• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

ඇයයි සදාතනික පොප් ගී රැජිනිය හෙල ගී විජිතයේ – 1969 – 1989

Indrani_Perera
April 22, 2020 by shamilka Indrani Perera, Prabath Rajasooriya

ලාංකිය වෙළඳ තැටි පොප් ගී යුගයේ විසිතුරු බිඳක්‌————

ශ්‍රි ලාංකීය ගීත කලාවේ නව රැල්ල වු කණ්‌ඩායම් ගීතාවලියේ පුරෝගාමීන් අතර ක්‌ලැරන්ස්‌ විජේවර්ධන නාමය අමරණිය වෙයි 60 දශකයේ මධ්‍ය භාගයේ සිට සිරු මාරුවෙන් නොවි එකවර පැන නැංගා වු ගායක කණ්‌ඩායම් පණසකටත් අධික සංඛ්‍යාවකින් සමන්විත වු මේ ගීත කලාව වෙනුවෙන් ක්‍ෂේත්‍රයේම බලධාරීන් ගෙන් ලැබුනු කෙණෙහිළිකම් හේතුවෙන් එය දස වසක පමණ අයු කාලයකින් තුරන් ව ගියේය

ගීත 04 ක තාක්‍ෂණය සහිත වු තැටිය සිය මාධ්‍යය කරගත් කණ්‌ඩායම් ගී කලාවට  ගීත 12 කට අධික සංඛ්‍යාවක ධාරිතාවය සහිත ව එළිදුටු තැටියේ අනුප්‍රාප්තික කැසටය හා මනාව අනුගතවන්නට පැවති අපහසුතාවය ද එහි පිරිහිමට හේතු වු බව ඇතැමුන්ගේ මතයයි

ක්‌ලැරන්ස්‌ විජේවර්ධන නම් ඉන්ද්‍රජාලික තනු නිර්මාපකයා සංගීත අධ්‍යක්‍ෂවරයා නොවන්නට ගීත ක්‍ෂේත්‍රයේ නොම කියෑවෙන්නට තිබුනු නාමයන් අතර ඉන්ද්‍රාණි පෙරේරා ද වෙයි

ඇය සිංහල ගීත කලාවේ මහගෙදර වු ජාතික ගුවන් විදුලියෙන් සම්පුර්ණයෙන්ම පරිබාහිරව ගීත ලෝලී පෞද්ගලික ව්‍යවසායකයන් ගේ අනුග්‍රහයෙන් එදවස ඔවුනට පැවති එකම සංනිවේදන මාධ්‍යය වු වෙළඳ තැටිය නිසා බිහිවු ශිල්පිණියකි ඒ බව නොදන්නෝ ද විරළ ය

තවත් වසරකින් පමණ සිය ගායන දිවිමගේ ස්‌වර්ණ ජයන්ති සැමරුමේ අසිරිය ලබනු පිනිස සැරසෙන ඇය සිය මංගල ගායනයෙන් රසිකාභිවන්දනයට පාත්‍ර වන්නට තරම් භාග්‍යවන්ත වුවාය

 

දිල්හානී දුවණී……

නාඩා නිදියන්නේ….

නිවසට සුරතල් …..

ආලෝකය දී….

නාඩා නිදියන්නේ……….
———————

ක්‌ලැරන්ස්‌ විජේවර්ධනයන්ගේ නිර්මාණයකි

 

දිල්හානී දුවණී  —— නම් වු මේ අපුර්ව නිර්මාණයේ ගැබ්වෙන්නේ ක්‌ලැරන්ස්‌  වාග්ගේයකාර ශීල්පියාණන්ගේ ප්‍රතිභාවයයි 1969 වසරේ දී එහි උපත සිදුකරදෙනු වස්‌ සිය බරපැණ දරන්නට පෙරට පැමිණීයේ ඒ යුගයේ ප්‍රකට පොත්හල් හිමියෙකු ද ගීත රසිකයෙකුද සංගීත කලාව ප්‍රගුණකළවුවෙකු ද වු ජෙරල්ඩ් වික්‍රමසූරියයි

ඔහු සුප්‍රකට සූරිය රක්‌ත වර්ණ සහ කාලවර්ණ තැටි ලේබලයේ නිර්මාතෘවරයා ද වේ

පළමුව පද්ම ශ්‍රී පන්ඩිත් අමරදේවයන් වෙතින් ද පසුව බී වික්‌ටර් පෙරේරා ගෙන්ද සංගීත විෂය හැදෑරූ සිය වැඩිමහල් සොයුරි මල්ලිකා පෙරේරා අනුව යමින් අසමසම හඞක්‌ සතු කරගත් එකුන්විසි වියෑති යවිවනියකු වු ඉන්ද්‍රාණි එතැන් සිට ක්‌ලැරන්ස්‌ ගී නිර්මාණ දාමයකට එක්‌වුයේ වරෙක ඒකලවද තවත් වරෙක  මල්ලිකා සහ නැගණිය අයිරාංගනී යන දෙදෙනාද හා එක්‌ව ගයමිනි

ඔවුන් තිදෙනාට එසේ ගයන්නට ඇරයුම ද ජෙරල්ඩ් වික්‍රමසූරිය ගීත ලෝලියා විසින්ම සිදු කෙරිණි නාමය ත්‍රි සිස්‌ටර්ස්‌ ය
සමකාලීන කාන්තා සමුහ ගායක කණ්‌ඩායම් බිහිවි කරළියට පැමිණ තිබියදී ඒ අභීයෝග සියල්ල අභිබවනය කරමින් බටහිර වේගරිද්ම ගී රටාව ලැදි ලාංකීය සිහල ගී රසිකයන් ගේ මනදොළ සපුරාලන්නට මේ යොවුන් යුවතියන් සමත්වුහ

70 දශකය ඇරඹෙද්දී ත්‍රී සිස්‌ටර්ස්‌ නොගැයු වේදිකාවක්‌ සැණකෙළි බිමක්‌ – ප්‍රමුඛ පෙළේ ප්‍රිය සාදයක්‌ නොපැවති තරම්ය මෝරා අතුඉතිලා වැඩමෙsන් දසත පැතිරයමින් පැවති හෙළ සිනමා රූ කලා වනස්‌පතියේ  ගී පුෂ්පයන් රැසක්‌ හටගන්වා සුගන්ධය විහිදුවන්නට මේ තෙ සොයුරියන් ඇරයුම් ලැබීය

The Three Perera Sisters in Harmony CHB 008

ඉන්ද්‍රාණී ගී කලාරසය මැවු ගොදුරු බිමට ඔබ්බෙන් එහා ඉවුරු බිමේ ගීත කලාවේ දැවැන්තයා වුද එවකට ගුවන් විදුලි වාද්‍යා සංසදයේ නියමුවා ලෙස කටයුතු කරමින් සිටි මහා සංගීතඥ සෝමදාස ඇල්විටිගල යටතේ ගයන්නට ඇය ඇතුඵ සොයුරියෝ භාග්‍යමත් වුහ ඒ සිරිල් වික්‍රමගේ නම් වු එවකට ද  ප්‍රවිණ රංගධරයා අදියුරු භූමිකාව රග දැක්‌වු සිහින ලොවක්‌ සිනමා සිත්තම උදෙසාය

ගාලා සුවඳ රස අඳුන්……

කාලා සුවඳ රස බොජුන්……

බිලා මිහිරි මිවිතෙන්……

ජීවිතේ ගෙවී යාවි මෙළෙසින්……

සෑමදාම සන්තෝසයෙන්……..

——————–
පද – මහගම සේකර

නද – සෝමදාස ඇල්විටිගල

නාද මුසුව – ද ගෝල්ඩන් චයිම්ස්‌ – ක්‌ලැරන්ස්‌ විජේවර්ධන

සිත්තම – සිහින ලොවක්‌

අදියුරු – සිරිල් වික්‍රමගේ

වසර – 1972
———————-——-

70 දශකයේ ජාතික ගුවන් විදුලියේ සාම්ප්‍රාදායික රාගධාරි සංගීත රටා අනුව ගැයෙන වැයෙන ගී නිර්මාණයන් ගේ ඒකාකාරි බව තුනී කරදෙන්නට ඊට නැවුම් ජවයක්‌ ආරෝපනය කරන්නට ඊට ලැබෙන පක්‍ෂග්‍රාහි ලේබලය ඉරාදමන්නට සිංහල ගී පිළිකුල් කළා වු මධ්‍යම පාංතික සිංහල රසිකයන් ගේ ඉංග්‍රිසි විකාශයන් රසවින්දනයේ එකි ප්‍රවණතාවය බිඳදමවා ඔවුන් ද සිංහල ගුවන් විදුලියට කැඳවන්නට සමත් වු කණ්‌ඩායම් ගීත කලාවේ කාන්තා හඞ ප්‍රමුඛ නියෝජනය ත්‍රී සිස්‌ටරස්‌ විය

පරිපුර්ණ රාජ්‍ය ආයතන මට්‌ටකින් ස්‌වාධීනත්වයක්‌ ලැබගත් එවකට සංස්‌ථාවක්‌ බවට පත් ව සිටි ජාතික ගුවන් විදුලිය සිය පැවැත්ම සාදා දුන් වෙළඳ වැඩසටහන් මෙහෙයවුයේ මෙකී බටහිර ආරේ සිංහල ගීතාවලියට පින් සිදුවන්නටය

