෂය ලැබ පෝෂණය වූ සිංහල සිනමාව හා ගීතය ද එකිනෙක හා අනුබද්ධව එකකින් අනික පෝෂණය වෙමින් සහජීවනයෙන් බැඳි පැවතිනි

එදා ජීවන අරගලයෙන් එදිනෙදා හෙම්බත් වූ අසල්වැසි භාරතීයයන්ගේ  මෙන්ම ලාංකිකයන් ගේද ඒ දාහය නිවාලු සිහිල් පවන සිනමා කලාවයි

වර්තමානයේ මෙන් අසිමාන්තික අවශ්‍යතා ගොන්නක පැටලී භෞතික සම්පත් වඩා ගැනීමේ පොරයක නිරත නොවූ  50-80 දශකයන්හී ලාංකික රසික දනෝ හට ජීවිතය වින්දනය කරන්නට අවැසි තරම් කාලය ඉතිරිව පැවතුන අතර ඒ සඳහා වෙන්කල යුතු මුල්‍යමය සම්පත් දරාගැනීමට හැකි මට්‌ටමක විය
ඒ අනුව සිංහල සිනමාවට යෝධ ශක්‌තියක්‌ වූ අති විශාල ප්‍රේක්‍ෂක ජනකාය ඊට ආභරණයක්‌ වූ ගීයෙන් සනසවන්නට ඇවැසි හඩ පෞරුෂයක්‌ සතු ගායන  ශිල්පීන් ගණනාවක්‌ සිටියේය

ඒ අතර සිංහල රිදී තිරයේ ආකර්ශනිය ජවනිකා මවන ප්‍රධාන පිරිමි රංගන ශිල්පියා වෙනුවෙන් හඩ සැපයූවන් අතර මුල්ම තැනැත්තා මෙහි ජන්ම ලාභය නොලද භාරතය නිජබිම කොටගත් අල්හාජ් මොහිදීන් බෙග්ය

Mohideen Baig (www.dailynews.lk)
Mohideen Baig

අතිශය ගැඹුරු ස්‌වර උපදවන්නට සමත් වූ ඔහුගේ හඩ පෞරුෂය ගායකයෙකුට ඉතා කලාතුරකින් පිහිටන දායදයක්‌ විය
ඔහුගේ අනුප්‍රාප්තිකයා මේ ලිපියට පාදක වන ශිල්පියාගේ ආගමනය සිදුවුයේ අහම්බෙනි

ඒ 1953 වසරේ දී සිංහල සිනමාවේ පුරෝගාමි නිෂ්පාදක ව්‍යාපාරික නායගම් විසින් තැනු ඉන්දිය ජාතික ඒ බී රාජ් විසින් අදියුරු මැවු ප්‍රේම තරගය සිනමා පටයේ ගීත පටිගත කිරීමේ අවස්‌ථාවේදීය

අදාළ පටිගත කිරීමට තෝරාගෙන තිබුනු ගායකයා නියමිත වේලාවට එහි පෙනි නොසිටීම හේතුවෙන් එහි සංගීත අධ්‍යක්‍ෂණයේ නිරතව සිටි රාමයියා මුත්තුසාමි වෙත වාද්‍ය වෘන්දයේ තබ්ලා වාදක ගුවන් විදුලියේ එහ් ආරියදාසයන් විසින් කල නිර්දේශයක ප්‍රථිපය වුයේ සිංහල රිදී තිරයේ වඩාත් ප්‍රේමණිය කෝකිල නාදය සොයාගනු ලැබීමයි

ඒ ප්‍රවිණ ගායන ශිල්පී බටනලා වාදක චිත්‍ර හා මූර්ති ශිල්පී මහනුවර දෙයියන්නේවල ග්‍රාමයේ සිට අගනුවර ට පිවිසි

ධර්මදාස වල්පොළයන්ය

Dharmadasa Walpola
Dharmadasa Walpola

පසුව ඔහුගේ අනුප්‍රාප්තික ජෝතිපාලයන් කරළියට පිවිස ජනප්‍රියවන තුරුම ඔහු සිංහල සිනමාවේ සදාදරණිය ගීත කෝකිලයා ලෙස කිරුඵ පැළැඳ සිටියේය

මේ ශිල්පී ධර්මදාස වල්පොල ජීවන තතු බිඳක සම්පින්ඩනයයි

1952 වසරේදි ගුවන් විදුලියේ එවක බලධාරීන් විසින් ගන්නට යෙදුණු තීරණයක්‌ අනුව එහි ලියාපදිංචි වූ සරළ ගී ගායකයන් ප්‍රමිතිගත කරන්නට සිදුවී තිබුණු අතර ඒ සඳහා ඔවුන් ඉන්දියාවේ භාත්ඛන්ඩේ විශ්ව භාරතී සංගීතායතනයේ විදුහල්පති ධුරන්දර රතන්ජන්කර් පඩිතුමා කැඳවන ලදී

මේ තීරණයට විරෝධය පා එවක සිංහල ගායන ක්‍ෂේත්‍රයේ අංක 01 ස්‌ථානයේ වැජඹුණු සුනිල් සාන්තයන් එය වර්ජනය කළහ ඔහුට තම ශිල්ප හෙළිදක්‌වන්නට ඉතිරි ව තිබුනු එකම මාධ්‍යය අහිමි ව එයින් එළියට බසින්නට හේතු විය සුනිල් සාන්ත සංගීතවේදියා ගේ නිර්මාණ චාරිකාව එසේ අවසනාවන්ත ලෙස ඇණහිටියේය

Sunil Shantha
Sunil Shantha

මේ ශිල්පී කන්ඩායම අතර සිටි නැගී එන ගී තාරකාව යව්වන වියේ ධර්මදාස වල්පොළ ඊට සහභාගී වූ අතර ඒ අනුව විශිෂ්ඨ ශ්‍රේණිය යටතේ වර්ග කරන්නට යෙදුනි

තවත් කලක්‌ ගතවිය

ධර්මදාස බෙග් මාස්‌ටර් අභිබවා සිංහල සිනමා ගීයේ යව්වනයේ සිහින කුමරා බවට පත් ව සිටියේය එපමණකුදු නොව කඨෝර ද්‍රවිඩ උච්චාරණයෙන් ගැයූ දක්‍ෂිණ භාරතීය ගායකයන් විසිවී යන තැනට කටයුතු යෙදී තිබිණි

ඔහුගේ ළයාන්විත ප්‍රේමණීය හඩට රසිකයන් පෙම් බැන්දෝය

මේ අතරවාරයේදී ගුවන් විදුලිය විසින් කුමන හෝ කරුණක්‌ නිසා ඔහුව ඒ ශ්‍රේණිය දක්‌ව පල්ලම් බස්‌සවා තිබිනි විනාඩි 15 ක සරල ගී වැඩසටහනකට රු 45 ක දීමනාවක්‌ ගෙවනු ලැබිය මුදල් අවශ්‍ය නැති බවත් තමන්ගේ වැඩසටහන අඩපැයක්‌ දක්‌වා දිර්ඝ කරවා දෙන ලෙසත් ආයචනයක්‌ ඉදිරිපත් කෙරුනේ වල්පොළයන් විසිනි එය ප්‍රතික්‍ෂේප ව වල්පොළ ට සාන්තයන්ගේ සුපුරුදු කලදසාව ද ලබන ලකුණු පහළ වෙමින් තිබිණි ඔහු මහත්සේ කළකිරී සිටියේය

ඔහු ටද තමා ට සාමාන්‍ය රසිකයා වෙත පියමං කරන්නට තැනුනු පාළම වූ ගුවන් විදුලිය එපා විය

ධර්මදාස ප්‍රකාශ කලේ මුදල්වලට වඩා තමන්ට ශිල්පය වටින බවයි එදා මුල්වරට සංවේදි වල්පොළ හදවත හඩා වැටෙන්නට ඇත මතුයම් දිනයක ඔහුගේ ඉරණම තින්දු කරන්නට සමත් වූ හේතුවේ උපත සිදුවන්නට ඇත

සාන්තයන් මෙන්ම ධරමදාසයෝද තම ශීල්පය පවා දෙන්නට සුදානම් නොවීය එහි ගෞරවය ද ස්‌වකීය අභිමානය ද දිවි දෙවැනි කොට රැකීය

එහෙත් දෙදෙනාම ස්‌වකීය කුටුම්භය රැක ගැනීමේ සටනට මුහුන දෙන්නට සිදු ව තිබිණි ගුවන් විදුලියෙ මුල්ම සිංහල තැටිය රසගැන්වූ සාන්තයන් ජා ඇළ නිවසක කුකුඵ ගොවිපොළක නවාතැන් ගෙන සිටී එහිම සතිපොලේ කරවල වෙළඳාමේ යෙදෙයි

ධර්මදාසයෝ කැළණියේ වරාගොඩ ලතාවාසයේ සිල්ලර කඩයක්‌ කරයි ණයට බඩු දෙන්නට ගොස්‌ බංකොලොත් වෙයි

සුනිලුන් යළි කැඳවනු ලැබ අපුර්ව ගී මිණි ගණනාවක්‌ ජාතියට දායද කරන්නට සමත් වුවද ධර්මදාසට ඊට අවස්‌ථාවක්‌ හිමි නොවිය සිනමා ගී ක්‍ෂේත්‍රය ට පැයූ නව හිරු ජෝතිපාලයන්ගේ ප්‍රභාවයෙන් එය එකාලෝක වෙමින් පැවතිනි

HR Jothipala
HR Jothipala

1973 වසරේ දිනක ලේක්‌හවුසියේ කර්තෘ මාන්ඩලිකයෙකු වූ අජන්තා රණසිංහ තරුණයා වල්පොළ මුණගැසී ගුවන් විදුලියට ගොඩවැදෙන්නට පෞද්ගලික ආරාධනාවක්‌ කරනු ලැබ තිබුණත් ඔහු එය ප්‍රතික්‍ෂේප කලේ

“මම දැන් සිංදු කියන්නේ නෑ කියමිනි………”

අජන්තා යළි යළිත් ඇවටිලි කරයි අවසානයේ ඔහු නිසා සිංහල බොදු ගීතාවලිය එකාලෝක කරවු සුපුන්සඳක්‌ වන් ගීයක්‌ ඉපදිනි

“උත්තම මුණි දළදා වඩම්මන මොක්‌පුර රන් නවුකා බලන් සකි සත්සමුදුරු ගැඹරේ ………………………………”

අබමල් රේණුවකින් හෝ වියපත් නොවි තිබූ වල්පොළ ගී නාදයෙන් ගුවන් විදුලි මැදිරිය ගිගුම් දිනි

පටිගත කිරීම අවසානයේ තමන්ට නියමිත් ගෙවිම ප්‍රතික්‍ෂේප කල ඔහු යළි එහි නොඑන්නැමැයි සිතා එයින් නික්‌ම ගියේය

ඔහුගේ අතිජාත මිත්‍ර  ප්රේමදාසයන් අගමැතිඳු විය එතුමෝ සුනිලුන්ට නිවසක්‌ පරිත්‍යාග කරන්නට සූදානම් විය සුනිලුන් ගේ සුපුරුදු විරෝධය නැගිනි එය මාසික මුදලක්‌ ගෙවීමට යටත්ව මිසක හෝ භාරගැනීම ප්‍රතික්‍ෂේප කරනු ලැබිය

ධර්මදාස වල්පොළයන්ට ද එයාකාරයෙන් එහෙත් එකක්‌ නොව නිවස්‌ යුගලයක්ම පරිත්‍යාග කරන්නට අගමැතිවරයා සුදානම් ව සිටියේය

සුනිලුන් කළා සේම ධර්මදසායන්ද  එය එකහෙළා ප්‍රතික්‍ෂේප කරනු ලැබිය

මුදලට ගී ගයන තමන්ට මහජනතාවගේ මුදලින්ම තැනු නිවෙස්‌ ලබාගන්නට අයිතියක්‌ නැතැයි කියා සිටියේය……

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
ජීවන නිරුදක කතරේ – දියපහර ඔබද සොඳුරේ……………………

මගේ හද ආදර සයුරේ  – පාදන්න මිණිමුතු – පාදවා මිණිමුතු……………..

https://www.sooriya.lk/wp-content/uploads/2021/09/Jeewana_Nirudaka_Kathare.mp3
ගී පද ඇමිණුම – ප්‍රවිණ ගුවන් විදුලි වැඩසටහන් සම්පාදක  – හේම ශ්‍රී ද අල්විස්‌

තනු නිර්මාණය හා සංගීතය – ප්‍රවිණ සංගිතඥ නැසිගිය රමයියා මුත්තුසාමි

(ධර්මදාස වල්පොල 60 දශකයේ ගුවන් විදුලි සරළ ගී පටිගතකිරීමකි)

ඔහු පිළිබදව යළි පවසනු වස් ඉදිරි දිනක යළි හමුවෙමු ………………..

විශේෂ ස්‌තුතිය 
තොරතුරු මුලාශ්‍රය හා වැඩිදුර කියවිම – ධර්මදාස වල්පොල – කපිල කුමාර කාලිංග (ධර්මදාස වල්පොල රසික සමාජය – වෙනුවෙන් විරචිතයි)
වර්ණන් ද සිල්වා මහතා- ගරු ලේකම් – ධර්මදාස වල්පොල රසික සමාජය – මහනුවර

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Back

Leave a Reply Cancel Reply

Your email address will not be published.

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • “REMEMBERING CLARENCE” – By Des Kelly

    “REMEMBERING CLARENCE” – By Des Kelly

    May 22, 2022
  • එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

    එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

    May 15, 2022
  • “CALYPSO BAILA GREATS” – By Des Kelly

    “CALYPSO BAILA GREATS” – By Des Kelly

    May 8, 2022
  • එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

    එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

    May 1, 2022
  • Mohideen Baig: The conscience of a collective

    Mohideen Baig: The conscience of a collective

    April 23, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved