• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

මරියසෙල් ගුණතිලක

English
தமிழ்
  • චරිතාපදානය
  • ගී ඇල්බම
  • වීඩියෝ
  • විශේෂ උත්සව අවස්ථා

චරිතාපදානය

“හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” යන කියමන සනාථ කරමින් ඇය ගායනයෙහි තම දස්කම් දැක්වීම ආරම්භ කළේ වයස අවුරුදු හතක් තරම් කුඩා වයසකදීය. පසුකාලීනව ශ්‍රී ලාංකේය පොප් සංගීතයේ විශාල පෙරළියක් ඇති කළ ඇය නමින් මරියසෙල් ගුණතිලකය.

වයස අවුරුදු හතේදී නිවසෙන් ආරම්භ වූ ඇගේ ගායන දිවිය වයස අවුරුදු දහයේදී “ඔබ්සර්වර් ටැලන්ට් සර්ච් – ජූනියර් සෙක්ෂන්” නාමය දිනාගැනීමත් සමඟ නවමු මඟකට යොමුවිය. නොබෝ කලකින්ම ඇය ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ශ්‍රාවකයන් අතර නොමැකෙන නාමයක් “ජූනියර් රිද්මියර්ස්” සංගීත කණ්ඩායම හරහා දිනාගත්තාය.

Mariazelle with “The Midnight Mist”
Mariazelle with “The Midnight Mist”

ගිටාර් වාදනය ඉගනුම සඳහා වින්ස්ටන්ට් ජයවර්ධන හමුවට ගිය ඇය , ඔහු ද විශ්මයට පත්කරමින් කෙටි කලකින්ම ඉතාමත් රසවත්ව ගිටාරය වැයීමට උගත්තාය.

“ද එමරල්ඩ්ස්”, ”මිඩ්නයිට් මිස්ට්” වැනි වාදන කණ්ඩායම් සමඟ ඉදිරියටම ගිය ඇය 1977 දී “කැන්ඩි ළමිස්සී” ගීතය ගයමින් ශ්‍රී ලාංකේය සංගීතයේ විප්ලවීය වෙනසක් සිදුකළ බව නොරහසකි.  “ලාංකීය බයිලා රැජිණ” ලෙස නම්දැරෑ ඇය ගැයූ ගීත අතරින් අතළොස්සක් ලෙස “රහසයි සොඳුරු ජීවේ” , “යොවුන් සිහින ලෝකේ”, ”ඔබ ලබා ගන්න ඔබ හට”, “ගැයූ ගී“ යනාදී ගීත දැක්විය හැක.

කාලයක් මුළුල්ලේ පුරුෂයන්ට පමණක් වෙන්වී ඇතැයි ප්‍රේක්ෂකයන්ට සිතුණු සිංහල බයිලා කලාවේ කාන්තා පරමාදර්ශයක් ලෙස නැගී සිටියාය. ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයන් වූ; ක්ලැරන්ස් විජේවර්ධන, ජිප්සීස්, එම්.එස්. ප්‍රනාන්දු,ඇනස්ලි මාලවන වැන්නවුන්  සමඟින් උරෙනුර ගැටෙමින් ඇගේ දීප්තිය සංගීත ක්ෂේත්‍රයේ තව තවත් විහිදුවාලූවාය.

බටහිර පොප් සංගීතයේ සිට සිංහල බයිලා කලාව දක්වා විශාල පරාසයක ගී ගැයූ ඇය 1983 වර්ෂයේදී “ද කිංග්ස්“ නම්වූ ඇගේ වාදන කණ්ඩායමත් සමඟ ජාත්‍යන්තරයද ආක්‍රමණය කළාය.

ඇගේ මාවත සොඳුරු මල් පියලි ඇතිරවූවක් නම් නොවීය. ඉතා බරපතල හදිසි අනතුරකට ලක්වීමෙන් කොඳු ඇට පෙළටද, ග්‍රීවාස්ථියටද දරුණු හානි සිදුවූවද තම ගමනට නැවතීමේ තිත නොතැබුවාය.

At live shows singing together with Desmond de Silva & Ronnie Leitch
At live shows singing together with Desmond de Silva & Ronnie Leitch

ජීවමාන කටහඬ, අපූර්ව ඉදිරිපත් කිරීම් විලාශය හා ජවසම්පන්න වේදිකා ආක්‍රමණය සමඟම ඇගේ සොඳුරු ගීත රාශියක්ම අදටත් අප සිත් තුළ ජීවමාන වීමම ඇගේ අපූර්වත්වය මනාවට කියාපායි.

සටහන : රුවින්දි  තමාෂි 

සංස්කරණය : නදීෂා පෝල්

පරිවර්තනය : නවෝදා දයාකාන්ත

ගී ඇල්බම

වීඩියෝ

විශේෂ උත්සව අවස්ථා

මරියසෙල් ගුණතිලක

ප්‍රභේදය – සිංහල පොප් සංගීතය

Previous Artist
පෝල් ප්‍රනාන්දු
Next Artist
මාලනී බුලත්සිංහල

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved