සිංහල ගීතාවලියේ 70 දශකයේ වෙළඳ තැටි යුගය නියෝජනය කළ අමයුරු ළමා ගී රස කළස – ළමා ගායිකා ශීරෝමි ප්‍රනාන්දු සමග ප්‍රවිණ සංගීතවේදී ශිල්පී මෙල්රෝයි ධර්මරත්න
ගී පද / තනුව / සංගීතය / ගායනය
මෙල්රෝයි ධර්මරත්න – (ධර්මරත්න සහෝදරයෝ ගායක කන්ඩායම – 1966-1974)
————(මුල් පිටපත – 1972)——-
බොරුවට අඩ අඩ – අමිමිට වද දෙන
පුංචි මගේ සුදු දු කුමාරි –
හැමතැන දුව පැන ගේ හැඩි කරවන මගේ සුරතල් සුදු දඟකාරී
වැඩපොළ කර දෙන නෑ බෑ නොකියන – අමිමිගේ තාත්තිගේ දූ කුමරී
මල්ලි හැඩුවම විගහට නළවන – අමිමිගේ තාත්තිගේ දූ කුමරී
————————————
ක්‍රිකටි ක්‍රීඩාවේදී තුන් ඉරියව්වෙන් දස්‌කමි පානා ක්‍රීඩකයන් පිළිබඳව කියැවෙයි ඔවුන් ඒ කන්ඩායමට මෙන්ම ඒ ක්‍රිඩාවටද සමිපතකි
ඒ අයුරින් සංගීත ක්‍ෂේත්‍රයේ තුන් ඉරියවිවෙන් දස්‌කමි පාන්නෝ කවරහූද ?
එවැන්නෝ එකී ක්‍ෂේත්‍රයේ විරළ නොවේද ?
ග්‍රැමෆොaන් ගී යුගයේදී පවා එවැන්නෝ පිළිබඳව සඳහන් නොවන තරමිය
ඔවුහූ පිළිබඳව රසිකයා නිසි ලෙස දැනුවත් වී සිටීද ?
සිංහල සළ රූ ඉතිහාසයේ මුල් යුගයේ හියුගෝ මාස්‌ටර් නමින් හැඳින්වෙන මීගමුවේ හියුගෝ ප්‍රනාන්දු ශිල්පීයා එවන් අනුපමේය දස්‌කමි දැක්‌වූවෙකි
ඔහුට හිමි නිසි ගෞරව බුහුමන නොලබාම කිසිවකු දැනුවත් නොවීම ඔවූශූ ක්‍ෂේත්‍රයට තම දායකත්වය උපරිම අයුරින් දක්‌වා නිහඩවම සමුගෙන ගියේය
60 දශකයට එළඹෙද්දී පසුව එවැන්නෝ යුගළක් ප්‍රකටව හඳුනාගන්නේ හෙළ ගීයේ බටහිර සංගීතය නියෝජනය කළ අපූර්ව මිනිසුන් දෙදෙනෙකි මුල් පුද්ගලයා ක්‌ලැරන්ස් විජේවර්ධනයන්ය
අනික් ශිල්පියා කවරහූද ?



ඔහු එදා මෙන්ම අදද නිහඩ දිවි පෙවෙතක් ගතකරන මෙල්රෝයි ධර්මරත්නයන්ය
තමා විසින් ම ගේය පද පෙළගස්‌වා ඊට ඇවැසි තනු නිර්මාණයෙන් හැඩ ගන්වා ඉන්ද නොනැවති වාද්‍ය භාන්ඩ තෝරා සංගීත සංයෝජනය කරවා යළිත් ස්‌වකීය නිසඟ හැකියාව මොනවට ප්‍රදර්ශනය කරවමින් ඊට තමාගේම හඩ මුසුකරනු ලබයි
ඔවූහු එකී ක්‍ෂෙත්‍රයේ අසිරිමත් මිනිසුන් නොවේ යෑයි කිව හැකි නොවේමය
ඔහුගේ පද රචනා සරළය මටසිලුටුය තනු නිර්මාණ ළගන්නා සුඵය එපමණක් නොව සිංහල ගීය සුමට ලෙස විද්‍යුත්කරණය කරන්නට තරමි සුක්‍ෂමය
——————–
හෙළ සංස්‌කෘතියේ මව – පුතු අවියෝජනීය බැඳීම මෙන්ම පිය – දියණි බන්ධනය අළලා කරනු ලැබු ගී නිර්මාණ අතළොස්‌ස අතරින් එතරමිම ප්‍රකට නොවි වර්තමානයේ සැඟව ගිය නිර්මාණයකි
මෙහි රසිකයන් අතර ළපටි දියණියන්ගේ පියවරුන් ගේ හද කිතිකවා දියණි සෙනෙහස තියුණු කරවන්නට මෙම නිර්මාණය සමත් වනු ඇත
“Stream Original Shiromie songs”




Shiromi Does It Again
එදා ඇසුණු ගී – 2018 නොවැම්බර්
~සටහන් පෙළගැස්ම~
Prabath Rajasooriya
ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න
ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…