• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

ඇයයි සදාතනික පොප් ගී රැජිනිය හෙල ගී විජිතයේ – 1969 – 1989 තැටි -කැසට් – ගුවන් විදුලි ගී – 02

Indrani_Perera1
April 24, 2020 by shamilka Indrani Perera, Prabath Rajasooriya

සලරූ ගී රස  උල්පත් අතර සිය නාමය රැඳවු සංගීතඥ සරත් දසනායකයන් ද ක්‌ලැරන්ස්‌ ට නොදෙවැනිව  ත්‍රී සිස්‌ටර්ස්‌ වෙළඳ තැටි ගීතාවලිය රසගන්වනු වස්‌ සිය නොමසුරු දායකත්වය ලබාදුන්නේය

තාක්‍ෂනයෙන් ලෝ දනා හා සම්බන්ධතා පැවැත්වන්නේ නම් ඊට සීමා මායිම් – වැට කඩොඵ සිමා නොවූ 70 දශකයේ පවා  දූපත් මානසිකත්වයෙන් මිදී බටහිර ගීත කලාවේ ප්‍රකටව පැවති විවිධ ගායන ශෛලීන් අතැඹුලක්‌ සේ දැන හැඳින ගත් දසනායකයෝ ඒවා එකහෙළා සිය මව්රටේ ගීත ලෝලීන් වෙත හඳුන්වාදෙන්නට පසුබට නොවූහ  ඒ සඳහා සිය නිර්මාණ කෞෂළ්‍යය මෙහෙයවූහ

අපි මිතුරෝ මුහුදු ගියෝ …….

මාඵ අරන් එන්න ගියෝ……

දියඹ බලා රැල්ල කපා……

ඔරුව පැද පැද යන්න ගියෝ……

ඈත ගගුලට යයිදෝ…..

කොහොම කියන්නදෝ……

දැල් දමලා – මඵ පුරවා……

හොඳට කාසි අරන් එයිදෝ……..

—————————–
පද සංකලනය – කරුණාරත්න අබේසේකර

තනුව – සරත් දසනායක
—————————————

සිංහල පොප් ගීත ධාරාවේ  සෙසු ප්‍රමුඛයන් වු සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න – වර්ණන් පෙරේරා – මිල්ටන් පීරිස්‌  – මයික්‌ ගුණසේකර – අර්නස්‌ට්‌ සොයිසා යන මේ නාද සිත්තම්කරුවන් කලින් කලට ඇයටද ඇගේ ගායිකා කණ්‌ඩායමේ නිර්මාණ රසගැන්වීය

මේ වකවානුව එළඹෙද්දී සෙන්ටීමීටර් 18 එනම් අගල් 07 ක විශ්කම්භය ඇති මෙකී තැටි අභාවයට යමින් පැවතියේ ඊට වඩා හුරුබුහුටි කුඩා ප්‍රමාණයේ නමුත් විනාඩි 60 ක පමණ සාමාන්‍ය ධාවන කාලයකින් යුත් විද්යුත් චුම්බක පටියකින් සමන්විත කැසටයේ ආගමනය නිසාය

එහි ගබඩාකෙරෙන ශබ්දයේ ගුණාත්මක බව පිළිබඳව සාපේක්‍ෂව ගැටඵ පැවතියද ඒ මත නිරන්තරයෙන් ශබ්ද පටිගත කරගැනීමේ පහසුකම නිසා එහි ජනප්‍රියත්වය සිඝ්‍රයෙන් ඉහළ ගියේය

ශ්‍රී ලාංකීය කැසට්‌ ගීත නිර්මාණ කලාවේ පුරෝගාමි නැසිගිය විජය රාමණායක 1978 වසරේදී ඒ කටයුත්තට අතගසද්දීම  සිය තරංගා වෙළඳ ලේබලයෙන් ඊ පී තැටි නිකුත්කර තිබිණි

මැද පෙරදිග රැකියා වෙළඳ පොල නුපුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හට හා පුරා විවර වු මෙකී වසරේ දී එහි ගොස්‌ පැමිණෙන්නන් ගේ සුරතින් නොගිහිළි ගිය උපකරණය මෙකී කැසට්‌ පට ධාවක යන්ත්‍රයයි

අධිවේගයෙන් ඉහළ ගිය කැසට්‌ පට ඉල්ලුම සපුරාලන්නට හනික යුහුසුඵ වු විජය රාමණායක සිංහල ගීත කැසට්‌ පට පෙළට සමගාමිව ඒ වනවිටත් වෙළඳ පොළ යහමින් සංසරණය වෙමින් පැවති ඊ පී තැටි වෙනුවෙන්ද එකම ගීත පෙළ නිකුත් කලේය

වෙළඳ තැටි නිපැයුම් ක්‍ෂේත්‍රයට අධුනිකයෙකු වු ඔහුගේ තරංගා ලේබලයේ දෙවන තැටිය වෙන්කෙරුනේ වේග රිද්ම පොප් ගීයට පෙම්කළ යොවුන් රසිකයන්ගේ ආදරණිය ශිල්පිනිය වු ඉන්ද්‍රාණි පෙරේරා වෙනුවෙනි

එහි තනු රටා ද සත්සර නාදරටා ද පෙළගැස්‌ම සඳහා එවකට ක්‍ෂේත්‍රයේ ප්‍රවිණතමයෙකු වු සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න වෙත ඇරයුම් කෙරිණි එවකට ද මෙල්රෝයි – ළමා ගායිකා ශීරෝමි ප්‍රනාන්දු ගීත සමුච්ඡය ගී ලොව ජයකෙහෙළි නංවමින් සංසරණය විය

එවකට මිළ අධීක සුඛෝපභෝගී විද්යුත් උපකරණයක්‌ ලෙස පැවති තැටි ධාවන යන්ත්‍ර සහ කැසට්‌ ධාවක පෞද්ගලිකව සතුකරගැන්මට අසමත් වු දිවයිනේ සාමාන්‍ය ගීත රසිකයන්ගේ වේගරිද්ම පොප් ගී පිපාසය සංසිඳවුයේ ගුවන් විදුලියේ එකම වෙළඳ සේවයයි

ඒ එදවස කරුණාරත්න අබේසේකරයන් සිය ගුවන් විදුලි නිවේදක මඞුල්ල සමගින් ඉදිරිපත් කල සති අන්ත වෙළඳ වැඩසටහන් පෙළකිනි ඒවා විනාඩි 15 ක කාලයකදී ගීත 03 ක්‌ පමණක්‌ වාදනය කෙරුණු අනුග්‍රහක වෙළඳ වැඩසටහන් වු අතර එකී ව්‍යාපාරිකයන් සියල්ලෝම එක්‌කෝ අගනුවර ස්‌වර්ණාභරණ වෙළඳ ආයතන පවත්වාගෙන යන්නන් හෝ රත්නපුරයේ මැණීක්‌ ව්‍යාපාරිකයන්ය ඊට අමතරව දිවයිනේ සුවිසල් අවමංගල්‍ය සේවා අයතනයන් ද විය

ක්‌ලැරන්ස්‌ විජේවර්ධන – ඉන්ද්‍රාණි පෙරේරා  සහ ඔවුන්ගේ ගායක කන්ඩායම් ප්‍රමුඛව වර්ණන් පෙරේරා – නිහාල් නෙල්සන් – එම් එස්‌ ප්‍රනාන්දු – පොල් ප්‍රනාන්දු – අනිල් භාරතී – ඇනස්‌ලි මාලේවන   පමණක්‌ නොව මිල්ටන් මල්ලවාරච්චි  –  මිල්ටන් පෙරේරා – වික්‌ටර් රත්නායක වැනි සරළ ගී ශීල්පීන් ගේ වේගරිද්ම වෙළඳ තැටි ගීත පවා ගුවන් විදුලි රසිකයන් හඳුනාගත්තේ මෙකී අනුග්‍රහක වැඩසටහන් වලට පින්සිදු වන්නටය

 

සලා දෙතොල් මල් පෙති විදා -දෙනෙත් නිල්මිණි…….

කිරිසුවඳට මුව හරවා – පුතු හිනැහෙනවා……

පුතු හිනැහෙනවා  – පොඩි පුතු හිනැහෙනවා…..

ටිකිරි කැකුඵ මුව දක්‌වා – පුතු හිනැහෙනවා……..

—————————–
පද – නැසිගිය කේ ඩි නිකලස්‌

තනු – මෙල්රෝයි ධරමරත්න

නිෂ්පාදනය – වෙළඳ තැටියකි (තරංගා)
—————————————-

මෙයාකාරයෙන් ගුවන් ගත් වේගරිද්ම බටහිර නාද සංකලනයන් මුසුවු ඉන්ද්‍රාණි පෙරේරා ගීතාවලිය ට සවන් පත් හුරුකරගත් ගුවන් විදුලි රසිකයන් ගේ දෙඇස්‌ බැමි ඉහළ නංවාලු ඇගේ ගුවන් විදුලි සරළ ගී නිර්මාණය තරංග අතරට මුසු වුයේද 70 දශකයේ මධ්‍ය යුගය ගෙවි යද්දීය

සඳකිඳුරී මා සඳකිඳුරී……..

සඳගිරි පව්වේ රගදෙන සඳකිඳුරී…………….

දුනු හී තල ගෙන බඹදත් ඒවි……

මගේ රුවින් ඔහු මන්මත් වෙවී……………..

ඔහුගේ හී පහරින් හිමි මියයාවි…………..

සඳගිරි පව්වේ මා තනිවේවි……………………

—————————————
පද – කරුණාරත්න අබේසේකර

නද – සරත් දසනායක

——————————

ඒ ගුවන් විදුලි සරළ ගීතයේ සළකුණු වු ඉන්ද්‍රාණි පෙරේරා ගී හඞ රස මිහිරයි

ඇගේ වේගරිද්ම පොප් ගී රස මැවු සංගීතවේදී සරත් දසනායකයන් විසින්ම ඇය වෙනුවෙන් ගුවන් විදුලි සරළ ගී රස මතුකරදෙන්නට උත්සුක විම සිත්ගන්නා සුඵය

වෙනත් සටහනකින් දිර්ඝ ලෙසත් සවිස්‌තර ලෙසත් සාකච්ඡාවට බඳුන් කළ යුතු මෝහණිය තනු උල්පත වු සරත් දසනායක ඉන්ද්‍රජාලික නිර්මාණ පෙළ අතර බිංදු මාත්‍රයකින් නැගෙන අපිරිමිත රසයයි

ඇය සිය දෙටු සොයුරිය මල්ලිකා අනුව යමින් ජාතික ගුවන් විදුලියේ හඞ පරික්‍ෂණයෙන් සමත් ව ශ්‍රේණිගත ශීල්පී ලැයිස්‌තුවේ එසේ සිය නාමය රඳවාගන්නට සමත්වුයේය ශ්‍රී ලාංකීය හෙළ ගී මියෑසියේ සදා නොමියෙන නොමැකෙන මතක සටහන් රැන්දු තනු රස උල්පත සංගීතවේදී සරත් දසනායක ගුවන් විදුලියේදීද  ඔවුන් වෙනුවෙන් ශිල්ප දැක්‌වීය වැඩිදුරටත් මෙසේ

කුරුල්ලනේ නුඹලගේ සංතෝසය  – මදකට අපට දියෝ……..

විසල් වනේ හොඳ ලස්‌සන තැනකට – පිවිසෙන අයුරු කියෝ……………….

පියපත් සළලා රිසිතැන් බලලා කොයිබද ඉගිලෙන්නේ ?…………….

කවුරුද නුඹලා ගයනා ගීතෙට තනුව සදා දුන්නේ ?………………

—————————————

පද – කරුණාරත්න අබේසේකර

නද – සරත් දසනායක

——————————


ප්‍රණාම පුර්වක ස්‌තුතිය -ප්‍රවිණ ගායන ශීල්පිණි ඉන්ද්‍රාණී පෙරේරා මහත්මිය වෙත)

එදා ඇසුණු ගී – 2018 නොවැම්බර්

~සටහන් පෙළගැස්ම‍~
Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Back

Leave a Reply Cancel Reply

Your email address will not be published.

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Recent Posts

  • Anula Karunathilaka: The Dhammi of our sensibilities

    Anula Karunathilaka: The Dhammi of our sensibilities

    January 17, 2021
  • නලලතේ රැඳි සිකුරා හිනැහෙයි

    නලලතේ රැඳි සිකුරා හිනැහෙයි

    January 10, 2021
  • 70 දශකයේ යුග පෙරළිය – සිංහල පොප් සංගීතයේ මහා මෙහෙයුමිකරවාණන්ගේ වෙළඳ ළමා ගී තැටි නිර්මාණයේ රස මිහිර

    70 දශකයේ යුග පෙරළිය – සිංහල පොප් සංගීතයේ මහා මෙහෙයුමිකරවාණන්ගේ වෙළඳ ළමා ගී තැටි නිර්මාණයේ රස මිහිර

    December 27, 2020
  • The Nightingale Sings

    The Nightingale Sings

    December 19, 2020
  • පවසනු බස මට වැටහේ  – දුර අතීතයක ඇසී නැසී ගිය මියුරසයක ආවර්ජනය

    පවසනු බස මට වැටහේ – දුර අතීතයක ඇසී නැසී ගිය මියුරසයක ආවර්ජනය

    December 13, 2020

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2020 Sooriya Records –  All Rights Reserved