• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

විශේෂාංග

උඩරට මැණිකේ දුම්රියේ ආදර කථාව

February 28, 2021 by shamilka
Randeer Mendis

පලවෙනි කොටස ,

නා.. දළු…. තොල් අතරින්…..

සිනහව…. නැගුවා…..

ඇයගේ මුහුණේ….. ශ්‍රියාවෙන්…..

මෙමන්….. මත්වූවා…….

උඩරට.. කදුකරයේ ……

ගමනක්…. යන…. කලයේ…

දුම්රිය….. උඩරට …. මැණීකේ……

ස්වර්ණා….. හමූවුයේ .

සත්‍ය කතාවක් ඇසුරෙනි ,

1970 දශකයේ…. සිදුවීමකි .

දිනක් එක්තරා සංගීත වේදියකු සිය මිත්‍රයකුගේ නිවසකට යෑම සදහා ගම්පොළ ප්‍රදේශයේන් බස් නැවතුම්පොළට තවත් සංගීත ම්තුරෙකු හා පා ගමනින් ගියේය . මේ මිතුරා ඔහුව බස් නැවතුම්පොළට ඇරල වන්නට පැමිණියේ ය . නමුත් වෙනස්ම දෙයක් සිදුවුනේය .

මේ අතරතුරේ දී සිදුවූ සංවාදයයි –
ඩෝරීන් අබේවර්ධන ( බටහිර ක්ලැසිකල් ගිටාර් වාදන ශිල්පී ) …..
මචෝ… රංජියා …. අපිට මේ තියෙන අන්තිම චාන්ස් එක
බං….සූරිය ලේබල් එකට අපේ ම්යුසික් ඇල්බම් එක ඔබා ගන්න
තියෙන .
රංජිත් මෙන්ඩිස් ( රිදම් ගිටාර් වාදන ශිල්පී , තනු නිර්මාතෘ හා ගායන ශිල්පී ) ……. :ම්ස්ටර් වික්‍රමසූරිය අපේ එක සෝන්ග් එකකට වත් සැටිස් ෆයිඩ්
නෑනේ මචන්…… මට නම් දැන් මේක එපා වෙලා තියෙන්නෙ….
අබෙයා….
( ඩෝරීන් ) : මචෝ…… ප්ලීස් ඩෝන්ට් ගිව් අප්…… අපි තව එක
පාරක් මැක්සා…. ට්‍රයි එකක් දාලා බලමු රංජියෝ…..
ආ…..මචෝ ….. උඹගෙ අයියා …. ලලියා …. මට කිව්වා නේ ..
මචෝ….. මිස්ටර් වික්‍රමසූරිය කිව්වායි කියලා මේ පාර හොඳ හිතට
වදින සොන්ග් එකක් ගෙනාවොත් ….. නම්බර් ඔෆ් ෆෝර් සොන්ග්ස්
එක්ක , මෙන්ඩිස් ෆෝස්ම් බෑන්ඩ් එක නමින් එල්. පී . රෙකෝඩ්
එකක් කරනවා කියලා ,
( රංජිත් ) … : ආ… ලලිත් .. ව උම්බට කවද්ද හම්බුනේ ?
( ඩෝරීන් ) …. : මට ලලියා හම්බුනේ ….. ලාස්ට් සැටර්ඩෙ ඇට්
හිල්ටන් ලොබී…. අපේ වෝකලිස්‍ට් ගොඩක්
අසනීපෙන් නිසා ,
අපි එක්ක මෑන් පෆෝම් කරන්න ආවා , ස්පැනිශ්
සෝන්ග්ස් වගයක් සින්ග් කරන්න .
මෑන් යූඩ්ලින් කරල මාරම සැපක් දුන්නා බං ,
ගෙසිට් ලා මාරම සැට්ස්ෆයිඩ් ෆුලි චියර් කලා .
සුපර්බ් මචන් . වී
ගොට් අ බිග් ක්‍රෙඩිට් ෆ්රොම් ජී. එම් ඕල්සෝ…….
( රංජිත් ) … : අයියාට…. යූඩ්ලින් නේ මචන් හොඳටම පුළුවන් .
අබේ…. මට තේරුම්ගන්න බෑ මචන් මේ පාර
මොන වගේ සෝන්ග් එකක්ද අපි වික්‍රමසූරියට
ඔඩ්ෂන් කරන්නේ කියලා .
( ඩෝරීන් ) … : රංජි…. මේ පාර නම් මචෝ ලව් සෝන්ග් එකක්ම
පෙන්නන්න වෙයි . උබට මතක නේ …
ගියපාරත් අපි වැඩේ අල කරගත්තා දෙශාභිමානී
ගීතයක් කියන්න ගිහිල්ලා . මිනිහට ඕවා අහලා…
ඇති වෙලා තියෙන්නේ බං …
( රංජිත් ) … : කොහේ යන මල ඉලව්වේ ලව් සෝන්ග්ස් ද බං…
අබේ….. අපිට … කෙල්ලෙක් වත් සෙට් වෙන්නේ
නැතුව…..
කොහෙද බං … හොඳ මෙලඩි එකක් එන්නත්
ෆීලින්ග් එකක් තියෙන්න එපැයි . ???
( ඩෝරීන් ) ….. : හරි…. හරි …. බං … ට්‍රයි එකක් දීල
බලපන්කො ….. ගියයිං පස්සෙ අරූ එක්ක වල්
පල් දොඩවන්නේ නැතිව .
රංජියා….. රංජියා…… අන්න … අන්න …..
ඇල්ල ට යන බස් එක යනවා…. දුවපන් … මචෝ.
හයියෙන් …. දුවපා…..න් ……
( රංජිත් ) ……. : හෝව්…. හෝව්….. හෝ…..ඕ…..ව්…….
ෂිට්…. බස් එක නැවත්තුවේ….. නෑ… නේ…..
( ඩෝරීන් ) …….. : රංජි… ඔය ඇල්ලට යන අන්තිම බස් එක ….
ද ෆර්ස්ට් බස් , ලෙෆ්ට් බිෆොර් ත්රී
අවර්ස්…… දැං මොකද කරන්නේ ???
( රංජිත් ) ……… : දැන් කොහොමද මචො සොන්ග් එක හදන්න
යන්නේ ….. තව දවස් තුනයි නේ තියෙන් නේ….
ඔඩිෂන් එකට …. මිස්ටර් වික්‍රමසූරියට මොකක්ද
කියන්නේ……
( ඩෝරීන් )……… : මචන්….. නෙවර් ගිව් අප්…..
මචො…… අර… අර …. ටැක්සි එකක් නේද එන්නේ
ටැක්සි … ටැක්සි ….
( ටැක්සි ඩ්‍රයිව්වර් ) ….. : සර්… කොහේටද යන්න ඕනා ???
( ඩෝරීන් ) ……. : මල්ලී මේ … මහත්තයාව … දැන් … ඇල්ලට ..
පිට උන බස් එක ෆලෝ … කරලා … නග්ගනවා ද ?
( ටැක්සි ඩ්‍රයිව්වර් ) …… : සර් දැන් බස් එක ෆලෝ කරලා වැඩක් නෑ ..
ඒක සෑහෙන්න දුරක තියෙන්නේ … ඇයි සර්
එකොළහයි කාලට දැන් කැන්ඩි ඉන්දලා
බදුල්ලට යන උඩරට මැණීකේ ට්රේන් එක
එනවානේ ගම්පොළ ස්ටේෂන් එකට ,
ට්රේන් එකේ ගියොත් සර් ට බදුල්ලට
කලින් තියෙන ස්ටේෂන් එක තමා
ඇල්ල ස්ටේෂන් එක , එකෙන් සර්..ට
බැහැ ගන්නට පුළුවන් , මේ දැන්ම
ගියොතින් සර්..ට උඩරට මැණීකේ ට්රේන්
ගන්න පුළුවන් .
( ඩෝරීන් ) ……. : හැබෑ…ම…..නේ..න්නම්….
ෆයින් මචෝ … ඉට් ඊස් අ ගුඩ් අයිඩියා….
ඩූ…..ඉට් …. මචන් …. ඩූ …. ඉට්….
( රංජිත් ) ………. : ඕ…….කේ….. දෙන් ….. විල්….. ඩූ
ලෙට්ස් ගෝ…. බඩී……..
ඩෝරීන් …මෙනි තෑන්ක්ස් . සීයූ…. සූ…න් මචෝ…..
( ඩොරීන් ) …….. : ඕල්… ද බෙස්ට් බ්‍රදර්…. ගුඩ් ලක් …. සීයූ… සුන් ….

මතු සම්බන්ධයි

දෙවෙනි කොටස .

මෙතෙක් කතාව…..

උඩරට කදුකර ප්‍රදේශයක මිතුරෙකු මුනගැසීමට රංජිත් ගම්පොල බස් නැවතුම්පොළට ගියේය . ඔහුව බස් නැවතුම්පොළ වෙත ඇරලවීමට තවත් මිතුරකු ඔහු සමග පැමිණියේය .
දෙදෙනා බර සාකච්ඡාවක යෙදී බස් නැවතුම්පොළ වෙත ගමන් කරන අතරතුර ඇල්ල පෙදෙස වෙත ඇති අන්තීම බස් රඨය පිටත් වන වග දෙදෙනාටම නොපෙනුනි . කලබලයෙන් බස් රඨය පිටුපසින් රංජිත් දිව ගියත් බස් රඨයට ගොඩවීමට ඔහුට අවස්තාවක් නොලැබිණි .
නමුත් බස් රඨය ඔහුට මග ඇරුණේ…. වාසනාවකට බැව් රංජිත් කිසිම විටක නොසිතන්නට ඇත .
හදීසියේම එතැනට පැමිණි ටැක්සි රඨයක නැගී මහ නුවර සිට බදුල්ල බලා ධාවනය වන උඩරට මැණිකේ දුම්රිය අල්ලා ගැනීමට ගම්පොල දුම්රිය ස්ඨානය වෙත යෑමට ඔහුට නැවතත් අවස්තඨාවක් ලැබුණි .

එතැන් සිට ……

දුම්රිය පලට යන අතරතුර දී ,
ටැක්සි ඩ්‍රයිවර් ,
සර් මේ හදිස්සි ගමනක් යන ගමන්ද ???
රංජිත් ,
යර්ස් බඩී….. ලොකු හදිස්සියක් . අපිට තව දවස් තුනයි තියෙන්නෙ . අද මම ඇල්ලට ගියේ නැත්නම් අපේ ඔක්කොම ප්ලෑන්ස් අප්සෙට් වෙනවා …..
ටැක්සි ඩ්‍රයිවර් ,
ඒ… කිව්වේ… සර් ???
රංජිත් ,
මගේ යාළුවෙක් ඉන්න්වා ඇල්ලේ…. හොඳ ලිරික්ස් රයිටර් කෙනෙක් මිනිහට හොඳට සින්දු එහෙම ලියන්න පුළුවන් , අද අපි දෙන්නා හම්බෙලා…. කතා කරගන්න ඉන්නේ හොඳ සෝන්ග් එකක් ලියාගන්න .
සර්… ගේ යාළුවාට ද ?
රංජිත් ,
( සිනාසෙමින් )
නෑ….. මනුස්සයෝ මට…… අපේ බෑන්ඩ් එකටත් එක්කම .
ටැක්සි ඩ්‍රයිවර් ,
ආ….. ඒ ….. කියන්නේ…… සර්…. ගායකයෙක්ද ???
නියමයිනේ….. සර් .
සර්ර්ර්……… මේ…… ලව් එකක් ගැනද ???
රංජිත් ,
ආ…… තමුසෙගෙත් මාර උනන්දුව… නේද ??
ටැක්සි ඩ්‍රයිවර් ,
කව්ද සර්…. ලව් වලට අකමැති .
රංජිත් ,
තමුසෙටත්….. මාරම ඉවක් නෙ අයිසේ…. තියෙන්නේ….
හරියටම හරි බඩී ….. ඒවගේ වැඩක් තමා…..
මේ මට මරු අයිඩියා එකක් ආවා …… තමුසේ මේ ටැක්සි පැද පැද
ඉන්න එපා . තමුසේ… යනවා…. සී. අයි . ඩී . එකට
හා…. හ…. හා…… ( දෙදෙනාම මහ හඩින් සිනා සෙමින් )
රංජිත් ,
බඩී…. ට්රේන් එක ඇල්ල ට යද්දී කීය විතර වෙයිද ???
ටැක්සි ඩ්‍රයිවර් ,
අපෝ සර්…. වැඩි වෙලාවක් යන්නේ…. නැහැ….
රංජිත් ,
ඒ කියන්න නේ බඩී…… ටූ අවර්ස් වගේ ???
ටැක්සි ඩ්‍රයිවර් ,
අපෝ නෑ සර්ර්…… ෆයිව් අවර්ස් වගේ යයි . සර්… ට ඉක්මනින් යා …
ගන්න පුළුවන් වෙයි .
රංජිත් ,
තමුසෙත් මාරම මණුස්සයෙක්නෙ අයිසේ…..
ටැක්සි ඩ්‍රයිවර් ,
ඇයි සර්ර්ර්……….???
රංජිත් ,
ෆයිව් අවර්ස් … කියන්නේ…. ඉක්මනින් ද ??? අයිසේ……
ටැක්සි ඩ්‍රයිවර් , ( සිනාසෙමින් )
අපෝ…. ඕක මොකක්ද සර්ර්…… ඇහැට කනට පේන හොඳ
ලස්සන ගෑනු ළමයෙක් එහෙම සර්ට ට්රේන් එකේදි හම්ඹුනෝතින්
සර්…ට ඔය පැය පහ දැනෙන එකකුත් නෑ……
සර්ට ඔය පැය පහ තවත් දික් උනානම් හොඳය කියලා හිතෙයි .
එතකොට සර්ට යාළුවාව හම්ඹෙන්න ඕන්නැති වෙයි . ට්රේන්
එකේදීම සින්දුව හැදෙයි . හහා…. ( හඩ නගා… සිනාසෙමින් )
රංජිත් ,
අපෝ….. තමුසෙවනම් හදන්න බෑ…… කොහෙන් ගියත් මැක්කා
වගේ…. එන්නෙම එතෙන්ටම නේ….. හ..හ….හා…..
( මහ හඩින් ඔවුන් සිනාසෙමින් )
ටැක්සි ඩ්‍රයිවර් ,
ඔන්න සර්…. ස්ටේෂන් එකට ආවා……
රංජිත් ,
තෑන්ක් යූ සෝ මච් බඩී . යූ…. ආර්… ලයික් සුපර් මෑන් …..
අද මට බඩී…. ව මීට් උන්නැත්නම් මගේ වැඩේ බකල් තමා…
මගේ වෙලාවටම බඩී ආවනේ…. ලක්… බයි චෑන්ස් .
ඒක නෙමේ , කතාවෙන් තව පොඩ්ඩෙන් අමතක වෙනවා…….
හව් මච් බඩී ???
ටැක්සි ඩ්‍රයිවර් ,
ඔය කීයක් හරි බලලා දෙන්න සර්ර්……
රංජිත් ,
එහෙම හොඳ නෑ , ටෙල් මී ද රීසනබල් ප්‍රයිස් ???
ටැක්සි ඩ්‍රයිවර් ,
එහෙනම් සර්….. මට ටෙන් රුපීස් දෙන්නකෝ……
රංජිත් ,
ටෙන් රුපී…..ස් ???
මාර මනුස්සයෙක් නේ…… සෝ චීප්……
ටැක්සි ඩ්‍රයිවර් ,
සර්…… අපි … කලාව ට සහ කලාකරුවන් ට ආදරය කරන අය …..
සර් ගාව ගෙවන්න සල්ලි නෑ….. කිව්වත් අපි සර්….ව නිකන් වුනත්
ගිහින් දානවා .
රංජිත් ,
වෙරි කයින්ඩ් , යුවාර් සෝ නයිස් බඩී…….
සෝ කීප් දිස් ටුවෙන්ටි ෆෝ යු ……
ටැක්සි ඩ්‍රයිවර් ,
එපා සර්ර්……. එපා……..මෙච්චර එපා………
රංජිත් ,
නෝ…. නෝ…. කීප් ඉට්….. කීප්….. ඉට්
ටැක්සි ඩ්‍රයිවර් ,
ඕ……කේ….. සර්…… තෑන්ක් යූ …. සෝ …මච් .
සර්ර්……… අද සර්….ගෙ…. ලකීයස්ට් ඩේ…. එකම තමා…..
මමත් අද …. පික් කරන්න ආපු හයර්…… එකක් …. මිස්
වෙලා ..තමයි සර්…. ව හම්ඹුනේ……
ආ….. සර්ර්……… ඉක්මනින් යන්න ….. ට්රේන් එකට තව විනාඩි
පහයි….. තියෙන්නේ…..
රංජිත් ,
ඕකේ….. බඩී….. තෑන්ක් යූ…. සෝ….. මච්
හෝප් ටු සී….යූ….. සම් ඩේ .

ටැක්සි ඩ්‍රයිවර් ,
ඕකේ සර්…… පරිස්සමින් ගිහින් එන්න……
සර්ර්‍……. ගුඩ් ලක් .
රංජිත් ,
තෑන්ක් යූ…… බඩී…..
බදුල්ල ගමනාන්තය දක්වා දිවෙන දුම්රියේ …… දෙවෙනි පංතියේ…..
දුම්රිය පතක් ලබාගත් රංජිත් දුම්රිය එනතුරු පලවෙනි වේදිකාවේ

නොඉවසිල්ලෙන් ඒ…. මේ…… අත ඇවිදිමින් රැදී සිටියේය .
රංජිත් , ( තම හිතෙන්ම කියාගනිමින් )
ෂිට්……. මොකද මේ….ට්රේන් එක මෙච්චර පරක්කු ???
තාමත් නෑනේ……. එකොළහයි තිස් පහත් වුනා….. නේ…….
ට්රේන් එකේ යන එක එපා වෙන්නේ….. මේ වෙලාවට …. තමා…
ඉතින් .
තවත් එක් නිමේෂයක් ගතවුවා පමණි . රංජිත් හට
හූ…… හූ…… කියන්නාක් මෙන් හඩක් …. ඇසුනි .
ඔහු තිගැස්සී හැරී බැලූ කල ….. ඒ….. අන් කවරකු නොව …. ඈතින්
බුර බුරා නැගෙන සුදු දුමාරයෙන් වැහී ගෙන ඔහු වෙතට
කෙමෙන් කෙමෙන් ලගා වෙන ගල් අගුරු බලයෙන් ධාවනය වන
උඩරට මැණිකේ දුම්රියයි .
රංජිත්ගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂය මෙයයැයි කීවොත් එය
සත්‍යයක්මය .
ප්‍රේම වෘතාන්තය පටන්ගන්නේ මෙතැන් පටන්ය .

මතු සම්බන්ධයි

තෙවන කොටස .

කථාව ලිවීමට මත්තෙන් , මා හිතවත් සෑම දෙනා හට ,
තුන්වන කොටස ලිවීමට පෙර මේ පණිවිඩය ඔබට පැවසීමට සිතුනේ මා හට එක්තරා පුද්ගලයෙකුට විශේෂ ස්තුතියක් කිරීමට සිතුන නිසාය .

ඒ තමයි ශ්‍රීලංකාවේ ප්‍රථම දුම්රිය ස්ථානය වන කඩුගන්නාව දුම්රිය ස්ථානයට අයත් දුම්රිය කෞතුකාගාරයේ සේවයේ නියුතු සුසන්ත මහතා . මා අහම්ඹෙන් දුම්රිය කෞතුකාගාරයට ගොඩ වැදුනෙම් .

ඒ ඉතාමත් නුදුරූ දිනයක දී මහ නුවර සිට මීගමුවේ මාගේ නිවස බලා මාගේ මොටර් රථය ධාවනය කරමින් සිටිනා අතරතුරකදීය . ඒ මහතා මට ලබාදුන් දැනුම නම් ඉතාමත් අගනේය . මා ප්‍රථම වතාවට මෙහි ගියෙමි .

කෙසේද ටැබ්ල්ට් එකක් ලබා ගන්නේ යන කරුණු රාශියක් ඔහු මට ලබා දුන්නා . ඒ වගේම අතීතයේ පටන් පැවත එන මේ ටැබ්ල්ට් ක්‍රමය , එකක් තවත් දුම්රිය ස්ථානයකින් තව දුම්රිය ස්ථානයකට සම්බන්ධ කර ලබාගන්නා සැටි සහ එය අත් හදා බැලීමට ඒ මහතා මටද අවස්ථාවක් ලබාදුන්නා .

ඒ වගේම මෙහි මා සදහන් කර ඇති දුම්රියෙහි සියළු නම් ගම් සහ පිලිවෙලින් ලියා ඇති දුම්රිය ස්ථාන මා හට මෙන්ම ඔබගේ දැනීමටද එය එක්කර ගත හැකි බව මාගේ විශ්වාසයයි . ඉතින් මෙම සියළූම විස්තර ලබා දීම ගැන මා “සුසන්ත” මහතාට බෙහෙවින් ස්තුති වන්ත වීමට මෙය අවස්ථාවක් කර ගනිමි .

අවාසනාවකට මෙන් මෙම ඓතිහාසික දුම්රිය කෞතුකාගාරය කඩුන්නාවෙන් කොළඹ නගරයට ගෙනයාමට යම් හස්තයක් විසින් කටයුතු යොදා ඇත . එය ඔවුන්ගේ පෞද්ගලික උවමනාවකට බව බැලු බැල්මකටම පෙනීයයි .

තවද එය ප්‍රායෝගික නැත . ඒ මහතා පෙන්වා දුන් පරිදි මහා බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ අප රටට ගෙන්වූ කඩුගන්නාව ප්‍රදේශයේ ධාවනය වූ ප්‍රථම දුම්රියේහි එන්ජිමටද මෙම ප්‍රදේශයේන් කොළඹ නගරයට රහසිගතව රැගෙන යාමට ගොසින් හානී වී ඇත යන්නයි .

ඉතින් කොළඹ නගරයේ නව කෞතුකාගාරයක් පවත්වාගෙන යනවාට ඔහුගෙන් කිසියම් හෝ විරෝධයක් වූවද නොමැත . ඔහුගේ එකම ඉල්ලීම නම් මෙම ඓතිහාසික ස්ථානය ආරක්ෂා කර දෙන ලෙසයි . පාසල් ළමුන් , සංචාරකයන් හට මනැවින් අවබෝධය ලබා දෙන මෙතුමා පවසන්නේ මෙම ස්ථානයට සැම දෙනම එන්නට පුරුදු වී හමාරය යන්නයි .

මෙවන් ස්ථාන මතු පරපුරට රැක දීම ඔබේත් මගේත් වගකීමකි .

ඔබ සැමට බෙහෙවින් ස්තූතියි .

      තුන්වන කොටස .

මෙතෙක් කථාව ….

ඇල්ල පෙදෙසට යෑමට “උඩරට මැණිකේ”…. දුම්රියට ගොඩවැදීමට ගම්පොල දුම්රිය ස්ථානයට ගිය රංජිත්ට , උඩරට මැණිකේ … දුම්රිය ප්‍රමාධ වූ හෙයින් ඔහු නොඉවසිල්ලෙන් පලවෙනි වේදිකාවේ ඒ මේ අත ඇවිදිමින් සිට්නා අතරතුර, ඔහුට ක්ෂණයකින් දැකගැනීමට හැකි උනේ… හූ…. හඬ නගා..ගෙන….. දුමාරයෙන් වැසීගෙන…එන
” අගුරු කකා … වතුර බිබී …. කොළඹ දුවන යකඩ යකා ” නොහොත්
නැවත කොළඹ සිට මහ නුවරට පැමිණ ඉනික්බිතිව මහ නුවර සිට නැවත බදුළු බලා පිටත්වන ගල් අඟුරු බලයෙන් දිවෙන උඩරට මැණිකේ… දුම්රියයි .

එතැන් සිට ,

“උඩරට මැණිකේ” දුම්රිය මහා සුදු දුමාරයෙන් පිරීගෙන දැකුම්කළු යුවතියක සේ…. මංගල ගමනකට පිටත්ව යෑමකට සැරසෙන වේල් පොටක් හිසදා සිටිනා මනාලියක සේ… ගම්පොල දුම්රිය ස්ඨානයට පිවිසිණි .
ක්…රීස්… ගාගෙන තිරිංග පද්ධතිය තදකොට ගෙන ඇයව නැවැත්විණි .
දුම්රිය වනාහි චමත්කාරජනක ලලනාවියක් බඳුය . ඇය හට මේසා නම් තැබුවේ එසේමවන්නට විය හැක .
කඳුරටට – උඩරට මැණිකේ , පොඩි මැණිකේ ( ප.ව. 12.38 ) , ටිකිරි
මැණිකේ ( පෙ.ව. 8.00 )
පහතරටට – පහතරට මැණිකේ
රුහුණට – රුහුණු කුමාරි
යාපනයට – යාල් දේවී
උතුරුමැද පලාත – රැජිණි ( අනුරාධපුරය )
තවත් දුම්රියෙහි නම් – සාගරිකා … , උදේ දේවී
“උඩරට මැණිකේ” දුම්රියට වහා ගොඩවුනු “රංජිත්” දුම්රිය මැදිරියේ දෙවෙනි පංතියේ අසුනක් කරා ගොස් ඈඳි ගත්තේය .
ඉන්පසුව ඔහුට නොබෝ වේලාවක් යෑමට පෙර දුම්රිය වේදිකාවේ ශබ්ද විකාශන යන්ත්‍ර වලින් සිනහා උපඳවන හඬ ශෛලියකින් මෙසේ ඇසෙන්නට විය .
” පලවෙනි වේදිකාවට දැන් පැමිණි “උඩරට මැණිකේ” දුම්රිය බදුල්ල බලා තව සුළු වේලාවකින් පිටත්වනවා… ඇත .
මෙම දුම්රිය “ගම්පොල” සිට “බදුල්ල” දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා… ඇත”
දුම්රිය නවත්වන්නේ……..
1. තැඹිලිගල
2. උලපනේ
3. නාවලපිටිය
4. ඉඟුරුඔය
5. ගල්බොඩ
6. වටවල
7. ඉහළ වටවල
8. රොසල්ල
9. හැටන්
10. කොටගල
11. තලවකැලේ
12. වටගොඩ
13. ග්‍රේට් වෙස්ටන්
14. රදැල්ල
15. නානුඔය
16. පැරකුම්පුර
17. අඹේවෙල
18. පට්ටිපොල
19. ඔහිය
20. ඉදල්ගස්හින්න
21. හපුතලේ
22. දියතලාව
23. බණ්ඩාරවෙල
24. කිනිගම
25. හීල්ඔය
26. කිතල්ඇල්ල
27. ඇල්ල
28. දෙමෝදර
29. උඩුවර
30. හාලිඇල
31. බදුල්ල
යන මේ…. සියළුම දුම්රිය ස්ථාන වල නවත්වනවා ඇත .
ස්තුතියි .
මෙම හඬට හාස්‍ය පිරි මුවින් “රංජිත්” සවන් දීමෙන් පසුව ඔහු දුම්රියේ කවුළුවට නෙත් යොමු කළා පමණි .
ක්ෂණයකින් රංජිත්ගේ…. හදවත නතර වන්නට තරම් විය . සිනහව අතුරුදන් ව ගොස් ආශ්චර්යජනක හා මවිතයට පත් පෙනුමක් ඔහුගේ මුවින් දිස්වන්නට විය .
දුම්රිය කවුළුවෙන් එපිට ඔහු දුටුවේ ලාලිත්‍යයෙන් පිරී “සුරංගනාව්යක්” වන් රුවක් හනික දුම්රියට ගොඩවීමට දිවඑන අයුරුය . ඇය හා සමග තවත් කතක් ද සිටියාය .
රංජිත් ඇය දුම්රියට ගොඩවෙන අයුරු ඇසිපිය නොහෙළා බලාසිටියේය .
පිරුණු සිරුරෙන් යුත් හැඩ ඉඟ , සිහින් ඇහි බැම , පැහැපත් පෙනුමෙන් පිරි මුහුණ, සුමට දෙකොපුල් , සිහින් දෙතොල් සමග හිරු රැස් වලින් නැහැවුනු ඇයගේ හිසකෙස් තව තවත් ඇයගේ සුන්දරත්වය වර්ණවත් කලාය .
ක්ෂණයකින් රංජිත්ට මේ මොහොත සැබෑවක් ද නැතහොත් මෙය සිහිනයක් දැයි කියා සිතා ගැනීමට පවා නොහැකි විය .
අහෝ… පුදුමයකි ! ඇය පියමං කරන්නේ ද “රංජිත්” සිටිනා අසුන දෙසටමය . ඇයගේ ගමන සහ ඇගේ රුව කාගේත් සිත් වසඟ කලාය .
රංජිත් ගේ හෘද ස්පන්දන වේගය එන්න එන්නම වැඩි වන්නේය . ඔහුගේ තොල කට වේලෙන්නට පටන් ගන්නේය . මන්දයත් රංජිත් ට මෙය තවම සැබෑවක් කියා සිතාගැනීමට නොහැකිය .
රංජිත් පියවි සිහියට පැමිණියේ ඇය ඔහු අසලට පැමින ඔහුට ඉදිරිපිට ඇති දුම්රිය අසුනේ වාඩි වන්නට යන මොහොතේදීය . ඇයගේ ප්‍රිය උපඳවන සුවඳ මුළු දුම්රිය මැදිරිය පුරාම විහිද ගියාය ඇය අසුනෙහි වාඩි වන මොහොතේ දී රංජිත් ඇය දෙස මහත් ඕනෑකමින් බලන වග ඇයගේ නෙත ගැටුනි . එය දුටු රංජිත් ඇය හා සිනහා පෑවේය . එයට පිලිතුරක් ලෙස ඇයද මද සිනහවක් පෑවාය .
නමුත් රංජිත් කෙරෙහි එතරම් අවධානයක් ඇයගෙන් නොතිබිණි . ඇය අසලින්ම ඇයගේ සහයිකාවද සිඳ ගත්තාය . ඇය තම අත් ඔරලෝසුවෙන් වෙලාව බැලීය .
ඇයගේ සහයිකාව –
කීයද වෙලාව ?
තම අත් ඔරලෝසුව ඇයගේ සහයිකාවට පෙනෙන ලෙස සිත්ගන්නා අයුරින් සහයිකාවගේ මුහුණට ඇය ලං කලාය . නමුත් ඇය තවමත් මුනිවත වසාගෙන ය . ඇයගේ සහයිකාවට එකවරම සිනහ නැගුනි .
හොඳ වෙලාවට ට්රේන් එක ඩිලේ වෙලා නේද ???
නැත්නම් අපිට ට්රේන් එක මිස්ඩ් වෙනවා…. නේද ?
ඇය නැවතත් ඔළුව වනන්නීය . එය ඔව් කීමට මෙනි . නමුත් “රංජිත්ට” නම් මෙය මහත් වූ ප්‍රෙහෙලිකාවකි , ඔහු බලා සිටින්නේ මේ රූමත් තරුණියගේ කටහඬ ඇසීමටය . නමුත් තවම ඔහුට අවස්ථාවක් නොමැත .
“රංජිත්”- ( තම හිතෙන්ම කියමින් )
අම්මෝ….. මෙයාගේ ලස්සන , මේ වගේ ලස්සන කෙල්ලෙක් මම මගේ ජීවිතේටම දැකලා නෑනෙ ???
වට් අ ස්ව්ට් ප්‍රිටී ගර්ල් ඉස්.. ශී….. ඩෙෆිනීට්ලි ශී ලුක්ස් ලයික් ඇන් ඒන්ජල් ( මෙයා නම් සුරදූතියක් ද මන්දා …. )
මොකද මෙයා කතා නැත්තේ ???
ඇයි මෙයා ගොළුයි ද ???
කවුද මේ මෙයාගෙ ලඟ ඉන්නේ… ??? , අක්කා වෙන්න නම් බැහැ යාළුවෙක් වගේ…..
ෂිට් …. අබෙයා වත් හිටියා නම් දැන් …. පොඩි ජෝර්ක් එකක් දාලා දෙන්නව කතාවට අල්ල ගන්න තිබ්බා ……
කොහෙද ඉතින් මෙයාගෙ තියෙන ආඩම්බර….. , මගේ දිහා බලන්නෙ වත් නෑනේ…….
එකවරම දුම්රිය මැදිරිය මගීන්වද මවිත කරමින් ගැස්සිණ . ඇයගේ මුවඟට මෙම හේතුවෙන් එකවරම සිනහා නැගුනි . මෙය රංජිත් හොඳින් නරඹමින් සිටියි .
“රංජිත්”-
මෙයා….. හිනාවෙද්දි තියෙන ලස්සන ……
නැවතත් හූ….. කියන්නාක් මෙන් දුම්රියේ නලාව නාද වෙමින් . දුම්රියේ ගමන ගම්පොල සිට යලි ඇරඹුණේය.
( දුම්රියේ හි ශබ්දය )
හූ…… …….. කටස් … කටස්….. කටස් …කටස් ….. කටස්…. කටස්

මතු සම්බන්ධයි .

train

සිව්වැනි කොටස ,

30/09/2019
ලිවීමට මත්තෙන් ,
පලමුව ඔබ සැමගෙන් සමාව ඇයැද සිටිම්. මන්දයත් මෙය ලිවීමට සැලකිය යුතු කාලයක් වැය කිරීම ගැන. ඒ වගේම මෙය නැවත ලියන ලෙස ඉල්ලීමක් කල ඉතාලියේ සිටින මාගේ ඣාති සහෝදරියට ද… ස්තුතිය ඵලකිරීමට ද මෙය අවස්තාවක් කරගැනීමට කැමැත්තෙමි.
………………………………………………………………………………………………………………………
මෙතෙක් කථාව ,

මහනුවර සිට බදුළු බලා දිවෙන දුමරියට වහා ගොඩ වැදුනු “රංජිත්” හට ඔහු කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ , කිසිවිටෙකත් නොසිතූ සහ ඔහුගේ හෘද ස්පන්දනයේ වේගය වැඩිවන අත්දැකීමකට ඔහුට මුහුණ දීමට සිදුවන්නේය ,

අද එතැන් සිට ,

“රංජිත්”- ,

“මෙයා තාම ආයෙත් මං දිහා බැලුවේ නැත්තේ…… ඇයි ???

මෙයාට මැරි කරන්න වත් කව්රුත් ඉන්නවා ද දන්නෑ…..
ලෙට් සී හර් ෆින්ගර්ස් ….. අහක බලන කල් ඉඳලා හොරෙන් බලන්න
ඕනේ… ”
“ම්…හ්.. කිසිම ඇගිල්ලක….. රින්ග් එකක් වත් නෑනේ….
ෂා….. මෙයාගේ ලස්සන දිග ඇගිලි ……”
“මට වගේම මෙයාටත් ගිටාර් ප්ලේ කරන්න පුළුවන් ද දන්නේ නෑ….???”
( “රංජිත්” හිතින් සිනාසෙමින්…)
නිමේශයකින් හූ…… හූ….. නාද නගා ගෙන……. “ටකස්…. ටකස්…..”
“ටකස්…… ටකස්…….” හඬ නගා ගෙන දුම්රිය නැවත ගමන් ඇරඹිණි.
එන්න එන්නම දුම්රියේ “ටකස්….. ටකස්….” හඬ ඇසෙනා වාර ගණන සීඝ්‍රයෙන් වැඩි වන්නේය ,
එනම් දුම්රියේ වේගය නිසැකවම ඉහල යනවා ඇත .
වේගය වැඩිවනවාත් සමගම දුම්රිය මැදිරියේ සිටිනා මේ සුන්දර කතගේ හිසකෙස් ඇයව සොයාගෙන ඇය වෙතටම පැමිණි ප්‍රේමවන්තයෙ කු සේ…

සිසිල් සුළඟ ඇයගේ මුහුණ සිප ගෙන තවද ඇයගේ සුන්දරත්වය තවත් වැඩි කරමින් හිස කෙස් රටා මවමින් …. ඇයගේ සුවඳ මුසුවූ ඒ ආශ්වාදයේ මිහිර රංජිත් ගේද මුහුණට රැගෙන විත් ඔහුගේ මුවද සිපගන්නේය .

මෙයනම් සොබාදහම ද ඔවුන් දෙදෙනාටම සහය වන්නක් වැනිය .

මේ මොහෙතේ දී ලැබෙන්නා වූ ඇයගේ ආශ්වාදය ට නම් රංජිත් ගේද දෑස් අඩවන් වන්නේය .
“ටකස්..ටකස්…” ටකස්…. ටකස්….” හඬ ගා….. ගෙන ඉදිරියෙන් පවන් රොදක් සමග මුසුවී ඇසෙනා හූ…….. ……. හූ…….. ……. හඬ නගා ගෙන ඉදිරියට ඇදෙනා….. මෙය නම් කිසිවිටෙකත් යකඩ කඳක්ම කියා කිසිවෙකුට ත් නොසිතෙන් නේ මේ දුම්රිය ගමන ඒ තරම්ම ලොකු පොඩි සැමගේ ද සංචාරකයන්ගේ ද සිත් සතන් සනසන සිත් වසඟ කරනා අත්දැකීමක්ම වන නිසා වෙනි .

තවද මෙයට සංචාරකයින් ” Famous train ride Kandy to Ella ” In Sri Lanka ( ෆේමස් ට්රේන් රයිඩ් කැන්ඩි ටු ඇල්ල ඉන් ශ්‍රී ලංකා ) ලෙසද ,

හදුන්වනු ලබන අතර ලක්දිව ජාත්‍යන්තරයේ බැබලීමට මෙයද
මහඟු සේවයක් කරනා තවත් එක් සංධිස්ථානයකි .

කෙමෙන් කෙමෙන් දුම්රිය වේගයෙන් ඉදිරියට අදෙන්නේය.
වෙල්යායවල් පසු කරමින් ද ඈතින් පෙනෙනා….. කඳු පන්ති වලින් ,
සමන්විත භූදර්ශනද මානයේ තබමින් සුලං කපාගෙන ඇය ඉදිරියට ම අදෙන්නීය.
අහෝ පුදුමයකි රංජිත් ට මෙම “සුරංගනාවිය” සැනෙකින් නොපෙනී යන්නේය .

“රංජිත්” ,
“වට් අර් ෂේම් ඉස් දිස් , මේක හීනයක් ද නැත්නම් හැබෑවක් ද එහෙමත් නැත්නම් මේ මහ දවල් සූර්‍යග්‍රහණයක් වත් ද ???”
එක වරම විසිල් නාද සමගින් , කොල්ලෝ කුරුට්ටෝ “හූ….” කියාගෙන ප්‍රීතියෙන් මහ හඬින් කෑ බෙරිහන් දෙන්නට පටන් ගන්නේය .
“රංජිත්” හට නම් මෙය මහත් පැටලිලි සහගත කුතුහලයකි .
“රංජිත්” ,
“වට්’ස් ද හෙල් හැපන්ස් ටු දිස් ක්‍රේසි ෆෙලෝස් . මුන්ට මොකද මේ වෙලා තියෙන්නේ ???මෙවර නම් රංජිත් ගේ වදන් තරමක හඬකින් ඔහුගේ මුවින් එලියට පැන්නේය .
කොල්ලන්ගේ කෑ කෝ ගැසීමේ ශබ්දය අඩුවනවාත් සමගම ඔහු අසලින්ම ” හිහ්°…. හිහ්°…” ගා හිනාවෙන මිහිරි හඬක් සමග තවත් කතක ගේ හඬක් ද ,
ඔහුගේ…..සවනට ඇසෙන්නට විය .
“හූ ඊස් දිස් ෆනී ගයි ??” කියා මිහිරි හඬක් ඇසුනි.
“කවුද අනේ… මේ ??? ට්‍රේන් එකක් දැකලා වත් නෑ වගේ…..” කියා තවත් කියනා.. කාන්තා හඬක් “රංජිත්” ට ඇසුනේය.
සැනෙකින් නැවත ආලෝකමත් විය . මේ පසු කරන්නට වූයේ බිං ගෙයක් වග ඔහුට එකවරම සිතාගැනීමට නොහැකි විය .
“රංජිත්” ට දැන් නම් මහ දවල් තරු පෙනෙන් නේය. ඒ ඔහුගේ නෙත ගැටෙන සැනෙකින් ඉවත බලා බඩ අල්ලාගෙන තරමක් හඬින් හිනා වෙන මේ සුන්දර යුවතියන් දෙදෙනා දුටු විටයි .
නමුත් “රංජිත්” ගේ දෑස් මේ සුරංගනාවියගේ හාස්‍ය පිරි මුව ලඟ මොහොතකට අතරමං විය.
“රංජිත්” – ,
“ඕ මයි ගෝඩ් ඉට්’ස් අර් ප්‍රිටී මිස්ටේක් …. අයි ඈම් සොරි…. අයි කුඩ්න්ට් රෙකොග්න්‍යිස් දැට් , දිස් මයිට් බී අ ටනල් ෆොර් ද රේල් වේ .
කියා “රංජිත්”තමන් ඉදිරියේ ඇති අසුනේ වාඩි වී හිනාවෙමින් සිටිනා කතුන් දෙදෙනා දෙස බලා ඇමතීය .
“රංජිත්” ගේ සිත් ගත් තරුණියගේ හාස්‍ය නම් තවමත් ඇයට නවතා ගැනීමට නොහැකිය .
“රංජිත්”ගේ යටි සිතින් ඔහුගේ අමනාපය පරදා … මහත් සතුටක්ද ඇති වන්නේය. එනම් මේ සුන්දර තරුණිය සමග කිනම් හෝ සාකච්ඡාවකට මුලපිරීමේ මාර්ගය පෑදුනු නිසාවෙනි .
සැනෙකින් අනෙක් යුවතිය ,
“ඒ කට කමක් නැහැ . ඇයි මිස්ටර් මීට කලින් කවදාවත් ට්රේන් එකක ගිහින් නැද්ද ?” ( ඇයද හිනහවෙමින් )
“රංජිත්”,
“අයියෝ , මේ කියන්නේ ඇත්තමයි , දිස් ඊස් මයි වෙරි ෆස්ට් ටයිම් ඇට් අර් ට්රේන් , මම බස් එකේ විතරයි ට්රැවල් කරලා තියෙන්නේ ඒකත් මේ කලම්ඹු ඉදන් ගම්පොල ට විතරයි”
“යුවතිය” ,
සිනහවෙමින් …. “ආ…. එහෙමද…. ඉට්ස් ඕකේ” .
“රංජිත්” ( වහා ක්‍රියාත්මක වෙමින් )
“ඒකනෙමේ මේ යන්ග් ලේඩිස්ලා දෙන්නාගෙ නම් වත් මම දන්නෑ නෙ ….”
“යුවතිය ….”
“ම්ම්……. ඒ මොකටද ??”
“රංජිත්”,
“නෑ……… මේ…. මං ඔයාලව අදුරගන්න කැමතී , කියන්න අකමැතිනම් කමක් නැහැ , නෝ වොරීස්” ,
“යුවතිය” ,
“ඕ….. ඉට්ඊස් නොට් අ බිග් ඩීල් …. මම සුනීතා…..”
“රංජිත්”
“හෙලෝ සුනීතා …. අයි ඈම් රංජිත් ( යුවතියට අතට අත දෙමින් ) නයිස් ටු මීට් යූ”
“ඇන්ඩ් ෂී ??”
“සුනීතා” ,
“ෂී ඊස් ස්වර්ණා…..”
“රංජිත්” ,
“ඕ ඉට් ඊස් අ බියුටිෆුල් නේම් ….” ( “ස්වර්ණා” දෙසට “රංජිත්”අත දිගු කරමින් )
“ස්වර්ණා” ,
තිගැස්සී රංජිත් දෙස මදක් බලමින් තරමක් අකමැත්තකින් ඔහුට අත දුන්නාය.
“රංජිත්” ,
“හෙලෝ ස්වර්ණා .. අයි ඈම් රංජිත් … ඇන්ඩ් ඉට්ස් සෝ වන්ඩර්ෆුල් ටු මීට් යූ ලයික් දිස් , අන් එක්ස්පෙක්ටඩ් වේ ….”
“ස්වර්ණා” ,
( මවිත වී රංජිත් දෙස බලා කිසිවක් නොකියා මන්ද හාස නඟා නැවත ඉවත බලා ගන්නට වුවාය …
රංජිත් ගේ මේ කථා විලාසයට නම් ඇයගේ කොහෙත්ම මනාපයක් නොවීය , ඇයගේ මුහුනෙන් තරමක් නොරිස්සුම් ස්වභාවයක් ඉස්මතු වුවාය .
“රංජිත්” , ( තම හිතෙන්ම කියා ගනිමින් )
“වට් අ ස්ටුපිඩ් ෆෙලෝ ඊස් ඈම් අයි , කෙල්ලගේ මූන අප්සෙට් වුනා , මූඩ් එක අවුල් වුනා වගේ” ,
“කොහොම හරි ෂේප් කරගන්න ඕනේ…..”
වහා සුනීතා දෙස බලා “රංජිත්” ,
“මේ….. මගේ අතින් “ස්වර්ණා”ට තරහ වෙන්න මුකුත් කියවුනා නම් සොරි…… ඔය දෙන්නා සිස්ටර්ස් ලා ද ??”
“සුනීතා” ,
“අයියෝ ඒකට කමක් නැහැ , ඉට්ස් ඕකේ නෝ ප්‍රොබ්ලම් රංජිත් , ස්වර්ණා කතා කරනවා නම් ටිකක් අඩුයි” , ( ස්වර්ණා සුනීතාගේ අත මිරිකන්නට පටන් ගත්තාය , මෙය රංජිත් ගේද ඇස ගැටුනේය )
“බට් වි ආර් නොට් සිස්ටර්ස් වි ආර් ගුඩ් ෆ්රෙන්ඩ්ස්” .
“රංජිත්” ,
“ආ ඒක මිසක් මම හිතුවේ ඔය දෙන්නාගේ නම් එස් ලෙටර් එකෙන්ම නිසා ඔය දෙන්නා ටුවීන්ස් ලද දන්නැහැ කියලා….. ??”
රංජිත් ගේ මේ කතාවට එක වරම සුවර්ණා ගේ මුවඟට සිනහවක් නැගුනි . තුන්දෙනාම එකිනෙකා දෙස බලා සිනහසුනි.
“රංජිත්” , තම හිතින් ම කියමින් ,
( “බ්රාවෝ…. වැඩේ හරි ගියා ස්වර්ණා ගේ මූඩ් එක හරි ගියා , වට් අ බියුටිෆුල් ලව්ලි ස්මයිල් ෂී හෑස් වාව් ෂී ඊස් වෙරි ප්‍රිටී”,
“කොහොම හරි ස්වර්ණා ගෙන් වචනයක් එලියට ගත්තා නම් හරි , බෙස්ට් ඔෆ් ලක් ෆොර්.. මි” )
මද නිශ්ශබ්ද තාවයකින් පසු ….. දුම්රිය එකම ආකාරයෙන් වේගයෙන් ගමන් කරනා අතරතුර ,
“සුනීතා”,
“රංජිත්” එතකොට කළම්ඹු වලින්ද එන්නේ ?
“රංජිත්” ,
“යර්ස් ඉට් ඊස්…. ඔව් , බට් නොට් එග්සෑක්ලි ෆ්රොම් කලම්ඹු , අයි ඈම් ෆ්රොම් මොරටුව” .
“සුනීතා”,
“ආ …… එහෙමද …. එතකොට රංජිත් මේ කොහේ හරි පික්නික් එකක් වත් යනවා වත්ද ?”
“රංජිත්” ,
“නැහැ සුනීතා , මම මේ මගේ යාළුවෙක් වැඩ කරන ටී ප්ලාන්ට් ටේෂන් එකකට යනවා එයාව මීට් වෙන්න හදීසි වැඩකට “කිතල් ඇල්ල” කියන ස්ටේෂන් එකෙන් බැස්සම මගේ යාළුවා මාව පික් කරන්න එනවා” ,
“ස්ටේෂන් එකෙන් බැහැලා එයාට කෝල් කරන්න කිව්වා , මම හිතන්නේ ස්ටේෂන් එකේ ඉන්දලා වැඩි දුරක් නැහැ එයාගේ එකමඩේෂන් එකට” ,
“සුනීතාට පුළුවන් ද මට ෆේවර් එකක් කරන්න ? මට කියන්න “කිතල් ඇල්ල” ස්ටේෂන් එක ලඟම තියෙන නෙක්ස්ට් “ස්ටේෂන්” එක මොකක්ද කියලා……
“සුනීතා”……
“අපෝ රංජිත් ඕක සුළු දෙයක් නේ….. අපිත් බහින්නේ “ඇල්ල” “ස්ටේෂන්” එකෙන් , නෙක්ස්ට් නියරස්ට් “ස්ටේෂන්” එක තමා “කිතල් ඇල්ල” ,
“ඉතිං රංජිත් ට අමාරු වෙන එක්ක නැහැ” .
“රංජිත්” ,
“ඕල් රයිට් , ඉට් ඊස් ෆයින් දෙන් , තෑන්ක් යූ සෝ මච් සුනීතා” ,
“සුනීතා” ,
“යුවාර් මොස්ට් වෙල්කම් , ඒකනෙමේ රංජිත් ඔයත් ප්ලාන්ටර් කෙනෙක් ද ? මොකද ස්වර්ණා ගේ ඩැඩීත් ප්ලාන්ටර් කෙනෙක්” ,
“රංජිත්”,
“ෂා නියමයි නේ , මෙයිබි මයි ෆ්රෙන්ඩ් මයිට් නෝ… හර් ඩැඩී , ඇන්ඩ් අයි ඈම් නොට් අර් ප්ලාන්ටර් අයි ඈම් අ‍ර් “මියුසීෂියන්”
“ස්වර්ණා”තිගැස්සී “රංජිත්”දෙස බලන්නීය. ඇයගේ බැල්මට කිසිදු තරුණයෙක් වෂී නොවනවාට නම් කිසිම සැකයක් නොමැත . එය රංජිත් ටත් එසේමය .
ඇයගේ දෑස් දෙස බැළුන “රංජිත්”ට ඔහුගේ ඇස් ඇයගෙන් ඉවතට ගැනීමට මදක් යන තුරු නොහැකි විය .
“සුනීතා” ,
මොවුන් දෙදෙනා දෙස බලා සිටී “සුනීතා” ,
වාව් “රංජිත්”නියමයි නේ , එහෙනම් ඔයාගේ ඉන්ස්ටෘමන්ට් එක මොකක්ද ?
“රංජිත්” ,
“අයි ඈම් අ ගිටාරිස්ට් ඇන්ඩ් අර් කොම්පෝසර් , දැන් මේ යන්නේත් සිංදුවක් ලියා ගන්න යන්නේ මගේ යාළුවා ගාවට , ඊට පස්සේ හොඳ මෙලොඩ් එක්ක දාගන්නත් ඕනේ , මොකද අපිට තව ඉතිරි වෙලා තියෙන්නේ දවස් තුනයි අපේ බෑන්ඩ් එකේ ලාස්ට් ඔඩිෂන් එකට ,
“සුනීතා”,
“ෂා…… වාව් රංජිත් ආර් යුවාර් අ මෙම්බර් ඔෆ් අ බෑන්ඩ් ඕල්සෝ ???”
“ඇන්ඩ් වට් ඊස් යුවර්ස් බෑන්ඩ් කෝල්ඩ් ?”
“රංජිත්” ,
“අවර් බෑන්ඩ් කෝල්ඩ් , ද මෙන්ඩිස් ෆෝර් සම්”
“සුනීතා” ,
“කුඩ් යූ ප්ලීස් ලෙට් අස් නෝ ද රීසන් වයි යූ කෝල්ඩ් ඉට් ඈස් ද මෙන්ඩිස් ෆෝර් සම් ?”
“රංජිත්” ,
“බිකෝස් ඉන්ක්ලූඩින් මී දෙයාර් ආර් ත්‍රී මෙන්ඩිස් බ්‍රදර්ස් ඇන්ඩ් වන් ඇන්ඩ් ඔන්ලි අවර්ස් මෙන්ඩිස් සිස්ටර්”
“සුනීතා” ,
“ඕ…… නව් ගොට් ඉට් .. ඕල් ද බෙස්ට් ඇන්ඩ් ගුඩ් ලක් ටු යුවර් බෑන්ඩ් “රංජිත්”
“රංජිත්” ,
“තෑන්ක් යූ සෝ මච් සුනීතා” ,
“සුනීතා” ,
“රංජිත්……. ඔයා දන්නවාද අපේ සුවර්ණා ට හොඳට පියානෝ එක ප්ලේ කරන්න පුළුවන්” ,
“ස්වර්ණා”…..
මන්ද හාස නගමින් , “සුනීතා”ත් “රංජිත්”දෙසත් බලා සිටියි .
“රංජිත්” ,
“ඕ වට් ….. රියලි …. ස්වර්ණා …. ඔය ඇත්තමද ???”
“ස්වර්ණා” ,
රංජිත් හට පිලිතුරක් ලෙස සිනාසෙමින් ,
“රංජිත්” ,
“මට හිතුනා සුනීතා”……
“සුනීතා”…
“රංජිත්” ,
“ස්වර්ණා”ගේ දිග ඇඟිලි දැක්කහම මට හිතුනා”…….
“ස්වර්ණා” , ( තම හිතින් සිතමින් )
“මෙයා එහෙනම් මගේ ඇඟිලිත් බලලා වගෙයි ……. මොනවටද මෙයා එන්න හදන්නේ …… මේ සුනී ….. ට නම් පිස්සු ද මන්දා …… හැම එකම කියෝනවා”…..
“සුනී ……. ඔය ඇති , දැන්වත් නවත්තන්නෙ නැද්ද ???”

මතු සම්බන්ධයි !!!

Udarata Manike2

පස්වෙනි කොටස
( 2019/11/03)
ලිවීමට පෙර ඔබහට යමක් පැවසීමට සිතුනෙමි ,

ප්‍රථමයෙන් ම මෙතෙක් මෙම කථා මාලාවම කියවා , මෙම අවස්ථාවේ නම් වශයෙන් කිවීමට නොහැකි වුනත් මා හට අවංකවම සුභ පැතූ ඔබ සැම දෙනාටම බෙහෙවින් තුති , ඒ වගේම ,

” ඔය කථා ලියලා වැඩක් නෑ , ඔය ලයික් දාන කවරුත් කියවන්නෙත් නෑ ”

කියලා මට කිව්ව අයටත් ස්තූති වන්ත වන්නට සිතුනෙමි ,

මන්දයත් මාගේ වෑයම මෙය කියවා කිසිවෙක් කිනම් හෝ… වින්දනයක් ලබනවා නම් එය මාගේ පරම සතුටම වන්නේය . මා හට එක්දිනක් මිතුරෙකු පැවසුවා ,

” මචං උඹ මේක පොතක් විදියට ප්‍රින්ට් කරන්න අදහසක් තියෙනවා නම් මේක ෆේස්බුක් දාන්න එපා , කොපි කරනවා කියලා ”

ඔබ අවංකවම පැවසූ මෙම අදහසටත් ස්තූතියි මිතුරේ…. ,

නමුත් මාගේ අදහස නම් මෙම කථාංගයෙන් ගත හැකි දෙයක් ඇත්නම් කවරුන් හෝ කොපි කලාට මාගේ කිසිදු විරුද්ධත්වයක් නැත . එය මට සතුටට කාරණයකි .

ඉතින් මෙය කියවන ඔබහට පැවසීමට ඇත්තේ මේ අවස්තාවේ මාගේ ඇනරොයිඩ් වර්ගයේ ජංගම දුරකථනයේ තිරය දෙස එක එල්ලේ බලා ලියන එක නම් එතරම් ම ලෙහෙසි පහසු කාරියක් නොවන වගය , මන්දයත් තිරයේ ආලෝකයෙන් දෑස් ටිකවේලාවකින් රිදීමට සහ බොඳවී පෙනීමට පටන් ගැනීමට ලක්වන නිසාය . මා ඔබට මෙසේ ලිවීමට සිතුනේ , එක්තරා අනතුරු ඇඟවීමකට යැයි කීවොත් එය ඉතා නිවැරදි ය.

එයනම් ,
වර්තමානයේ ජංගම දුරකථන , ටැබ් අපට සුවිශාල සේවයක් කලත් අපගේ සහ අපේ දූ…. පුතුන්…. ගේ … දෑස් රැක ගැනීම ඔබේත් මගේත් වගකීමක් වන නිසාවෙනි . භාවිතා නොකරසිටීමට නොහැකි නමුත් ඔබගේ දූ දරුවන් හට මෙය භාවිතා කිරීම ඔබට අවම කල හැකිය .

අවසාන වශයෙන් ,
මා මෙය ලියන්නේ කලින් සකසා ගත් කඩදාසි කොලයක ආදාරයෙන් නොවේය . ලියන්නේ එක විටය . කපන්නේ කොටන්නේද නැත . එකම දෙයනම් මෙය ලියනා විට ප්‍රශ්න වලින් පිරී පවතින අපේ මේ ජීවිතේ ඇති යම් බැරෑරුම් තත්වයන්ගෙන් ම්දී සැහැල්ලු වීමට අවස්තාවක් මෙයින් ලැබෙන නිසා මා මෙය ලිවීමට ඉතා කැමැත්තෙමි , ඒ වගේම මෙය ලියා ඔබ අතට පත් කිරීමෙන් මම ඉතා තෘප්තියක් ද ලබන්නෙමි .

විටෙකදී දෙවියන් විසින් මා හට දුන් අවස්තාවක් වන්නටද මෙය වියහැකි යැයි කියා මට සිතේ .

ඉතින් මෙය කියවන ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා ( කමෙන්ට්ස් ) මම ඉතාම අගය කරමි .

ඔබ සැමට බොහෝම ස්තූතියි .
රන්දීර් මෙන්ඩිස් .
……………………………………………………………………………………….

                                                      පස්වෙනි කොටස

මෙතෙක් කථාව ,
“උඩරට මැණිකේ”… දුම්රිය ගම්පොල සිට නැවත බදුළු බලා ගමන් ඇරඹිණි . ස්වර්ණා සමග කථා කිරීමට අවස්තාවක් එනතුරා පුලපුලා බලා සිටි “රංජිත්ට” ඇයව හඳුනා ගැනීමට සහ කථා කිරීමට අනපේක්ෂිත ලෙස අවස්තාවක් උදාවුනි .
ස්වර්ණා ( තම හිතින්ම සිතමින් )
” මේ සුනීට නම් පිස්සුද මන්දා …. හැමදේම කියෝනවා…..
සුනී … දැංවත් ඕක නවත්තන්න ”

අද එතැන් සිට ,

දුම්රිය වනාහි ,
එකම සංගීත සංදර්ශනයක් සහ විනෝදාත්මක සංසිද්ධියකි . එනම් දුම්රිය ගමන් ඇරඹීමට ප්‍රථම යකඩ කඳක් සමග ඇය නිසොල්මනේය. ඒකාන්තයෙන් ම පැවසූවිට… සංගීත සංදර්ශනයක ආරම්භයට පෙර සේය . ගමන් ඇරඹීමට ප්‍රථම ඇය “ට්රම්පට්” එක පිඹිණ්නීය ( ” ප්රා…ස්…. ” ) එය වාදනයට ප්‍රථමයෙන් සූදානමක් වැනිය.
ඉන්පසු ඇයගේ කදිම පාද වලින් ” කටස් කටස් ” ” කටස් කටස් ” ගා ගෙන සෙමින් සෙමින් රිද්මය දෙන්නීය . හරියටම සංගීත කණ්ඩයක ටෙම්පෝ එක වැඩි වෙනවා සේය . ( Tempo – රිද්මයේ වේගය )
එනම් මුළු ප්‍රසංගයේම ප්‍රථම වාදනයෙන් ගීතය සමග ප්‍රසංගය ඇරඹෙණ්නාක් වැනිය .
ඇය සෙමින් ගමනේ යෙදෙන විට සාමාන්‍ය රිද්මයේ ගීතද වේගයෙන් ගමන් කරනා විට වේග රිද්මයේ ගීතද වයන්නීය .
දුම්රිය මාර්ගය දෙපස ආලෝකය විහිදුවන විදුලි සංඣා සහිත රතු සහ කොල ආලෝකය විහිදුවන විදුලි බුබුළු සහිත සිග්නල් කණුය. මේවා බොහෝ විට දුම්රිය මගීන්ට දිස්වන්නේ රතු සහ කොල ආලෝකයෙනි .
මෙය මෙම සංගීත සංදර්ශන වේදිකාවේ ඩිස්කෝ ලයිට්‍ වැනිය .
ඈතින් පෙනෙනා කඳු වැටි දෘශ්‍ය පථයට සමාන වේ. ගත දැවටෙනා සිසිල් සුලඟ ගතසිත මන්මත් කරවයි . එකවරම අඳුරු වන්නේය , එනම් ඇය බිං ගෙයක් තුලින් ගමන් කරන්නීය , එවිට විසිල් නාද දී කෑ….කෝ…. ගසන්න ට පටන් ගන්නේය . එනම් මේ ගීතයෙන් සහ සංගීතයෙන් මත්වූ රසිකයෝ වනාහි මෙම දුම්රියේ ගමන් කරනා මගීන්‍ ය.

කෙලින් ගමන් කල ඇය දැන් ලාලිත්‍යයෙන් බඳ නලවා නටන නර්ථන ශිල්පිනිය ක ..සේ ” වක්‍ර වී ගමනේ යෙදේ , එනම් වේදිකාවේ නර්ථන ශිල්පිනිය ඇයයි. වේදිකාවේ රසිකයෝ නොහොත් දුම්රිය මගීන්ට ඇයගේ පසඟ කදිමට පෙනේ .
දුම්රිය කවුළු වලින් හිස් එලියට යොමා සිට්නා බාලයන්ට නම් සිසිල් සුලඟේ පහස තදින්ම දැනේ .
දුම්රිය දොර අසල සිට්න්නේ පෙම් යුවලකි . ඔවුන්ද සංගීත සංදර්ශනය ප්‍රේමයෙන් රස විඳිති. තවත් තරුණයෝ දෙතුන් දෙනෙක් දුම්රිය පා පුවරුවේ සිට සැනෙකින් ඇතුලට ඔවුන් ගේ දේහයන් යොමයි , එය දුම්රිය වේගයෙන් ඇදෙන විට ක්ෂණිකව ඇඟ ගැටීමට එන පා පුවරුව ට ඉහලින් ඉතා ලඟින්ම පසු වෙනා කළු ගල් පර්වත වලින් බේරීමටයි . ඔවුන් මේ ගමන් කරණා ආකාරය නම් ඉතා අනතුරුදායකය .
මෙය දෙස “සුවර්ණා” මහත් තැතිගැන්මකින් බලා සිටියා ය .
“ස්වර්ණා”-
“සුනී”… මේ බෝයිස්ලා මෙච්චරටම ස්ටුපිඩ් මොකද අනේ ? මෙච්චර ට්රේන් එකේ ඉඩ තියෙද්දී ෆුට් බෝඩ් එකේම යන්නේ පිස්සුද එයාලට” ???
“සුනීතා”-
“අනේ මන්දා ඩියර් මටත් හරිම බයයි එගෝල්ලෝ කරන වැඩ වලට
මොනාහරි වුනෝතින් එයාලගේ පේරන්සට්ලා තමා දුක් විඳින්නේ” .
ස්වර්ණා –
” සුනී ” මට නම් ඔය කරන වැඩේ තවත් බලා ඉන්න බෑ …..
සැනෙකින් ස්වර්ණා තරුණයින් දෙසට කෑ ගසමින් –
“ඒයි…… පිස්සු… මෝඩ…. කොල්ලා……. ස්ටුපිඩ් ගයිස් , ඇතුලට වෙලා යනවා….. ” කියා කෑ ගැසීය
“සූනීතා ත් රංජිතුත් ස්වර්ණා දෙස මවිතයෙන් බලමින් ”
සුනීතා –
” ස්වර්ණා ” ස්වර්ණා ” ශට් යුවර් මවුත් ….. මොනාද ඔයා මේ කියවන්නේ …. කට වහගෙන ඉන්න….. ඔයාට පේන්නෙ නැද්ද ඒයාලා වස පාටයි …… ”
තරුණයෝත් පුදුමයෙන් මෙන් හඬ ඇසුනේ කොතැනින්ද කියා බලමින් ……
“ඒ… කවුද බං අපිට පිස්සෝ කිව්වේ ??? ”
තවත් තරුණයෙක් –
“මචං ” මචං ” අර ඉන්නේ අර සීට් එකේ වාඩී වෙලා කෙල්ලෙක් , ඒකී… තමයි අපිට මෝඩ කොල්ලා කිව්වේ ”
“යමන් මචං ඔය කෙල්ලට ආයේ කට අරින්න බැරිවෙන්න හොඳ වැඩක් දෙමු” තවත් තරුණයෙක් පවසමින්.
අනෙක් මිතුරා-
” ඒ….. මචං පට්ට ලස්සන කෙල්ලෙක් නේ …… එක්කෝ පව්නේ අත ඇරලා දාමු නේ…. කිපුණු මිතුරා-
ඒයි ….. උඹ අයින් වෙයන් හරිය … මට බැන්න එකියක්ව මං නිකං අරින් නෑ…
” ඇදං වරෙං ඒකිව මෙහෙට ” කියා අනිත් තරුණයාට කීවේය .
සුනීතා-
” ස්වර්ණා අපි දෙන්නා දැං ඉවරයි මොකක්ද ඔයා මේ කලේ ? ” අන්න “අන්න”අර බොයිස් ලා දෙන්නා අපි ගාවට එනවා ” දේ ලුක්ස් ලයික් “ගැන්ස්ටර්ස්” අපිව බේරගන්න ඔයාගේ ඩැඩීවත් මගේ බ්‍රදර් වත් ලඟ නෑනේ දැං ” ෂිට්”…
“ස්වර්ණාගේ” මුළු මුහුණ ම රතුවෙලාය . දෙකොපුල් බයෙන් ගැහෙන්නීය . “රංජිත්” “ස්වර්ණා”ගේ මේ… ඉරියව් දෙස , තරමක් ශෝකයෙන් බලා සිටියි . ඇයව අප්‍රාණික වෙලා සේ “රංජිත්ට” පෙණුනේය .
තරුණයන් දෙදෙනා –
” මේ…. නෝනා ඇයි මොකද ???
මොකද දැං කියන්නේ ….. ”
“ස්වර්ණා”-
“කිසිවක් නොකියා බිම බලා ගත්තාය” .
“සුනීතා”-
“අනේ… ප්ලීස් ඔයාලා යන්න , ගනන් ගන්න එපා …. මෙයා නිකං කිව්වේ”
තරුණයන් දෙදෙනාගෙන් එකෙක් –
“ඔයා කව්ද අපි ඇහැව්…වේ.. මෙයාගෙන් …… ” කියා රෞද්‍ර ලෙස කීවේය.
“ස්වර්ණා”-
“අයි ඈම් සොරි …… ඔයාලා තහනම් වැඩක් කරන්නේ ….. ෆුට් බෝඩ් එකේ ඔහොම ට්‍රැවල් කරන්න බැහැ ” ඉට් ඊස්‍ රියලි ඩේන්ජරස්”
තරුණයා-
“මේ නෝනා අපි ඒවා බලාගන්නම් ” අපිට සොරි කියලා හරියන් නෑ …. එන්න යන්න ඕනෙ නම් අපේ “රණේ” ගෙන් සමාව ගන්න වෙයි ඇවිත්”.
“යං.. යං” …… කියාගෙන ,
ඔවුන් “ස්වර්ණා” ගේ අතින් ඇද්දේය , ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදීමට ඇය තැත් කලත් ඵලක් නොවීය .
“සුනීතා”-
“අනේ… ප්ලීස් ප්ලීස් එයාගේ අත අතඅ‍රින්න ” කියා තරුණයන් දෙදෙනාට කියමින් ,
මේ… සිදුවීම නිසා මුළු දුම්රිය මැදිරියේ මගීන් සියල්ලෝම එබී එබි ඉස්සී මෙ දෙස මවිතයෙන් බලා සිටියි .
නමුදු කිසිවෙකුත් මේ කතුන් දෙදෙනා වෙනුවෙන් කථා කලේ නැත . ඔවුන්ගේ උදව්වට ආවේ නැත .
එක් කාරණයක් නම් මේ තරුණයන් තරමක දාමරිකයන් ට සමාන පෙනුමක් ඇති නිසා දෝ නැත හොත් කොන්ද පණ ඇති කිසිවෙකුත් දුම්රිය මැදිරියේ නොසිටී නිසාදෝ කියා සැක සහිතය.
“ස්වර්ණා”… ව ඇද ගෙන යාමට නැවත ඔවුන් තැත් කරද්දී ” වහා “රංජිත්” නැගිට ”
“ප්ලීස් බ්‍රදර්ස් , ලීව් හර් අලෝන් , ටේක් ඉට් ඊසි ” කියා තරුණයන් ට කීවේය .

ඉන් කිපුණු තරුණයෝ….
“මේ මහත්තයා …. ඔහේ කව්ද මෙයාලගේ ?? ” කියා ඇසීය
“රංජිත්” ඊට පිලිතුරු දෙමින් ,
“අයි ඈම් ජස්ට් අර් පැසෙන්ජ්ර්” මේයාලා වගේම ” කියා කීවේය.
තරුණයෝ දෙදෙනා –
“එහෙනම් යනවා මහත්තයා අහකට මෙතන ඉංගිරීසි කෑලි දදා එන්නේ නැතුව ” කියා “රංජිත්ව” වැරෙන් තල්ලු කලේය . ඔවුන්ගේ තල්ලු කිරීමට “රංජිත්” සෙලවුනේ වත් නැත .
ඔවුන් දෙදෙනා මේ “රංජිත්ගේ” ශක්තියට තරමක් තැති ගත්තා වැනිය .
ඔවුන් “ස්වර්ණා”…ගේ් අත අතැරදමා ඔවුන්ගේ අනෙක් සඟයා වන “රණේ” වෙත ගියෝය .
” රණේ රණේ ” අර කව්ද පොරක් අපිව බ්ලොක් කලා නේ , කෙල්ලව අපි මේ පැත්තට ඇදන් එන්න යද්දී ”
“රණේ”-
” අනේ… මගේ කට ??? උඹලා වගේ බබ්බු ටිකක් ඔය වගේ සීන් එකක් වත් උඹලාට හරියට කරගන්න බෑනේ….. ”
මිතුරන්-
“අනේ උඹ නම් කියයි , අර යකා හෙල්ලුනේ වත් නෑනේ….. අපි ඒ යකාව තල්ලු කරද්දී ” හරියට ගල් පිළිමයක් වගේ”
“රණේ”-
“එහාට වෙයල්ලා…. නිවට රැළ ….. යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදනවාද බොලව් ” මම ම යන්නම් ඔය කෙල්ලව මෙහෙට කුදලගෙන එන්න”
කියාගෙන , “රණේ” වහා “ස්වර්ණා” හිඳ සිටි අසුන දෙසට විදුලි වේගයෙන් ගියේය .
මිතුරන් ගෙන් කෙනෙක් –
” මචෝ…. අද “රණෙ” යගේ…. අවසානේ තමා …. බලපන් අර පෝරි සාදයාගෙන් මූ….. කනවා … කෑමක් .
මූගේ…. බොරු සෝබන නේ මචං …. කෙල්ල අපිට බැන්න වෙලාවේ ඇහක් ගහලා ….. තොල් උල් කරලා පොඩි තොත්තුවක් දෙන හැටි කෙල්ලට පෙන්නුවා නම් ඉවරනේ ” අනික පට්ටම කෑල්ලක් නේ මචං .
” ඒ වගේ කෑල්ලක් ගෙන් බැනුමක් අහන එකත් සැපක් නේ… බං ”
අනෙක් මිතුරා –
හැබෑම නේන්නම් …. මූට නෙලයිද බං ???
හදිසියේම – එක් මිතුරෙකු ,
“ඒහ්… ඒ…. එයි …. එයි මචං.. ” අරබලපං…. අර… අපේ රණෙයා…. අර පෝරිසාදයා ගේ කම්මුලට ගැහුවා නේද ??? ආයේ අර කෙල්ලගේ අතින් අදින වෙලාවේ ” ඒ යකා මැදට පැන්න ගමන්.
අනෙක් මිතුරා –
” එහ්..ඒ…. ඒ….. මචං වැඩේ දෙල්…. දෙල්…… අන්න අපේ “රණෙයාගේ”…. අතේ මොකක්ද තැනෙකින් ඇල්ලුවා ඒ යකා…..
ඒ…… ඒ……..එයි මචං අන්න අපේ “රණෙයා” මර ලෙතෝනි දීගෙන බිම වැටීගෙන ඉන්නවා ………
“රණේ”-
” ආ……යි…….. ආයි……ඌයිහ්……..ඌයි…. බුදු…. අම්…..මෝ…… ම…ගේ…..අත….. අ……. අහ්° …..අහ්°…….
අතැරපා….ං මගේ….. අත… ” කියා මර හඬ දෙන්නේ ය .
” මාව……. බේරගනිල්…… ලා……. ” කියා ඔහු සිය මිතුරන් ට කෑ.. බෙරිහන් දෙන්නේය ” .
නමුදු ඔහුගේ මිතුරන් පැත්ත පලාත ක නැත .
ඒ අතර තුර ,
“රංජිත්”-
” කෝ තමුසෙගේ යාළුවෝ ” කියා “රණේ” ගේ අත මුදාහරිනා අතරතුර ඇසීය ,
” අනේ මහත්තයා මට සමාවෙන්න ” කියා රණේ ඇයැද සිටියේය .
” මගෙන් නෙමේ මිනිහො මේ ලේඩිගෙන් සමාව ගන්නවා ” ඊඩියට් (තකතී
“ස්වර්ණා” ද “සුනීතාද” තැතිගෙන මේ දෙස ගල් ගැසී බලාසිටින්නී ය.
“රණේ”-
” අනේ නෝනා මට සමාවෙන්න . අපි මේ නෝනලාට කරපු වැඩේට ”
“රංජිත්”හිස ඔසවා “රණේ”ගේ සගයන් දෙස බලන විට –
“රණේගේ ම්තුරන්” –
” මචං අන්න අර යකා … අපි දිහා බලනවා අපි දෙන්නටත් , නෙලන්නද කොහෙද ”
අනෙක් මිතුරා-
“මචං දුවපා….. ං … දුවපාං නැත්තං කන්න වෙන්නේ අද අපිටත් .
කොහෙ දුවන්නද බං අපි ඉන්නේ කෝච්චියේ නේ , කියා මිතුරා කීය .”
“හැබෑ…ම නේන්නං ……. එහෙනං …….ඒ…..ඒ… මචං අනිත් පෙට්ටියට මාරු වෙමු .”
සැනෙකින් ඔවුන් දෙදෙනා අතුරුදන් විය.
“පේනවා නේද තමුසෙගේ යාළුවෝ ….. තමුසෙව දාලා මාරු වුනා ..” කියා “රංජිත්” සිනාසුනේ ය.
” තව ටිකෙකින් ඔය පේන් එක අඩු වෙලා යයි . ගෙදර ගියාම මතක් කරලා හොට් වෝටර් වලින් පොඩ්ඩ්ක් තවා ගන්නවා ”
” යන්නම් මහත්තයා ” කියා “රණේ” කෙඳිිරි ගාගෙන යන්නට ගියේය .

එකවරම දුම්රිය මැදිරියෙන් මහා අත්පොළසන් හඬක් නැගීය . ඒ අනෙක් මගීන් ව්සිනි .
මගීන්ගෙන් අයෙක් –
“නියමයි සර්ර්….සර් නියමෙට දුන්නා , උන්ට ඔහොම මයි කරන්න ඕනේ….
“ගෑණු” ළමයින්ට චන්ඩිපාට් දාන නපුංසකයෝ…….
“සර්” හිටියේ නැත්නම් මම ඕකුන්ට මෙලහකට ගහලා පන්නලා..”
“රංජිත්” ,
ඔහු දෙස බලා – ” හැබෑටම ??? ” කියා ඇසීය .
“ස්වර්ණා”ත් “සුනීතාත්” මෙයට නම් සිනාසෙන්නෝ… ය.
“රංජිත්” අසුනේ නැවත වාඩි ගත්තා පමණි .
“අනේ “රංජිත්” ඔයාට නම් ගොඩාක් “පිං” කියා “ස්වර්ණා” දෙඅත් එක් කොට රංජිත් ට ආචාර කලාය “.
“රංජිත්”-
“නෙවර් මයින්ඩ් . ඉට් ඊස් මයි ප්ලෙෂර් ටු හෙල්ප් යූ , කියා ඔහු පැවසුවා පමණි.”
“අනේ රංජිත් ඔයා ගේ ලිප්ස් වලින් බ්ලීඩ් වෙනවා , ඔයාගේ තොල පැලිලා වගේ…. කියා සුනීතා පැවසුවා ය .”
හනික “ස්වර්ණා” තම හෑන් බෑගය පිරික්සන්නට වූවාය . වාසනාවකට ඇයට ප්ලාස්ටරයක් සම්බවුනි . ඇය වහා තම වතුර බොතලය විවර කර ඇයගේ රෝස පාට ලේන්සුව ජලයෙන් පොඟවා “රංජිත්” අසලින් හිඳගත්තා ය .
“රංජිත්” මම ඔයාගේ ලිප්ස් වලින් බ්ලීඩ් වෙන එක නැවැත්තුවා ට කමක් නැද්ද ? ”
“රංජිත්”-
” යර්ස් ෂුවර් , නෝ ප්‍රොබ්ලම් ඩූ ඉට් , ඇක්චුවලි මට ඒක දැනුන් නෑ
අර මෑන්ගේ ස්ලැප් එක වදින්න ඇති මගේ තොලේ , පොඩ්ඩක් තොල “පැලිලා” වගේ නේද ?”ස්වර්ණා” සිය දෑත් වලින් මෘදුව රංජිත් ගේ තොලෙන් වෑස්සෙන ලේ… පිසින ගමන්
“සුනීතා”මේ දෙස පුදුමයෙන් බලාසිටීයා ය .
“ස්වර්ණා”
” අනේ රංජිත් අයි ඈම් රියලි රියලි සොරි , මේ ඔක්කොම ඔයාට කරදර වුනේ මං හින්දයි “”ස්වර්ණා” ගේ දෑස් ශෝකයෙන් බර විය .
” නෙවර් මයින්ඩ් , ඔයා ඒකට පොඩ්ඩක් වත් වොරී වෙන්න එපා “ස්වර්ණා ” කියා “රංජිත්”ඇය හට කීවේය .
ස්වර්ණා එකවරම “රංජිත්” ගේ දෑස් දෙස බැලුවා ය . ඇයගේ දෑස් දිලිසීමට පටන් ගෙන ඇත . ඔවුන් දෙදෙනා දැන් එකිනෙකා සමීපයේ සිටින්නේ මුහුණට මුහුණලාය ,
“රංජිත්” ගේ පැළුනු යටි තොලේ ඇය ප්ලාස්ටරය අලවන මේ මොහොතේ නම් ඇයගේ දෑස් ඉතා ප්‍රේමාන්විතය .
“රංජිත්”මැයගේ දෑස් වලට සහ නාදළු වන් ඇයගේ දෙතොල් වලට වශීවී , මත්වී හමාරය .

මතු සම්බන්ධයි !

හයවන කොටස ️,

මා සහ මාගේ සුන්දර ළමා කාලය ගැන පෙරවදනක් ,

දැන් වේලාව රාත්‍රී නවය පසුවී ඇත අද දින ඉරිදා ය , දිනය 08/12/2019

ඒ නම් උදුවප් මාසය යි , දෙසැම්බරය නම් මා අවුරුද්දේ වඩාත්ම ඇළුම් කරනා… මාසයයි . ” අපි කියන්නේ මේ මාසෙට නත්තල් මාසේ කියලා ”

ඇත්තටම පැවසූවොත් නත්තල් ම තමා ,

වර්ථමානයේ සතුට අඩුවෙන් දැනුනත් , මේ මාසයේ නම් එය වෙනස් වන්නේමය . ඇඟ දැවටෙනා සිසිල් සුලඟ , ” නත්තල් සුලං ” ඈතින් ඇසෙනා රතිඤ්ඤා සහ අහස් වෙඩිලි වල හඬ , මා කුඩා කල මෙය වඩාත් ප්‍රචලිතය . ඒ වගේම නිලා කූරු , බඹර චක්‍ර ,

ගමේ පාසලෙන් පසුව , වැඩිදුර අධ්‍යයාපනය සඳහා අම්මා සහ තාත්තා මා මීගමුවේ ශාන්ත මරියා මහ විදුහලට ඇතුලත් කලේය . ඒ මම සිව්වන වසරට පා තැබීමත් සමග ය , මට ඒ මොහොත අද වාගේ මතකය . මම මගේ ගමේ පාසලේ මගේ පන්තියේ ගුරුතුමිය ගෙන් මිතුරු මිතුරියන්ගෙන් සමුගත් දුක්බර මොහොත .

” යන්නම් මිස් ” කියලා පංති බාර ගුරුතුමීට බුලත් අතදී වඳිනා… මොහොතේ ඇයගේ දෑස් වලින් කදුළු වැටෙන්නට ඔන්න මෙන්න තිබුණි .

මට මගේ ගුරුතුමිය පැවසූ වදන් අද වාගේ මතකය .

“පුතේ ලොකු ඉස්කෝලෙකට නේද යන්නේ , ගිහින් හොඳට ඉගෙන ගන්න ඕනේ” “හොඳද” පුංචි මගේ කටින් එ වෙලාවේ… “හා මිස් ” කියලා පිටවුනා ,

ඇලේ දොලේ එකට නා… කා බී පාසැල් ගිය මගේ ගමේ යහළුවන්ගෙන් මා නොදැනුවත්වම ටිකෙන් ටික ඈත් වන්නට සිදු වුනෙමි.

මගේ ගමේ පාසැල ගැන කාගේත් වැඩි අවධානයකට ලක්නොවුනත් එය , අපේ ගම පළඟතුරයේ පල්ලිය ඉදිරිපිට මහ පාරෙන් ඔබ්බට ඇති පළඟතුරය කණිෂ්ඨ ව්දයාලයයි , මේ සුන්දර පුංචි පාසල සමීපයෙන්ම ගලනා දිය අගලේ බැස අපි මාළු පැටවුන් අල්ලා හිස් ජෑම් බෝතල් වලට වතුර පුරවා මාළු පැටවුන් ඒ තුලට දමා , යාළුවෝ අපි ඔක්කොම එකතු වෙලා පංති කාමරයට ගෙන ගොස් මාළු පැටවුන් ජලයෙන් පිරුණු ජෑම් බෝතල් ඇතුලේ පිහිනන හැටි බලා සතුටු වුනෙමු . මේ ඔක්කොම ලොකු සර්ට හොරෙන්‍ ය .

“ගුරුතුමී” අපිට දොස් කීවේවත් බැන්නේ වත් නැත . ඇය කීව් එකම දෙය නම් ” ළමයි ඔය මාළු පැටව් ඉස්කෝලේ ඇරුනාම අගලටම දාලා යන්න මතක් කරලා ” අපේ පංතියේ ගැහැණු ළමයින් ගෙන් නම් මේ වැඩ ගැන වැඩි අවධානයක් නැති වූවත් ඔවුනට තිබුනේ නැටුම් ගැයුම් වලට ඇති ලැදියාවන් ය .

අපේ ගුරුතුමී අපේ ළමා කාලයේ සුන්දරත්වය ව්ඳගැනීමට අපිට පුළුවන් හැම විටම ඉඩදුන් වගක් මට දැන් පසක් වේ . ” රසිකා ගුරුතුමිය ඇයගේ නම ”

දිනක් මාගේ ලඟම සිටී යෙහෙළිය , අම්මා මට උදේ පාසැල් එනවිට ගෙදරින් සාදා දුන් කිරි බෝතලයෙන් තුන්කාලක්ම ඇය මට නැටුම් ගැයුම් පෙන්වා හිස්කල හැටි මතක් වුනෙමි . මමත් ඇයගේ නැටුම් ගැයුම් දෙස කට ඇරගෙන බලන් සිටියා මතකය. “ගැහැණුන්ගේ කුඩා කල සිට ඇති මායම්” කියා දැන් සිතුනද එය ඉතා සුන්දරය. “ඇය සුද්දියක්”වාගේ සුදු වූ බවක් තවමත් මාගේ මතකයේ රැඳී ඇත . ගැහැණු පිරිමි කියා බේදයක් අපට තිබුනේද නැත.

ඒ කාලයේ සංගීත භාන්ඩයක් මිලදී ගැනීමට වත්කමක් අපිට නොතිබුණු නිසාත් , තාත්තාගේ සංගීත කන්ඩායමේ “ගිටාර්”එකෙන් තාත්තා මට “නිල් අහස් තලේ අගේ” නම් වූ… අලංකාර ගීතය , වාදනය කරනා සැටි ගිටාර් එකේ විෂ්කම්භය අඩුම තත් වලින් වයනා හැටි මා හට ඉගැන්නුවේ ය .

ඔහු මගේ මුල්ම සංගීත ගුරුවරයා ය. ” එනමුත් තාත්තාගේ අදහස වුනේ මා මේ විදියට ඔහුගෙන් ගුරුහරුකම් ලැබීම නොවනවග මට පසුකාලෙකට අනුව පසක් වුනෙමි.

ගිටාර් එක වාදනය කිරීමට පටන් ගත් මා , පුංචි ඇඟිලි රිදීමට ගත් නිසා දෝ , මා හිඳගෙන සිටිනා විට ගිටාර් එකේ බඳ මටත් වඩා උසින් මාගේ මුළු සිරුරම වසාගෙන එය හරි හැටි හසුරවා ගැනීමට මහත් අසීරු වූ නිසාදෝ මා හට එවකට ගිටාර් වාදනය එපා වුනි. මාගේ එකම ආසාව වුනේ විදුලි “ඕගනයක්” වාදනය කිරීමටයි .

අම්මාගෙන් මෙය ඉල්ලූවත් , වර්තමානයේ දෙමාපියන් ට මෙන් අපේ දෙමාපියන් ට මුදල් හදල් හරිහැටියට නොතිබුණු නිසා අම්මාගේ පිලිතුර උනේ ” පුතේ තව ටිකක් ඉන්නකෝ “ඕගන්” එකක් ගන්න සල්ලි හම්ඹුනහම අරන් දෙන්නම් ” කියා ය.

ඒත් පුංචි මට එතකම් සිටීමට ඉවසුම් නැතිවුනෙමි. මා ඕගන් වාදනය ආරම්භ කලෙමි . ඒ මට අවුරුදු අටේ දීය . ළමා අවධියේ සිටි මා තනිවම මාගේ ඕගන් එකේ වාදන පුවරුව තනිවම නිර්මාණය කලෙමි. ඒ මාගේම මට වෙන්වූ ගමේ පාසලේ මගේ පංතියේ පුංචි ඩෙස්ක් එක මතය .

මම ෆුට් රූලක් ආදාරයෙන් පෑනක් තබා , පෑන් තුඩෙන් ලී කැටයම් කරනා ආකාරයට තදින් ඇඳ අඳිමින් වාදන පුවරුව මතුකර ගනිමින් වාදන පුවරුව නිර්මාණය කර ගතිමි. සරිගම නොදත් මා ඒවාට , C D B A කියා නම් තැබුවාද මතකය . එයින් නොනැවතුණ මා ඩෙස්ක් එක මත පුංචි ඇඟිලි හසුරුවමින් ශබ්දයක් නොඇසුනද මා එය වාදනය කලෙමි , එය මාගේ ප්‍රථම ඕගනය යි .

පසුව ගමේ පාසලෙන් ශාන්ත මරියා පාසල වෙත යන විට අම්මාගෙන් මාගේ ඕගන් ඩෙස්ක් එක ද රැගෙන යෑමට ඉල්ලා සිටියත් අම්මා එය ප්‍රතික්ෂේප කලාය .

මන්ද එවකට හැකි අය තමාගේ ඩෙස්ක් එක පුටුව , තම දෙමාපියන් ව්සින් තම දරුවන් ට සාදා දීමට අපේ ගමේ පාසලේ විදුහල් පති තුමා කල ඉල්ලීමක් වූ බැවිනි . ඉන්පසු ව අම්මාගේද ඉල්ලීම මත , මාගේ ඕගන් ඩෙස්ක් එකද හැරදා මට යන්නට සිදුවුනෙමි. අම්මා මාගේ ඕගන් ඩෙස්ක් එක මගේ පංතියේ ඊලගට පැමිනෙන සිසුවෙක් ට දෙන ලෙස ඉල්ලා ගුරුතුමිය ට තෑගි කලා මට මතකය .

ඉන් බොහෝ කලකට පසුව අම්මාත් තාත්තාත් මට සැබෑම විදුලි ඕගනයක් තෑගි කලෝය . එය මට ලෝකයේ ලොකුම තෑග්ග ලෙස දැනුනෙමි.

අපගේ කුඩා කල සෙල්ලම් ගත්කල , කුරුම්බැට්ටි මැෂිම , ටයරය ලී කැබැල්ලකින් තල්ලු කරගෙන දිවීම , සරුංගල් යැවීම සහ ගස් පිච්චීම ( මෙයට යොදා ගන්නේ මීටර සියයක් අතර දුරකින් එකිනෙකට ඉදිරියෙහි ඇති පොල් ගස් යුගලයකි ) කිසිදා අමතක වන්නේ නැත .

රෑ බතට ඇලේ බැහැගෙන මඩ නාගෙන ඉස්සන් ඇල්ලීම , අද කාලයේ කිසිදා මට නොලැබෙන රසවත් මිහිරි අත්දැකීම්‍ ය. බොහෝවිට අම්මා මට මෙයට අපේ පුංචි වයසේ යාහළුවන් සමග යෑමට ඉඩ නොදෙන්නීය .

ඇය යන්නට දුන්නොතින් ඒ දෙන්නේත් , මගේ වැඩි මහල් ඤාති සහෝදරයින් සමගය .

ඒ කාලයේ අද කාලයේ ළමයින්ට මෙන් අපට නාන තටාකයන් තිබුනේ නැත . අප සැම ඇලේ දොලේ බැස පිහිනීමට ඉගෙන ගතිමු .

ඇල දෙල ගංඟා සහ මහ සයුරට එකල මනුෂ්‍යයින් ඉමහත් ලෙස ප්‍රේම කලෝය. අද කාලයේ මෙන් නොව එ කල කාණු පද්දතී , අපවිත්‍ර ජලය , කැලි කසල කිසිදා ස්වභාදහම ට මුදානොහැරියේ ය.

මේ හැම අභාග්‍යසම්පන්න කාලයකම උදාව වැඩි ඈතක නොවන වග කිව යුතුමය , හැම පිරිහීමක් වියසනයකම ආරම්භය , ඒ මින් වසර දොලහක පහලොවකට මෙපිටය.

අද ස්වභාදහම අපවිත්‍ර වී කෙලෙසී ඇතිනම් එයට වගකිවයුතු එකම සත්වයෝ වනාහි නම් ඒ මනුසතුන් වන අපමය . මෙය දැන්වත් අවම නොකලෝතින් තත්වය ඉතා දරුණු වන බව නොඅනුමානය.

ඇලේ දාලේ බැස අල්ලා ගන්නා ඉස්සන් , කකුළුවන් සහ මාළුන්ගේ හොදි වල රස ගැන මතක් වෙද්දී අමතක නොවෙන කෙනෙක් සිටියි , ඒ මගේ අත්තම්මා ය. ඇයගේ සුවිශේෂී ඉවුම් පිහුම් වලට නොදෙවෙනි වන කෙනෙක් මම තවම දැක නැත. ඇය මේවා පිසූ දවසට හැලි වලං වලින් සේදීමට යමක් අපි ඉතුරු නොකරන්නෙමු.

ඇය නමින් “ඇග්නස් විජේසේකර” වන්නේය.

“අත්තම්මා” තරම් කරුණාවන්ත හදවතක් ඇති ගැහැණියක් මම කිසිදා දැක නැත. ඇයත් ගමකින් පැමිණිය නිසාදෝ ඇය හට මේ තරම් සුවිශේෂී ගුණාංග තිබුනිදෝ යැයි කියා මා හට සිතෙන්නෙමි.

මා කුඩා කල දිවා කාලයේ සිය නිවෙසට පැමිණෙන යාචකයන්ට පවා ඇය බත් කන්නට නොදී යවනවා මට මතක නැත.

අසරණ වුනු මහළු වියේ පසුවන යාචකයන් කිසිම අප්‍රියතාවය කින් තොරව ඇය ව්සින් නාවා පිරිසිදු කර සිය නිවසේ අමුත්තන්ට වෙන්වු කාමරයේ පවා නවා තැන් දුන් අවස්ථාද ඇති බව දිනක් අම්මා මට කීවාය.

ඇය මගේ සීයාගෙන් මෙයට බැනුම් අසා සිටි බවටද මට අම්මාගෙන් දැනගන්නට ද ලැබුනෙමි .

අම්මා තාත්තා සමග විදෙස් ගතවූ සෑම අවස්තාවකම අම්මා ලඟ නැති අඩුව පිරවූයේ අත්තම්මා ය . පුංචි අම්මා…සිටියත් මට අත්තම්මාගේ කකුල් දෙකේ දා…නලවනවා තරම් නින්ද නොගියෙමි. ඒ මා හට සිව්වන වියේ අවසාන අවදියේ දී , මෙන් මතකයේ ඇත . ඒනම් ගස්ලබු කිරි වැදී මුළු මුහුණ ම වනවී රෑ යාමේ අමාරුවෙන් කෙඳිරිලි ගාන මොහොතේදීය .

පාසැල් යන අවදියේ පැසැල නිමවී නිවසට ආ මොහොතේ පටන් මග බලන් සිටියේ හනික කා බී , අත්තම්මා සිටි මහ ගෙදරට දිව යෑමටයි , අත්තම්මා දැකීමේ වුවමනාවත් , හිරු බැස යෑමට ලංවෙන තුරු අත්තම්මාගේ නිවසේ දෙපස ඇති කජු ගසේ , නෙල්ලි ගසේ සහ පේර ගස් වල ගෙඩි කෑමටත් ය .

අම්මලා කෝටු අරන් එනතුරුම ගස් වලින් අපි බැස්සේ නැත.

ඉන්පසු ටික දිනකට පසුව අපට එලඹෙන්නේ…. පාසැල් නිවාඩු කාලයයි .

මා… වැඩියෙන්ම ඇළුම් කලේද…. දෙසැම්බර මස උදාවන පාසැල් නිවාඩු කාලයටයි. ඒ නම් “නත්තල්” එන්න එන්නම කිටිටු වන බැවිනි…. කුඩා අපට අම්මා තාත්තා හැරුණු කොට “වැඩිහිටි මාමලා නැන්දලා” ගෙන එන තෑගි දෙස අප නොඉවසිල්ලෙන් බලාසිටියෙමු.

එදා තිබූ අපේ සතුටට අද කුමක්වීද කියා විටෙක සිතේ…. කණස්සල්ලක්ද හටගනු ඇත.

මා සාමාන්‍ය පෙල කරනා අවදියේ අත්තම්මා ට වැඩිදුර පයින් යෑමට අපහසුවූ නිසා තාත්තා මට අරන් දුන් “මවුන්ටන්” සයිකලයෙන් අත්තම්මා ව ගමන් එක්කන් යෑමට පුරුදු වුනෙමි. විශේෂයෙන් පාසලෙන් පසුව ඇති පෞද්ගලීක පංති නිමවී මම එනතුරා අත්තම්මා පල්ලියේ හවස දේව මෙහෙය අවසන්වී බලන් සිටියා මට මතකය.

අත්තම්මා තරම් ජේසු සමිඳානන් වහන්සේ් ට ආදරය කල තවත් කෙනෙක් ද මා දැක නොමැත . ඇය අප කැටුව සෑම දිනකම හවස් යාමයේ …. හෝරාවකට ආසන්න කාලයක් දිනපතාම පාහේ කුඩා අප කැටුවද යාඣ්ඣා කලාය . එය අපට අනිවාර්යය . ඒ….කාලයේ….අද මෙන් නොව සියළුම යාඣා මට කටපාඩම් ය .

මාගේ දෙවෙනි පාසලේ….ශාන්ත මරියා..වේ ….මා ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාධ ලබන අවධියේ … පැවති පංති වලදී …. යාඣා සියල්ල කටපාඩම් නිසා ගුරුතුමිය ගේ…. ප්‍රශංසාවට ….ලක්වූ හැටිද මතක් උනෙමි . ඒ…..මගේ ආත්තම්මා නිසාය .

අම්මා හැරුණු කොට …..ආත්තම්මා ට පසුව මගේ….ජීවිතේ…..නැවත මා දෙවියන් වෙත යොමු කරවන සුවිශේෂී පුද්ගලයෙකු මට හමු …වීය .

ඒ..නම් ” මෙල්රෝයි ධර්මරත්න ” මහතාය . ඔහු මාගේ….කලා ජීවිතේට ද බෙහෙවින් උපකාර කලේය. ඔහුව මෙම අවස්ථාවේ ආදරයෙන් මතක් කරන්නෙමි . තවද “කළණ පීරිස්” පියතුමන් වද ආදරයෙන් මතක් කරන්නෙමි.

ඒ වගේම මට සංගීතය ඉගැන්වූ ගුරුවරුන් අතර ජූඩ් පීරිස් මහතා , රොඩ්නි පෙරෙරා , ශිවන්ත , කළණ ද සිල්වා , සිසිර යන මහත්වරුන්වද මාගේ….සංගීත කණ්ඩායම් දිවියේ ආරම්භය ට අත දී මා සමගම සංගීත කණ්ඩායමේ වාදනය කල ප්‍රියන්ත අයියා , මනුර අයියා , සහ තවත් සහෝදර වරුන් වද මේ අවස්ථාවේ ස්තූති පූර්වකව ආදරයෙන් මතක් කරමි .

අවසාන වශයෙන් ඔබට කීමට ඇත්තේ….මෙය මා දෙසැම්බර් මස සිට ලියූවද …. දින හතක් සිට ලියූ නවකථාවේ…..කරුණු එකවරක් ද ….නැවත දෙවෙනි වර දින තුනක් සිට… ලියූ….කරුණු . වතාවක් බැගින් දෙවතාවක් ම මුහුණු පොතේ…..යාවත්කාලීන …වන අවස්ථාවේ දෝෂයක් නිසා…. පෙරවදනේ…..කොටසක්….හැර අන් සියල්ල මැකී ගියේය . එය බොහෝ…… දුක ගෙන ආ.. කාරණයකි. ඒනමුත්….. නැවත මා කෙසේ…..හෝ…ලියා අවසන් කලෙමි.

ලැබුවා..වූ 2020 නව වසර දෙවියන්ගේ ආශිර්වාදය යටතේ….ඔබ සැමගේ සියළු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධවෙන සෞභාග්‍යමත් වසරක් වේවායි කියා මා ප්‍රාර්ථනා කරමි .

……………………………………………………………………………….

මෙතෙක් කථාව ,

“ස්වර්ණා”….ට බලකරනා අටියෙන් ඇයව රැගෙන ගොස් කාන්තා හිංසනයට හෝ නොහොබිනා ක්‍රියා කිරීමට තැත් කල අදමයින් හමුවේ වහා ඔවුන් හට එරෙහිව ඉදිරිපත් වූ “රංජිත්”ට එක් සැහැසිකයෙකු විසින් ගසනු ලැබූ කම්මුල් පහරකට “රංජිත්”ගේ යටි තොල පැලී ලේ වෑස්සෙන්නට විය .

මෙය දුටු “ස්වර්ණා” බොහෝ ශෝක වී , වහා රංජිත් ගේ යටිතොලෙන් වෑස්සෙන ලේ නැවතීමට මහත් උත්සහයක නිරත වන්නීය .

ප්ලාස්ටරය රංජිත් ගේ යටිතොලෙහි ඇලවූ පසු ඇයට ක්ෂණයකින් රංජිත් දෙස බැලිනි .

“ස්වර්ණා” –

” බබා මේ ප්ලාස්ටර් එකනම් දැන්ම ගලවන්න එපා ” හොඳේ , නැත්නම් ආයෙත් බ්ලීඩ් වේවි . කියා ඇය තම සිතින් ම සිතීමත් සමගම ඇයගේ නෙත් එක එල්ලේම “රංජිත්”ගේ දෑස් දෙස බලා නතරවිනි .

දැන් ඔවුන් එකිනෙකාගේ දෑස් මත කිමිදෙමින් පසුවෙති. එකවරම ,

“ක්හඃ…. ක්හඃ….. ,” සූනීතා මද වශයෙන් කහින්නට විය .

ස්වර්ණා එකවරම තිගැස්සී –

” මොන විකාරද මම මේ හිතන්නේ ” “මොනවද මට මේ…. වේගන එන්නේ..??? කියා සිතීමත් සමගම ඇය “රංජිත්”ගෙන් ඇයගේ නෙත් වහා ඉවතට ගන්නට වුවාය .

සුනීතා –

“ස්වර්ණා” ….. “රංජිත්”..ගේ ලිප්ස් වලින් දැන් බ්ලීඩ් වෙන්නේ නැහැ නේද ? ”

ඇය ඔවුන් දෙදෙනාට ඒ පැවසූයේ , ඔය දැන්නම් ඇති කියන්නාක් මෙනි.

“ස්වර්ණා”-

වහා සුනීතා දෙස ලැජ්ජාවෙන් බලා

“ආහ්ඃ ඕ….ඕ… ඔවුනේ ද සුනී ?” කීවාය. ඇයගේ මුළු මුහුණ ම රතුවෙලාය. මෙය සුනීතා හට මැනවින් පෙනේ .

සිය යෙහෙළිය ගේ ඉරියව් හොඳ හැටි හඳුන නා ඇය හට මෙය හැඳිනීමට එතරම් අපහසු නොවුනා විය හැක .

“සුනීතා”-

“අනේ…. අනේ…. ස්වර්ණා මොනවද ඔයාට මේ වේගන එන්නේ….??? පේනවා මට ඔයාගේ මුළු මුහුනම රතු වෙලා තියෙන හැටි .” ඔයා හොර වැඩ කරලා ඔයාගේ ඩැඩීට හව්වුනහමත් ඔයාගේ මූන ලැජ්ජාවට ඔය වගේම නේද රතු වෙන්නේ ???” කියා… තම සිතින්ම සිතන්නට විය .

“ස්වර්ණා”-

“රංජිත් දැන්නම් බ්ලීඩ් වෙන එක නතර වෙලා වගේ …. තමා ,

ඒත් ප්ලාස්ටර් එක දැන්ම නම් ගලවන්න එපා….. හොඳ ද ? ආයෙත් බ්ලීඩ් වෙන්න පුළුවනි . නේද?? සුනී …. කියා කීවාය .

“සුනීතා”-

හ්ම්…

“සුවර්ණා”-

නැවත “රංජිත්”දෙස බලා සුසුම් හෙලීය .

“රංජිත්”හටනම් ඔහුට මේ සිදුවූ තරමක අකරතැබ්බය ගැන කිසිම ගානක් නොමැති හැටියකි. තරමක වේදනාවකට වඩා ඔහුට දැනුනේ මේ “සුරංගනාවියගේ” ආරක්ෂාවට ඉදිරිපත් වීම .කෙසේද යැයි කියතොත් රජතුමෙකු සිය සතුරන්ට එරෙහිව සටන් වැද උන් පරාජය කොට සිය සිංහාසනය සහ සිය ආදරණීය බිසව ද බේරාගත් වන් මහත් සතුටකි .

සියල්ල සිදුවන්නේ හොඳකට යැයි කියා කියමනක් තිබේ . එය “රංජිත්”ට ද පොදුය .

තුෂ්නිම් භූතවූ ස්වභාවයකින් පසු මඳ නිහැඬියාවකි . නැවතත් “උඩරට මැණිකේ දුම්රිය” තමන්ගේ පාඩුවේ ඇය එකම ගමනේය .

“නාවල පිටිය” “ඉඟුරු ඔය” “ගල්බොඩ” යන දුම්රිය ස්ථාන වල මඳ වශයෙන් සුළු වේලාවන් ගතකොට පැමිණි ඇය ,

මීළඟ දුම්රිය ස්ථානය කිට්ටු වන්නට සිය වේගය මඳක් අඩු කොට සෙමින් සෙමින් ඇයගේ බඳ නලවා නර්ථනයේ යෙදි යෙදී ඇය යන ලාලිත්‍යවත් ගමන එන්න එන්නම අඩුකරගෙන …. යන අතරතුර , ඉන්පසුව … වහා එකට එක්කොට සිය පාද යුග්මය පෙලොවේ ගසා නරථනය හනිකට නවතනා නර්ථන ශිල්පිනියක සේ …. “ක්‍. රී…..ස්” …..ගා ගෙන් තිරිංග පද්ධතිය තද කොටගෙන “වටවල” දුම්රිය ස්ථානයේ ඇයව නැවත ද නැවැත්විණි .

“සුනීතා” –

“වටවල” ස්වර්ණා ට ඇසෙන සේ ඇයටම කියාගනිමින් . ක්ෂණිකව ඇසුනු අරුම ඝණයේ කටහඬට තිදෙනාම හාස්‍යයෙන් බලමින් .

වඩී…….යා…… ව…ඩී….යා…… ඊ……ෂ්.. zzෂී……යා වඩී…..යා… දා……යිට පා..යි දායිට පා….යි…ඉෂ්zශී…යා…වඩී…යා , කියාගෙන

වෙළෙන්දෙක් නැවතූ දුම්රියෙහි ඔබ මොබ ගමන් කරමින්……

“ස්වර්ණා”-

සිනහාවෙමින් ….. සුනීතා දෙස බලා…..

“විච් ලැන්ග්වේජ් … ඊස් හී ස්පීකිං ???” කියා ඇයගේ යෙහෙළිය ගෙන් ඇසුවාය.

“සුනීතා”-

“අනේ ඩියර් ඔයාට ඕකවත් තේරෙන්නේ නැද්ද ? එයා කියන්නේ එයා වඩේ.. ඉස්සෝ වඩේ.. විකුණනවා කියලානේ…”

“ස්වර්ණා”-

“ඔහ්ඃ…. අයි සී ” කියා ඇය සිනහා සුනාය”

“සුනීතා” –

” කොහෙද ඉතින් ඔයා ඕවා කන එකක් ඈ ..”

“මාත්තියා…. මාත්තියා….. වෙඩේ කනවාද ??”

කියාගෙන වෙළෙන්දා රංජිත් අසලින් සිය උනු උනු වඩේ පිරී ඇති පං කූඩයත් සමගම නැවතී ඇසීය .

“රංජිත්”-

“වාව් වට් අර් ෆ්‍රයිඩ් ස්මෙල්”

දුම් දමනා බැදුණු ඉස්සන් රැගත් වඩේ සුවඳට කුසගිනි රහිත වූවන් හටද වහා කුසගිනි ඇති වන්නේය.

“රංජිත්”-

” කීයද වඩේ කියමින් වෙළෙන්දා ගෙන් ගනන් අසමින් ”

“වෙළෙන්දා”-

” මාත්තියා ඉෂ්zශෝ වෙඩේ… දායිට පායි ”

“රංජිත්” –

” වෙරි එක්ස්පෙන්සිව් අයිසේ ” කියමින්

එතකොට ” කීයද අනිත් ඒවා ?

“වෙළෙන්දා”-

” මාත්තියා යේ….ක වෙස්සෙයිට පාලෙවෙයි ”

“රංජිත්”-

” වට් ” ???

“වෙළෙන්දා”-

” මාත්තියා මං කෙව්වේ …. ටුවෙන්ටි රෙපීස් වලට වෙඩේ… පාලෙවෙයි නේ…කියෙලා ”

“රංජිත්”-

” ඕ…කේ…. එහෙනම් මේ ෆොර්ටි රුපීස් වලටම දෙනවා පාර්සල් දෙක ගානේ දාලා”

“වෙළෙන්දා”

” ෂරි ෂරි මාත්තියා කියමින් , යෙතින් මාත්තියා….. යෙක ටුවෙන්ටී රෙපීස් වලට ඉෂ්zශෝ ….වෙඩේ.. ගෙන්න කෝ …”

“රංජිත්”-

” ඉතින් අයිසේ… තමුසෙම නේද කලින් කිව්වේ ඉස්සා වඩේ පහක් වන් තව්සන්ඩ් රුපීස් කියලා… ”

” දැන් තමුසෙගේ …. වයර් මාරු වෙලා… ද අඩුවට කියන්නේ”

“රංජිත්”ගේ ව්හිළු හඳුනා ගත් හා ඒවාට ඉතා ඇළුම් කල “ස්වර්ණා” මේ දෙස සිනහා මුසු මුහුණෙන් බලා සිටියද “සුනීතා” සිටින්නේ.. තරමක පැටලිලි සහිත ස්වභාවයකිනි .

“වෙළෙන්දා”- ( හිස කසමින් )

” යේ… කිව්වේ මාත්තියා ??? ”

“රංජිත්”-

” නෑ අයිසේ… මම කිව්වේ…. තමුසේ කලින් කිව්වේ …ඉස්සා වඩේ පහක් දාහයි කියලානේ…”

“වෙළෙන්දා”-

” අයි යයි ….යෝ…. නේ…නේ…. මාත්තියා , යේ…ක ෂරි නෑ.. මෙම කිව්වේ ටෙන්…. ටෙන් … ටෙන් රෙපී…ස් කියලා” ….

“රංජිත්”-

” එහෙනම් නියමයි නේ…අයිසේ…..

එහෙම නම් තව වැඩිපුර දෙනවා මේ ටුවෙන්ටි රුපීස් වලට ත් ඉස්සා වඩේ පාර්සල් දෙකකට ම දාලා මේ නෝනලා ….දෙන්නාට ”

“සුනීතා” –

” නෝ… නෝ.. රංජිත් වියාර් ගුඩ් , තෑන්ක් යූ .. , බට් ප්ලීස් ඩූ..නොට් හෙසිටේට් ”

“රංජිත්”-

“ගන්න… ගන්න… නෙවර් මයින්ඩ්”

“වෙළෙන්දා”-

“මාත්තියා කොයි නෝනා..ටද දෙන්නේ …..

මේ ලෙස්සන සී….දේවී නෝනා ටද ??”

“රංජිත්”- (හිනහාවෙමින් )

” තමුසේ කැමති කෙනෙක්ට දෙනවා ” කියා වෙළෙන්දා ට කීවේය.

“ස්වර්ණා” රංජිත් දෙස අමුතු ලෙස බලා ” මේ මොනවාද කරන්න යන්නේ ” යැයි කීමට මෙන් .. ප්‍රතික්ෂේප කිරීමට මෙන් “රංජිත්”ට පෙනෙන්න ට හිස දෙපැත්තට වැනීය.

“වෙළෙන්දා”-

” නෝනා… මෙන්න …. ගෙන්න… ”

” ස්වර්ණා ” සිනහවී අහක බලා ගත්තා ය .

“වෙළෙන්දා”-

” මාත්තියා යේක …. මේ.. නෝනා වෙඩේ… කෙන්න .. කෙමෙති ..නෑ ..වෙගේ… නේ”…

“රංජිත්” –

” එහෙනම් අනිත් නෝනා…. ට වත් දෙනවා..”

“වෙළෙන්දා”-

” ෂරි මාත්තියා ” … කියමින් …. නැවත ද

” යේ…නම් මේ නෝනා…. යේ…වෙඩේ… යෙක ගෙන්න ” කියා කීවේය .

“සුනීතා” –

” තෑන්ක් යූ ” කියමින් වෙළෙන්දා ගෙන් එය ගත්තාය . නැවත ඇය

” තෑන්ක් යූ “රංජිත්”බයිං දිස් ෆොර්… අස් ” කියමින්

“රංජිත්” –

” යුවාර් වෙල්කම් “සුනීතා”

” මාත්තියා යෙතකොට මේ නෝනාට මුකුත්ම එපෙයි ? ” වෙළෙන්දා අසමින්

“රංජිත්”-

” මම හිතන්නේ…. ඕනේ නැති වෙයි ”

“වෙළෙන්දා”-

” මාත්තියා මේ ලෙස්සන සී….දේවී නෝනා …. මාත්තියා ගේ … නෝනා…ද ?

මෙය ඇසූ සැනින් ” ස්වර්ණා ” ගේ මුහුණ නැවත ද ලැජ්ජාවෙන් රතුවන්නේ ය .

“රංජිත්”- ( ක්ෂණිකව )

” තමුසෙත් මෙතන ඔටුවා වෙන්න ආවානේ….. ඕන්නැති ප්‍රශ්න අහන්නේ නැතිව සල්ලි ගන්නවා “ආ… මෙන්න සල්ලි ”

“වෙළෙන්දා”-

” ෂරි ෂරි ෂමාවෙන්න මාත්තියා , යේනම් මෙම යෙන්නම් නෝනලා … මාත්තියා” … කියමින්

වෙළෙන්දා නික්ම යමින් ….

වඩී…….යා…… ව…ඩී….යා…… උනු උනු ඊ……ෂ්.. zzෂී……යා වඩී…..යා… දා……යිට පා..යි දායිට පා….යි…ඉෂ්zශී…යා…වඩී…යා

“ස්වර්ණා” මෙය අසා නැවතද සුපුරුදු සිනහාවම පෑවාය .

“සුනීතා”-

” ඩියර් ඔය හිනාවුනා ඇති ආ මේ වඩේ ඔයාට ත් ”

“ස්වර්ණා” –

” මට එපා….. අනේ ”

“රංජිත්” මේ දෙදෙනා… ගේ සංවාදය දැක ඉන්පසු ඔහුගේ වඩේ පාර්සලය ට අත දමා ” ඉස්සා වඩයක් ” රැගෙන කෑමට සැරසුනා පමනි. එවිට ඔහු දුටුවේ “සරාගී”… බැල්මකින් ඔහු වෙතට නෙත් යොමා සිටිනා “ස්වර්ණා” ය.

ඔහු මුනිවත වසාගෙනම වහාම සිය අතතිබූ දෙය ඇය වෙතට දිගු කලේය.

“ස්වර්ණා” මොහොතක් රංජිත් දෙස එක එල්ලේම බලා සිට ඔහු වෙත ඇයගේ දෑත යොමා එය ප්‍රතික්ෂේපයකින් තොරව ලබා ගත්තාය .

මෙය දුටූ “සුනීතා” ට යම් සැකයක් සහ අදහාගැනීමට නොහැකි සිතුවිලිවලින් ඇයගේ සිතපිරී ගියාය.

( ඇය තම සිතෙන්ම කියා ගනිමින් )

” මේ….. මොකක්ද මේ… වෙන්නේ…. මම දුන්නම ගත්තෙ…. නැති මෙයා…මොකද මේ… රංජිත් දෙද්දී…විතරක් ..ගන්නේ ???

“ස්වර්ණා” ( සිතමින් )

” අයියෝ …. ඇයි මං මේවා.. ගත්තේ …..

දැං ඉතින් කන්නම වෙනවා …. “සුනී ” කන හැටි රස කර කර ,

මේ…ක ලිටර් එකකට වත් දාන්න විදියක් නෑනේ මට .. ඒත් බෑ..නේ රංජිත් මං දිහා පුදුමයෙන් වගේ…. බලන් ඉන්නවා .. හිඃ…හිඃ ( ඇය තනිවම සිතින් සිනහා වෙමින් )

“මගේ….හෑන් බෑග් එකේ වත් දාගන්න හිතෙනවා …. එක්කෝ..ත් එපා..රංජිත් ඩිසපොයින්ට් වුනෝතින් එයා පව්”…

එක්කෝ….ඕන දෙයක් වුන දෙන් මම මේවා කනවා …… ”

සිතමින් ඇය පලමු අනුභවය කලා පමනි .

“ස්වර්ණා”

අඃහ් ඌයි….

“රංජිත්” ( තැතිගෙන )

“ඇයි බබා…. මොකද වුනේ….???

“රංජිත්” ගේ මුවින් විගස පැන ආ මෙම වචනය ඇසී සුනීතා මවිත වී ඇය ගේ දෑස් ද විශාල වී එදෙස බලා .

“ස්වර්ණා” හට මෙය නෑසුනා වත්ද….

“ස්වර්ණා”-

” මගේ … කට පිච්චුනා”

“සුනීතා” –

“අනේ…ඩියර් ඔයා ඇයි එකපාරටම හපලා කන්න ගියේ ? ” ඕවා…එලියෙන් නිවිලා තිබ්බට ඇතුලෙන් උණුයි.

ඒ නිසා… ටික ටික කඩාගෙන කන්න”

නැවත “ස්වර්ණා” –

“උප්ස්… ආ…යි ” කියා ඇයගේ අතැඟිලි බලමින්

රංජිත් – ( සිනහා වෙමින් )

” ඒ..පාර මොකද ? ”

“ස්වර්ණා” –

” ඉස්සා ගේ කට්ට මගේ ඇඟිල්ලේ ඇනුනා….ම්ම්ම්ම්…..ඌ…යි ” කියාගෙන ඇය සිය ඇඟිල්ල දෙපැත්තට ගසමින් .

“රංජිත්”ඇය හට සපිරි ප්‍රේමයෙන් ඇයගේ වේදනාව ට ශෝකව බලා සිටියේය .

“රංජිත්”-

” ම්….. ම්හ් , කෝ …කෝ….දෙන්න මංම කඩලා දෙන්නම් . කියා ඇයව සැනසීමට සිතුවේය .

එය දෙකට කැඩූ……. “රංජිත්” මේ….. මං කරන විදියට වගේ පොඩ්ඩක් පිඹලා කන්න …… හොඳේ ??

නැවත “රංජිත්” දුන් පසුව “ස්වර්ණා” එය කමින් .

“අනේ… තෑන්ක් යූ සෝ…මච් “රංජිත්”, මේවා හරිම රසයි ”

“රංජිත්”-

” ඉට්’ස් මයි ප්ලෙෂර් “ස්වර්ණා”…… යුවාර් මෝස්ට් වෙල්කම් . කියා ,

(රංජිත් සිතමින්) “ඔයාට නොදෙන දෙයක් මා ගාව නැහැ බබා”

“රංජිත්”..ගේ යටි සිතෙහි තිබූ ප්‍රේමය හෝ චිත්තාකර්ෂණීය සිතුවිලි ඇයගේ සිතට ද දැනෙන්නට වූ නිසාදෝ ඇයගේ ප්‍රියමනාප මුහුණේ… “නාදළු” වන් දෙතොල් මඳක් විවර වී පෙම් සිනාහාව මතුවන්නට

වූවා..ය.

මේ… මොහොතේ පිටත සිට යම් කෙනෙක් බලන්නේ.. ද , ඔවුනටද මෙය නෙතු අහකට නොයවා බලාගෙනම සිටින්නට පුළුවන් දසුනකි . ඒ තරමට ම ඇයගේ සිනහාව ට සිත වසඟ වන්නේය.

මේ මොහොතේ “රංජිත්”ගේ සිතට කාවදිනා මේ අලංකාර කථ..ගේ මන බඳිනා සිනාහාව.කිසිදා ක ඔහු නොසිතන්නට ඇත “මතු කලකදී ඔහු අතින් නිර්මාණය වන අතිශය ජනප්‍රිය ගීතයේ සදා නොමැකෙන පද මාලාවක්”අතරක ලියැවේවි යැයි කියා.

මේ…අතර තුරදී ද “උඩරට මැණිකේ” දුම්රිය එකම ගමනේ ය . ඇය නැවත ද කඳුවැටි මැදින් වැටී තිබූ බිං ගෙවල් ද කුඩා පාලම් ද පසු කොට තරමක වේගයකින් ඇදී යන්නීය.

මේසා…ඇය “මහ නුවර” සිට “ගම්පොල”දුම්රිය ස්ථානය දක්වාද ඉන්පසුව එකම ගමනේ ‍යෙදී ” ඉහල වටවල ” ” රොසැල්ල ” යන දුම්රිය ස්ථාන වලද මද වේලාවන් ද නැවතී පුරා හෝරාවන් දෙකකට ආසන්න කාලයක් තිස්සේ එකම ගමනේ යෙදුන ඇයට දැන්නම් හොඳටම මහන්සි ගානය.

ක්ෂණයකින් පසුවන්නේ විදුලි සංඣා සහිත සිග්නල් කණුය . එය නම් නිසැකවම ඉදිරියෙන් තවත් දුම්රිය ස්ථානයක් හමුවීමට බොහෝ ඉඩකඩ ඇති බව කීමට ඇති සාක්ෂියක් වනවාට සැකයක් නොවන බවය .

දුම්රියේ හි වේගය ටිකෙන් ටික අඩුවන්නට ගන්නේය. එය සැබෑවක්මය , නැවත ද මුළු වටා පිටාවම “මීදුමක්”සේ වසා ගත් සුදු දුමාරයෙන් පිරීගෙන මනාලිය මණ්ඩපයට පැමිණෙනා ක් සේ , ” හූ ” හඬ නගා ගෙන ” ක්…..රී…ස් ගාගෙන තිරිංග පද්ධතිය තද කොට ගෙන නැවතද ඇයව නැවැත්විණ.

” ස්වර්ණා ” –

” විච් රේල්වේ ස්ටේෂන් ඊස් දිස් ” කියා “සුනීතා” ගෙන් ඇසුවා ය.

සුනීතා-

” අනේ මන්දා ඩියර් … මට හොයාගන්නත් බැහැ … අයි ඈම්…. සෝ කන්ෆියුස්ඩ්”

“රංජිත්”-

“වී ආර් ඕල්රෙඩි නව් ඇට් හැටන් රේල්වේ ස්ටේෂන්”

“සුනීතා”-

” වාව් රංජිත් යූ…ආර් අන්බිලීවබල් ”

“රංජිත්”පුදුමයෙන් මෙන් බලා…..

” ඇයි සුනීතා එහෙම කියන්නේ ….” කියා ඇසුවේය .

“සුනීතා” –

” නැහැ රංජිත් අපි මෙච්චර කල් අප් කන්ට්‍රී ට්‍රැවල් කරලත් අපි දෙන්නට හොයාගන්න බැරිව යද්දී ස්ටේෂන් එක මොකක්ද කියලා… රංජිත් ඉක්මනින් ම කිව්වානේ ස්ටේෂන් එකේ නම …. කොහොමද දන්නේ…. ? “රංජිත්”කලින් ඇවිත් තියෙනවා වගේ”……

“රංජිත්”-

“අපෝ නැහැ සුනීතා….. මම කලින් ඇත්තටම ඇවිත් නැහැ. ඒත් ඒක කියන එක මහා අමාරු වැඩක් නෙවෙයි …. නේ..

ඔය බෝඩ් වල ගහලා තියෙන්නේ…. “හැටන්” කියලා”….

මෙය අසා….සිටී.. “ස්වර්ණා” එවිට කොක් හඬලා සිනාසුනාය .

“රංජිත්”සහ “සුනීතා”ද මැය දෙස පුදුමයෙන් මෙන් බලමින්.

දුම්රිය වේදිකාවේ වහලයක සවි කර තිබූ…. ශබ්ද විකාශන යන්ත්‍රයකින් නැවත ද සුපුරුදු හාස්‍ය නැගෙනා හඬකින් …. මෙසේ ඇසෙන්නේ…ය .

” මහනුවර සිට බදුල්ල බලා යන දෙවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය , ” හැටන් ” දුම්රිය ස්ථානයෙන් නැවත ගමන් අරඹනුයේ….. පස් වරු දෙකයි පහලොවට ය . මේම දුම්රිය නැවත ගමන් ඇරඹූ පසු “බදුල්ල”දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත .

ස්තුතියි ”

නැවතත් මෙම නිවේදනය – ” මහනුවර සිට බදුල්ල බලා…….. “ස්තූතියි” ,

ඉන්පසුව… රංජිත් සිය අත් ඔරලෝසුවෙන් වෙලාව බලමින් …

“රංජිත්”-

“ෆෝර්ටි …. මිනිට්ස් පාස්ට් වන් …. ඕල්‍ රෙඩි වී හෑව් මෝර් දෑන් … හාෆ් ඇන් අවර්”…..

මට පොඩි අයිඩියා …. එකක් ආවා , …. යන්ග් ලේඩීස්…. ලෙට්ස් ගෝ ෆොර් ද ස්ටේෂන්’ස් කැෆටේරියා ඇන්ඩ් ගෙට් සම් ලන්ච් ….. ?? , කියා ඔහු “සුනීතා” …. ගෙන්ද “ස්වර්ණා” …. ගෙන්ද විමසුවේය.

“ස්වර්ණා” –

“රංජිත් ඉට් ඊස්…. අර්… ෆයින් අයිඩියා… හැබැයි “රංජිත්” ඔයාට ලන්ච් එක අපෙන් ” රයිට් ??

“රංජිත්” –

” හරි ….හරි … “ස්වර්ණා”…. අපි ඒක….එතෙන්ට ගිහිං ම ඩිසයිඩ් කරමු ද … රයිට් ?? ”

“ස්වර්ණා” –

” ඕකේ දෙන් ලෙට්ස් ගෝ…. දෙයාර් ….

“සුනීතා” –

” ඩියර්…. අපේ බෑග්ස් දෙකත් අරගෙනම යන්ද ….. ඇන්ඩ් “රංජිත්” වට් අර්… බවුට් යුවර්ස් ?

“රංජිත්”-

” අයි විල් ලීව් මයින් වන් හියර් ඉන් ද … ට්රේන් … ඉට්’ස් සේෆ් හියර්…. “සුනීතා…” ප්ලීස් ඩූ නොට් වොරී…. ඉෆ් යූ…බෝත් ලයික් ‍යුවර්ස් ඕල්සෝ…. කැන් ලීව් හියර් …. “අපි ඉක්මනින් එනවා නේ”

“ස්වර්ණා”

” ඔව් සුනී ….. අපි එහෙම කරමු ”

“සුනීතා”

“ඕ…කේ දෙන් ලෙට්ස් ඩූ….ඉට්

ඉන් අනතුරුව ඔවුන් තිදෙනා … දුම්රියෙන් බැස …. “හැටන්” දුම්රිය ස්ථානයේ ආපනශාලාව වෙත යන්නට ගියේය .

“ස්වර්ණා” ගේ ගමන ද ලාලිත්‍යයෙන් පිරි හැඬ ඉඟ ද “රංජිත්” ගේ ගත… සිත සහ මනස ද කූල්මත් කලාය .

“රංජිත්” ඔහුගේ…. ම සිතටම කියාගනිමින්” –

” වට් අර්… ලව්ලි ෆිගර්…. ෂී.. හෑස්”

” බබා ඔයා හරිම හැඩයි ”

දුම්රිය විවේකාගාරය පසු කොට ඔවුන් ආපනශාලාව වෙත යන අවස්ථාවේ කාගේත් අවධානය යොමු වූයේ මිහිපිට සුරංගනාව්යක් වන් රුවැති “ස්වර්ණා” වෙතටමය . විශේෂයෙන් ම දුම්රිය ස්ථානයේ සිටි තරුණයන්ගේ…. විශේෂ අවධානයට ඇයව ලක්විණි.

“ස්වර්ණා” මට කියන්න ඔයා මොනවාද කන්න කැමති කියලා ”

ඔවුන් තිදෙනා ආපන ශාලාවේ අසුන් මත වාඩිවනවාත් සමගම “රංජිත්” ඇසුවේය .

මුළු ආපන ශාලාව පුරාම ඇයගේ සුවඳ විලවුන් සුවඳ හමා ගියේය……..

“ස්වර්ණා”-

“රංජිත්”…. කුඩ් යූ ප්ලීස් ටෙල් මී….. වට් ඩූ දේ…. හෑව් ? ….

“රංජිත්”-

“ශුවර් …. ප්ලීස් වෙයිට්…. ලෙට් මී චෙක් ඇන්ඩ් කම් හියර් …..

ඔහ්ඃ මට අමතක වුනා…… එතකොට “සුනීතා” ඔයා මොනවටද කැමති කෑමට”

“සුනීතා”-

“නෝ වොරීස් රංජිත් ප්ලීස් චෙක් ඉට් ඇන්ඩ් කම්”

“රංජිත්” –

“ඕ…..කේ දෙන් ප්ලීස් වෙයිට්”

ඔහු ආපනශාලාවේ සේවකයෙක් ට කථාකරමින් …

“බ්‍රදර්…. මොනවාද තියෙන්නේ….. අද දවල් කෑමට ??”

සේවකයා පවසමින්….

” මහත්තයා ….අද තියෙන්නේ….. රතු බත් එක්ක…. ගොටු කොළ සම්බෝලේ , මාළු…. කුකුල් මස් ……. කොස් මාළුව …. බැදපු මාළු කරවල ….. උම්ඹල කඩ දාපු කොච්චි සම්බෝලේ….. ඒවා තමා වෑංජන…… මොනවාද ඹ්නේ…. මහත්තයා ??”

“රංජිත්” –

” ශා …. නියමයිනේ…. මම ආසම කෑම”

” පොඩ්ඩ්ක් ඉන්න බ්‍රදර්….. මම අර “ලේඩීස්”ලා දෙන්නාගෙන් අහලා….එන්නම්”

“හොඳමයි මහත්තයා” කියා සේවකයා පැවසුවේය.

“රංජිත්”-

” යන්ග් ලේඩීස් ” කැෆටේරියා….. එකේ තියෙනවා …..රතු බත් එක්ක…. ගොටු කොළ සම්බෝලේ , ෆිෂ්…. චිකන් ……. කොස් මාළුව …. බැදපු මාළු කරවල ….. උම්ඹල කඩ දාපු කොච්චි සම්බෝලේ…..”

“සෝ ….. වට් වුඩ් යූ ප්‍රිෆර් ??”

“ස්වර්ණා” –

” රංජිත් දෙන් වට් ඩූ…යූ…ප්‍රිෆර් ??”

“රංජිත්”-

” මම ආසම කරන කෑම මේ කැෆටේරියා එකේ…. තියෙන්නේ….

බට් … මම ෆිෂ් විතරයි කන්නේ…. චිකන්… කන්නේ…නෑ….මම”

“ස්වර්ණා” –

” රංජිත්…ඔයා.. ට්රැඩිෂනල් ෆුඩ්වලට ඇයි මේ තරම් කැමතී ?? ”

“රංජිත්”-

” මම සෙමනේරි එකේ ඉන්න කාලේ…. එහෙ කෑවේ බිව්වෙම මේ කෑම තමා..”

“ස්වර්ණා”

” රියලි ?… රංජිත් … ඔයා… සෙමනේරිත්….ගිය එක්කෙනෙක් ද ??”

“රංජිත්” –

” ඔව් … මගේ… කැමැත්ත තිබ්බේ…. කැතොලික් ප්‍රීස්ට්…කෙනෙක් වෙන්න…. බට් ෆයිනල්…. ඉයර්…එකේදී…මේ හැමදෙයක්ම වෙනස් වෙන්න ගත්තා… මම සෙමනේරි එකේ ක්වාර්…එකේ …හිම්ස්….ප්ලේ කරලා ගොඩාක් …. මියුසික් …වැඩ වලට…. ඉන්වෝල්ඩ් උනා….

බට්…එන්න එන්නම….මගේ… තොට්ස්..වෙනස් වෙන්න ගත්තා….මගේ…හිත….මට කියන්න ගත්තා….. මියුසික් ….වලින්ම ඉස්සරහට යන්න කියලා….”

“ෆයිනලි … අයි ඩිසයිඩඩ් ටු… ස්පීක් අර්…බවුට් …. මයි ලයිෆ් ස්ට්රගලින් විත් අවර් ෆාදර් රෙක්ටර් ….”

අන්තිමේටම ..මම…අපේ සෙමනේරි එකේ ෆාදර් රෙක්ටර් …ට මේ ගැන කිව්වා…..”

දෙන් …. හී සෙයිඩ්….ෆොර්…මී

” සන්.. ගෝඩ්….හෑස් ඩිෆරන්ට් ප්ලෑනස්…ෆොර්… ඊච් ඇන්ඩ් එව්රි පර්සන්ස්…

සෝ…. ඩූ….නොට් ගෙට්…. මෙස් අප්…

මෙයිබි…අයි හෝප්.. දි එටර්නල් ලයිෆ් …මයිට් නොට් මෝස්ට්…සූටබල්…ෆොර් යූ…

“රංජිත්”-

” ෆාදර්…රෙක්ටර් මට එහෙම කියලා කිව්වා ….ෆයිනල් ඉයර්…. එකත් සෙමනේරි එකේම …. ඉඳලා…. හොඳට හිතලා…ම තීරණය කරන්න කියලා…”

“ස්වර්ණා” මහත් උනන්දුවකින්… අසමින්

“ඉතින් ඊට පස්සේ ???”

“රංජිත්”-

” පස්සේ…. සෙමනේරි… එකේ ෆයිනල් ඉයර් එකේ ස්ටඩීස් ඉවරවෙලා.. එග්ස්zසෑම් එකෙනුත් පස්සේ…..අපි ස්ටුඩන්ටස් ලා… ඔක්කෝටම ….දෙන …. ලෝන්ග්…හොලිඩේ…. එකට .. කලින් ආයෙත්….මට ෆාදර් රෙක්ටර්… කථා කලා….”

දෙන් බිෆොර් වී….ලීව් .. ද සෙමනරි… හී සෙඩ් ඕල් ඔෆ් අස් ද සේම් …මැසේජ්…. එස්පෙෂලි….ෆාදර් ස්පෝක්ඩ් ෆොර්…මී ප්‍රයිවට් ලි…

අගේන් හී සෙඩ්…

” සන් ලිසන්ට් ෆොර් යුවර්….හාට්…..ෆීලින්ග්ස් විත් ද ප්‍රේයර්ස්….

ඕල්මයිටි ගෝඩ් විල් හෙල්ප් යූ ටු මේක් අර්…ඩිසිෂන්….

ඇන්ඩ් …පුතා… අයි විෂ් ඇන්ඩ් ප්‍රේ….ෆොර්….යූ… යූ මේයි ෆයින් වෙරි ක්ලියර්ලි …. වට් විල් බී ද ප්ලෑන් ඔෆ් ද ගෝර්ඩ්… හෑස් ඩිසයිඩඩි ඉන් යුවර්ස් ලයිෆ්…”

“මට අද වගේ….මතකයි ….ෆාදර්..මට එහෙම කියනවා”….

“ස්වර්ණා” –

“ඉතිං රංජිත් ඇයි ආයේ…. සෙමනරි එකට ගියෙ නැත්තේ..??

“රංජිත්”-

” මම ගියා “ස්වර්ණා” ඒ….. ගිය මාසේ…. මම ඇත්තම කිව්වා….. ෆාදර් ට….”

” ස්වර්ණා ”

ඕහ්ඃ රියලි ….වට් ඊස්…. ඉට් ??

“රංජිත්”-

” අයි …. ටෝල්ඩ් හිම්…. අයි ඈම් ගෙටිං අර් ලෝන්ලි ෆීලින්ග් … ඉන් දිස් ලයිෆ්….. සෝ ෆයිනලි අයි ටෝල්ඩ් හිම් අයි නීඩ් ටු බී අර් ෆුලිටයිම් මියුසීෂියන් ….ඇන්ඩ් අයි නීඩ් …මයි ඕන් ෆැමිලි…ඇන්ඩ් කිඩ්ස්…. ( රංජිත් බරපතල ලෙස ඇයට කියමින් )

“ස්වර්ණා” රංජිත් දෙස …. මඳ සිනහාවකින් යුතුව ඔහු දෙස දයාබරව බැලුවාය ….

ඇය සිතමින් ” ඔයා හරිම ඩිසිෂන් එක අරන් තියෙනවා…. බබා… නැත්නම් මට ඔයාව නැතුව යනවා….

“ස්වර්ණා”

” බ්‍රාවෝ….. යූ…මේඩ් අර් ෆයින් ඩිසිෂන් …..”

“රංජිත්”-

” ඇයි “ස්වර්ණා” ඔයා…එහෙම … කියන්නේ….?? ”

“ස්වර්ණා”

” නෝ….නෝ… නතිං …”රංජිත්”… මම එහෙම කිව්වේ….ඒක හොඳයි නේද….?? එතකොට ඔයාගේ….මියුසික් කැරියර් එකෙන් ඔයාට ….ඉස්සරහට යන්න පුළුවන් වෙනවා …. නේහේ…??

“රංජිත්”-

” යර්ස්….ඉට් …ඊස්…. ඒක නෙමේ… අපි ලන්ච් අරගෙන ඉක්මනින්ම යං…. නැත්නම් …අපිව දාලා යයි ට්රේන් එක…. ( ඔවුන් හඬනගා සිනහවෙමින් )

” එහෙනම් මොනවාද…. “ස්වර්ණා” ටයි “සුනීතටයි” ගෙන්නේ….මං??

“ස්වර්ණා” –

” රංජිත් මොනවාද කන්නේ….?? ”

“රංජිත්” –

” මම නම් ….ෆිෂ් තමා කන්නේ…..මම චිකන් කන්නේ….නැහැ…”ස්වර්ණා”

“ස්වර්ණා”

” එහෙනම් මට රංජිත් ලන්ච් එකට ගන්න ඒ…වයින්ම ගේන්න….”

“රංජිත්”-

” වයි…. ඩෝන්ට් යූ….ඊට් චිකන්…..??

“ස්වර්ණා”

“අයි යූෂුවලි ඊට් චිකන්…බට් නව් අයි ලයික් ටු….ඊට්…ෆිෂ්….”

“රංජිත්”ගේ හදවත තරමක් …ගැස්සිණ…

ඔහු සිතමින්….. මේ….මොකක්ද …..මේ…වෙන්නේ….ඇයි…

“ස්වර්ණා” මම කන ජාතියෙන්ම ගේන්න කියන්නේ….

මට….මෙයා….කැමතී….වත්ද ???

ඕකේ…..දෙන් වට් අර්….බවුට් යූ….”සුනීතා”….??

” රංජිත් ප්ලීස් බ්‍රින්ග් මී…..වන් චිකන් , තෑන්ක් යූ…රංජිත් ”

“රංජිත්”-

” යුවාර්…මෝස්ට් වෙල්කම් ” කියමින්… ඔහු…. තිදෙනාටම කෑම ගෙන එන්නට යනවාත්….සමගම…. “ස්වර්ණා”වහා….නැගිට….

“රංජිත්”…වෙයිට්….. වෙයිට්….. අයි නීඩ් ටු පේ…. මේ අයි….කම් විත් යු…. කියා…ඔහුගෙන් ඇය ඇසුවාය .

“රංජිත්” සිනහවෙමින්…… ඕකේ…..ඕකේ…..යුවර්ස් චොයිස්….දෙන් … ප්ලීස් කම්…..විත්…මී….” යැයි කීවේය.

ඇය….ඔහු…. හා….යන ගමන දෙස “සුනීතා” බලා….සිටියාය.

“සුනීතා” සිතමින් –

“අනේ…..ඩියර්…ඔය දෙන්නා …. ලස්සන කපල් එකක් ….වගේ පෙනුනට…….ඔයා….මොකක්ද මේ පටන් ගන්න යන්නේ…???

ඔයාට දැනටමත් ඔයාගේ….ඩැඩී….ප්‍රොපෝසල්….එකක් ගෙනල්ලත් ….නේද තියෙන්නේ….. ඔයා මේ…..පටන් ගන්න යන දේටනම්…… ඔයාගේ ඩැඩී…..පොඩ්ඩ්ක් වත් කැමති වෙන එකක් නැහැ …. ” සුනීතා…..ඔවුන් දෙදෙනා….එනතුරු… බලා සිටියාය.

දෛවය නම් හරිම පුදුමාකාරය…..විටෙක එය දෙදෙනෙකු එක් කරනා…..අතර…..තවකෙකු…

වෙන් කරනු ලබයි….. “ස්වර්ණා” ඇයගේ පියා….යෝජනා…කල තරුණයා හට….කිසිසේත්ම මනාපයක් නොමැත .

ඉදිරියේදී…… ඇයගේ….මෙම නොකැමැත්තට ඇති සාධාරණ හේතුව ඔබට නිසැකවම වැටහෙනු ඇත.

“ස්වර්ණා” රංජිත් සමග සිනහාවෙමින් ….

ඉතා කුළුපඟව කෑම පාර්සල් තුනක්….රැගෙන පැමිණ වහා හිඳ ගත්තාය……

“ස්වර්ණා”

” සුනී…..මෙන්න ඔයාගේ….. ලන්ච් පැකට් එක…..” කියා දෙනවාත්… සමග ම ….ඇය අනෙක් කෑම පාර්සලය ….. වහාම…ලිහන්නට….ගත්තාය .

රංජිත් මැයගේ ….මේම ක්‍රියාව දෙස…. උපේක්ෂා සහගතව බලා සිටියේ ය .

“රංජිත්”-

(සිතමින් ) ” මොකක්ද මෙයා….මේ කරන්නේ…..අද නම් ….මට නොකා…..තමා….ට්රේන්…එකට දුවන්න වෙන්නේ..

“ස්වර්ණා” ලිහා අවසන් වූ කෑම පාර්සලය …. පිඟාන මත තබා…..

“රංජිත්”…..මේන්න ඔයාගේ ….ලන්ච් ප්ලේට් එක….” කියමින්..

මඳ සිනහාවක් ද නගා…ඇයගේ අලංකාර දෑත් වලින් අල්ලා …..ඇගේ….හිස අලංකාර ලෙස සිත්ගන්නා අයුරින් මඳක් පැත්තට ඇල කරමින්…..දයාබරව ඔහුට ලන්කලාය .

මැයගේ…ඇති….මෘදු ගතිගුණ සහ ඇයගේ ඇති ඉතා…විශිෂ්ඨ ආගන්තුක සත්කාර හමුවේ….. රංජිත් ගේ…..සිත …..සසල විය.

ඔහුට ඇය කෙරෙහි ඇති ස්නේහය ….මින් වඩාත් තීව්‍ර වන්නට විය.

ඔවුන් තිදෙනා දිවා ආහාරය අනුභව කරනා….අතරතුර දී….

“ස්වර්ණා” –

” අනේ….රංජිත් ඔයා මේ…..කන කෑම ජාතිනම්…..හරිම රසයි. තෑන්ක් යූ සෝ….මච් .

“සුනීතා” –

” ඔව් ඇත්තමයි රංජිත් ”

“රංජිත්” –

” තෑන්ක් යූ….. ඒත් “ස්වර්ණා” මේ…..කෑම….රස වාගෙම ….හරිම ගුණයි .

ෆාස්ට් ෆුඩ් වගේ….නෙමේ……”

“ස්වර්ණා”

“ඇත්තම තමයි ”

ඔවුන් තිදේනා…….දිවා ආහාරය අනුභව කර….. අවසානය කරා ලඟා වීමත් සමගම.

නැවත …..ශබ්ද විකාශන යන්ත්‍රයකින් ඇසුන හඬට ….ඔවුන් තිදෙනා…. සවන් දී.. කලබලයෙන්…..

දුම්රිය වේදිකාවේ ශබ්ද විකාශන යන්ත්‍රයකින් – …….,

” මේ…. මොහොතේ…. දෙවෙනි වේදිකාවේ …ඇති උඩරට මැණිකේ දුම්රිය …. තවත් සුවල්ප වේලාවකින් …….”බදුල්ල” බලා පිටත්වනවා…..ඇත. දුම්රිය සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ද ඇත . මේ ….ඔබ අමතන්නේ…..දුම්රිය ස්ථානයේ කාර්‍ය මණ්ඩලය විසිනි . තවමත් දුම්රියේ…. අසුන් නොගත් මගීන් වේ නම් වහාම හැකි ඉක්මනින් ම දුම්රිය වෙත පැමිණෙන ලෙස කාරුණීකව ඉල්ලා සිටිමි. “ස්තූතියි”.

“රංජිත්”-

” සිය අත් ඔරලෝසුවෙන් වෙලාව බලමින්…. ටෙන් පාස්ට් ටූ අර් ක්ලොක් …..”

“ඉක්මනින්ම අපි යං…..ට්රේන් එක පිටත් වෙන්න තව ෆයිව් මිනිට්ස් තියෙන්නේ…. යං යං “ස්වර්ණා” , “සුනීතා”

“සුනීතා” –

ප්ලීස් ගිව් මී අ සෙකොන්ඩ්…..ලෙට් මී වොෂ් මයි හෑන්ඩ්ස් ඇන්ඩ්….කම්.

“රංජිත්” –

” ප්ලීස්…. ඩූ ….ඉට් ඈස් සූන් ඈස් පොසිබල් . වට් අර්බවුට්…යූ……”සුවර්ණා ???”

“ස්වර්ණා”

“අයි ඕල්රෙඩි වොෂ්මයි හෑන්ඩ්ස් , ආෆ්ටර් ද……මීල්ස් .

ප්…‍ රා……ස් ගා…..හඬ නගා ගෙන සැණෙකින් දුම්රියේ නලාව නාද විය .

“ස්වර්ණා”

” රංජිත් ….. ඔයාට….ඇහුනා..ද … ඒ………අපි ආපූ ට්‍ රේන් එකේ…. හෝ…න් එකේ….. සවුන්ඩ් එක නෙහෙ….”

දෙන්…..රන් ෆාස්ට්….. කියා…. රංජිත් …. ” සුවර්ණා ” ගේ අතින් අල්ලා….ඇයවත් ඇදගෙන “උඩරට මැණිකේ” දුම්රිය වෙත දිවයන්නට ගත්තේය .

“සුනීතා” –

” ඔහ්ඃ මයි…ගෝ…ඩ් “හේයි…..හේයි….. “රංජිත්”….”ස්වර්ණා” වේයිට් ෆොර් … මී …..”

“ස්වර්ණා”…. ද….. “රංජිත්”ද… ඈතින්…ඇයට තරමක් දුරින් සිට හැරි හැරී ඇය දෙසට කෑ…..ගසමින් …. යුවාර්….වෙරි ඩිලේ…… රන් ෆාස්ට්….. කම් කුයීක්ල… ට්‍රේන් එක යනවාද කොහෙද ??”

සැබෑවකි…… දුම්රිය සෙමින් සෙමින්…..ගමන් ආරම්භ කල ඇති අතර…… ” සුවර්ණා ” ද “රංජිත්”ද දුම්රිය ට ලංවන විට එය දිව යා….නැගීමට හැකිවන පිණිස ගමනේ යෙදෙන…..වේගයකිනි .

“ස්වර්ණා”

” අනේ…..රංජිත් ….ප්ලීස්….මට “සුනීව” දාලා යන්න නම් බැහැ…..”

“රංජිත්”-

” ඩූ….නොට් වොරි ….හරි හරි ට්රේන් එකට නගින්න ……ඔයාලගේ බෑග්ස් , මගේ බෑග් එකත් ට්…රේන්….. එකේ…..නේ…..දැන් අපිට වෙන ඔප්ෂන් එකක් නැහැ….. ඔයාට මම පොරොන්දු වෙනවා….. ” “සුනීතා” ව කොහොම හරි ට්රේන් එකට ගන්නවා කියලා……”

කියමින් ඔහු “ස්වර්ණා” වද දෑතින් හොවා ගෙන දුම්රිය ට ගොඩවැදුනි. ඔවුන් පා පුවරුව අසල … හිස් එලියට යොමා…… “සුනීතා” ට අතදී ඇයව ද දුම්රිය ට නගවා ගැනීමට බලන් සිටින මොහොතේ… නිමේෂයකින් …..

“සුනීතා”…. ඔවුන් ගේ ගමන් ගන්නා දුම්රියේ පෙට්ටිය අසලය .

එකවරම ….

“සුනී…..සුනී…. ඉක්මණට අත දෙන්න…අතදෙන්න” ගමන් ගන්නා දුම්රියත් සමගම දිවඑනා ඇයගේ….අත “රංජිත්”වෙතද “සුවර්ණා” වෙතද දික්කරණවාත් සමගම ” අහෝ …ඛේදවාචකයකි…..

ඇයගේ හැඳ සිටි දිග සාය පැටලී ඇය දුම්රිය පදික වේදිකාවේ.. ඇද වැටුනාය . ඇය අමාරුවෙන් නැගීටීමට උත්සහයේ….. යෙදෙද් දී……

ඉදිරියට ඇදෙනා… දුම්රියෙහි පෙට්ටි … එකිනෙක ……ඇය පසු කර යන්නේ ය.

ආහ්ඃ ” අයියෝ……අනේ …..පව් “රංජිත් “…..”සුනී” වැටුනා…… මම බහිනවා…..එයාට….තුවාල වෙලා….ද කොහෙද………

රංජිත් –

” බෑ…..බෑ….ඔයාට බැහැ……යන ට්රෙන් එකෙන් බහින එක රියලි ඩේන්ජරස් …… ඔයා ඔහොම්ම ම ඉන්න…..”

මෙය බලා හිඳීමෙන් තවත් ඵලක් නොමැති බව වටහා ගත් “රංජිත්” වහාම දුම්රියේ …..අවසාන පෙට්ටිය කරා හැකිතා…ක් වේගයකින් දිවයන්නට වූයේය .

අවසාන දුම්රිය පෙට්ටියේ…… දොරෙන් ඔහු ගේ සිරුර එලියට යොමා හිස පසුපසට හරවා බලනවාත්….. සමගම ඔහු දුටුවේ…… “සුනීතා” පසුවන ආකාරය යි.

“රංජිත්”-

” සුනීතා”……. පුළුවන් තරම් හයියෙන්……දුවලා…ම එන්න…. අපි ඔයාව ……දාලා යන්නේ නැහැ…… යූ …..කැන් ඩු……ඉට්……නෙවර් ගිව් අප්”….

කියා…… “රංජිත්” අවසාන දුම්රිය පෙට්ටියේ.. එක අතකින් පා පුවරුවට ඉහලින් ඇති වානේ වලින් තැනූ අල්ලා ගැනීමට ඇති ආධාරකයේ …….. එල්ලී ගෙනය…… ඔහුගේ….දකුණත හැකිතාක් නැවත ඉදිරියට දිවඑන “සුනීතා” ගේ අත අල්ලා ගැනීමට පුළුවන් උපරිමයෙන් ම දික්කරගෙනය . ඉතා…. අමාරුවෙන් ….. තුවාල වූනු දණහිසත් සමගම ඉදිරියට හැකිතාක් උපරිමයෙන් දිවඑන ” සුනීතා” ගේ…..අත….දැන් නම් රංජිත් ගේ ඇඟිලි වලට වදින තරම් ය .

ඔහු ඇයව අල්ලා ගැනීමට ඇයගේ අතින් ඇද්දේය , නැවත ද අසාර්ථකය . ඇයගේ අත ලිස්සුවේය. නමුදු වාසනාවකට ඇය මෙවර වැටුනේ නැත .

සුනී..තා……තව චුට්ටක් හයියෙන් දුවලා එන්න …..

මෙවර දුම්රියේ……වේගය ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්නේය. “ස්වර්ණා” ද විගස දිව ඇවිත් “රංජිත්”අසලමය.

“සුනී……ෆාස්ට්…..ෆාස්ට්……තව ටිකක් හයියෙන් . කියා කෑ….ගැසීය.

දුම්රිය නැවත …….ඇයව මඳක් ඉදිරියෙන් පසු කරන්නට විය . තවත් මීටර තිහක පමණ දුරකින් දුම්රිය පදික වෙදිකාව අවසාන වන්නේය . මෙය දුටු “ස්වර්ණා”……

“සුනී…..හයියෙන්ම දුවලා එන්න..

ප්ලැට්ෆෝර්ම් එක ඉවර වෙන්න යන්නේ…. …..” කියමින් කෑ… බෙරිහන් දෙන්නට වුවාය.

මෙය ඇසුන “රංජිත්” –

” සුනී…..තා…..ෆාස්ට්….ෆාස්ට් ……..ෆාස්ටර් හරිඅප්………කියමින් කෑගැසුවේය .

මෙවර ඇය පුළුවන් උපරිම වීරිය යොදා….. වහා දිව ඇවිත් “රංජිත්ගේ”… අත මත ඇයගේ අත තැබුවාය . මෙවර හරියටම ඇයගේ අත ග්‍රහණය කොටගැනීමට හැකි වූ “රංජිත්” ඔහුගේ මුළු වීරියම යොදා…..ඇයගේ මුළු ශරීරය ම ග්‍රහණය කොට ඇය ඔසවා දුමරිය පෙට්ටිය වෙත ඇයව ඇදලා ගත්තේය .

වහාම “සුවර්ණා”…… පැන ඇයව වැලඳ ගත්තාය . “අනේ….”සුනී” කියමින් .

“ස්වර්ණා”

ඔයාට ගොඩක් තුවාලද……”සුනී”……..

“සුනීතා” –

“නැහැ ඩියර් …….. නී…. එකෙන් බ්ලීඩ් වෙනවා…….ටිකක් දැවිල්ලයි”

“ස්වර්ණා” –

“සුනී” …එන්න අපි යං වාඩීවෙන්න…….කියමින් ඇයවද කැටුව ඔවුන් තිදෙනා….දෙවෙනි පංතියේ ඔවුන්ගේ අසුන් කරා ඇවිද යන්නට විය. නමුත් “සුනීතා” ඇවිදගියේ…..නොන්ඩි ගසමින්‍ ය .

ඇයව අසුනේ..හිඳුවා… තුවාලය පිස දමා එයට “ස්වර්ණා” විසින් බෙහෙත් දමන්නට විය . ඇය හිස ඔසවා බැලූ …..කල ….”රංජිත්” නොපෙනෙන්නට විය. ඇය “සුනීතාටද” පවසා…..”රංජිත්” ව සොයා….ගියාය .

දුම්රියේ පෙට්ටි වල බැලුවද …. ඔහු පෙනෙන්නට නොමැත. ක්ෂණයකින් දුම්රිය පෙට්ටිය අසල කොරිඩෝවේ…..පා පුවරුවට කිට්ටුවෙන් සිටගෙන සිටිනා සහ අවට අසිරිය නරඹමින් සිටිනා “රංජිත්” ව ඇය දුටුවාය. ඔහු සිටින්නේ ඔහුගේ එක් අතක් පිරිමදිමින් ය.

ඇය ඔහුගේ පිටුපසින් ගොස් “රංජිත්” කියා ඇමතුවාය. “රංජිත්”තිගැස්සී ඇය දෙස හැරී බැළුවේය. “ස්වර්ණාගේ ” දෑස් දෙස නෙත ගැටුන රංජිත් ට පෙනෙන්න ට වන්නේ….

ඇයගේ දෑස් ඉතා….දීප්තිමත් ව ඔහු වෙතටම නෙත් යොමා සිටින අයුරුය.

“රංජිත්”…. තෑන්ක් යූ ෆ්රොම් බොටම් ඔෆ් මයි හාර්ට්…..”

“රංජිත්”-

“ඒ……ඇයි “ස්වර්ණා ??”

“ස්වර්ණා” –

“ඔයා මට වුනු පොරොන්දුව ඒ…..විදියටම ඉෂ්ඨ කලාට….. ඔයා හරිම පුදුමාකාරයි “රංජිත්”

“රංජිත්”-

“ඉට් ඊස් මයි ප්ලේෂර් “ස්වර්ණා”

“ස්වර්ණා”-

“ඔයාගේ අත රිදෙනවා නේද ??”

“රංජිත්”-

“ඔව් පොඩ්ඩක් විතර……මම හිතන්නේ……”සුනීතාව” ඇදලා ට්රේන් එකට ගත්ත වෙලාවේ…අත….වදින්න ඇති මෙටල් බාර් එකේ කොහේ හරි .

“ස්වර්ණා”

” රංජිත් මම මේ බාම් එක ඔයාගේ …..අතට ගාලා මසාජ් කලාට කමක් නැද්ද ??

“රංජිත්”-

” හා…… ( ඔහු ඇයට ඉතා මෘදු ලෙස කියමින් )

ඇය ඔහුගේ අත …..පිරිමැඳ අවසන් වූවා පමණි . “රංජිත්” ගේ වේඳනාව ඔහුට අමතක වූවා සේය . ඇයගේ දීප්තිමත් දෑස් වලින් ඔහුට දැන්නම් කොහෙත්ම මිදීමට නොහැක . එන්න එන්නම දෙදෙනා ලංවන්නේය . රංජිත් ඇයගේ පියකරු මුහුණට ඉතා ලංව ඇයගේ දෑස් දෙස නැවත වාරයක් බැළුවේය . ඇයගේ දෑස් අඩවන් වී ඇත . රංජිත් නොදැනුවත්වම ඇයගේ දෙතොල් මත ඔහුගේ තොල් පෙති තබා අවසන්ය…… රංජිත් ඇයගේ සුසිනිඳු තොල් පෙති ඉතා මෘදුව සිපගන්නේ ය .

ඇයද මේ අවටින් පැතිරෙනා සීතලට වඩවඩා ත් රංජිත් ගේ උණුසුමට තුරුළු වන්නට වුවාය . වාසනාවකට ඒ….මොහොතේ ……ඔවුන් අසල කිසිවෙකුත් නොසිටියේ ය. ඔවුන් දෙදෙනාට නිදහස උපරිමයෙන්ය .

නැවත රංජිත් ඇයගේ දෑස් දෙස බලා…. සිනාහාවක් පාමින්

” බබා……..මට දැනුනා…….ඔයා..මට ආදරේ…..කරනවා ඇති කියලා….”

“ස්වර්ණා”

” ඔව් බබා…..මට තෙරුම් යන්නෙ නැහැ ඇයි මම මේ තරමි ඉක්මණටම ඔයාට ලංවුනේ කොහොමද කියලා…….”

” මගේ…හාර්ට් එක නතර වෙලා වගේ දැනෙනවා ……. ”

“මගෙත් එහෙමයි රත්තරං ….”

“රංජිත්” නැවත ඇයගේ ඉඟ වටා ඔහුගේ අත යවා…..ඇයව තදින් ඔහු වෙතට තුරුළු කරගත්තේය. ඇයගේ මන්මත්වන සුවඳට ඔහු මත් වූවා සේය. ඇයගේ සුසිනිඳු පියයුරු ඔහුගේ ලයට තෙරපෙන පහස ඔහුට වඩ වඩා දැනෙන්නට වන්නේය . මේ මිහිරි ආශ්වාදයෙන් මත්වුන ” ස්වර්ණා ” ගේ දෑස් වැසීගෙනමය . මොහුගෙන් ලැබෙන මේ සොඳුරු පහසට “ස්වර්ණා” ද මත් වූවා සේය .

නැවත වාරයක් ඇයගේ නිකට ද….අලංකාර වූ.. සුමට දෙකොපුල් ද ඔහුගේ දෑඟිලි තුඩින් පිරිමදිමින් රංජිත් මැයගේ….නාඳළු වන් අලංකාර දෙතොල් වල රස බී…..එය ඉතා….ආදරයෙන් සිපගන්නේය . ඔහුගෙන් මේ…..ලැබෙනා මිහිරෙන්…. “ස්වර්ණා” ට මුළු ලොවම අමතකවුවා …..සේය .

එකවරම “ස්වර්ණා” –

” අනේ …. දැං නවත්තන්න බබා……..” කියා රංජිත් ගේ ලය මත ඇයගේ හිස තබා හෙමින් කොඳුරන්නට වුවාය .

“රංජිත්”-

” මට බැහැ මගේ….රත්තරං ….. ඇයි…..ඔයා…එහෙම කියන්නේ ??

“ස්වර්ණා”

” මට බයයි ට්රේන් එකේ…..කව් රුත් එහෙම දැක්කොත්….බබා..”

“රංජිත්”-

” මෙතන ඉන්නේ අපි දෙන්නා…..විතරනේ…..මගේ රත්තරං …..”

“ස්වර්ණා”

“ඒක ඇත්ත ඒ……වුනාට “සුනී” එහෙම ආවොත්…..මට ලැජ්ජයි..ඒ හින්දා දැන් ඇති බබා…… කියමින් ඇය නැවත වාරයක් “රංජිත්” දෙස බැලුවාය . ” ඒ දෑස් වල නැවතද පෙර සේම ආකර්ෂණීය පෙම් සිනහාවමය . ” ස්වර්ණා ” ගේ දෙතොල් රංජිත් ගේ දෙතොල් වල පහසට නතු වී තවත් අලංකාරව දිදුලන්නේය .

නැවත වාරයක් ඔහු හා ඇය දෙතොල් එක්කොට ආදරය එකිනෙකාට බෙදාගන්නේය . ප්‍රේමය ඔවුන් දෙදෙනාගේ හදවත් කරා ගමන් කරන්නේය .

මතු සම්බන්ධයි !

Image

අවසාන කොටස

2020/06/26 ,

පෙරවදනක් ,

මේ ඇඳිරි නීති සමයේ නිවසට වෙලාම ඉඳලාම මට දැන් එපා වෙලා…. ඔබටත් එසේම යැයි මා දනිමි . මෙහෙම එපාම වෙලා ගෙයි සාලයේ බිම දිගා වෙලා උඩබලාගෙන ඉන්න මොහොතක බොහෝ පරණ සොයුරෙක් එක පාරටම මට මුහුණු පොතෙන් ….

( එය මෙසේ අමුවෙන්ම ලියන්නෙමි , )

” හෙලෝ මලයා කොහොමද ” කියලා මට මැසෙජ් එකක් දැම්මා මම දාපු පෝස්ට් එකක් හරහා මීට දෙමසකට උඩකදී ….

මගෙන් වග තුග අහලා ….. ඊට පස්සේ…. මම එයාට කිව්වා ජීවිතේ එපා වෙනවා මෙහෙම ගේ අස්සටම වෙලාම ඉන්න වුනාම කියලා ….

ඉතින් මම කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ උපදෙසක් එයා මට දුන්නා….

මල්ලී ඉවසීම ප්‍රැක්ටිස් කරන්න…. කියලා …..

මාව එකපාරටම කරකවලා අත ඇරියා වගේ දැනුනා එයා කියපු දේට …..

ඊට පස්සේ ….. ටික වෙලාවකට පස්සේ මම ම කල්පනා කලා කෝ …

මගේ ඉවසීම කියලා …..

ඉතින් දන්නෙම නැතුව මම ම දැන් මාස දෙකකට ත්

වඩා වැඩියෙන් ගෙදරට ම වෙලා….

මම ඒ සොයුරාට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා එයා දීපු උපදෙසට ….. එතුමාගේ නම සඳහන් නොකලොත් ඒක අඩුවක් කියලා දැනෙනවා .

ඒ වෙන කිසිවෙකුත් නොව…… මාගේ පියාගේ ද ගායන කුසලතාවය ගැන ද නිතර වර්ණනා කරනා …. ඔහු ඔබ මා බෙහෙවින් ප්‍රිය කරණා සොඳුරු කලාකරුවෙක් වන දිනේෂ් සුභසිංහ සොයුරායි .

ඔහු මාගේ පියා සමග ද …. අතීතයේ නිතර සංගීත කටයුතු වල නියැලුණු කලාකරුවෙකු වූ නිසා ඔහු ගැන කෙටි සටහනක් මෙසේ සනිටු හන් කලෙමි .

ඒ… වගේම ඔහුද මට අත හිත දී තිබේ….. ඔහුගේ ඩී.ආර්.සී වාදය වෘන්දයේ ද මා වාදකයෙක් වූයෙමි.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් හමුවට ඔහු මා රැගෙන ගියාද මට මතකය . ඒ වගේම එතුමාගේ අග්නි ඔපෙරාවේ දිනේෂ් සොයුරාගේ මූලිකත්වයෙන් අප එක්ව වාදනයේ යෙදුන ඒ සොඳුරු මතකයන් කිසිදාක අමතක වන්නේ ද නැත .

ඉන් පසුව …. ‍රවී සොයුරාගේ මගපෙන්වීම නිසා රජීව් ඇන්ද ක්ලෑන් , ඉන්පසුව සුමිත් ප්‍රියංකර සොයුරාගේ සංගීත කණ්ඩායමේ , C Plus සංගීත කණ්ඩායමේ , මංජුල මාර්ටිස් සොයුරාගේ එක්ස්ප්‍රෙෂන්ස් සංගීත කණ්ඩායමේ සහ සඳුන් සොයුරාගේ ජර්නි යන සංගීත කණඩායම් රැසකද මට ගිටාර් වාදකයෙකු සහ ගායනයෙන් ද දායක වන්නට අවස්තාව ලැබුනි.

ගිටාර් වාදකයන් වන සංජීව ප්‍රසන්න සහ රයන් ගුණවර්ධන යන සොයුරන්ව ද කිසිවිටෙකත් අමතක නොවන්නෙමි .

“රයන් සොයුරා ඔහුත් සමග වාදනයට මා හට මීට වසර දෙකකට ඉහත දී ….. “ඇල්ල” පිහිටි ” 360° ඇල්ල” සංචාරක අවන්හලේ ඔහු හා සමග එක්ව ගායනයට හා වාදනයට ආගන්තුක ගිටාර් වාදකයෙකු ලෙස පැමිණෙන ලෙසට මා හට ආරාධනා කල සැටි හොඳ හැටි මතකය .

ඉතින් මා….. “ඇල්ල” ට ප්‍රථම වතාවට පා තැබුවේ…… ඔහු නිසාය , සන්ද්‍යා යාමයේ වාදනය සඳහා මා හට මදි පාඩුවක් ව තිබූ මයික්‍රෆෝනය රඳවනයක් ගෙන ඒම සඳහා අවන්හලෙහි……සේවය කල … සොයුරෙකුගෙන් යතුරු පැදියක් ඉල්ලා ගත් ඔහු ,

මා…වද එහි හිඳුවා අප දෙදෙනා……. “ඇල්ල” සිට “”බණ්ඩාරවෙලට” මෝටර් සයිකලයෙන් …… තරමක් විශාල වූ ෆ්‍යින් ගස්වලින් දෙපස වැසුනු කඳු මැද්දෙන් වැටුණු මාවත් වලින් මෝටර් සයිකලය ධාවනය කල සැටි නම් හරිම….. අපූරු සොඳුරු අත්දැකීමක් වීමු ,

පිටරටකට ගියාවන් හැඟීමක් මා හට ඒ…… මොහොතේ… දැනෙන්නට වුනෙමි .

මා හට මෙම නවකථාව ලිවීමට …… රුකුලක් වූ…… අන්තර්ජාතික වශයෙන් ලොව සංචාරකයන් පවා මවිත කල ” Sri Lanka Famous Train Ride Kandy to Ella ” නොහොත් “ඇල්ල” දුම්රිය ගමනට සැබෑ ලෙසම මුහුණ දී…. කඳුකරයේ දුම්රිය ගමනාගමනය පිළිබඳව අත්දැකීමක් ලබා ගැනීමට හැකි වුනේ….. “රයන් ගුණවර්ධන” සොයුරා නිසාය.

එපමණක් නොව ……. දහවල් කාලයේ ඔහුටත් මටත් ….. විවේකී වූ බැවින්….. ඔහු මා ද කැටුව “ඇල්ල” පස්සර පිහිටි “පුංචි සිරිපාදය” කන්ද නැග…… පැමිණ…..,

ඓතිහාසික “රාවණා”රජ සිය “දඬු මොණරය” අහස් ගතකල සුළං කපොල්ල සමග පිහිටා තිබූ…. කඳු මස්තකය ද මා… හට පෙන්වීය.

මෙයට ඔහු හට මාගේ ස්තුතිය බෙහෙවින් පලකරන්නෙමි .

තාත්තා මට නිතරම කියූ දෙයක් මට මේ මොහොතේ සිහියට නැගෙන්නෙමි , ඒ නම් …” පුතා මේ හැමදේම හීනයක් වගේ ….. ඔයා ගෙදරින් එලියට ගියාම …. ගෙදර මතක් කරන්න ඒක එතකොට හීනයක් වගේ ….

මේ මොහොතේ …. මට මතක් වන්නේ ….. අප වාදනය කල හැම සංගීත සන්ද්‍යාවකම අප වටා සිටි පිරිස …… තියා නැවත වාදනය ද මේ මොහොතේ සිහිනයක් වී හමාරය .

ඉතින් සිහින වල නිමක් නොමැති මේ ජීවිතය මදෙකට පසෙකින් තබා …..

මෙම කෙටි කථාවෙහි අවසාන කොටසෙහි ද මුළු කථාංගයෙහි ද එන ප්‍රධාන චරිතයට පණ පොවනා ” රංජිත් ” ගැන ඔබ නොඇසූ ….

යමක් ඔබ හට කීමට කැමැත්තෙමි .

ඔහු මගේ කුඩා පියා නොහොත් මාගේ බාප්පා විය.

ඔහු නොසිටින්නට ” ද මෙන්ඩිස් ෆෝසම් ” සංගීත කණඩායමේ මෙතරම් ජනාදරය ට පාත්‍රවන තණු නිර්මාණයන් සහ ගීතයන් බිහිනොවන්නට ඉඩ තිබුණි . වරක් මෙලෙසම මාගේ පියාද මා හට පවසා තිබේ. පසුව මාගේ අත්දැකීමෙන්ම මා එය අත්වින්ඳෙමි .

” ද මෙන්ඩිස් ෆෝසම් ” හි හදවත “රංජිත් මෙන්ඩිස්” වනවාට කිසිම සැකයක් නොමැත .

ඔහු අතින් බිහිවුන ගීත කිහිපයක් ,

  1. ” ස්වර්ණා”
  2. ” සාගර රැළි “
  3. ” ගියත් පිටරට ” ( මගේ.. මව්බිම නැතේ… මට අමතක වන්නේ )
  4. ” විනෝද මිහිර ” සහ තවත් ගීත රැසක් ,

ඔහු ගැන … අතැම් අය අතර එතරම් පැහැදීමක් නැතත් …. ඔහු විටෙක ඉතා හොඳ හදවතක් ඇති පුද්ගලයෙකු වූ බව මා දුටුවෙමි .

එයට උදාහරණයක් වශයෙන් කියතොත් .

ඔහුගේ සහෝදරයා වන මාගේ පියාගේ…. වියෝවට… ඔහුගේ පැමිණීමට මා ඔහු පිලිගැනීමට නිවස ඉදිරිපිට ට ගිය මොහොතේ බාප්පා.. තරම් ඉකි ගසා හැඬූ … පියාගේ පාර්ශවයේ…. කිසිවෙකුත් මා දුටුවේ නැත.

එපමණක් නොව , පියාගේ මෘතදේහය භූමදානයෙන් පසුව …. ඔහු ද ඔහුගේ බිරිඳ … ද අප හැරදා…. ගියේ නැත .

අපගේ දුක තුනී වෙනතුරා ඔවුන් දින කිහිපයක් අප නිවසේ…. නැවතී සිටියේය. ඒ…වාගේම ඔහුගේ පුතුටත් මා ස්තුති වන්ත වන්නෙමි.

පියාගේ පාර්ශවයේ සෙසු නෑදෑයන් අප සමග නොසිටියා යැයි කීම මෙයින් අදහස් නොකරන්නෙමි. ඔවුන් ද අප සමග සිටියේය.

නමුත් බාප්පාගේ මේ සුවිශේෂී ගුණාංග මා හට කිසිසේත් අමතක කල නොහැක.

එය මා හට මහත් වූ අස්වැසිල්ලක් වූයෙමි .

අවසාන කාලය වන විට ඔහුගේ නවාතැන වූයේ කළුතර ප්‍රදේශයේ ය . ඇතැම් කළාකරුවන් හට අත්වන කේධජනක ඉරණම ඔහුටද අත්විඳීමට සිදුවිය .

ඔහු හට සැප පහසු නිවසක් සාදවා දීමට මා හට බලවත්

උවමනාවක් තිබුනද … එවකට මා එතරම් …. ශක්තිමත් ආර්ථීක මට්ටමකින් පසුනොවූ වෙමි .

පියාගේ අවෑමයෙන් වසර කිහිපයකට පසුව මා හට සංගීත ගුරුවරයෙකු වශයෙන් විදේශ ගතවීමට අවස්ථාවක් උදාවිය . මාගේ සිහින අතරින් එකක් වූයේ බාප්පා වෙනුවෙන් යමක් කිරීමට ඇත්නම් කියාය.

නමුත් අප අපේක්ෂා කරණා පැතුමන් ඒ අයුරින්ම ඉටුවන්නේ නැත . මා විදේශ ගතවී සයමසක් ගතවීමට මත්තෙන් ඔහු මෙලොවින් සමුගත්තේය.

මා හට ඔහුගේ මරණයට මෙරටට ඒමට බැරිවීම ගැන බෙහෙවින් කණගාටු වන්නෙම් . මා හට බාප්පාගේ මරණයට නැවත ලංකාවට යෑමට අවස්ථාවක් ඉල්ලා සිටිය ද සේවය කල ස්ථානයෙන් එයට අවකාශයක් නොලැබිණි .

ඉතින් හේතු කාරණාවන් එසේ නිමා විය .

මෙම අවසාන කොටස ගැන මදක් පැවසූවොත් …..

මෙහි මට ස්තූති කිරීමට බොහෝ පිරිසක් ඇත . එයින් ප්‍රධාන කොටම වන්නේ පාඪක ඔබය . සුළු පිරිසක් හෝ ඔබ මෙය කියවා ඔබ මා දිරිමත් නොකලා නම් මා මෙතරම් හෝ දුරකට මෙම කෙටි කඪාංගය නොලියන්න ට ඉඩ තිබුණි .

සෑම කඪාංගය ක් ම කියවා ඔබ මෙහි ලියූ කොමෙන්ටු මා ඉතා උද්‍යෝගයකින් හා ආශ්වාදයකින් කියවූවෙමි . ඒ වගේම මා ද ඔබමෙන් ම මෙය එක් වරක් හෝ දෙවරක් මුහුණු පොතේ පොස්ට් කලායින් පසුව මා මෙහි රචනය කල වග අමතක කර ඔබමෙන් ම පාඪකයෙකු සේ .. කියවා රස වින්ඳෙමි .

තවද පාඪක ඔබ හට යමක් පැවසීමට කැමැත්තෙමි ,

කළාකරුවකුගේ සෑමවිටම හදවතෙහි නැගෙනා සතුට ප්‍රේක්ෂක , පාඨක ඔබ ගෙනඑන්නා ඉහල පිලිගැනීම ම වන්නේය . එය කලාවෙන් ලබනා මිල මුදල් ද පරදවා නැගෙන්නේය .

ඉතින් ඔබ හට බොහෝ පිං

දෙවෙනුව මාගේ මෑණියන් හටය ….. ඇය හට බොහෝ සෙයින් ස්තුති පූර්වක වන්නෙමි . මෙය පොතක් ලෙස මුද්‍රණය කිරීමට මුලින්ම මා හට පැවසුවේ ඇයයි . ඉදිරියේදී මාගේ මිතුරෙකුගේ ද උපකාර ඇතුව එය ආරම්භ කිරීමට මා බලාපොරොත්තු වන්නෙමි.

මා නැවත සංගීතයෙ හි වෘතීමය වශයෙන් නියැලීමට ඇය හට බොහෝ සෙයින් අවැසි වූ වද මා හට තවමත් එයට අවකාශයක් නොලැබිණි .

පාසැල නිමවී අප එය හැරගොස් මේ වන විට වසර විස්සක් ගතවී ඇතත් ….. මිගමුව “ශාන්ත මරියා මහා විදුහලේ” අපගේ පංතිය භාරව සිටී “සිංහල” ගුරුතුමී පැවසූ වදනක් මාගේ සිහියට නැගුනෙමි . එය අදමෙන් මාගේ සවන් පත් අතර රැව්දෙයි . එය නම් “ළමයි පොතක් ලියන්න නම් පොත් හොඳට කියවන්න” කියා ඇය කියූ වදනක්ය .

එකල පොතක් ලිවීමට තියා…… “රචනාවක්” හෝ ලිවීමට අප බෙහෙවින් මැලි වීමු . එසේ පැවසූ ඈ….. අපව බලෙන් පුස්ථකාලය වෙත යොමු කෙරෙව්වා මා හට මතකය . එසේ පුස්ථකාලය වෙත පිවිසුන අප ……… අපට ඔබින වර්ගයේ …. පොත පත තෝරාගෙන වාඩිවී කියවන මොහොතේ මට ඉදිරියෙන් සිටී මාගේ මිතුරෙකුට සිදුවුන අකරතැබ්බයක් සිහියට නැගෙන්නෙමි . ඔහුගේ පෙනුමද හාස්‍ය උපඳවන සුළුය . එපමණක් නොව ඔහු බොහෝමයක් සිදු කරනු ලබන්නේ ද….. හාස්‍ය උපඳවන දෑය .

අප පාසලේ පුස්ථකාලය පිහිටා තිබුනේ පාසැලේ ගොඩනැගිල්ල ක දෙවන මහලයේ ය . පුස්ථකාලය ඒ මොහොතේ දී ඇල්පෙනෙත්තක් බිම වැටුනද හොඳින් ඇසෙනා තරමට බොහෝ සෙයින් නිෂ්ශබ්දව තිබුණේය . අප සැමදෙන ගේ අවධානය ඒ මොහොත වනවිට තම තමන් අත තිබූ පොත්පත් වලටය . මාගේ මතකය දිවයන්නේ අප නවවෙනි වසරේ …..සිදුවූ සිද්ධියකට බැව් හැඟී යයි.

එකවරම ……අපේ මිතුරා “අම්මෝ”…..ඌයි කියා ඔහුගේ කණ අල්ලාගෙන බෙරිහන් දෙන්නට විය . එකවරම අප තුෂ්නිම් භූතවී ඒ දෙස බැලුවෙමු . මාගේ මිතුරා … පුස්ථකාලය යේ කියවීම සඳහා වෙන්ව තිබූ මේසයක් මත …. මුළු මේසයම වැසෙන සේ විශාල පොතක් දිග හරවා ගෙන කියවමින් සිටියේය . පොත ඔහුට ඉසිලීමටත් වඩා බරින් ද වැඩිවන්නට ඇත .

පුස්ථකාලයාධිපති වුයේ එවකට “කුමාරසිරි” ගුරුතුමාය , ඔහුගේ පෙණුම හරියටම පැවසූවොත් යුධහමුදා වේ බ්‍රිගෙඩියර් කෙනෙකුට හා සමාන ගාම්භීර පෙනුමකි. සැරපරුස වූද එතුමා හොඳ ගුරුවරයෙකි .

මාගේ මිතුරා ….. ඒ මොහොතේ කියවමින් සිටියේ ….. අප පාසලේ අ.පො.ස උසස් පෙළ සිසුන් සඳහා වෙන්ව තිබූ …. තර්ක ශාස්ත්‍රයට සම්බන්ධ වූ පොතකි . අප යාන්තම් අවුරුදු දහහතරක නමවෙනි වසරේ සිසුන් ය.

ගුරුතුමාට බොහෝ තරහා ගොස් ඇති බව අප දුටුවෙමු . එකවරම ඔහු …..

අප මිතුරාට කණ හරහා ගසමින් …..

” අයිසේ…… වයසට හරියන පොතක් කියෝනවා ….. ” කියා පවසත්ම අප හට හාස්‍ය නවතා ගන්නට බැරිවීමු.

එවිට යලිත් ගුරුතුමා –

” හා …… හා… හා….. අනිත් අය නිශ්ශබ්දව කියෝනවා ” අප ද නැවත මීයට පිම්ඹාක් මෙන් නිෂ්ශබ්දව නැවත කියවීමට පටන් ගතිමු .

ගුරුතුමා …… අප සැම ලඟින් ම ඇවිද ගොස් අප සැබෑවටම කියවන්නේ ද….. එය කුමක් දැයි කියා නීරීක්ෂණය කොට ඇත් බැව් මට ඉන් අනතුරුව පසක්වුනෙමි .

වාසනාවකට මා අත වූයේ …… මාර්ටීන් වික්‍රමසිංහ ශූරීන් ගේ “මඩොල් දූව” නම් වූ ග්‍රන්ථය යි. එතුමාගෙන් ….. එවන් වූ පොත්පත් වලට විරුද්ධත්වයක් නොවුණේය . එවන් වූ පොත්පත් …… අපට ගැලපෙන ඒවා…සේ එතුමා සිතන්නට ඇත . මාගේ අනිත් මිතුරන්ද මෙවන් වූ පොත්පත් ආශාවෙන් කියවන්නට වීමු .

මා කියවූ ප්‍රථම ළමා නවකථා පොත වූයේ ….. “මඩොල් දූවයි” මා ටිකවේලාවක් මෙය කියවා යන විට මෙම පොතට මා පිස්සු වැටුනා සේ කියවීමට ගත්සැටි මට මතක් වන්නෙමි . මා ද එහි සිටිනා ලෙසට මඩොල් දූවේ චිත්‍ර රූපයන් පවා මා හට මැවෙන්නට වූයේය .” ජින්නා” මුලින්ම “මඩොල් දූව” දෙසට ඔරුව පැදගෙන යන සැටි චිත්‍රපටියක් නරඹනවාට වඩා එහා ගිය තාත්වික හැඟීම් පාඪකයා තුළ ජනිත වන්නට තරම් කතෘවරයා කෙතරම් දක්ෂයෙකු වියයුතු දැයි කියා මා හට වැටහෙන්නේ අදය .

ඉන්පසුව කල් යත්ම “ගම්පෙරළිය” , රොබට් නොක්ස් ගේ එදා හෙල දිව , වණසරණ සහ තවත් නවකථා පොත් රැසක් ද මාගේ කියවීමේ අශාව වැඩි දියුණු කරවීමට ඉමහත් ලෙස රුකුලක් වුණේය.

මෙහි මෙතෙක් ලියූ කොටස් වල විශේෂ අවස්ථා අවසාන කොටස වන 7 නි කථාංගයේ හුවා දක්වන්නෙමි . එය ඔබගේ අවසාන කථාංගයේ කියවීමේ රසාස්වාදයට බෙහෙවින් රුකුලක් වන බවට මා විශ්වාස කරමි .

මෙහි අවසාන වශයෙන් ස්තූති නොකර ම බැරි පුද්ගලයෙකු සිටියි . ඒ නම් ” ස්වර්ණා ” …. ගේ චරිතය ලිවීමට මා හට උපකාර කල තැනැත්තියකටයි . ඇය මාගේ මනසට නොපැමිණියේ නම් “ස්වර්ණා” පිළිබඳව ඔබ හට මේ තරම් හිතට කා වදිනා අයුරකින් මෙය කියවා මා හට ගුණ දොස් වර්ණනා පැවසූ ද , ඔබට මේසා මා හට ලිවීමට බැරිවීමට ඉඩ තිබුනි . ඇයද ඒ තරමට ම වූ රූමතියක වූ නිසා ය . මා ඇයව දුටුවේ…. සිහිනයකින් දෝ නැතහොත් සැබවින්ම දෝ.. කියා….තවමත් මා හට විශාල ප්‍රෙහෙලිකාවකි.

ඉන් අනතුරුව මා ” ස්වර්ණා ” ගැන ඔබ හට ලියුවේ බාප්පා මා හට මිත්‍රයෙකු සේ සිටී නිසාත් … ඇය ගැන බොහො විස්තර බාප්පා මා හට පවසා ඇති නිසාත්‍ ය .

” ස්වර්ණා ” මැතිණිය බොහෝ අලංකාර කතක් වූ බවට බාප්පා මා හට පැවසූ වදන් වලින් මට පැහැදිලි වුනෙමි . ඒ බොහෝ කලකට පෙරය .

එනමුත් මා මෙය ලියන්නේ බාප්පා ද මෙලොවින් සමුගෙන ගොස් බොහෝ කලකට පසුවය .

ඒ වගේම හැත්තෑව දශකයේ තොරතුරු මා හට ලබාදීම පිළිබඳව “මෙල්රෝයි ධර්මරත්න” කළාකරුවාණන්ට ද මා බෙහෙවින් ස්තූති වන්ත වෙමි .

ඒ….වගේම “සුරිය විලේජ්” සහ “සූරිය ලෙබලයෙහි” වත්මන් හිමිකාරිත්වය දරණා “උදේන වික්‍රමසූරිය” මහතාට ද මා හට කලින් උපකාර කර තිබීම පිළිබඳවත් බෙහෙවින් ස්තූති වන්ත වෙමි .

“අර්ජුන්” මහතාට සහ “රොලින්සන්” යන මහත්වරුන් ටත් ස්තුතිය පලකරමි.

විශේෂ කොටම ස්තූතිය පුද නොකරම බැරි පුද්ගලයෙකු සිටියි. ඒ….නම් මාගේ ෆේස් බුක් නව පිටුවෙහි චායාරුපය “එඩිටිං” කල “සකිත් පුල්ලප්පෙරුම” සොයුරාටය. ඒ…. සඳහා ඔහුගේ…මහන්සියට වටිනාකමක් දීමට මුදල් ගෙවීමට ඉල්ලා සිටියද ඔහු එය ප්‍රතික්ෂේප කලේය. පුදුමාකාර මිනිසෙකි. ඉතින් සොයුර ඔබටත් බොහෝ තුති.

මෙහි තවද නම් වශයෙන් ස්තුති කිරීමට නොහැකි වූ…අයෙක් වේද ඊට මා ඔහුගෙන් සමාව අයැදිමි.

ඉතින් වසරක කාලයක සිට ඔබ මා සමග සිට මෙම කෙටි කථා සංග්‍රහය ම කියවා ඔබගේ අදහස් හා යෝජනා , චෝදනා පවා මා වෙත යොමු කෙරෙව්වාට ඔබ හට නැවත වාරයක් ස්තූති කරමින් , අවසාන කොටසද කියවා ඔබගෙන් මා නැවතද පෙර සේම එය බලාපොරොත්තු වන්නෙමි .

ප්‍රිය පාඨක ඔබ සැමට අවසාන කොටස මෙලෙස බාර කරමින් … මෙම කෙටි කඨාංගයෙන් ඔබගෙන් මා සමුගෙන යන්නෙමි .

ස්තූතියි !!!

 

2020/06/26 ,

                                            අවසාන කොටස !!!

( පසුගිය කොටසින් )

එකවරම “ස්වර්ණා” –

” අනේ …. දැං නවත්තන්න බබා……..” කියා රංජිත් ගේ ලය මත ඇයගේ හිස තබා හෙමින් කොඳුරන්නට වුවාය .

“රංජිත්”-

” මට බැහැ මගේ….රත්තරං ….. ඇයි…..ඔයා…එහෙම කියන්නේ ??

“ස්වර්ණා”

” මට බයයි ට්රේන් එකේ…..කව් රුත් එහෙම දැක්කොත්….බබා..”

“රංජිත්”-

” මෙතන ඉන්නේ අපි දෙන්නා…..විතරනේ…..මගේ රත්තරං …..”

“ස්වර්ණා”

“ඒක ඇත්ත ඒ……වුනාට “සුනී” එහෙම ආවොත්…..මට ලැජ්ජයි..ඒ හින්දා දැන් ඇති බබා…… කියමින් ඇය නැවත වාරයක් “රංජිත්” දෙස බැලුවාය . ” ඒ දෑස් වල නැවතද පෙර සේම ආකර්ෂණීය පෙම් සිනහාවමය . ” ස්වර්ණා ” ගේ දෙතොල් රංජිත් ගේ දෙතොල් වල පහසට නතු වී තවත් අලංකාරව දිදුලන්නේය .

නැවත වාරයක් ඔහු හා ඇය දෙතොල් එක්කොට ආදරය එකිනෙකාට බෙදාගන්නේය . ප්‍රේමය ඔවුන් දෙදෙනාගේ හදවත් කරා ගමන් කරන්නේය .

මතු සම්බන්ධයි !

……………………………………………………………………………

( 7 වෙනි කොටස )

අද එතැන් සිට,

ඔවුන් දෙදෙනා පෙම් සුව විඳිමින් ඔවුන්ගේම ලොවක ඉතා සුළු නිමේෂයක වූ….වද එලෙස තනිවන සොඳුරු මොහොතක අවට පිළිබඳව ඔවුන් දෙදෙනා ගේ අවදානයක් නොවූවද………

පහතට ගලා හැලෙනා දිය දහරාවන්ගේ… නැගෙනා හඬ කෙමෙන් කෙමෙන් වැඩි වී……. ගෙන ඒවා මනාලියකගේ වේලයක් පහතට ඇද හැලෙනා … මෙන් , සුදු පෙන පිඬු ද සමඟින් විශාල දිය ඇලි බවට ද පත්වී පෙනීමට ලක්වන්නේය .

කඳු කරයෙන් හමාගෙන එන ශීතල …… සුලඟ …… තේ….. වතු යා…යවල් ද සිසාරා….. ලා පැහැති කොල වර්ණයෙන් ….. ඈතින් සහ නුදුරින් ද දෘශ්‍යමාණ වන …… තේ දළු ද….. සිපගනිමින් එහි සුවඳ ද මුසු කොට ගෙන …….. දුම්රිය මැදිරි කවුළු තුලින් ඇතුලතට වේගයෙන් හමා විත් ,

“ස්වර්ණාගේ” නීල වරලස ද තාලයකට පද්දමින් ……….. වහා “රංජිත්” ගේ…… මුහුණට ද ගසාගෙන….. ඇයගේ වරලසින් නැවත ද ඔහුගේ මුහුණට විගස පහර දෙන්නීය. තේ…දළුවල නැවුම් පුසුඹ සමග ද කෙහෙරැලි සමග මුසුවූ ඇයගේ ජීවන සුවඳත් සමග මුසුවූ….මෙහි වේදනාව ඔහු හට වේදනාවක් නොවන වගටත් එය “රංජිත්” හට සොඳුරු මිහිරක් වනවාට ත් නොඅනුමානය .

මෙයට ඔවුන් දෙදෙනාටම …… සිනහ නැගුණ ද ……….එයට අවධානය යොමු කිරීමට පවා ඔවුන් දෙදෙනාටම ඉඩක් නොලැබෙන්නේය. එනම් දෙදෙනා ම සිටින්නේ ප්‍රේමයේ ….. එක් සොඳුරුතම ආරම්භය ක රසපැන් පානය කරමින් සහ එය එකිනෙකා කෙරෙහි විඳගනිමින් ය.

වර්ණවත් සාරියක් ඇඟ දවටා… රක්තවර්ණ යෙන් හෙබි වූ අලංකාර තිලකයක් ද නලලෙහි …. යොමා , වේ….වැල් වලින් තැණූ…..කූඩයක් ද පිටෙහි දරා….. දෑඟිලි නර්ථනයේ යෙදෙනා….. මෙන් ද , තොල් රතුවන සේ… බුලත්විට සපමින් , ඉදිරියට ඇදෙනා “උඩරට මැණිකේ”… දුම්රියේ… සිටිනා… වුවන් හට විටින් විට ඇස ගැටීමට ලක්වන්නේ…… වතුකරයේ කුමාරිකාවන් වන ….. “තේ…දළු නෙලනා”…. දමිළ ලඳුන්‍ය.

ඇය …ගේ වත කමලේ…… අසිරිය දකින්නේ….. ශ්‍රීලාංකික මඟීන්ට වඩා….. එහි සංචාරය කරණා ….. පිටරැටියෙකි. වහා ඔහු සිය කැමරා කාචයට ඇයගේ…. රූ..සපුව හසුකරගනිමින් … රුපියල් සියයේ…. නෝට්ටු … දෙකතුනක් ඇය සිටිනා…. ඉසව්වට, දුම්රියේ කවුළුවක් තුළින් හැකිතාක් වීරිය යොදා විසිකරණ්නේය.

වාසනාවකට දුම්රියේ …… ගමන තරමක් සෙමින් වන නිසා… එය ඇය අසලටම වැටෙන්නේ…ය . එය දුටු මේ…. දමිළ ලඳ ඇයගේ…. කාර්‍ය …. මඳකට නවතා…. තුටින් එය අහුලාගත් විගසම …. සිය ස්තූතිය ……. පලකීරීමට මෙන් ….. ඇයගේ…. නාසයට විද ඇති තෝඩුද සමගින් අලංකාර ලෙස හිනැහෙන්නීය.

ඒ….. සිනහාවේ…. අසිරියට මන බඳිනා.. සංචාරයෙහි යෙදී සිටිනා මේ…. ආගන්තුක අමුත්තා….ද බොහෝ සේ….. තුටින්….. ඔහුගේ සිය අඹුව ඔහු ලඟම සිටියද…. සිය දෑතින් ….. “දළු නෙලන්නිය හට ඔහුගේ දෑත් සමග දෑඟිලි ද සිය දෙතොල් මත ස්පර්ශ කරවා …… හාදුවක් විලසකින් වාතලයට මුසුකොට හනික දෑතින්ම විදහාලමින් ඇයවෙතට මුදාහරින්නේ….ය .

නමුත්….. මෙය දිටි ඔහුඟේ අඹුවගේ…… ප්‍රතිචාරය ….. ආසියාතික ….. අඹුවකගේ….. ප්‍රතිචාරයකට හාත් පසෙකින් ම වෙනස්වන්නේ..මය . ඇය එයට කිපී …. මුහුණ නරක්කර නොගනී.

ඇයද…. ඔහුගේ…..ක්‍රියාවට යමක් එක්කරන්නීය . ඇයගේම ලයවෙතට සිය දෑත යොමා….. “දළු නෙලන්නියගේ” රැකියාවෙහි දුෂ්කරතාවය හා අගය ඇයට දැණුන ….හෙයින් දෝ… , ඇයද සිය අසුනෙන් නැගිට ….. ගමන් කරනා දුම්රියේ සිට වූද….. සිය හිස්වැසුම ද ගලවා ඇයට ගරුභුහුමන් දක්වන්නට වූවාය.

“සිලෝන් ටී”….. නමින් ලක්මාතාවණ්ගේ නාමය අන්තර්ජාතිකව ලොව දිදුලවන්නට ඇය කරණා සේවය …..ඉමහත්‍ය. තේ….. වතුයායේ …. සේවයේ….දී ….. ඇයගේ පාදයන්හි … ලෙය සුවඳට පොකුරු පිටින් එල්ලෙන “කූඩැල්ලන් ට” ඇය භියවන්නේ ද නැත . සුවපහසු කලාපයෙහි සුර සැප මැනවින් විඳිනා ළඳකට මෙන් ඇයටද භිය දැනුනද ….. ඒ….භිය …. ලැයිම් කාමරවල කුසගින්නේ……. සිටිනා…. සිය දුවා….. දරුවන් ද….. වයෝවෘද්ධ වූ මව පියා ද සිහියට නැගුණු ඈ… ලුණු සබන් ආදිය යොදා… ලෙය සුවඳට සිය පාදයන් හි දෂ්ඨ කල එල්ලුනු “කූඩැල්ලන් ද මුදා හැර සිය භියද යටපත්කරගෙන ධෛර්යමත් වී හනිහනිකට වෙහෙසෙන්නීය.

මුළු දහවල් කාලයම….. “තේ…..දළු” ද සමග හනිහනිකට ගැටුණු ඇය වෙහෙස මහන්සිය නිවාගැනීමට ලද කුඩා විවේකයේදී …… සිය මල්ලෙන් ලෙහා ගත් පාං පිටි වලින් පිසූ… රොටි කැබැල්ලකින් කුසගිනි ද නිවාගෙන නැවත වැඩ අරභන්නීය . මෙසේ පුරා හෝරාවන් කිහිපයක් බොහෝ වෙහෙස මහන්සි වූ ඇය …… පිටෙහි රැඳවූ කූඩය ද දළු වලින් පිරී ඉතිරී ගොස් ඇති නිසා , එයද රැගෙන කඳු පල්ලම් බැස පැමිණ … තේ කර්මාන්ත ශාලාවට එය ‍රැගෙනගොස් වතු කම්කරුවන්ට හිමි…. “සොච්චමක්” වන් කුඩා වූ දෛනික වැටුපද අතැතිව නැවත ඇයට හිමි “ලැයිම් කාමරය”වෙත ගොස් ආහාර පිස මවපියා සහ සිය දුවා දරුවන්ගේ …. කුසපුරවන්නේය . මෙය ඇයගේ ධෛනික කර්තව්‍යයයි ,

ඇයද …. අප මෙන්ම ඇට ලේ මස් ඇතිව මෙලොව එළිය දුටු ලක්මාතාවන් ගේ… දුවා දරුවෙකි , මෙයද ඇය ලදයුතු දිවිය ???

සංචාරක අමුත්තන්ගේ සංස්කෘතිය කෙබඳුවුනිද ඔවුන් කිසිවෙකුගේ…… කිනම් හෝ….. වුර්තීයක් වූවද කිසිදා… පහත් කොට නොසලකන්නේය. සෑමවිටම මනුෂ්‍යයත්වය ඉහලින් ම පිලිගන්නා අතර ලක්දෙරණේ….ස්වභාසෞන්දර්යට ද බොහෝසෙයින් ප්‍රේම ද

අගය ද කරණා අතර උස්පහත් බේදයක් ද නොසලකන ඔවුන් මිහිපිට වසනා….. එක්තරා….. ඝණයක දේවතාවෝ…ය.

එනමුත් …… විගස ම හමා ආ…. නැවුම් තේ දළුවල…..සුවඳ ද සමග මුසුවූ ශීතල ….. සුලඟේ…..ස්පර්ශ ය ලැබූ ………. “ස්වර්ණාගේ” සිරුරට එකවරම මෙහි …..ශීතල දරාගැනීමට නොහැකිව ඇයගේ මුළු ශරීරයම සීතලෙන් වෙව්ලන්නට ත් මුළු සිරුරම කිලිපොලා යන්නට ත් වන්නේ…ය.

තවත්…… ඉවසාගත නොහැකි වූ……ඇය මෙතෙක් ….. මද ස්පර්ශව “රංජිත්” ගේ ලය පෙදෙසේ යොමා සිටි ඇයගේ දෑත් විගස ගෙන ඔහුගේ පිට පෙදෙස තදින් ග්‍රහණයට ගනිමින් …… “රංජිත්” ගේ….. මුවද … දෙතොල් ද ….. ඇය උන්මත්තියක සේ…… ඔහුව දැඩිව ……සිපගන්නට පටන් ගෙන ඔහුගේ උණුසුම ඇයගේ මනබඳිනා දෙතොලින් සරාගීව නතුකර කරගැනීමට ත් වූවාය .

මෙය වඩාත් ම …. ගැඹුරින් පරිකල්පනය කලහොත් …..එය මේ හා සැසඳීමට හැකිවන්නේ….ය .

එනම් මෙය වර්තමානයේ ඉතා දුලබ වූද පිරිමියෙකුගේ ….. පෙර පහස නොලත්….. පලපුරුද්දකින් තොරවූ මනාලියකගේ……පලමු මංගල රාත්‍රියෙහි ….. ආරම්භයේදී වන සිදුවීමකට මෙය සමාන කල හැකිවන්නේය.

පලපුරුද්දකින් තොරවූ මනාලිය සිය ප්‍රථම මංගල රාත්‍රියේ දී….. “ස්වර්ණා” මෙන්මය . මුළින් ලැජ්ජාෂීලී ..ද අල්ප වූ ද…… ඇය හැඟීම් උත්සන්නතම අවස්ථාවට පැමිණි කල , ඉනික්බිතිව ඇය ආදරය නම් වූ මහා සයුරේ…. ගැඹුරටම කිමිදෙන්නීය .

ඇයගේ පියාණන් ගෙන ආ…… මංගල යෝජනා වෙහි තරුණයා හට හදවතින් එකඟ වීමට කිසි විටෙකත් ඇයහට නොහැකිය . මෙයට හේතුව ඇයගේ….. ආත්මයෙහි ඉතිරි භාගය ඔහු නොවන නිසාවෙනි . මෙය ඇය නොදැන සිටිය ද……. ඇයගේ හදවත මංගල යෝජනාවෙහි තරුණයා හට නොබැඳෙන්නේ……. එබැවිනි .

දෙදෙනෙක් ඔවුන්ගේ මුළු ජීවිතකාලය පුරාවටම දිවි ඇති තෙක් එකට සිටීම…… සැබවින්ම මනුෂ්‍යයන්ගේ..ම අභිමතය වන්නේ..ම නැත.

එය මනුෂ්‍යයාගේ…… කැමැත්ත අභිබවා ගිය විශ්වීය තීරණයකි. ආරම්භයේ දී…. පටන් මනුෂ්‍යයා සහකාරියක හා සහකරුවෙකු ද සමඟ ශාරිරීකව හා මානසීකව ද බැඳුනේ…ය.

තවත් සමහරෙක් මුළු ජීවිත කාලය පුරාවටම තනිවම විසුවෝය.

එය වඩාත් ගැඹුරින් ගත්කල …. පුද්ගලයෙකුට මුළු ජීවිතකාලය පුරාවටම ප්‍රේම සම්බන්ධතා …. කිහිපයක් තිබිය හැක . එයිනුත් ඔවුනට චිත්තවේගීව අමතක කල නොහැකි සම්බන්ධතා ද තිබිය හැක . ඉන්හාස්පතින්ම වෙන්ස්ම වූ කරුණකි කෙනෙකුගේ…..විවාහය .

මේ…..සඳහා බොහෝ විට ” Twin Flames ” යන ඉංග්‍රීසි ” අර්ථනාමය ” නොහොත් “නිවුන් ගිණිදැල්” ලෙස අර්ථකථනය දැරූ ආත්මයන් එකට හමුවිය යුතුමය . මෙම සහකරුවන් සහකාරියන් එකට හමුවීමට ඇතැමෙක්ට නිසි වයසේදී… ද තවත් සමහරෙක්ට බොහෝ කල් ද ගතවනු ඇත.

අතැම් අයගේ විවාහ අසාර්ථක වීමටත් මේකී “නිවුන් ගිණිදැල්” එකට හමුනොවීම ද බලපෑමට හැක.

එය කර්මය මත පදනම් වූ විශ්වය විසින් දෙනලද දායාදයන් වන්නෙහිය .

කෙදිනක හෝ…… “නිවුන් ගිණිදැල්” ලෙස වෙන්ව මැවූ…. “ආත්මයන්” මනුෂ්‍යයා තුලින් නැවත එකට හමුවූ විට …. ඔවුනොවුන්ගේ ආත්මයන් ක්ෂණයකින් එකට බැඳේ…… ,

මෙවන් කාරණා….. සුලබය ……… එය සමහරවිටකදී ඔබද කියවා අසා තිබේදැයි කියා මා හට කුකුසක් නැගෙන්නෙමි.

මෙවන් වූ සිද්ධීන් ඔබ අසා…… ඇතීවි ,

” එයාව මං දැක්ක පලවෙනි දවසෙම මගේ හිත එයාට ඇදිලා….. ගියා….වගේ දැණුනා…”

“අපි දෙන්නා…… කලින් හම්ඹවෙලා……තියෙනවා….. වගේ….මට දැනෙනවා”….. ඔයාව මං ගොඩක් කාලයක් තිස්සේ….දන්නවා….වගේ…මට දැනෙනවා”

” You feels like home to me ”

“යූ…. ෆීල්ස් ලයික් හෝම් ටු මී” ( ඔයා ලඟට ආවහම මට ගෙදර ආවා වගේ දැනෙනවා )

මෙවන් වූ….. කාරණා ,

සැබවින්ම ….. ඔබේ …..මනස තුල….සැඟව සිටිනා….. ඔබ නොවන ඔබගේම… ආත්මය … පෙර භවයේ….. ඔබේම…..සම්බන්ධතා….. මතු භවයක දී නැවත හමුවූ සැණෙකින් හඳුනා ගනු ලබන්නේය.

එවිට ඔබට ඉහත කී විලසකින් දැනීමට බොහෝවිට කදී… හැකිවන්නේය.

එනමුත් මේකී…. හමුවීම් සිදුවන්නේ…..දෛවයෝපගත සිදිධීන් තුලිනි.

මෙවන් වූ…. “නිවුන් ගිනි දැල්” ලෙස මෙලොව උත්පත්තිය ලැබූ “ආත්මයන්”… ශාරිරීකව ඇතැමුන් වෙන්කල විට , ඔවුන් බොහෝ සෙයින් දුක්විඳින්නට වන්නේය ,

එසේ… වෙන්කෙරුව ද…… “සහකරුගේ”සිතුවිලි තුල ඒ….. හමුවූ….. “සහකාරිය” සිටිනා….. බවට ඔහුට දැනීමට පටන් ගන්නේය. ඇයටද එසේමය….. එකිනෙකා…. ගේ…වේදනාවන් පවා ඔවුන් දෙදෙනාටම ඇතැම් විට එක ලෙස දැනේ , ඇයගේ සුවඳ …. ලඟ නොසිටියද “සහකරුවාට” දැනීමට පටන් ගන්නේය . මෙය බොහෝ විට “නිවුන්” දරුවන් ට හා…. සමාන ලෙස දැනෙනා වූ හැඟීම්‍ය.

මෙසේ කලින් කී ලෙස මනුෂ්‍යයා තුලින් හමුවූ “ආත්මයන්”යලි කිසිදා ඔවුන් දෙදෙනා …… කිසිවෙකුටත් වෙන්කල නොහැක .

එසේ….කිරීමට තැත්කරණවුන් හටද බලවත් “අකුසල් කර්මයන්” අත්වනු ඇත.

එනමුත් මෙය “විශ්වයේම”….නිර්මාණය ක් ම වන නිසා…… එකට විසීමට වෙන්ව මැවූ…. “ද්විත්ව ගිණි දැල්” ලෙස මැවූ.. “ආත්මයන්” කුමණ දුක් කම්කම්කටොළු වලින් පිරුණු බාධක මධ්‍යයේ…… වූ වද …..”විශ්වයේ”උපකාරද ඔවුනට ලැබෙන හෙයින් …. කෙසේ හෝ එම “ආත්මයන්”යලි එකතුවන්නේ ….මය.

උදාහරණයක් ලෙස….. දෙපාර්ශවයේම මව්පියන් නැදෑ පිරිසද ඇතැම් තරුණ තරුණියන් හට බෙහෙවින් විරසක ව එරෙහි වූ.. නමුදු ද ඔවුන් අවසානයේ දී… කිසිවෙකුගේ උපකාරයකින් තොරව වූ…ද නැවත එක්වූ අවස්ථාවන් අප සමාජයේ… ද එමටය .

මෙයට එරෙහිව මනුෂ්‍යයා හට ක්‍රියාකල නොහැකිමුත්. සිය ප්‍රඣාවෙන් බැළූ කල විශ්වය විසින් එක් එක් වන් ලෙස වෙන්වූ මනුෂ්‍යයන්ට දායාද කල දෛවය ට ද ඉරණම ට යටත් වීම යෙහෙකියැයි සිතේ .

නැවතත් ,

මෙම තරුණයාටද ….. යෝජනාවට ද ඇයගේ නොකමැත්ත…..ඇය කොතෙක් පලකර සිටියද …..ඉන් කිසිඳු ඵලක් නොවීය. ඇයට සිය නිවසින් ද…… නෑදෑ පිරිසෙන් සහ පියා….ගෙන්ද …. නොනවත්වාම බලපෑම් එන්නට වන්නේය. අවාසනාවකට ඇයට සිටි එකම සැනසීම වන සිය “මෑණියන්”ද මෙලොව හැරගොසිනි .

වාසනාවකට “සුනීතා” ඇයගේ දුකට පිහිටට ඇය සමග සිටීම ඇයහට මහත් වූ සැනසීමකි .

ඇය මේසා.. නොනවත්වාම විටින් විට ඒ…… ආකාරයෙන්ම ක්‍රියාවෙහි යෙදෙද් දී ……

“රංජිත් ගේ…… හැඟීම් ද ….. උච්චතම අවස්ථාවට පත්වන්නට වැඩි වේලාවක් ගතවුයේ…… නැත . ඔහුගේ හදවත දැන්නම් වේගයෙන් ගැහෙන්නේය .

නමුත්….. දෙදෙනාගේ ම… කුළුඳුල් සිපගැනීම මේ… තරම් දුරකට යාවී යැයි කියා ….. ඔවුන් දෙදෙනාටම කිසි විටෙකත් නොසිතෙන්නට ඇත .

දැඩි…. වූ ග්‍රහණයෙන් ද වූ සිපගැනීමෙන් ……පසුව ලද ක්ෂණික වූ විවේකයේදී ….. ඇයගේ මුහුණ දෙස බලා ඔහුගේ දකුණතේ දෑගිලි තුඩුවලින් ඇයගේ මුහුණට වැටී තිබූ හිසකෙස් පිරිමදිමින් ,

එය ඇයගේ අලංකාර වූ “කන්පෙත්තෙහි” ඉහලින් ගෙන පහතට යොමනා විගස ඇයගේ නෙත් දෙස නැවත බලා සිනාහා නැගූ “රංජිත්” හට දැකගැනීමට හැකිවූයේ….. “ස්වර්ණාගේ” මුහුණේ වූ… බයාදු බැල්මකින් යුතුවූ….. ප්‍රශ්නාර්ථ ලකුණකි .

“ස්වර්ණාගේ”පියා ගෙන ආ…… මංගල යෝජනාව ගැන නැවත වාරයක් මතකයට නැගුණු ඇයහට …… “රංජිත්” හට සත්‍යය පැවසිය යුතු බව ….. සිතට නැගුණිද මෙයට එය සුදුසු වේලාව නොවන බව ඇයගේ සිතට පසක් වීය .

ඇරත් මෙවන් මොහොතක සතුටින් සිටිනා ඔහුගේ සිත , කණස්සල්ලට පත්කිරීමේ කාරණාවක් ඉදිරිපත් කිරීමට ද ඇය හට බොහෝ සේ… ලෝභ සිතුනීය .

තමන් සිටින්නේ කුමන වූ ස්ථානයක ද කියා දැණුනු පසු “රංජිත්” සිය …..හැඟීම් පාලනය කොට…… ඇයගේ……. හදවතට එබී….. ඇය කෙරෙහි සිතන්නට විය.

“රංජිත්”- ( සිතමින් )

” මොකක්ද….. මේ… වුනේ….. මුළින් ම කිසින්ග් වලට ලැජ්ජා… උනු එක්කෙනාට ඇයි මෙහෙම එකපාරටම වුනේ….??? ”

ඊස් … ෂී… ෆීලින්ග් චිලින්ග් ??? , කියා….ඔහු තම සිතටම කියා ගන්නට වුනි .

“රංජිත්” ඇයගේ….. මුහුණට ලංවෙමින් සැබවින්ම අසමින් ,

“බබා ඔයාගේ……. ෆීචර්ස් වෙනස් වෙලා……

මොකක්ද ප්‍රශ්නේ…. ???

“ස්වර්ණා”-

” රංජිත් ” අයි ඈම් සෝ …..සොරි… අයි ලූස්ඩ් මයි කොන්ට්‍රෝල්……

“රංජිත්”-

“ප්ලීස් ඩූ….නොට් වොරි……එහෙම වෙනවා තමයි බබා….. ඒ ගැන ඔයා හිත වද කරගන්න එපා…. නෙවර් මයින්ඩ්

“සුවර්ණා”-

” බබා මට මෙතන ගොඩක් සීතලයි….. අයි ඈම් ෆ්රී..zසින්

“රංජිත්”- ඔහුගේ දකුණතේ දෑගිලි එකතුකර ගෙන ඇයගේ වම් කොපුල පිරිමදිමින්…..” –

නැවත “රංජිත්”- ඔහු වෙතට ඇයව දැඩි සේ… තුරුළු කරගනිමින් ඔහුගේ සිරුරෙන් ඇයට උණුසුම දෙමින්” –

“කියන්න එපැයි මගේ මැණික…… ඔයාට ස්වෙටර් එකක් තියෙයිද….”

“ස්වර්ණා” –

” ඔව් මං හිතන්නේ….. මගේ ට්‍රැවලින් බෑග් එකේ…..ඇති” කියා ඇය ඔහුගේ පපු පෙදෙසට හිස තබමින් ඔහුට ආදරයෙන් තුරුළු වී ඉතා මෘදු ලෙස මුමුණන්නට වූවාය.

ඇය ද රංජිත් ගේ…. පෞරුෂයට සහ ඔහුගේ….සිරුරේ….. සුවඳට මන්මත් වී හමාරය ,

“රංජිත්” අසලදී හා ඔහුගේ ස්පර්ශයේදී ඇයට මහත් ලෙස සැණසිල්ලක් දැනෙන්නට වූවාය.

“රංජිත්”-

” එහෙනම් යං මගේ රත්තරං ……ගිහිං…..ඒක ඇඳගන්න…..” කියා ,

ඇය හට බොහෝ කරුණාවත් සමග මුසුවූ…. ප්‍රේමාන්විත වදනින් කීවේය .

“ස්වර්ණා”-

“අනේ….. බබා තව ටිකක් මෙහෙම ඉඳලා…..යමුකෝ….”

කියා …. ඇය නැවතද ඔහුට එලෙසම තුරුළු වී හිඳ ඇයගේ සිනිඳු දෑත් වලින් ඔහුගේ පිටපෙදෙස මෘදු ලෙස පිරිමදිමින් ඉතා සිහින්ව මුමුණන්නට වූවාය .

“රංජිත්”- නැවතද … සිනහා…සෙමින්….. ,

මෙයට ඔහුගේ…..ලය පෙදෙස ගැස්සෙන්නට විය….. “ස්වර්ණා”……. මෙයට පුදුම වී…… ඔහුගේ…. පපු පෙදෙසේ….. යොමා සිටී ඇයගේ හිස ඔසවා …… නැවත ද “රංජිත්” දෙස බලා ,

“හ්ම්ම්ම්………ම්…….. වට් ???” කියා ….. ඔහුගෙන් ඇසීය ,

“රංජිත්” – නැවතද….. සිනාසෙමින්……,

” නෝ….. බබා…. නතිං”

“ස්වර්ණා”-

“ම්ම්ම්……… ම්ම්ම්……. ම්ම්ම්……. ම්ම්ම්…… කියමින්…… සිහින්ව හුරතල් ලෙස හඬන්නට වූවාය.

“රංජිත්” –

“අනේ…… බබා ……. මොකද ….මේ…..” කියමින්…… ඔහු නැවත සිනහව නවතා….. යලිත් ……….. ඇයගේ…… නිකටෙන් අල්ලා සෙමින් ඇයගේ හිස ඔසවා ඇය දෙසබලා…… විමසුවේය.

“රංජිත්” දෙස බලා….. ඇය ,

” ඔයා මගෙන් මොනවා….. හරි හංගනවා……” කියා පැවසුවාය.

“රංජිත්”-…… නැවත ද ,

” නෑ……මගෙ මැණික එහෙම මුකුත් හංගන්නේ… නැහැ මම ,

ඒත් බබා …… මෙතන ෆුට් බෝඩ් එක…… ගාව ඕපන් නිසා ඔයාට ගොඩක් සීතලයි ….. අපි දැන්වත් ඇතුලට ගිහින් ඔයාගේ ස්වේටර් එක දාගම්මු……හොඳේ…..

“ස්වර්ණා”-

“අනේ…… බබා…තව චුට්ටක් ………. මෙහෙම ඉමුකෝ…..”

කියමින් ඇය නැවත දැඩිව “රංජිත්” හට ග්‍රහණය වෙමින් ඔහුට තුරුළු වන්නට වුණි.

“රංජිත්”- ටික වේලාවකට පසුව ,

“පැටියෝ…”

“ස්වර්ණා”- එකම ඉරියව්වේ සිටිමින්…. ඇයගේ හිස ඔහුගේ ලය මත තබමින්…..ම ,

” ම්ම්ම්……. ”

“රංජිත්”-

” ඩාර්ලිං ….. අයි හෑව් ටු ටෙල් යූ සම්තිං ” මට දෙයක් දැනෙනවා….”

“ස්වර්ණා”-

“ප්ලීස් ටෙල් මී…… බබා …… , ඒ…. මොකක්ද ???

“රංජිත්”-

මං ඔයාව….. අවුරුදු …… දාහක් තිස්සේ…… දන්නවා…..වගේ…. මට දැනෙනවා….. මගේ…..පණ ,

“සුවර්ණා”…..ට මෙයට එක්වරම මහහයියෙන් සිනහා ගියේය .”

ඇයගේ මුළු සිරුරම ද….. මෙම සිනාහාව දැරාගැනීමට ද….. නොහැකිව ……තාලයකට ….. රිද්මයානුකූලව ද රංජිත් ගේ ගතෙහි දැවටෙන්නට වුණාය .

ඇය මන්ද හාස වූ පසුව…… නැවත… රංජිත් ඇය දෙස බලා

“ඇයි රත්තරං ….. ඔහොම හිනාවෙන්නේ….. ඔයා ,

“ස්වර්ණා”- සිනහාව බොහෝ අසීරුවෙන් පාලනය කොට ,

” නෑ….බබා මට තාම වයස අවුරුදු දාහක් නෑ…… අයි ඈම් නොට් තව්සන්ඩ් ඉයර්ස්…… කියමින් ඇය නැවතද සිනහාසෙන්නට විය .

ඉවන් දැට් හව් කැන් යූ තින්ක් කැන් අර් හියුමන් බීං ඒබල් ටු ලිව් ෆොර් තව්සන්ඩ් ඉයර්ස් ,

කොහොමද කෙනෙක් අවුරුදු දාහක් ජීවත් වෙන්නේ…… ආර් යූ…. මෑඩ් ???

කියමින් පෙර සේම නැවතද ඇය මහා හඬින් සිනහාසෙන්නට වූවාය . “රංජිත්” හට තරමක ලැජ්ජා… වක් දැනුනද …. ඔහු උත්සහය අතනොහැරියේ….. ය .

ඔහු මේ……. ළඳගේ…… ආකර්ෂණීය පෞරුෂයෙන් ද යුක්ත වූ සිනහවේ…… කිමිදෙමින් සිටින්නේය. ඇයඟේ …… ඉඟ දෙපස මත සිය දෑත් තබමින් ඇයකෙරෙහි මූහුණට මුහුණ ලා ඔහු බලාසිටින්නේ…. මීලඟ සංවාදය ආරම්භ කිරීමටය .

ඇයගේ…. හාස්‍ය අතරතුර ….. “රංජිත්” චිත්තවේගීව , සිතමින් ”

“බබා ඔයා මොනතරම් ලස්සනද…. ඔය විදියට හිනාවෙද්දී….. වෙලාවකට මට හිතෙනවා ….. ඔයාව මට “ස්වර්ගයෙන්” දීපූ ගිෆ්ට් එකක් ද කියලා….. මට ඔයාව පෙනෙන්නේ…… මගේ… කදුළු නිවන්න ආපූ “ඒන්ජල්”කෙනෙක් විදියටමයි .” ඔයාගේ…. කටහඬ ….. ඔයාගේ…..ලස්සන …..ඒ විතරක්ද…. ඔයාගේ…. “ඇටිටියුඩ්ස්”…. මට ලොකු බයක් දැනෙනවා “රත්තරං” මේ වගේ…… ආදරයක් කවදාවත් මගේ හිතේ ආයේ…… කවදාවත් ම ඇතිවෙන එකක් නැහැ කියලා…..,

“මට දැනෙනවා….. රත්තරං ඔයාවගේ…. කෙනෙක් මේ….ලෝකේ… කොහේවත් මට ආයේ හම්ඹෙන්නේ නැහැ කියලා…ත් ,

ටිකකින් ඇයගේ…..සිනහාව මදකට නැවතින . “රංජිත්” නැවත සැබවින්ම ඇයට පවසමින් ,

“බබා….. ඔයාට හරියට මං කිව් දේ….. තේරුණේ….. නැහැ”

“ස්වර්ණා” – නැවතද හාස්‍ය නවතා….. එනමුදු සිනහාව පිරුණු මුහුණින් මෙසේ… ඇසීය ”

“හරි එහෙනම් කියන්න බලන්න ….”

“රංජිත්”-

“බබා…. අයි ඇග්රි විත් යූ….. කෙනෙකුට අවුරුදු දාහක් ජීවත් වෙන්න බැහැ තමයි ” , බට් වී..ආර් ලව්ඉන් ඊච් අදර් සින්ස් තව්සන්ඩ් ඉයර්ස් ” වෙන්න බැරිද…… අපි දෙන්නා අවුරුදු දා…හක් තිස්සේ…. ගොඩාක් ආදරයෙන් ඉන්න ඇතී…

එයට නැවත ඇය පැටලිලි සහගත ලෙසකින් අසමින් ,

“සුවර්ණා”-

බබා….. ඒ….කොහොමද ??? ,

“රංජිත්”-

ඔයා පොඩ්ඩ්ක් කල්පනා කරලා බලන්න බබා….. අපි දෙන්නා ආත්ම ගණනාවක් තිස්සේ…… පෙම්වතුන් විදියට ….. පෙර ආත්ම වල ඉඳන්ම ….. මේ විදියට අවුරුදු දාහක් ආදරේ….. කරන්න ඇති ,

ඒ….. ආත්ම වලත් මගේ… මුළු ලෝකෙම ඔයාම වෙලාම තියෙන්න ඇති…. , එකයි මං අදහස් කලේ….. ඔයාව මං අවුරුදූ දාහක ඉඳන් දන්නවා වගේ….. කියලා ,

“ස්වර්ණා”….. ගේ…. සිනහාව මුහුණෙන් මදකට අතුරුදහන් ව ගියාය . ඇය “රංජිත්” ගේ දෑස් ද…. දෙස බලාසිටින්නට වුවාය. ඇය මතක සයුරේ……ගිලී කිමිදෙන්නීය . මෙය භාවනාවක් වැනිය . මෙය පෙර භවයක සිට පැවත එන්නාවූ…..සම්බන්ධයක් ද කියා සැකසහිතය . දෙදෙනාගේ….. හදවත් කරා….. නැගෙන්නාවූ ප්‍රේමය ප්‍රථමවරට වූ ද , ඔවුන්ගේ ප්‍රේමය ඒතරමට ම ගැඹුරුය .

එසැනින්ම වහා “සුවර්ණා” සිය දෑත්ගෙන “රංජිත්” ගේ දෙකොපුල් මත තබා එය මෘදුව පිරිමඳින්නටත් ඔහුගේ හිසකෙස් අතරින් ඇයගේ අලංකාර වූ දිගටි දෑඟිලි යවා …. රංජිත් ගේ හිසෙහි පිටුපසත් ඉතා ප්‍රේමාන්විතව පිරිමදින්නට ත්… වූවාය ,

ඇයගේ දෑඟිලි වල පහස ද ස්පර්ෂ යෙන්ද …. හිසට සහ කයට ඇතිවූ දැඩි ආශ්වාදයේ වූ සුවය නිසා….. රංජිත් ගේ….. දෑස් වැසෙන්නට ගන්නේය , නැවත ඔහුගේ හිස ඇය දෙසට යොමා…. ඔහුගේ එක් කොපුලකට ඇය ආදරයෙන් හාදුවක් දී….. මෙසේ….. කීවාය .

“ස්වර්ණා”

“ඔයා හරි බබා…… මටත් සමහර දේවල් …… ඔයා කිව් ව්දියටම දැනෙනවා….. ” මම මගේ …..ජීවිතේ….. විෂ් කලෙත් දවසක ඔයාගේ වගේ……. ආදරක් ලැබෙන්න කියලායි …..,

අන්තිමේටම පොඩ්ඩකින් හරි මගේ විෂ් එක මගේ ජීවිතේට ඇවිදින් ,

“රංජිත්”-

“ඇයි බබා…… ඔයා පොඩ්ඩකින් හරි කියලා….කිව්වේ ???

“ස්වර්ණා”- මොහොතක් කල්පනා කරමින් ,

” නෑ….. බබා..මුකුත් නැහැ ”

“රංජිත්”-

“වෙන්න බෑ…… ඔයා….මොකක්දෝ….. හංගනවා….. මට ඒක…. ඔයාගේ මුහුණෙන් පෙනෙනවා”

“ස්වර්ණා” මවිත වී…… මොහොතක් “රංජිත්” දෙස බලා උන්නාය”

“රංජිත්”

“ඔයාට මට කියන්න බැරි දෙයක් නම්…..

කමක් නැහැ බබා…”

“ස්වර්ණා”-

“නැහැ….. “රංජිත්” එහෙම විශේෂයක් නැහැ ” ප්ලීස් ෆොගිව් මී

….. කියමින් ඇය නැවත වාරයක් මෙලෙස කියන්නට වූවාය.

“බට් අයි විල් ලව් යූ….. ෆොර් නෙක්ස්ට් තව්සන්ඩ් ඉයර්ස් ඕල්සෝ…..”

“රංජිත්”-

“ඔය ඇත්තමද….. මගේ රත්තරණේ……” රියලි ….???

ඇය එය සනාථ කිරීමට මෙන්….. හිස වැනීය.

මෙයට බොහෝ තුටුවූ “රංජිත්”

“එන්න මගේ…. ගාවට “රත්තරං” කියමින්…… ඇයව දැඩි සේ.. ඔහු වෙතට තුරුළු කරගන්නට විය .

“රංජිත්” ගේ……සිරුරේ උණුසුම ඇයට දැණෙන්නට වුණි. එය තවත් තීව්‍ර වෙමින්….. ඇයගේ හදවත ද….. උණුසුම් වන්නට වූවාය . එනමුත්….. අවාසනාවක “මහත” නම් , මෙසේ ඉන්නා අතරතුර නැවත වාරයක් ඇය ප්‍රතික්ෂේප කරණාම …… එම මංගල යෝජනාවෙහි තරුණයාගේ…. මතක සේයාවන් ඇයගේ මනසට පැමිණ …. උණුසුම් වූ හදවත ඇගේ….. නැවත සීතල වන්නට විය.

“රංජිත්”…ගේ උණුසුමේ පහස ලැබූවද…… මේ අහිංසකාවියගේ…… හදවත නැවත සීතල වූ බැවින්….. දැන් නම් ඈ……සීතලෙන් දැඩි සේ……වෙව්ලන්නට ගන්නීය .

මෙය හඳුනා ගත් “රංජිත්” වහාම……

” බබා…. ඔයා හොඳටම වෙව්ලනවා…… තවත් මං ඔයාව මෙහෙම තියන්නෙ නෑ……”

කියමින් වහාම ඔහු ඇයගේ සිරුරම නතුකරගනිමින් දෑතින් ඇදගෙන දුම්රිය මැදිරිය තුලට ඇයව රැගෙන යන්නට විය.

ප්‍රේම වෘතාන්තය එසේ වන විටදී ……,

“රංජිත්” ගේ…. නිවසෙහි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ….. විසින් මෙලෙස වූ….. සිදුවීම් මාලාවක අවස්ථා කිහිපයක මතක සේයාවන් මෙසේ් සනිටුහන් කරමි .

“රංජිත්”සිය පවුලේ තුන්වෙනි පුරුකය .

ඔහුගේ පියා …. වන “හෙන්රි මයිකල්” මියපරලොව යන විටදී ඔහු යාන්තම් සිව් වසරක් ….. ඉක්මවූ කුඩා දරුවෙක්‍ ය .

ඔවුන්ගේ ජීවිත බොහෝ සංකීර්ණ වන්නේ …. පියාගේ අවෑමයෙන් පසුවය .

පියාගේ අවෑමයෙන් පසුව ඔවුන්ගේ පවුල සීසීකඩ ව විසිරෙන්නට පටන් ගන්නේය . එයට ප්‍රධානතම හේතුව වන්නේ ඔවුන්ගේ මව වන “ජැනට් මාග්‍රට්”ගේ තීරණය න් නිසාය . තනි තීරණයක් ගැනීමට අපොහොසත් වන ඇය විසින් දැනුවත්ව හෝ නොදැනුවත්වම සිය දරුවන් ගේ ඉරණම් යහපත් හා යම්විටෙක ඉතා කේධනීය තත්වයන්ට පත්වන්නට පවා පටන් ගැනීමට වන්නේය .

පිය සෙනෙහස අහිමි වීමත් සමගම ඔවුන්ගේ නැගණියට හැර සහෝදරයන් තිදෙනාටම ඔවුන්ගේ මහත් අවාසනාවකට “මව්” සෙනෙහස ද අහිමි වී යන්නේය .

ඒ…නම් ඔවුන්ගේ මව තවත් විවාහයක් කර නොගැනීමත් …. ඇය හට පිරිමියෙකුගේ හව්හරණක් නොමැතිව දරුවන් සිව්දෙනෙකු තනිව රැක ගැනීමට නොහැකි වීමත් නිසාය . මෙයට ඇති හොඳම විසඳුම ලෙස ඈ දකින්නේ …. සිය සහෝදරයන් ගේ සහ ඇයගේ ස්වාමි පුරුෂයා ගේ සහෝදරයන් ගේ උදව් උපකාර පැතීමය .

ඇය විසින් දරුවන් බෙදා දීමට ලක්විණි .

“රංජිත්”ගේ වැඩි මහල් සොයුරා වන ” මැක්ස්වල් ” ….. මොණරාගල ප්‍රදේශයේ පදිංචිව සිටී ඇයගේ බාල සොයුරියටත් ,

දෙවන වැඩිමහල් සොයුරා වන ” ලලිත් ” … “මොරටුව” පදෙසේ ඇයගේ ස්වාමි පුරුෂයා ගේ සහෝදරියකගේ නිවසකත් ,

” රංජිත් ” සහ ඔහුගේ බාල සහෝදරිය වන ” රෝහිණී ” බොහෝ කුඩා වයසේ වූ නිසා ….. “ජා ඇල” පදිංචිව සිටී ඇයගේ සහෝදරියක ගේ නිවසක මව ද ඇතුළු ව ඔවුන් තිදෙනම එහි දිවි ගෙවීමට ගත්හ .

එකම පවුලේ වූ… වද ඔවුන්ගේ ඉරණම් එකිනෙකට ප්‍රතිවිරුද්ධ වන්නට විය .

කුඩා කල පටන් වාසනා වන්තයෙකු වූ ” මැක්ස්වල් ” හට බොහෝ සුවපහසු සහිතව සැපවත් දිවියක් අත්වන්නට විය . ඔහු දිවි ගෙව්වේ වතු අධිකාරී වරයෙකු නොහොත් සුපර්ඉන්ටෙන්ඩන්ට් කෙනෙකු ගේ “මොණරාගල” පිහිටි බංගලාවකය . ඒ ඔහුගේ පුංචි අම්මා ගේ ස්වාමි පුරුෂයා ගේ වෘතිය ….. වූ නිසා වෙනි.

ළමා අවදියේ.. පටන් …. හාස්‍යජනක සිඳුවීම් මාලා මැවීමට ඔහු උපන් හපනෙකි .

කුඩා කල පටන් කාගේත් විහිළු කාරයා වූයේ ” මැක්ස්වල් “ය .

කාලයාගේ අවෑමයෙන් පසුව ඔහු ඉංග්‍රීසි බසෙහි දක්ෂයෙකු වී… එය ඉගැන්වීමේ ගුරුවරයෙකු බවටද පත්වන්නට විය .

මීලඟට ….. ” ද මෙන්ඩිස් ෆෝසම් හි “…. සදා නොමැකෙන හඬක් ද යූඩ්ලින් ශෛලයේ බොහෝ “ස්පාඤ්ඤ” ගීත ද හින්දි ගීත සහ ඉංග්‍රීසි බස ද ඇතුලත්ව ….. ජර්මානු , ප්‍රංශ , හින්දි , ස්පාඤ්ඤ , ජපන් යන භාෂාවන් මැනවින් ලිවීමට සහ කථා කිරීමට සුවිශේෂී හැකියාවන් ගෙන් පූර්ණ වූ “ලලිත්” ගැන ඔබ හට සඳහන් කරන්නෙමි .

තවද ” ස්වර්ණා ” මුල් ගීතයේ පටිගත කරීමේන් ඇසෙනා …. ඉහල පරාසයේ ගායන හඬට හිමිකම් කියන්නේ ද මොහුය . බොහෝ පිරිසක් පසු කාලීනව මෙය ගායනා කර පටිගත කල ද ඔහුගේ හඬට ද ගායන පරාසයට කිට්ටුවෙන් හෝ යන කිසිවෙකුගේ හඬක් වූවද තවමත් මා හට නෑසුනෙමි . එනමුදු ඔවුන් එය ගායනා කිරීම සහ පටිගත කර සංයුක්ත තැටි ද නිෂ්පාදනය කර විකිණීම ද අන්තර්ජාලය ට මුදාහැරීම ද එක්තරා අන්දමකින් හොඳය මන්ද යත් “ගීතයේ”අගය ද ජනප්‍රිය තාවයද එයින් එන්න එන්නම ඉහල යන්නේය . මුල් ගායනයේ හිමිකරුවන්ගේ ගායන ශෛලයේ ඇති ගුණාත්මක භාවය ගැන ශ්‍රාවකයන් ගේ අවධානයට මේ නිසා නැවත ලක්වන්නේය .

පියා මියපරලොව යනවිට ඔහු නව හැවිරිදි දරුවෙකි .

” මැක්ස්වල් ” …. ” රංජිත් ” , රෝහිණී … යන අය මෙන් නොව, ඔහුගේ දෛවය , ඉරණම ද කුඩා කලදී පටන් කිසිසේත්ම සුන්ධර නොවුනි .

ඔහුට බොහෝ ඛේදනීය තත්වයන්ට ද පවා මුහුණ දෙන්නට වන්නේය . කුඩා කල පටන් ඔහුට ඉගෙන ගැනීමට වඩා වැඩිහිටියන්ගේ අඩත්තේට්ටම් වලට ලක්වන්නට සිදුවුනි .

බැලමෙහෙවර කම් නොවූවද ….. ඊට සමාන සුළු අත්වැරදීම් වලදී පවා …. ඔහුගේ නැන්දා ගේ ….. ස්වාමි පුරුෂයා ගේ ….. ඉතා රෞද්‍ර ක්‍රියාවන්ට ඔහුට මුහුණ දෙන්නට සිදුවුණි . කුඩා ළමයෙකු ද කියා නොසිතා දඬුවම් කරණා ඔහුගේ මාමා නිසා ඔහුගේ ළමා අවදිය ඉතා අමිහිරි තත්වයකට පත්විය .

දිනක් …. ඔහු සිය මෑණියන් ද සොයුරා සහ සොයුරියව ද මතක් වී බොහෝ චිත්තවේගී තත්වයකට පත්වී ….. මාමාගෙන් ගෙන් බස් රථය සඳහා මුදල් ඉල්ලීමට ඇති භිය නිසාම ….. “මොරටුව” සිට “ජා ඇලට” පයින් ගමන් කලේය .

ඒ..වගේම….. ඔහු ඉතා සංවේදී පුද්ගලයෙකුද වන්නට විය .

කාලය මෙසේ ගතවන්නට විය …. කෙමෙන් කෙමෙන් කුඩා “ලලිත්” ගැටවර වියටත් නව හිරිමල් යෞවන වියෙන් තුරුණු වියට ද පා තබන්නට විණ .

ඔහු ඉගෙන ගත් පාසල වන “මොරටුව” ප්‍රින්ස් ඔෆ් වේල්ස්”විද්‍යාලයේ එවකට සියළුම විෂයයන් “ඉංග්‍රීසි”මාධ්‍යයෙන් වු නිසා ….

ඔහුද “ඉංග්‍රීසි” බසෙහි චතුරයෙකු වූයේය . පසු කාලීනව ඔහුට මෙය මහත් ලෙස ප්‍රයෝජනවත් විය .

ඔහු “පන්සලක” සංඝයා වහන්සේ නමකගේ උපකාරයෙන් ඔහු ද “ඉංග්‍රීසි” ගුරුවරයෙකු වී ….. සුළු අයකිරීමකට ළමයින්ට සහ කුඩා සාමනේර වහන්සේලාට ද පන්සලෙහි ගොඩැනැගිල්ලක “ඉංග්‍රීසි” පංති පවත්වා ….. මුදල් උපයන්නට විය .

ඔහු එසේ උපයාගත් මුදල් ද එකතු කරගෙන ඔහු ජන්මය ලැබූ මොරටුව ප්‍රදේශයෙහි ම නිවසක් කුලියට ගෙන සිය විසිරී තිබූ තම “මව”ඇතුළු ව පවුලේ සමාජිකයන් වද නැවත එකතු කරගෙන ඒ නිවසේ පදිංචි විය . ඔහු එසේ කලේ තම පවුලට ඇති ඉමහත් ආදරයත් සහොදරයන් සහ සහෝදරියට ද ඇති “මහත් වූ”ලැදියාව ත් නිසාවෙන්මය .

මෙහි ගෞරවය ඔහුට හිමිවිය යුතුමය .

පවුල නඩත්තු කිරීමට ඔහුගේ ඉපැයීම් ප්‍රමාණවත් නොවූ නිසා …. ඔහු වැඩිදුර “කාර්මීක ශිල්පය” ද හදාරා ….. එය ද ප්‍රගුණ කර මෝටර් කාර්මීක අංශයේ ඩීසල් රඨ වාහන සහ බුල් ඩෝසර් වල පොම්ප අළුත්වැඩියා කරීමේ සහකාර ඉංජිනේරු වරයා ලෙස එවකට රජය විසින් සීනි කර්මාන්තය සඳහා උක් වගාවට “ඇලහැර” ප්‍රදේශයේ කැලෑ එලිපෙහෙලි කිරීමේ කෝන්ත්‍රාත්තු දුන් සමාගමක ට සේවය කරණ ලදි .

පසුව ඔහු “සංගීත” ක්ෂේත්‍රයේ සහ “කාර්මීක” යන කේෂේත්‍ර යන් දෙකෙහිම ද නියැලුණි .

අද මෙන් නොව එකල සෑම අංශයකම කළාකරුවන් අද මෙන් විශාල ආදායම් ලැබුවේ නැත . ඒම නිසා එකල බොහෝමයක් කළාකරුවෝ වෘතීමය වශයෙන් කලාකරුවෝ වනවාට වඩා කලාවට අමතරව ජීවිකාව සඳහා රැකියාවක ද නියැලුණි .

කාලයත් සමඟ දේවල් එලෙස සිදු වෙද්දී …. බොහෝ කටුක ජීවිත අත්දැකීම්‍ වලට ද පසුව නැවත දෛවය විසින් ඔහුගේ දිවියේ ඉරණම් කාරිය වෙතට ඔහුව රැගෙන යන ලදි .

එයද රස බර සිදුවීමකි .

කිසිදා විවාහ දිවියකට එළැඹීමකට වාසනාවන්තයෙකු නොවන බවට වටෙන්ම සහ බොහෝමයක් ගෙන් ගැරහුම් ලැබූ ඔහූ …. අනපේක්ෂිත සිදූවීමක් නිසා විවාහ දිවියකට සැමගේම දෑස් මවිත කරමින් පිවිසෙන ලදි . එය නම් ඔහුගේ සහකාරිය සැමගේ ආදරයට පාත්‍ර වූත් , සැමගේ අවධානය දිනා ගත් රූමත් කාන්තාවක් වූ බැවිනි .

බොහෝ කලක් ගතවූ නමුදු “තිස් හත්වන” වියේදී ඔහුගේ ඉරණම අවසානයේදී තීන්දු විය .

ඇතැම්විටෙක මනුෂ්‍යයන්ගේ අසරණ කමට නොහැකියාවට උසුළු විසුළු කරණා සහ අපාහාස කර සතුටක් ලබනා පහත් ඝනයේ ඇතැම් පුද්ගලයන් සිටිනා මෙවන් සමාජයක ,

” පහත් කරනු ලබන සියල්ලෝ…. උසස් කරනු ලබන්නේය ” කියා අගනා වැකියක් ලියැවී තිබෙන්නේය ”

මෙය සනාථ කරමින් ….. ඔහු බාදක සියල්ල ජය ගත්තේය . එයනම් දෛවය ඔහුට නැවත උපකාර කල නිසාවෙනි .

“මොරටුවෙහි”සිට අගනුවර වූ බොහෝමයක් තරුපහේ සංචාරක හෝටල් වල සිය සහෝදරයන් ද සමග ගීත ගායනයේ සහ වුර්තීමය ලෙසද සංගීතයේ නියැළුන ඔහුට එකල මීගමුවේ සංචාරක හෝටල් වලටද සංචාරකයන් පිරී ඉතිරී තිබූ නිසා “සංගීත ශිල්පීනට” මීගමුවෙ හි සංචාරක හෝටල් වලින් ද විශාල ඉල්ලුමක් වන්නට වුනි .

මෙය කදිම අවස්ථාවක් ලෙස කියා සිතුන ඔහුට එවකට සිය බාල සොයුරා වන “රංජිත්”සමග සංගීත කණ්ඩායමක් ද කැටුව මීගමුවට සම්ප්‍රාප්ත වීමට අවස්ථාවක් උදාවුනි .

මෙයයි දෛවය කියා ඔබට මීලඟට සිතෙනා බවට මා හට නොඅනුමානය .

එවකට දිනපතාම “මොරටුව” සිට “මීගමුවට” ගමන් කිරීමට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වූ නිසා …. “මීගමුවේ” නිවසක් ද සොයා නේවාසිකව රැඳීමට ඔවුන් තීරණය කලේය .

වසරක් ගතවීමට මත්තෙන් ඔහුගේ දෛවය තීන්දු විය . එයනම් ඔවුන් නේවාසිකව සිටි නිවසට යාබදව වූ නිවසක දිවි ගෙවූ ඔහුගේ ඉරණම් කාරියගේ නෙත ගැටුනු නිසාය .

මෙයද ඔහුට මහත් අභියෝගය ක් වුනි . නමුත් පසුව එයද ඔහු ඉතා මනා ලෙස ජයගත්තේය .

පසුව ” ඊනිට් ” නම් වූ ඔහුගේ සහකාරිය සමග විවාහ වී පුංචි රෝමය යන නම් දැරූ මීගමුවෙහි ඔහුගේ බිරිඳ ගේ ඉඩමකම නිවසක් ද තනා ඔහු ජන්මය ලද මොරටුවෙන් බැහැර වූ පිට පළාතක දිවි ගෙවීමට ඔහුට සිදුවන ලදි .

ටිකෙන් ටික ඔහුගේ අමිහිරි වූ අතීතයේ මතක සේයාවන් මැකී යන්නටත් මින්පසුව දිවිය සුන්ධර වන්නට ද පටන් ගැණින .

විවාහ දිවිය සුන්ධර වන්නෙද එය අසුන්ධර වන්නේද …… තමාගේ වාසනාව සහ අවාසනාව මත ද සහ මෙය ඇතැම් අය සුන්දර විවාහ දිවියක් ලැබීම ලොතරැයියක් තමාට ඇදීමක් ලෙස අර්ථකථනය කර ඇතත් …. මාගේ මතය ඊට හාත්පසින්ම වෙන්ස්වන්නේ මය .

වාසනාව සහ අවාසනාව පිළිබඳව බොහෝ විශ්වාසක් ඇතත් …මාගේ විශ්වාසය නම් …. මෙය සිදුවන්නේ තාමාගේ කර්මය මථ නිසා මේ භවයේ සිදුවන සිදුවීම් මාලාවක එක් ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවනු ඇති බවත්ය .

නමුදු ඇය හා විවාහ වීමත් සමඟ පසුවද ” ද මෙන්ඩිස් ෆෝසම් ” හි කාර්‍යයන් නොනැවතී ඉදිරියට ගලා ගියේය . එයනම් ඔහුගේ බිරිඳගෙන් ඔහුට කිනම් බාදාවක් හෝ එල්ල නොවූ නිසාය . මේ අවදියේ ඇතැම් කලාකරුවන් ගේ කලා දිවි මෙසේ නොවූ අවස්ථාවන්ද වූ නිසා විවාහ දිවියට එළැඹීමත් සමගම සහකරුවන් හෝ සහකාරියන්ගේ අන්‍යෝන්‍ය අවබෝධය නොමැති වූ නිසා එසේ විවාහ වූ කලාකරුවන් ගේ කලා දිවි වලට කණකොකා හැඬළූ අවස්ථාද ඇත.

නමුදු ” ලලිත් ” වාසනාවන්තයෙකු වීය . කල්‍යත්ම සිය සහකාරියගේද ගායනා කෞශල්‍යයන් හඳුනා ගත් ඔහු ඇයවද කැටුව සංචාරක හෝටල් වල සංගීත කටයුතු වල නියැලෙන්නට වුනි . ඒ ඇයගේ පියාද රැකියාවට අමතරව වීනෝදාශ්වාදය සඳහා මිතුරන් සමඟ එකතු වී “මීවිතෙන්” මත්වන අවස්ථාවලදී “සර්පිනා” වාදකයෙකු වූ නිසා බව කලකට පසුව ඔහුට දැනගන්නට ලැබුනි .

මෙය ඇයහට පියාගේ ආභාෂයෙන් ආ හැකියාවක්ද වන්නට පුළුවනි .

යම් යම් පෞද්ගලීක සංගීත සාදයන් සඳහා ඇයගේ පියාද බොහෝ කලකට මත්තෙන් මිතුරන් ද කැටුව සංගීත සාජ්‍ය සඳහා ද සංගීතය සපයා ඇතත් සහ ඔහු ඉපැරණි “ටීටර්” නාට්‍ය කලාවේ ද එවකට නළුවකු ද වූ …..නිසා ද විය හැක .

ඇයගේ පියා….. ඇයගේ ස්වාමි පුරුෂයා තරමට වාසනාවන්තයෙකු නොවීය ….. කාරණය නම් …. ඇයගේ මව හා පියා යුග දිවියට එළැඹීමත් සමග ම …. ඇයගේ මව් විසින් ….අවාසනාවකට ඔහුගේ අවසරයෙකින් තොරව ඔහුට අයත් “සර්පිනාව” …. විකුණා …දැමීමය .

ඇයගේ මව ගුණයහපත් කම් වලින් හෙබි ගහැණියක වූවද ඇය ඒ සා කටයුතු කර ඇත්තේ ද්වේශ සහගත සිතුවිල්ල කින් නොවූව ද ඇයගේ පියා ඔවුනට අහිමි වේ… යැයි කියා හටගත් භිය නිසාවෙන්‍ය, කියා දැන්ගන්න ට ලැබුනෙමි .

ඇයගේ පියා වරදේ නොබැඳෙන පුද්ගලයෙකු වූ…වද ඔහු සිය පවුලට බෙහෙවින් ආදරය කල මුත් ඔහුගේ මන බඳිනා පෙනුමට සහ වාදනයට ගැහැණුන් “වශීවී”බලනා ආකාරය දුටු ඇයගේ මව් හට පැනනැගූ ඊර්ෂ්‍යා වටත් වඩා ඔහුව කිනම් හෝ ගැහැණියක විසින් වසඟයට ගෙන ඔහුව ඇය හට අහිමිවී යැයිදෝ කියා ඇතිවූ මහත්වූ භිය නිසා ඇයගේ මව මේ සා කටයුතු කොටගත් බැව් දැනගතිමි .

වාසනාවකට “ලලිත් ” හට එම ඉරණම අත්නොවුනි .

දැන් මීලඟට ” ද මෙන්ඩිස් ෆෝසම් හි ” දැනට ජීවත් ව සිටිනා එකම සාමාජිකාව සහ පවුලේ අවසාන පුරුක වන ” රෝහිණී ” පිළිබඳව කාරණා ගෙනහැර පාන්නෙමි .

ඇය සංගීත දිවිය ආරම්භ කොට ගත්තේ ද සිය සහෝදරයන් සමග නව හිරිමල් යෞවන වියේදීය . පසුව කාලය ගතවත්ම ඇය විවාහ දිවියට එළැඹීමත් සමග ම ඇයට වැඩි කාලයක් සහෝදරයන් සමග “ද මෙන්ඩිස් ෆෝසම්”හි සමාජිකත්වය දැරීමට අසීරු වූ නිසා ඇය කණ්ඩායමෙන් සමුගන්නට වුවාය . මන්ද යත් කාන්තාවකට විවාහ වීමත් සමගම වගකීම් රාශියක් හිසමත පැවරෙන නිසා කලා ක්ෂේත්‍රයේ නියැලීමට ඉඩකඩ ද බොහෝ අඩුවන නිසාය .

ඇයගේ සැමියා ද කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නොවූ නිසා ජීවිකාව පිණිස ඇය සිය සැමියා ද සමග ඇඟලුම් ක්ෂේත්‍රයෙහි නියැලෙන්නට විය . සිය සැමියාගේ ක්ෂේත්‍රය ද මෙයම වූ නිසා ඔවුන් “ස්වයං” රැකියාවක් ලෙස මෙහි නිරත වන ලදි .

පසුව ඇය දූවරුන් දෙදෙනෙකු ගේ මවක් වනවාත් සමගම වගකීම් එන්න එන්නම වැඩි වීමත් සමඟම ඇය හට ගායනයේ නිරත වීමට කාලය බොහෝ සෙයින් අඩුවීමත් සමඟම ඇයගේ ගායන හැකියාවද අවාසනාවකට ඇයගෙන් සීඝ්‍රයෙන් ගිලිහී යන්නට විය .

මෙසා කණ්ඩායමේ සාමාජිකයන් ගැන සඳහන් කලද … ” රංජිත් ” නිවසින් පිටවී ගොසින් ඇති මේ මොහොතේ …. ඔහු ගේ නිවසෙහි කථිකාව මෙසේ විනි .

“රෝහිණී” –

” මම්මා…… ( ඇයගේ මෑණියන් ට ආමන්ත්‍රණය කරමින් )

අයියා …. කවදද එනවැයි කිව්වේ…??

” මව ” –

අයියා …. ටෙලිග්‍රෑම් එකක් එවලා තිබුනා….. ගම්පොල ඉඳලා ….

එයාගේ යාළුවෙක් ව හම්ඹවෙන්න ….. “ඇල්ලට” යනවයි කියලා

ඔයාලගේ ….බෑන්ඩ් එකට හොඳ සෝන්හ් එකක් ලියවගන්න තියෙනවැයි කියලා ….

“රෝහිණී” –

” ඉතිං මම්මා …….. “රංජිත්”ඔය වැඩේට ඇයි ඔච්චර දුර යන්නේ ???

මෙම දෙබසට කන්‍ යොමා සිටී “ලලිත්” –

ඔහු නිවසේ බිත්තියක එල්ලා තිබූ කණ්නාඩියක් දෙස බලා තම හිස පීරන ගමන් ….

“ලලිත්” –

” අපෝ මිනිහට ඔව්වා….. දුර නෙමේ….. මං දන්නවනේ…. මෑන්ගේ හැටි”

රෝහිණී –

” අපෝ ඔව් අයියගේම මල්ලිනේ ” ( ඇය නෝක්කාඩු විලසින් මද හඬකින් කියමින් )

මෙය ‍යාන්තමට ඇසුනු “ලලිත්” නුරුස්සනා බැල්මකින් සිය නැගණිය දෙස බලමින් –

” වට් ??? …. මොකක්ද කිව්වේ ….. ”

“රෝහිණී” –

” නෑ ….. අයියා මුකුත් කිව්වේ නෑ …..

( ඇයට සිනාහ ගියද ….ඇය එය සඟවා ගෙන යටි තොල සපමින් …. )

“ලලිත්” –

” නෑ….නෑ උඹ මට මොනවා හරි හින්ට් එකක් පාස් කලා ……. මට ඇහුණා යාන්තම් …… කියා උස් හඬින් කීවේය .

“රෝහිණී”- ( නැවතද )

” නෑ…අයියා…නැහැ කියා ශබ්ද නගා ….හාස්‍ය සඟවා ගෙන පැවසුවාය .

“මව” –

” ආ…. ආ…. මොකද…. මොකද මේ දෙන්නගේ සද්දේ…..”

කියා පවසත්ම ….. යාබඳව “නිවසේ”තිබූ එක් කාමරයකින් ….. බිත්ති දෙදරවන මාහා ශබ්දයක් ඇසෙමින් ,

මායා……. …….මා…. යා …… මා……යා……. මායා …

“ලලිත්”-

බෙග් මාස්‍ටර් ගේ ….. සෝන්ග් එකක් නේ…ද ඇහෙන්නේ ???

“සියල්ලෝ……ම කාමරයට විගස දිවයමින්”

දොර ආවරණය විවර කර බැලූ රෝහිණී –

” මේ ….. ලොකු අයියානේ ….. ”

” මැක්ස්වල් ”

තවමත් ඇඳ මතට වී උඩ බැලි අතට දිගා වී ……… තවමත් දෑස් වසාගෙන එකම මහා හඬින් ගයමින් ……

“මව” –

” මැක්ස් ” මැක්ස් ” අම්මෝ….. කන්දෙකත් බිහිරි වෙන්න එනවා වගේ …….

“ලලිත්”

එකවරම ඇඳ අසලට පැන ” මැක්ස්වල් ” ගේ දෙව්රෙන් අල්ලා දෙපැත්තට සොලවමින් …..

” අයියා ” ….. “අයියා”

කියා ඔහු නින්දෙන් භිය වී ඇතැයි දෝ…..කියා සීතීමත් සමග ඔහුව ඇහැරවන්නට මෙන් ……..

දෑස් ඇර “ලලිත්” ව දුටු “මැක්ස්වල්” –

” මොකද බං ” මේ …..කියා ඇසීය .

” ලලිත් ” –

“අයියා…… මොකද මේ බෙරිහන් දෙන්නේ දවල් හීනයක් වත් දකිනවාද ??? ”

“මැක්ස්වල්”

නෑ … බං ….. මං මේ….. වොයිස් ප්‍රැක්ටිස් එකක් කරණ ගමන් …..

“ලලිත්” ( මවිතයෙන් මෙන් බලා )

” ඉතින් අයියා නැගිටලා ප්‍රැක්ටිස් කලා නම් ඉවරයි නේ…. ”

“මැක්ස්වල්” –

” මං නැගිටලා තමයි බං හිටියේ “…

“සියල්ලෝම “-

” මහ හඬින් සිනහසෙමින් ”

” මව ” –

” හරි හරි …… දැන් ඕවා නවත්තලා ….. තුන්දෙනාම අත් සෝදගෙන එන්න කෑම කන්න ”

“මැක්ස්වල්” ( වහා ඇඳෙන් බිමට බැස….. අත් සෝදමින් )

” මම්මා ….. අද මොනවාද දවල් කෑමට ” ???

අද එලවළු බත් එක්ක උම්බල කඩ සම්බෝලේ…. පරිප්පු හොදි ….

ෆිෂ් ඇඹුල් තියල් එක්ක ….. බීට් රූට් ……

” මැක්ස්වල් ” –

” වාව්…. මම්මා…. ඉට්’ස් ඩිලීෂියස් ”

“මව”-

“හරි හරි….. එන්න එන්න ලෙට්ස් ඊට් යුවර්ස් මීල්ස්”

එකවරම …..

” ට්රීන් ට්‍ …..රීන් ට්රීන් ට් …….රීන් ” ගා “සීනුවක්”නාදවනවා ඇසීය .

“මව”

” පෝස්ට් මන් වගේ නේද ??? ”

මොකද මේ…… අද දවල් වෙලා”…..

“රෝහිණී” – හනික නිවසින් එලියට දිවයමින් ……

“මව”-

“රෝහිණී” ….. “රෝහිණී” ……. කොහෙද ….. කොහෙද …. ඔය දුවන්නේ ???” කෑම කන්නේ නැද්ද ……

“රෝහිණී”- ඈතින් ඇගේ හඬ ඇසෙමින්

” හරි ….. හරි…. මම්මා ඉන්න මං බලලා එන්නම් ”

ඒ..නම් නිවසෙහි ඉදිරිපිට කාකි ඇඳුමෙන් ද හිස් වැසුමක් ද පැලඳ පාපැදියකින් පැමිණ සිටින්නේ …… තැපැල් කරුය .

“තැපැල්කරු”

” ආ….. නෝනා ටැලිග්‍රෑම් එකක් තියෙනවා……”

“රෝහිණී”-

” ආ……. හරි ……. ඕකේ තෑන්ක් යූ …..

“තැපැල්කරු”-

“මෙන්න නොනා …… එහෙනම් අත්සන් කරලාම ගන්න”

අදමෙන් නොව එකල “දුරකථනයක්”නිවසක තිබුනේ බොහෝ කලාතුරකින්‍ය . එනමුදු වර්තමානයේ වූ නවීන පන්නයේ “දුරකථනයන්” එකල නොතිබුණි. එලෙසම ඒම දුරකථන භාවිතයට ද ඉතා පහසුවන තත්වයේද නොතිබුණේය. මෙය බාල පරම්පරාවට හාස්‍ය ගෙනදුන්නද ….. අද කාලයෙ ජීවත් වන පැරණ්නන්ට මෙය බොහෝ සෙයින් මතකයේ ඇති බවට මාගේ විශ්වාසය යි. තවද මෙම වරගයේ දුරකථනයන් පෞරාණික භාන්ඩ ලෙස වර්ථමානයේ ඇතැම් නිවෙස් වල ද දක්නට ලැබෙන්නේ ය.

අවශ්‍ය කරණා අංකයකට වුර්තයේ ඇති බොත්තම් සිදුරක් තුලට ඇඟිල්ල යොමා එය රවුම කෙලවරෙහි ඇති අවසානය දක්වා කැරකිය යුතුය .

මෙහි එක් අංකයක් කරකැවීමට තත්පර දෙකකට ආසන්න කාලයක් ගතවනු ඇත . නැවත එය එලාම් ඔරලෝසුවක් වයින් කිරීමේදී නැගෙනා ශබ්දයකට සමාන හඬකින් ට්…. රීක්ස් ගාගෙන ආරම්භ වූ ස්ථානයටම නැවත පැමිණෙන් නේය .

ඒ…. වාගේම බොහෝවිට මෙම දුරකථනයන් ……. නිවෙස්වලට අමතරව තැපැල් කාර්‍යාල වල ද….. දක්නට ලැබිණි. ඒ….. තිබූනේද බොහෝමයක් අත්‍යවශය ම කාරණාවන් සහ ටෙලිග්‍රෑම් පණිවිඩයන් සඳහා ය.

ටෙලිග්‍රෑම් පණිවිඩයට එකල විද්‍යුත් තැපෑල යන අනුවර්ථනීය නාමය ද ලැබිණ. අදටත් මෙම පණිවිඩ හුවමාරු ක්‍රමය සක්‍රීය ව පවතින්නේ ය.

මෙය බොහෝවිට සිදුවනුයේ තැපල් කන්තෝරුවකට ගොස් යවන්නාගේ පණිවිඩය ලියූකල , එහි සිටිනා තැපල් කාර්‍යාලයේ නිලධාරියෙකු විසින් එම පණිවිඩය ම ලබන්නාගේ ලිපිනයෙහි ඇති ප්‍රධාන තැපැල් කාර්‍යාලයට හෝ එම ලිපිනයට අදාලව ලඟම පිහිටි තැපැල් කන්තෝරුවෙහි සිටිනා නිලධාරියෙකුට දුරකථන ඇමතුමකින් දැනුම් දීමෙනි . එවිට ඒම පණිවිඩය කෙටියෙන් ලියාගන්නා එහි සිටිනා නිලධාරියා විසින් නැවත එය කුඩා තැපැල් පත්‍රිකාවක ලියා තැපැල් බෙදන්නා හට භාර දෙනු ලැබේ , මෙය ඉතා සීඝ්‍රයෙන් සිදු විය යුතු වූ බොහෝ වැදගත් අතවශ්‍ය සේවයකි .

නමුත් හාස්‍යජනක වූද ……අවාසනාවන්ත සිදුවීම් සිදුවූ අවස්ථාවන්ද ඇත. මෙය ඉතා හදිසි පණිවිඩයක් වූ නිසා….. එ‍ය එක්දිනක් ඇතුලත හෝ පැයක් ඇතුලත දී ලැබිය යුතුමුත්, නිලධාරීන්ගේ අතපසු වීමෙන් දින දෙක තුනක් ප්‍රමාදව ව්ද්‍යුත් තැපෑල එය ලැබිය යුත්තා හට ලද අවස්ථාවන් ද ඇත . මෙම සිදුවීම් මහත් වූ අවාසනාවන්ත තත්වයන්‍ය.

නමුත් මෙම විද්‍යුත් තැපෑල වාසනාවකට ඉතා සීඝ්‍රයෙන් “රංජිත්”…. ගේ නිවස කරා පැම්ණියේ ය. එය අතට ගත් “රෝහිණී”එය ගෙන “ලලිත්” අත තබමින් .

“අයියා”….. ටෙලිග්‍රෑම් එකක්…… රිසීවර්…. ටු …ද මෙන්ඩිස් ෆෝසම් බෑන්ඩ්” කියා කීවාය.

විගස එය විවුර්ථ කරමින් “ලලිත්” –

” මිස්‍ටර් වික්‍රමසූරියා ගෙන් ”

එය සැමට ම ඇසෙන සේ ……ඔහු කියවමින් ………

මිස්ටර් මෙන්ඩිස්…… කුඩ් යූ ප්ලීස් කම් ෆෝර් මයි ප්ලේස් විත් යුවර්ස් බෑන්ඩ් ෆොර් අර් ඩිස්කෂන් අබවුට් යුවර්ස් ඊ.පී රෙකෝඩ් ….. කෝzස් අයි ඕල්‍ රෙඩි ගොට් ඇන් අර්ජන්ට් මීටිං….. ද ඩේ වී ඕල්‍ රෙඩි ප්ලෑන් ටු මීට් …. සෝ ….. ඉෆ් ඉටීස් පොසිබල් ලෙට්ස් මීට් අර් ඩේ ඉන් ඇඩ්වාන්ස්

දිස් ඊස් ෆ්රොම් ජෙරල්ඩ් වික්‍රමසුරිය ……

( මෙන්ඩිස් මහත්මයා …… කරුණාකර ඔබේ කණ්ඩායම සමඟ මාගේ ස්ථානයට පැමිණිය හැකිද අනිද්දා දින …. ඔබේ සංගීත කණ්ඩායමේ ඊ.පී. තැටිය පටිගත කිරීම පිළිබඳව සාකච්ඡාවක් සඳහා … අප දැනටමත් හමුවීමට සැලසුම් කළ දිනයේ හදිසි රැස්වීමක් මා හට යෙදුන නිසා …. ඉතින් .. … එයට ඔබට හැකි නම් අප දවසකට කල්තියා හමුවෙමු ද ???

මීට ජෙරල්ඩ් වික්‍රමසූරිය )

මෙසේ එම ව්ද්‍යුත් තපෑලයේ ලියැවී තිබුණි.

“ලලිත්”-

ඒ……කියන්නේ තව දවස් තුනක් නැහැ අපිට…… තව දවස් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ……

” මම්මා….. මං පෝස්ට් ඔෆීස් එකට ගිහින් මිස්ටර් වික්‍රමසූරියා ටයි …. අපේ අබේ.. ටයි ටෙලිග්‍රෑම්ස් යවලා එන්නම් ඉක්මණටම ……

මොකද “අබේ”…. ට රෙකෝර්ඩින් එකක් වත් යෙදිලා තිබුනෝතින් ….. නම් මේ වැඩේ ආයෙත් …….. බකල් ම තමා…..

“මව”-

” අයියෝ…… අයියෝ….. “ලලිත්” කාලා යන්න….

“ලලිත්”-

“කන්න වෙලා නැහැ මම්මා…… මං ඉක්මනින්ම එන්නම්”

“මව”

“අනේ…… මන්දා හොඳ විදියක් එහෙනම්……

මේ ගොල්ලන්ට කෑමට බීමට වත් වෙලාවක් නැහැනේ…… මියුසික් කරන්න ගත්තට පස්සේ” ….. කියා ඇය කීවාය .

“මැක්ස්වල්”

“කෑම කාලා යනදිහාවක පලයල්ලා…… උඹලා හින්දා මට කන්නත් නෑ…… මට බඩගිනියි ….හොඳටම”

“ලලිත්”

“ඉතින් අයියා …… කන්න ……. අපි අයියාට කන්න එපැයි කිව්වේ නැහැනේ…….. “රෝහිණී” මම ගිහිං එනකම් “මැක්ස්” එක්ක කෑම කන්න ,

මේක අපේ බෑන්ඩ් එකට ගොඩක් ඉම්පෝර්ටන්ට් ඔපර්චුනිටි එකක් ………. ඒ හින්දා මේක මිස්ඩ් කරගෙන බැහැ…… මං ඉක්මනින්ම ටෙලිග්‍රෑම්ස් ටික යවලා එන්නම්…….. අපේ ඩ්‍රමර් වත් ……….. එක්ක ගෙන එන්න කියලා ……. අබේ..ට කියන්න පුළුවන් නේ……බේස් ගිටාරිස්ට ත්…….ඒ තුන් දෙන්නා එක ලඟ ඉන්න නිසා…….

ඒ…..ඔක්කෝම හරියි කියමුකෝ……. කොහොමද දැන් “රංජිත්” ව කන්ටැක් කරගන්නේ ??? …… මිනිහා….. නැතිව අපි මිස්ටර් වික්‍රමසූරියා ව මීට් වෙලා වැඩක් නැහැනේ…… අනික “රංජිත්” ට නේ මේ…. ටෙලිග්‍රෑම් එක එවලා තියෙන්නේ…..ත්

කියමින් “ලලිත්” …….මහත් සේ කල්පනාවෙහි යෙදෙන්නට විය.

“රෝහිණී”

“ඉතින් අයියා…… “අබේ”…..ට කියන්නකෝ…….”රංජිත්” ට මැසේජ් එකක් දෙන්න කියලා…… ඒ යාළුවා ටී….. ප්ලාන්ටේෂන් එකක වර්ක් කරණ නිසා……. අබේ…..ගාව ……යාළුවගේ …..ටී ෆැක්‍ටරි එකේ…..ෆෝන් නම්බර් එක ඇතිනේ……

“ලලිත්”

ඔව්මයි ……නේද…..බබී….. තෑන්ක් යූ…බබී…. තෑන්ක් යූ සෝ…මච්

ඉට් ඊස් අර් ෆයින් අයිඩියාර්…ගුඩ් ජොබ්…… බබී

අනික අද හවස් වෙද්දී ….. අපේ…..මෑන්ස් “ඇල්ල” ට ගිහින් තියේවි නේ…..

“එහෙනම් මම ඉක්මනින්ම ගිහින් ඒහෙම කරන්නම්” කියා…….

“ලලිත්” වහා හැඳ පැලඳ ගෙන කඩි මුඩියේ හනික දිවයන්නට විය.

“රංජිත්” “ලලිත්” ගත් කල වෙනස් ම වූ චරිතයන් දෙකකි. “මැක්ස්වල්” මෙන් නොව ඔවුන් දෙදෙනාට …..ඔවුනොවුන් නැතිවම බැරිය. වඩාත්ම දබර කරගන්නේ..ද මොවුන් දෙදෙනාය….වඩාත්ම සහෝදර ප්‍රේමයද වැඩි වන්නේ……ද මෙවන් වූ වන් හටය. එයට මෙයනම් කදිම සාක්ෂියකි.

“ද මෙන්ඩිස් ෆෝසම් ” සංගීත කණ්ඩායමේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන් මොවුන් දෙදෙනා කරට කර ගෙන අවංක වූ…. දහඩිය කඳුළු හෙලන්නට විය .

“මැක්ස්වල්” පවුලේ වැඩිමලා වූවද…..ඔහු තරමක් වගකීම් විරහිතය. සිය පවුලේ බර කරට ගත්තේද සිය කණ්ඩායමේ වගකීම් සියල්ල ද දැරුවේ…… .”ලලිත්” සහ “රංජිත්” ය. “රෝහිණී”තවමත් යෞවනියක වූ නිසා ඇය හට වගකීම් පැටවීමට ඔවුන් දෙදෙනා….අකමැති වූ….හෙයිනි.

එනමුදු ගායකයෙකු ලෙස සාමාන්‍ය ජනයා අතර ඉතා ජනප්‍රියත්වයට පත්වීමට වරම් ලද්දේ……”මැක්ස්වල්‍” ය. ඒ… නම් ඔහු ගේ…. ප්‍රාසාංගික හැකියාවද සමග උත්පත්තියෙන්ම ගෙන ආ….. වසනා මහිමය නිසාවෙනි .

“සංගීත”ය හෝ කලා ලොවෙහි දිදුලීමට …… “ස්ටාර්” එක යන අර්ථකථනය නොහොත් …… වාසනාව තිබිය යුතුමය. විශේෂයෙන් ම ශ්‍රී….ලංකාව වැනි රටක.

අපරට සුන්ධරත්වයෙන් පිරුණු දූපතක් වූද මෙහි දුසිරිත් නම්…..බොහෝය. හැකියාව ඇති දක්ෂයාට මෙහි නිසි තැන ලැබෙන්නේ ……ඉතා කලාතුරකින්‍ය. එය ලැබීමටත් ඔහු තුල වාසනාව මතුවීමට බොහෝ කුසල් කර්මයන් තිබිය යුතුමය.

හොඳ ගීතයක් වූවද එය ……. ජනයා අතර ජනප්‍රිය කරවීමට, ගයන්නා හට ලෙහෙසියෙන් හැකිවන්නේ ද නැත. එය ජනප්‍රිය කිරවීමට නම් …… රූපවාහිනි නාලිකාවල ද ගුවන් විදුලි නාලිකාවලද සිටිනා…. ඉහල නිළතල දරණා ඇතැමුන්ගේ දෙපා මත වැඳවැටීමට කලාකරුවා හට යම් අවස්ථාවන්හීදී සිදුවූ අවස්ථාවන් ද ඇත. එපමණක්ද නොව ඇතැම් අවස්ථාවල ඇතැමෙක්ගේ…නිවෙස් වලට…. හාල් පිරුණු ගෝණි මළු …….. ඉවීමට පිහීමට දෑ සමග ….. පොල් ගෙඩි සහිත ගෝණි මළු ද ඇතැම් විට කලාකාරයා හට ඔවුන් වෙතට සැපයීමට ……එකල යම් යම් අවස්ථාවන් වල දී සිදුවූ බව ද දැනගන්නට ලැබිණ .

කාලීනව මෙම අවාසනාවන්ත තත්වය අද කාලයේ වඩාත් දියුණුවෙන් දියුණුවට පත්වී ඇත. අද කාලයේ ……හැකියාවන් වලින් බොහෝම අල්ප වූවන් හටද …….. මිල මුදල් වත්පොහොසත් කම් යහමින් ඇත්නම් ඔවුනට කලා ක්ෂේත්‍රයේ ඇතැම් විට බොහෝ දුෂ්කර වූ දුක්ගැහැට විඳීමට අවශ්‍ය වන්නේ… ද නැත. ඔවුනගේ මිල මුදල්වල බලය පෙන්වා…… පහසුවෙන්ම ………. “ගායකයෙකු” වීමට …… දිවයිනේ ඇති ඇතැම් ප්‍රසිද්ධ මාධ්‍යය ආයතන තුළින් ගීතය ප්‍රචාරය කිරීමට “බඩ්ජට්”ක්‍රමයට අවකාශය සහ සේවය සලසනු ලබයි .

අන්‍ රටවල කලාකරුවන් දිවිහිමියෙන් රැකගත්තද මෙහි තත්වය බොහෝ කේධනීය තත්වයකට පත්ව ඇත .

වාසනාවකට නව පරම්පරාවට …..තමන් ගේ කුසලතාවයන් “රසිකයා”අතරට ගෙනයෑමට ඩිජිටල් මාධ්‍යයෙන් ආරම්භ වූ අන්තර්ජාලයේ පවතිනා “යූ… ටියුබ්” සහ “ෆේස් බුක්” වැනි සමාජ මාධ්‍ය ජාලයන් වර්ථමානයේ බිහිවී තිබීම කෙතරම් නම් අගනේද .

මේ … හේතුවෙන් තවද නවකයන් හට …… අයුක්තියට අසාධාරණ යට හිසනැමූ ….. ඇතැම් මාධ්‍ය කරුවන්ගේ දෙපතුල් මත වැඳවැටීමට තවත් අවශ්‍ය වන්නේ…ද නැත .

නැවත ,

“ලලිත්” තැපැල් කන්තෝරුවට අවතීර්ණ වෙමින් …..

වහාම ඔහු ……. තැපැල් කන්තෝරුවෙහි සිටි….. නිලධාරිණියකගේ ….. සහය පතමින් …….

“ලලිත්”-

“ගුඩ් ආෆ්ටර් නූන්………මෑම් ”

“නිලධාරිනිය” –

“ගුඩ් ආෆ්ටර් නූන් ටු යූ…සර්….. හව්….මේ …. අයි හෙල්ප් යූ…..

“ලලිත්”-

අයි හෑව් වෙරි ඉම්පෝර්ටන්ට් ඇන් අර්ජන්ට් මැසෙජස්…… අයි නීඩ්..ටු……සෙන්ඩ් …..ටූ …. ටෙලිග්‍රෑම්ස් ….. ඈස් සූන්….. ඈස් පොසිබල්

“නිලධාරිනිය”

” ඉට් ඊස් පොසිබල් …… ෂුවර්

ප්ලීස් රයිට් ඩවුන් ……. යුවර්ස් මැසේජ් .

“ලලිත්”-

“තෑන්ක් යූ” කියමින් ……. ඇය ….. ඔහුවෙතට යොමු කල පෝරමයෙහි…… පණිවිඩය මෙසේ ලියන්නට විණ .

මිස්ටර් වික්‍රමසූරිය ……

තෑන්ක් යූ සෝමච් ෆොර්… යුවර්ස් මැසේජ් ….. කෝzස් “රංජිත්” ඕල්‍ රෙඩි ගෝන් අවුට් ඔෆ් හෝම් , ටූ මීට් වන් ඔෆ් හිස් ෆ්‍ රෙන්ඩ් ඉන් අප් කන්ට්‍රි….. සෝ… අයි වුඩ් ප්‍රිෆර් ….. ටු සෙන්ඩ් යූ දිස් රිප්ලයි මැසේජ් …..

ඇන්ඩ් වී විල්…..පාස් යුවර්ස් මැසේජ් ඕල්සෝ ටු “රංජිත්” ….

ඇන්ඩ් වියාර් හැපිටු කම්…. ටු “සූරිය විලේජ්”ඇට් ඩේ… ආෆ්ටර් ටුමාරෝ ඈස් යුවර්ස් විෂ්….

දිස් ඊස් ෆ්‍ රොම්

“ලලිත් මෙන්ඩිස්”

( වික්‍රමසූරිය මහත්මයාණෙනි …..

ඔබතුමන් ගේ …… පණිවිඩයට බොහෝම ස්තූතියි .

මන්ද “රංජිත්” දැනටමත් නිවසින් පිටව ගොස් ඇත්තේ …. උඩරට කඳුකරයෙහි සිටින ඔහුගේ මිතුරෙකු හමුවීමටයි.

එබැවින් මම ඔබට මෙම පිළිතුරු පණිවිඩය එවීමට කැමැත්තෙමි. අපි ඔබේ පණිවිඩය “රංජිත්” වෙත ද යවන්නෙමු. ඔබගේ අභිමතය පරිදි හෙට දවසින් පසුදින “සූරිය ගම්මානයට” ඔබ හමූවීමට ප්‍රවිශ්ඨ වීමට අප සැමදෙන සතුටු වන්නෙමු .

මීට.. ලලිත් මෙන්ඩිස් )

දෙවෙනි පණිවිඩය ද ඔහු මෙසේ ලියමින් පසුව…වහා තැපැල් කන්තෝරුවෙහි සිටි නිලධාරිනිය වෙත බාරදෙන ලදි .

“අබේ”…… කුඩ් යූ ප්ලීස්……ලෙට් මී නෝ ඉමිඩියේට්ලි…… ආ‍ර්…යු පොසිබල් ටු කම් ටු “මොරටුව” විත් අවර් බේස් ගිටාරිස්ට් ඇන්ඩ් ඩ්‍රමර්, අර්…. ඩේ ඉන් ඇඩ්වාන්ස්… දෑන් වී….. ඩිස්කස් බිෆොර්…. කෝzස් මිස්ටර් වික්‍රමසූරිය හෑස් සෙන්ට් අස් අර් මැසේජ් ඇන්ඩ් මේඩ් අර් රික්වෙස්ට් ටූ මීට් හිම් ඇට් ඩේ….ආෆ්ටර් ටුමාරෝ ඇට් ටෙන් ඕ ක්ලොක් ඉන් ද මෝර්නිං ……

ඇන්ඩ් ප්ලීස් ඩූ……මී ..අර් නදර් ෆේවර්…… ඉෆ් යූ……. හෑව් …… “යුවර්ස් ෆ්රෙන්ඩ්’ස් ෆෝන්….. නම්බර් ……. හූ….. ලිව්ස් ඉන් “ඇල්ල”…… ප්ලීස් කෝල් හිම් ඇන්ඩ් ට්‍රයි ටු කන්ටැක්ට් “රංජිත්” ඕල්සෝ …

තෑන්ක් යූ……අබේ

“ලලිත්” හියර්….

ඉන්පසුව විද්‍යුත් තැපැල් ගාස්තු ද ගෙවූ “ලලිත්” ….

“තැන්ක් යූ……මෑම්…” කියා…… නිලධාරිණියට පවසා තැපැල් කන්තෝරුවෙන් පිටවන්නට යත්ම …..

“සර්….. සර්…… සර්…..” කියා කලබලයෙන් ……. නිලධාරිණිය යලිත් ඔහු අමතන්නට වූවාය.

“ලලිත්”-

“යර්ස් මෑම්….. වට්ස් රෝන්ග් ??? ”

“නිළධාරිනිය”-

“සර් ගේ….. වොලට් එක දාලා යනවා

“ලලිත්”

“ඕ…මයි ගුඩ් නස්” හැබෑම නේන්නං” තෑන්ක් යූ…. ෆ්‍ රොම්… බොටම් ඔෆ්…. මයි හාර්ට් …….. මෑම් …… කියමින් ඔහු පිටවයන්නට විය.

“දුම්රිය ගමන”නැවතත් ,

“උඩරට මැණිකේ”…දුම්රිය ….. “හැටන්” සිට නැවත ගමන් අරඹා දැන් පුරා හෝරාවකට ආසන්නය….. “කොටගල” දුම්රිය පළ ද…. පසුකරමින් පැමිණි ඇය … “තලවකැලේ” පෙදෙසට …. සම්ප්‍රාප්ත වූවා පමණි , ෆ්‍යින් ගස්වලින් වසාගත් දෙපසම ඝණ වනාන්තර‍යකි…. ,

තරමක තනිකමක් දැනුනිද…… විටින් විට හූ…… හූ….. හඬ නගා… ගෙන ඇය නොනවත්වාම රේල්ලුවෙහි පීලී යුග්මයට සිය පාදයන් තබා … “හනි හනිකට” දිවයන්නීය. සූර්‍යා ද… අවරට යෑමට ටිකෙන් ටික සැරසෙන නිසා…. ද….. නැතොත්…. උසට වැවුණු ….. ෆ්‍යින් ගස්වල පත්‍රයන් හිරු එලිය මුවා කල නිසාදෝ…. අවට මදක් අඳුරු වූ බැවින්….. මෙහි පවතින්නේ… තරමක මූසල ස්වභාවයකි .

රාත්‍රියෙහි නම් මෙහි ගමන එතරම් නුවණට හුරු නැත . ඒ..නම් වෙනකාරණාවක් නිසා…. නොව …..රාත්‍රියේදී….. රෙල්ලුවට ගස් කඳන් වල විශාල කොට දමා…. දුම්රිය නවතා…. වස්තු සොරකම් කරණා…. සොරුන් ගැවසෙන හෙයින්‍ය.

හදීසියේම…… ඉදිරියට දිව එනා විශාල යමක් දැක හනික පැන දුවන්නේ…… විශාල “අං” තට්ටුවක් හිස සහිත “ගෝනෙකි”….. දුම්රියේ….ගෑවීමට නොගෑවීමට ඔන්න මෙන්න තියා මේ….වන සත්වයා දිවි ගලවා ගත්තෙහිය . මේ දර්ශණය වඩාත් පැහැදිලිව පෙනෙන්නේ….. “උඩරට මැණිකේ” දුම්රියෙහි එන්ජින් ධාවක තැනටය. මේ සත්වයාව පසු කර යන “දුම්රිය” දෙස “ඌගේ” දෑස් බෝලගෙඩි දෙකක් සේ විශාල කොට මේ සත්වයා රේල්ලුවෙන් බොහෝ ඈතට දිවගොස් බොහෝ සෙයින් තැතිගෙන බලා සිටින්නේය. මෙම විශාල “අං” තට්ටුවේ උරුමක්කාරයාගේ “මණහර” බව පෙනෙනා රමණීය දර්ශණ්‍ය තරමක් අද්භූතය.

මෙහි ගමන් කරණා මගීන්ගෙන් බොහෝමයක් ම නිද්‍රාගතවූ බැවින්

මේ… “මනහර” දර්ශණය දුම්රියේ ගමන් කරණා වූවන් ගෙන් ස්වල්පයකටම පමණක් දිටීමට හැකිවන්නේය.

ඉනික්බිතිව දුම්රිය ධාවනය කරනා ඔහුට පෙනීමට වන්නේ…… කඳු පන්ති යුග්මයක් අතරින් වැටී….. තිබෙනා…. එක දිගටම වක්‍රාකාරයෙන්ම දිස්වෙනා….. රේල්ලුවය ,

ඉමක් කොණක් නොපෙනෙනා…… දෙපස දියසීරාව ම පිරී කඳු පන්තිම නිතර නෙත ගැටෙනා….. දක්ෂිණාකාරව එකදිගට වක්‍රවූ මෙම රේල්ලුවේ…… මෙසා…. ධාවනයේ යෙදෙද්දී ,

පුළුං රොදක් මෙන් සුදු සේද වලාවන් ක්ෂණයකින් දුම්රියේ ඉදිරිපස වීදුරුවෙහි ගැටී …… විගස නොපෙනී යයි. නිසැකවම මෙම දර්ශණය “ගුවන් නියමුවෙකුට” හා සමානවම දැනෙනා…. දර්ශණයක් වැනිය.., අහෝ….. කේධනීය තත්වයකි……. ඇතිව තිබූ….. ඝණ මීදුම් තත්වය හමුවේ… නොපෙණුනද , මහාපර්වතයක් ඉදිරියෙනි…. එය එන්න එන්නම “දුම්රියේ”…… ගැටීමට මෙන් දිස්වේ.

භියක් දැනුනද එය එසේ වන්නේ… නැත , මෙය දිස් වූ ආකාරයටම නොවේය , ඉදිරියෙන් පෙනෙන්නේ…… විශාල “බිංගෙයක්”වනවාට නොඅනුමානය . “කන්ද” කපා විශාල කුහරයක් සේ… සිඳුරු කොට ඇති හෙයින් සැබවින්ම මෙය “බිංගෙයකි”. එය සැබෑවකි …… විශාල නාගයෙකු…… හුඹසකට රිංගා යන සේ….. “උඩරට මැණිකේ” දුම්රිය …, ශ්‍රී ලංකාවේ දිගම බිංගෙය ලෙස නම් දැරූ “තලවකැලේ” බිංගෙය තුලට ගමන් කරනු ලබයි. දැන් “ඇය” විනාඩියකුත් තත්පර දහයකට ත් ආසන්න කාලයක් බිංගෙය තුලින් අඳුරේ ගමන්,

කරන්නීය .

බිංගෙය තුලට ඇතුළු වූ…… සැණෙකින් ….. “කටස් කටස්” “ඩකස් ඩකස්” “කටස් කටස්” “ඩකස් ඩකස්” ගා… එකදිගටම නැගෙන්නා වූ… මහා ශබ්දයකි . දුම්රිය එන්ජින් වලට යෙදූ… සහ මැදිරි දෙකක් එකට ගැටීමේ ඝට්ටනය අල්ප වීමට යෙදූ ග්‍රීස් ද ඉඳහිට හෝ ඒ… තුලින් කාන්දු වී රේල්ලුවට වැටී තිබූ …. පිලිස්සුණු කළුතෙල් සුවඳ ද නාසයට විටින් විට දැනී නොදැනී යයි.

(*****අවසාන කොටසෙහි …. ඉතිරිය….. මීලඟට *****)

 

27/06/2020

                      අවසාන කොටසේ… ඉතිරිය,

“දුරකථනය”… නාද….වෙමින් ,

පිලිගැනීමේ….. කාර්‍යයාලයේ නිලධාරිනිය ……”දුරකථනයට” ප්‍රතිචාර දක්වමින් ,

“ගුඩ් ආෆ්ටර් නූ….න් … “කිතල් ඇල්ල “වුඩ් ලෑන්ඩ්” ටී….ෆැක්ටරි”,

“අභේ”-

“කැන් අයි ස්පීක් ටු… මිස්ටර් “රාමනායක”

පිලිගැ.. නිලධාරිනිය ,

“මේ…. අයි නෝ….යුවර් නේම් සර් ???”

“අභේ”-

“ඩෝරීන් අභේවර්ධන හියර්”

“නිළධාරිනිය”

“ප්ලීස්…. හෝල්ඩ්…. ඕන් සර්…..,”

“අභේ”-

“ෂුවර් …….. තෑන්ක් යූ…..,”

“නිළධාරිනිය” …. , විගස ගොස් දන්වමින් ,

“සර්…… සර්ට කෝල් එකක්”

“රාමනායක මහතා”-

“කව්ද නමක් එහෙම කිව්වද” ???

“නිළධාරිනිය”

“සර් ….. “ඩෝරීන් අභේවර්ධන” කියලා …. කෙනෙක්”

“රාමනායක මහතා”-

“ඔහෝ….. අපේ අභේ….. නේ , හී… ඊස් වන් ඔෆ් මයින් ගුඩ් ෆ්රෙන්ඩ්”

ඔකේ….අයි විල් ආන්ස්වර් හිම් නව් , කියමින් ඔහු වහා “දුරකථනය” වෙත ගියේය .

“රාමනායක හියර්” …..,

“අභේවර්ධන”-

“මචෝ……. රමයා…. ඩෝරීන් හියර්”,

“රාමනායක”-

“හෙලෝ …..අභේ … , කොහොමද මචෝ…… ???

“අභේ”-

“හොඳින් ඉන්නවා මචං”

“රාමනායක”-

” ඉතිං….. ඉතිං මචං ….. මොකද මේ…… හිටි ගමන් කෝල් කලේ ?? හදීසියක් වත්ද ???

“අබේ”-

“ඔව් රමේ….. මචං අද “රංජියා”….. උඹව හම්බවෙන්න “ගම්පොල” ඉඳන් පිටත් උනා”

“රාමනායක”-

“ඔව් මචෝ…. “රංජියා” මට කලින් දන්වලා තිබුනා…… නේ, අද එනවැයි කියලා” ඉතිං මම අද හවසට යනවා….. “රංජියාව”පික් කරන්න….. බස් ස්ටේෂන් එකට”

“අබේ”-

“මචෝ….. නෑ….. නෑ….. බස් ස්ටේෂන් එකට ගිහින් වැඩක් වෙන්නේ…. නැහැ “රංජිත්” ට මෙහෙන් “ඇල්ලට” යන බස් එක මග ඇරුනා ….. පස්සේ….. ටැක්සි යක නග්ගවලා……මෑන්ස්ව “ගම්පොල” ස්ටේෂන් එකෙන් ලෙවන් ෆිෆ්ටීන් ඒ….එම් “කැන්ඩි” ඉඳලා “ඇල්ලට” යන “උඩරට මැණිකේ”… ට්රේන් එකට දැම්මෙව්වා මචං….. ඒ…..හින්දා උඹ ටයිම් එක චෙක් කරලා “ඇල්ල” ස්ටේෂන් එකට යමං මචං”

මචං ඒ….. විතරක්ම නෙමේ….. උඹ “රංජිට” මේ මැසේජ් එක පාස්කරන්න ඕනේ….. දිස් ඊස් රියලි ඉම්පොර්ටන්ට් ,

“රාමනායක”-

“ඒ…… මොකක්ද මචං ඒ…..???”

“අබේ”-

“මචං “රංජිගේ” අයියා මට මේ…… දැන් ටිකකට කලින් “ටෙලිග්‍රෑම්” එකක් එවලා තිබුනා…….. අපිට “සූරිය විලේජ්”එකට යන්න වෙනවා කියලා….. ඩේ….ආෆ්ටර් ටුමාරෝ…… මොකද “මිස්ටර් වික්‍රමසූරියට” අර්ජන්ට් මීටිං එකක් යෙදිලා….. අපිව මීට් වෙන්න දාන් උන්නු දිනයේ…..

“මචං …. “රංජිව” හමුවුන හැටියේම…… මේ….. මැසේජ් එක දෙන්න එහෙනම්”

“රාමනායක”-

“රයිට් “ඕ”….. මචං ,

ආහ්°……. “මචං” ඒ…..විතරක් නෙමේ….. තව දවසක් අපිට අඩුවුනා….. “උඹලා දෙන්නා”…..සෙට් වුනහම මම දන්නවානේ…. උඹලගේ…සිංදු හැදිල්ල කෙසේ වෙතත් උඹලා දෙන්නා… දොඩවන්නේ මෙලෝ… වැඩකට නැති වල්පල් නේ……. ඒ….. හින්දා…..ඉස්සෙල්ලාම ……උඹ “රංජියගේ”ත් අදහස් අරගෙන හොඳ ලිරික්ස් ටිකක් ලියහන් මචෝ….. සුපර්බ්… , සෝන්ග් එකකට …… අපේ……. බෑන්ඩ් එක හිට් වෙන සෝන්ග් එකක් වෙන්න ඕන…… බ්‍රදර්…… හරිද….???

“රාමනායක”

හ….හා….. හා…. ඕකේ…. ඕකේ…… බ්‍රදර් ඩෝන්ට් වොරී…… මම දෙන්නම් නියම ලිරික්ස් ටිකක් උඹලගේ….. බෑන්ඩ් එකට …., රයිට් ,

“අබේ”-

“එහෙනම් රමේ….. හෝප් ටූ සීයූ සම් ඩේ…. ඉන් “ඇල්ල”

“රාමනායක”

“නැතුව නැතුව උඹලා දවසක සෙට් එකම එන්න ඕනා…… මේ …. පැත්තේ….. සතියක් දෙකක් වත් නැවතිලා යන්න….. අපේ…. “හාමිනේ”…ත් හරිම කැමතියි නේ… උඹලාට සංග්‍රහ කරන්න , උඹ දන්නවනේ…… එයා සිංදු වලට ඉතිං මැරීගෙන ලව් නේ….. මම වචන ලියුවාට මට සින්ග් කරන්න බෑනේ…. බ්‍රෝ…..

මම එක දවසක් සින්ග් කලෝතින් , ඉතින් ආයේ…..එයා සතියකට දෙකකට සින්දු අහන්නේ නෑ…… ( හා…. හා…. හා…..)

මෙයට ඔවුන් දෙදෙනාම “මහ හඬින්”සිනාසෙන්නට විය.

නැවත “රාමනායක”-

“ඒ…. වගේද…. මචෝ…. “උඹයි , රංජියයි”ගිටාර්ස්”දෙක ප්ලේ… කරලා…. රංජියයි.. , උඹයි එක්ක “ලලියයි”.. “මැක්ස්වල්” අයියයි…. සෙට් වෙලා….සින්දු කියද්දී එදා…… “කලම්ඹු”වල තිබ්බ පාර්ටි එකේදී…… අපේ…..”ගෑනිට”කෑම බීමත් අමතක වෙලානේ.. බං සින්දු ඇහැවේ….,

එයාගේ එකම පොරේ….කොහොම හරි…. මේදා සැරේ…. අපේ…. “දුවගේ”….. බර්ත්ඩේ….. එකට උඹලාව මෙහේ ගෙන්නන්න කියලා ,

ඔන්න ඊට පස්සේ….. එයා උඹලාට හොඳ ට්‍රීට් එකකුත් ලැස්ති කරන්න යන්නේ….. , අපේ… ගෑණිගේත් ආසාව නේ…මචං ,

“කලම්ඹු” ඉඳලා පොඩි චේන්ජ් එකකටත් එක්කම මෙහෙ වරෙල්ලා….

“රාවණා” ඇල්ලේ එහෙම නාලා….. “රාවණා කේව්ස්”බලලා , “ඇල්ල රොක්”හයිකිං කරලා…. “ලිට්ල් ඇඩම්ස් පීක්”සන්සෙට් එක එහෙම , ඉවන් යූ කැන් සී ඉට් විත් යුවර්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් “ඕල්සෝ” පට්ට… රොමෑන්ටික් නේද බ්‍රෝ… හා….. හා…. හා….

ඒ…… විතරක් ද…. “දෙමෝදර” නයින් ආර්ච් බ්‍රිඩ්ජ් …… එක ගාවට පොඩි වොර්ක් එකක් දාන්නත් පුළුවන්නේ….. අපිට… “බදුල්ලට”යන එන”ට්රේන්”එක බලන්න …. බිංගෙය ඇතුලෙන් ….

අනික “ඇල්ලේ” වෙදර් එක කොයිතරම් ප්ලසන්ට් ද මචං…..මෙහේ “නුවරඑළියේ”….තරම් තද සීතලක් නැහැනේ… පොඩි වැස්සක් එහෙම ගියහම රෑට “ඇල්ල” ට හරිම ලස්සනයි පහුවදා එලිවෙන්න ,

ඒ……..වගේම අපේ ටී ෆැක්ටරි එකත් උඹලාට පුළුවන්නේ “ඩියුඩ්” විසිට් කරන්න ,

කොච්චර දේවල් තියෙනවාද “ඩියුඩ්”උඹලාට මෙහෙ කරන්න….. , ”

“අබේ”-

“ඕ…..කේ…. බ්‍රදර් ලෙට්ස් මීට් දෙන් ඇට් යුවර්ස් “ඩෝටර්ස්” බර්ත්ඩේ…. ඇට් වෙරි නියර් ෆියුචර්……. අපිට එහෙනම්”ඩේට්”එක ලංවෙද්දී කියන්න ,

“රාමනායක”-

“ෂුවර් ෂුවර් “මචං”……අයි විල් ,

“අබේ”-

ඕකේ…… “මචං”දෙන්…… චෙරියෝ……

“රාමනායක”-

“චෙරියෝ…… “මචං”

රිසීවරය “දුරකථනය” මත තැබූ “රාමනායක” සිය අත් ඔරලෝසුවෙන් වෙලාව බැලීය.

ඔහු තමාටම හිතින්ම කියාගනිමින් ,

“ඕ….. මයි ගුඩ්නස්….. ආෆ්ටර් අනදර් 1:11 අවර්ස් “උඩරට මැණිකේ.. ට්රේන්”මේ… අරයිව් ටු ද ස්ටේෂන්….. මගේ ඉතුරු වැඩටික පුළුවන් තරම් ඉවර කරලා …. බැරිවෙන ටික සෙකට්‍රිට බාරදීලා ….. ඉක්මණින්ම “රංජිව” පික් කරන්න යන්න වෙනවා “ඇල්ල” රේල්වේ… ස්ටේෂන් එකට” අයි හෝප් යූෂුවලි “උඩටර මැණිකේ” ට්රේන්” අරයිව්ස් ඇට් ෆ්‍යිව් ෆෝර්ටි ඉන් දි ඊවිනිංග් ,

කෝකටත් ස්ටේෂන් එකට කෝල් කරලා චෙක් කරගන්න එක හොඳයි , ලෙට්ස් මේක් අර් කෝල් ඇන්ඩ් ස්පීක් ටු ද “ස්ටේෂන් මාස්ටර්”….

දුරකථනයෙන් ….

“දුම්රිය ස්ථානාධිපති”-

“හෙලෝ ගුඩ් ඊවිනිංග් …දිස් ඊස් ෆ්රොම් “ඇල්ල” රේල්වේ…ස්ටේෂන්”

“රාමනායක”-

“ගුඩ් ඊවින්ග් “ස්ටේෂන් මාස්ටර්”…. මේ අයි නෝ…. විච් ටයිම් දි “උඩරට මැණිකේ” ට්රේන් ගොයින්ග් ටු අරයිව් ටු දි “ඇල්ල” රේල්වේ… ස්ටේෂන් , අයි මීන් ද “ට්රේන්” ඕල්රෙඩි ස්ටාර්ටඩ් ද ජ්ර්නි ෆ්රොම් කැන්ඩි ,

“දුම්රිය ස්ථානාධිපති”-

“ගොට් ඉට්” , “උඩරට මැණිකේ” ට්රේන් ….. යර්ස් ෂී …මේ…. ඩිලේ ෆොර් තර්ටි මිනිට්ස්….. ඩියු ෆොර් ද හෙවි “ෆොග්” ෆ්රොම් “තලවකැලේ” ටු “නානුඔය”

( පවතිනා ඝණ මීදුම් තත්වය හමුවේ “තලවකැලේ” සිට “නානුඔය” දක්වා පැමිණීමට “උඩරට මැණිකේ” දුම්රිය හට වෙනදා වෙලාවෙන් ඇයහට විනාඩි තිහක පමණ කාලයක් ප්‍රමාද විය හැක . )

“රාමනායක”-

“ඕ….වට් අර් පිටී…. , ඉෆ් ඉටීස් වට් ටු ඩූ…… නෝ….වොරීස් ස්ටේෂන් මාස්ටර් ,

තෑන්ක් යූ සෝ මච් …. “චෙරියෝ”…

“දුම්රිය ස්ථානාධිපති”-

“යුවාර් මෝස්ට් වෙල්කම්” ….. “චෙරියෝ”…

“රාමනායක”-

“ඒ…. කියන්නේ… ට්රේන් එක ඩිලේ, මොර්දෑන් වන් ඇන්ඩ් හාෆ් අවර්ස් තියෙනවා එහෙනම්”

අදට තියෙන මගේ වැඩ ටික ඔක්කොම ඉවර කරලම එහෙනම් යනවා “රංජිව” පික් කරන්න”

“උඩරට මැණිකේ දුම්රිය” “නානුඔය” සිට ගමන් කරමින්, “පැරකුම්පුර” “අඹේවෙල” යන දුම්රිය ස්ථාන ද පසු කරමින් මේ….. මොහොතේ…. , “මුහුදු මට්ටමේ”සිට ගත් කල “ශ්‍රීලංකාවේ”උසම දුම්රිය ස්ථානය වන “පට්ටිපොළ” දුම්රිය ස්ථානය ට සැපත් වූවා පමණි .

මෙය කුඩා දුම්රිය ස්ථානයක් වූවද… අවටින් දෘශ්‍යමාණ වන භූමි දර්ශණයන් නම් ඉතා මන බඳිනා සුළුය . දුම්රිය පළට ඉහලින් දිස්වන කඳුයායේ….. “උද්භිද උද්‍යානයක”මෙන් එක පෙලට සිටුවා

ඇති වා…සේ පෙනෙනා ෆ්‍යින් ගස් මුදුන්වල පත්‍රයන් දිස්වන්නේ…

ඇතැම් තරුණයන්ගේ සිත් ඇදගන්නා කොණ්ඩා මොස්තරයන්, මෙනි. තවද එය රමණීය දර්ශණය කි.

සුදෝසුදු මීදුම් වළාපටලයන් උඩු ගුවනේ සිට හමනා සුළඟේ… ආධාරයෙන් ගසාගෙන විත් කඳුයායෙහි ගැටීමට ලක්වන්නේය . ඇරත් ඇතැම් විට එය පහතට විත් මුළු දුම්රිය පළද සුදෝසුදු වතින් මඳකට වසා දමනා සේ.. ක්ෂණයකින් සුළු මොහොතකට වූවද “සුදු මීදුමෙන්” වසාගෙන යනු ඇත. සුදෝසුදු මීදුම් වළාපටලයද “ප්‍රේමවන්තයෙකුට” සමාන සේය , ඒ..නම් “ළඳකට” පෙම් කරණා තරුණයෙකු ඇය සමග කාලය ගතකොට එදිනෙහි “ඇයට” නැවත “ඇයගේ” නිවස කරා ….. නික්මයෑම සඳහා සමුදෙන මොහොතේ “ඇයව” සිපගන්නා සේ …. මෙන්ම මීදුම් වළාපටලයද ,

“විසිල් නාදය”සිය සවනට ඇසෙනා තෙක් යලි ගමන් , ඇරඹීමට බලා සිටිනා “උඩරට මැණිකේ” දුම්රිය වන ඇයව , “ප්‍රේමවන්තයෙකු”සේම ප්‍රේමයෙන් ඇයව සිපගැනීමට සේ.. “සුදු මීදුම් වළාපටලයන්”විගස හමා පැමිණ දසතම හමා මුළු දුම්රියපොළ සමග “උඩරට මැණිකේ” දුම්රිය ද වසාගත්තේ….. “ඇයව”මොහොතකට සිපගෙන සමුදීමකට මෙන්‍ය.

“වේලාව පැමිනුණි” සුදු වතින් සැරසුන ගාර්ඩ්”නිලධාරියා” ඔහු හැඳ සිටි නිල වස්ත්‍රයේ කලිසමේ… එක් සාක්කුවකට දෑත යොමා ….. “රිදී වර්ණයෙන්”යුතු දම්වැලකට සම්බන්ධ වූ යමක් ගෙන මුව අසලට ගෙන ඔහුගේ දෙතොල් වල තබා එහි ආධාරයෙන් පුළුවන් උපරිමයෙන් පිඹින්නට විය . එය සැබෑවකි “ව්සිල් නලාව” ලඟ සිටිනා… වූවන් ගේ… “කන් බිහිරිකරවාගෙන”නාද විය .

“ව්සිල් නද” දුම්රිය පලට ඉතා ආසන්නයේම පිහිටා තිබු කඳු පන්ති මතද ගැටී… දසත දෝංකාර දෙන්නට වුනි. එයට නැවත තුටු පිළිතුරු නද ලෙස “උඩරට මැණිකේ” දුම්රියෙහි….. නලාවද …..හූ…. හූ….. හූ….. …… ලෙස හඬ නංවාගෙන ඇය නාද කරවීය. ඇයගේ නද ද “විසිල් නද” ට පෙම් පිලිතුරු දීමට මෙන්, පෙර සේම…ඇයගේ…හඬ ද ඈතින් පිහිටා තිබූ කඳු සිසාරා ද …දසතම දෝංකාරය දෙන්නට වුනි.

“කටස්….. කටස්”…. “ටකස්…… ටකස්” …. “කටස්….. කටස්”…. “ටකස්…… ටකස්” හඬ නංවාගෙන”ඇය දැන් සිටින්නේ”….. වළාකුළු වලටද ඉතා ආසන්නයේ වූ… බැවින් …..”ඇය” බොහෝ… පරිශ්‍රමයක් ද ධරා, සෙමින් සෙමින්…. හා ඉතා පරිස්සමින් ද නැවත ගමන් ඇරඹීය …..

නොබෝ වේලාවකින්… “ඔහිය” …. “ඉඳල්ගස්හින්න” යන නම් දැරූ දුම්රිය ස්ථාන වලද මද වශයෙන් වේලාවන් හී… ද නැවතී…පැමිණි ඇය….. මේ මොහොතේ ….. සම්ප්‍රාප්ත වන්නේ “හපුතලේ” නම් වූ ප්‍රදේශයකටය.

මේ…. වනවිට ලක්මාතාවණ්ගේ සොබා සෞන්දර්‍යයයේ …. අපූර්වය නම් අදහාගත නොහැක ,

කඳු පන්ති මුඳුන් …. කිරි සුදු වර්ණයෙන්”හිමෙන්”වැසී…. නොතිබුනද …. එය “ස්විස්ටර්ලන්තයේ” දී…. දකින්නට ලැබෙනා… සේ.. ඇතැම් කඳු පන්ති වලට සමානය… “මෙහි…. අලංකාරය දැක මවිතයට පත්වෙනා …. අනෙක් “සංචාරකයන්” අතරෙන් ඇතැමෙක් සිය අසුනෙන් නැගිට…. මෙසේ තමාටම කියා ගනිමින් ,

“what a amazing country with beauti of her” ( වට් අර් ඇමේzසින් කන්ට්‍රි විත් බියුටි ඔෆ් හර්… , ඇයගේ… සුන්දරත්වය සමඟින් මොනතරම්.. ආශ්චර්ය‍යමත් රටක්ද ) …. එසේ තාමාටම කියාගත් ඔහු… කඩිනමින් සිය”කැමරාව”අතට ගෙන….”දුම්රිය” කවුළුවෙන්…. තමාට අවශ්‍ය”දර්ශණ පථය”ලබාගැනීමට ඉඩ ප්‍රස්ථාව මදිවූ… හෙයින් ඔහු වහා සිය අසුනෙන් නැගිට …. “දුම්රිය” පාපුවරුව …. කරා හනික යන්නට විය.

මෙසේ පැමිණි ඔහු… පා පුවරුව අසල සිටගෙන සිටිනා…. “ස්වර්ණා” සහ “රංජිත්” ව දැක මෙසේ ඇසුවේය.

“සංචාරකයා”-

“හෙලෝ…. සර්… කුඩ් යූ … ප්ලීස් ගිව් මී… සම් ස්පේස් ටු ගෙට් මී…. සම් … ස්නැප් ශොට්ස්” අබවුට් යුවර්ස් ඇමෙzසින් කන්ට්‍රි ??? …

“මෙය ඇසූ…. “රංජිත්” සිය දෑත “ස්වර්ණාගේ” කරමත ද යවමින් “ඇයවද” කැටුව මෙසේ කීවේය….”

“යර්ස්….. ප්ලීස්… , ඈස් යූ…. ප්‍රිෆර් “සර්”….. කියමින්” ඔවුන් දෙදෙනා… හැකි පමණ අයින් වී ඔහුට ඉඩදුන්නේ…ය.

මෙයට බොහෝ තුටු වූ “සංචාරකයා” තෑන්ක් යූ සෝමච්”ග්‍රේට්… ෆේවර්…. සර් කියමින් ,

ඔහුගේ…. පාද යුගල පාපුවරුවේද….. තබා… හරි ගැසී පා පුවරුවේ ඉහලම කොටසේ…. මත ඔහු රිසි සේ…. දණනමා පහසුවෙන් හිඳ, ගත්තේය. දැන් මේ “සංචාරකයාට” තම සිතැඟි සේ…. ඔහුගේ නෙත ගැටෙනා…. දර්ශණයන් “චායාරූ” ගත කල හැක. ඔහුගේ..වම් අත්ල, කැමරා කාචය … මත ද තබා…. ඔහුගේ දකුණතේ… දබරැඟිල්ල .. “තුවක්කුවක කොකා” ගැස්සීමට මෙන් කැමරාවෙහි … චායාරූපයක් හසුකරවා ගැනීමට ඇති”බොත්තම”මතය.

“ස්වර්ණා” සහ “රංජිත්” මේ “සංචාරකයා” වාඩිවී සිටිනා ආකාරය සහ ඔහුගේ ක්‍රියාවන් දැක…. තුටු වී…. ඔවුන් දෙදෙනා…… මුහුණට මුහුණ බලා සිනාසෙන්නට විය. නමුත් “සංචාරකයාට” මේ පිළිබඳව අල්පමාත්‍රයක වූද ලැජ්ජාවක් හෝ මොවුන් දෙදෙනා ගැන වගේ…. වගක් නැත. ඔහුගේ…අවධානය ඔහුගේ ක්‍රියාවට ම පමණි.

ඉන්පසුව ඔහු සිය වම් අත්ලෙන් ….. පිට්ටු බම්ඹුවක් සේ දිගටි ව තිබු… ඔහුගේ කැමරාවෙහි… “ලෙන්ස්” එක නොහොත් කැමරා …. “කාචය” මැනවින් අල්ලාගෙන …. එය වරෙක “වමටද” …. නැවත “දකුණටද” කරකවන්නට විය . “කදිමය” බොඳව තිබූ…. “දර්ශණය” දැන් නම් අපූර්වය ක් සේ… ඉතා පැහැදිලිව දෘශ්‍යමාණය වේ… ,

ඈතින් පෙනෙනා… කඳු පන්තීන් කඳු මිටියාවත් සමග වැඩුන වෘක්ෂලතා වෝ… ද …. දැන් නම් අත ලඟය. මෙයට ඔහුගේ….. සතුට ඉවසා ගත නොහැකිව ඔහු…. “වට් අර් “හෝලි ෂිට්” කියමින් , තමාටම කියාගන්නට විය.

නිසැකවම ඔහු මේ… දුටිනා දර්ශණය ඒ… තරමටම “අති මණරම්” නිසාය .

තම “සිතැඟි” සේ… ඇති තරම්… චායාරූ ගතකල ඔහු…… නැවත නැගිට සිට “රංජිත්” දෙසද “ස්වර්ණා” දෙසද බලා මෙසේ…. කියන්නට විය .

“Foreigner”

“We love Sri Lanka …. such a lovely an amazing country with so nice people I have ever seen , we definitely come again”

“විදේශිකයා”

“අප ශ්‍රී ලංකාවට ආදරෙයි …. මා මෙතෙක් දැක ඇති මෙතරම් සුන්දර මිනිසුන් සිටිනා සුන්දර හා විස්මිත රටකි …….. නැවත වාරයක් අපි අනිවාර්යයෙන්ම මෙහි පැමිණෙන් නෙමු”…..

“අවාසනාවකට” මෙහි අගය මෙහි පාලකයන් හට නොදැනෙනා…. සේ… ඔවුන් රඟදක්වති. මෙරට තම දිවිහිමියෙන් රැකගැනීම සඳහා වෙහෙසෙන්නාවූ බොහෝ සුළු වශයෙන් වූද ඉතා අතලොස්සක පාලකයන් හමුවේ….. සෙසු ඇත්තෝ…. ඔවුන් තම බඩ ගෝස්තරයටම පමණක් “වහල් වී”….. රටෙහි අභාග්‍යකට මෙන් වසති. ඔවුන් ලක්මාතාවන්ගේ භූමියට පවා මහත් වූ…බරකි. ඔවුන් හට ලැජ්ජාවක කියා ගෑවූ අල්ප මාත්‍රයක වූවද යමක් නැත.

නැවත මෙම විදේශිකයා …. හට එයට “ස්තූතිය” පලකරමින් “රංජිත්” ,

“ඕ…. රියලි …. සර්…??? , ඉට්’ස් මයි ප්ලෙෂර් ටු හර්ඩ්…. ”

ඉසන්ට් ඉට් බබා…..??? කියමින් ඔහු “ස්වර්ණා” දෙසටද හැරී බලමින් .

“නැවත විදේශීකයා”- “ස්වර්ණා” දෙසට හැරී ඇය දෙස බලා.

“රංජිත්” හට පවසමින්…

“ඊස් දිස් යුවර්ස් වයිෆ් ??? ….. ෂී ඊස් වෙරි ප්‍රිටී… ඇන්ඩ් චාර්මිං”

“රංජිත්”- හට මුවඟට සිනහාවක් ද නැඟෙමින් ,

“නොර්…..සර් වි ආර් නොට් මැරීඩ් යෙට්…. දිස් ඊස් අවර්ස් වෙරි ෆස්ට් ඩේට්”

( තාම නැහැ සර්….අපි දෙන්නා තාම විවාහක නැහැ ….මේ ඇයගේ සහ මගේ පලවෙනි ආදරයේ දිනයයි)

“විදේශීකයා”- මවිත වී….

“ඊස් ඉට් රියලි .??? යුවාර් අර් වෙරි ලකී….. ගයි ….. , ටු මෙට් අර් ප්‍රිටී ගර්ල් ලයික් හර්..

“රංජිත්”- හදවතේ ඇතිවූ බොහෝ සතුටත් සමගව…..

“අයි ඈම් ග්ලෑඩ් ටු හර්ඩ් ඉට්….. තෑන්ක් යූ සර්….” කියා පැවසුවේය.

“විදේශිකයා”-

“මයි ප්ලේෂර් ටූ”… “මේ අයි ආස්ක්…. කැන් අයි ගෙට් අර් …. ෆොටෝ…ඔෆ් හර්….

“මෙයට “ස්වර්ණා” තැති ගැනීමටත් ඇයහට ලැජ්ජාවක් ද දැණින”

“රංජිත්”-

“ලෙට් මී….. ආස්ක් ෆ්රොම් හර්….”

“ස්වර්ණා…… ඔයා කැමතිද මේ….. ෆොරීන ඔයාගේ…. ෆොටෝ එකක් ගන්නවාට”

“ස්වර්ණා”-

“කමක් නැහැ එහෙනම්”

වායාරූපයෙන් පසු…..

ඇය සැබෑවටම වාගේම චායාරුපයකට පවා…. බොහෝ හැඩකාරියකි. ඇයගේ චායාරුපයට විදේශිකයා ද වසඟ වී…… “ෂී ඊස් අර් රියල් ෆොටෝ “ජෙනික්” කියමින් ….. “චායාරුපය”ඇයටද “රංජිත්” ට ද පෙන්වා…..ඔවුන් දෙදෙනාට ම සුබ පතා මෙසේ පවසා… විදේශිකයා හිඳ සිටි අසුන කරා යන්නට ගියේය .

“යූ…… ෂුඩ් රයිට් සම්තිං අන්ෆොර්ගෙටබල් ලිරික්ස් ෆොර් හර්…

ෆොර් දිස් ජර්නි විත් හර්…” ඉවන් පොයෙට්‍රී ඕල්සෝ )

( ඇය සමඟ ඔබ යන මෙම ගමන ගැන ඔබ ඇය වෙනුවෙන් අමතක නොවන “පදයක්” ලිවිය යුතුය , එය නිසඳැසක් වූවාට ද කම්නැත )….

‘කියමින්’ඔහු දෙදෙනාටම අතට අත දී…. සුබ පතමින් , යන්නට ගියේය. )

එයට “රංජිත්”-

“අයි විල් ට්‍රයි මයි බෙස්ට් සර්….”

( මම මගේ…. උපරිමයෙන් උත්සාහ කරන්නම් ) කියමින්…. ඔහු එයට… විදේශිකයා වෙත ඉතා මිත්‍රශීලී ව සිනහා පෑවේය.

මෙය නම් අරුමයකි….. “රංජිත්” මෙය නොදැන සිටියද … ඔහුගේ… අනාගතයේදී ….බොහෝ පිරිසකගේ…. ඉතා ජ්නාධරයට පාත්‍රවන ඔහුගේ අගනා….. නිර්මාණයට මේ…. මොහොතේ….නොහිතනා ලෙසකින් මෙහි… පැමිණෙන්නේ…. ජීවීන්ගේ පිනවීම උදෙසාම , සොබාදහමේද …. විශ්වයෙන් ද… නැගෙනා “සංගීතය” හෝ… කලාව.. ලෙස නිර්මාණය වූ …..සොබා දහමේ…. ඉතා අනර්ඝ වූ.. මහා… ශක්තියයි.

“මෙහි “රමණීය” බව නිසා…. සිරි නැරඹීමට පා..පුවරුව අසලට නැවත වාරයක් පැමිණි “ස්වර්ණා” සහ “රංජිත්” හට මෙය නැවත ගත ද සිතද කූල්මත් කරණා අත්දැකීමකට ඔවුන් දෙදෙනාව රැගෙන ගියේය….

ඉන්පසුව “හපුතලේ” සහ “දියතලාව” ද පසුකොට පැමිණි ඇය දැන් “බණ්ඩාරවෙල” දුම්රිය ස්ථානය කරා ඇදෙන්නීය.

එන්න එන්නම මේ… සුන්දරත්වයෙන් පිරි “සුරංගනාවියගෙන්” අකමැත්තකින් වූවද “රංජිත්” ට සමුගැනීමේ…. මොහොත කරා ඔහු නොදැනුවත්වම ලඟාවන්නේය. ඔහුට… මේ… වන විටත් එය නොදැනෙන්නේ…. ඇයගෙන් ඔහුගේ… හදවත ට දැනෙනා ශක්තිය තවමත් ඔහු සමග වන නිසාය.

ඇය මේ….වන විටත් , “බණ්ඩාරවෙල” දුම්රිය ස්ථානයේ ද මඳ වේලාවක් පමණ නවතා “කිනිගම” දුම්රිය ස්ථානය ද පසුකොට පැමිණ , “හීල්ඔය” නම් වූ…. දුම්රිය ස්ථානයේ … හනිකට වේගය අඩාල කරමින් නවත්වන්නට වුනි.

“ස්වර්ණා”-

“හීල්ඔය” ලෙස “රංජිත්” ට ද තමාට ද.. ඇසෙනා සේ…. කියාගන්නට වුනි.”

ඉන්පසුව ඇය… ,

“අනේ…. “රංජිත්” නෙක්ස්ට් ස්ටේෂන් එකෙන් “සුනීටයි” මටයි බහින්න වෙනවා…. “කිතල් ඇල්ල” ස්ටේෂන් එකෙන්. මේ….වෙද්දී….මගේ.. ඩැඩී…. ඇවිදින් ඇති “ස්ටේෂන්”එකට “සුනීවයි” මාවයි පික් කරන්න.

ඔයාට බහින්න තියෙන්නේ…. මම බහින “ස්ටේෂන්” එකට පස්සෙ හම්ඹවෙන “ස්ටේෂන්” එකෙන් .

ඒක තමා… “ඇල්ල ස්ටේෂන්” එක

බබා…”අපි දෙන්නට “වෙං වෙන්න” වෙලාව ඇවිදින්”…

ඇය පැවසුවේ….. ඔහුට සමුදීමට සිදුවනු ඇති “අර්ථය” වූ… වද , ඇයගේ… වදන් සවනට වැදී… “රංජිත්” ගේ… හදවතට වෙන්විය යුතුයැයි ඇසුන නිසාවෙන් …. ඔහුගේ…. “හදවත”එකෙනෙහිම ඉතා සුළු නිමේෂයකට මොහොතක් නතර විය.

ඔහු…. “ස්වර්ණාගේ” නෙත් දෙස මොහොතක් “මුනිවත වසාගෙන” බලාහිඳින්නට විය. එවිට ඔහුට මෙලෙස සිතුනේය.

“මේ “ඇස්”කොච්චර නම් ලස්සන ද ඒ.. වාගෙම මොනතරම් නම් අහිංසක ද…. !!! “බබා … ඔයාව ලැබෙන පිරිමියා…. මොනතරම් නම් වාසනාවන්තයෙකු සහ පිංකරලා තියෙන කෙනෙක් වෙන්න ඕනෙද… ,

“බබා මම තාම දන්නේ… නැහැ … මගේ… “දෛවය” ඔයාද කියලා….

හබැයි මට එක දෙයක් තේරුම් යනවා…. අපි දෙන්නව මේ…. මුණගැස්සුවේ….. අපි දෙන්නාගේම “ඉරණම” ම නම් , ආයේ… මේ…. ලොකේ ඉන්න මොන ජගතෙකුටවත් මොනතරම් ලොකු කෙරුමෙකුටවත් අපි දෙන්නාව… වෙං කරන්න හම්ඹවෙන්නේ…. නෑ !!! කියා සිතමින්,

“ඔහු”නැවත වාරයක් ඇයගෙන් සැබෑවටම මෙසේ…. අසන්නට විය.

“ස්වර්ණා”…. බබා අපි දෙන්නා…. ආයේ හම්ඹවේවිද ???

මෙයට එකවරම “ස්වර්ණා” තිගැස්සුණේය. ඒ…නම් “රංජිත්” ගේ… වදන් ඇයගේ…. ලය පසාරු කරගෙන ගියාසේ…. ඇයට දැණුනු නොසාදෝ…. කියා සිතෙන්නේය.

ඇය හට මේ ආදරය දිනීමට හෝ … ඔහුව … තමන් සතු කරගැනීමට හැකිවේදැයි කියා….. සැක පහල වූ නිසාත් සිය පියාගේ…. “බලවන්ත” බව සහ ඇයට අමිහිරි වූ මංගල යෝජනාවේ තරුණයාවද …. මතක් වී ඇයගේ…. හෘදය කඩා වැටුණු නිසාත්….. ඇයට “රංජිත්”ගේ…. ලයෙහි හිස තබා…. හඬාවැටෙන්නට තරම් ඇයගේ…. “හදවත”රිඳුම් දෙන්නේය.

“ස්වර්ණා” මේවෙලෙහි මෙසේ…. සිතමින්”-

“අනේ…… මගේ අම්මා.. වත් මේ….වෙලාවේ…. මගේ ලඟ හිටියනම්”

ඇය දුර්වල සේ….. අන් අය සිතුවද…. ඇය බොහෝ ශක්තිවන්තියකි,

මේ….. මොහොතේ… ඇයගේ… තදබල හදෙහි නැගෙනා…වේදනාවද ලයෙහි සඟවා ….ගෙන , ඇය “රංජිත්” හට මෙසේ…. පිළිතුරු දුන්නාය.

“ඔයා…. උත්සාහා කරලා…. බලන්න ….බබා…” මට මේ….කිසි දෙයක් තෙරෙන්නේ නැහැ….. ඔයා… තමයි මගේ…. හැම ප්‍රශ්ණයකටම උත්තරේ…..”

මේ….. ඇයගේ….. මුවින් නැගුණ වදන් ද…… “රංජිත්” ගේ ලයද පසාරු කරගෙන යන්නටත් විය. “සිය”… හෑන් බෑගය විවෘත කල ඇය “යමක්” ගෙන “රංජිත්” අත තැබුවාය.

“බබා…. ඔයා…. මේක අරං….. ගිහින් මාවත් මතක් කරගෙනම කන්න”

“රංජිත්”-

“ම්ම්ම්ම්ම්ම්ම්ම්…… චොකලට් එකක් නේ…ද ?? , “මොකක්ද….. මේ…. විශේෂත්වේ”… කියා ඇය දෙස “හොරඇසින් මෙන්” බැලුවේය.

“ස්වර්ණා”-

“අනේ…. එහෙම එකක් නැහැ බබා…. ඔයා අද නිදා… ගන්න කලින් අනිවාර්යයෙන්ම මේක කාලා….. රෑට දත් මදින්න ඕනා හොඳේ….. පැණිරස කාලා….. හොඳ නැහැ දත් බ්‍රෂ් නොකර නිදාගන්න”…

“රංජිත්” හට බොහෝ සිනහාය. විටෙක ඇයගේ…. ආදරය “මවක්” ගෙන් මෙනි” “මේ….වගේ…. “ආදරයක්” කවදාවත් නැති කරගන්නේ… නැහැ මම ” කියා…. ඔහු සිතන්නට ද විය.

“ස්වර්ණා”-

“බබා… දැන්නම් මට යන්නම වෙනවා….. මගේ…..බෑග් එකත් ගන්න ඕනේ….. රැක් එකෙන්…. “සුනීත්” බලාගෙන ඇති”

“රංජිත්”-

“හරි යං මමත් ඔයාට “හෙල්ප්”කරන්නම්”……

නිමේෂයකි ගතවූයේ….. “කිතල් ඇල්ල” දුම්රිය පලට දුම්රිය ලඟා…විය.

වහාම “ස්වර්ණා” “රංජිත්” ව වැලඳ ගෙන ඔහුට සමුදෙන්නටත් මුහුගේ….. දෑස් දෙස ශෝකයෙන් බලා සිටින්නටත් වුවාය.

ඉන්පසුව “සුනීතා” සමග දුම්රියෙන් බැසගත්ත ද ඇයගේ…. නෙත් වූයේ….”රංජිත්” දෙසටමය.

ඇයව සහ.. ඇයගේ “යෙහෙලිය ව ද රැගෙන යෑමට මෙහි පැමිණ සිටී….. “ස්වර්ණා” … ගේ … පියා හට….. , මේ…. මොහොතේ….. වන මේ…. සිදුවීම දැක සිය සැක පහල වූ…… සිතත් සමග.. “දුමිරියේ”.. කවුළුව තුලින් දුටු “රංජිත්” දෙස නුරුස්සනා බැල්මක් හෙලන්නට විය.

ඇයගේ…. පියාට ප්‍රසන්නවූ ලෙස සිනහාවක් පෑවද ….එයට පිළිතුරු ලෙසින් ප්‍රතිසිනාහාව ඔහුගෙන් නොවීය. මිනිසුන් ගේ…. හදවතේ…. මැවෙනා…. හැඟීම් … මූහුණේ… මැවෙනා…. ඉරියව් තුලින් හොඳහැටි හඳුනනා…… “රංජිත්” හට …. ඉන්පසුව මෙලෙස විත්ත රූපයන් සහ ඇයගේ…. පියා සිතනා ආකාර්‍යට හැඟීම් ජ්නිත වන්නට වුනි.

ඔවුන් දෙදෙනාටම ඔවුනොවුන් ගෙන් සමුගැනීමට හිතක් නැත. එනමුත් “ස්වල්ප මොහොතකින් දුම්රිය නැවත “බදුල්ල” බලා ගමන් ඇරඹීය. “දුම්රිය නොපෙනී යන තුරා….. ඇය ශෝකී ලෙස බලා…උන්නාය.

“කිතල් ඇල්ල” සිට මීලඟට “දුම්රිය” සම්ප්‍රාප්ත වන්නේ…. “ඇල්ල” දුම්රිය ස්ථානයටයි.

ඒ…. අතරතුර , “රංජිත්” බරකල්පනාවකට මෙලෙස වැටෙමින්….

“මොක්ක්ද එ…… වුනේ…. , “ස්වර්ණාගේ”……. ඩැඩී… වෙන්න ඕනා….. මම හිනාවුනත් …… මාත් එක්ක හිනා…. නොවුන කෙනා” …

මට පේන්නේ…… ලොකු සල්ලිකාර හයික්ලාස් ෆැමිලි එකක එක්කෙනෙක් වගේ… “ස්වර්ණා” , එයාගේ….තියෙන හම්බල් ඇටිටියුඩ්ස් නිසා වෙන්න ඇති එයාගේ….. ෆැමිලි බෑක්ග්රවුන්ඩ් එක ගැන මට මුකුත්ම නොකිව්වේ… ??” එයාගේ…… “අම්මා”වගේ වෙන්න ඇති එහෙනම් එයාගේ….. “ගතිගුණ” … එයාගේ…. අම්මාත් එයා වගේම “ගොඩක් ලස්සන ඇති” එහෙනම්,

මට නම් “ස්වර්ණාව” ලබා ගන්න එක හිතන තරම් ලේසි වෙන එකක් නැහැ එහෙනම් “අනික අපි වගේ….. “දුප්පත්” මියුසික් කාරයන්ට කවද්ද මේ…. රටේ… ගෑණු ළමයි දුන්නේ ???. ,

කවද්ද… අපි වෙනුවෙන් කථා…. කලේ….. හැමදාම අපෙන් විනෝදයක් ගන්න වෙලාවට විතරයි ගොඩක් අයට අපිව මතක් උනේ… ,

පාර්ටි එකකට ඉන්වයිට් කලත්…. අන්තීමේට සැකේට ඇහැවේ…. ගොඩක් අය….. “මචං” උඹ “ගිටාර්” එක එහෙනම් අරන් එනවා…නේද කියාලා…. “නේ” , සින්දුවක් කියන එක අපිට ප්‍රශ්නයක් නෙමේ…. අපි ඉන්නේ…. මිනිස්සු සතුටු කරන්න තමා……

ඒත්….. ඒක පාර්ටි එකකවත් ….. එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න අපිට “හුස්ම”ටිකක් ගන්න ඉඩ දුන්නාද”??

දෙදිනකට පසු , ….. ………. ………

ඔවුන් සියළු දෙනම….. උදෑසන අටට පමණ රංජිත් ගේ නිවස වෙත රැස්වූහ . “ඩොරීන් අබේවර්ධන” බටහිර ක්ලැසිකල් ගිටාර් වාදකයා සමග බේස් ගිටාර් වාදකයා වන “ඩයස්” සහ ඩ්රම්ස් වාදන ශිල්පී “නිරේෂ්” ද පැමිණුනේය .

“ඩොරීන් අබේවර්ධන” ඔවුන් ගේ නිවසේ….. දොරට තට්ටුකරමින්…..

“ලලිත්” –

“නංගී බලන්න ….කව්ද දොරට තට්ටු කරන්නේ කියලා”….

බෑන්ඩ් එකේ….. යාළුවෝ…. ද කියලා…. බලන්න” … කාමරයේ සිට “ලලිත්” සිය කමිසය හඳිනා අතරතුර පැවසීය.

“රෝහිණී” –

“හරි අයියා….. මං බලන්නම්”

ඇය ආලින්දයේ දොර විවුර්ථ කරණා අතරතුරදී …..

“ආ…. මේ …”අභේ” අයියලා… නේ… , ගුඩ් මෝර්නිං අයියා…..

කට්ටියම ඇවිත් වඩිවෙන්න…… එහෙනම්.”

ඔවුන් සියළුම දෙන “රංජිත්” ගේ….. නිවසෙහි ඈඳී ගනිමින්…. ,

විගස ලක ලැහැස්ති වු….. “ලලිත්” වහා ආලින්දයට පැමිණ ඔවුන්ව පිලිගනිමින්.

“ලලිත්”-

” හෙලෝ….. මචාන්ස්….. ගුඩ් මෝර්නිං ටු…. එව්රි බොඩි..” කියමින් අතට අත දී ඔවුන් සෑම දෙනම පිලිගනිමින් ,

හව්ඩිඩ් යූ ඕල් කේම් හියර්…….???

“නිරේෂ්”- අපි ඔක්කොම කලම්බු සිටි සෙන්ටර් එකෙන් ට්‍රෑම් කාර් එකකට නැගලා….. පෙටා බස් ස්ටේෂන් එකට ඇවිත්…… ගොට් ඉන් ටු දර් “මොරටුව” බස් “ලලී”….

“අබේ”-

“ඒකනෙමේ….. “ලලිත්” වියාර් ගෙටිං ඩිලේ…. වෙයාර් ඊස් “රංජිත්” ???

“ලලිත්”

“මිනිහා ඊයේ…..”ඇල්ලේ” ඉඳන් ගෙදර ආවේ…… රෑ….. ජාමේ….. ට්‍රැවල් කරලා….. මහන්සියට මෑන්ට ටිකක් නින්ද ගියා….. , වොෂ් රූම් එකෙන් දැන් ටිකකට කලින් තමා…..එලියට ආවේ…. මෑන්ස් ට මං ඉක්මන්ටම එන්න කියලා…. එන්නම් එහෙනම්”….

“අබේ”-

“ඕ…..අයි සී….. “ලලිත්” ප්ලීස් ලෙට් හිම් නෝර් ටු බ්‍රින්ග් හිස් … නයිලෝන්ග් ස්ට්‍රිං “ගිටාර්” ඕල්සෝ….” අද මිස්ටර්…. වික්‍රමසූරියට සෝන්ග් එක “ඉම්ප්‍රෙස්”උනොත් කෙලින්ම සෝන්ග් එකේ…. රෙකෝඩිං එක ගන්නවා කිව්වා…. “මචං”

“ලලිත්”-

“ෂුවර්”…. අයිවිල්…. ටෙල් හිම්…… ,

“මල්ලී”….. දර් ගයිස් ආර් ඕල්‍රෙරෙඩි අරයිව්ඩ් …… දෙයාර් වෙයිටිං ෆොර් අස්….. හරි අප්….. ”

“රංජිත්”-

“ඕකෙ….. අයියා….. ප්ලීස් ටෙල් දෙම් අයි විල් කම් සූන්….. ගිව් මී අර් නදර් ෆයිව් මිනිට්ස්….”

“ලලිත්”-

“රයිට් “ඕ”….., ආ…. මල්ලී…. “අබේ”….. ආස්ක්ඩ් යූ…. ටු බ්රිං යුවර්ස් ගිටාර් ඕලසෝ…. අන්න අද සෝන්ග් එක හොඳ නම් මිස්ටර් වික්‍රමසූරිය අපේ බෑන්ඩ් එකේ….. රෙකොඩිං එකත් ගන්නවයි කියලා …”

“රංජිත්”-

“ආර්…. රියලී ???” ඕකේ දෙන්…..”

“ලලිත්”-

“රෝහිණී”.. කෝ… මේ…. “මැක්ස්වල්” අයියා රෙඩී…. නැද්ද තාම…..???

වියාර් ගෙටිං ඩිලේ…..”

“මැක්ස්වල්”-

“මම රෙඩී…. බං.. මේ එනවා මම”

“ලලිත්”….. කෝ මගේ….. හවායින් “ගිටාර්”එක ??

“ලලිත්”

“ගිටාර් එක ටැක්සි එකේ….. පැක්ඩ් කලා අයියා….”

“මැක්ස්වල්”- ආලින්දයේ මිතුරන් දැක”

“අම්මේ….. උඹලා…. ආවද ???

“සියල්ලෝම” ඔහු දැක හාස්‍ය පිරි මුවෙන්.

“හා….. හා…. “මැක්ස්වල්” අයියා….. ගුඩ් මොර්නිං”

“මැක්ස්වල්”-

“ගුඩ් මොර්නිං ගයිස්” …. මේ…. ඒකනෙමේ….. මං කිරිගහට ඇන්නා වගේ ටක්කෙටම කියන්නම්….. අපේ…..උන් තුන්දෙනායි….. උඹලායි අද මිස්ටර් වික්‍රමසූරියා ගෙන් දොස් අහනවා…. බලපල්ලා…..”

“සියල්ලෝම”- මවිතයෙන් බලා… ,

” ඒ…..ඇයි මැක්ස්වල් අයියා….??? ”

“මැක්ස්වල්”-

“අයියෝ……උඹලාට ඕකවත් තේරෙන්නේ… නැද්ද”

“ඇයි බං, මේ…… අපේ…..උං දෙන්නාට පිස්සු බං…. ඔය “ස්පැනිෂ්” ස්ටයිල් එකේ….. සිංදු “ලංකාවට” හරියන්නේ…… නැහැ බං”

දැං යන ට්‍රෙන්ඩ් එක බයිලානෙ…..මචං”

“අබේ”-

“එහෙමම කියන්න එපා “මැක්ස්වල්” අයියා….. “ලංකාවේ” හැම පැත්තෙම ටේස්ට් එක තියෙන “ෆෑන්ස්” ලාත් ඉන්නවා…… නේ”

“නිරේෂ්”-

“ඉතිං….එහෙම නම් අද අපිත් එක්ක.. “මැක්ස්වල්” අයියාටත් බැනුම් අහන්න වෙනවා…නේ” කියමින් හා.. හා… හා…. කියමින් හාස්‍ය නැගුවේය.

“මැක්ස්වල්”

“පිස්සු ද බං මං මුන්ට කලිං ගිහිං…. “මිස්ටර් වික්‍රමසූරියා ව” හොරෙන් මීට් වෙලා ….. ඇහැවා… , මට තනි ආර්ටිස් කෙනෙක් විදියට යන්න ආසයි කියලා” ඔහු මහ හඬින් සිනා සෙමින් කීවේය.

“නිරේෂ්”-

” ඒ……කියන්නේ….එහෙනම් “මැක්ස්වල්” අයියා….. “ජුදාස්” උනා…. නේද….. හා …..හා… හා….. කියමින් “මැක්ස්වල්” ඇතුළු ඔවුන් මහ හඬින් සිනාසුනේය.

නමුත් මෙයට “අබේ” හට සිනහා ගියේ…..නැත. ඔහු මෙයට නොරිස්සුම් සහගතව බලා…. උන්නේය . කිමද ඔහු “මැක්ස්වල්” ට වඩා….. “රංජිත්” ගේද…… “ලලිත්” ගේද ගායනයට ප්‍රියකල බැවිනි.

“මැක්ස්වල්”-

” පිස්සු ද බං… මම එහෙම මගේ මල්ලිලා ව පාවා දෙනවාද බං” බට් ගයිස් මට මේ…. ස්පැනිෂ් ස්ටයිල්ස් …. ඔය යූඩ්ලින් ….. හාර්මනී ස්ටයිල්ස් මැච් වෙන්නේ …..නැහැ..බං , මගේ ඇඟේ… තියෙන්නේ….. වෙන ස්ටයිල් එකක්….. මට හරියන්නේම බයිලා… සෝන්ග්ස් මචන්ස්ලා”

“සෝ….. අයි ඩිසයිඩඩි ටු….. ලිව් ෆ්‍රොම් “ද මෙන්ඩිස් ෆෝසම්” සූන් ඇන්ඩ් ගෝ….ඔන් මයි වේ ”

එවිටම බේස් ගිටාර් වාදන ශිල්පී “ඩයස්”-

” අනේ…… එහෙම කරන්න එපා… “මැක්ස්වල්”අයියා… ප්ලීස් ස්ටේ….විත් “දර් මෙන්ඩිස් ෆෝසම්” ඔය හතර දෙනාම එකට ඉඳැද්දී.. තමා බෑන්ඩ් එකේ… ස්පිරිට් එක තියෙන්නේ….. , ප්ලීස් ඩූ..නොට් බ්‍රේක් ඉට්”

“මැක්ස්වල්”

“ලෙට් සී….. ලෙට් සී…… කීප් යුවර්ස් මවුත් ෂට්…. අන්න අපේ උන් තුන්දෙනා එනවා…”

“අබේ.., නිරේෂ් . සහ ඩයස් තුන්දෙනම”

හෙලෝ….. මචං “රංජිත්”…… කොහොමද අප්කන්ට්‍රි ට්‍රේන් ජර්නි එක අද කොල්ලා වෙරි හැන්ඩ්සම් මොකක්ද මේ.. රහස….. ”

“නිරේෂ්”-

“ට්‍රේන් එකේ…. ගෑණු පරාණයක් වත් හම්ඹවුනාද ???” ම්….ම්..ආ….හා…

“රංජිත්”-

“මේ….. මේ….. උඹලාටත් මාරම ඕප දූප…… යං … යං ….. යං “සූරිය විලේජ් ” එකට යන්න “ටැක්සි” එකට නැගපල්ලා….”

“මව”-

“ඉන්න ඉන්න සුබ දේකට යද්දී ඔහොම යනවාද….. ප්‍රෙයාර්ස් කියලාම මේ මල් දාපු වතුර කලේ දිහා බලාගෙන යන්න”

“නිරේෂ්” කට කැඩිච්ච කථා කීමට දක්ෂයෙකි. ඔහු එයට ,

“ඇයි ආන්ටි අද උදේ….. “රංජියා” බිග් ගර්ල් කෙනෙක් වත් උනාද ???

සියල්ලො…ම මහ හඬින් එයට සිනාසෙමින්…..

“මව”-

“කට කට කට” ප්‍රෙයාර්ස් කියලා….. යනවලා…”

“දෙවියන්”අයැද ඔවුන් සියළු දෙනම මව ද සිප වැලඳ ඉන්පසු නවතා තිබූ වෑන් රථයට ගොඩවැදුණු පසු “මොරටුවෙහි” සිට “බම්බලපිටිය” බලා පිටත් වෙන්නට යත්ම ….” වහාම

“මව”

“මැක්ස්වල් , ලලිත් , රංජිත් ” නංගිව පරිස්සමින් බලා ගන්න හොඳද”

ගුඩ් ලක් ඇන්ඩ් ඕල් ද බෙස්ට් ටු ඕල් ඔෆ් යූ !!!” කියා පැවසුවාය.

“රයිට් මම්මා…….ඩෙෆිනීට්ලි….. වී මේයි බ්‍රින්ග් යූ…. අර් ගුඩ් නිව්ස් , බයි බායි…..!!! කියා …… “ලලිත්” පැවසුවේය.

වෑන් රථය පණගන්වන්නට වුනි. එය ඔවුන් රැගෙන ගමන් ආරම්භ කලේය. වෑන් රථය නොපෙනී ….යනතුරා…. ඔවුන්ගේ….. මව බලාසිටියේය.

“මොරටුව” සිට “ගාලු” පාරට හැරවූ වෑන් රථය “කොළඹ” දෙසට ධාවනය කරන්නට විය. “සූරිය ගම්මානය” පිහිටා තිබුනේ “බම්බලපිටිය” නම්වූ ප්‍රෙදේශයේ නිසා…..ඔවුනට වැඩි වේලාවක් ගතවීමට පෙර “මොරටුවේ” සිට මෙහි පැමිණීමට හැකි විය.

නොබෝ…..වේලාවකින්…. වෑන් රථය “සුරිය ගම්මානයේ” ප්‍රධාන දොරටුවට මුහුණ ලා… තිබූ… ගේට්ටුවෙන් ඇතුල් වුනා පමණි. දැක පුරුදු මුහුණක් නිසා …. ඉදිරිපස අසුනේම…..වඩීවී උන් “ලලිත්” රියදුරු තැනට වහාම…..

“ස්ටොප්”…”ස්ටොප්”….. “ස්ටොප්” ද වෙහිකල්…. “කියා ක්ෂණිකව කීවේය.

වෑන් රථය වහා නැවැත්විණ. “ලලිත්” මේ …. දකින්නේ…

ඔබ මා බෙහෙවින් ආදරය කරණා…. සොඳුරුතම කලා.. කරුවෙකි ,

නැවතත් ,

“ලලිත්” හෙලෝ….. “ක්ලැරන්ස්” , හව් ආර් යූ මයි ෆ්රෙන්ඩ්…වයි ආර් යූ…..ඇට් අවුට් සයිඩ්” , කවුරුත් එනකම් ද ඉන්නේ….???

ඒ….නම් ශ්‍රීලංකාවේ “පොප් සංගීතයේ” පසුකාලීනව ඉතා ජනාදරයට පාත්‍ර වුන සහ සිංහල “පොප් සංගීතයේ රජු” ලෙස නම් දැරූ….ක්ලැරන්ස් විජේවර්ධනයන් ය.

“ක්ලැරන්ස් විජේවර්ධන”

” හෙලො…. “ලලිත්” අයි ඈම් ෆයින් තෑන්ක් යූ…., ඇන්ඩ් හව් ආර් යූ ???

“ලලිත්”

“අයි ඈම් ෆයින් ටූ……මයි ෆ්‍රෙන්ඩ් .

සෝ… වට් එල්ස්…..”

“ක්ලැරන්ස් විජේවර්ධනයන්”

“යර්ස් “ලලිත්” අයි ඈම් වෙයිටිං ෆොර් ….. “ඉන්ද්‍රාණි”…

“අද “ඉන්දි” ගෙ අම්මා වෙනුවෙන් සෝන්ග් එකක රෙකෝඩිං එකට “ඉන්ද්‍රාණි” ව රෙඩී කරන්න තියෙනවා …” සෝන්ග් ෆොර් හර් මදර්…. යූ…නෝ..??

“ලලිත්”-

“යර්ස් බ්‍රදර්….ඉට් ඊස් අර් සිම්පති… අයි නොර් ද ස්ටෝරි”

“ක්ලැරන්ස් විජේවර්ධනයන්” වෑන් රථයේ…..සිටි සියළුම දෙනා දෙස ද බලා….”

“හෙලෝ…. ගයිස්… , න්‍යිස් ටු සීයු ඕල්….. එහෙනම් “ලලිත්” අපි ස්ටූඩියෝ එකේදී හමුවෙමු.

“ලලිත්”

ඕකේ….. බ්‍රදර් එහෙනම් හමුවෙමු.

ඔවුන් ගිය පසු “ක්ලැරන්ස් විජේවර්ධනයන්” මොහොතකට තනි වීය. සිය සහෝදර ගායන ශිල්පිනිය වන “ඉන්ද්‍රාණි” ඔහු හට කියු….වදන් සිහියට නැගෙන්නට විය.

“ක්ලැරන්ස්” ඔයාට පුළුවන්ද මගේ “අම්ම”වෙනුවෙන් සිංදුවක් හදලා දෙන්න….. හැබැයි “අම්ම” ව මගේ මතකයේ නැහැ. මගේ “අම්මා” අන්තරා වෙද්දී මට අවුරුද්ද ක් වත් නැහැලු. පොඩි චායාවක් වගේ සිතුවිල්ලක් මගේ හිතේ යාන්තමට එනවා…. ඒ මොකක්ද කියලා….. හිතාගන්න බැහැ” , ඇය කියු වදන් “ක්ලැරන්ස් ව්ජේවර්ධනයන්”ගේ සිතට දැනී ඔහු “චිත්තවේගීව” ලඟම තිබූ බංකුවක් මත වාඩි වී….. කඩදාසියක් ද ගිටාරය බහාලන කවරයේ තිබූ සාක්කුවකින් සොයාගනිමින් , ඔහුගේ කමිසයේ….උඩුසාක්කුවෙහි තිබූ පෑන ද රැගෙන ඇඟිලි තුඩු මත තබමින් එම “බංකුවේ”…ම වාඩිගෙන මෙසේ ලියන්නට විය”

“ක්ලැරන්ස් ව්ජේවර්ධනයන්”-

“ඔහු සිතමින්”

“ඉන්දි …. කිව්… විදියට එයාගේ “අම්මව” මතකත් නෑ…. කිව්වනේ…. හැබැයි මතකෙට එද්දී…. “එයාට”දැනෙන නිසා එහෙනම් මෙහෙම ලියනවා…..” කියා සිතමින් ,

අම්මා ගීතයේ …. “ක්ලැරන්ස් විජේවර්ධනයන්” අතින් මුල් පද… පෑන් තුඩ කඩදාසි කොලය මත තබමින් මෙසේ… ලියවෙමින් ,

“මතකය ඇසුරෙන් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමී…”

මට පමණක් ඒ….. පින නැත්තේ……ඇයි නිරතුරු වැලපුනෙමී…

අම්මා…… අම්මා….. යැයි කීමට කෙනෙක් නොමැත සොයමී….

ඉන්පසුව “ඔහු”-

“ඉතුරු ටික කොහොමද ලියන්නේ….. “සෝන්ග්”එක “රයිම්”වෙන්නත් එපැයි …… ම්ම්…….. ම්…. ” හරි” “ඉන්දිට” මොකක්ද චායාවක් වගේ….. එකකින් “අම්මා” ගැන හිතත්දී…… දැනෙනවා ….. කිව්වනේ…… එහෙනම් මෙහෙම වචන ටික දාන එක හොඳයි ,

පැහැදිලි නැති එක චායාවක් ඇත ඒ….ඔබ බව දනිමී //

ක්ෂණිකව ඔහුගේ ගිටාරය ද ලඟ තිබූ නිසා කදිම තණුවක් ද මේ අගනා පද මාලාවට ම කැපෙන සේ… “එතුමන්”අතින් එකෙනෙහිම නිර්මාණය විය .

නොබෝ වේලාවකින් “ඉන්ද්‍රාණි පෙරේරා” නම් වූ සොඳුරු ගායිකාව ඔහු සොයා එදෙසට පැමිණ …. හෙලෝ “ක්ලැරන්ස්” ගොඩාක් වෙලා ද ඇවිදින්…. සමාවෙන්න ට්‍රැෆික් නිසා බ්ලොක් වුනා…

“ක්ලැරන්ස් ව්ජේවර්ධනයන්”-

“ඒකට කමක් නැහැ…. “ඉන්දි” බලන්න ඔයාට මේ සෝන්ග් එක හොඳයි ද කියලා”…… කියමින්,

ඔහු එය වාදනය කරමින් ඇයට එය ගායනා කර පෙන්වීය. ඔහු ගිටාරය සමග පද මාලාවේ මැදක් වන,

“ඔබ යන විට මා කැටුව යන්න නම් අමතක වෙන්න ඇතී”…. කොටස ගායනා කලා පමණි , එවිටම මහා “වරුසාවක්” එකවිට පොලවට ඇද හැලෙන්නාක් මෙන්… ඇයගේ….දෙනෙතින් රූ..රා… කඳුළු කඩා හැලෙන්නට ත් ඇය “ඉකිබිඳ” හඬන්නටත් විය. එය නැවැත්වීමට ඇයහට ද කිසිසේත්ම නොහැකි වූවාය. වහාම ඔහු “ගීතය”ගායනා කිරිම නවත්වන්නටත්….. ඇයව අස්වසා… සණසන්නටත් මහත් සේ…. උත්සාහයක් දැරීය. මෙය අග්‍ර ඝණයේ ගීතයක් වීමට මේ කාරණාවන් ද හෙතු වී…. “එතුමා” අතින් නිර්මාණය විය.

“ලලිත්” ඔහුගෙන් නික්ම ගිය පසු , ඔවුන් ගේ වෑන් රථය ප්‍රධාන දෙරටුව අසල නැවැත්විණි.

ඔවුන් සියළුම දෙන බැස පසුව සිය සංගීත භාන්ඩයන් සමග ම එහි ඇතුළු වන විට….. අසා පුරුදු හඬවල් කිහිපයක් ද ගීතයක් සමගින් ශ්‍රවණය වන්නට විය.

එය මෙසේය…..

“හෝ.. වැස්ස වහිනවා…. හෝ….. වැස්ස වහිනවා…” ඉනික්බිතිව ,

කඳුකරේ…. කඳුකරේ…. කඳුකරේ… පෙම් කතන්දරේ….

“ලලිත්”-

“ඕ…. මයි ගුඩ්නස් මේ…. අපේ …. “ධර්මරත්න බ්‍රදර්ස්” ලාගේ… වොයිසස් නේ….”

හනික ශබ්දාගාරයේ එක් දොරක් විවුර්ථ විය. හඬ එකවරම තවත් තීව්‍ර ලෙස ඇසෙන්නට විය .

ක්ෂණිකව මුහුණට මුහුණලා හමුවුන අය දැක ,

හෙලෝ….. “ලලිත්”

“ලලිත්”-

“හෙලෝ….. මේ….අපේ මෙල්රෝයි නේ……”

“වොයිස් “ඩබ්” කරණ ගමන් ද මේ…

ඔහු නමින් “මෙල්රෝයි ධර්මරත්න” විය. ඒකාන්තයෙන් ම එතුමා බොහෝ නිහතමානී ගතිගුණ වලින් හෙබි සොඳුරුතම කලාකරුවෙක් විය.

“ධර්මරත්න සහෝදරයෝ” හි ගීත සහ තණුනිර්මාණයන් බොහෝමයක් ම නිමවූයේ…. එතුමා… අතින්‍ය.

එකෙනෙහිම ශාලාවේ දෙර විවුර්ථ කරමින් අපූරු පුද්ගලයෙකු එතැනට කලාකරුවන් සියළු දෙනම හමුවීමට පැමිණුනේය. ඔහු අන් කවරෙකු නොව….. එවකට බොහෝමයක් ම කලාකරුවන්ගේ ගීත … ඊ.පී. සංයුක්ත තැටි ගතකොට ගීත නිෂ්පාදනයෙන් දායක වී ඉමහත් සේවයක් කල “සූරිය ලාංජනයේ”…. නිර්මාතෘ ද එහි අධිපතිත්වය ද.. දැරූ….. “ජෙර්ල්ඩ් වික්‍රමසූරිය” මහතායි.

(එතුමා)”-

“ජෙරල්ඩ් ව්ක්‍රමසුරිය”-

“හෙලෝ… මයි ඩියර් ලව්ලි ආර්ටිසට්….. යූ ඕල් ආර් වෝර්ම්ලි වෙල්කම් ටු ද “සූරිය විලේජ්” කියමින් ඔවුන් සියළු දෙනව ඉතා මිත්‍ර ශීලීව පිලිගන්නට විය.

ඉන්පසුව “එතුමා”….. කෙටි දේශනයක් මෙසේ පවත්වන්නට විය.

ප්ලීස් සීටඩ් එව්රි වන්. කියමින් කෙටි දේශණය මෙසේ… ආරම්භ කලේය.

“ඩියර් ඕල් ටුඩේ…. අයි ඉන්වයිටඩ් ටු ඕල් ඔෆ් යූ….. , බිකෝස් වියාර් ගොයිං ටු ලෝන්ච් අවර් “සූරිය ලේබල්” ප්‍රොඩක්ෂන්ස් ඉන් වෙරි නියර් ෆියුචර් …”

“ඇන්ඩ් ටුඩේ ඕල් ඔෆ් යුවර්ස් ….. ඇල්බම් කවර් ෆොටෝස් …. වියාර්… ගොයිං ටු ෂූට්….. බෙස්ට් ඔෆ් ලක් ෆොර් ද….. ඕල් මියුසීෂියන්ස් !!!

තෑන්ක් යු….. කියමින් ඔහුගේ…. කථාව නිමා…. කරන්නට විය.

එහි සිටි සියළුම කලාකරුවෝ….. මහත් අත්පොළසන් හඬක් නගන්නට විය.

ඉන්පසුව “සූරිය ලේබලයෙහි” නිර්මාතෘ ජෙරල්ඩ් වික්‍රමසූරියයන් පෞද්ගලීකව “රංජිත්” ලඟට පැමිණ….. හෙලෝ…. මිස්ටර් “මෙන්ඩිස්”

ප්ලීස් කම් විත් යුවර්ස් බෑන්ඩ් ටු ද ස්ටූඩියෝ ලෙට් අදර් ආර්ටිස්ට්….ෂූට් දෙයර්ස් බෑන්ඩ් ෆොටෝස්….

කියමින් ඔහු ශබ්දාගාරය වෙත යන්නට ගියේය.

“රංජිත්”-

“මචං “අබේ”…. ප්ලීස් බ්‍රින්ග් යුවර්ස් ගිටාර් ඇන්ඩ් මයි වන්ඩ් ඕල්සෝ…. ෆ්රොම් ද ටැක්සි… ඈස් සූන් ඈස් පොසිබල්….”

“මචං මං එහෙනම් “මිස්ටර් වික්‍රමසූරිය”එක්ක යන්නම් ස්ටූඩියෝ…. එකට ”

“ලලිත්”-

“හරි එහෙනම්….. “ඩයස්”ඇන්ඩ් “නිරා”…. වී ඕල්සෝ ගෝ ටුද ටැක්සි ඇන්ඩ් වී මේ බ්‍රින්ග් යුවර්ස් බේස් ගිටාර් ඇන්ඩ් දි අදර් ස්ටෆ්ස්.

එතකොට “රෝහිණී”…. මෙතෙන්ට වෙලාම ඉන්න අපි ඉක්මනින්ම එන්නම්….. අර අතන “ලාංකිකාත්”ඉන්නවනේ…… බයවෙන්න දෙයක් නැහැ ”

කියමින් ඔවුන් වහාම වෑන් රථය වෙත ගොස් …. , “සංගීත” භාන්ඩ සියල්ල රැගෙන ආවේය.

“නිරේෂ්”-

“ඩ්‍රම් සෙට් එකනම් ස්ටූඩියෝ එකේ…… කොහොමත් ඇතිනේ…”

කියමින් ඔවුන් “රෝහිණී” කැටුවද … ශබ්දාගාරය වෙත “සියල්ලෝම” ගියෝය.

ශබ්දා ගාරයේ….. දොර විවුර්ථ කරනා අතර තුර …. ඔවුනට දැකගන්නට හැකිවුනේ…. වාදනයට වෙන්කර තිබූ…. කොටසේ…

“ව්ක්‍රමසුරියයන්”ද එහි හිඳගෙන “රංජිත්” සමග සාකච්ඡාවක යෙදී සිටින අයුරුය.

ඔවුන් සියළු දෙනම ලක ලැහැස්ති වූ…. පසුව….

“ජෙරල්ඩ් වික්‍රමසූරිය”යන්”-

“ඕකේ…..ගයිස්….ආයු රෙඩී…. ටු … ප්ලේ ඇන්ඩ් ෂෝ…. මී…යුවර්ස් නිව් ක්‍රියේෂන් ….”

“රංජිත්” සමග “ලලිත්”….. යර්ස්… මිස්ටර් වික්‍රමසූරිය …

“ඕකේ….දෙන් ලෙස්ට් ඩූ…..ඉට්” කියමින් ඔහු මහත් වූ ඕනෑකමකින් එයට සවන් දෙමින්”

“අබේ”-

“ඕ…කේ…. දෙන් “නිරේෂ්” ප්ලීස් ගිව් අස් ද කවුන්ට්”

“ඩ්‍රම්ස් වාදක ශිල්පී”-

“ඕකේ” කියමින් , ඔහු සිය සංගීත භාන්ඩයේ වාදනයට ඇති….

ලී….. කෝටු කැබලි යුගල එකට ඝට්ටනය කොට …. “ටික්….ටික්” හඬ නගා….. වාදනය , සඟයන් සියල්ලෝම ආරම්භ කලේය.

“රංජිත්”-

“මෙසේ එය ගායනා කරන්නට විය ……”

“ගියත් පිට රට මගේ….මව් බිම නැතේ….මට අමතක වන්නේ….”

කියමින් …. යන අතර තුර …… “ජෙරල්ඩ් වික්‍රමසූරිය” වහාම…..නැගිට….. ප්ලීස් ස්ටොප්….. කියමින්…., එය නවත්වන ලෙස කියාසිටියේය.

එවිට….. “නිරේෂ්” සහ “ඩයස්” හොරෙන් එකිනෙකාට මෙසේ… මුමුණන්නට විය ,

“මචෝ ….මේ…පාරත් වැඩේ….. “කොට උඩ” වෙන්නද මන්දා.. යන්නේ”

“ජෙරල්ඩ් වික්‍රමසූරිය”-

( එවිටම.. ඔහු තරමක් උස් හඬින් ….. )

“ගයිස් අයි ඕල්රෙඩී… ටෝල්ඩ්.. යූ ටු බ්‍රින්ග් මී සම්තිං කැචී……අයි මීන් සම්තිං රියලි…. රොමෑන්ටික්” ,

“මේ….. වගේ….. දේශාභිමානී ගීත ගොඩාක් මා… ගාව තියෙනවා…..

අයි නීඩ් සම්තිං අන් කොමන්” කියා පැවසුවේය.

එකෙනෙහිම ….. “අබේ”-

“එහෙනම් “රංජිත්” ……. ඔයයි… “රාමනායකයි” එකතු වෙලා…… හදපු සින්දුව….. ප්ලේ කරමු….. එහෙනම්…”

“රංජිත්”-

“ඕකේ… දෙන් “ලෙට්ස්” ප්ලේ … ඉට්” , “නිරේෂ්” ප්ලීස් ගිව් මී… දර්, කිව්…. , ලෙස කියමින් ,

ඔවුන්ගේ “ඩ්රම්ස්” වාදකයාට පැවසුවේය .

නැවත වාරයක් “ඩ්රම්ස්” වාදකයා….. ඔහුගේ…”සංගීත” මෙවලමෙන් කාලය මැන සියල්ලන් ද සමග වාදනය ආරම්භ කර ගත් පසු…

“රංජිත්” ‍”රාමනායක” සමගින් පදමාලා ලියාගෙන “ආ” ගීතයේ ආරම්භක කොටස මෙලෙස ගායනය කරවීය.

“තෙරක් නොමැති මේ….. බඹර කැලගෙ ඒ… යොමුවුන ඒ…ගුමුවෙ නද…. සදාකාලිකයේ…. භුමුතුරුණු මත”

ලිහිල ඒ…… වන් ලපැලි තුරුණු ලතා…. මැද ,

හැකිද ලඳකට …. නොහිඳ ආලේ කරණට…..”

මෙසේ ගායනය කර ….. ඊලඟ කොටස ගයන්නට කලින්…..

“ජෙරල්ඩ් වික්‍රමසූරිය” යන් …..

ගේ මුහුණෙන්…. බොහෝ සෙයින් මෙම ගීතයට මහත් ලෙස “අමනාපයක්” දිස් වුයේය. “ඔහු වහාම” නැවත නැගටින්නටත්…. දෑත් ඉසිලීම… ආරම්භ කිරීමට පෙර.. “ඩ්රම්ස්” වාදන ශිල්පී…. වහාම සිය වාදනය නැවැත්විණි. එයට ප්‍රතිචාරයක් ලෙස….”බේස්” ගිටාර් ශිල්පියාද…. වහාම ඔහුගේ….. වාදනය නැවැත්විය.

මේ…සිදුවීමෙන් …… “මවිතයට” පත්වූ….. , සෙසු වාදකයෝ වහාම ඔවුන් දෙදෙනා දෙස බලන්නට විය ,

“එකෙනෙකිම ….”-

“ජෙරල්ඩ් වික්‍රමසූරිය”යන් ,

“ඕ…. මයි ගුඩ් නස් …. , මේක…. සමභාව්‍ය ඝණයේ…..” , ගීතයකට හොඳයි …. ,

ඔහු “රංජිත්” ලලිත් ” මැක්ස්වල් දෙස ද බලා…

“මොකක්ද අයිසේ….. මේ…..බර වචන දාලා…. ලව් සෝන්ග්ස් හදනවාද…. අනික මේ…. නොතේරෙන බර වචන දාලා….. ලව් රොමෑන්ස් ගැන කිව්වාම….. ගෑනු දුවනවා….”

හොඳ පැණි වචන ටිකක් දාලා හොඳ සිම්පල්…. ආදර සින්දුවක් හදනවා….ලකෝ ??? , ගෑණු ළමයින් පිස්සු වැටෙන්න.

ඔහු මෙසේ….. කියනා…. විට… , ගබ්දා….. ගාරයේ… දොර විගස විවුර්ථ කරමින් පැමිණියේ…. ඔහුගේ…. ආදරණීය … පුතණුවන් වන , උදේන වික්‍රමසූරියයි….. ඔහු ළමා වියේ….. එවකට පසුවීය.

“ඩැඩී…. මාම් ඊස් කෝලිං යු… ෆොර් අර් අර්ජන්ට් මැටර්…”

“ජෙරල්ඩ් වික්‍රමසූරිය”-

“ඕකේ….. ඩියර්…. ටෙල් හර් අයි මේ.. කම් සූන්” කියමින් ඔහු….

“ඕකේ…..ගයිස් දිස් විල් බී ද එවර් ලාස්‍ටිං ට්‍රයි ඔෆ් යුවර්ස් ෆොර් දිස් රීසන් …”

“අන්ටිල් අයි කම්….. ඉෆ් යු හෑව් සම්තිං එල්ස් ඇන්ඩ් ඉෆ් යු ප්‍රිෆර් …”

ඉට් වුඩ් බී දර් සූටර්බල් වන් ෆොර් මයි චොයිස් ”

ප්ලීස් ෂෝ…. ඉට් ෆොර්…. මී…. කියමින් …. , ඔහු ශබ්දාගාරයෙන් පිටතට යන්නට ගියේය.

මේ අතරේදී….. නැවත “රංජිත්” ඇතුළුව සඟයන් ගේ…… කතිකා වත ,

“අබේ”-

“ඕ…… වට් ද …හෙල්”???

“රංජිත්” මම කලිනුත් උඹට කිව්වානේ… මචං ඔය මහප්‍රාණ වචන දාලා හදලා….. මිස්ටර් වික්‍රමසූරියා …ට පෙන්නවලා…හරියන්නේ….. නෑ… කියලා ,

“දැං මොකද කරන්නේ…… කියමින් ඔහු කල්පනා …. කරන්නට විය”

“රංජිත්”

“අබේ…. මම උඹට එදත් කිව්වානේ….. මචං මට නම් දැන් මේක ඇතිවෙලා…. තියෙන්නේ…. , කොහොම මොනවා… කලත් මිස්ටර් වික්‍රමසූරියව…. සැටිස් ෆයිඩ් කරන්න බැහැ බං”

“ඔන්න ඔහේ….. අපි …. මේවා… ටිකත් අකුලගෙන… ආපිට යං”

මේ….සංවාදය අතර තුරදී…… “ලලිත්” ශබ්දා ගාරයේ…. දොර…. හරිමින් ….. මීටත් වඩා…. ඉතින් තව මොන සින්දු හදනවා ද , ෂිට් අපේ….. ඔක්කොම බලාපොරොත්තු ටික ඉවරයි කියමින් කණස්සල්ලක්ද ඇතිව ඔහු ඉන් ඉවතට යන්නට ගියේය.

ඔහුට අනුව…. පලමුව …. “රෝහිණී”….ද ඉන්පසුව….. “මැක්ස්වල්”ද … “නිරේෂ්” සමග “ඩයස්” ද ශබ්දාගාරයෙන් පිටතට යන ලදි. දැන් මෙහි සිටින්නේ….. “අබේ” සහ “රංජිත්” පමණි .

“අබෙයා….. ඔන්න ඔහේ…. තවත් , අපි …..මෙතන ජෝර්ක් එකක් නොවී….. යං මචං ගෙදර”…

“ඩෝරීන් අබේවර්ධන”-

“මචෝ…. “රංජියො” එහෙම උත්සාහය අතාරින්න එපා….. , බලවත් උත්සාහය කවදාහරි සාර්ථක වෙනවා… බ්‍රෝ….ඒක සිකුරුයි.”

“රංජිත්”-

“අබේ”….. උඹට ඒක හොඳටම විශ්වාසද….”

“අබේ”-

“ඔව් මචං ආයේ…… ඉර හඳ වාගේ…..”

“අනික මචං උඹ මෙච්චර කාලයක් මහන්සි උනේ…..ත් , මෙච්චර දුර ගියේත්….. මේ….දේටමනේ…. මිත්‍රයා ,

ඔහු නම් සැබෑම කළයාණ මිත්‍රයෙකි . “රංජිත්” මනසින් ද සිය උත්සාහයන් ද…. අතහැර දුර්වල වෙනා සහ තමන් ගැන අවතක්සේරුවකින් සිටිනා සෑම මොහොතකම ඔහුව දිරිගන්වා… මාවත කරා යොමුකරවන්නේ…. ඔහුගේ…මෙම කදිම මිතුරා වන “ඩෝරීන් අබේවර්ධනයන්” ය.

“රංජිත්”-

“ඉතිං “බං” මීටත් වඩා….. උඹ මට තවත් මොනවාද මේ…. වෙනුවෙන් කරන්න කියන්නේ….???”

කියමින් ….. ඔහු තම “හිස” මත දෙයත් තබා සිය දණහිසේ… ඔබා ගත්තේ…ය.

මොහොතකට බොහෝ නිහැඬියාවක් එලෙස ගතවිය. “රංජිත්” එසේ…. මහත් වූ….. ව්‍යාකූලත්වයකට පත්වී එසේ සිටිනා අතරතුර ,

ඔහුගේ….. සඟයා…. මෙයට මහත් ලෙස කල්පනාවෙහි යෙදෙන්නටත්…. කුමක් හෝ…. මාර්ගයක් පාදවා ගැනිමටත් බලවත් විශ්වාසකින් සහ උත්සාහයක ද නිරත වන්නට විය.

එලෙස ගතවූයේ…. නිමේෂයකි.

මෙය පුදුමයක් ද නැතොත් ප්‍රාතිහාර්යයක් ද කියා සිතෙන්නේය , කදිමය ඔහු කලින් පැවසූදෙය සැබෑවක්මය….. “රංජිත්” ගේ… මිතුරා හට කදිම අදහසක් ඒ.. මොහොතේ….. පහල වන්නේය.

“රංජි” අයි ගොට් අර් ෆයින් අයිඩියාර් මචන්”

“ඕ” රියලී….. වට් ඊස් දැට් ???” …. කියමින්

“රංජිත්” හිස ඔසවා බලාපොරොත්තු “සිඳීබිදී” ගිය අයෙකු මෙන් ඇසීය.

“අබේ”-

“රංජි”….. උඹට මතක නැද්ද…… උඹ එදා “ගම්පොල” ඉඳලා “ඇල්ල”ට යන්න ගියේ…. බස් එකේ….

“රංජිත්”-

“හරි…… ඉතින්” ???”

“අබේ”-

“ඉතින් මචන් එදා අපි දෙන්නා…. කථාකරමින් බස් ස්ටෑන්ඩ් එකට වෝක් එකක් දාගෙන ගියේත්….. මේ….. වැඩේ…. ට , කොහොමද හොඳ සෝන්ග් එකක් හදාගෙන අපේ…. බෑන්ඩ් එකේ…

මියුසික් ඇල්බම් එක “සූරිය ලේබල්” එකට දාගන්නේ… කියලානේ…???”

“රංජිත්”-

“හරි හරි “අබේ”….. තෙරුනා…. ඉතින් ???

“අබේ”-

“ඉතින් එදා….. උඹට “ඇල්ලට” යන බස් එක මිස්ඩ් වුනා”

“රංජිත්”-

“හරි හරි “බං”…. , තේරෙන දෙයක් කියපන් කෝ……. වැල් වටාරන්නේ…. නැතිව ???”

“අබේ”-

“මචන් එදා….. උඹට “ඇල්ලට” යන බස් එක මිස්ඩ් නොවුනා නම්..,

“උඹ ට්රේන් එකේ….. “ඇල්ලට” යන්නේත් …. නැහැ… , උඹ ඔය කියන “සුරංගනාවියක්” වගේ…. ලස්සන ඒ…. කෙල්ලව “උඹට” “ට්රේන්”එකේදී හම්ඹවෙන්නේ…ත් නැහැ…. හරි ,

“මචන් මං මේ…. කියන දේ….. හොඳට අහගනිං , උඹ එදා ගිහින්…. , “රමයා” එක්ක වචන ලියාගෙන හදන් ආපු සෝන්ග් එකත් දැන් මෙතෙනට සෙට් වුනේත්….. නැත්තේ…. ,

මචෝ….. ඒ….. ගෑනු ළමයා….. උඹට හම්ඹුනේ… අහම්බයකින් නෙමේ… , මේවා…. ඔක්කොම “යුනිවර්ස්”එකෙන් ආව වෙල් ප්ලෑනිංග්ස් !!!

“රංජිත්”-

“ඉතිං …..????”

“අබේ”-

“මචෝ…. “රංජි” යුවර්ස් ටයිම් හෑස් කම්” ඒ…. “ලස්සන ගෑණු”ළමයාව හමුවුන හැටි දාලා….. “උඩරට මැණිකේ”…. “ට්රේන්” ජර්නි එකත් දාලා…. “මචන්” රිලැක්ස්ඩ් එකේ….. ලියපන් සිම්පල් වචන ටිකක්”

“උඹ…. මේ….. වෙලාවේ….. තනි වෙලා…. ඉඳලා.. ඒ… ගැන හිතලා..

ලියපන් මචන්”

මමත් යන්නම් එලියට …. හෙමිහිට ලියලා ඉවරවෙලා…. මට පෙන්නාපන් මචන්”

“සෝ…. ගුඩ් ලක් ටු යූ….. මයි ෆ්රෙන්ඩ්” ….. කියමින් ඔහුගේ….

මෙම බොහෝ ….සමීප මිතුරාද මොහොතකට නික්ම ගියේය.

“එවිට “රංජිත්” සිතමින්…. මේ…. මොකක්ද…. මේ…. වෙන්නේ???” මට පුළුවන් “මෙලඩීස්” හදන්න විතරනේ ???” මට මේ… කිසිදෙයක් තේරෙන්නේ නැහැනේ”….. කියා සිතමින් ඔහු … ඔහේ….බලාසිටී අත බලාඉන්නට විය .

කිමඳ මෙතෙක් ඔහු අතින් කිසිඳු පද මාලාවක් මීට ඉහත දී ලියැවී නොමැති නිසාය.

සැණෙකින් ආලෝක ධාරාවක් පොලොවට පතිත වෙන්නා… සේ…. ඔහුගේ….. මතකය ආපස්සට දිවගියේය. “ඔහුට දැන් “උඩරට මැණිකේ දුම්රිය” ගමනද “ස්වර්ණා” පලමුව ඔහු දුටු මොහොතද…. චිත්‍ර රූපයන් සේ…. මනසෙහි… මැවී පෙනීමට ගැනෙයි .

වහාම කඩදාසියක් සමග පෑනක් ද රැගෙන ඔහු ඒ… මොහොතේ… සිදුවීම මේසා…. අකුරු කරන්නට විය.

“රංජිත්”-

” උඩරට කඳුකරයේ…….

ගමනක් යන කල ඒ…..

දුම්රිය “උඩරට මැණිකේ”….

“ස්වර්ණා”… හමුවුයේ……

“රංජිත්” අතින් එසේ….. ලියැවුනිද….. ඔහුගේ පද මාලාව ක්ෂණිකව ඇණහිටියේය.

නමුත් ….. ක්ෂණයකින් නැවත ඔහු දුටු …. ඒ….”අලංකාර කතගේ”…. “සුරංගනාවියකගේ” බඳු වූ…. ඇයගේ… සුන්දර සිනාහාව මැවී පෙණුනේය. ළඳකගේ…. දෙතොලට සමාන කරණා නා… ගසේ… දළු ද ව්‍යවහාර යේ…. ඇතත් , දෙතොල් පාට නොකල තිබුනද සැබවින්ම “ස්වර්ණාගේ” දෙතොල “නා ගසේ” …. දළු වල ඇති “ලා පැහැති රෝස”වර්ණය සේමය.

ඒ…. “සුමට දෙතොල” සිප ගැනීමකට මොහොතකට වන් , ඉතා ලංව එය දුටු සැටිත් එය නා දළු වර්ණයට සමාන වූ බවද ඔහුගේ නෙතඟේ…. නැවත මැවී පෙනීමට වන්නේය.

ශේෂ වු…. අන්තරා කොටස නැවත මෙසේ ලියැවිණ ,

“රංජිත්”

“නා…. දළූ…. තොල් අතරින්……”

සිනාහාව නැඟූවා………

ඇයගේ….. මුහූණේ…. ශ්‍රියාවෙන් …….

මෙමන් මත්…. වූවා …….

මෙම මුල් අන්තරා කොටස ලියැවීමෙන් “සතුට” ඉහවහා….. ගිය ඔහු සිය මිතුරා…. වන “අබේ”…. ව සොයා…. ශබ්දාගාරයේ දොරද විගස හරිමින් එලියට දිවගියේය. “සිය මිතුරාව දුටු ඔහු ලියූ “කඩදාසිය ද” ඔහු අත තබමින්…..

“රංජිත්”-

“අභේ… “අභේ” , “මචන්”අමුතු එකක් ලියැවුනා……” මීට කලින් “අබේ”….මගේ අතින් මෙහෙම දෙයක් ලියැවිලා නැහැනේ…… මචන්” ??? ,

ඔහු “රංජිත්” අතින් විගස ගෙන එය කියවමින්……..

“අබේ”-

“ඒකනේ…. මචන් මං උඹට කිව්වේ” ….. මචෝ….. මෙකනම් “පට්ටම” වචන ටිකක් හරිද….. “සුපර්බ් බං”…. කියමින් “රංජිත්” ගේ…. අතට අත දුන්නේය.

ඉන්පසුව ….. , “ලෙට්ස් ගෝ…. මචන් ඉක්මණටම මේකට මෙලඩියක් දාගම්මු !!!

ඔවුන් දෙදෙනාම නැවත ශබ්දා ගාරය තුලට ඇතුළු වී….

සිය “තංගුස් මාදිලියේ” ගිටාර් යුගලය ද අතැතිව….!!!

“අබේ”-

“රංජි” යූ….ෂුඩ් ස්ටාර්ට් විත් යුවර්ස් “ස්ටරමිං පැටර්න්ස්” ෆර්ස්ට්ලි ඕකේ ?”

දෙන් අයි විල් ජොයින් විත් යු…..රයිට් ???

“රංජිත්”-

“ෂුවර් බ්‍රදර් ම්‍යි ප්ලෙෂර්”

“ඉන්පසුව”, “රංජිත්” වනාහි තණුනිර්මාණයේ….. “මහත්”දක්ෂයෙකු වූ නිසා…. එම පදමාලාවට ම වඩාත්ම ගැලපෙන අලංකාර වූ තනුවක් ඔහු අතින් නිර්මාණය විය.

“රංජිත්” අතින් නිමවූ… තණුව සමගින් “ස්වර්ණා” ගීතය ගායනා කරණු දැක”

“අබේ”-

“ගුඩ් ජොබ් “රංජි” දිස් ඊස් අර් එක්සෙලෙන්ට් සෝන්ග්” කියා පවසමින් අත්පොළසන් දෙන්නටත් ….වහාම “ලලිත්” සොයා ශබ්දාගාරයෙන් ඔබ්බට යන්නටත් විය.

“ලලිත්” , “රෝහිණී” “මැක්ස්වල්” අයියා ඇන්ඩ් “නිරේෂ්” ප්ලීස් කම් ඉන් ඉමිඩියේට්ලි , කෝzස් “රංජිත්” කොම්පෝස්ඩ් සච් අර් වන්ඩර්ෆුල් සෝන්ග් , ඈස් සූන් ඈස් පොසිබල් වී මස්‍ට් මේක් ෂුවර් දිස් සෝන්ග් ….

බිෆොර් මිස්ටර් වික්‍රමසූරිය ප්‍රසන්ස් හියර්… දෙන් වී කුඩ් ශෝ දිස් සෝන්ග් ටු හිම් කන්ෆිඩන්ට් ලි …..

මෙසේ ඔවුන් දෙදෙන එක්ව වාදනයේ …. යෙදෙමින් ඉන්නා අතරතුර….

හදීසියේම එතැනට පැමිණියේ බෙස් ගිටාර් වාදක ශිල්පියාය….

“අබේ”-

“ඩයස්” ප්ලීස් ජොයින් විත් අස් ඔන් ඒ…. මේජර් .

ඔහුත් එකතු විය…. දැන් ගීතය සම්පූර්ණ වීමට ඇත්තේ…. ගායනය පමණි.

“රංජිත්”-

“ලලිත්” මෙකට …. කාවද අපි දාන්නේ…..

හාර්මනී එකක් කරන්න.

“ලලිත්”-

“රෝහිණී” ව දාලා…. බලමුද ?”

“රංජිත්”

“හරි…..ඒ..එක්කම “මැක්ස්වල්” අයියත් එක්ක “ලලිත්” දෙන්නාමත් සෙකන්ඩ්ස් කියලා බලන්න.

“මැක්ස්වල්”-

“මල්ලී මේකට සෙකන්ඩ්ස් හාර්මනී … වගේම මගේ ලෝ ….. රේන්ජ් එකේ …තියෙන හාර්මනී මුකුත් ටැලි වෙන්නේ…. නැහැ.

“ලලිත්”-

“අයියා….. එහෙනම් මං ඔක්ටේව් එකක් සිං කරලා බලන්නද “රංජිත්” ගේ…. මේන් වොයිස් එකට….”???

“ලලිත්” ඔහුට.. හිමි ඉහල ගායන පරාසයේ… ඇති හැකියාව ද භාවිතා කරමින් “රංජිත්” සමගින් එයට එක්වී ගායනා කරන්නට විය.

අනර්ඝය …. දැන් නම් ගීතය “ඩෝරීන් අබේවර්ධනයන්” ගේ… සුවිශේෂී…. “ගට්”ස්” ගිටාර් වාදනය ද සමග “රංජිත්” සහ “ලලිත්” ගේ… කදිම ගායන සුසංයෝගයෙන් ද පසුව “ස්වර්ණා” ගීතය කදිම ලෙසට ශ්‍රවණය වේ……

මේ…. මොහොතේ ක්ෂණයකින් ප්‍රවිශ්ඨ වෙන්නේ….

නැවතත් “ජෙරල්ඩ් වික්‍රමසූරියයන්” ය.

ඔහු ශබ්දාගාරයේ දොර අසලට වී….. මෙය අසා සිටී…..

නැවතත් ඔහුගේ…. ප්‍රවිශ්ඨ වීමත් සමගම …. ඔවුන් සියළුම දෙන වාදනය හා ගායනය නවත්වන්නට විය.

“ජෙරල්ඩ් ව්ක්‍රමසුරිය”-

“වයි ඩිඩ් යූ…. ස්ටොප් ??? , වට් වෝස්….යූ… වර් ප්ලෙයින්ග්???

( ඔබ කුමක්ද වාදනය කරමින් සිටියේ….. , ඇයි වාදනය කිරීම නැවැත්තුවේ ??? ) ,

“රංජිත්”-

“මිස්ටර් වික්‍රමසූරිය ඉට් වෝස් අවර් ෆයිනල්….. සෝන්ග්”

“වික්‍රමසූරිය මහතා…. එය අප සතුව ඇති අවසාන ගීතය”යි.

“වික්‍රමසූරිය”-

“වට්….. රියලි ???” , ඩූ…. ඉට් දෙන් … ඩූ…. ඉට් දෙන් කියමින්…,

ඔහු මහත් ඕනෑකමකින් වහා අසුනක් ගෙන වාඩිගත්තේ….ය.

නැවත….. වාරයක්… පසුකාලීන ව නම් ලැබූ… “ද මෙන්ඩිස් ෆෝසම්” සංගීත කණ්ඩායම …. එම මොහොතේ ….. ඔවුන්ගේ…. අවසාන තුරුම්පුව ගසන්නට විය.

නැවත වාරයක් එම ගීතය මින් මොහොතකට පෙර පුහුණුව ලැබ මේ… මොහොතේ… මැනවින් ගායනා කිරීමටද වාදනය කරන්නට විය.

මේ…. අතරතුර දී…… මෙය සාවදානව “අසා සිටී “වික්‍රමසූරියයන්” ගීතයේ අවසානයකට මොහොතකට කලින් “ඔහු” නොදැනුවත්වම අසුනෙන් නැගිටින්නටත්…… ඔහුගේ…. දෙනෙත් විශාල වන්නටත් වුනි… ,

මෙය දුටු එම “සඟයන්”දෙදෙනාම (“නිරේෂ්” සහ “ඩයස්” )නැවතත් … “මචෝ”….. ආයෙත් අපි ඉවරායි….. අපි ඉවරායි…. කියමින් රහසින් පවසාගන්නට විය.

“ඔහු….. “ඩල්සී”….. “ඩල්සී” … , කියමින් කෑ…. ගසමින් ඔහුගේ…. ආදරණීය බිරිඳ ටද අමතා…. විගස දිව යන්නට විය.

ඔවුන් සියල්ලෝම …..

” මොකක්ද බ්‍රෝ…… මේ…..වුනේ…???” කියා පටලැලි සහගතව සිතන්නට විය.

එවිටම කට කැඩීමේ කථා දක්ෂයෙකු වූ…. “නිරේෂ්”-

“දෙකක් ….. නෑ …. මචන් …. බලාපල්ලා…. දැන් “මිස්ටර් වික්‍රමසූරිය”

වයිෆ් එක්කම “කොස්ස” උස්සගෙන එන්න ගියේ….. අපිට ගහලා…. පන්නන්න….” කියා කීවේය.

එවිටම “අබේ”-

“නිරා…… මේ… පොඩ්ඩකට ඔය කට පොඩ්ඩ්ක් වහාගෙන ඉදපංකෝ…. බං , මේ…. වගේ…. වෙලාවකවත් ???”

“අබේ” නැවතත් ,

ඔහු සැමටම ඇසෙන සේ…… “හැබෑටම මොකක්ද මේ….. උනේ ???”

එසේ…. ඔවුන්ගේ…. කථිකාව අතරතුර ,

“ව්ක්‍රමසුරිය” යන් , ඔහුගේ….. බිරිඳ ව මුණ ගැසී”

“ඩල්සි” “ඩල්සී”…. “හනී”… ප්ලීස් කම් විත් මී….. කියමින් ඇයගේ….. අතින් ඇදගෙන….. වහාම ඇයවද කැටුව ශබ්දාගාරය වෙත යන මොහොතේ ….”

“ඩල්සි” මැතිණිය,

“ජෙරල්ඩ්”….. වට් ආර් යූ….. ඩුයිං…. අයි ඈම් කුකිං නව්” කාන්ට් “යූ”.. සී ???”

“වික්‍රමසූරිය”යන් ,

“යූ….. කැන් කුක් ඇට් එනි ටයිම් …., ඒ…. වගේද…. මම මේ…. ඔයාට පෙන්නන්න යන දේ….. ඇහුවොත්….. ඩෙෆිනීට්ලි යූ…මයිට් බී සර්ප්‍රයිස්”

එසේ….. කියමින්….. නැවත “ඇයත්” සමග ඔහු….. ශබ්දාගාරය තුලට පැමිණුනේය….

“ඩල්සි” මැතිණිය …. “රංජිත්” සමඟ අනෙක් සඟයන් ව ද දැක”

“හෙලෝ…..ගයිස්… න්‍යිස් ටු සී…යූ ඕල් අගේයින් … , ” කියමින් “රොහිණී” දෙසද බලා… කුළුපඟව සිනහා පෑවාය”

“වික්‍රමසූරිය”යන්-

“ගයිස්…. ප්ලේ ද සේම්….සෝන්ග් විච් අයි හර්ඩ් , මගේ වයිෆ් ටත් ඇහෙන්නත් එක්ක , ලෙට් හර් ලිසන්ට් ඉට්”

කණ්ඩායමේ සියල්ලොම මවිත වී….. එය නැවත වාරයක් වාදනය කල අවසන් වුවා පමණි.

“වික්‍රමසූරිය”යන් මාහා හඬක් ද නගමින් “ඩල්සි” මැතිණියත් ඔහුත් මහා අත්පොළසන් හඬක් දීමට විණි”

“එකෙනෙහිම “ඩල්සි” මැතිණිය”-

“වෙරි බියුටිෆුල් …. හූස් සෝන්ග් ඊස් දිස් ”

“වික්‍රමසුරිය”යන්

” දීස් වන්ස්…. දීස් වන්ස්…. “රංජිත්” ස් ඇන්ඩ් ගයිස්”

“ඩල්සි” මැතිණිය”-

” ඕ….මයි ගුඩ්නස්” ඊස් ඉට් ත්රූ… “රංජිත්” ???”

“රංජිත්”-

“යර්ස්….. මෑම්” ඉට් ඊස්” කියා පැවසුවේය.

ඇය එවිට බොහෝ තුටුව …. චියර්ස් ෆෝර්… “රංජිත්” ඇන්ඩ් ද ගයිස් කියමින් නැවත වාරයක් අත්පොලසන් දෙන්නට වූවාය.

“සියල්ලෝම”-

” තෑන්ක් යූ……. සෝ මච් මෑ….ම්” කියා පැවසුවේය.

සැබවින්ම “ඩල්සි” මැතිණිය ද …. එවකට … , කොළඹ සමාජයේ…. සිටි ධනවත් ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක් වූ ද …..ඇය බොහෝ… නිහතමානී වූ… සහ කලාවට ගරුකරණා… කලාකාමී අදහස් වලින් පිරුණ “ගැහැණියක්” වූ….. බවට “එතුමිය” ගැන ද දැනගන්නට, ලැබුනෙමි. තවද සිය නිෂ්පාදන අතුරින් ඇය වඩාත්ම ඇළුම් කරණා ගීතය “ස්වර්ණා” ගීතය බැව් දැනගන්නට ද ලැබුනෙමි. “දිවංගත” වික්‍රමසූරිය මහතා ගේ ආදරණීය බිරිඳ වන “ඩල්සි” වික්‍රමසූරිය මැතිණිය ගේ…. මේ අගය කිරීම “ස්වර්ණා” ගීතයේ.. ඇති රසාස්වාදයට මෙයින් දෙගුණ තෙගුණ කරවන්නේය.

ඉන් අනතුරුව ,

“නැවතත් “වික්‍රමසූරිය”යන් ,

“ගයිස් අයි ඈම් සෝ….. හැපි ටු….. ටෙල් යූ….. “දිස් සෝන්ග්” ඇන්ඩ් කලෙක්ෂන් ඔෆ් යුවර්ස් බෑන්ඩ්…. ගොයිං ටු…. ඉන්සර්ට් ඉන් හ්‍යි ඔනර් ෆොර් මයි සූරිය ප්‍රොඩක්ෂන්ස්” කියා ඔහු ඉතා…. සතුටු සිතින් කීවේය”

එවිට….. “රංජිත්” ගේ…. මිත්‍රයෝ…. සමග සහෝදරයෝ ද එක්ව ඔහුව උසුලාගෙන ඔහුව උඩ දමමින්…. “හිප් ඉප් හුරේ”….. “හිප් ඉප් හුරේ”…. , කියමින් මහා ප්‍රීති ගෝසා පැවැත්වූහ.

එයිනුත් පසු…. නැවත ,

“වික්‍රමසූරිය” යන්”-

“ෆයින් ….. ඕකේ….. ගයිස් එහෙනම් තවත් මොකටද කල් දාන්නේ….. හෙටම අපි “සරසවි” ස්ටූඩියෝ එකේ….. “ස්වර්ණා” සෝන්ග් එකේ… රෙකෝඩින්ග් එක කරමු.

එසේ කියමින් ඔහු “රංජිත්” දෙසට හැරී…. කන්ග්‍රැජුලේෂනස් “රංජිත්”

කියමින් ඔහුට සුභ පැතීය.

එහෙනම් අද බෑන්ඩ් එකේ….. මියුසික් ඇල්බම් එකට කවර්..ෆොටෝ එක ගන්න….. බෑන්ඩ් නේම් එකත් ඩිසයිඩ් කරලා…. මට ඉක්මනින්ම දැනුම් දෙන්න .

“හෝප් ටු මීට් යූ…… ආෆ්ටර් මයි මීටිං”…… කියමින් ඔහු යන්නට ගියේය.

ඉන්පසුව සියල්ලෝම විසිර යන්නටත්……. පසුදා…. උදෑසන් “සරසවි” ශබ්දාගාරයේ ඔවුන් “ස්වර්ණා” ගීතය ඇතුළුව ගීත හතරක් ඔවුන්ගේ…. “ද මෙන්ඩිස් ෆෝසම්” සංගීත කණ්ඩායම සඳහා… පටිගත කරණා…. ලදි.

“ස්වර්ණා” ගීතයේ…. මුල්ම පටිගත කිරීමට …. ගල් අඟුරු මගින් ධාවනය වන “දුම්රියක” හඬ අවශ්‍ය වුනිද වර්තමානයේ මෙන් තාක්ෂණය එකල දියුණු වී නොතිබූ … හෙයින් , ගිටාර් වාදන ඛණ්ඩයේ…. දී එයට මුසුවී ඇසෙනා… “දුම්රියේ” ශබ්දය … ඩ්‍රම්ස් වාදකයා…. “හයිහැට්” නම් වූ …. සංගීත ආම්පන්නයට මයික්‍රෆෝනයක් තබා….. එය පටිගත කරණා “තාක්ෂණික” නිලධාරියා විසින් දෝංකාරය කොට…. ගල් අඟුරු මගින් ධාවනය වන “උඩරට මැණිකේ දුම්රියෙහි” ගමන් කරණා ශබ්දය නිපඳවන ලදි.

පසුව මෙය ශ්‍රි ලංකා ගුවන් විදුලියේ…..එවකට සරල ගී…. තුලින් කණ්ඩායම් “සංගීතයේ” ගීතයන් අතරේ … ශ්‍රාවකයන් අතරේ… ඉමහත් ලෙස ජ්නාධරයට පාත්‍රවන ලදි.

ශ්‍රීලංකා ඉතිහාසයේ “සංගීතමය” වශයෙන් නිර්මාණය වූ හැත්තෑව දශකයේ ඉතිහාසයට රණ් අකුරින් ලියැවුනු ගීතයන් අතරට “ස්වර්ණා” ගීතයද එක්වන ලදි.

“මැක්ස්වල්” මෙන්ඩිස් මහතා…. 2001( දෙදාස් එක්) වන වසරේදී ,

“ලලිත්” මෙන්ඩිස් මහතා 2006 වන වසරේදී….

“රංජිත්” මෙන්ඩිස් මහතා 2010 වන වසරේදී….. ද දැයෙන් සමුගන්නා… ලදි.

“රෝහිණී” මෙන්ඩිස් මැතිණිය පමණක් තවමත් ජීවතුන් අතර සිටියි.

නමුත් ඔවුන්ගේ….. හඬ ….. “මෙන්ඩිස් ෆෝසම්” හි සදා..

“අමරණීය” වන්නේය.

කලාකරුවන් සැමටම එය පොදුවන අතර……

මෙය “සත්‍ය කථාවක්”ඇසුරෙන් ලියැවුනු… නවකථාවක් වන අතර… “ස්වර්ණා” ට සැබෑවටම කුමක් සිදුවුනිද කියා සිතීමට යමක් “ප්‍රිය පාඪක” ඔබට ඉතුරු කරමින් කථාංගයෙන් ඔබගෙන් මා…. සමුගෙන යන්නෙමි.

“සමාප්තයි”

~සටහන් පෙළගැස්ම‍~

Randeer Mendis

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

හෙළ ජන ගී සම්ප්‍රදාය සොයා ගිය ගී චාරිකාව

February 14, 2021 by shamilka
Prabath Rajasooriya

හෙළ ජන ගී සම්ප්‍රදාය සොයා ගිය ගී චාරිකාවක රසමුසුව  – 01

ගීතයකට සවන් යොමා පුරුදු ශ්‍රාවකයා නිතැතින්ම එහි සම්මත ආකෘතියක්‌ හඳුනාගනී

ඒ අනුව

01 ආරම්භක වාදනය
02 ස්‌ථායි කොටස
03 පළමු අන්තර් වාදනය
04 අන්තර කොටස
05 ස්‌ථායි කොටසේ පුනරුච්චාරණය
06 දෙවන අන්තර් වාදනය (පළමු වාදනය හා සමාන විය හැක)
07 දෙවන අන්තරා කොටස
08 ස්‌ථායි කොටසේ දෙවැනි පුනරුච්චාරණය
09 අවසන් වාදනය

ගීතයක රස මිහිර උද්දීපනය කරන්නට මේවා යේ විවිධත්වය වැයෙන නාදරටා සංකලනය කළ ඇති අයුරු යන මේවා හේතු විය හැකිය

මෙහිදී මින් වෙනස්‌ මගක්‌ ගනු ලැබුවේ සිංහල ගැමි ජනකවි හා ගායන පාඨ ඇසුරෙන් නිර්මාණය වූ ගායනාවන්ය

ඒ සඳහා කැපවුනු පළමු හා එකම රාජ්‍ය ආයතනය ගුවන් විදුලියයි ඒ 1970 වසරේදි එහි ප්‍රධානි නෙවිල් ජයවීරයන්ගේ මග පෙන්විමෙන් පිහිටවු සංගීත පර්යේෂණ අංශයයි

Neville Jayaweera

ඊට මුල්වී කටයුතු කරන්නට ඇවැසි දැනුමෙන් හා අත්දැකීමෙන් පරිපූර්ණත්වයට පත් සමතුන් එවකට එහි සේවය කරනු ලැබීය

ඒ අතරින් කියැවෙන ප්‍රමුඛතම නාමය වන්නේ

නැසිගිය සී ද එස්‌ කුලතිළක යන්න යි

ජන සංගීතයට ඇඵම් කළ එය ප්‍රවර්ධනය කළ දැවැන්තයා ඔහුය

C de S kulathilake

භාරතයේ විශ්ව භාරති සංගීත ආයතනයෙන් ලැබූ හින්දුස්‌ථානි සංගීතය පිළිබඳ විෂයානුබද්ධ දැනුමෙන් පරිපුර්ණව සිටියද ඔහුගේ ගත- සිත රැඳුනේ තම මව්බිමේ අනාදිමත් කාලයක්‌ සිට පැවතෙන ජන ගීතයේය

උක්‌ත විෂය සම්බන්ධයෙන් අත්කරගෙන තිබු ප්‍රමාණත්මක දැනුමෙන් ද අනුනව සිටි ඔහු ට ලැබුනු මහගු අවස්‌ථාව වුයේ තම ආයතනයට අළුතෙන් පත්ව ප්‍රධානියා වූ රිජ්වේ තිලකරත්නයන්ය

Ridgeway Thilakeratne

1974 වසරේ දී දෙදෙන ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රථිපලය වුයේ මුල්ම ගුවන් විදුලි ජන ගී දිර්ඝ ධාවන තැටිය එළි දැක්‌වීමයි ඒ ගුවන් විදුලි සංගීත පර්යේෂණ අංශය වෙතිනි

එවකට එහි පැවති හින්දුස්‌ථානි සංගීත ගුරුකුලයේ පැවැත්ම වෙනුවෙන් පෙනි සිටි කලහකරුවන් වෙතින් එල්ල වූ අභියෝගය ජයගන්නට තමා සමත් වූ බව කුලතිලකයන් විසින් පසුව සඳහන් කරන්නට යෙදිනි

ඔවුහු එකි ගී පටිගත කිරිම උදෙසා යොදාගනු ලැබුවේද දේශිය සංගීත භාන්ඩයන්ය

ඒ අනුව ගැට බෙරය / පහතරට බෙරය / තාලම් පොට / තම්මැට්‌ටම යන මේ වාද්‍ය භාන්ඩයන්ගේ හඩ මුසුවූ ගීත වෙන කවරදාකටත් වඩා වැඩියෙන් ගුවන් විදුලියෙන් ඇසෙමින් තිබිණි

එකී අංශයේ නිර්මාණ පෙළ සඳහා හඩ මුසු කරන්නට වරම් ලැබුවන් අතර

රෝහන බැද්දගේ / ටී එම් ජයරත්න / නීලා වික්‍රමසිංහ / නන්දා පතිරණ වැන්නවුන් ගේ නාමය ඉහළින්ම කියැවෙයි

Rohana Baddage
T.M.Jayaratne
Neela Wickramasinghe
Nanda Pathirana

එදා එකී පර්යේෂණ ගී අංශයෙන් කළඑළි බට එදා ගුවන සිසාර ඇසී අද දිනයේ සැගවී නොඇසි ගීය නිර්මාණයක රස මිහිර යළි විඳගන්නට ඇරයුමකි මේ

————————————
මේ නෙඵම් කවි ඇසුරු කරමින් එහි රසමිහිර මතු කරවාලන්නට දරනු ලැබූ උත්සහයකි


හිරු දෙවියන් වැඳ අවසර  ගත්තා
සඳ දෙවියන් වැඳ අවසර   ගත්තා
ඉටු දෙවියන් සැම සිහිකර  ගත්තා
ගොයම් කැපුමකට දෑකැති ගත්තා

මෙහි හඩ මුසුකරනු ලැබු ජ්‍යෙෂ්ඨ ශිල්පිණි නන්දා පතිරණ ගේ හෙළිදරවුවයි මේ

මේ ගීතය මට ලැබුනේ එදා මීට සංගිතය නිර්මාණය කරන්නට යෙදුනු නැසිගිය ප්‍රේමදාස අතුකෝරාළ සංගීතවේදියා හරහායි

ඒ අනුව එහි පදරචනය කොට ඇත්තේ කැළණියේ ඩබ්ලිව් විල්ෆ්‍රඩ් මහතා විසින්

එදා මෙහි වාදන සහයට පියදාස අතුකෝරාළ සංගීතවේදියා ද සම්බන්ධ වු බවට මතකයි බෙරය වාදනය කලේ එදා ගුවන් විදුලි වාදක මන්ඩලයේ ප්‍රවිණ බෙරවාදන ශිල්පී සන්දෝරිස්‌ ජයන්තයන් විසින්

කොහොම හරි මේ ගීතය පටිගත කරන සමයේ මගේ පසුව ඉතා ජනප්‍රිය වූ මල්වනේ රෝස කැකුඵ ගීතයට පෙරාතුවයි

මුලාශ්‍ර – හඩ සගරාව

විශේෂ ස්‌තුතියි – නන්දා පතිරණ මහත්මිය

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

මියුරස වෑහෙන සිංහල සිනමා ගීයේ විසිතුරු

January 24, 2021 by shamilka
Patrick Denipitiya, Prabath Rajasooriya

ඩඩ්ලි වානගුරු සිනමා නිර්මාණය සැගවුණු මැණික – 1967 අප්‍රේල් 07

මේ 1960 දශකයයි නොබෝදා භාරතයේ නිකුත් වූ නවතම හින්දි සිනමා පටයේ ගී තැටිය වාදනය කෙරෙමින් පවතී

ගායකයා එය උනන්දුවෙන් සවන් දෙයි

කොතරම් නම් සුන්දර ද ? මිහිරි ද ?

මීට සුදුසු සිංහල වදන් ඇමිණීම විශේෂඥයා කවුරුන්දැයි ඔහු දනී එහෙත් ස්‌වර ලිපිය ?

ඊට ද විශේෂඥයෙකු පෙනෙන ඉසව්වේම සිටියි ගායකයා ඔහු කැඳවාගෙන විත් එය සවන් දීමට සලස්‌වයි

ගීතය අඩංගු තැටිය ධාවනය වෙමින් පවතී
අප කථා නායකයාණෝ කඩදාසි කොළයක්‌ ගෙන වහා වහා එහි ස්‌වර මාළාව සටහන් කර ගන්නා අයුරු සෙස්‌සෝ අයාගත් මුවින් යුතුව බලා සිටිති

ගීතය ධාවනය වී අවසානය ස්‌වර ලිපිය ද සූදානම්ය ඉතිරි වැඩ කොටස එතරම් අසීරු නොවේ

කෙසඟ කුඩා සිරුරකින් හෙබියාවවුවත්  හෙළ ගීය වෙනුවෙන් දැවැන්ත කාර්ය භාරයක්‌ ඉටු කළ මේ අපූරු සංගීතවේදියා / වාදකයා / එතරම් ප්‍රකට නොවූ ගායකයා දැන් අප අතර නැතත් ඔහුගේ අමරණීය තනු නිර්මාණ පෙළ එදත් අදත් හෙටත් සුභාවිත සිංහල ගී ශ්‍රාවකයන් පිනවනු ලබයි

මේ දිගහැරෙන්නේ ඔහුගේ කථාවයි

වර්ෂ 1934 නිකිණි මස 11 වන දාතමින් කොළඹ නගරයේ කොටහේන ජන්ම ලාභය ලැබූ හෙතම පැට්‍රික් දෙණිපිටිය නමි විය

දුම්රිය ස්‌ථානාධිපතිවරයෙකු ලෙස කටයුතු කල පියාණන්ගේ රැකියාව නිසා ඔහු දිවයිනේ ප්‍රකට පාසල් ගණනාවක ශිෂ්‍ය දිවියකට හිමිකමි ලබන්නට සිදු විය

ශාන්ත තෝමස්‌ – මාතලේ / ශාන්ත මරියා  – නාවලපිටිය / ශාන්ත සෙබස්‌තියන් – මොරටුව / ශාන්ත ඇලොෂියස්‌ / ශාන්ත බෙනඩික්‌ට්‌ – කොටහේන ඒ පාසල්ය

නාවලපිටියේ දී හිරිමල් වියේ සිසුවකුව සිටි ඔහු  ශාන්ත මරියා දේවස්‌ථානයේ ගීතිකා කණ්‌ඩායමේ සමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලැබුවේ තමාට වඩා තරමක්‌ ජ්‍යෙෂ්ඨ සිසුවකු වූ ක්‍රිස්‌ටෝපර් ටියුඩර් ප්‍රනාන්දු සමගය (පසුව හෙළ ගීයේ ජයදද නැංවු සී ටී ප්‍රනාන්දු)

පසු කලෙක අගනුවර ආසන්නෙයේ  ජා ඇළ දිවි ගෙවූ ඔහුගේ ගායන- වාදන ශිල්පය ඔපමට්‌ටම් වූයේ බම්බලපිටියේ  සංගීත පාසලක්‌ පවත්වා ගෙන ගිය සුනිල් ශාන්තයන් ඇසුරේය

හෙළ හවුලේ ක්‍රියාකාරී සුනිලුන් තම ස්‌වරලිපි සඳහා මහප්‍රාණ ධ අක්‍ෂරය වෙනුවට සාමාන්‍ය ද යෙදීම පුරුද්දක්‌ කරගෙන තිබිනි පැට්‍රික්‌ තම ගුරුදේවාණන්ට උපහාර දැක්‌වුයේ මුඵ දිවිය පුරාම ඔහුගේ ඒ ක්‍රමය තමා විසින්ද අඛන්ඩව භාවිතා කිරීමෙනි

වැඩිදෙනෙකු අත නොරැඳුනු එතරම්ම ප්‍රකට නොවූ බටහිර ගීටාර් පවුල නියෝජනය කළ වාද්‍ය භාන්ඩයක්‌ වූ හවායන් ගිටාරය ට පෙමිබැඳි ඔහු තම නිර්මාණ සඳහා ද වෙනත් පටිගතකිරීම් උදෙසා ද නිරතුරු එය යොදාගනු ලැබීය

මේ අතරවාරයේ තම සිසුවාගේ නිසග හැකියාව මනාව අවබෝධ කරගනු ලැබූ සුනිලුන් තමන්ගේ ගුවන් විදුලි ගී නිර්මාණයන් හි වාද්‍ය ශිල්පියෙකු ලෙස ඔහුව සහභාගි කරවා ගනු ලැබීය (පහත නිදසුන් පරිශීලනය කරන්න)

තම ගුරුදේවාණන්ගේ අති සුමියුරු ගී නිර්මාණයන් හි අගය වටහ ගත් ඔහු මතු පරපුර උදෙසා ඒවා ආරක්‍ෂාකර තැබීමේ අදහසින් පසු කාලයකදී තමාම මැදිහත් වී බලවත් පෙරැත්තයකින් හා ආයචනයකින් පසුව ඒවා යළි පටිගත කරනු ලැබීය

C.T.Fernando
Sunil Shantha
Sunil Shantha

1957 වසරේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේද අනතුරුව කොළඹ ලේක්‌හවුස්‌ ආයතනයේ හා ලේක්‌ හවුස්‌ පොත්හලේ ද සේවය කල ඔහු ඒ අතරවාරයේ නිර්මාණකරයේ අඛන්ඩව  යෙදී සිටියේය

සිනමා සංගීත අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නට දොරටු විවෘත ව ඔහු විසින් ඒ කටයුත්ත අති සාර්ථකව සම්පූර්ණ කරනු ලැබුවේ අමරණීය මියුරු ගී තනු රැසක්‌ ඊට දායද කරවීමෙන ඉහත සඳහන් වන්නේ ඔහුගේ මංගල සිනමා සංගීත අධ්‍යක්‍ෂණයයි

මුල් යුගයේ දී නිරතුරු ඔහුගේ වාද්‍ය වෘන්දයේ සේවය කලවුන් අතර හෙළ ගී කලාවේ නමරැන්දුවෝ වූ එම් කේ රොක්‌සාමි හා ටී එෆ් ලතීෆ් ද විය

ලංකාවේ ප්‍රථම වරට ලන්ඩනයේ සංගීත ප්‍රසංගයකට සහභාගී විමට වරම් ලැබූ තම සගයා වූ සී ටී ප්‍රනාන්දු වෙනුවෙන් එහිගොස්‌ වාදනයෙන් සහභාගි වන්නට ඔහු අවස්‌ථාව උදාකර ගත්තේය

With CT Fernando in London 1967
With CT Fernando in London 1967

පසුව 70 දශකයේදී තමා විසින්ම පැට්‍රික් දෙණිපිටිය – කොම්බෝ නමින් වාද්‍ය වෘන්දයක්‌ බිහිරවාගත් ඔහු ඒ ඔස්‌සේ ප්‍රසංග වේදිකාව හැඩ ගැන්වීය

90 දශකයේ සිංහල සංගීතයේ අඳුරු යුගය එළඹෙන යාමයේ කැනඩාව ට සංක්‍රමණය වූ මේ සංවේදී සුන්දර සංගීතවේදියාණන් 1996 දී දැඩි ලෙස රෝගාතුර විය

21 සියවස එළැඹී 13 වන වසර ගතවෙද්දී මැදින් මස 23 දාතමින් තම ආදරණිය රසිකයාගෙන් ගව් සියගව් දහස්‌ ගණනක්‌ දුරින් සිට මේ උත්කෘෂ්ඨ නිර්මාණකරුවාණෝ අවසන් හුස්‌ම පොද වා තලයට මසුකළහ

Patrick Denipitiya Combo, 1987 Primus and Mahesh (sons) on Guitars, Susil Sirimanne Sax, Susil Perera Drums, Camereon Colombage Bass, Patrick on Electric Hawaiian Guitar and Peter Rosairo on Vocals
Patrick Denipitiya Combo, 1987 Primus and Mahesh (sons) on Guitars, Susil Sirimanne Sax, Susil Perera Drums, Camereon Colombage Bass, Patrick on Electric Hawaiian Guitar and Peter Rosairo on Vocals

——————පැට්‍රික් දෙණිපිටිය අමරණීය සිනමා ගී නිර්මාණ

සැගවුනු මැණික – ඩඩ්ලි වානගුරු

ඈත කඳුරැලි සිඹ සිඹ දැවිටිලා – (සී ඩී ෆොන්සේකා / සි ටී ප්‍රනාන්දු) / සාගර රැල්ල ගලා වෙරලෙම බැස යනවා / සුදු පිරුවට රෙද්දේ කවුරුදෝ මඩදිය පිරිමැද්දේ (බෙග්) / පිපිලා හද විලේ – (ධර්මදාස වල්පොළ – ලතා වල්පොළ)

සැණකෙලිය – හර්බට්‌ රංජිත් පීරිස්‌

රැයක්‌ උපද්දා හිරු ඈත්ව යන්නා (මිල්ටන් මල්ලවාරච්චි) / සමනළ රෑණක්‌ සේ (ඉන්ද්‍රාණි පෙරේරා – මිල්ටන් මල්ලවාරච්චි)පැට්රික්  දෙණිපිටිය – හවායන් ගිටාරයේ ශ්‍රී ලාංකික ලකුණ

ශෝකී හඩක්‌ නංවන මේ වාද්‍ය භාන්ඩය ගීයක සංවේදී බව තීව්‍ර කිරීම සඳහා විශේෂයෙන් යොදාගනු ලැබේ හැගුම්බර පදවැල් ඔස්‌සේ සන්නිවේදනය කරන අදහස තිව්‍ර කිරීම එයින් සිදුකෙරේ ඒ අනුව විරහ වේදනාව සංගීතයෙන් ප්‍රකාශ කිරිමේ මාධ්‍යයක්‌ ලෙස එය වඩාත් ප්‍රථිපලදායකය

ලෝහ කැබැල්ලකින් තත් හඩවන්නේ එය ආධාරකයක තිරස්‌ව රඳවා ගෙනය

නිදසුන් (මුල් පිටපත් අධ්‍යයනය කරන්න)

01 මා නිසා ඔබ නොපිරූ පෙරුම්  – (මිල්ටන් මල්ලවාරච්චි විරහ ගීය)

කෝ එදා ඔබ අත පැළැන්දුව මුදුව කෝ කොයිදෝ / මාලිගාවක රජ කෙනෙක්‌ වත් යනවද කැඳවා

02 ඈත රන් කැඵම් අතරින් (මිල්ටන්)


අන්තර් වාදනය හා අන්තරා කොටස්‌ අතරවාරයේ

යන මේ අවස්‌ථා
————————–

වෙළඳ තැටි හා ගුවන් විදුලි නිර්මාණ

උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ (ආර් එස්‌ ෆොන්සේකා-රසීනා යකීම්-ඇන්ජලීන් ද ලැනරෝල් ගුණතිලක) / පුඵන් වගේ සුදු රැවුල දිගයි (ආර් එස්‌-රසීනා-ඇන්ජලීන්) / හිතේ එකක්‌ තියා එකක්‌ කියන්නෙපා (ඇන්ජලීන්) / ඉගිලෙන්නට බැහැනේ තටු ඇවිදින් නැහැනේ (ඇන්ජලීන්) / ඉවුරු තලා ගංගා බැස යනවා (මිල්ටන්) / මා නිසා ඔබ (මිල්ටන්) / සයුරු තෙරේදී අවන් හලේදී (මිල්ටන්) / ඈත රන් කැඵම් අතරින් (මිල්ටන්) / උමයංගනියෝ සුර ලාලනියෝ (ජෝති) / අපරට සුරකින සුර රජිඳේ (ජෝති) / රුවන් අඹර සෙමෙර සලන වලා පෙළගැසේ (ලතා දිසානයක – ජයතිස්‌ස හෙට්‌ටිආරච්චි) / ශ්‍රිණි විභුෂිත ලංකා බැබලේ (ලතා වල්පොල) /
—————————-
(පරිශීලනය – ගුවන් විදුලි හඩ සගරාව වෙනුවෙන් සංගීතවේදී මෙල්රෝයි ධර්මරත්න ලියු ලිපියක්‌ ඇසුරෙනි)

ගීතය – සැගවුණු මැණික – 1967

පිපිලා හද විලේ (මුල් පිටපත)

අධ්‍යක්‍ෂණය- ඩඩ්ලි වානගුරු
පද රචනය – කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය – පැට්‍රික්‌ දෙණිපිටිය
ගායනය – ධර්මදාස වල්පොළ – ලතා වල්පොළ

යු තලයේ සිනමා දර්ශනය
————————

————————————-

උමයංගනියෝ සුරලාලනියෝ (මුල් පිටපත)


පද රචනය – කේ ඩී කේ ධර්මවර්ධන
තනුව හා සංගීතය – පැට්‍රික්‌ දෙණිපිටිය
ගායනය – එච් ආර් ජෝතිපාල

———————————–

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

නලලතේ රැඳි සිකුරා හිනැහෙයි

January 10, 2021 by shamilka
K D K Dharmawardena, Prabath Rajasooriya

සුන්දර කන්ද උඩරට දළදා සමිඳු වැඩසිටින ඉසව්වට පෙනෙන දුරින් දම්රදයේ සිට අකුරු කළ ඔහු ගේ නිති ඇසුර ඉන් මදක්‌ ඔබ්බෙන් වැව් ඉවුරේ මල්වතු මහ විහාරයේ මහා යතිවරුන් අතර විය

පාලි-සංස්‌කෘත ද්විභාෂා මනාව ප්‍රගුණ කළ ඔහුගේ සිත නැවතුනේ ගුවන් විදුලියේය
ඒ නොනිමි ආශාවෙන් මඩනා ලදින් පේරාදෙණිය සරසවියේ රැකියාවෙන් ඉවත්වූ ඔහුගේ මිලග නවාතැන ගුවන් විදුලි තැටි ගබඩාවයි

1967 වසරේ කැඳවනු ලැබ තිබූ සහන නිවේදක තනතුරකට අයදුම් කරනු ලැබ එයින් 1970 ස්‌ථිර නිවේදකයෙකු ලෙස සේවය කරන්නට වරම් ලැබ දිවි ගමනේ විරාමය දක්‌වා රසඋල්පතක්‌ වන් ගී මුතු පොකුරක නිර්මාපකයාණෝ ලෙස අබිසෙස්‌ ලැබූවේය

1978 ප්‍රථම විධායක ජනපති පදවි ප්‍රාප්තියේ විසිතුරු  රටට හෙළිකරන්නට ඔහුගේ හඩ අවදිවිය

——
බිතුසිතුවම් රූ මෙන් පිටු නොපෑ හිතමිතුරාණෝ මිල්ටන් මල්ලවාරච්චිගේ පෙළඹවිම ඇවිටිල්ලක්‌ වී එයින් මගහැර නෑසුකන්ව නොසිටින්නට සිදුව

ආදරයේ මිහිර රැඳි – වියෝගයේ සුසුම් මැකී
සෙනේහයේ සුවඳ රැඳී – මහද පැසේ පැතුම් පිරී

නමින් තම කුරුටු ගෑ ඔහු ගේය පද ස්‌වර පද හා සංයෝග කලේ මිතුරුකැළේ යාවජීව සාමාජික වික්‌ටර් රත්නායකය

Victor Rathnayake

එයිනුදු නොවේ ඇවිටිල්ල නිමවූයේ ……..

තමන්ගේ තුරුණුවියේ සාහිත්‍ය ඇසුරේ වනපොත් කල සැළලිහිණි සංදේශය අනුව යමින් යළිත් පෑන්තුඩ මෙහෙයවමින්

දෙඅදර විළිකුන් සුරත් පලේ – පෙම් මදිරා අයදිමින් සැලේ
සීත මීඳුම් සිහින වැල් පැටලේ

නමින් ලියූවේය

එයින් ලැබූ අසිමීත රසික ප්‍රතිචාරය විසින් මෙහෙයවනු ලැබ තමා කලෙක ප්‍රගුණ කල සංස්‌කෘත – සිංහල සාහිත්‍ය ඇසුර ලබමින්

උකුළ ළැමහස මලවි කරළිය මුවා කළ ඇගේ දුහුල් සඵතිර – විවර කෙරුවා

මනස්‌සළෙඵන් උමතු වූ දෙනුවන් රැහැන් ඇද

මා අබියස මැවෙන තුසිතය – සුරන් නැළවූ සුයාමය

නම් හෙළගීකෙත උඩුයටිකුරු කල නිර්මාණය සංයමයෙන් දැහැන්ගතව රසවිඳින්නට සමත් ශ්‍රාවක පිරිසකගේ මනදොළ සැපිරීය

1990 වසරේ තම ජිවිකාව සපයා දුන් ආයතනයට 21 වන සියවසේ තාක්‍ෂණික අරුමැසි අරුමයක උදාව සනිටුහන් කරන්නට දාඩිය මුගුරු හෙඵ ඔහු එහි පුරෝගාමි නිවේදකයාණෝ බවට පත්ව ඉතිහාස ගතවිනි

ඔහුද අද නැත – ඒ ශ්‍රාවක පිරිසද වියපත් ව යමින් සිටි

ඔහු වැන්නෝද  ඒ තැන ගන්නට සමත් ශ්‍රාවකයෝද පෙනෙන ඉසව්වක වත්  නොමැත
ඒ හෙළ ගී කෙත කටුකොහොල් වසා පැතිර වියළි යමින් පවතී

මේ උදාවන්නට නියමිතව ඇත්තේ ඇත්තේ ඔහු සමුගත් ඉක්‌බිති සොළොස්‌වන බක්‌මහ උළෙලයි

කඵආරච්චිගේ දොන් කුලසිරි ධර්මවර්ධන ප්‍රවිණ ගී පද රචකයාණෙනි ඔබ අපට යළි හමුවේවා

ඇසුර – හඩ සගරාව ඩබ්ලිව් කේ ඒ ප්‍රනාන්දු සටහන
———————–

නිර්මාණය

ඒ යුගයේ පැවතුනු එසේම ඔහුගේ සුපුරුදු  ගී පද රචනා කලාවෙන් විනිමුක්‌තව කරනු ලැබු නවමු අත්හදාබැලීමකි

තම්මැට්‌ටමක්‌ වයමින් පංචතූර්ය නාදය නංවන්නට උපයෝගි වූ සම්ප්‍රදායික හොරණෑවට ඉතා සමීප ඕබෝව නම් සුශිර භාන්ඩය යොදාගනු ලැබ තිබෙන පදමාලාව කුඵගන්වන ඊටම ගැලපෙන සංගීත සංකලනය ගීතයේ රසය දෙගුණ තෙගුණ කරයි

—————————-
සංගීත අදියුරු ස්‌වර සංකලනය – සිසිර සේනාරත්න

හඩ ගන්වා පණපෙවීම – ඉන්ද්‍රාණි විජයබන්ඩාර

70 දශකයේ වෙළඳ තැටියකින් උපුටාගතිමි

වි‍‍‍ශේෂ ස්‌තූතිය – ඉන්ද්‍රාණි විජයබන්ඩාර මහත්මිය

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

70 දශකයේ යුග පෙරළිය – සිංහල පොප් සංගීතයේ මහා මෙහෙයුමිකරවාණන්ගේ වෙළඳ ළමා ගී තැටි නිර්මාණයේ රස මිහිර

December 27, 2020 by shamilka
clarence wijewardena, Prabath Rajasooriya

ක්‌ලැරන්ස්‌ ආතර් සෝමසිංහ විජේවර්ධන නම් ඔහු

සි ටි ප්‍රනාන්දු ගේ ගායනරටාව අධ්‍යයනය කරමින් 60 දශකයේ අතිශය ජනප්‍රිය බීට්‌ල්ස්‌ ගායක කන්ඩායම අනුකරණය කරමින්  ඉංග්‍රිසි ගී රස විඳිමින් සිටි ලාංකිකයන්ගේ ඒ ආකාරයේ එකී රිද්මයේ ගී පිපාසාව සංසිදවූයේ ඔහුය

එයින් වේගරිද්ම සිංහල පොප් සංගීතයේ සුසංවාදී ශිල්පීය ක්‍රමය වඩාත් ඔප්නංවනු ලැබීමෙන් නොනැවතී ඊට එවකට පැවතී නවීන තාක්‍ෂණික ශිල්පිය ක්‍රම මුසුකරමින් එයින්ද නොනැවතී  ලිඩ් ගිටාරය උපයෝගි කරමින් නවමු අත්හදාබැලීම් ගණනාවක්‌ සිදුකරනු ලැබීය

ඒ අතර

ලිඩ් ගිටාරය හා සිතාරය ප්‍රසංවාදී ක්‍රමවේදයේ භාවිතා කිරීම

සුරඟන වෙස්‌ වලා – සිංහල සාම්ප්‍රදායික බෙරපද ගිටාරයෙන් මතුකිරීම

වනදෙව්ලිය තුරුලේ – බොසනෝව නර්තන ශෛලියේ රිද්මය

මම එදා ගොසින් / මුහුදු රැල්ල ඔස්‌සේ / සිහිල් නුවන් යුග / සිහින පැතුමි විමනේ / සුමුදු මල් පිපුණු අතු කොණේ  – එවක ලොව අති නවීන ඉලෙක්‌ට්‍රොනික උපකරණයක්‌ වූ වාහ් වාහ් පැඩලය යොදා සංගීත රටා නිර්මාණය

කුසුමලතා – බ්ලොක්‌ ගිටාර් තාක්‍ෂණය

වසන්තයේ මල් කැකුලයි (සිකුරුලිය – එචි ඩී ප්‍රේමරත්න 1973) පද 05 ක්‌ සහිත ස්‌ථායි කොටසක්‌ අඩංගුය ඩ්‍රම්ස්‌ වාදන – ශ්‍රි කාන්ත දසනායක (සුපර් ගොල්ඩන් චයිම්ස්‌)

ලිඩ් ගිටාර් වාදකයන් ගණනාවකගේ සහය ලබාගැනීමේ ක්‍රමවේදයේ පුරෝගමීත්වය / සාමිප්‍රදායික බෙර වාදන ගිටාරයෙන් ප්‍රතිනිර්මාණය (සුරඟන වෙස්‌ වලා / උඩරට නිලිය හැඩ වගේ)

———————————-
සුපර් ගෝල්ඩන් චයිම්ස්‌ ගායක / වාදක මන්ඩලය (1973-79 කලින් කල)

ඩ්‍රම්ස්‌ – ශ්‍රි කාන්ත දසනායක / නිමල් පෙරේරා

බේස්‌ ගිටාර් – රොහාන් ගුණවර්ධන / කොන්ඩ්‍රි ගුණරත්න / ලියසින් ද සිල්වා / සුනිල් මාලේවන / චන්ද්‍රාල් ෆොන්සේකා / පීටර් අල්මේදා / කුමාර් පීරිස්‌

Srikantha Dassanayake
Chandralal Fonseka
Sunil Malawana
Cumar Peiris

කීබෝඩ් – රුක්‌ෂාන් පෙරේරා / සූරියකුමාර් වීරසිංහම්

—————————-

පුංචි පුංචි බෝනික්‌කෝ
සාප්පුවේ මම දැක්‌කෝ
නැගිටිනවා – ඇවිදිනවා – දෑස පියා ඇලවෙනවා

ගායනය – ලිලන්ති කරුණානායක
පද රචනය – කරුණාරත්න අබේසේකර?
සංගීතය – ක්‌ලැරන්ස්‌ විජේවර්ධන

————————————-

ඇතැමි කරුණු සඳහා මුලාශ්‍රය – රුක්‌ෂාන් කරුණනායක වෙබි පිටුව

ක්‌ලැරන්ස්‌ විජේවර්ධන රසික සමාජය

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

පවසනු බස මට වැටහේ – දුර අතීතයක ඇසී නැසී ගිය මියුරසයක ආවර්ජනය

December 13, 2020 by shamilka
Prabath Rajasooriya, W D Henry

1960 දශකයේ අවසන් වසර කිහිපය අතරින් එක්තරා දිනයකි

ගුවන් විදුලියේ 06 වන මැදිරිය කෙමෙන් කාර්යබහුල වෙමින් පවති

ඒ තවත් නොබෝ වේලාවකින් පටිගත කිරීමට සංගීතමය වැඩසටහනක් වෙනුවෙනි

ලැයිස්තුගත කර ඇති ගී අතරින් එකක් තෝරා අප කථානායකයා වෙත කලින් ලබාදී තිබුනෙන් ඔහු එය පුහුණුවන්නට සුදානමින් සිටින්නේ වාදක මන්ඩල ප්‍රධානියා ගේ අවසරය ලැබෙන තෙක්ය

වාදක මණ්ඩලයේ ඔහු හොඳින් හඳුනන්නේය

මැදිරියට ඇතුඵවුනු උස් පුද්ගලයා හඳුනාගන්නට ඔහු ට අසිරු නොවේ ඒ රටේ තොටේ නමක් දිනා සිටි පී එල් ඒ සෝමපාලයන් ය

එක් පසෙක රොක්සාමි මාස්ටර් ය ඔහු දැහැන්ගතව වයලිනය සෙමෙන් හඩවනු පෙනේ

P.L.A. Somapala
P.L.A. Somapala
Young Rocksamy
Young Rocksamy

ඔහු පසුපසින් එඩ්ගා පෙරේරා වින්ස්ටන්ට් ද අල්විස් ඒලියන් ද සොයිසා වයලීන් අතැතිව අසුන්ගෙන සිටිති

ඈත කොනේ තාල තරංග වාදකයා නව යෞවනයකි ඒ රංජිත් බෝගෝඩ ය

Edgar Perera

තවත් නොබෝ වේලාවකින් පටිගතකරන්නට නියමිත ගීතයේ සංගීත අධ්‍යක්ෂකවරයා මැදිරියට ඇතුඵ වෙමින් තමා දෙසට පියමං කරනු ඔහු දකි

එහෙත් ඔහු පසුපසින් සෙමින් හා අසීරුවෙන් පා තබමින් ළමා සාරියකින් සැරසි එන මේ හිරිමල් යුවතිය කවුරුන්ද ??????

ආ ……………..

…….මේ ළමයා අඵතෙන්ම මෙහෙ අපු කෙනෙක් හොඳටම සිංදු කියන්න පුඵවන් මෙයාව ඩුවටි එකට දැම්මට කමක් නෑ නේද ?

හරි හරි ඒකට කමක් නෑ අපි ප්‍රැක්ටිස් පටන්ගමුද ?

ඔවි එහෙනමි ලෑස්තිවෙමු
——————————–

මම උපන්නේ 1931 අවුරුද්දේ ජේසු ස්වාමි දරුවාණන් මෙs ලෝකෙට ආපු ඒ නත්තල් මාසේ 12 වෙනිදාවක

ගම නමි කඩුවෙල වැලිවිට කියන දිහාව

පුංචි කාලේ එහේ ඉඳන් ඉස්කොලේ ආවෙs ඔය ග්රැන්ඩිපාස් එකේ තිබුන සෙන්‍ ‍ජෝසප්ස් එකට

අපේ ගමේ පල්ලියේ කන්තාරු කන්ඩාය‍‍‍‍‍මේ වයලින් ගැහැව්වේ මමයි

ඒ පල්ලිය දේව මෑණියන්ට කැප කරලා තිබිබ එකක්

එතකොටත් මට ඉයර් එකට ඕනෑම සංගීත භාන්ඩයක් ප්ලේ කරන්න පුඵවන් වුනා අදටත් ඒක එහෙමම තමයි

පස්සේ  මම රැකියාව කලේ කොටුවේ ගෆූර් බිල්ඩිමේ තිබුණු කේවි ඇන්ඩි කොමිපැනි කියන සමාගමේ ඔය ජෝතිපාලලාට ගීත ලියාපු ඇලෝයි ගුණවර්ධන ත් එහේ මාත් එක්ක වැඩකළා

මට තිබිබ ආසාව නිසාම ඉතින් ඔය කරුණාරත්න අබේසේකර එඩිමන්ඩි විජේවර්ධන මහත්තයාලා කරපු ආධුනික පැය වැඩසටහන් වලට ඇප්ලිකේෂ්න් දැම්මා

Aloy Gunawardena
Karunaratne Abeysekera Made Child and Childhood Cofter Still ( Malinda Words)
Karunaratne Abeysekera Made Child and Childhood Cofter Still

කැඳවීමක්‌ ලැබුනාද ?

ඔවි මම ගියා රේඩියෝ සිලෝන් එකට

නමුත් කිව්වේ නම් අනුන්ගේ සිංදු මොහොමඩ් රාෆි ගේ මෙරේ කහනි…… මට හොඳටම කියන්න පුඵවන් කම තිබිබා ඒ කාලේ

එතකොට පදිංචිය ?

ගමේ ….. 1950 දශකයේ ඒ

ඒ කාලේ රේඩියෝ සිලෝන් එකේ හිටියා පොස්ෆර් ප්‍රනාන්දු මහත්තයත් මගේ හිතේ

තව ඔය එඩී යාපා  බී ඇස් පෙරේරලා ත් මුණගැහෙනවා එයා පුදුම දක්‍ෂයෙක්‌ එහේ හිටපු

මම විවහ වුනේ 1958 අවුරුද්දේ

පස්සේ අපි මෙහෙ කුරණට පදිංචියට ආවා

ඔහොම ඉන්නකොට 60 දශකයේදි

ඔඩිෂන් එකකට අරන් සමත් වෙලා මට ලැබුනේ බී ශ්‍රේණිය ස්‌වදේශිය සේවයේ

පස්සේ මට එහෙ තරු හමුව කියලා වැඩසටහනකට සහභාගි වෙන්න ලැබුනා

එකේ එක සැරයක් ගීත 3 ක් ද

පසේසේ තරු වැණුම කියලා තවත් වැඩසටහනක 6 ක්ද පටිගත කලා

පුංචි දුවලා දෙන්නවත් එක්කරගෙන ගිහින් ළමා පිටියට සමිබන්ධ කළා
සුමනා ජයතිලක මහත්මිය ගේ වැඩසටහන් වලටත් දැම්මා

එයාලාත් ගීත තැටිගතකිරීමි වලට සහභාගි වුනා

ඔහොම ඉන්නකොට ……..එක දවසක් මට සංගීත වැඩසටහනක කැඳවලා ලියුමක් ඇවිත් තිබිබා

එකේ නම තමයි  මියුරස වින්දන නිෂ්පාදනය දයාරත්න රණතුංග මහත්තයා ගේ

ඔය ගීතය කිවිවේ ඒ වැඩසටහනේ දී

රෙ‍කෝඩිං වලට හිටියේ මට මතක විදියට ගුණදාස කපුගේ එයා තමයි එහෙ ටෙක්නිකල් ඉන්ජිනියර් සිංදු කියන්නේ නෑ එතකොට එයා

Dayaratne Ranathunga
Dayaratne Ranathunga
Gunadasa Kapuge(fragmenteyes.blogspot.com)
Gunadasa Kapuge

ගීතය මගේ අතට දුන්නේ රේඩියෝ සිලෝන් එකට ගියාට පස්‌සේ  ලියලා තිබ්බේ  චින්තන විජේසිංහ කියලා කෙනෙක්

එම් එඩ්වඩ් පෙරේරා අපේ බොහොම දක්ෂ වයලින් වාදක මහත්තයෙක් එයා තමයි
ඕකේ සංගීතය හා තනුව නිර්මාණය කලේ

එදා එයා ඩුවට් එකට ගත්තේ එතකොට කවුරුත් අඳුරන්නේ නැති අඵත්ම  ළමයෙක්

එයා තමයි දැන් ඉතිං කවුරුත් දන්න   අපේ ජනප්‍රිය ගායිකාව නීලා……

නීලා වික්‍රමසිංහ

ඊට පස්සේ මම කරුණාරත්න අබේසේකර මහත්තයා නිවේදන කටයුතු කරපු ඉලාස්ටෝ ආයතනය විසින් ඉදිරිපත් කරපු වැඩසටහනකට ගීතයක් ගැයුවා

ඒ ගීතය ??

ඒ ලස්සන මැණිකාට මම ආදරෙයි කියලා එකක්‌

ඒකත් කාලෙක බොහොම ජනප්‍රිය  වුනා

ක්‍රිස්‌ටෝපර් පෝල්  ක්ලොඩ් ද සොයිසා ජී එස් බී රාණි වගේ අය මා සමග සමකාලිනව ඔය වැඩසහන් සමහරකට ගීත ගැයුවා ඔය කාලේම

ඒත් ඉතිං ඉන් පස්සේ මේ ක්‍ෂෙත්‍රයේ දිගටම රැඳෙන්න උත්සහ කලේ නැහැ

මොකද පෞද්ගලික වගකීමි හා රාජකාරි වැඩ ගොඩක් තිබිබ නිසා

පස්සේ අපි මේ පැත්තේ සංගීත කණ්ඩායමක් පටන් ගත්තා ටිකක් වෙනස් එකක් වෙනස තමයි ඒකේ වයලින් සර්පිනා ඩොල්කි මේ වගේ දේවල් තමයි වාදනය කලේ

ගමේ උත්සව වලදී වගේම පල්ලියේ මංගල්ලේ අපි ගායන වාදන ඉදිරිපත් කරා

විශේෂයෙන් මම කියන්න ඕනෑ මේ දේ මේ රටේ තමන්ගේ රැකියාව බවට පත් කරගන්නට නමි අපහසුයි එහෙම උනොත් අමාරුවේ වැටෙන්න පුඵවන්

වෙනත් ආදායමි මාර්ග සමග කරන්නට ඇත්නම් තමයි වඩාත් හොඳ

සංවාදය අවසන් කරමින් ඔහු කිවේය
—————————-

ඔහු වර්තමානයේ ගී-සිනමා-නාට්‍ය යන මේ තුන් ඈඳුණු මාධ්‍ය වෙනුවෙන් මිණිමුතු වන් කලාකරුවන් ගණනාවක් ජනිත කළ කලා පවුල් ගණනාවක්‌ අදටත් වෙසෙන මිගමු පුරවරයේ පදිංචිව නිහඩව ම සංගීතය හා සමිබන්ධවම තමන්ගේම එසේම සිත්ගන්නාසුඵ ව්‍යාපාරයක නිරත වෙමින් දිවියේ සැඳෑ සමය ගතකරයි

එහිදී ඔහුගේ සුරතින් හැඩවැඩ වී කළඑළි බසින ස්‌පාඤ්ඤ ගීටාර් මෙන්ම විද්‍යුත් ගිටාර් හුරුබුහුටිය කුඩා ය   ළමුන් උදෙසාය   නමුත් ඒවාද මියුරු සත්සර නාද රටා නැංවිමට අපොහොසත් නොවේ

අපි ඔහුට නිදුක් නිරෝගි සුව පතමු

ඔහු ගුවන් විදුලි ගායන ශිල්පී වැලිවිටවිතානගේ දොන් හෙන්රි ය

70 දශකයේ මතුනොව 80 දශකයේ ප්‍රචාරය වූ යුග ගී තීරය නමි වැඩසටහනේ දී වැඩිමනත්වද අසන්නන්ගේ ඉල්ලීමි තීරයේදීද නිවේදක කැළ අතරැඳි එල් පී තැටි ලේබලය කියවමින් ඔහුව අසන්නන් අතරට ගෙනගියේ මෙසේය

මේ ගීතය ගයන්නේ ශිල්පී ඩබිලිව් ඩි හෙන්රි සමග ශිල්පිනි නීලා වික්‍රමසිංහ
——————–
නිර්මාණ සටහන

රෑණ කිතුල් නිල් වරළස………………….
මුකුඵ ලතාවට නැළවී………………….
මට අමතන්නේ කුමටද මල්      හිමිදිරියේ………………………….

සහය ගායනය – නීලා වික්‍රමසිංහ
පද රචනය – චින්තන විජේසිංහ
තනුව හා සංගීතය – එම් එඩිවඩි පෙරේරා –  ගුවන් විදුලි වද්‍ය වෘන්දය – 60 දශකය

වැඩසටහන – මියුරස වින්දන
නිෂ්පාදනය – දයාරත්න රණතුංග
පටිගත කිරිමේ මැදිරි ඉංජිනේරු – ගුණදාස කපුගේ

————————————–

(සමිබන්ධිකරණය වෙනුවෙන් විශේෂ ස්තූතිය – කෙනත් පෙරේරා – ලින්ඩා පෙරේරා මහත්ම මහත්මීන් යුවළ  – කුරණ – මිගමුව)

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

යුගයක රසමිහිර පොබකල සැගව ගිය වෙළඳ තැටි නිර්මාණ -(RAC – 45 r.p.m.- Extended Play) රැක්‌ ලේබලය – ප්‍රවිණ සංගීතවේදී නැසිගිය ආර් ඒ චන්ද්‍රසේන තුති ප්‍රණාම

November 15, 2020 by shamilka
Prabath Rajasooriya, R A Chandrasena

අද තම ජන්ම දිනය සමරණ හෙළයේ සුභාවිත ගී ලොව කිරුඵ දරු වික්‌ටර් රත්නායක සංගීතවේදයාණන් ගේ ගී චාරිකාවේ කටුකොහොල් පාදා ගමන් මග පදා දුන්නෝ ගණනාවකි

එයින් කවදත් ආධුනිකයන්ට අතහිත දුන් නැසිගීය ප්‍රවිණ සංගීතවේදී ආර් ඒ චන්ද්‍රසේනයන් ගේ දායකත්වය ගෞරව ප්‍රණාම පූර්වකව සිහිකටයුතුය

මහනුවර තම ජන්ම භූමියේ සිට අගනගරය වෙත පා නැගු ඔහු ආධුනිකයන් වෙනුවෙන් සංගීත පුහුණු පාසලක්‌ ආරමිභ කරනු ලැබුවේ 50 දශකයේදීය

ඔහුගේ සිසුන් අතර බටනලා වාදක ආචාර්ය කේමදාසයන්ගේ නම ද සඳහන් වන බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ඔහුගේ කෘතියක සාධක සහිතව ඔප්පු කොට තිබේ

Premasiri Khemadasa
Premasiri Khemadasa

ඔහු එවකට දිවයිනේ අගනුවරින් බැහැරව තිබුණ නමගිය එකම සමාජ ශාලාව වූ එඩිමන්ඩි බාලසූරිය මහතාගේ කැන්ඩි ලේක්‌ ක්‌ලබි හි වාද්‍ය වෘන්දයේ ප්‍රධානියාව කටයුතු කළ බවද කියෑවෙ

ඊට නුදුරු කඩුගන්නාවේ වික්‌ටර් නමි ආධුනික වයලීන් වාදකයා කැඳවා තමා සේවය කළ එම ආයතනයේ ස්‌වකීය දස්‌කමි දක්‌වන්නට ඉඩහසර සලසනු ලැබුවේ චන්ද්‍රසේනයෝය

බටහිර සංගීතයේ වාද්‍ය භාන්ඩ යොදා ගීත විද්‍යුත්කරණය කරන්නට ඔහු දැක්‌වූ ප්‍රියතාවයද ඔහු විශ්වාස කළ දේශපාලන දර්ශනයද ඒයුගයේ රසිකයන් අතරට ගිය වෙනත් සංගීතවේදීන්හට මෙන්ම සෙස්‌සටන් මෙන්ම ඔහුටද ගුවන් විදුලියේ දොරගුඵ වැසෙන්නට හේතු විය

තම සංගීත ප්‍රතිපත්තිය නිසා ඇටුවුණු මෙවන්  උගුල් වලින් බෙරෙන්නට වාසනවා ලැබුවේ පී එල් ඒ සෝමපාලයන් පමණක්‌ යෑයි සඳහන්ය

තම නිර්මාණයන් එළිදක්‌වා ගන්නට මගක්‌ නැතිව අසරණව ගොස්‌ පීඩනයකට ලක්‌ වූ ඔහුට තම රසිකයා වෙත ලගාවන්නට එවකට ඉතිරිව තිබු එකම විකල්පය වූ පෞද්ගලික ගී තැටි ව්‍යාපාරයට එකතු වන්නට සිදු විය

ඔහුගේම පෞද්ගලික ධනය වැයකොට නිපදවු මෙ තැටි ඔහුගේ නමින් අර් ඒ සී යැයි නමි කෙරිණි

මේ තැටි සඳහා ගීත ගයන්නට ඔහුගේ තේරීම තම ශිෂ්‍ය වික්‌ටර් රත්නයකයන් විය

Victor Ratnayake

ඒ අනුව සිරිල් ඒ සීලවිමල හා අමර කුමාරරත්න පුවත්පත් කලාවේදීන් ගේ ගී පද රචනා උදෙසා චන්ද්‍රසේනයන් තම නිර්මාණ කෞෂල්‍යය නිදහසේ මුදා හැරීය

ඒ ගීත සියල්ල සම්පූර්ණයෙන් බටහිර තුර්ය වාදන රටා ඔස්‌සේ හැඩගැන්විනි

ඒ අනුව

ළිඳෙන් වතුර බීලා / ජන්ම භූමි වන්දනා / මෝහෙන් මුලා වෙලා / පුන්සඳෙන් රැස්‌ ගං තෙරෙන් (පද පී එමි සේනාරත්න) යන ගීත වික්‌ටර් රත්නායකයන් විසින් පටිගත කරනු ලැබීය

ඔහු හැරණුවිට තිලංගනී / දර්ශනී ඔහුගේ දියණියන් දෙදෙනා හා ශිෂ්‍යා චමිපා අතපත්තු මේ ලේබලයේ ගැයු ගායිකාවන්ය

මල් කිණිත්ත වාගේ චූටි නංගි / චිරං ජයතු මංගලමි / විලේ මලක උපන්නී / රොන්සුනු මල්පැණි දිගන්තේ / කැවුමි කොකිස්‌ / සිරිලංකා

ඒ අතරින් සමහරකි

මෙයින් දර්ශනි චන්ද්‍රසේනයන් ඩබි ඩී ආරියසිංහ ගායකයාණන්ගේ බිරිඳය ඇය සංගීත ගුරුවරියකි මේ තැටි පෙළේ ආ මේ යුවතියන් පාසල් සිසුවියන් ව සිටි සමයේ ගැයූ  සැගවුනු මේ ගීතය කලකට ඉහතදි මා විසින් පළ කරන ලදී

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

සිංහල වෙළඳ තැටි යුගයෙන් ගලා ආ ගී මිහිර – මා ඔබෙ කළු කෙල්ලයි – 15 පෙබරවාරි ජන්මලාභිණී – කණ්‌ඩායම් ගී ලොව රැජිනිය

November 1, 2020 by shamilka
Indrani Perera, Prabath Rajasooriya

කන්ඩායම් ගී නමින් සාමාන්‍ය ගුවන් විදුලි ශ්‍රාවකයා විසින් වහරන්නට පුරුදු පුහුණු වූ ගී රටාව අනුගමණය කලේ අපරදිග සංගීතයේ සුසංවාද ප්‍රසංවාද අලංකරණ ක්‍රමවේදයන් ය එන්ම ලතින් ඇමෙරිකානු – ස්‌පාඤ්ඤ = කැරිබියන් ජන සංගීතයෙන් උපන් සමූහ ගායනා ශෛලියයි

ගී රටාවේ පුරෝගාමි මෙහෙවරක යෙදුණු ක්‌ලැරන්ස්‌ විජේවර්ධනයන් මුල් වීමෙන් ඇරඹුණු මූන්ස්‌ටෝන්ස්‌ නමි වූ ගායක කන්ඩායමයි 

සිංහල සංගීතය් අපරදිග ගී මිහිර අරුනළු නියමාකාරයෙන් දක්‌නට ලැබුනේ 60 දශකයේදීය එහි අවසන් ඉමවිවේදී ඇය ව ක්‍ෂේත්‍රයට කැන්දාගෙන ආවේ

Fabulous Moonstones

ඊට අත්වැල සපයා ඇය ඇතුඵ කන්ඩායමේ ගී මිහිර අප වෙත කැන්දාගෙන ඒමට මුල්වූයේ වෙළඳ තැටි ව්‍යාපාරයේ ඒ යුගය හෙබවූ දැවැන්තයෙකු වූ ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතා විසිනි ඒ සූරිය තැටි ලේබලයෙනි

Gerald Wickremasooriya

ගුවන් විදුලියේ සිංහල සේවා මුලින් පිළිකෙව් කලද ඉංග්‍රිසී සේවා ඔස්‌සේ එවකට එහි නිවේදකයෙකු ලෙස කටයුතු කළ විජය කොරයා ගේ වැඩසටහන් ඔස්‌සේ ඇයගේ හඩ සාමාන්‍ය රසිකයා විසින් ශ්‍රවණය කරන ලදී ඒ දිල්හානී දුවනී නමි සුප්‍රසිද්ධ නිර්මාණයේදීය

එදා මෙදා තුර දශක 05 ට අසන්නව තැටි-කැසටි පට සිනමා ගී හා ප්‍රසංග වේදිකාව ද පසුව ගුවන් විදුලි පටිගතකිරීමිද

සැරසු ඇයටම ආවේනික අපුර්ව හඩ ඔස්‌සේ එළිදැක්‌වුණු ගී නිර්මාණ අති මහත්ය

එහෙත් අවසනාවකට අදටද ඇසෙන්නේ ඇය විසින් ගැයු සිමිත ගී නිර්මාණ ගණනකි

70 දශකය පුරාවටම ඇයගේ පවුලේ සෙස්‌සන්ගේ ද සහයෙන් පසුව ත්‍රී සිස්‌ටර්ස්‌ නමින් අති සාර්ථක ගී චාරිකාවක යෙදී බටහිර ගී ලතා ලැදි රසික සිත් මෝහණය කළ ගී රැසක්‌ තිළිණ කලේය

The Three Sisters at C.T. Sooriya Show at Sugathadasa Indoor Stadium, December 20, 1970

කරුණාරත්න අබේසේකර / ප්‍රේමකීර්ති ද අල්විස්‌ / උපාලි ධනවල විතාන ආදිහූ ගී පද රචනයෙන්ද
ක්‌ලැරන්ස්‌ / සරත් දසනායක / වික්‌ටර් දඵගම / ආචාර්ය කේමදාස සංගීත සංයෝජනයෙන්ද දායක වූ අතර
විද්‍යුත් ගිටාරය / ඩ්‍රම්ස්‌ කට්ටල / සරපුවරුව ඇතුඵ විදුකරණයට ලක්‌ වූ සංගීත සංකලනයන් ඇයගේ නාමය සඳහන් කරද්දි සිහිවුනද එය සැමවිටම නිවැරදි නොවේ

ගීතයේ අදහස ට ආරූඩ වෙමින් ඊට ගැලපෙන ලෙස ඇයද සමකාලින වෙනත් ගායිකාවන් හා කරට කර සිටිමින් ගී පදමාලාවන්ට පණ පෙවීමේ ශිල්පයේ නිරත වන්නීය

කරුණු කෙසේ නමුදු ඒ යුගයේ වෙනත් ගායක ගායිකාවන්ගේ මෙන් ඇයගේද ඇතැමි විශිෂ්ඨ නිර්මාණ බොහොමයක්‌ අදටත් නොඇසී සැඟවී පවතී

අදදින ස්‌වකීය ජන්ම ලාභය සමරණ ඒ ජ්‍යෙෂ්ඨ ගායිකාව ඉන්ද්‍රාණි පෙරේරා කලාකාරිණිය වෙත මේ ගී උපහාරය පිරිණමමි
———————————
ගමනක්‌ ගියාදෝ

වරදක්‌ වුනාදෝ

සුසුමක්‌ නැගේ


මා දරේ


මක්‌ වුනාදෝ

ගී පද රචනය – කරුණාරත්න අබේසේකර ?
සංගීතය – සරත් දසනායක ?
(තහවුරු නොකළ දත්ත)

—————————-
මේ ගීතය නිර්මාණය කළ යුගයේ දශක 04 ටත් එපිටින් නිවසක ස්‌ථාවර දුරකථනයක්‌ පවා දක්‌නට ලැබුනා නමි ඒ ඉතා කළාතුරකිනි

උදැසන නිවසින් බැහැරව ගිය ස්‌වකීය ළබැඳියාණන් ගේ රුව යළි දිස්‌වන තුරු හෝඩුවාවක්‌ නැත

පමාව සිත චංචල කරවයි තැතිගන්වයි දෙගිඩියාවෙන් පොළඹවනු ලැබ පෙර මග බලා සිටි

එවන් යුවතියකගේ හැඟීම් ඇය විසින් ගීයකට නංවා ඇති අයුරු ඇගේ ගායන දස්‌කම  මනා ව ප්‍රකට කරයි

ඇය මෙහිදී ගීයේ පදමාලාවට අරුඩ වන්නීය

අපරදිග ගී කලාවේ පැණෙන සුසංවාද ප්‍රසංවාද තාක්‍ෂණය මීට මනාව මසුකරගෙන ඇත

https://www.sooriya.lk/wp-content/uploads/2020/11/Sandawela2.mp3

1966 වසරේ දී හෙළ ගීතයට බටහිර  මුසුකළ පුරෝගාමි නැසිගිය නෙවිල් ප්‍රනාන්දු සංගීතවේදියා මෙහෙයවනු ලැබූ ලොස්‌ කැබැයියරෝස්‌ ගායක කැළ ගැයූ ගයන ගැයුම් නටන නැටුමි (මහගම සේකර / පන්ඩිත් අමරදේව – සිනමා පටය – දෙළොවක්‌ අතර – ආචාර්ය ලෙස්‌ටර් ජේමිස්‌ පීරිස්‌)  ගුරු තන්හි
තබා කළ නිර්මාණයක්‌දැයි යන්න විමසිය යුතුය

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Previous »

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Recent Posts

  • උඩරට මැණිකේ දුම්රියේ ආදර කථාව

    උඩරට මැණිකේ දුම්රියේ ආදර කථාව

    February 28, 2021
  • Sri Lankan born Actor Ranjeet Singh – British Sitcom ‘Mind Your Language’ – By Des Kelly

    Sri Lankan born Actor Ranjeet Singh – British Sitcom ‘Mind Your Language’ – By Des Kelly

    February 20, 2021
  • හෙළ ජන ගී සම්ප්‍රදාය සොයා ගිය ගී චාරිකාව

    හෙළ ජන ගී සම්ප්‍රදාය සොයා ගිය ගී චාරිකාව

    February 14, 2021
  • Michelle Dilhara: Acting on, moving on

    Michelle Dilhara: Acting on, moving on

    February 6, 2021
  • Later forays, lesser forays: The man and the milieu

    Later forays, lesser forays: The man and the milieu

    January 31, 2021

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved