
වර්ෂ 1949 ක් වූ දෙසැම්බර් 12 වන දින බොරලැස්ගමුවේ දී මෙලොව එළිය දුටු බුලත්සිංහලගේ මාලනී චන්ද්‍රලතා , පසු කලෙක රසික සමාජය අතර ප්‍රචලිත වූයේ මාලනී බුලත්සිංහල යන නමිනි. විල්සන් හා පී.කේ.බුලත්සිංහල දෙමාපියන්ගේ කුලුදුල් දියණිය වූ මාලනී , සහෝදරියකට හා සහෝදරයෙකුට වැඩිමහල් සොහොයුරියක විය. ඇගේ සොහොයුරිය වූයේ , පසු කලෙක ප්‍රසිද්ධ ගායිකාවක වූ සන්ධ්‍යා බුලත්සිංහලයි.
බොරලැස්ගමුවේ පැපිළියාන “ Beacon “ කාන්තා විද්‍යාලයෙන් මූලික අධ්‍යපනය හැදෑරූ ඇය , වැඩිදුර සංගීත අධ්‍යාපනය ලබා ගත්තේ , සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙනි. එහි ඇගේ ගුරුවරු වූයේ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන් සහ සනත් නන්දසිරි ය. පසු ව ඉන්දියාවේ ලක්නව් හි බාත්ඛණ්ඩේ විශ්ව විද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රීය සංගීතය පිළිබඳ උපාධියක් ලබා ගත් ඇය , කාලයක් ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි සහකාර අධ්‍යාපන අධ්යක්ෂවරියක් ලෙස ක්‍රියා කරමින් , තරුණ ක්‍රියාකාරීන් සඳහා උපදේශකවරියක් ලෙස සහය දුන් නායිකාවක් විය.

සංගීත ගමනේ ආරම්භය
මාලනී බුලත්සිංහල කලා ලොවට පිවිසියේ , අවුරුදු 10ක් තරම් වූ කුඩා කාලයේ දී ය . ඒ 1959 දී පමණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා විකාශනය වූ ” සඳ වට රන් තරු ” සංගීත නිර්මාණය සඳහා ගායනයෙන් දායකත්වය සපයමිනි . එයින් ඇරඹි මාලනීගේ සංගීත දිවිය , ඇගේ අභාවය තෙක් ම අවුරුදු 40 කට අධික කාලයක් තිස්සේ ලාංකේය රසික සවන් පිනවමින් සුලලිත ව ගලා ගියේ ය .
සංගීත ගමන
එවකට රටේ ඇති වූ සාමාජීය ප්‍රශ්න නිරතුරුව ම විවේචනයට විචාරයට ලක් වූ මාලනියගේ ගීතවලට දැඩි සේ සිතට කාවදින ඇගේ හඬ ද මනාව ගැලපුණි . මේ නිසා ම මාලනී බුලත්සිංහල එකල රසිකයන්ගේ සුවිශේෂී ගායිකාවක වූ අතර , ඇගේ ගී බොහොමයක් ඉතා ඉක්මනින් රසික රසිකාවියන් අතර ජනප්‍රියත්වයට පත් විය .

“ සඳමඬල “ මාලනී මාලනී ඉමහත් ප්‍රසිද්ධියට පත් කළ ගීයකි. “ දිනුර ක්‍රියේෂන්ස් “ ඔස්සේ ජනගත වූ මාලනියගේ ගීත ඇල්බම බොහෝ රසික සිත් දිනා ගත්තේ ය . “ අහසින් තරුවක් “ , “ අකීකරු හිමියනේ “ , “දෑසේ මල් විලේ “ , “ දෙඅතින් වැඳලා “ , “ දඹකොළ පටුනේ “ , “ දම් පාටින් ලා “ , “ බුදු බණ කිව්වත් “ , “ දකින විට පන්සලක් “ , “ අපි යන්ට යමු “ යන ගීත ඇතුලත් “ දඹකොළ පටුනේ “ ගීත ඇල්බමය මෙන් ම , “ හද සැලෙනා “ , “ කිරිල්ලියක වී “ , “ මං හින්දා ඔබේ “ , “ දොර කවුළුවෙන් “ , “ හිමි නැත් පෙමකට “ , “ කන්ද කෙන්ද කරනු පිණිස “ ,“ හාමුදුරුවනේ දනක් “ , “ මගෙ ආදර පවසට “ , “ ගිණි කන්දක් “ , “ හිමි සනරාමර “ , “ කේතුමතී රජදහනේ “ , “ මා එක්කල අමනාප ව “ , “ මළ පොතේ අකුරු “ , ” ආදරයක හැඟුමන් “ , “ මොනාලිසා “ යන ගීත ඇතුලත් “ දොර කවුළුවෙන් “ ගීත ඇල්බමය ද එසේ ප්‍රචලිත වූ නිර්මාණයන් ය .

එමෙන් ම “ අභිසාරිකාවන්ගේ “ , “ Malani Bulathsinhala Popular Hits “ , “ නින්ද නැති රැයේ “ , “ මේ ප්‍රේම කතා “ , “ පෙර සන්සාරේ “ යන නම්වලින් නිකුත් වූ ගීත ඇල්බම සඳහා ද මාලනී දායක වී ඇත .

සූරිය ලේබලය හරහා පැමිණි ශ්‍රී ලංකාවේ ජාතික ගීය ඇතුලත් ඇල්බමයට ද ටී.එම්.ජයරත්න , නීලා වික්‍රමසිංහ , අයිවෝ ඩෙනිස් සමඟ මාලනී බුලත්සිංහල ද ගායනයෙන් සිය දායකත්වය සැපයීය .

ඊට අමතර ව මාලනී බුලත්සිංහලගේ ගීත “ Torana “ ලේබලයෙන් ද රසික සවන් වෙත සමීප වී ඇත .
1980 දී “ මාලනී බුලත්සිංහල “ හා 1988 දී “ අහසින් තරුවක් “ යන නම්වලින් නිකුත් වූ ගීත ඇල්බම මෙන් ම , ඇන්ජලීන් ගුණතිලකගේ ද දායකත්වයෙන් 1976 දී නිකුත් වූ ” ආල රැඟුම් “ නම් EP තැටිය ද ඇගේ නිර්මාණ අතර රසික සිත් දිනා ගත් අංගයන් විය .

ශ්‍රාස්ත්‍රීය සංගීතය මෙන් ම බ්ලූ සංගීතය හා ජන සංගීතය ඔස්සේ ද සිය දස්කම් දැක්වූ ඇය , ” අකුලාගෙන සොඳ ” වැනි ජන ගී ද , ” මේ රට ” වැනි ළමා ගීත ද ගායනා කර ඇත .

මාලනී , ගුණදාස කපුගේ සමඟ
ගුණදාස කපුගේ ශූරීන්ගේ මංගල කැසට් පටය වූ ” දම් පාටින් ලා සඳ ” ගීත එකතුව සඳහා ද මාලනී බුලත්සංහල දායක වීම විශේෂත්වයකි .
ගුණදාස කපුගේට අමතර ව මාලනියන් , පණ්ඩිත් ඩබ්ලිව්. ඩී.අමරදේව , සනත් නන්දසිරි , වික්ටර් රත්නායක , මිල්ටන් මල්ලවාරච්චි , ටී.එම්.ජයරත්න , සුනිල් එදිරිසිංහ , විජය කුමාරතුංග , ග්‍රේෂන් ආනන්ද , එඩ්වඩ් ජයකොඩි , රෝහණ වීරසිංහ , සමන් ද සිල්වා , අයිවෝ ඩෙනිස් , කරුණාරත්න දිවුල්ගනේ , අමරසිරි පීරිස් , රෝහණ බැද්දගේ , ෂර්ලි වයිජයන්ත , ෆීල්ක්ස් පෙරේරා , ටෝනි හසන් , ටයිටස් පෙරේරා , මහින්ද සිල්වා , ෂෙල්ටන් පෙරේරා , අසංක පියමන්ත පීරිස් වැනි ප්‍රවීණ ගායකයන් රැසක් සමඟ යුග ගී ගායනා කර ඇත.

නාට්‍ය බොහෝ සංඛ්‍යාවකට මාලනී බුලත්සිංහල විසින් ගීත ගායනා කර ඇත . ” සූටි ගමරාළ ” නාට්‍යට ගැයූ ” ඈ සැන්දෑ කාලේ ” ගීතය , සිරිල් අබේකෝන් සමඟ ගැයූ ” මගෙ භාරි ඔබයි ” ගීතය , ” දෙව්ලොව යනකන් ” නාට්‍යට ටයිටස් පෙරේරා සමඟ ගැයූ ” අපි යන්ට යමූ ” , ” අතුරු මිතුරු ” , ” දුර ඈත හිමෙන් ” , ” රෑ බෝ වී එන්නා ” යන ගීත ද , ” නෙත් අඳ බිසවු ” නාට්‍යට ටයිටස් පෙරේරා සමඟ ගැයූ ” හඳපාන ඔබේ ” , ” ඉඳ වරුණ “යන ගීත ද , ” රාමායනය ” නාට්‍යට ගැයූ ” සවන් දී පෙර රාම ” ගීතය , ” නැට්ටුක්කාරයෝ ” නාට්‍යට ෆීලික්ස් පෙරේරා සමඟ ගැයූ ” හේමන්ත සීනේ ” ගීතය , ටයිටස් පෙරේරා සමඟ ගැයූ ” ලස්සන මුහුණ ” , ” මලෙක පියල්ලක ” යන ගීත ද , අශෝක ගුණසේකර සමඟ ගැයූ ” සිත පිරුණා ” ගීතය , ” රජ වැඩ ” නාට්‍යට ගැයූ ” උඩු ගුවනේ ” යන ගීතයන් , ඒ අතර ප්රමුඛ වෙයි .
ඊට අමතර ව මාලනී බුලත්සිංහල 1978 දී “ ගුවන් විදුලි ගී “ , සිසිර සේනාරත්නයන්ගේ නිර්මාණයක් වූ “ මගෙ රන් පුතා “ , රොක් සාමිගේ නිෂ්පාදනයක් වූ “ සඳ ව රන් තරු “ , 1979 දී ප්‍රේමසිරි කේමදාසයන්ගේ නිර්මාණයක් වූ “ Sri lanka : profile of Sinhala culture in sound & rhythm “ , 1981 දී මිල්ටන් මල්ලවාරච්චිගේ නිර්මාණයක් වූ “ සඳෙන් එහා “ , 1982 දී ගුණදාස කපුගේ ශූරීන්ගේ නිර්මාණයක් වූ “ සීතල සඳ එළියේ “ , 1999 දී මිල්ටන් මල්ලවාරච්චිගේ නිර්මාණයක් වූ “ රන් හිරු “ , 2003 දී නිකුත් වූ ප්‍රේමසිරි කේමදාසයන්ගේ නිර්මාණයක් වූ “ ගොළු හදවත්න් තුනවෙනි යාමයට “ , 2012 දී නිකුත් වූ රෝහණ වීරසිංහයන්ගේ නිර්මාණයක් වූ “ ආදරණීය රෝහණ ගී නිර්මාණ “ , 2013 දී නිකුත් වූ “ සෙවණැලි නොමැකේ නම් “ , ෂෙල්ටන් මුතුනාමගේ නිර්මාණයක් වූ “ සමාව ඉල්ලා “ ආදී සංගීත නිර්මාණ රැසකට ගායනයෙන් සිය දායකත්වය සපයා ඇත .

මාලනී බුලත්සිංහලගේ සම්පාදනයක් වූ ” පෙර සංසාරේ ” ගීත එකතුව නිකුත් වූයේ 2013 දී ය. ” සඳෙන් එහා ” , ” සීතල සඳඑළියේ ” , ” අහසින් තරුවක් ” , ” රන් හිරු ” , ” සමාව ඉල්ලා ” වැනි නිර්මාණ උදෙසා වූ ඇගේ දායකත්වය සම්මානයට ද පාත්‍ර වී ඇත .
එමෙන් ම චිත්‍රපට ක්ෂේත්රයට ද පසුබිම් ගායිකාවක ලෙස ඇගෙන් සැපයුණු දායකත්වය අතිමහත් ය. “ කල්ප විනාසය“ චිත්‍රපටයට ගැයූ “ අනවතත්ත විල “ , 1978 දී තිරගත වූ “ සඳ වට රන් තරු “ චිත්‍රපටයට ගැයූ “ හිත බැඳුනේ දෑසේ “ , ටෝනි හසන් සමඟ ගායනා කළ “ දෙනුවන් මෙන් උපුල් “ , 1980 දී තිර ගත වූ “ පරිත්‍යාගය “ චිතුපටයට ටී.එම්. ජයරත්න සමඟ ගැයූ “ ලා හිරු පායලා “ , 1985 දී තිරගත වූ “ වත්සලා අක්කා “ චිත්‍රපටයට ගැයූ “ සඳ මෝරලා “ , 1991 දී තිරගත වූ “ මධු සමය “ චිත්‍රපටයට ගැයූ “ ඔබ මා ද “ , “ කුළ ගෙය “ චිත්‍රපටයට ගැයූ “ සරා ගී “ ,“ ආරාධනා “ චිත්‍රපටයට මිල්ටන් මල්ලවාරච්චි සමඟ ගැයූ “ සීත අරණේ “ , 1982 දී තිරගත වූ “ රිදී නිම්නය “ චිත්‍රපටයට ටී.එම්. ජයරත්න සමඟ ගැයූ “ සුළඟ වගේ “ යන ගීත රසික ප්‍රසාදය දිනා ගත් ගීත විය . ඊට අමතර ව මාලනී , “ අමරණීය ආදරේ “ (1975) , “ ආශා “(1976) , “ මගෙ රන් පුතා “ (1978) , “ මුවන් පැලැස්ස “ (1979) , “ සීතා “ (1980) , “ ඩොක්ටර් සුසන්තා “ (1980) , “ සිස්ටර් මේරි “ (1983) , “ මුවන් පැලැස්ස 3 (1983) , “ මුහුදු ලිහිණි “ (1983) , “ වැල්ලේ තැනූ මාලිගා “ (1984) , “ බිනරි සහ සුදු බණ්ඩා “ (1984) , “ පොඩි රාලහාමි “ (1984) , “ මුතු මැණිකේ “ (1984) , “ කිරි මදු වැල් “ (1985) , “ දුෂ්‍යාන්ති “ (1986) , “ අවුරුදු දා “ (1986) , “ සඳකඩ පහන “ (1988) , “ හිම ගිර “ (1990) , “ උමයන්ගනා “ (1992) , “ මධුරි “ (1996) , “ ඇයි ඔබ තනි වෙලා “ (2008) ආදී චිත්‍රපට රැසක් සඳහා ද චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස සිය දායකත්වය සපයා ඇත .
සංගීත , නාට්‍ය , චිත්‍රපට මෙන් ම ටෙලි නාට්‍ය සඳහා ද ඇය සම්බන්ධ වී ඇත . ඒ “ හිමගිරි අරණ “ ටෙලි නාට්‍යට ගැයූ “ බුමුතුරුණක රැඳි “ ගීතය , “ පොද වැස්ස “ ටෙලි නාට්‍යට ගැයූ “ කිරිල්ලියක වී “ ගීතය , “ උඩවැඩියා මල “ ටෙලි නාට්‍යට අමරසිරි පීරිස් සමඟ ගැයූ “ සීතල කඳු “ යන ගීත ඔස්සේ ය .

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයට මාලනී බුලත්සිංහලගෙන් වු ඉමහත් සේවය අගයමින් , ඇයට ශ්‍රී ලංකාවේ සංගීත තානාපති වශයෙන් සම්මානයක් ලබා දුන් අතර , වර්තමානයේ දී කොළඹ දෙහිවල බෙල්ලන්තර මං සන්ධියේ සිට වූ මාර්ගයක් “ මාලනී බුලත්සිංහල මාවත “ ලෙස ද නම් කොට ඇත .

මාලනීගේ සැමියා , එච්.එම්.ජයවර්ධන
විශිෂ්ට සංගීතඥයෙකු වූ එච්.එම්.ජයවර්ධනයන්ගේ අතින් නිර්මිතතනුවකට අනුව “ රජ මැදුරක ඉපදී සිටියා නම් “ යන ගීතය මාලනීගේ හඬින් ගැයුණු අතර , එය රසික සිත් ඇද බැඳ ගැනීමට සමත් විය . එයින් එම දෙපල බොහෝ සේ දිරි ගැන්වුණ අතර , මාලනී බුලත්සිංහල , එච්.එම්.ජයවර්ධනයන් සමඟ අතිනත ගන්නේ , එම සංගීත ගමනේ සුමිහිරි ප්‍රතිඵලයක් ලෙසයි . ඒ 1978 දෙසැම්බර් 30 වන දා ය .

එක් දරු මවක වූ මාලනී , සිය පුත්‍රයා ද මා පිය අඩි පාරේ යැවීමට සමත් විය . එම කැදැල්ලේ එක ම පුතු වුයේ කසුන් කල්හාර ජයවර්ධනයි .

මාලනී හා ඇගේ පුත් කසුන් කල්හාර
ශ්‍රී ලංකාවේ මෙන් ම විදේශීය ප්‍රසංගවල ද ගීත ගායනා කළ මාලනී බුලත්සිංහල , 2001 දී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි දී මාර්තු 29 දා අප අතරින් වියෝ වූයේ එවැනි සංචාරයක නිරත ව සිටිය දී ය . මාර්තු 31 දා යළිත් ලංකාවට පැමිණීමට බලාපොරොත්තු ව සිටි ඇය , අනපේක්ෂිත ලෙස ඇමරිකාවේ එවකට ශ්‍රී ලංකා කොන්සල්වරයා වූ තිස්ස විජේරත්න මහතාගේ නිවසෙහි නාන කාමරයේ දී හිසකෙස් සායම් වර්ගයක් නිසා ඇති වූ ආසාත්මිකතාව නිසා , Anaphylaxis රෝගී තත්ත්වයට ගොදුරු වී , ළඟ ම පිහිටි මෙතෝදිස්ත රෝහලට රැගෙන යාමට ද ප්‍රථම මරණයට පත් වූවා ය .

කසුන් කල්හාර
1959 සිට 2001 දක්වා මෙරට කලාව හා සංගීත ක්ෂේත්රයේ උන්නතිය උදෙසා කැපවුණු මාලනිය වෙනුවෙන් ඇගේ එක ම පුත් කසුන් කල්හාර , සිය මව් පිය දෙපාර්ශවයේ ම උරුමය සුරකිමින් වර්තමානය උදෙසා තම යුතුකම් හා වගකීම් ඉටු කරයි .