• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

විශේෂාංග

හෙළ ගීත කලාවෙ රන් යුගයෙන් – අසුරු සැණක් ඇසුරු කළ අමා බිඳක්

September 6, 2020 by shamilka
Prabath Rajasooriya

//පදරචනාවක් අතට ගත්තාම මගේ සිතට ගොඩක් දේවල් ගලාගෙන ආවා හරියට දේදුන්නක් පෑව්වා වගේ ……………..//

පෙර සසර පුරුද්දටදෝ රසිකයන් අති බහුතරය ගීයට පෙමි බඳිමින් මෙහි රොඳ බැඳ සිටින්නේ යම්සේද මේ නිර්මාණකරුවන් ද තම අසාමාන්‍ය ගායන / වාදන හැකියාවන් ළමාවියේ දීම ප්‍රකට කළෝ බව ඔවුන්ගේ දිවිමග තොරතුරු හැදෑරීමේදී පසක් වෙයි

ඔවුහු වාද්‍ය භාන්ඩ කිහිපයක් ගුරු උපදේශ රහිතව වාදනය කරමින් ඒ හැකියාව නිසා ම පසුව සංගීත ගුරුවරුන් ඇසුරේ වැඩී ස්වකීය ආත්මීය හැකියාව දියුණු තියුණු කරගත්තෝ වෙති

මේ සංගීතවේදියාද වයලීනය සර්පිනාව පියානෝ එකෝඩියන් වාදනයෙන් සිය තත් දිවියේ ස්වරහැඩගැන්විමේ කලාවට බටහ

මින් දශක 06 ට පමණ පෙරදී යාබද නගරය වූ පානදුරයේදී ප්‍රවීණ සංගීතවේදි ෂෙල්ටන් ප්‍රේමරත්නයන් යටතේ හා පුරා ශිල්ප හැදෑරු ඔහු දෙවනුව ඉන් දසවසක ඇවෑමෙන් පිළියන්දලදී වින්සන්ටි සෝමපාල ගාන්ධර්වායණන් වෙතින් ශාස්‌ත්‍රීය සංගීතය හැදරීය

Shelton Premarathne

එයින් නික්ම 1967 වසරේ ගුවන් විදුලි වාදක මන්ඩලයට බැඳුනු හෙතම ඉහත කී ශිල්ප ඥානය ඔස්සේ දියුණු තියුණු කරගත් ප්‍රතිභාව මෙහෙයවා තමන්ට ආවේනික ව සරළ සුගම ලෙස රසික හදවත ප්‍රකම්පණයට පත්කරවන සුඵ ස්වර රටා මාලාවන් මවන්නට සමත් වී ඇති බව ඔහුගේ බොහෝ ගී නිර්මාණ රසවිඳිමෙන් පසක් වෙයි

රචකයාගේ අදහස මනාලෙස උද්දීපනය වී ශ්‍රාවක මනසේ අති සුන්දර සිත් රූ රටා චිත්රණය කළ තනු රටා සපිරි ගී පෙළක් ඔහු සතුය

—————————-

සමකාලීන වාද්‍ය ශිල්පී / සංගීතවේදී කැළ

මර්වින් විජේවර්ධන / ඩී ඩී ඩැනී / එම් ඩබිලිවි පීරිස් / ඇන්තනි සාමි / ශාන්ති දිසානායක

වාද්‍ය ශිල්පීන් විසින් එතරමි ප්‍රියනොකළ භාන්ඩයන් වූ එකොඩියන් තෝරාගෙන වාදකයෙකු ලෙස ඔහු විසින් පටිගත කිරීම් සඳහා සහය වූ සංගීතවේදීන්

ප්‍රේමසිරි කේමදාස / පී ඒල් ඒ සෝමපාල / තිලක් කරුණාරත්න / එමි කේ රොක්සාමි / ලයනල් අල්ගම / ෂෙල්ටන් ප්‍රේමරත්න

  • Premasiri Khemadasa

ප්‍රේමසිරි කේමදාස            පී ඒල් ඒ සෝමපාල            එමි කේ රොක්සාමි           ලයනල් අල්ගම

සිනමා සංගීත අධ්‍යක්ෂණය

හරියනකොට ඔහොම තමයි / ලොකු තාත්තා / මල් වරුසා / ටොමි පචයා

ගී රසිකයා වසඟ කළ ඔහුගේ අමරණිය නිර්මාණ පෙළින් බිඳක්

අමීතා දඵගම

ආදර චාරිකා ජීවන චාරිකා / විලක නෙඵමි මට කුමටද / රන් දොරින් එන්න ආදරේ / වාලුකාවලින් ලියූ / අනෝතත්ත විල / දුරකථනයකින් අද දින සිට ඔබ / පින්න මල් පිපී

ඉන්ද්රාණී පෙරේරා (ත්‍රී සිස්ටර්ස්)

අපි මිතුරෝ මුහුදු ගියෝ / මිහිරි ගීත ගයාලා දෑතේ දෑත තියාලා / මා ඔබේ කඵ කෙල්ලයි / ඉඳුනිල් මැණිකා කියමින් අමතා / නෙත්යුග රන්තරු යුවළ සමයි / තරුණියන්ගේ හිත මලක් වගේ / රන් පහනකි පැල්පතේ

ඇන්ජලීන් ගුණතිලක

රන් ඔරුවේ සත් සයුරේ / මල්හිනා නගන්න සුසුදු ආදරේ / ආදරවන්තයකි දැන් ඔහු / දිනක ඔබසඳ වාගේ හැඩයි

ෆීලික්ස් ඇන්ටන්

ඕවිල්ලේ පෙමි සඳැල්ලේ

——————————–
  දුරකථනයකින් අදදින සිට ඔබ
මා අමතන්න එපා

       නුපුරුදු ලෙස අප හමුවන පෙරමග
යළිඔබ ඉන්න එපා

(වර්තමානයේ නෑසි සැඟව ගිය 70 දශකයේ ජනප්‍රිය නිර්මාණයකි)
ගී පද රටාව- දයානන්ද කුමාරසිරි – 1972 ?
——————————-

(තොරතුරු මුලාශ්‍රය මියෑසි හරසර කෘතිය- ලාල් ආනන්ද අබේධීර)

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

ප්‍රවිණ සංගීතවෙදී සරත් බාලසූරිය දිවිමග සළකුණු

August 22, 2020 by shamilka
Prabath Rajasooriya, Sarath Balasooriya

ඔබ කොහි සැගවුනිද ?

දයාබර සංගීතවෙsදියාණෙනි (02 කොටස) – බැති උපහාර මනහාර ගී නාදය

.

උපත 1942 දෙසැමිබර් 10

විපත – අවිනිශ්චිතයි

උපන් ගම – කිරුළපන

සංගීතය හැරීම – රජයේ සංගීත විද්‍යාලය – 1962 (වයලීන් වාදනය)

(අමිතා දඵගම / වින්සන්ටි ප්‍රේමසිරි / නවරත්න අත්තනායක සමකාලිනව)
බටහිර සංගීත නිපුණතා හා ප්‍රගුණ කිරීමි – ශ්‍රි ලංකා යුධ හමුදා බටහිර තුර්ය වාදන වෘන්දය – ක්‌ලැරිනටි වාදක – 1968

ක්‍ෂේත්‍රයේ පෑ දස්‌කමි (ගී නිර්මාණ) –
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා වාද්‍ය වෘන්දය – 1973
– වෙළඳ තැටි සංගීත අධ්‍යක්‍ෂනය – 1966 සිට

සරත් බාලසුරිය සංගීතවේදියා යුධ හමුදා තුර්ය වාදක මන්ඩලයේ පෙරදිග රාගධාරි සංගීතය හැරු ප්‍රමුඛතම සාමාජිකයා වූ බව සඳහන් වේ

ශ්‍රවණය කල සැණෙන් එහි ස්‌වර හඳුනා ගෙන ස්‌වර ලිපිය සටහන් කිරීමේ අපුර්ව හැකියාවක්‌ අත් කර ගත් ඔහු ඒ හරහා ගායකයන් හා වෙනත් සංගීතවේදීන් ගේ නිර්මාණකරණයේදී බෙහෙවින් ප්‍රයෝජනවත් ශිල්පියෙකු විය

නැසිගිය පැට්‍රික්‌ දෙණිපිටිය සංගීතවේදියා ද 50-60 දශකයේදී ඉහත ශිල්පයේ කෙළ පැමිණියෙකුව සිටි බවද කියෑවේ

Patrick Denipitiya

ගුවන් විදුලියේ සේවය කරණ සමයේදී මධුවිතට ඇබිබැහිවීමෙන් වරින් වර රෝගි තත්වයට පත්වූ ඔහු 1996 අප්‍රේල් මසයේදි ඒ සඳහා රෝහල්ගත ව සිටි බව වර්තා වේ

ඔහුගේ ජීවන චාරිකාවේ වඩත් අනුවේදනිය සිදුවිම සටහන් වන්නේ එහිදීය

දිනක ඔහුගේ සුවදුක්‌ විමසන්නට පැමිණි පවුලේ සාමාජිකයන් හට ඔහු දක්‌නට නොවිය

අපවන් රසිකයන් වෙත සුන්දර නිර්මාණ ගණනාවක්‌ තිලිණ කළ මේ අපුර්ව නිර්මාණකරුවා රෝහලෙන් අතුරුදහන්ව ගොසිනි

එදා මෙදා තුර දශක 2 ක්‌ ඉක්‌මවා යන්නට ආසන්නය

සොයා විපරමි කරනු ලැබුවද ඔහු පිළිබඳව කිසිම තොරතුරක්‌ වාර්තා නොවූ බව සඳහන්ය

—————
නොමියෙන නිර්මාණපෙලින් බිඳක්‌
හෙළ දෙරණේ කඳුල සුසුම / සිරිපොද වැස්‌සේ / අනේ මස්‌සිනේ (නන්දා මාලනී)

බඹර රැගුමි (වික්‌ටර්)
ආදර සුභා / ආත්ම ගණනක (ශ්‍රීමතී)
මළවුන්ගේ නගරයේ (අබේ / නාලනී)
——————–

ගී පද රචනය – හේම ශ්‍රී ද අල්විස්‌
තනුව හා සංගීතය – සරත් බාලසූරිය
ගායනය – ජ්‍යෙෂ්ඨ ශිල්පිණි ලතා වල්පොළ
(ජෙම්ටෝන් තැටි ලේබලය වෙනුවෙනි)

තොරතුරු මුලාශ්‍රය –
දුරකථන සංවාදය – ප්‍රවිණ ගුවන් විදුලි වැඩසටහන් සම්පාදක ගීත රචක හේම ශ්‍රී ද අල්විස්‌ මහතා
මියෑසි හරසර – ලාල් ආනන්ද අබේධීර

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

සැගවුනිද ඔබ ? – ගාන්ධර්වයාණෙනි- (01 වන කොටස)

August 4, 2020 by shamilka
Prabath Rajasooriya, Sarath Balasooriya

සිරිපොද වැස්‌සේ රාත්‍රියේ – නන්දා මාලනී

කොහි සැගවුනිද ඔබ ? – ගාන්ධර්වයාණෙනි- (01 වන කොටස)  

යටගිය දවස ඔබ ඇතුඵ පන්සිඵ කැළ පුබුදුවාළූ ගී පුෂ්ප සුගන්ධය අදද රසික සිත් වසග කරනු ලබයි

ඒ අදදිනෙන් චතුර්දශකයකටත් ඔබ්බෙනි

එපමණ කාලයක් ගතවී යෑයි කෙසේ සිතන්නද ?

ඒ අද යුගයේ මිනිස් දිවියක ආයුසිමාවෙන් හරිඅඩකටත් වඩා වැඩිකාලයක් නොවේද ?

අරුත්ගන්වන්නට අසමත් වුවද භාරත ගී රසයෙන් කුල්මත්ව එහි මිහිර සොයා යමින් සිටි හෙළ ගී රසික කැළ යළිත් තම සුපුරුදු හෙළ ගීයට ආශක්ත කරවුයේ අරුත්බර පදමාළාවන්ට සප්තස්වර රටා මුසු කරවාලු එදා පන්සිඵකැළ ය ඒ අතර ඔබ ගේ නමද කියවිය යුතුමය

පෙර සසර පුරුද්දටදෝ ළමාවියේ සිට පිහිටා ආ මියුරු සත්සර රටා මැවීමේ කලාව දියුණු තියුණු කරගෙන ආ ඔබ ඇඟිලි තුඩු වරෙක යුහුසුඵව දිවගියේ ශ්‍රවණ මාත්‍රයෙන් මැවු ස්වරලිපි ඔස්සේය

ඔබේ නාමය එදා රසික දනන් තුඩග නිතර රැව් පිළිරැව් දුන් බව කිවේ නම් එය සත්‍යයෙන් තොරය

අදද ඔබ නියෝජනය කල සරස්වතිය අසිරි ලැබු ඒ ක්ෂේත්‍රයේ පවා ඔබ හඳුනන්නෝ අතළොස්සකි වෙත්නම් ඔවුහු ද ඔබේ එදා සමකාලිනයෝ වන බව නිසැකය

අන් අවසෙස් රසිකයන් පිළිබඳව කුමන කථාද?

එදා යුගයක් ඒකාලෝක කළ සුන්දර නිර්මාණ ගොන්න අතරින් ඔබේ නිර්මාණ ද සෙස්සන් ගේ හා කිසිසේත් දෙවැනි නොවෙති

ඒ පිළිබඳව ඔබේ ඒ නිර්මායන්ට පෙම්බැඳි රසිකයා දෙස් දෙනු ඇත

එහෙත් ඔබේ ඒ සුන්දර සත්සර රටා පිළිබඳව හඩ අවදිකරන්නෝ විරළය අල්පය

එහෙත්

දයාබර සංගීතවෙදියාණෙනි!

Sarath Balasooriya

ඔබ අප අතර රැඳුනු යුගය යමිතමි දෙදශකයක් නොඉක්මවා ගියද
ඒ කෙටිකාලයේදී නිහඩවම සහෘද අප වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදුණු බව සැබැය
එහෙත්
ඔබ අපහදවතින් කිසිකළෙක හෝ ගිළිහේ යෑයි නොසිතන අමරණීය ගී පෙළක තනු රචකයාව සොඳුරු අදියුරුවාණෝව නොකියාම නිහඩවම නොපෙනි ගියේ මන්දයි විමසමින් අදට නවතින්නෙමි

සුභ ගමන් !!!

———
ය ලි
මතුයම් දිනක යළි අප හමුවට එනතුරු පෙරමග බලා සිටින්නෙමි
එදා ඒ මැවූ මිහිරියාව යළි පුබුදුවනු වස් අදින් වසර 40 කට ඉහතදී වෙළඳ තැටියක ඔබවා ඔබේ සත්සර රටාවෙන් හැඩගැන්වූ  ඒ    ගීය ඒලෙසම අද යළි අමුණා එවන්නෙමි
එය ඔබේ නාමයට උපහාරයක් වේවා !!
——————————-
සිරිපොද වැස්සේ රාත්‍රියේ
පහන් කණුව යට ඔබ හැමදාමත්
රැගත් සුරා පිරූ විතින්
පුවත් නොදැන බමන ගතින්
සුරත් තඹුරු පෙති සේ දෙනෙතින්

———————————-
ගේය පද ඇමුනුවේ මහඇදුරු සුනිල් ආරියරත්නයන් බවද
ස්වකීය හඩ අවදිකරමින් ඔබේ සත්සර පණගැන්වුයේ නන්දා මාලනීය විසින් බවද

අද රසික කැළ වෙනුවන් සටහන් කරන්නට අවසර

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

සිහිනෙන් තැවරූ අංජන – එදවස සවනත වැකී මෙදවස මිළිණව ගිය හෙළ ගී මං සළකුණු – 1970

July 19, 2020 by shamilka
Prabath Rajasooriya, W. D. Amaradeva

හෙළයේ මහා ගාන්ධර්ව පන්ඩිත් අමරදේවයන් ප්‍රණාම පූජා

————————————————————-

බොදු වත්පිළිවෙත් දහම හී හැසිර ඊ මත පාදක වූ කවි ගී වෙනත් කලා නිර්මාණ රසවිඳීමේ භාග්‍යය ලත් මෙදිවි වැසියන්හට කවර කලෙක හෝ අල්ප නොවේ

එයිනුදු වඩාත් සුලභ මුලශ්‍රය බවට හැරුනේ බුදුන්වහන්සේගේ පූව_ ජන්ම විස්‌තර කෙරුණු ඇතැමිහු එදවස මෙහි හා භාරතයේ පැතිර පැවතුනා යෑයි අනුමාන කෙරෙන ජනකථා සංග්‍රහයක්‌ ලෙස හඳුන්වාගනු ලැබූ පූජනීය පන්සිය පණස්‌ ජාතකයයි

එයිනුදු චුල්ල ධනුද්දධර / චන්දකින්නර / වෙස්‌සන්තර කථා පාදක කොටගත් නෙක කලා නිර්මාණ කලින් කල බිහිවිය

ඒ අතර අපි කවියාණන් ඇසුරුකර ඇත්තේ එහි පැණුනු කවි ගී ලොවේ එතරමි කථාබහට ලක්‌ නොවුනු එහෙත් ඉහත කථාංගයන්ට දෙවනි නොවූ සුන්දර කථා පුවතකි

ඒ විධුර ජාතකයයි

මෙහි බෝසත් චරිතය විධුර පන්ඩිතයන් වූ අතර පූර්ණක්‌ යක්‌ සෙනවියාද හෙතම පියඹ එරන්දතී නමි නා මෙණෙවිය ද විය

හෙළ ජනප්‍රවාදයේ පැණෙන ඒදමිපතීන්ගේ පුත්‍රයාණෝ දැඩි නාමය දැරූ මාණවකයාණෝය
තවද එතුමෝ අඵත්නුවර දැඩිමුණ්‌ඩ දෙවියන් ලෙස අදද බොදුදන පුදපුජා ලබයි

69-70 වකවානුවේ එක්‌ දිනක තම ප්‍රිය බිරිඳගේ ගමි පියස වූ රඹුක්‌කන ප්‍රදේශයට පියමං කරන්නට සිදුවු අප කවියාණෝ එකළ බහුල දසුනක්‌ වූ කවිකොළ පොත් විකුණන්නෙක්‌ ඇස ගැටී පෙරළා අගනුවර කරා එන ගමනේ පරිශීලනය කරනු වස්‌ මිළදි ගනුලැබූ විධුර ජාතක පුස්‌තකයේ රසභාවයෙන් උදමිව තම සිත්තුළ ජනිත වූ නවමු සිතිවිළි වළා කැටි ඔස්‌සේ උපන් කවිරස මල් වරුසා රසිකයා වෙනුවෙන් පසුදිනක එදා ගුවනින් පතිත වූ අයුරින් බිඳකුදු නොවෙනස්‌ව අද රසික සවනට මෙසේ ගෙන එමි

තවද

අප කවියාණෝ උපුටා දක්‌වමින් සටහන් කළ යුත්තක්‌ නමි මෙයින් කියවෙන්නේ විධුර ජාතක කථා පුවතම නොවන වගයි එහෙත් එයින් ජනිත වූ කවි සිතිවිලි මාලාවකි

මේ නිර්මාණයේ ස්‌වර රටා ඇමිණුම මිට විසිවසරකට පෙරාතුව ඔබ මා අතරින් සමුගෙන ගිය ගුවන් විදුලියේ ප්‍රවිණ සංගීතවේදී වික්‌ටර් දඵගම විසින් කරනු ලැබ ඇත්තේ අතිශය සුන්දර ලෙසය ඊට ඔහු යොදා ඇති නාද මාලාව පදමලාවෙන් ජනනය වන අදහසට අතිශයෙන්ම ගැලපී යන බව වැටහෙනවා ඇත
මෙයින් මැවූ එරන්දතිය නිසැකයෙන් ම ඔබේ මනසේ මැවි මැවි පෙනෙනවා ඇත

ඒ කිමිද ?

70 දශකය උදා විකාශනය එකළු කල හෙළ නාදමාලා කැටිව එදා ඇසුණු සුන්දර ගීපදවැල් ගොන්නක හිමිකරු වූ මේ ජ්‍යෙෂ්ඨ පරිපාලකයාගේ නිසඟ ප්‍රතිභාවයයි ඒ

Sunil Sarath Perera

මුල් ගුවන් විදුලි තැටිගත කිරීම – 1970
———————————-
නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැඵමි පෙරළා
පාද කිකිණි සොළවා
එරන්දතිය එනවා ……….
……………………..
———————————-

ගේය පදරස කැලතීම- ප්‍රවිණ ගී පද රචක ජ්‍යෙෂ්ඨ පරිපාලක නිලධාරී සුනිල් සරත් පෙරේරා

තනුව හා සංගීත අදියුරු රටා – ප්‍රවිණ සංගීතවේදී අභාවප්‍රාප්ත වික්‌ටර් දඵගම

ගායන ලීලා – පිලිපීනයේ රැමෝන් මැග්සාසෙයි හා භාරතයේ පද්ම ශ්‍රී අභිධාන සමිමානිත පන්ඩිත් අමරදේව හා සහය ශිල්පිනි (එවකට ආධුනික) අමිතා වැදිසිංහ දඵගම

——————————–
(මුලාශ්‍රය සුනිල් සරත් පෙරේරා මහතාණන් හා කරනු ලැබු දුරකථන සංවාදයකිනි)

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

ගිළිහුණු සමනල් තටුමත ඇය තනිවෙනවා

July 5, 2020 by shamilka
Prabath Rajasooriya, Somathilake Jayamaha

ගිළිහුණු සමනල් තටුමත ඇය තනිවෙනවා – හෙළ ගී කෙමිබිමේ යටගිය දවස පිපි තඹුරු – 70 දශකය ගුවන් විදුලි සරළ ගී

ජගත් සමිභාවනාවට පාත්‍ර වූ ද ඉන්දීය ඉතිහාසය පවා ගොඩනැගීමට පාදක වූද හෙළයේ බුදුසමයේ ලිඛිත ඉතිහාසයේ මුදුන් මල්කඩ වූ මහාවංශය ඇසුරෙන් කරනු ලැබූ ශ්‍රව්‍ය-දෘෂ්‍ය කලා නිර්මාණ සුලභ නොවේ

මෑත යුගයේ මහාචාරය සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහූ හා ප්‍රවිණ නාට්‍යවේදී හෙන්රි ජයසේනයන්ගේ කුවේණි වේදිකා නාට්‍යයන් මෙහිදි සිහිකටයුතුය

උක්‌ත කෘතිය ඇසුරු කරමින් කරන ලැබූ හෙළ ගී සාහිත්‍යයේ දුලබ ප්‍රස්‌තුතයක්‌ ලෙස සැලකිය හැකි මේ නිර්මාණය ඇසු දනමන පිනවන සුන්දර රූපාවලියක්‌ ඔවුන්ගේ සිත්හි මවනු ලබයි

ගී මල් මුතු වට වැසි 70 දශකයේ මැද භාගයේ එහි තෙමෙමින් ඔහු ද හෙළ ගීයේ මහගෙදර වූ ජාතික ගුවන් විදුලියට ගොඩවැදී ඒ ඔස්‌සේ තිලිණ කරනු ලැබූ එදාමෙදා තුර ශ්‍රාවක මනබැඳි අති සුන්දර ගී සමුච්චයෙන් වර්තමාන රසිකයන්ගෙන් වසන් වී දුරස්‌ වූ උක්‌ත නිර්මාණය ඔහුගේ මුල්ම සරළ ගී එකතුවෙන් උපුටා ගන්නා ලද්දකි

ගී සාහිත්‍යයේ වඩාත් පොදු සුලභ ප්‍රස්‌තුතයන්ගේන් ඔබිබට පියමං කරමින් නව ඉසවි කරා තම නිර්මාණ වපසරිය පුඵල් කරන්නට ළැදි ඔහු විසින්

//සුනිල්වන් නුවන් යුග වසා………// ඔස්‌සේ ස්‌වකීය ගී නිර්මාණ චාරිකාව ඇරඹුවේය

එය සර්වකාලීන මාතෘකාවක්‌ වූ ස්‌වකීය දිවියේ තීරණාත්මක කඩඉමකදී තරුණ දූ දරු – දෙමිවිපිය ගැටුමකට හේතුභූත වූ සංසිද්ධියක්‌ පාදක කොටගත්තකි

එහෙත් ඒ යුගයේ ම වෙනත් සරළ ගී වැඩසටහනකට ගැයු //සැඳැ අඳුර ලොව ගලන වෙලාවට // ඔහු රසික හදවතේ ළැගුමිගන්වනු ලැබූ ගීතයයි

උක්‌ත මාතෘකාවේ ආ පද පේළිය මේ අනුවේදනීය කථාංගයේ සාරයයි ඒ බව උද්දීපනය කරන්නේ ගීතයේ නාදමාලාවට විරාමයක්‌ තබමිනි

ඒ පදපේලීයේ විරාමය හැඟවූ  ස්‌වර නාදමාලාව හා අතුරු සංගීත ඛන්ඩය තමා ගැයූවද එය පසුව පටිගත කරන ලද පිටපත නිකුත් වූ පසු දක්‌නට නොවූ බව ඔහු විසින් සඳහන් කරන්නට යෙදුණි

————————-

නිලුපුල් දෙණුවන් ආදරයෙන් පිබිදෙනවා


එමිහිය ඇගේ වරළස සුදු මල් ගවසනවා


රන්හූයෙන් රටා දමා සඵව වියනවා


සිනිඳු සඵව විජයිඳු ගත වට දැවටෙනවා

——————————-

මුල් පිටපත – 1977?
පද සංකල්පනාව – එච් එල් පී පියදාස (සෝමතිලක ජයමහ මිතුරු)

තනු නිර්මාණය හා සංගීතය – සෝමතිලක ජයමහ


වාද්‍ය වෘන්දය – නැසිගිය ප්‍රවිණ සංගීතවේදී එමි කේ රොක්‌සාමි (වයලීන්)

තිස්‌සසිරි පෙරේරා / ඩී ඩී ගුණසේන ඇතුඵ කණ්‌ඩායම

(තොරතුරු මුලාශ්‍රය – ප්‍රවිණ ගායන ශිල්පී සෝමතිලක ජයමහ හා සමග කෙරුණු දුරකථන සංවාදයකිනි)

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

ග්‍රැමෆෝන් ගීත ගායක ගායිකාවෝ

June 21, 2020 by shamilka

මුල්ම සිංහල ග්‍රැමෆෝන් ගීතය ගායනා කරන ලද්දේ මාග්‍රට් ද සිල්වා වර්ණකුලසූරිය නමැති මහත්මියකු විසින් රත්නාවලි නාට්‍යයේ ” ප්‍රීති සිතේ සිද්ධවනු බෑ මා සකි බැඳනිය ආලේ ඒ රාජා ” නැමැති ගීතයක් බව පැවසේ. රද්දොළුවේ ජේන් පෙරේරා ද පළමු ග්‍රැමෆෝන් ගායිකාව වශයෙන් හැඳින්වීමක් ද ඇත. නමුත් මුල්ම යුගයේ දී වැඩි වශයෙන් International Talking Machine Company ලේබලය යටතේ තැටි ගත කිරීම් කර ඇත්තේ ආර්. ජෝන් පෙරේරා නොහොත් රංග මාලයේ ජෝන් පෙරේරා නැමැති අයෙකි. මොහුට සමකාලීනව කේ. ජෝන් පෙරේරා, එච් ඩබ්ලිව් පෙරේරා, එම්. ඩී. ඩී. පෙරේරා , ඇන්. රොම්ලස් ද සිල්වා, බී. ඩී. සිල්වා, රොමානිස් සිල්වා, රොමානිස් පෙරේරා, චාල්ස් පෙරේරා, තෝමස් පෙරේරා, එල්. ඇම්. සිල්වා, ජේ. බී. රාජපක්ෂ යන අය 1906 සිට මුල් යුගයේ ග්‍රැමෆෝන් ගායක ගායිකාවන් ලෙස සැළකිය හැක. මීට පසුකාලයේදී 1970 දක්වාම සිය ගණනක් ගායක ගායිකාවන් ග්‍රැමෆෝන් තැටි සඳහා ගීත ගායනා කරන ලදී. ග්‍රැමෆෝන් බොදු ගී ගායනයේ දී ආගම් භේදයකින් තොරව මුස්ලිම්, දෙමළ , ජාතිහු ද දැඩි කැපවීමකින් යුතුව ඉමහත් භක්තියකින් මෙම ගීත ගායනා කර ඇති බව පෙනේ.

ග්‍රැමෆෝන් ගීත ගායනා කළ මහත්ම මහත්මීන්ගේ නාම ලේඛනය මුල් යුගයේ සිට මෙසේය ;
01. ආර්. ජෝන්. පෙරේරා
02. කේ. ජෝන්. පෙරේරා
03. එච්. ඩබ්ලිව්. පෙරේරා
04. ඇන්. රොම්ලස් ද සිල්වා
05. බී. ඩී. සිල්වා
06. රොමානිස් පෙරේරා
07. චාල්ස් පෙරේරා
08. ජේ. බී. රාජපක්ෂ
09. එල්. එම්. සිල්වා
10. සී. ඩී. මාරික්ස්
11. ඇන්ඩෘ පෙරේරා
12. ජෝන් ගෝමස්
13. කේ. ඩී. ඕදිරිස් අප්පුහාමි
14. කේ. ඩී. ඩේවිඩ්
15. කේ. ජී. ජේම්ස්
16. ටී. පී. අල්මේදා
17. ඊ. ජයවර්ධන
18. ටී. පී. ජී. විලියම් පෙරේරා
19. කේ. ඇම්. පෙරේරා
20. ජේ. බී. මාර්ෂල් පෙරේරා
21. රිචඩ් මොරවක
22. ඩී. ආර්. පී. අබේවර්ධන
23. ඇම්. ඩී. ඩී. පෙරේරා
24. ටී. වී. එඩ්වින්. පෙරේරා
25. ඩබ්ලිව්. එඩ්වින් ජයවර්ධන
26. රද්දොළුවේ ජේන් පෙරේරා
27. මේරි පෙරේරා
28. ඩබ්ලිව්. ඩී. සයිමන් පෙරේරා
29. පර්ල් දසනායක
30. ජී. ඩී. ඇස්. සිරිවර්ධන
31. ලක්ෂ්මී භායි
32. මනුවෙල් තියෝගරත්න
33. ඩී. ඩී. වීරක්කොඩි
34. ඩබ්ලිව්. ඇස් ප්‍රනාන්දු
35. ඇම්. ඩී. ස්ටීවන් ද සිල්වා
36. නිකල්ස් පෙරේරා
37. ඇනී බොතේජු
38. සුසිලා ජයසිංහ
39. එච්. ඩබ්ලිව්. රූපසිංහ
40. ජී. දොන් බෙනඩික්ට්
41. ජේ. සාදිරිස් සිල්වා
42. ඇම්. එන්. පෙරේරා
43. ඩබ්ලිව්. ඩී. චාර්ල්ස්
44. කේ. රොබට් පෙරේරා
45. විල්බට් ඇන්තනී
46. බී. රාජේන්ද්‍ර පෙරේරා
47. ටී. විල්බට් පෙරේරා
48. සෙබස්තියන් පීරිස්
49. ඩබ්ලිව්. සිල්වෙස්ටර්
50. ඩබ්ලිව්. ඒ. පෙරේරා
51. එච්. ජොන්සල්
52. ඒ. නඩරාජා
53. කේ. තවමණී දේවි
54. රෙජිනා පෙරේරා
55. ජෝෂප් පෙරේරා
56. ක්ලේමන්ට් රුද්‍රිගු
57. ලෝරන්ස් පෙරේරා
58. බී. ඩී. ද සිල්වා
59. පී. ඒ. දොන් මානිස්
60. රුක්මණී දේවී
61. එඩී ජායමාන්න
62. මොහිදින් බෙග්
63. කෝකිල දේවී රත්න සභාපති
64. ඒ. ආර්. ඇම්. ඊබ්‍රාහිම්
65. සිසිලියානා ඩයස්
66. ඇම්. කේ. වින්සන්ට්
67. පර්ල් වාසුදේවි
68. පීටර් සිරිවර්ධන
69. පාලි. කුමාරි
70. ග්‍රේටා ජැනට් ද සිල්වා
71. ඩබ්ලිව්. ජේ. පීරිස්
72. ආනන්ද සමරකෝන්
73. අහමද් මොහිදීන්
74. එස්. ඒ. ලතීෆ් බායි
75. දේවාර් සූර්යසේන
76. වින්සන්ට් වීරසේකර
77. හැරියට් සුරවීර
78. ඩබ්ලිව්. මදුරාවතී.
79. ඒ. ඇම්. යූ. රාජ්
80. වී. පී. ලීලාවතී
81. වී. පී. අනුලාවතී
82. මේබල් ප්‍රනාන්දු
83. ජෙස්මන් කරුණාවතී
84. අශෝකා දේවී
85. ටයිටස් සමරවීර
86. එන්. කේ. කාරියවසම්
87. හිල්ඩා පෙරේරා
88. බී. ඇස්. පෙරේරා
89. ඩබ්ලිව්. විල්ප්‍රඩ් පෙරේරා
90. ග්‍රේස් ද සිල්වා
91. ඇඩී ජූනියර්
92. හෙන්රි ෆොන්සේකා
93. ස්ටැන්ලි මල්ලවආරච්චි
94. ටයිටස් සිරිවර්ධන
95. වසන්තා සන්දනායක
96. කරුණාදේවී
97. නෝනා සුබෙයිදා
98. ඇල්. දොන් සිමියොන්
99. ග්‍රේස් සහබන්දු
100. ප්‍රේමිනාත්
101. ඇම්. ඩී. චන්ද්‍රපාල
102. ලයනල් අමරසිංහ
103. ඇම්. ඒ. සුමතිපාල
104. ඇලන් රත්නායක
105. ඇම්. බී. ජොහර්ෂා
106. ස්වර්ණා ද සිල්වා
107. ජෙමිනිකාන්තා
108. එඩී යාපා
109. පී. ඩී. වින්සන් පෙරේරා
110. සුගතපාල මලලසේකර
111. චන්ද්‍රා වනිගසේකර
112. මියුරියල් ජයසිංහ
113. විනිත් ජයසූරිය
114. ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා ( අමරදේව )
115. සිරමතී වෙත්තසිංහ
116. චිත්‍රලේකා
117. මුතු චින්නප්පා
118. කිංස්ලි ජයසේකර
119. තිලකා කොලඹගේ
120. කේ. ඩී. හෙන්රි
121. ජේ. ඒ. සත්‍යදාස
122. ජී. ඇස්. බී. රාණි
123. විවියන් ද සිල්වා
124. වෙලින්ටන් ප්‍රනාන්දු
125. ෆ්ලොරිඩා ප්‍රනාන්දු
126. ශාන්තිලේඛා
127. ලුවී රුද්‍රිගු
128. ධර්මදාස වල්පොල
129. තිලකසිරි ප්‍රනාන්දු
130. ශීලා පීරිස්
131. ජී. එම්. පියදාස
132. ආනන්ද කවිරත්න
133. ලතා වල්පොල
134. විනෝදිනී
135. චිත්‍රා පෙරේරා
136. පී. එල්. ඒ. සෝමපාල
137. රෝහිත ජයසිංහ
138. ඊබ්‍රාහිම් සාලි
139. කාන්ති වක්වැල්ල
140. සුසිල් ප්‍රේමරත්න
141. එච්. එල්. ප්‍රේමදාස
142. ශාන්තා රසාදරී
143. ආර්. ඒ. චන්ද්‍රසේන
144. වින්සන්ට් ද පෝල් පීරිස්
145. ශ්‍රියානි චන්ද්‍රසේන
146. ජෝසප් සෙනෙවිරත්න
147. ගුණරත්න අබේසේකර
148. සූර්යසංකර් මොල්ලිගොඩ
149. හර්බි සෙනෙවිරත්න
150. රුද්‍රානි තිලකසිරි
151. ක්‍රිස්ටි ද මෙල්
152. ඒ. ජේ. කරීම්
153.එඩ්වඩ් පෙරේරා
154. අරුණ ශාන්ති
155. හරුන් ලන්ත්‍රා
156. සීතා නානායක්කාර
157. බී. සුජාතා පෙරේරා
158. චන්ද්‍රා ද සිල්වා
159. ප්‍රිසිලා පෙරේරා
160. චන්ද්‍රා කබිරාල්
161. ඩී. ඩී. ඩැනී
162. අමිත අමරසේකර
163. මොරිස් දහනායක
164. පුෂ්පරාණි ආරියරත්න
165. රෝහිණී සුභසිංහ
166. එම්. එස්. ප්‍රනාන්දු
167. එච්. ආර්. ජෝතිපාල
168. එන්. කරුණාරත්න
169. ඇන්ජලීන් ද ලැනරෝල්
170. ඉන්ද්‍රානි විජයබණ්ඩාර
171. වජිරා බාලසූරිය
172. සී. ඩී. ෆොන්සේකා
173. ජේ. ඒ. මිල්ටන් පෙරේරා
174. ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා
175. වොලී බැස්ටියන්
176. නිමලා අතපත්තු
177. සිඩ්නි ආටිගල
178. ඇන්ටන් ජෝන්ස්
179. මිල්ටන් මල්ලවආරච්චි
180. ජයතිස්ස හෙට්ටිආරච්චි
181. ෆ්‍රෙඩී සිල්වා

          ෆ්‍රෙඩී                         ජයතිස්ස                         මිල්ටන්                        ඇන්ටන්

මූලාශ්‍රය – මාගේ පියා වන කුලසේකර මද්දුමගේ මහතාගේ ගීත තැටි පුස්තකාලය

ඉහත ලැයිස්තුවට අමතරව තවත් ගායක ගායිකාවන් ග්‍රැමෆෝන් තැටි සඳහා ගීත ගායනා කරන්නට ඇත.

මෙම ලැයිස්තුවට ඇතුළත් වනුයේ චිත්‍රපට නොවන ග්‍රැමෆෝන් ගීත තැටි වලට ගීත ගායනා කළ ගායක ගායිකා ශිල්පීන් පමණි.

~සටහන් පෙළගැස්ම‍~

Sachintha Kulasekara Maddumage

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

සියලු රස මැවූ සංගීතවේදියා ‘මෙල්රෝයි’

June 7, 2020 by shamilka
Chathura Pradeep Bandara, melroy dharmaratne

“ගී කව් සරස” – මෙල්රෝයි ධර්මරත්න

නව පරපුර ‘මෙල්රෝයි ධර්මරත්න’ නාමය ඉතා හොඳින්ම හඳුනනවා යැයි කියන්නට අපහසු ය. නමුදු හැට හැත්තෑව දශක තුළ නම්  ‘ධර්මරත්න සහෝදරයෝ’ කණ්ඩායමේ නාමය සංගීතයට ආදරය කළ කිසිවෙකු නොදැන සිටින්නට ඉඩක් නැත.  සංගීතය පිළිබඳව කිසිඳු ක්‍රමවත් න්‍යායාත්මක දැනුමක් නොලැබුවත් සිය සහජ කුසලතාවයන් හා ප්‍රායෝගික සංගීතමය අත්දැකීම් සුහුරු ලෙස සම්මිශ්‍රණය කරමින් සංගීත ලොවට නව එළියක් සැපයූ සොඳුරු සංගීතවේදියෙකු ලෙස ‘මෙල්රෝයි’ හඳුන්වන්නට පුළුවන. ඒ නිසාම මෙල්රෝයිගේ සංගීතමය දායකත්වයන් අපි  ඔහුගේ නමින් හඳුනා නොගත්ත ද  අදටත් රස විඳිමු. සංගීත ලෝකය වෙනුවෙන් මෙල්රෝයි ධර්මරත්නයන්ගේ දායකත්වය එක් සීමාවකට ලඝු කොට දැක්වීම සැබවින්ම අපහසු ය. මන්ද යත් සංගීතය නැමති පුළුල් වූ ක්ෂේත්‍රය තුළ විසිරී පැතිරී ඇත්තා වූ බොහෝ මං පෙත් ඔස්සේ  ධර්මරත්නයන් සිය ශක්‍යතා විදහා දක්වා ඇති හෙයිනි

1947 මාර්තු 12 වන දින කොළඹ දී  ධර්මරත්න පවුලේ සිවුවැන්නා ලෙස මෙල්රෝයි ධර්මරත්න ජන්ම දයාද ලැබුවේ ය. කුලරත්න  ධර්මරත්න හා ස්ටෙලා  ධර්මරත්න මව් පියන් වන අතර ක්‍රිස්ටි, මැක්ස්වෙල්, රොනල්ඩ් යන සොහොයුරන් ද ස්වීටි හා ෂර්ලි සොහොයුරියන් ද විය. දරුවන් කුඩා කාලයේදීම පියා මෙලොවින් සමුගත් බැවින් සියලු බර කරට ගන්නට මවට සිදු විය. සියල්ල ඉරණමට විසඳන්නට ඉඩ දී බලා නොසිටින්නට තරම් ශක්තියක් තිබූ කාන්තාවක් වූ ඈ සියලු පීඩා දරා ගනිමින් දරුවන්ට අවැසි මාර්ගය සකසන්නට වෙහෙසුනා ය. එහි ප්‍රතිඵලයක් ලෙස රොනල්ඩ් හා මෙල්රෝයි එකමුතුවෙන් ‘ධර්මරත්න සහෝදරයෝ’ සංගීත කණ්ඩායම ආරම්භ විය. සිය මූලික කලාත්මක හැකියාවන් විදහා පාන්නට ධර්මරත්නයන් හට ඔහුගේ පාසල වූ කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල මනා වේදිකාවක් සැපයී ය. එඩ්වඩ් පියතුමන්ගේ මග පෙන්වීම යටතේ  ‘OUR OWN SONGS’ ප්‍රසංගයේ දී තම සංගීත හැකියාවන් එළි දක්වන්නට අවස්ථාවක් ඔහුට උදා වීම ද සිය දිවියේ හැරවුම් ලක්ෂ්‍යක් වන්නට ඇත. ශාන්ත ලුසියා දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකයෙකු වීම ද ගායනය පිළිබඳ නවමු පන්රයක් ලබා දෙන්නට හේතු වන්නට ඇත.

පසු කලෙක සියලු සොයුරන් ‘ධර්මරත්න සහෝදරයෝ’ කණ්ඩායමට එක් වීමත් සමඟ කලා ලොව නිම් වලළු සොයා වේගවත් මෙන්ම රසවත් සංචාරයක යෙදෙන්නට මෙල්රෝයි ධර්මරත්නයන්ට අවකාශ උදා විය. කරුණාරත්න අබේසේකරයන් විසින් පද රචනය කරන ලද ‘දුරකතනය’ ගීතයට තනු නිමවන්නට ඔහුට අවස්ථාව හිමි වන්නේ මේ අතර වාරයේ දීය. පසු කලෙක එය එච්.ආර් ජෝතිපාලයන්ගේ මියුරු හඬින් රසික සවන් තුඩු ස්පර්ශ කළේය. ඉන් පසුව සම්පූර්ණ ළමා ගී එකතුවකට සංගීත අධ්‍යක්ෂණය කිරීමේ වරම් ඔහුට හිමි විය. අදටත් නිරන්තරයෙන් ඇසෙන රසවිඳින ‘කොන්ද  නමාගෙන’ ‘සකල බුජන්’ වැනි ගීත එම එකතුව තුළින් ප්‍රථමයෙන් රසික සවන්ගත විය. ‘සකල බුජන්’ ගීතය සිරිමාවෝ ආණ්ඩුව තුළ වාරණයට ලක් වූ බව ද අසන්නට ලැබේ. තනු නිර්මාණයට මෙන්ම ගීත රචනයට ද සක්‍රීයව දායකත්වය සැපයූ ඔහු ,ජෝතිපාල ගයන ‘අයුබෝවන්’ මිල්ටන් මල්ලවාඅරච්චි ගයන ‘මේ මැයි ගහ යට’ හා තවත් සිය ගණනක් වූ ගීත කලා ලොවට දායාද කොට ඇත්තේ ය. තව ද සුගත් සමරකෝන් අධ්යක්ෂණය කළ ‘පතිනි’ චිත්‍රපටිය සඳහා සංගීත  අධ්යක්ෂණය කරන ලද්දේ ද ධර්මරත්නයන් විසිනි. නමුත් එම සිනමා පටය ප්‍රදර්ශනය වූ බවට වාර්තාවක් නැත.

මෙල්රෝයි ධර්මරත්න චරිතය සංගීතය ලෙස එක් විෂයයකට පමණක් ලඝුකොට සාකච්ඡා කිරීම ම එම චරිතයට කරන්නා වූ අසාධාරණයයක් යැයි කීම නිවැරදි ය. මා පෙර සඳහන් කළ පරිදිම ඔහු කලා ලොව තමන්ට ස්පර්ශ කළ හැකි බොහෝ තැන් ස්පර්ශ කළ විශිෂ්ටයෙකි. 1960 වසරේ දී ප්‍රදර්ශනය කෙරුණු ‘මායා’ නම් නාට්ය ලංකාවේ ප්‍රතම ඒකළ වේදිකා නාට්‍ය  ලෙස ද හැඳින්වෙයි. 1977 දී වේදිකා ගත වූ ඔහුම රචනය කර ඔහුම නිෂ්පාදනය කළ ‘නව මගක යන්නෝ’ නාට්‍ය සමස්ත ලංකා සම්මාන විශාල ප්‍රමාණයකට පාත්‍ර වී ඇත. ‘සවස’ පුවත්පතෙහි තීරු ලිපි රචකයෙකු ලෙස ද , ‘විසිතුර’ පුවත්පතෙහි විචිත්‍රාන්ග රචකයෙකු ලෙස ද ඔහු පුවත්පත් කලාව තුළ සිය නාමය සනිටුහන් කර ඇත. ‘සතුට’ පුවත්පතට සැපින්න නම් කාටූනය සපයමින් කාටූන් ශිල්පියෙකු ලෙස ද සිය කෞෂල්‍යයන් විහිදුවා ඇති අයුරු අපූරු ය. පසුව සිනමාවට ද නැඟී ඇති ‘මලවුන්ගේ ලෝකය’ නම් නවකතාව ද මොහුගේම නිර්මාණයකි.

කලාව පිළිබඳව ඉතා සුවිසල් අවබෝධයකින් හා ස්වයං අධ්‍යයනය තුළින් ලබා ගත් දැනුමකින් හෙබි මෙල්රෝයි ධර්මරත්නයන් සිය දැනුම් සම්භාරයෙන් බිඳක් සිය ‘ගී කව් සරස’ කෘතියෙහි දක්වයි. කවිය හා ගීතය යනු එකම මග ගමන් ගන්නා සේ පෙනෙන වෙනස් වූ අංගයන් ද්විත්වයක් බව පෙන්වා දෙන ඔහු එහි වෙනස ඉතා සරලව පහදා දෙයි. “ කවිය බොහෝ දුරට කියවා රස විඳිය හැකි රසාලිප්ත හෝ බුද්ධි ගෝචර ගද්‍යක් හෝ පද්‍යක්” බව ඔහු දක්වයි. “ගීතය හුදෙකලා නිර්මාණයක්නොවන අතර සාමූහික නිර්මාණයක්” බව ද ඔහු තවදුරටත් පවසයි. ගීයක පද, නාද රටා, රිද්මය, සංගීතය සියල්ලක්ම මනා ගැළපීමකින් යුතුව සංයෝජනය වීම ගීතයේ වටිනාකම ත්‍රිව්‍ර කරන බව ඔහුගේ අදහස යි. ‘ජිප්සීස්’ ගයන ‘ඕයේ ඔජායේ’ ගීය ආදී ගී කිහිපයක් මෙම අදහස තුළින් ඔහු විවේචනයට ලක් කරයි. නමුත් එවැනි ගීතයන් ද වෙනස් වූ රසයක් මැවූ බව මෙහි දී සඳහන් කළ යුතුම ය.

කෙසේ වෙතත් මෙල්රෝයි ධර්මරත්න චරිතය  මෙරට කලාව වෙනුවෙන් අගය කළ යුතු සේවාවක් කළ බව නම් නොරහසකි. නමුදු ඒ වෙනුවෙන් නිසි අගය කිරීමක් ලැබෙනවා  දැයි යන්න ගැටලු සහගත ය. කෝමත් අපේ ඇත්තන්ට කලාකරුවන් සිහි වන්නේ ඔවුන් මිය පරලොව ගිය දවසට ය. ඇතැම් කලාකරුවන්ව බොහෝ දෙනෙකුට එහෙමවත් සිහි වන්නේ නැත. එවන් තත්වයක් තුළ සිටිමින් කලාකරුවන් ඇගයීම පිළිබඳව කතා කිරීම ද විහිළු සහගත වුව ද ඔවුන් පිළිබඳ සටහන් මෙසේ ලියා තැබීම හෝ ඔවුන් වෙනුවෙන් කරන ඇගයීමක් බව සිතමි. තව ද මෙල්රෝයි ලා කවර පපුරක් වුව ද අමතක කර දමා යා යුතු චරිත නොවේ යැයි නැවත නැවතත් කියමි. වත්මන් තරුණ පරපුර වන අපට කුඩා කල  අමතක නොවන ගීත බවට පත් වූ ‘සකල බුජන්’ ‘කොන්ද නමාගෙන’ ‘කරුන්ක ගෙඩියක්’ ‘කලුම කලූ කට්ට කලූ’ ‘පොඩි කාලේ දඟ කෙරුවාම’ ආදී වූ ගී නිමැයූ නිර්මාණකරුවාව සියල්ලන්ම කෙසේ වෙතත් කලා ලැදි තරුණ පිරිසවත් හඳුනාගෙන සිටීම වටින්නේ ය. අවසාන වශයෙන් මෙසේ ලියමි. මෙල්රෝයි පිළිබඳවද බොහෝ දෙනා කතා කරන දිනයක් උදා වනු ඇත. එවිට අප බොහෝ ප්‍රමාද ය.

Liyamu.lk – 2020 අප්‍රේල්

~සටහන් පෙළගැස්ම‍~

Chathura Pradeep Bandara

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

ආදරයේ යමුණා ගග ගළලා

May 31, 2020 by shamilka
Mervin Perera, Prabath Rajasooriya, Victor Ratnayake

එදා ගී රසකළස පොබකළ මිළිනව යමින් පවතින අමිල ගී නිර්මවළිය

ආදරයේ යමුණා නදිය – අපිරිමිත මව් සෙනෙහස ට ඇමිණුනු ගේය පද මුතු

එකළ හේවුඩ් නමින් හැඳින්වූ අද සෞන්දර්ය විශ්ව විද්‍යාලයය හෙළබිම ගාන්ධර්වන්ගේ තෝතැන්නක්‌ව තිබිණි

රජයේ සංගීත විද්‍යාලයය එකළ එය හැඳින්වූ පොදු නමයි මෙහි ශිල්ප සොඳින් දැන ගන්නට ගිය 60 දශකයේ සිසුකැළ අතිබහුතරය 70 දශකයේ ගුවන් විදුලි ගිතාවලියේ බැබළවූ පහන් සිඵ විය

එවකට එහි නියමුවා වූයේ උත්තර භාරතයේ ලක්‌නවි භාත්ඛන්ඩේ සරසවියේ හාපුරා කියා වරම් ලත් ප්‍රවිණ සංගීතවේදී ලයනල් අල්ගමයන් ය

Lionel Algama

නව පරපුරේ ශිල්පිනී චම්පා කල්හාරි ජයසේකරගේ පියාණන් වූ එස්‌ ඩි එස්‌ ජයසේකර මහතාණන් එහි නිත්‍ය දේශකයන් වූ අතර පන්ඩිත් අමරදේවයන් එහි බාහිර දේශකයන්ය

වික්‌ටර් රත්නායකයන් හා මර්වින් පෙරේරා කලෙක එහි ශිල්ප හැදැරූ දෙමිතුරෝ විය

පසුව රෝහණ විරසිංහ ලක්‍ෂමන් විජේසේකර ආනන්ද විරසිරි ප්‍රේමසිරි නානායක්‌කාර මාලනී බුලත්සිංහල යන නම් ලැයිස්‌තුගත විය

මෙයින් උක්‌ත උද්ධෘතය හා බැඳෙන 70 දශකයේ සංකේතය බඳු වූ සොඳුරු ගී පෙළක උරුමකරු වූද මර්වින් පෙරේරා ශිල්පියා කඵතර පයාගල ස්‌වකීය ගම් පෙදෙසේ ළමාකළ දේවස්‌ථාන ගීතිකා කන්ඩායමේ සමාජිකයෙකුව අත්කරගත් ශිල්පීය ඥානය පසුව රජයේ සංගීත විදුහලේදී හින්දුස්‌ථානි සංගීතය ප්‍රගුණ කරමින් අත්කරගත් නිපුණතාවය හා පමණ දැන මනාව මුසුරනලදුව හෙළ ගී රසිකයා වෙත එදා තිලිණ කරන ලදී

ඔහු ගැයූ ගී සංඛ්‍යාත්මකව එතරම්ම විසල් නොවූවද ඒවයේ ගුණාත්මකබව අති සුවිසල් විය
අතිශය භාවපූර්ණ මියුරු තනුරටා මැවිමේ ඉන්ද්‍රජාලික හැකියාවන්ගෙන් පරිපුර්ණ සංගීතවේදීන් කැළ අතර ඔහු ගේ නාමය පෙරටුවම කියැවිය යුතුමය ලියැවිය යුතුමය

යම්දිනක හෙළ සංගීතයේ වංශකතාව ලියැවෙන දිනක මර්වින් පෙරේරා නාමය ට එහි පරිච්ඡේදයක්‌ වෙන් කළ යුතුමය

ඔහුගේ එකි නිර්මාණපෙළ අතරින් මේ ගී මිණ පසුව පටිගත කරනු ලැබ විකෘතියට ලක්‌ නොවී නොඉඳුල්ව පවතින්නාවූවක්‌ යැයි අනුමාන කරමි
———-

Mervin Perera

එදා පරපුරේ ගායන ශිල්පීන් අතර මර්වින් පෙරේරා සංගීතවේදියා ගේ මුල් කාලීන පටිගතකිරීම් අතර හමුවන මේ ගීතයේ ඔහුගේ හඩ සාපේක්‍ෂව වඩාත් ළයාන්විතය හෘදයාංගමය ගීයෙන් ප්‍රකාශවන අදහස වඩාත් ඔප් නැංවෙන්නේ තීව්රවන්නේ ඔහු මේ සඳහා යොදා ඇති සංගීත රටාවන් නිසා බව පෙනීයයි

වර්තමාන හ 80 දශකයේ වැඩිමනත් කෙරුණු වෙළඳ පටිගතකිරීමි හි දක්‌නට නොලැබෙන මිහිරියාවක්‌ මෙකී යුගයේ ගීතයන්හි ප්‍රකට වන එක්‌ කරුණක්‌ විය හැක්‌කේ ඊට භාවිතා කරන ලද වාද්‍ය භාන්ඩ විය හැකිය

ගුවන් විදුලි වාදක මන්ඩලයේ නිරන්තරයෙන් වැයුණු වයලීන / ෂෙලෝ / සිතාර් තත් භාන්ඩ අතරින් වැයෙන ටියුබර්ෆොaන් / ඕබෝ නාද රටා ඒ යුගයේ පටිගත කරන ලද ගීතයන්හි අනන්‍යතාවය මනා ලෙස ගෙනහැර දක්‌වයි

මෙකී වාද්‍ය භාන්ඩ තම නිර්මාණ සඳහා බහුලවම යොදාගත් ශිල්පීන් අතර ආචාර්ය වික්‌ටර් රත්නායකයන් කැපි පෙනෙයි

Victor Rathnayake

ඔහු වෙනත් ශිල්පීන් හට සංගීත නිර්මාණයේ යෙදුණු අවස්‌ථාවන්හිදී ශ්‍රීමතී තිලකරත්න ශිල්පිනියගේ ද මිල්ටන් මල්ලවාරච්චි (පියාසලනා ළිහිනියෙකු / සුඛ වේදනා දුක්‌ වේදනා / ලබන්න බැරි සුව සහනය / මා නෙත් කැදැල්ලේ / පියාපත් සලා / ආවා ආදරෙන් ) සරළ ගී එකතුව හැඩවැඩ ගැන්වූයේ මේ නාදරටාවෙනි ඊට අමතරව ගුවන් විදුලි ළමා ගී එකතුව මුල් පටිගතකිරීම් හි මිහිරියාව රැඳුනේ ඒකි කරුණ නිසාවෙනි

මීට පරිබාහිරව මොහොමඩ් සාලි සංගීතවේදියා මිල්ටන් පෙරේරා ශිල්පියා රූපා ඉන්දුමතී හා අයිරින් ද අල්විස්‌ වෙනුවෙන් කරන ලද නිර්මාණ එකතුව සිහිකටයුතුය (සියඵ සත්වයෝ නිදුක්‌ වෙත්වා / දෙරණ මෙනි දුක්‌ උහුලනා / දෙපිය නගා එන්නට බෑ / විලෙන් පෙරෙන දිය / හෙළ ජාතික පියුමිවෙලේ ) ඒ අතර කැපි පෙනේ

මේ නිර්මාණ හෙළ සුභාවිත ගීතාවලිය ප්‍රිය රසිකයන් අතර අමරණිය වන්නේ මේ සොඳුරු නාදරටවන් ද නිසවෙන් බව නිසැකය
—–

(මර්වින් පෙරේරා ගුවන් විදුලි සරළ ගී තැටිගතකිරීමකිනි -ගුවන් විදුලි මුල් පිටපත – 1974?)

ගී පද ඇමුණුම- නැසිගිය ප්‍රවිණ නිවේදක ගී පද රචක කේ ඩි කේ ධර්මවර්ධන ??

තනු රටාව හා අන්තර් ආමුඛ වාදන රටා රුසිරු – නැසිගිය ප්‍රවිණ ශිල්පී සංගීතවේදී මර්වින් පෙරේරා

——————————-

අදරයේ යමුණා ගඟ ගළලා- සෙනෙහයේ දිය රැළි ඇද හැලේනා

අමා හිමවි ගිරි සිසිලස රඳනා – අම්මේ ඔබයි ලෝකය මා සොයනා

එදා ඇසුණු ගී – 2018 නොවැම්බර්

~සටහන් පෙළගැස්ම‍~
Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

« Next
Previous »

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Recent Posts

  • Anula Karunathilaka: The Dhammi of our sensibilities

    Anula Karunathilaka: The Dhammi of our sensibilities

    January 17, 2021
  • නලලතේ රැඳි සිකුරා හිනැහෙයි

    නලලතේ රැඳි සිකුරා හිනැහෙයි

    January 10, 2021
  • 70 දශකයේ යුග පෙරළිය – සිංහල පොප් සංගීතයේ මහා මෙහෙයුමිකරවාණන්ගේ වෙළඳ ළමා ගී තැටි නිර්මාණයේ රස මිහිර

    70 දශකයේ යුග පෙරළිය – සිංහල පොප් සංගීතයේ මහා මෙහෙයුමිකරවාණන්ගේ වෙළඳ ළමා ගී තැටි නිර්මාණයේ රස මිහිර

    December 27, 2020
  • The Nightingale Sings

    The Nightingale Sings

    December 19, 2020
  • පවසනු බස මට වැටහේ  – දුර අතීතයක ඇසී නැසී ගිය මියුරසයක ආවර්ජනය

    පවසනු බස මට වැටහේ – දුර අතීතයක ඇසී නැසී ගිය මියුරසයක ආවර්ජනය

    December 13, 2020

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2020 Sooriya Records –  All Rights Reserved