• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

ඉන්ද්‍රානි පෙරේරා

English
தமிழ்
  • චරිතාපදානය
  • ගී ඇල්බම
  • වීඩියෝ
  • විශේෂ උත්සව අවස්ථා

චරිතාපදානය

වෛද්‍යවරියක වී අසරණ රෝගී ජීවිත සුවපත් කිරීම ඈ සතුවූ සොඳුරු අභිලාශය විය. නිවාඩුවක් ගත කිරීමට එංගලන්තයට යාමත් යොවුන් වියේදීම දක්ෂ ලෙස රිය පැදවීමට ඉගෙනීමත් ඇගේ අනෙකුත් සිහින අතර විය. ඉන් වෛ ද්‍ය වරියක වීමේ සිහිනය පමණක් සැබෑකර ගත නොහැකි වුවත් ඒ මියුරු කටහඬ ඈ රසික සිත් දහස් ගණනින් සංතර්පණය කරන්නට ඇත. ඒ අසමසම සුමිහිරි හඬ ලතාවට උරුමකම් කියන කණ්ඩායම් සංගීතයේ ගී කෝකිලාවිය ලෙස විරුදාවලි ලත් ඈ නමින් ඉන්ද්‍රානි පෙරේරාය.

කොළඹ ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලයෙන් අකුරු කළ ඈ ජීව විද්‍යා අංශයෙන් ඉගෙනීම සඳහා ස්ටැෆර්ඩ් කාන්තා විද්‍යාලයට ඇතුළත් වන්නීය.

2005 වර්ෂයේදී සන්ඩේ ලීඩර් පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී සිය කුඩා කළ සිහිපත් කරන ඈ තමා කුඩා දැරියකව සිටියදී අසල්වාසීන්ගෙන් ප්‍රශංසා ලබා ගැනීම සඳහා ඉතා ශබ්ද නගා නිවසේදී ගීත ගායනා කළ බව කියන්නේ මුවඟට සිනහවක් නංවා ගනිමිනි.   

ඉන්ද්‍රානි ප්‍රථම වරට ප්‍රසිද්ධ මාධ්‍යය සඳහා ගීතයක් ගායනා කරන්නේ සිය පාසල වෙනුවෙන් එවකට රේඩියෝ සිලෝන් වූ ගුවන්විදුලි සංස්ථාවේ පටිගත කිරීමක් සඳහාය. ඇගේ ගායන කුසළතාවය හඳුනා ගනු ලබන්නේ ඇගේ පාසලේ සංගීත ගුරුවරිය වූ පොට්ගර් මහත්මිය විසිනි වන අතර ගායන හැකියාව වර්ධනය කරගැනීමට එම විදුහලේ විදුහල්පතිනිය වූ වැලරී මහත්මියගෙන්ද ඇයට විශාල අනුබලයක් ලැබුණි. වජිරා සහ චිත්‍රසේන යටතේ නර්ථනය හදාරා අති ඉන්ද්‍රානි පාසලේ උඩටර නර්ථන ශිල්පිණියක් ලෙස ජනප්‍රියව සිටියාය.

“The Dilhani Girl”, Star, Jan 12, 1970
“The Dilhani Girl”, Star, Jan 12, 1970

සංගීත ගමනේ ආරම්භය

ඩැල්රීන් ආනොල්ඩා ආරම්භ කර තිබූ “ෆයර් ෆ්ලයිස්” (Fire-Flies) සංගීත කණ්ඩායමට ගායිකාවක් ලෙස සම්බන්ධ වීමට ඇයට අවස්ථාව ලැබුණි. එහෙත් සංගීත ක්ෂේත්‍රයට ඇගේ ආගමනය සිදුවන්නේ “මූන්ස්ටෝන්ස්” කණ්ඩායමේ නිත්‍ය ගායිකාව ලෙස ඇයව තෝර ගත් පසුවය. එකළ “ද මූන්ස්ටෝන්ස්” “දිල්හානී” ගීතය ගායනා කිරීම සඳහා කාන්තා කටහඬක් සොයමින් සිටියහ. එහි ගායක ඇනස්ලි මාලවන වෙත ඉන්ද්‍රානිව හඳුන්වා දෙනු ලබන්නේ ඇගේ මිතුරියක වන ඇනස්ලිගේ ඥාති සොයුරියකද වන මාරි විසිනි.

ඇනස්ලි මාලවනගේ ඇරයුමට අනුව ඇය “ද මූන්ස්ටෝන්ස්” සමඟ සංගීත පුහුණුවීමට ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතාගේ නිවසට ගිය අතර එහිදී ඇයව එම කණ්ඩායමේ නිත්‍ය ගායිකාව වශයෙන් තෝරා ගැනුණි.

ඇයට ක්ලැරන්ස් විජේවර්ධනයන්ව මුල්වරට මුණගැසෙන්නේ මෙහිදීය.

“දිල්හානී” ගීතයට ඉතා ඉක්මණින් අපෙක්ෂා කළ නොකළ අන්දමේ ජනප්‍රියත්වයක් හිමි විය. එම ඇල්බමය එවකට තිබූ ආදායම් වාර්ථා බිඳ දමමින් අලෙවි විය.

එම ගීතය අදද ලොව පුරා වෙසෙන රසිකයන්ගේ නොමද ආදරයට පාත්‍ර වන්නකි.

https://www.sooriya.lk/wp-content/uploads/2016/07/8-Dilhani.mp3
“The Dilhani Girl”, Star, Jan 12, 1970
“The Dilhani Girl”, Star, Jan 12, 1970

සංගීත ගමන

“ද මූන්ස්ටෝන්ස්” වෙනුවෙන් ඇය ගැයූ දෙවන ගීතය “සීගිරිය” ගීතයද ඩෙකා ලේබලයයටතේ නිකුත් වූ අතර එයද සූරිය නිෂ්පාදනයක් විය. එම ගීතයටද ඉහළ රසික ප්‍රතිචාර ලැබුණි.

Sigiriya
Sigiriya

“ද මූන්ස්ටෝන්ස්” සමඟ කටයුතු කළ කෙටි කාලයෙන් අනතුරුව 1969 දී ඇය සිය වැඩිමහල් සොහොයුරිය වන මල්ලිකා සහ නැගණිය වන අයිරාංගනී සමඟ “ත්‍රී සිස්ටර්ස්” (Three Sisters) නමින් ගායක කණ්ඩායමක් ආරම්භ කළාය.

1973 වර්ෂයේදී ඇය “ගෝල්ඩන් චයිම්ස්” සංගීත කණ්ඩායමත් සමඟ ගීත කිහිපයක් පටිගත කළාය. ක්ලැරන්ස් විජේවර්ධන විසින් ඇගේ වියෝ වූ අම්මා වෙනුවෙන් ලියන ලද “මතකය ඇසුරින්” ගීතයද “හා හා හොරේ” නම් ගීතයද එම ගීත අතර විය. මෙම ගීත නිකුත් වූයේ ලෝටස් ලේබලය යටතේය.  

ඉන්ද්‍රානි පෙරේරා චිත්‍රපට පසුබිම් ගායිකාවකද වූවාය. 1977 දී සූරිය රෙකෝඩ් ලේබලය යටතේ සිදුකළ පටිගත කිරීමක් වන “පොඩි මල්ලී” චිත්‍රපටයේ “ගිනි සිළුවකි ගීතය, “දිනුම් කණුව” චිත්‍රපටය සඳහා ගැයූ “ඉරට අකීකරු” ගීතය, “ලස්සන කෙල්ල” චිත්‍රපටය සඳහා ඇන්ජලී ගුණතිලක සමඟ ගැයූ “කොඩි ගහ යට” ගීතය, “සදහටම ඔබ මගේ” චිත්‍රපටයේ වික්ටර් රත්නායක සමඟ ගැයූ “පෙම් රස වෑහෙන” ගීතය, “සිකුරුලියා” චිත්‍රපටයේ “වසන්තයේ මල් කැකුළයි” ගීතය ඉන් සමහරකි.

70 දශකයේදී ඇය සූරිය රෙකෝඩ් ලේබලය යටතේ ඩෙස්මන්ඩ් ද සිල්වා සහ පෝල් ප්‍රනාන්දු සමඟ බයිලා ගීත පටිගත කළාය.

1979 දී ඇය සංගීත නිෂ්පාදකවරයෙකු වූ ජේම්ස් සමඟ විවාහ වූවාය. ඇයට ඔහුව හමුවන්නේ ලෝටස් ලේබලය යටතේ පටිගත කිරීම් සිදුකරන විට විජය කොරයා හරහාය.

Indrani with her family
Indrani with her family

මල්ලිකා පෙරේරාගේ අකල් වියෝවෙන් පසුව ඉන්ද්‍රානි ඒකළ ගායිකාවක් ලෙස සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටින්නීය. ඇතැම් අවස්ථාවල අයිරාංගනී ඇය සමඟ ගී ගැයුවාය. මල්ලිකාගේ දියණිය හිරන්‍යා සමඟ එකතුව ඔවුහු 2000 වර්ෂයේ දෙසැම්බර් දෙවන දින “ත්‍රී සිස්ටර්ස්” ගීත නැවත ගායනා කරමින් සාර්ථක ප්‍රසංගයක් පැවැත්වූහ.  

Indrani & Iranganie on stage with Clarence & Annesley backed by Stanley Peiris & The Fortunes, Sooriya Show at Hilton Hotel, late 80’s
Indrani & Iranganie on stage with Clarence & Annesley backed by Stanley Peiris & The Fortunes, Sooriya Show at Hilton Hotel, late 80’s

ක්ලැරන්ස්, ඇනස්ලි සහ ඉන්ද්‍රානි පෙරේරා “සිංහල පොප් සංගීතයේ අපූර්ව ත්‍රිත්වය” (The Original Pop Trio) ලෙස හැඳින්වීණි.  ඉන්ද්‍රානි පෙරේරා ඇනස්ලි මාලවන සමඟ 70 දශකයේ ගී ගැයෙන ප්‍රසංග සඳහා දිවයින පුරා මෙන්ම විදේශ සංචාර වලටද සහභාගී වන්නීය.  ඇගේ ලගන්නා හඬ ලීලාව තවමත් රසික හදවත් සොරා ගනිමින් සිටින්නේය.

පරිවර්තනය :  යශිනි සේනානායක

The Original Sinhala Pop Trio
The Original Sinhala Pop Trio
“Clarence, Annesley, Indrani in Cyber space” by Prasad Gunewardene, The Island, July 28, 2002
“Clarence, Annesley, Indrani in Cyber space” by Prasad Gunewardene, The Island, July 28, 2002

ගී ඇල්බම

album-art

Sooriya Golden Oldies

By The Super Golden Chimes, The Three Sisters, Eranga & Priyanga, The Golden Chimes, M.S. Fernando, Shiromie Fernando, H.R. Jothipala, The Moonstones, Indrani Perera, The Dharmaratne Brothers, Paul Fernando
Release date: 1985
Available now on:
album-art

Dilhani

By The Moonstones, Indrani Perera
Release date: 1969
album-art

Sigiriya

By The Moonstones, Indrani Perera
Release date: 1969
album-art

The Sooriya Show

By
Release date: 1971
album-art

Baila Session in Sri Lanka

By
Release date:
album-art

The Original Sinhala POP TRIO Clarence, Annesley & Indrani

By Annesley Malawana, Clarence Wijewardena
Release date: 1982
Available now on:
album-art

Desmond De Silva & Indrani Perera

By Indrani Perera
Release date: 1977
album-art

The Original Sinhala POP TRIO – Clarence/Annesley/Indrani

By Annesley Malawana, Clarence Wijewardena, Indrani Perera
Release date: 1995
album-art

The Three Perera Sisters in Harmony

By The Three Sisters
Release date: 1969
album-art

Three Sisters – A GO-GO

By The Three Sisters
Release date: 1970
album-art

Desmond, Indrani & Paul

By Indrani Perera
Release date: 1978
album-art

Sooriya Show Vol III

By Eranga & Priyanga, එරංගා සහ ප්‍රියංග, P.L.A. Somapala & Chitra Somapala, Clarence Wijewardena, Indrani Perera, C.T. Fernando
Release date: 1979
Available now on:
album-art

The Sensational Three Sisters

By The Three Sisters
Release date: 1970
album-art

The Sensational Three Sisters

By The Three Sisters
Release date: 1995
album-art

The Sooriya Show Vol. 3

By
Release date: 1979
album-art

Songs From The Film Podi Malli

By Indrani Perera
Release date:

වීඩියෝ

විශේෂ උත්සව අවස්ථා

  • April 30, 2021
    Colombo, The Sooriya Village, No.49, Skelton Road, Colombo 5.
    Sunilayamaya double vinyl album release

ඉන්ද්‍රානි පෙරේරා

සාමජිකත්වය දැරූ කණ්ඩායම් –
ද මූන්ස්ටෝන්ස්
ත්‍රී සිස්ටර්ස්

ප්‍රභේදය – සිංහල පොප් සංගීතය, ජන සංගීතය

Previous Artist
ඇන්ටන් ජෝන්ස්
Next Artist
එච්.ආර්.ජෝතිපාල

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved