• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

සුනිල් මාලවන

English
தமிழ்
  • චරිතාපදානය
  • ගී ඇල්බම
  • වීඩියෝ
  • විශේෂ උත්සව අවස්ථා

චරිතාපදානය

“මාලා රූප රාණි කෝකිලා” , “ලත වීමට මුලය” යනාදී ගී පද ඇසුණු සැනින් ඔබගේ මගේ සිහියට නැගෙන්නේ ඔහුය.

වර්ෂ 1947 ජුනි 13 වනදා කලාවට හිතැති පරපුරක තවත් පුරුකක් ලෙස උපත ලද ඔහු සිය කලා දිවියේ ප්‍රථම පියවර සිංහල පොප් සංගීතයේ රජු ලෙස හැඳින්වෙන ක්ලැරන්ස් විජේවර්ධනගේ “මූන්ස්ටෝන්ස්” හරහා තැබීමට සමත්විය. එවකට ජීවන ගමනේ දහසය වන වසර ගතකරමින් සිටි ඔහු කණ්ඩායමේ ළාබාලතම සාමාජිකයා ලෙස රසික රසිකාවියන්ගේ නොමඳ සෙනෙහසට පාත්‍ර වූවේය.

The Moonstone album Cover for ‘Dilhani’
The Moonstone album Cover for ‘Dilhani’

මූන්ස්ටෝන්ස් ප්‍රථම ප්‍රථම පටිගතකිරීම වර්ෂ 1968 දී දොරට වඩින විට මේ ළාබාලතම සාමාජිකයා හැරුණු විට ක්ලැරන්ස් විජේවර්ධන, මංගල රොද්‍රිගෝ, අජිත් සිවනාදන්, උපාලි උබේසේකර (සිතාර්) ආදී තවත් සාමාජිකයන්ගේ දායකත්වයද ලැබිණි. සිතාරයෙන්, සැක්සෆෝනයෙන්, වයලීනයෙන් මෙන්ම ඉලෙක්ට්‍රික් ගිටාරයෙන්ද වර්ණවත් වූ මෙම ගී එකතුවට “මංගො නැන්දා”, “රුවන් පුරය”, “සීත උදයෙන්ද සුදු මැණිකේ” වැනි ජනප්‍රිය ගීත රාශියක්ම ඇතුළත් විය. මේ ගීත අතරින් “මංගො නැන්දා” ගීතය සුවිශේෂී එකකි. ඒ එම ගීතය ලාංකේය ගීත දර්ශකවල මුල්තැනට පත්වූයේ ක්ලිෆ් රිචර්ඩ්ස්, එල්විස් ප්‍රෙස්ලි, ජිම් රීව්ස් වැන්නවුන්ගේ ගීත පවා පරාජයට පත්කරමින් වීමයි

The Moonstones Seated L to R: Annesley,Mohan, Sunil Standing L to R: Rohan, Mike, Mangala
The Moonstones Seated L to R: Annesley,Mohan, Sunil Standing L to R: Rohan, Mike, Mangala

“මූන්ස්ටෝන්ස්” සංගීත කණ්ඩායමෙන් වෙන්වීමෙන් අනතුරුව හැත්තෑව දශකයේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් ලෙස නැගී ආ “සුපර් ගෝල්ඩන් චයිම්ස්” හා එක්වී බේස් හා ලීඩ් ගිටාර වාදනය කළේ කණ්ඩායමේ අතිදක්ෂ ශිල්පීන් වූ ඇනස්ලි මාලවන, ඩික්සන් ගුණරත්න, රුක්ෂාන් පෙරේරා, පෝල් පෙරේරා, චන්ද්‍රලාල් ෆොන්සේකා හා නිමල් පෙරේරා වැන්නවුන් හා උරෙනුර ගැටෙමිනි. “සුපර් ගෝල්ඩන් චයිම්ස්” හා ඔහුගේ සුසංයෝගය “ගමෙන් ලිවුමක් ඇවිල්ලා”, “සඳක් බැසගියා”, “කතරගම”, “උඩරට නිළිය”, “වන බඹරෝ”, “සිහින පැතුම්” වැනි බොහෝ ජනප්‍රිය ගීත රසිකයන්ට තිළිණ කළ බව නොරහසකි. “සුපර් ගෝල්ඩන් චයිම්ස්” ප්‍රසංග සඳහා රසික රසිකාවියන් වැල නොකැඩී ඇදී ඒමට මේ මධුර සුමධුර ගී වලට අමතරව ඔවුන්ගේ ඉදිරිපත් කිරීමේ විලාශයද හේතු සාධක විය. ප්‍රසංග කලාවේ වර්තමාන හැඩයන් ස්පර්ශකොට නොතිබූ එවන් යුගයක පවා ඔවුන්ගේ වේදිකා භාවිතය අතිශය ආකර්ෂණීය විය.

කල් ගතවත්ම විසිරී ගිය “සුපර් ගෝල්ඩන් චයිම්ස්” නැවතත් එක්වී 2004 වර්ෂයේදී ඉදිරිපත් කළ ප්‍රසංගයට සමගාමීව “අපි දෙදෙනා” ගීතය ඉදිරිපත් කළේය. එය ඔහු තනිව ගායනාකළ කුළුදුල් ගීයයි.

Sunil Malwana with Super Golden Chimes in 2014
Sunil Malwana with Super Golden Chimes in 2014

ඉන් නොනැවත 2007 වර්ෂයේදී “මාලා” සී.ඩී. තැටිය දැයට තිළිණ කළේය. එහි අඩංගුව තිබූ “මාලා” ගීය එක රැයින් ශ්‍රී ලාංකේය රසික රසිකාවියන්ගේ හදවත් දිනාගැනීමට සමත්විය. එය එදා කරුණාරත්න අබේසේකරගේ පද පෙළට අනුව යමින් ක්‍රිස්ටි ද මෙල් ගැයූ ගීයේ නවමු මුහුණුවරයි. එහි සංගීත අධ්‍යක්ෂණය චන්ද්‍රලාල් ෆොන්සේකා, කුමාර් පීරිස් හා සුනිල් පෙරේරා ගෙනි. “මාලා” මෙන්ම එහිවූ මිල්රෝයි ධර්මරත්නගේ පබැඳුමක් වූ “පෙම් ත්‍රිකෝණය”, සුනිල් පෙරේරාගේ පබැඳුමක් වූ “ලතවීමට මුලය”  වැනි ගී ද ඉතා කෙටිකලකින්ම ජනාදරයට පාත්‍රවීය.

Malawana with Sunil Perera of The Gypsies
Malawana with Sunil Perera of The Gypsies

නැවතත් වර්ෂ 2008 දී “කාටත් කාටත්” වීඩියෝව ඉදිරිපත් කරමින් ජනාදරයට පත්වූ ඔහු සිංහල ගී රසවිඳි ප්‍රේක්ෂකාගාරයට “බ්‍රවුන් අයිඩ් ගර්ල් “ වැනි සොඳුරු ඉංග්‍රීසි ගීතද හඳුන්වා දුන්නේය.

වර්ෂ 2015 බක් මාසයේදී ලොව දස දෙස විසිරී සිටි “සුපර් ගෝල්ඩන් චයිම්ස්” සාමාජිකයන් නැවත එක්වූයේ ශ්‍රී ලාංකේය රසික රසිකාවියන් පිනවීමේ අභිලාෂය ඇතිවය. “ගමෙන් ලිවුමක් ඇවිල්ලා“, “සඳක් බැසගියා”, “කතරගම”, “උඩරට නිළිය” වැනි ගීත රාශියක් එදා ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කරමින් ගැයුණු අතර හෙතෙම ප්‍රසංගයට තම නොමඳ සහයෝගත්වය ලබා දුන්නේ අපූර්ව ජවයකිනි

අද වනවිට සංගීත ලෝකයෙන් ඔබ්බට ව්‍යාපාරික ලෝකයේද ඉතා ජනප්‍රිය,  ගෞරවණීය චරිතයකි ඔහු. ශ්‍රී ලංකාවේ නැව් භාණ්ඩ ප්‍රවාහන ආයතන ත්‍රිත්වයෙන් එකක කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙසද ශ්‍රී ලංකා නෞකා භාණ්ඩ සපයන්නන්ගේ සංගමයේ (Sri Lanka Freight Forwarders Association)  සභාපතිවරයාය. ව්‍යාපාරය ලෝකයෙන් ඔබ්බට තමාගේ ධනයෙන් කොටසක් සමාජ සුබසාධනය සඳහා නොමසුරුව ලබාදෙන පරිත්‍යාගශීලියෙකි. “ද ෆවුන්ඩේෂන් ඔෆ් ගුඩ්නස්” සංවිධානයේ නොමසුරු අනුග්‍රාහකයෙකි.

එවන් වූ මෙහෙයක් මේ දෙරණට ඉටුකළ මේ සොඳුරු මිනිසා සුනිල් මාලවන නම්වීය

“Standing overture for Sunil's ‘Baila Me’ ” by Ivan Alvis, Lanka Times, June 2015
“Standing overture for Sunil's ‘Baila Me’ ” by Ivan Alvis, Lanka Times, June 2015

පරිවර්තනය : නවෝදා දයාකාන්ත

ගී ඇල්බම

album-art

More Hits by The Moonstones

By The Moonstones
Release date: 1968
album-art

Dilhani

By The Moonstones, Indrani Perera
Release date: 1969
album-art

The Sooriya Show

By
Release date: 1971
album-art

Baila Session in Sri Lanka

By
Release date:
album-art

Sooriya Golden Oldies

By The Super Golden Chimes, The Three Sisters, Eranga & Priyanga, The Golden Chimes, M.S. Fernando, Shiromie Fernando, H.R. Jothipala, The Moonstones, Indrani Perera, The Dharmaratne Brothers, Paul Fernando
Release date: 1985
Available now on:
album-art

Moonstones Original Recordings 1967-75

By ද මූන් ස්ටෝන්ස්
Release date: 1985
Available now on:
album-art

Moonstones Original Recordings 1967-75

By Indrani Perera, The Moonstones, ද මූන් ස්ටෝන්ස්
Release date: 1995
album-art

Sigiriya

By The Moonstones, Indrani Perera
Release date: 1969

වීඩියෝ

විශේෂ උත්සව අවස්ථා

  • No upcoming events scheduled yet. Stay tuned!

සුනිල් මාලවන

සාමාජිකත්වය දැරූ කණ්ඩායම් –
ද මුන්ස්ටෝන්ස්
ද සුපර් ගෝල්ඩන් චම්ස්

ප්‍රභේදය – සිංහල පොප් සංගීතය

Previous Artist
සුනිල් එදිරිසිංහ
Next Artist
සුනිල් ශාන්ත

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved