“වැස්ස වහිනවා”, “පුංචි හුරතලා” යනාදී ගී පද ඇසෙන සැණින් දෑස මානයේ මැවෙන තරුණයන් සිවුදෙනෙකි. කිසිදු චකිතයකින් තොරව කිසිදු වෙහෙසකින් තොරව ගී ගයන ඔවුන් දෙස ප්‍රේක්ෂකයන් බලාහිඳින්නේ ඉමහත් සෙනෙහසකිනි. මේ “ධර්මරත්න සොහොයුරෝ” ය. නමින් කියවෙන්නාක් මෙන් සැබවින්ම එකම ලෙයින් උපන් සෙනෙහෙබර සොහොයුරෝ වෙති. නමින් ක්‍රිස්ටි, මැක්ස්වෙල්, මෙල්රෝයි, හා රොනල්ඩ් ධර්මරත්න නම්වෙති.
කොළඹ කොටහේන ප්‍රදේශයේ පිහිටි නිවසකි. මව, ස්ටෙලා මිහිරි ලෙස හාමෝනිකාව වයන්නීය. කුඩා දරුවෝ සිවුදෙන ඒ දෙස අවධානයෙන් බලාසිටිති. පසු කලෙක මව දමා දුන් මේ අඩිතාලම මත “ධර්මරත්න සහෝදරයො” නම් වූ අපූර්ව සංගීත කණ්ඩායම ගොඩනගන ඔවුන්ට කණ්ඩායමේ කළමනාකාරවරිය ලෙස තවදුරටත් සෙනෙහෙබර මවගේ නොමඳ සහය හිමිවිය.




ළාබාලතම දෙසොහොයුරන් වූ මෙල්රෝයි හා රොනල්ඩ් “ධර්මරත්න සහෝදරයො” යන නමින් ඉදිරිපත් කිරීම් අරඹන්නේ පාසල් වියේදීමය. පසුව මැක්ස්වෙල් හා ක්‍රිස්ටි ද ඔවුන්ට එක්වූ අතර “ධර්මරත්න සහෝදරයො” කළඑළි බසින්නේ විවාහ උත්සව ආදී පවුලේ විවිධ උත්සව අවස්ථාවල ගී ගයමිනි.
මුල් කාලයේදී එවකට ජනප්‍රිය ගායකයන් වූ ක්‍රිස්ටෝපර් පෝල්, වින්ස්ටන්ට් ද පෝල්, සුනිල් ශාන්ත වැන්නවුන්ගේ ගී ගැයුවද කල්යත්ම ස්වකීය නිර්මාණ ගොන්නක්ම රසික රසිකාවියන්ට තිළිණ කළ අතර සංගීත කණ්ඩායම් රැසක් සහභාගී වූ තරඟයකින් දෙවන ස්ථානය දිනාගැනීමත් සමඟම ජාතික ගුවන්විදුලිය හරහා “කලකට පෙර බෙත්ලෙහෙමේ” හා “ලත්තෑරුමේ එල්ලෙන්නේ” යන ගී ද්විත්වය පටිගතකිරීමේ අවස්ථාව දිනාගත්තෝය. මෙලෙසින් ලංකාවේ ප්‍රථම පවුලේ පොප් සංගීත කණ්ඩායමේ ආරම්භය සනිටුහන් විය.
ඔවුන්ගේ ප්‍රථම වේදිකා ඉදිරිපත් කිරීම ශාන්ත බ්‍රිජට් කන්යාරාමයේ පැවති “ආසිරි කුසුම්”ය. එය සංවිධානය කරන ලද්දේ “ලා සිලෝනියාස්” හි නොයෙල් රණසිංහ සමඟ මැක්ස්වෙල් ධර්මරත්නය. “සෝන්ග්ස් ඔෆ් ලංකා ක්ලබ්” කණ්ඩායම් විවිධ අංග ඉදිරිපත් කළ “ආසිරි කුසුම්” හි අන් සියළු කණ්ඩායම් බොක්ස් ගිටාරය හා කොංගෝ ඩ්‍රම් වාදනය කළ අතර “ධර්මරත්න සහෝදරයො” පමණක් කොංගෝව හැරුණු විට රබානද වැයුවෝය. මෙහිදී ඔවුන් පළකළ දක්ෂතාවයෙන් පැහැදීමට පත්වූ පැට්‍රික් කුරේරා පිලිප්ස් ලේබලය යටතේ පටිගතකිරීම් සිදුකිරීමට අවස්ථාව ලබාදීමට එකඟවිය.



වර්ෂ 1968 සිය ප්‍රථම ඊ.පී. පටිගතකිරීමේවෙ “වැස්ස වහිනවා”, “පුංචි හුරතලා”, “කඳුකරේ”, “නොන්ඩි කිරා” යනාදී ගීත හරහා එක රැයින් මෙරට ජනතාව අතර ජනප්‍රිය වූ “ධර්මරත්න සහෝදරයෝ” ගැයූ මේ සුමිහිරි ගීත, ගීත දර්ශකවල ඔවුන් ඉහළටම ඔසවා තැබීමට හේතුවිය.
“වාසිටි කොල්ලෝ” ඔවුන්ගේ ඊළඟ ජනප්‍රියතම ගීය බවට පත්වූ අතර අතිශය විවාද සම්පන්න ගීතයක් වූ නිසාවෙන්ම තහනම් වේයැයි බියෙන් පටිගතකිරීමක් සිදුනොවුණි. නමුත් ගීයේ ජනප්‍රිය බව සලකා බැලූ ජෙරාල්ඩ් “සූරිය” ලේබලය යටතේ ගීය පටිගතකිරීමට එකඟතාවය පළකළේය






ඔවුන්ගේ ඊළඟ ජනප්‍රිය ගීයද “සූරිය” නිෂ්පාදකයන්ගේ “ඩෙකා” ලේබලය යටතේ පටිගතවුණ අතර හැත්තෑව දශකයේදී සිය ලේලිය වූ ශිරෝමි ප්‍රනාන්දුගේ කලා ක්ෂේත්‍රයේ ආගමනයත් සමඟ, ඔවුන් ශිරෝමි සමඟ එක්ව නැවතත් “සූරිය” ලේබලය යටතේ “බොරුවට අඬ අඬ”, “වැහිදාක”, “රාජ කුමාරි”, “මුතු මැණිකේ” යනාදී ගීත ඇතුළත් ඊ.පී. තැටියද ඉදිරිපත් කරන ලදි.
ඒ එකඟතාවයේ ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1969 දී “ ද ෆැමිලි ජුවෙල්ස් ඔෆ් ද ධර්මරත්න බ්‍රදර්ස්” ඊ.පී. පටිගතකිරීම එළිදැක්විණි. එහි “වාසිටි කොල්ලෝ” ගීයට අමතරව “සුහද පැතුම්”, “අව්ව”, “ප්‍රියංගිකා” ආදී අතිශය ජනප්‍රිය ගී ද ඇතුළත් විය.















ඔවුන්ගේ ගීත අතරින් බොහෝමයක ගී පද ගෙත්තම මෙල්රෝයිගේ වූ අතර තනු නිර්මාණයෙන් මෙල්රෝයි හා රොනල්ඩ් දෙසොහොයුරෝ දායකවූවෝය.ස්වාභාවධර්මය සම්බන්ධව ඔවුන් නිර්මාණයකළ “ අව්ව”, “වැස්ස”, “කඳුකරේ” යනාදී ගීත අතිශය ජනප්‍රිය වූ අතර ප්‍රසංග ක්ෂේත්‍රයේ ඉහළටම පැමිණීම සඳහා මැල්කම් ඇන්ඩ්‍රි, ජයතිස්ස හෙට්ටිආරච්චි ලබාදුන් සහය අමතක කළ නොහැක්කකි.






කල්යත්ම මේ කණ්ඩායම ක්‍රම ක්‍රමයෙන් වෙන්වී ගිය අතර වර්ෂ 1978දී ක්‍රිස්ටි මැද පෙරදිග බලා පිටත්ව යාම එහි එක් අවස්ථාවක් වූ අතර ශෝචනීයම අවස්ථාව වූයේ 1987 දී සිදුවූ රොනල්ඩ්ගේ අකල් මරණයයි.
නමුත් ඉන් නොපසුබටව දස වසරක ඇවෑමෙන් ඇනස්ලි මාලවන හඳුන්වා දුන් “ස්ටාර්ස් ඔෆ් සෙවන්ටීස්” සංකල්පයට ස්තූතීවන්ත වෙමින් මැක්ස්වෙල්, ක්‍රිස්ටි හා මෙල්රෝයි අදටද වේදිකාව මත ජව සම්පන්න ඉදිරිපත් කිරීම් සිදුකරති.



තම හතළිස් වසරක සංගීත දිවියේ අභිමානය 2008 වර්ෂයේ දෙසැම්බර් 27 වනදා මරදාන එල්ෆින්ස්ටන් රඟහල මතට ගෙන එන්නෝ , “ධර්මරත්න සොයුරෝ”ය. ඒ ඇනස්ලි මාලවන, ඉන්ද්‍රානි පෙරේරා, අනිල් භාරති යනාදී ආරාධිතයන්ද සමඟිනි. විජය කොරයාගේ හඬ මුසුවෙන් රසවත් වූ ඒ සන්ධ්‍යාව හිතාදර රසික රසිකාවියන් කලකට පසු නැවතත් රසබර හැත්තෑව දශකයට සැණෙකින් රැගෙන ගිය බව අතිශයෝක්තියක් නම් නොවේ.
ඔව්, “ධර්මරත්න සොහොයුරෝ “ නැවතත් වේදිකාව මතය.






පරිවර්තනය : නවෝදා දයාකාන්ත