Sooriya Records Sooriya Records
Menu

ද ගෝල්ඩන් චයිම්ස්

රන් සීනු පරයන, “ද ගෝල්ඩන් චයිම්ස් “

ආරම්භක වර්ෂය                 : 1966

ආරම්භක සාමාජිකයන්   : ක්ලැරන්ස් විජේවර්ධන, චානක පෙරේරා, විජිත් පීරිස්,ඩික්සන් ගුණරත්න

ප්‍රභේදය                                   :සිංහල පොප් සංගීතය

කිමද නාවේ”, “මොළකැටි පුතුනියනාදී සොඳුරු ගී කළඹක්ම දැයට තිළිණ කළ සංගීත කණ්ඩායමකි. නමටම සරිලන පරිදි රන් සීනු පරයන හඬවල් ගොන්නකි. ඔව්, “ ගෝල්ඩන් චයිම්ස්වේදිකාව මතය.

වර්ෂ 1970දී මූන් ස්ටෝන්ස්හැරගිය සාමාජිකයන්ගේ එකතුවක් ලෙස බිහිවූ ගෝල්ඩන් චයිම්ස්නම සූරියලේබලය අපට නිතැතින්ම සිහිපත් කරන ජෙරාල්ඩ් වික්‍රමසූරියගෙනි.

සමාරම්භක මෙහෙයවීම සිංහල පොප් සංගීතයේ රජු ලෙස නම් දැරූ ක්ලැරන්ස් විජේවර්ධනගෙනි. ඉන් නොනැවත ගී ගැයීමටද, රිදම් ගිටාරය වැයුමට ද සහයෝගය ලබාදීමටද ඔහු මැලි නොවූණු අතර, මූන් ස්ටෝන්ස්හි මීට පෙර සාමාජිකත්වය දැරූ චානක පෙරේරා ගී ගායනයෙන් හැරුණු විට බේස් ගිටාරයෙන්ද , විජිත් පීරිස් ඩ්‍රම් වාදනයෙන්ද නොමඳ සහයක් ලබාදෙන ලදි.

මොරටුව ශාන්ත එම්මානුවෙල් ශාලාවේ පැවති ගෝල්ඩන් චයිම්ස්ප්‍රථම ඉදිරිපත් කිරීම සඳහාද බීකන්ස්හි ඇන්ටන් ගුණතිලකගේ තාවකාලික සහයෝගයද පෙර කී සාමාජිකයන්ගේ සහයෝගයට අමතරව හිමිවුණි. පසුකාලීනව ඇන්ටන්ගේ ස්ථානය හිමිකරගත් ඩික්සන් ගුණරත්න ක්ලැරන්ස්ගේ සොයාගැනීමකි. ඉන්පසුව රන්ජන් ද කොස්තා, නිහාල් පෙරේරා, ක්ලින්ටන් ප්‍රනාන්දු හා තිලක් ජිනදාස  වැන්නවුන්ද කෙටිකාලීනව ගෝල්ඩන් චයිම්ස්රසවත් කිරීමට එක්වුණෝය.

L to R: Dickson, Ranjan, Clarence, Wijith, Chanaka
The Golden Chimes with Priyanthi
“Golden disc by the Golden Chimes” by Louis Benedict

මේ අයුරින් ගොඩනැගුණු ගෝල්ඩන් චයිම්ස්ස්වකීය පළමු පටිගතකිරීමසූරියලේබලය යටතේ සිදුකිරීමට තරම් වාසනාවන්ත විය. ද ඩයනමික් නිව් සවුන්ඩ් ඔෆ් ගෝල්ඩන් චයිම්ස්යන නාමය යටතේය. අදටද රසික රසිකාවියන් මුමුණනකිමද නාවේගීය ප්‍රියන්ති සේනානායක ගයන්නේ මේ පටිගතකිරීමටය. ඒ හැරුණු විටමගේ පැල්පතේ”, “සිහින් සිනාවයිහා සමනලයෝවැනි අපූර්ව ගීත ද එහි අඩංගු විය.සූරියප්‍රථම ඊ.පී. පටිගතකිරීම ලෙස දොරට වැඩුම හේතුකොට ගෙන කවරයක් නොමැතිවම එයසූරියකැටලොග් අංකය වූ CHB 014 යටතේම එළිදක්වන ලදි.

කිමද නාවේගැයූ ප්‍රියන්ති සේනානායක තමාගේම වූ ගමනක් සංගීත ක්ෂේත්‍රයේ යාමේ අරමුණ පෙරදැරිකරගෙන කණ්ඩායමෙන් ඉවත්වූ අතර වර්ෂ 1971 වනවිට විජිත්ගේ සොයුරිය හා චානකගේ පෙම්වතිය වූ ලාංකිකා පෙරේරාද, චානකගේ මාමාණ්ඩියගේ පුතු වූ අනිල් භාරති ගෝල්ඩන් චයිම්ස්හා එක්වන්නේ ගායන සහය ලබාදීමටය.

The Golden Chimes 4th album on Lotus label L to R: Lakpriya, Rukshan, Lankika, Chanaka, Wijith, Anil
The Golden Chimes 7th album on their own label (GC 002) L to R: Jayantha, Lakpriya, Layasing, Lankika, Wijith, Chanaka
The Golden Chimes photo shoot at Gerald’s residence, 1971 L to R: Clarence, Anil, Dickson, Wijith, Lankika, Chanaka
The Golden Chimes in late 80’s
The Golden Chimes in 2005 L to R: Front - Lankika Perera, Pimal Fernando, Chanaka Perera Back - Nihal Asmone, Ajith Wijemanne, Jagath Peiris,

වර්ෂ 1973 මැයි මස වනවිට ක්ලැරන්ස් හා ඩික්සන් සංගීත කණ්ඩායම හැරගියද ලාංකිකා හා චානක තවදුරටත් කණ්ඩායම රැක ගැනීමට තීරණය කළ අතර ඒ වනවිට සාමාන්‍ය පෙළ හදාරමින් සිටි රුක්ෂාන් පෙරේරාද (ලීඩ් ගිටාරය හා ගායන) හා ලක්ප්‍රිය ද සිල්වාද (රිදම් ගිටාරය හා ගායන) කණ්ඩායම සවිමත් කිරීමට එක්වුණි. අනිල් භාරති කණ්ඩායමේ ප්‍රධාන ගායකයා ලෙස එක්වුණි.

ද ගෝල්ඩන් චයිම්ස්තව තවත් ඊ.පී. පටිගතකිරීම් සිදුකළ අතර හිරු ඉපදෙන විට”, “මොළකැටි පුතුනිහා මමය කියාවැනි අපූරු ගීත ඒවායේ අඩංගු විය . මින් මොළකැටි පුතුනිලක්ප්‍රිය ලාංකිකාගේ කුළුදුල් පුතු වෙනුවෙන් නිර්මාණය කළ එකකි. “මමය කියාදෙවැනි පුතු වෙනුවෙනි.

සුරඟන වෙස්වලාඔවුන්ගේ දෙවන ඊ.පී. පටිගතකිරීමයි. එය නිකුත් වූයේ ගෞරි සංස්ථාවේපිලිප්ස්ලේබලය යටතේය. වර්ෂ 1972 වනවිටසූරියලේබලය යටතේද ඩයනමික් නිව් සවුන්ඩ් ඔෆ් ගෝල්ඩන් චයිම්ස් වොලයුම් 2” ද එළිදැක්වූහ.

ලෝටස්ලේබලය යටතේ සිදුකළ ඊළඟ පටිගතකිරීමට සුප්‍රකටකිරි මුහුදගීයද ඇතුළත් වූ අතර විරාන් බිළිඳු පුතේනමින් පළමුව හැඳින්වුණු ගීය ක්ලැරන්ස් නිර්මාණය කරන ලද්දේ විජය කොරයාට දාව බිළිඳු පුතකු ඉපදීමේ ප්‍රීතිය සමරමිනි.

වර්ෂ 1974දී රුක්ෂාන් හා අනිල් ද ක්ලැරන්ස් හා එක්වීමට කණ්ඩායම හැරගිය අතර ජයන්ත සිරිමාන්න හා ලයසිංද සිල්වා ඒ වෙනුවට කණ්ඩායමට එක්වුණි.

මැල්කම් ඇන්ඩ්‍රි හා ජයතිස්ස හෙට්ටිආරච්චිගේ නිරන්තර සහයෝගය සහිතවකැන්ඩි ලේක් ක්ලබ්හා බෝගම්බර කානිවල්හි ගී ගැයූ ඔවුන් වර්ෂ 1980 වනවිට   සිය ප්‍රාසාංගික ස්වරූපයේ වෙනසක් සමඟ බේරුවල දක්වා වූ වෙරළ තීරයේ හෝටල්වල ඉදිරිපත්කිරීම් සඳහා සිය අවධානය යොමු කළෝය.

The Golden Chimes at a concert in 1980’s
The Golden Chimes today Lankika Perera, Chanaka Perera, Suranga Perera, Pushpa Dias, Kamal Gallage, Eranga Fernando
‘Celebration sing-along’ with Lankika & the Golden Chimes, August 10, 2015
The Golden Chimes in 1982 L to R: Dilip Peiris (Lankika’s brother known as Dolla), Ravi Fernando, Nihal Asmone, Jagath Peiris, Chanaka Perera, Lankika Perera

ද ගෝල්ඩන් චයිම්ස්වර්ෂ 1983 වනවිට රූපවාහිනී කලාවද අතික්‍රමණය කළ අතර එය සිදුවූයේ අයි.ටී.එන්. නාලිකාව හරහාය.

වර්ෂ 1986  වනවිට ඔවුන් තම සංගීත දිවියේ සුවිශේෂී කඩඉමක් සටහන් කරමින්සන්ඩේ ඔබ්සර්වර්පුවත්පත සංවිධානය කළ මියුසිකල් ස්ටාර්ස්තරඟයේ  ජනප්‍රියතම සංගීත කණ්ඩායම වූ අතර කැපී පෙනෙනසංගීත කණ්ඩායම සඳහා වූ අනුශූරතාවයද දිනාගැනීමට සමත්වූහ.

වර්ෂ 1989 වනවිට අජන්තා රණසිංහගේ පද පෙළට සුමිත් පෙරේරා තනු ගෙත්තම් කළ ජාති ආගම්නම්වූ සාමයේ පණිවිඩයට නාද මුසුකළ ඔවුන් වර්ෂ 2015 දී ද ගෝල්ඩන් චයිම්ස්අභිමානවත් හතලිස් පස්වන වසර, අනිල් භාරති හා රුක්ෂාන් පෙරේරා හා එක්ව මොරටුව රාමදිය රන්මල් නිවාඩු නිකේතනයේදී සාඩම්බරයෙන් ප්‍රාසාංගිකව සමරන ලදි.

සාමාජික සාමාජිකාවෝ ආගියහ. නමුත් අදටද ද ගෝල්ඩන් චයිම්ස්වේදිකාව මත රන් සීනු පරයන සුමිහිරි හඬින් ගී ගයයි.

පරිවර්තනය : නවෝදා දයාකාන්ත

ගීත ඇල්බම

The Dynamic New Sound of the Golden Chimes
The Sooriya Show
The Dynamic New Sound of the Golden Chimes Vol. 2
The Sooriya Show : Vol 2

The Golden Chimes members overtime

1970

Clarence Wijewardena

Chanaka Perera

Wijith Peiris

Anton Gunatileke (temporary)

Dickson Gunaratne

Ranjan De Costa (temporary)

Nihal Perera (temporary)

Clinton Fernando (temporary)

Thilak Jinadasa (temporary)

Priyanthi Senaratne (temporary)

Leader, Vocals, Rhythm guitar

Bass guitar, Vocals

Drums

Lead guitar

Lead guitar

Vocals

Vocals

Vocals

Vocals

Vocals

1971

Clarence Wijewardena

Chanaka Perera

Wijith Peiris

Dickson Gunaratne

Lankika Perera

Anil Bhareti

Leader, Vocals, Rhythm guitar

Bass guitar, Vocals

Drums

Lead guitar

Vocals

Vocals

1973

Lankika Perera

Chanaka Perera

Wijith Peiris

Anil Bhareti

Rukshan Perera

Lakpriya De Silva

Leader, Vocals

Bass guitar, Vocals

Drums

Vocals

Lead guitar, Vocals

Rhythm guitar, Vocals

1974

Lankika Perera

Chanaka Perera

Wijith Peiris

Lakpriya De Silva

Jayantha Sirimanne

Layasing De Silva

Leader, Vocals

Bass guitar, Vocals

Drums

Rhythm guitar, Vocals

Lead guitar, Vocals

Electric Organ, Vocals

1979

Lankika Perera

Chanaka Perera

Dilip Peiris

Nihal Fernando

Thilak Jinadasa

Ranjan De Silva

Sureshini Wanigasuriya (temporary)

Leader, Vocals

Bass guitar, Vocals

Drums

Vocals

1980

Lankika Perera

Chanaka Perera

Dilip Peiris

Ravindra Fernando

Jagath Devapriya

Nihal Asmone

Leader, Vocals

Bass guitar, Vocals

Drums

Keyboards

Lead guitar, Vocals

Vocals

1985

Lankika Perera

Chanaka Perera

Jagath Devapriya

Shiran Gomez

Terry Miskin

Shiraz Sudar

Lucky Deva

Leader, Vocals

Bass guitar, Vocals

Lead guitar, Vocals

Keyboards

Rhythm guitar, Vocals

Drums

Vocals

1990

Lankika Perera

Chanaka Perera

Jagath Devapriya

Asanji Wickramasinghe

Terry Miskin

Shiraz Sudar

Lucky Deva

Leader, Vocals

Bass guitar, Vocals

Lead guitar, Vocals

Keyboards

Rhythm guitar, Vocals

Drums

Vocals

2000

Lankika Perera

Chanaka Perera

Jagath Devapriya

Shiraz Sudar

Lucky Deva

Disnaka Dhanasekara

Leader, Vocals

Bass guitar, Vocals

Lead guitar, Vocals

Drums

Vocals

Keyboards

2003

Lankika Perera

Chanaka Perera

Jagath Devapriya

Pimal Fernando

Ajith Wijemanne

Nihal Asmone

Leader, Vocals

Bass guitar, Vocals

Lead guitar, Vocals

Keyboards

Drums

Vocals

2005

Lankika Perera

Chanaka Perera

Jagath Devapriya

Pimal Fernando

Ajith Wijemanne

Nihal Asmone

Leader, Vocals

Bass guitar, Vocals

Lead guitar, Vocals

Keyboards, Vocals

Drums

Vocals

2016

Lankika Perera

Chanaka Perera

Suranga Perera

Pushpa Dias

Kamal Gallage

Eranga Fernando

Leader, Vocals

Bass guitar, Vocals

Lead guitar

Keyboards

Drums

Congas, Vocals

error: Content is protected !!