ඒ අනුව සති අන්ත ශනි – රිවි දෙදින පුරාවමට අනුග්‍රාහක වෙළඳ ගීතමය වැඩසටහන් රසගැන්වුයේ වරෙක ක්‌ලැරන්ස්‌ ගේ මූන්ස්‌ටෝන් හෝ ගෝල්ඩන් චයිම්ස්‌ සහ පසුව බිහිවු සුපර් ගෝල්ඩන් චයිම්ස්‌ ය එසේ නොවේ නම් බොහෝ විට ඉන්ද්‍රාණි පෙරේරා ඒකල ගැයුමකි නැතහොත් ඇගේ සොයුරියන් ද හා සමග ත්‍රී සිස්‌ටර්ස්‌ ගැයුමකි

එතැන් සිට ගුවන් විදුලි ගීත කලාව පොබයු ශීල්පී කැළ මේ තෙසොයුරියන් හට සිය නිර්මාණ රස ගගුලේ කිමිදෙන්නට ඇරයුම් කළහ

කරුණාරත්න අබේසේකර – ප්‍රෙමකීර්ති ද අල්විස්‌ – හඩ්සන් සමරසිංහ  පද බැඳුමෙන්ද  මහ සංගීතවේදී ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ ප්‍රධානී සෝමදාස ඇල්විටිගල ද එහි සාමාජිකයන් වු වික්‌ටර් දඵගමද ඔවුන් අතර ප්‍රමුඛයන්ය

–
මංගලම් කියලා – මල්මිටක්‌ දමාලා””’

කිංකිණි සළාලා – ආසිරි පතන්නේ””

සිත් පුරා බැඳිලා – ජිවිතේ පුදාලා””

ආදරෙන් වෙළීලා – මේ මනාලී ඉන්නේ””

වස්‌තුවක්‌ ලැබිලා – සම්පතින් පිරිලා”’

පා මනාල ලිලා – පෙම්බරා බලන්නේ”””’

————————————
පද  – ප්‍රවිණ නිවේදක ගුවන් විදුලි මාධ්‍යවේදී නැසිගිය කරුණාරත්න අබේසේකර

නද – ප්‍රවිණ සංගීතඥ නැසිගිය වික්‌ටර් දඵගම

——————————–

ඇය මැවු ගී රස උල්පතින් අංශූ මාත්‍රයක වගතුග යළි කියා පාන්නට පෙර විරාමයක රැඳෙමු”””’

(ප්‍රණාම පුර්වක ස්‌තුතිය -ප්‍රවිණ ගායන ශීල්පිණි ඉන්ද්‍රාණී පෙරේරා මහත්මිය වෙත)
එදා ඇසුණු ගී – 2018 ඔක්‌තෝබර්
————————————————————

~සටහන් පෙළගැස්ම‍~
Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Back

One thought on “ඇයයි සදාතනික පොප් ගී රැජිනිය හෙල ගී විජිතයේ – 1969 – 1989”

  1. A.A.U.P.Perera (Mahinda) says:
    April 30, 2020 at 3:17 am

    Merata wasanawata bihivu e geetha kokilaviya ada Rupawahini maddiyan amathakama karala ekai athi kanagatuea

Leave a Reply Cancel Reply

Your email address will not be published.

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Recent Posts

  • නලලතේ රැඳි සිකුරා හිනැහෙයි

    නලලතේ රැඳි සිකුරා හිනැහෙයි

    January 10, 2021
  • 70 දශකයේ යුග පෙරළිය – සිංහල පොප් සංගීතයේ මහා මෙහෙයුමිකරවාණන්ගේ වෙළඳ ළමා ගී තැටි නිර්මාණයේ රස මිහිර

    70 දශකයේ යුග පෙරළිය – සිංහල පොප් සංගීතයේ මහා මෙහෙයුමිකරවාණන්ගේ වෙළඳ ළමා ගී තැටි නිර්මාණයේ රස මිහිර

    December 27, 2020
  • The Nightingale Sings

    The Nightingale Sings

    December 19, 2020
  • පවසනු බස මට වැටහේ  – දුර අතීතයක ඇසී නැසී ගිය මියුරසයක ආවර්ජනය

    පවසනු බස මට වැටහේ – දුර අතීතයක ඇසී නැසී ගිය මියුරසයක ආවර්ජනය

    December 13, 2020
  • The lifelong friend we rarely acknowledge

    The lifelong friend we rarely acknowledge

    December 6, 2020

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2020 Sooriya Records –  All Rights Reserved