
බයිලා කලාව දේශීය රටාවට හැඩගස්වමින් ලාංකීය රසිකයා අතර ජනප්‍රිය කරලීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කලෙකි ඔහු. සිංහල, ඉංග්‍රීසි, දමිල, හින්දි සහ මැලේ යන භාෂා පහෙන්ම ගී ගැයීමට ඔහු සතු වූයේ සුවිශේෂී හැකියාවකි. සරළ පද මාලා බයිලා සංගීතය හා හැනී මැවූ රස ගුලාවට රසික සිත නතු වූ බව සැබෑය. ප්‍රීතිමත් බවින් ඔපවත් වූ මෙම නැටවෙන රිද්මය අපට දායාද කළ ඔහු ආදරණීය එම්.එස්.ප්‍රනාන්දුය.
මහගමගේ සැම්සන් ප්‍රනාන්දු ලෙස ඔහුව හඳුනා ගැනීමට අපොහොසත් වුවත් “සනි” හෝ “එම්.එස්” ලෙස ඔහුව හඳුනා නොගන්නෙකු නැතුවාට සැක නැත. 1931 වසරේ මාර්තු 04 වන දින සංගීත ලෝලීන්ගේ වාසනාවට උපන් එම්.එස්.ප්‍රනාන්දුගේ දෙමාපියන් වූයේ ලැරන් ප්‍රනාන්දු සහ ලිලී ගෝමස් යුවළයි. ගල්කිස්සේ ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ දෙහිවල ක්‍රිස්තුදේව විද්‍යාලය ඔහු සිප් සතර හැදෑරූ පාසල් වෙයි.

සංගීත ගමන
ඉන්පසු ඔහු 1964 වසරේ ඔක්තෝබර් 2 වන දින තිරගත වීම ඇරඹූ “සසරක හැටි” චිත්‍රපටයේ “සිලි සිලියේ නව සුවඳක්” ගීතය ගැයුවේය. එහි පද රචනය කරුණාරත්න අබේසේකර විසින් වූ අතර සංගීතවත් කළේ ආර්.මුත්තුසාමිය.
එම්.එස්.ගේ බොහෝ ගීත වල පද මලා සහ තනු ගෙත්තම ඔහුගේමය. ඔහු ඔහුගේ සොහොයුරු වෝල්ටර් වෙනුවෙන්ද බොහෝ ගීත රචනා කළේය. ජනප්‍රිය ගීතයක් වන “පුල්ලිගොනා පුරුදුකාරයා” ඉන් එකකි. වෝල්ටර් ඔහුගේ ජීවිතයේ විශ්වාසවන්ත සහායකයා විය. මැක්ස්වෙල් මෙන්ඩිස්ගේ ප්‍රසිද්ධ ගීතයක් වන “මම බොහොම බය වුනා” ගීතයද එම්.එස්.ගේ නිර්මාණයකි.
1969 දී එම්.එස්.ප්‍රනාන්දුගේ සිංහල පොප් ගීත සූරිය රෙකෝඩ් ලේබලය යටතේ පටිගත කෙරුණි. තවමත් අපට විටින් විට මිමිණෙන “පොල් පොල්” ගීතය ඉන් එකකි.

එකම චිත්‍රපටයකට ගීත වැඩිම ගණනක් එම්.එස්. ගයා ඇත්තේ 1972 වසරේ තිරගත වූ නීල් රූපසිංහ විසින් අධ්‍යක්ෂණය කළ “ආදරේ හිතෙනවා දැක්කම” චිත්‍රපටය සඳහාය. ඔහු චිත්‍රපට 150කට පමණ පසුබිම් සංගීතයෙන් දායක වී ඇත. එමෙන්ම චිත්‍රපට 25ක පමණ සහ ටෙලිනා ට්‍ය ය කිහිපයක සුළු ප්‍රහසන චරිත වලට දායක වී ඇත. “උදාගිරි” ටෙලිනා ට්‍ය යයේ ඔහු රඟපෑ චරිතය බොහෝ දෙනෙකුගේ මතකයේ රැඳී ඇත්තකි.
“සයිමන් අයියයි මාටින් අයියයි”, “ඔබට තියෙන ආදරෙ මම කියාල දෙන්න”, “මැණිකෙ මම ආයෙ ගෙදර එනවා”, “මල් යහනාවකි ලෝකේ”, “පුංචි පැචි කාලේ”, “ගුවන් ගැබේ”, “පෙම් ලොව නින්දෙදි”, “රොන් රස බේරෙන”, “කැකිරි පැලෙන” සහ “මේ ඉරිදා” යන ගීත රසික ජනයා ඉමහත් ආදරයෙන් වැළඳ ගත් ඔහුගේ ගීත වලින් කිහිපයකි.
1973 වසරේදී එවකට ජනාධිපතිව සිටි විලියම් ගොපල්ලව විසින් එම්.එස්. ප්‍රනාන්දු විසින් සිංහල සංගීතයට කරන ලද විශිෂ්ට මෙහෙවර අගයනු වස් ඔහුව “රන් නෙළුම” සම්මානයෙන් පිදීය.
බයිලා ගායන ඉදිරිපත් කිරීම් වෙනුවෙන් ඔහු රජත ඵලක 159ක් දිනා ඇති අතර ඔහුට “බයිලා චක්‍රවර්තී” යන නමද පටබැඳුනි. ඔහුගේ සංගීත ප්‍රසංග ලංකාවට පමණක් සීමා නොවිණි. එක්සත් රාජධානිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරුව සහ මැද පෙරදිග යන රටවලද සංචාරය කළ ඔහු එම රටවලදීද සාර්ථක සංගීත ප්‍රසංග පැවැත්වීය.



ඔහු කුඩා වියේදී ජීවත් වූ නගරය ආසන්නයේ පැවැත්වුණු බයිලා සංගීත ප්‍රසංග නැරඹීමට යාමට පුරුදුව සිටියේය. බයිලා කලාව කෙරෙහි ඔහු තුළ ඇල්ම වඩන්නට අත්තේ ඒනිසා වන්නට ඇත. කුඩා කළ සිටම බයිලා කලාව යොමු කළ හැකි නව මාවත් පිළිබඳ අදහසක් ඔහු සතු විය.
ඔහු එවකට ප්‍රසිද්ධ සංගීතවේදියෙකුව සිටි ජේ.ඒ. සත්යදාසන් ශූරීන්ගෙන් සංගීතය ප්‍රගුණ කළ අතර ඉතා ඉක්මණින්ම එම ප්‍රදේශයේ තිබූ සියලුම උත්සව අවස්ථාදියෙහි සංගීතය මෙහෙයවන්නා විය.
එම්.එස්. ගුවන්විදුලියේ එවකට ගුවන්ගත වූ “ආධුනික පැය” (Amatuer-hour) වැඩසටහනෙහි ගායකයෙකු ලෙස කටයතු කරන්නේ ඉන් පසුවය.
සංගීත ගමනේ ආරම්භය
කරුණාරත්න අබේසේකරයන් විසින් රචිත “මලක් කඩා කොණ්ඩෙ ගසාලා” ගීතය ඔහු ගැයූ මුල්ම ගීතයයි. එය යුග ගායනයක් වූ අතර පුෂ්පරාණි ආරියරත්න සමඟ එය ගැයීය. චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස ක්ෂේත්රයේ නමක් දිනීමට මග පාද්න ලද්දේ ඉන් ඔහු ලැබූ විශාල ජනප්රියත්වයයි.
ඔහුගේ ප්‍රථම චිත්‍රපට ගීතය වූයේ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න විසින් අධ්‍යක්ෂණය වූ “ජීවිත පූජාව” චිත්‍රපටයේ “ආයම්මට අලුත් ෆැෂන් ඕන උනාද” නම් ගීතයයි.


සූරිය රෙකෝඩ් ලේබලය යටතේ තවත් ඇල්බම දෙකක් තැටිගත කෙරුණු අතර ඉන් එකක ඉංග්‍රීසි ගීතයක් වන “පීපල් කෝල් මී ෆිෂර්මන්” (People Call Me Fisherman) ගීතය ඇතුළත් වන අතර අනෙකේ “ලංකාවල්ලා” නම් හින්දි ගීතයක් අන්තර්ගතය.
ඔහුගේ ගීත වලට සංගීතය සැපයූවේ එකළ සිටි දක්ෂතමයන්ය. “ස්පිට්ෆයර්ස්” සංගීත කණ්ඩායම, ක්ලෝඩ් ප්‍රනාන්දු, බෙලා කර්ක්, ඩන්කන් ක්ලයිඩ් සහ එඩ්ගාර් පෙරේරා ඉන් සමහරෙකි.
එම්.එස්.ප්‍රනාන්දු ටියුලින් ප්‍රනාන්දු හා විවාහ වී සිටි අතර සුසිල්, සරත් සහ ශාන්ත යන පුතුන් තිදෙනාගේ ආදරණීය පියා විය.
1994 වසරේ අප්‍රේල් 09 වන දින නාරාහේන්පිට පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර හෘදයාබාධයක් වැළදීම හේතුවෙන් ඔහු අප අතරින් සදහටම සමු ගත්තේය. එහෙත් මේ යුග යුග හද බැඳි ගායකයා දායාද කළ සුමියුරු ගීත අප හදවත් තුඅළ සදා රැඳී පවතිනු ඇත.
පරිවර්තනය : යශිනි සේනානායක
