• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

නීලා වික්‍රමසිංහ

English
தமிழ்
  • චරිතාපදානය
  • ගී ඇල්බම
  • වීඩියෝ
  • විශේෂ උත්සව අවස්ථා

චරිතාපදානය

සැවොම බලාහිඳින්නේ තමාගේ ලොවට හිරු වඩිනතුරාය. නමුත් ඒ අතරින් අතළොස්සක් සෙස්සන්ගේ ලොවටද හිරු වඩිනතුරා බලාහිඳිති. නීලා වික්‍රමසිංහ යනු එවන් අපූරු චරිතයකි.

වර්ෂ 1960 මාර්තු 30 වනදා උපත ලද කුඩා බිළිඳියකි. අනාගතයේදී රටක් වසඟ කරන හඬක් බවට ඇගේ හඬ පෙරළෙතැයි එදා කිසිවෙකුත් නොසිතන්නට ඇත.

කැස්බෑව රජයේ පෞද්ගලික විද්‍යාලයේදී සංගීත ලොවට පා තැබූ ඇය මාස්ටර් වින්සන්ට් සෝමපාල, ආනන්ද ජයසිංහ, අමර අතුකෝරාළ, සරත් දසනායක, ප්‍රේමදාස මුදුන්කොටුව වැනි අතිදක්ෂ සංගීත ගුරුවරුන් රැසකගෙන් සංගීතය ඉගෙනීමට වාසනාවන්ත වූවාය.

එවකට ලංකා ගුවන්විදුලියේ ප්‍රචාරය වූ “ඇමටර් වොයිස්” නම් වැඩසටහනකි. ඇගේ හඩ මුල්වරට මෙරට වාතලයට මුසුවූයේ ඒ හරහාය. “සැඳෑ අඹරේ නිශා මල් යට” ඇගේ කුළුදුල් ගීයයි. ඇය එය ගායනා කළේ වයස අවුරුදු දහ හතක් පමණ වූ කුඩා වයසකදීය. “සැඳෑ අඹරේ නිශා මල් යට” ඩෝල්ටන් අල්විස්ගේ සොඳුරු පද පෙළකි. නාද රටා මුසුකළේ ලයනල් අල්ගමය. ඇගේ ඒ සහජ දක්ෂතාවය ඔපමට්ටම් වූයේ හින්දුස්ථානී රාගධාරී සංගීතය ඉගෙනීමෙනි. වර්ෂ 1974 වනවිට ඇය විශාරද උපාධියද දිනාගත්තාය.

අතිදක්ෂ චිත්‍රපට පසුබිම් ගී ගායිකාවක ලෙස චිත්‍රපට 67කටම මිණි කිංකිණි පරදන සොඳුරු හඬකින් ගී ගැයුවාය. අහස පොළව සේ කිසිදාක එක්නොවන පෙම් යුවළකගේ සෙනෙහසේ මහිමය හා ශෝකයේ පරතෙර “ගොළු හදවතේ”, “වියෝ ගී” ගීයට මනාව මුසුකළාය. එමෙන්ම “මාස්ටර් සර්” වැනි ගී ගයමින් විවිධ ශෛලියන්ට ගී ගැයීමට ඇති හැකියාවද සනාථ කළාය. 1989 වර්ෂයේ සිදුවූ විශ්‍රාම ගැනීමෙන් අනතුරුව විදේශගතවූ ශ්‍රී ලාංකිකයන් පිනවීමටද ගී ගැයුවාය. ගායන දිවියේ හතළිස් පස්වන වසර වෙනුවෙන් “මාස්ටර් සර්” ප්‍රසංගය රටට තිළිණ කළාය.

“සූරිය” පටිගත කිරීම් සහ නීලා සුසංයෝගය දශක ගණනාවක් ඈතට දිවෙන්නකි. එහි පළමු අදියර ලෙස “සෝන්ග්ස් ඔෆ් ඕල්ඩ් සිංහල තියටර්“ ඇල්බමය එළිදක්වන ලදි. ඉන්පසු නැවත “සූරිය” ලේබලය යටතේ හෙළයේ මහා ගාන්ධර්වයා වූ පණ්ඩිත් අමරදේවයන් සමඟ ගී ගැයුවාය. ඉන් නොනැවත වර්ෂ 1979 දී ටී.එම්. ජයරත්න සමඟ එක්ව “බෙස්ට් ඔෆ් ටී.එම්.  ඇන්ඩ් නීලා“ ඇල්බමයද සංගීත ලොවට තිළිණ කළාය.

ගී ගැයීමෙන් ඔබ්බට තමාගේ දැනුමද දක්ෂතාවයද නව පරපුරට බෙදාදීමට යුහුසුළු වූ ඇය පාසල් ගුරුවරියක ලෙස වසර විසි පහක කාලයක් මුළුල්ලේ සිසු සිසුවියන්ට මඟ නොමඟ පෙන්වා දුන්නාය.

Singing a duet with Visharada W. D. Amaradewa
Singing a duet with Visharada W. D. Amaradewa
Neela performing with the Super Angel Band in the 80’s (image courtesy of Ramzy Mohamed)
Neela performing with the Super Angel Band in the 80’s (image courtesy of Ramzy Mohamed)

මානව දයාවෙන්, ජීව ගුණයෙන් සපිරුණු ඇය 1989 වර්ෂයේදී “යුනිසෙෆ්“ සංවිධානය සමග එක්වූයේ පෝලියෝ රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ අරමුණ සහිතවය. ඉන් නොනැවත “ද මදර්” සංවිධානය පිහිටුවා ගනිමින් දෙරණ පුරා දරු දැරියන්ට, වැඩිහිටියන්ට, වියපත් කලාකරුවන්ට මවක වූවාය.

එකී, මෙකී,නොකී සොඳුරු පැහැයන් ලොවට මුසුකරමින් අදටද නොමැකෙන සිනහවෙන් “රන් ටිකිරි සිනා”, “පෙම් සිලිලාරේ” වැනි ගී ගයන්නී, රස මවන්නී ඇයයි.

සටහන : තාරක රංචිගොඩ

සංස්කරණය : නදීෂා පෝල්

පරිවර්තනය  : නවෝදා දයාකාන්ත

ගී ඇල්බම

album-art

Songs Of The Old Sinhala Theatre

By
Release date: 1974
album-art

Best of Neela & T.M.

By Neela Wickramasinghe
Release date:
album-art

Best of Neela & TM

By Neela Wickramasinghe, නීලා වික්‍රමසිංහ
Release date: 1985
Available now on:
album-art

Best of the Light Classics

By Neela Wickramasinghe, නීලා වික්‍රමසිංහ
Release date: 1985
album-art

Best of Light Classics

By Sunil Shantha
Release date: 1995
album-art

Traditional Music From South Sri Lanka

By Neela Wickramasinghe, නීලා වික්‍රමසිංහ, අයිවෝ ඩෙනිස්
Release date: 1985
album-art

Traditional Music From South Sri Lanka

By Neela Wickramasinghe, අයිවෝ ඩෙනිස්
Release date: 1995
album-art

Sri Lanka National Anthem

By Neela Wickramasinghe, නීලා වික්‍රමසිංහ, අයිවෝ ඩෙනිස්
Release date: 1985
album-art

Ratnavalli

By අයිවෝ ඩෙනිස්
Release date: 1985
Available now on:
album-art

Songs of the Old Singhala Theatre (Nruti)

By Neela Wickramasinghe, නීලා වික්‍රමසිංහ
Release date: 1985
album-art

Songs of The Old Sinhala Theatre

By Neela Wickramasinghe
Release date: 1995

වීඩියෝ

විශේෂ උත්සව අවස්ථා

  • No upcoming events scheduled yet. Stay tuned!

නීලා වික්‍රමසිංහ

ප්‍රභේදය – සිංහල සරල සම්භාව්‍ය, චිත්‍රපට සංගීතය

Previous Artist
නන්දා මාලිනී
Next Artist
පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved