• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

බඹර සිහිනයක මා සතපන්නට

August 14, 2021 by shamilka Nanda Malini, Prabath Rajasooriya

70 දශකයේ මැවුණු නන්දා මාලනී ගී මුතුහර (ප්‍රවිණ ශිල්පිණී නන්දා මාලනී ගී තනු නිර්මාණයකි)

ගුවන් විදුලි ළමා ශිල්පිනියක්‌ ලෙස 14 වියේදී අශෝක කොළඹගේ පද සැකසුමට ඩි ඩී ඩැනී ශිල්පියා සංගීතය නිපැයූ බුදුසාදු මම සමන් වැළක්‌ වෙන්නම් ඇය දොරට වැඩි කලා නිර්මාණයයි එය ගුවන් විදුලි පටිගතකිරීමකි

මයික්‌ විල්සන් ගේ සිමාසහිත ද සෙරන්ඩිබ් ආයතනය විසින් (රොඩ්නි ජෙන්ක්‌ලාස්‌ මහඇදුරු ආතර් සී ක්‌ලර්ක්‌) 1962 තිරගත කරන්නට යෙදුනු ලාංකීය සම්පූර්ණ වර්ණ චිත්‍රපටය වූ රන්මුතුදූව මහා බ්‍රිතාන්‍යයේ ටෙක්‌නිකලර් නම් මිල අධික රසායනාගාරයේ දී නිපදවනු ලැබීය

එහි සංගීත අංශය භාරවුයේ පන්ඩිත් අමරදේවයන් හටය එතුමෝ ඒ වෙනුවෙන් ලංකාවේ මුල්වරට සිනමාපටයක පසුබිමින් දිවයන මුල්ම වෘත්තිය මට්‌ටමේ පසුබිම් සංගීතයක්‌ නිර්මාණය කරන්නට යෙදිනි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ පද සංකල්පානවන් අනුව ගායනය සඳහා තෝරාගැනුනේ නාරද දිසාසේකර හා නවක ගායිකාවක්‌ වූ නන්දා මාලනී ය

ඇය තමා ගැයු මුල්ම ගීතය වූ ගලන ගගකි ජීවිතේ සඳහා සරසවි සම්මානය දිනාගන්නා ලදී

ඉන් අනතුරුව 1965 වසරේ තිස්‌ස ලියනසූරිය විසින් මැවූ සාරවිට සිනමා වෘතාන්තයේ මහගම සේකරයන් ගේ පද රචනාවක්‌ වූ අමරදේව සප්තස්‌වරය අනුවූ මේ සිංහල අපගේ රටයි ගීතය ද

1966 ලයනල් අමරසිංහ ගේ වෙසෙතුරු සිරිත වෙනුවෙන් යළිත් මහගම ගේ ගී පද අනුව පන්ඩිත් අමරදේව සංගීතයට රුවන් වළා දුහුල් කඩින් ගීය ද

1967 ධර්ම ශ්‍රී කල්දේරා ගේ රැණ ගිරව් වෙනුවෙන් ධර්මසිරි ගමගේ පද අනුව පන්ඩිත් අමරදේවයන් සමග රෑණ ගිරා ජෝඩුවයි ගීය ද

1968 අමරණාත් ජයතිලකයන්ගේ ආදරවන්තයෝ වෙනුවෙන් මර්සලීනු ජයකොඩි පියනමගේ පබැඳුමක්‌ වූ ද කේමදාසයන්ගේ තනු නිර්මාණයක්‌ වූද  දවසක මුතුළැල් ගෙනෙනවා ගීය ද

1969 සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාව වෙනුවනේ ඔහු හා මහගම සේකර එක්‌ව ලියූ කේමදාස සංගීතයෙන් පරිපූර්ණ සරා සොඳුරු මල් පැටලී ගීය වික්‌ටර් රත්නායක සමග ද

ඒ වසරේම දයානන්ද ගුණවර්ධනයන්ගේ බක්‌මහ දීගේ වෙනුවෙන් ඔහුම ලියූ මලකින් මලකට ගොස්‌ පැණි බොන්නද හා බිමට නැමුණු මල් පවනට හැලිලා සෝමදාස ඇල්විටිගල සංගීතයෙන් ඔපවත්ව

යන මේ සිනමා ගී ඇගේ මෝහණිය නිර්මාණ අතරට ගැනිය හැකිය

70 දශකයෙන් මෙපිට ඇය ගුවන් විදුලියට පිවිස එහි ළමා මන්ඩපය මෙහෙයවමින් ද සරළ ගී වැඩසටහන් ඉදිරිපත් කරමින්ද ගැයූ ගී තනු නිර්මාණ හා සංගීත අදියුරු මැවූයේ ඇයමය

එහිදී දේශීය ජන ගී ආර සාම්ප්‍රදායික දේශිය වාද්‍ය භාන්ඩ වැඩිමනත්ව යොදා ගැනුනු ඒ ගීතයන්හි අපුර්ව සුන්දරත්වයක්‌ ගැබ් ව තිබිනි එහිදි ඒ නිර්මාණ සදහා යොවුන් පද රචකයන් ලෙස සුනිල් ආරියරත්නයන්ද මහින්ද අල්ගම මෙන්ම ප්‍රවිණ ගී පද රචකයන් වූ ඩෝල්ටන් අල්විසුහූ හා මඩවල එස්‌ රත්නායකයන්ද සභභාගි විය

පසුව ඒවා ඇගේ මංගල ඒක පුද්ගල සංගීත ප්‍රසංගය වූ ශ්‍රවණ ආරාධනා සඳහා යොදාගැනිනි

චන්ද්‍ර මඩුලු යට
වාසනාව ඇගේ නෙතයි
සාරි පොඩිත්තක්‌ ඇඳගෙන
මිරිවැඩි සගලක්‌ ඉල්ලා හැඩුවෙමි
මල්හිනා පවන් සලා (ශ්‍රවණ ආරාධනා තේමා ගීතය)
වාසනාව ඇගේ නෙතයි
රන් ගිරි ගිරි ගිගිරි වළලු
චාරුලතා
හදවිල කළඹන පෙම් ජල රේඛා
කප්සුවහස්‌කල් පෙරුම් පුරාගෙන
රුක්‌ අත්තන මල මුදුනේ
ඇගිලි තුඩින් ටිකිරි හඩින්
සිංහල හාලේ බත
සකුරා මල් පිපිලා
හෙළ දෙරණේ කඳුල සුසුම
මල් මල් හීනය මිබද උදයේ
ඔබට මතක නෑ මට මතකයි
මිහි මඩලේ අඳුරු කුසේ
උඩගුලියන් ගොත බඳින
මිහිමඩලේ අඳුරු කුසේ

එදවස 70 දශකයේ ගුවන් විදුලි ගී නිර්මාණයන්ය
ප්‍රවිණ නර්තන ශිල්පී ළමා වැඩසටහන් සම්පාදක සුනෙත් ගෝකුල හා සරණබන්ධනයෙන් පසුව ඒ යුගයේ මේ ගී ගුවන් ගත කරවමින් නිවේදකයන් ඇයව අපට හඳුන්වාදුන්නේ නන්ද මාලනී ගෝකුල ලෙසිනි

මේවයේ ජනප්‍රියභාවය කොතෙක්‌ද යත් වෙළඳ තැටි නිර්මාණ සඳහා එයින් ඇතැම් ගී ඇය යළි ගැයුවාය

80 දශකයේ ඇය දොරට වැඩියේ නවමු ආකාරයක නන්දාවක්‌ ලෙසිනි ඒ අනුව ඇය එවක නවතම තාක්‍ෂණය වූ කැසට්‌ පට සඳහා වහා තම ශිල්පිය දායකත්වය ලබාදුන්නී නවපරපුරේ වෙනත් සංගීත අධ්‍යක්‍ෂකවරුන්ට ඇයගේ ගී නිර්මාණ සඳහා දොරවිවර කර දීමෙනි

ඒ අනුව

පෙරදා මහරෑ මා සිහිළැල් – 1980
කැලේ පීදි කැලේ සරසන මලේ – 1980
නෙලාගන්න බෑ මගේ අත දිග නෑ – 1981
මුව දඩයම අතැර දමා – 1980
සුළං කපොල්ලේ තැනු කැදැල්ලේ – 1982
කන්ද උඩින් අටවක සඳ – 1982
යුගයෙන් යුගයේ ඔබ දුටුවා – 1983
සූර්යයා වී ඉන්ද්‍ර දිගින් – 1983
හිරු බිහිරි සඳ ගොඵයි – 1983
පුංචි පුංචි රංචු එක්‌වෙලා – 1982
මධුර ප්‍රේම කල්පනා – 1982

ප්‍රමුඛ ව ගී කැසට්‌ පෙළක්‌ නිකුත් කරනු ලැබීය

ඒ අතරවාරයේ විරෝධාකල්ප ගී ගැයූ හෙළයේ මුල්ම ගායිකාව ලෙස ඇයගේ දෙවන කේවල ප්‍රසංගය වූ සත්‍යයේ ගීතය දියත් කරනු ලැබුවේ අසන්න ඇය ගයන්නී නම් හඳුන්වාදීමේ පාඨය සමගිනි

මෙයින් ඔබ්බට ඇතැම් ජ්‍යෙෂ්ඨ ශිල්පීන් ගීත කලාවෙන් දුරස්‌ වන්නට තැත් දරද්දී ඇය 21 සියවසේ පළමු හා මේ දෙවන දශකයේද තම රසිකයා වෙනුවෙන් ක්‍රියාශීලි මෙහෙවරක නිරත ව සිටිනු දැකීම හෙළ ගී රසිකයන් ලැබු වාසනාවකි

ඇය ගේ මෙහෙවර හා නිර්මාණ වපසරියේ අංශු මාත්‍රයකි මෙසේ සටහන් කරනු ලැබුවේ

පසුගියදා ජනම් දිනය සැමරූ ඇයට නිදුක්‌ නිරෝගී චිර ජීවනය උදා වේවා

බඹර සිහිනයක මා සතපන්නට
නැළවිලි ගී පද එපා කියන්නට
මුසා බසින් මා සිත සනසන්නට
සුරංගනා වත එපා කියන්නට

පහන් දොරින් මා හිරු හා අවදිව
ඔබ නෙත කඳුලැළි පිසදාලන්නම්
මගෙ රට මගේ දැය නිවහල් වන්නට
උදේ හවා හිඳ මෙලෙස පතන්නම්

පද සංකල්පනය – මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය – නන්ද මාලනී

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Back

Leave a Reply Cancel Reply

Your email address will not be published.

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • From Actor to Director

    From Actor to Director

    June 26, 2022
  • එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 04

    එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 04

    June 18, 2022
  • An adult is sad but a child smiles

    An adult is sad but a child smiles

    June 12, 2022
  • සරත් දසනායක ගී එකතුව

    සරත් දසනායක ගී එකතුව

    June 5, 2022
  • එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 03

    එම් කේ රොක්සාමි ගී එකතුව – M K Rocksamy Song Collection -PART – 03

    May 28, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved