• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

මැල්කම් ඇන්ඩ්‍රි

English
தமிழ்
  • චරිතාපදානය
  • වීඩියෝ
  • විශේෂ උත්සව අවස්ථා

චරිතාපදානය

හංසයාට දියෙන් කිරි වෙන්කිරීමට ඉගැන්විය යුතු නැත. ගැහැණු දරුවන් තිදෙනෙකු හා පිරිමි දරුවන් තිදෙනෙකු සිටි පවුලක ළාබාලතම පුත්‍රයා ලෙස වර්ෂ 1933 ඔක්තෝබර් 27 වැනිදා උපත ලද මැල්කම් ඇන්ඩ්‍රි තම පියාවූ ඩොනවන් ඇන්ඩ්‍රිගේ අඩි පාරේම ගියේ ඒ බව පසක් කරමිනි. පියා ක්‍රීඩා අනුග්‍රාහක ක්ෂේත්‍රයේ නොමැකෙන අඩි සටහන් තැබීය. පුතුද ඒ අඩි පාරේම යමින් කලාවට, ක්‍රීඩාවට අතහිත, අනුග්‍රහය දුන්නේය .

මෙරට ගායක ගායිකාවන්ට අතහිත දීමෙන් නොනැවත ජාත්‍යන්තර ඉදිරිපත්කිරීම් මෙරටට හඳුන්වා දුන්නේය. පසුකාලීනව ජාත්‍යන්තරයේද තම කීර්තිය පැතිරවූ ක්ලිෆ් ෆොයෙන්ඩර්, බිල් ෆෝබ්ස්, එරික් ද සෙල්ෆා වැනි කලාකරුවන්ට නොමඳ සහයෝගයක් ලබාදුන්නේය. කලා ක්ෂේත්‍රයට සීමා වී නොසිට ක්‍රීඩා ක්ෂේත්‍රයටද විශේෂයෙන්ම දැල්පන්දු ක්‍රීඩාවටද පිය ඇවෑමෙන් අනුග්‍රහය ලබාදුන්නේය. ඉන් නොනැවතී ගුවන්විදුලි හා වේදිකා ප්‍රසංග ඉදිරිපත් කිරීමට උත්සුකවූයේ ඔහුගේ හඩ පෞරුෂය විහිදාපාමිනි.

Donovan Andree father of Malcolm Andree
Donovan Andree father of Malcolm Andree

තම කුළුදුල් ප්‍රසංගය ලෙස “ මෙලඩි ඩැමෝර් “ නිෂ්පාදනය කළේය . එහි අනන්‍යතාව බඳුවූ “ද ජෝන් බෝයිස්” පෙර ගැයූ ගීයට එදින හඬ එක්කළේ හෙදර් ක්‍රේක්, ලොරේටා ඔහ්ල්ස්ම් හා කීන් හැංගෙයර්ය.බොබ් හාවි මෙහෙයවූ ප්‍රසංගයේ වාද්‍ය වෘන්දය ලෙස හැරල්ඩ් සෙනෙවිරත්න, ජෙරී ක්‍රේක්, අර්ලින් පෙක් හා පැට්‍රික් නෙල්සන් සහය දැක්වීය. සෙසු සාමාජිකයන් ලෙස ලෝරන් ග්‍රැහැම්, නොයෙලින් හොන්ටර්, ඩැල්රීන් සුබි, පැට් ක්ලයිඩ්, ද ජේ බ්‍රදර්ස්, ඩෙන්සිල් හා වස්කෝ යුවල, ඩෙනිස් රොබට්ස්, ෂර්මිනී ඇන්ඩ්‍රඩෝ, ඩොරීන් ස්ටුවර්ට්, ලයිලි හොඩ්රිජ්, ජෙරී ක්‍රේක් හා ඩඩ්ලි පෙරේරාද සහයදැක්වූවෝය. ඔහු කලාවට කළ සේවය අමිලය.මුදල මුල් තැනට නොගෙන ස්වකීය තෘප්තිය සඳහා ද කලාවේ උන්නතිය සඳහා ද අපරිමිත වෙහෙසක් දැරුවේය.ප්‍රසංගයෙන් ලද ආදායම රු.250ක් පමණක් බව දැනගත් බොබ් හාවි පවා විශ්මයට පත්වුවද මැල්කම් ඒ පිළිබඳ දැක්වූයේ සරල විනෝදාත්මක ප්‍රතිචාරයකි.

ගුවන් විදුලිය තුළ ඔහු අනුග්‍රහය දැක්වූ වැඩසටහන් ලෙස “ඉලාස්ටෝ”, “ටැලන්ට් ෂෝ” හා “ස්ටාර්ස් ඔෆ් ශ්‍රී ලංකා” දැක්විය හැක. නොබෝ කලකින්ම ලංකා ගුවන්විදුලියේ නිතර රැව්පිළිරැව් දෙන හඩක් බවට පත්වූ ඔහුගේ හඬ ලාංකිකයන්ට ඉතාමත් හුරු පුරුදු එකක් බවට පත්වීය.

වර්ෂ 1959දී ඊ.ඩබ්ලිව්. බාලසූරියගේ ආරාධනයෙන් වේදිකා ප්‍රසංග කලාවටද අත්පොත් තැබූ ඔහු වර්ෂ 1960 මුල් භාගය වනවිට ඉංග්‍රීසි භාෂාවෙන් ද පසුකාලීනව ජයතිස්ස හෙට්ටිආරච්චිගේ සහයද සමඟ පෙරදිග හැඩයෙන්ද ප්‍රසංග නිෂ්පාදනය ඇරඹීය. “හෝල්ඩින් ඔන් අයිස් “ වැනි ප්‍රසංග හරහා දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගත්තේය.

ඔහු පොප් සංගීත ලොවට බොහෝමයක් තරු හඳුන්වා දුන් අතර ඔහුගේ ප්‍රසංග වල ගී ගැයූ ජනප්‍රිය තරු අතර ලා සිලෝනියාස්, ත්‍රී සිස්ටර්ස්, සමන් ද සිල්වා, එම්.එස්. ප්‍රනාන්දු, එච්. ආර්.ජෝතිපාල, සුජාතා අත්තනායක, නුවන් ගුණවර්ධන, ඩෙරික් ද සිල්වා, කුමුදුනී (ද රිම්බෝ ගර්ල්), ජෙට් ලයිනර්ස්හි ප්‍රසිද්ධ ගායන යුවල වූ ටෝනි ප්‍රනාන්දු හා ඔහුගේ බිරිඳ වූ මිග්නෝනි සුවිශේෂී ස්ථානයක් ගනී.

මුදල් පසුපස නොව ආත්ම තෘප්තිය පසුපස හඹාගිය සොඳුරු මිනිසෙකු වූ හෙතෙම ස්වකීය මිත්‍රශීලී පෞරුෂයද, ජවසම්පන්න ඉදිරිපත් කිරීමේ විලාශයද, නිර්මාණශීලී බවද ඉතිරිකොට තබා 2014 වර්ෂයේදී අවසන් ගමන් ගියේය. ඒ 81 වන වියේදීය. එනමුත් ඇන්ඩ්‍රි පිය පුතු නාමය අදටද මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජීවමානය.

සටහන : තාරක රංචිගොඩ 

සංස්කරණය : නදීෂා පෝල්

පරිවර්තනය : නවෝදා දයාකාන්ත

වීඩියෝ

විශේෂ උත්සව අවස්ථා

  • No upcoming events scheduled yet. Stay tuned!

මැල්කම් ඇන්ඩ්‍රි

උපත  – 1933 ඔක්තෝම්බර් 27

විපත  – 2014 දෙසැම්බර් 5

Previous Artist
මැක්ස්වෙල් මෙන්ඩිස්
Next Artist
මිල්ටන් මල්ලවාරච්චි

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved