• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

ජෝර්ජ් මනතුංග

English
தமிழ்
  • චරිතාපදානය
  • ගී ඇල්බම
  • වීඩියෝ
  • විශේෂ උත්සව අවස්ථා

චරිතාපදානය

මම ඉගෙන ගත්තේ පේරාදෙණිය මහා විද්‍යාලයෙ. පසුව ගැටඹේ ශාන්ත ජෝන් විද්‍යාලයෙත් ඉගෙන ගත්තා. ජේ.එස්.සී. විභාගය අසමත් වුණු නිසා මම ගෙදරට වෙලා හිටියෙ. මොකක් හරි රැුකියාවක් කරන්න ආසාවෙන්. අපේ බාප්පට නුවර ගරාජ් එකක් තිබුණා. ඔහුට කිව්වම රැුකියාවක් ගැන මට කිව්වා එතන වැඩ ඉගෙන ගන්න එන්න කියලා. මමත් බාප්පත් එක්ක ගිහින් වැඩ ඉගෙන ගත්තා. අප්පුහාමි කියලා බාස් කෙනෙක් හිටියා එයාට තමයි බාර දුන්නෙ මට වැඩ උගන්වන්න.

අපේ දුරින් ඥාති වෙන මාමා කෙනෙක් හිටියා කොළඹ. එයා අපේ තවත් නෑදෑ නිවසකට ආව වෙලාවෙ මාව මුණ ගැහිල ඇහුව මොනව ද කරන්නෙ කියලා. මම ඔහුට මගෙ විස්තර කිව්වා. එයා කතා කළා මට කොළඹ යන්න. 1957 දෙසැම්බර් මාසෙ මම කොළඹ ආවා.

ඇවිත්, මාමාගෙ පුතෙක් වෙන කෙනෙක් හිටියා මර්වින් රොද්‍රිගු කියලා. එයාට මාව බාර දුන්නා. එයා වැඩකළේ ගුවන් විදුලි සංස්ථාවෙ. ඒ වගේම සරසවි ශබ්දාගාරයෙත් එයා වැඩ කළා. මාව සරසවි එකට ගෙනගියා. ඒ වෙනකොට ඒක අයිති වෙලා තිබුණෙ එම්.එස් පෙරේරා මහත්මයට. ඔහු පදිංචි වෙලා හිටියෙ පාදුක්කෙ. එදා ඉඳන් ම සරසවි චිත‍්‍රගාරෙ තමයි මගෙ රැුකියා ස්ථානය වුණේ.

1950-60 කාලෙ වෙනකොට අපි චිත‍්‍රපටි ගීතත් පටිගත කරන්න පටන් ගත්තා. එතෙක් කළේ තැටි පටිගත කිරීම විතරයි. සී.ටී ප‍්‍රනාන්දු, සුනිල් ශාන්ත වගේ අයගෙ ගීත පටිගත කළා. පසුව තමා චිත‍්‍රපට ගීත පටිගත කරන්න පටන් ගත්තෙ. ඒක පටන් ගත්තෙත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගෙ යෝජනාවකට. ඒ වෙද්දිත් අපට චිත‍්‍රපට ගීත පටිගත කරන්න උපකරණ තිබුණේ නැහැ. පෙරේරා මහත්මයට කිව්වම, ඔහු කිව්වා ‘මම බඩු ගේන්නම්ල අපි වැඬේ පටන්ගනිමු’ කියලා. මුලින්ම මට මතක හැටියට අපි ඩබින් කළේ ‘ගම්පෙරලිය’. මගේ ගුරුතුමා එක්ක චිත‍්‍රපට ගීත 190ක් පමණ පටිගත කරන්න මම සම්බන්ධ වෙලා තියෙනවා. මුල් කාලයේ මට මතකයි ‘සුබසරණ සැප සිතේ’, ‘පටාචාරා’ වගේ ඒව අපි කරපු බව. ඒ කරන අතරෙ තමයි වික‍්‍රමසූරිය මහත්මය සම්බන්ධ වුණේ. ගී තැටි නිෂ්පාදනය වෙනුවෙන්. ඉස්සෙල්ලම කළේ ‘කොන්ද නමාගෙන’ කියන ගීතය. එයින් පසුව ගීත විශාල ප‍්‍රමාණයක් තැටිගත කළා. මැක්ස්වෙල් මෙන්ඩිස්ගෙ ගීත, කැලැරන්ස්ගෙ මූන්ස්ටෝන් කණ්ඩායම, ලා සිලෝනියස්, ලා බම්බාස් වගේ සංගීත කණ්ඩායම්වල ගීත පටිගත කෙරුණා.

1965 දී දළුගමට චිත‍්‍රගාරය ගෙනාව. එතන අලූත් තැනක් වගේ ම ලොකු තැනක්. ඒක තමා දැන් ඔය සංස්ථාව සතුව තියෙන චිත‍්‍රගාරය. වික‍්‍රමසූරිය මහත්මයා එතනටත් ආවා ගීත පටිගත කරගන්න. ඊට පස්සෙ සංගීත කණ්ඩායම් එන්න ගත්ත. මිල්ටන් මල්ලවආරච්චි ගේ, ඩෙස්මන්ඞ් දි සිල්වා ගේ ඒ වගේ ම නිව් සවුන්ඞ් එන්ටර්ප‍්‍රයිස්ලගෙ විශාල ප‍්‍රමාණයක් කළා. ඩෙස්මන්ඞ් ද සිල්වාගෙ ‘යන්න රට වටේ’, ‘චූඩා මාණිකේ’ වගේ ඒවා කළේ ගෞරි කෝපරේෂන් එක වෙනුවෙන් අපි. 1973 වගේ වෙනතුරු වික‍්‍රමසූරිය මහත්මය තැටි කළා. වික‍්‍රමසූරිය මහත්මයා පටිගත කිරීම් වල දී බොක්ස් ගිටාරය, පියානෝව, ඕර්ගනය, ඩ‍්‍රම් සෙට් එක, කොංගෝ ඩ‍්‍රම් එක වගේ ඒවා භාවිතා කළා. වික‍්‍රමසූරිය මහත්මයා කරදරයක්, කලබලයක් නැති කෙනෙක්. එතුමා අපිට නිදහසේ වැඩකරන්න දුන්නා. මට මතකයි පටිගත කිරීම් බලන්න, ඔහුගෙ පුතයි, බිරිඳයි එක්ක එනවා. ආවට කිසි දේකට නුවුමනා විදිහට මැදිහත් වුණේ නැහැ. අපිට වැඩ කරන්න පූර්ණ නිදහසක් දීල තිබුණා.

ඔය කාලයෙන් පස්සෙ බොහොමයක් කෙරුණෙ චිත‍්‍රපට ගීත තමයි. ‘සිහින අහසේ වසන්තේ’, ‘ටක් ටික් ටුක්’, ‘ගැහැනියක්’ වගේ චිත‍්‍රපට විශාල ගණනක් අපි කළා. අපිට අද වගේ විශාල වශයෙන් දියුණු තාක්ෂණික උපකරණ තිබුණෙ නැහැ. අපට තිබුණෙ මයික් 04 යි. තව පොඩි මික්සර් එකක් තිබුණා. ඒවගෙන් තමා සේරම කටයුතු කරගත්තෙ. මයික් 04 චැනල් 04ට දාල තමයි තියන්නෙ. සේරම එකවිට තමා ගත්තෙ. පසුවයි මේව වෙනස් වුණේ. අපි ඔය උපකරණ පාවිච්චි කරල සංගීත භාණ්ඩ 45 ක් දාලත් පටිගත කිරීම් කරල තියෙනවා. ‘සත්සමුදුර’ චිත‍්‍රපටියෙ වාදන භාණ්ඩ 45 ක් භාවිතා කළා. වයලින්, තබ්ලා, ගිටාර්, ඕර්ගන්, ෂෙලෝ, වියෝලා, ට‍්‍රම්පට්, ආදී වශයෙන්. ඔය සියල්ලටම මයික් 04 යි තිබුණෙ. මයික් හතරෙන් එකක් සිමන්ස් කියල වර්ගයක එකක්. ඒක තමයි බූම් එකට හයි කරල තියන්නෙ. අපේ තිබුණා කජු ලෑල්ල කියල එකක්. සරසවියෙ ඒක තවම තියෙනවා. ඒක වටේට තමයි වාද්‍ය භාණ්ඩ ටික දාල තියන්නෙ. එතන තියන මයික් එකෙන් තමයි ගොඩක් වාද්‍ය භාණ්ඩ කළමනාකරණය කර ගත්තෙ. මයික් හතරෙන් එන්නෙ අවසන් එක. කෝර්ටින් රෙකෝඩර් එකක් තිබුණා, එරෝග‍්‍රාෆ් කියලා. දෙක වෙන වෙනම අරන් 35 එකට මික්ස් කරනවා. 35 ෆිල්ම් රෙකෝඩරයක් තිබුණා මැග්නටික් එකක්. ඒකෙන් තමා අවසාන එක ගන්නෙ.

මේ කාලෙ සංගීත කණ්ඩායම් සහ ගායක ගායිකාවො සමගියෙන් සහයෝගයෙන් කටයුතු වලට සහභාගි වුණා. උපකරණ සීමිතයි නෙ. බොහෝ අවස්ථාවල මයික් එක හුවමාරු කරගෙන නෙ ගායනා කරන්න වෙන්නෙ. ගීතයක් පටිගත කරලා තැටියකට ගන්න ඕන නම් අපිට වෙලාවක් දෙනවා ඒ වෙලාවට අවශ්‍ය සිංදු 04 හෝ 05 හදාගන්න. 1980 දි වගේ චැනල් 12 මික්සර් එක ගේන තුරු ඔය විදිහට තමයි අපි පටිගත කිරීම් කළේ.

සංගීත කණ්ඩායම් බොහොමයක් පටිගත කිරීම් වලට ආවා ඒ කාලෙ. ඒ අතරින් ලා සිලෝනියස් කියන සංගීත කණ්ඩායමත් ආවා සිංදු හතරක් පටිගත කරන්න. ඒකෙ තමයි මිල්ටන් මල්ලවාරච්චිත් හිටියෙ. ඔහු හිටියෙ කෝරස් ගායනා කරන්න. මේ පටිගත කිරීම් යද්දි, මගෙ ගුරුතුමා මර්වින් කිව්වා ‘‘ජෝර්ජ් අරයගෙ වොයිස් එක හොඳ වොයිස් එකක්. කතා කරල ලිපිනය ලියා ගන්න’’ කියලා. මමත් ලිපිනය ඉල්ල ගත්තා. ඔහු දුන්න ලිපිනය නුගේගොඩ එකක්. ඒ දිනවල හිටියෙ නුගේගොඩ.

මාස හයකට විතර පස්සෙ ගෞරි කෝපරේෂන් එකෙන් ඇවිත් ඇහුවා, ‘‘ගීත හතරක් කරන්න ඕන. හොඳ වොයිස් එකක් හොයල දෙන්න’’ කියලා. ඒ වෙලාවෙ මර්වින් මහත්මයා කිව්වා මිල්ටන්ගෙ ලිපිනය එයාලට දෙන්න කියලා. ඊට පසුව මිල්ටන් ඔවුන් එක්ක ගීත කිහිපයක් පටිගත කළා. ඔරුවක පාවෙන ? ගණ අඳුරේ ගීතයත් ඔය අතර තිබුණා. මිල්ටන් ගායකයෙක් ලෙස ඉදිරියට ආවෙ ඔය අවස්ථාවෙ දි තමයි. මේවට සංගීතය නිර්මාණය කළේ මොහොමඞ් සාලි.

ක්ලැරන්ස් ක්ෂේත‍්‍රයට ආවෙ මූන්ස්ටෝන් සංගීත කණ්ඩායමෙන්. එයාලගෙ පටිගත කිරීම් කළෙත් අපි. පසුව ඔහුගෙ සංගීත කණ්ඩායම වුණේ, ගෝල්ඩන් චයිම්ස්. ඒ ගීතත් අපි පටිගත කළා.

මේ ගීත පටිගත කිරීම් අවස්ථාවල දි බොහොම විශේෂිත සිදුවීම් වුණ අවස්ථාත් තියනවා.

මැක්ස්වෙල් මෙන්ඩිස් ගෙ මම බොහොම භය වුණා කියන ගීතය පටිගත කළේ අපි. ඒක කළෙත් වික‍්‍රමසූරිය මහත්මය තමයි. මේ ගීතය පටිගත කරන වෙලාවට එතුමා ආවෙ නැති වුණත් කියල එවල තිබුණා, ‘යකෙක් සහ බල්ලෙක් ගෙ හඬක් ඇතුලත් කරන්න’ කියලා. රෙකෝඞ් කරන අතරෙදි මර්වින් මහත්මය කිව්වා ‘‘ජෝර්ජ් මේකට යකෙක් වගේ කෑ ගහන්න’’ කියල. මමත් කෑ ගැහුවා යටි ගිරියෙන්. ඒක ඉතාම හොඳට ආවා. බල්ල විදිහට කෑ ගැහුවෙත් මම. එයාල හරිම සන්තෝෂ වෙලා මට රුපියල් 700ක් දුන්නා. ඒ කාලෙ ඒක ඉතා ලොකු ගණනක්.

තව දවසක හතරවටේ කියල සිනමා පටයක වැඩ කරන අතරෙ නිෂ්පාදකවරයයි, අධ්‍යක්ෂවරයයි ගුටිබැට හුවමාරුවක් ගියා ස්ටුඩියෝ එක ඇතුලෙදි. අධ්‍යක්ෂවරයා තමයි, එල්.එම් පෙරේරා. මේ සණ්ඩුව වෙලාවෙ පෙරේරගෙ අත් ඔරලෝසුව ගැලවිලා විසි වුණා. කොතරම් හෙව්වත් හොයාගන්න බැරි වුණා.

ඒ දවස්වල මම තමයි චිත‍්‍රපට රූ ගත කරද්දි සංගීතය සපයන්න (Playback music) සරසවි චිත‍්‍රාගාරය වෙනුවෙන් යන්නෙ. සාරවිට චිත‍්‍රපටය රූ ගත කරද්දිත් ගියෙ මම. මේ වැඬේට මාව ටිකක් වේලාසනින් එක්ක ගෙන ගියා. ගිහින් ඉන්න අතරෙ කැමරාකරණයට භාවිතා කරන ඩ්‍රොලි එකකට කකුල තිබ්බා කියලා ඒකෙ කැමරා ශිල්පියා වුණු අරසු කියන දෙමළ ජාතිකයා මට හොඳටම බැණ වැදුනා. මටත් තරහ ගිහින් ඔහුට පහර දුන්නා. මයික් විල්සන් දුවගෙන ඇවිත් තමයි, දෙන්නව දෙපැත්තට කළේ. මයික් විල්සන් අපේ ආයතනයටත් පැමිණිලි කරල තිබුණා. කොහොම හරි මම ආවෙ ‘‘ආයෙ සරසවි එක්ක පැත්තෙ එහෙම එන්න එපා’’ කියලා අරසුට තර්ජනයකුත් කරලා.

මාස 06 කට විතර පස්සෙ වෙනත් චිත‍්‍රපටයක ගීත පටිගත කරන අතරෙ මම දැක්ක එළියෙ කවුද ඇවිත් ඉන්නවා. බැලූවම අරසු තමයි ඇවිත් ඉන්නෙ. මම ගිහින් ඇයි ආවෙ කියලා අහනකොට මර්වින් මහත්මයා ඇවිත් මට කෑ ගැහුවා ‘‘ගෙදරට ආව මනුස්සයට ගහන්න එපා’’ කියලා. වැඬේ කියන්නෙ, තවත් මාස 06කට විතර පස්සෙ අරසු මියගියා. ක්ෂේත්‍රෙය කතාවක් ගියා, ‘‘ජෝර්ජ් මනතුංග ගහල තමයි අරසු මැරුණෙ’’ කියලා.

ආනන්ද ජයරත්න රඟ පෑ චිත‍්‍රපටයකට සංගීතය සපයන්න මට පැවරිලා තිබුණා. රූගත කිරීම් තිබුණෙ නුවරඑළියෙ. එදා රාත‍්‍රී 11 ට විතර වෑන් එකකින් ඔවුන් කොල්ලූපිටියෙ එවකට තිබුණු සරසවි චිත‍්‍රාගාරයට ආවා. ඒ වෙනකොටත් අපි වැඩ. මමත් ඔවුන් එක්ක පිටත් වුණා. මම ගියෙ රියදුරු මහතා අසල අසුනෙ. අනික් අය පිටුපස හොඳට ම නිදි. මාවනැල්ල හරියෙ මහවංගුවකදි මම දැක්කා රියදුරුගෙ කිසිම හැලහොල්මනක් නැහැ. වංගුව නොගත්තොත් කෙළින් ම අපි ගඟට තමා පෙරලෙන්නෙ. මම පැනපු ගමන් බ්‍රේක් එක පාගල, වාහනේ පැත්තකට කැපුවා. රියදුරා අවදි වුණා. පස්සෙ අපි පැය දෙකක් විතර ඉඳල කෝපිත් බීල නුවරඑළියට යනකොට පාන්දර වුණා.

සරසවි චිත‍්‍රාගාරය කොල්ලූපිටියෙන් කැළණිය දළුගමට ගෙනාවා. පෞද්ගලික අයිතියක තිබුණු සරසවි චිත‍්‍රාගාරය රජයට පවරා ගන්න කොට මම ඒකෙ ප‍්‍රධාන පටිගත කිරීමේ ශිල්පියා වෙලා හිටියෙ.

සරසවි චිත‍්‍රාගාරය එම්. එස් පෙරේරා මහත්මයට අයිති වෙලා තිබුණෙ. ඔහු ඒක ගත්තෙ මදනායක කියල කෙනෙක්ගෙන්. ඒ ගනිද්දි කණුහතරක් විතරයි හදලා තිබුණෙ. මේ තැන බලන්න ගියේ, පෙරේරා මහත්මයා, මර්වින් රොද්‍රිගු මහත්මයා සහ මම. ගිහින් බැලූවට පස්සෙ තීරණය වුණා එතනට සරසවි චිත‍්‍රාගාරය ගේන්න.

1965 දී කොල්ලූපිටියෙන් සරසවි චිත‍්‍රාගාරය කැළණිය දළුගම ට ගෙනාවා. නමුත් යම්කිසි බදු ප‍්‍රශ්නයක් හෝ වෙනත් ඒ වගේ හේතුවක් මුල් කරගෙන මදනායක මහත්මය නඩුවක් ගොනු කළා 1973 වර්ෂයෙදි. නඩුවෙදි පෙරේරා මහත්මයා පරාද වුණා. චිත‍්‍රාගාරය නැවත බාර දෙන්න නඩු තීන්දුව ලැබුණා.

පිස්කල් ඇවිත් චිත‍්‍රාගාරය මුද්‍රා තියන්න හදනකොට අපි හිටියෙ තරංගා චිත‍්‍රපටයෙ කටයුතු කරමින්. ඒ වෙනකොට ශබ්දාගාරය භාරව මමත්, රසායනාගාරය භාරව ජෙරල්ඞ් ජයවර්ධනත් සංස්කරණාගාරය භාරව තව අයෙකුත් වශයෙන් තමා හිටියෙ. අපි කට්ටිය එළියට ඇවිත් චිත‍්‍රාගාරය වහල යතුරු තියා ගත්ත. අපි සේවකයො සියලූ දෙනාට ම එකවිට රැුකියාවල් නැති වුණා. ඒත් අපි හැමදාම උදේට චිත‍්‍රාගාරය අසළ කඩයට ඇවිත් කතා බහ කරමින් ඉඳල හවසට ගෙවල්වලට යනවා. මෙහෙම ටික දවසක් ගියත් අපේ ප‍්‍රශ්නය විසෙක්‍ෂන පාටක් පෙනෙන්න තිබුණෙ නැහැ. ඒ නිසා මම ජෙරල්ඞ් අයියටත් කතා කරගෙන ගියා නිහාල්සිංහ මහත්මය හමුවෙන්න. එතකොට එයා චිත‍්‍රපට සංස්ථාවෙ සභාපති. වැලිකතර චිත‍්‍රපටයෙ කටයුතු නිසා, අපි ඉතාම හොඳ හිතවතුන් වෙලා හිටියෙ ඒ වෙනකොට. අපි ගිහින් නිහාල්සිංහ මහත්මය හමුවෙලා විස්තරය කිව්වා. ඔහුත් විස්තර ලියාගෙන අගමැතිනිය සමග ලඟදි සාකච්ඡුාවක් තියෙනවා ඒ ගැන කතා කරන්නම් කිව්වා.

මේ විස්තරය කිව්වම අගමැතිනිය නිහාල්සිංහ මහත්මයට කියල සරසවි චිත‍්‍රාගාරය රජයට පවරගෙන වැඩ කටයුතු කරගෙන යන්න කියලා. ඉතින් අපි හැමෝට ම නැවත රැුකියා ලැබුණා. මගෙ ගුරුතුමා මර්වින් රොද්‍රිගු මහත්මය එක්සත් ජාතික පාක්ෂිකයා නිසා එයා කැමති වුණේ නැහැ තව දුරටත් සරසවියෙ වැඩ කරන්න. මට තමයි ශබ්දාගාරය භාරගෙන කටයුතු කරන්න සිදු වුණේ. එදා ඉඳන් සංස්ථාව යටතේ මම 1988 වෙනතුරු සරසවි චිත‍්‍රාගාරයෙ වැඩ කළත් මට මූලික වැටුප විදිහට ලැබුණෙ රුපියල් 3000යි. දිවා ? නොබල අපි වැඩ කළත් සංස්ථාව ඇත්තට ම අපිට සැලකුවෙ නැහැ.

1982 දි ‘පෙරළිකාරයෝ’ චිත‍්‍රපටය කරන්න ආව අතපත්තු මහත්තයා මා එක්ක ගොඩක් හිතවත් වුණා. එයා පහු කාලෙක මට කතා කළා ශබ්දාගාරයක් පටන් ගන්න. මම කැමති වුණා. ඒ අනුව තමයි ටී.ජේ ශබ්දාගාරය පටන් ගත්තෙ. 1987 මැයි 22 දින මම සංස්ථාවෙන් අස් වෙලා ටී.ජේ එකේ වැඩට ආවා. සරසවියෙ මා එක්ක වැඩ කළ හුඟ දෙනෙකුත් මා එක්ක ඒකෙ වැඩට ආවා. අපි ටී.ජේ ශබ්දාගාරයෙදි චිත‍්‍රපට එකසිය ගාණක කළා. අතපත්තු මහත්මයාගෙ පුද්ගලික ප‍්‍රශ්නයක් නිසාවෙන් 1997 දි පමණ ශබ්දාගාරය වසා දැමුණා. මම ඔවුන්ට විරුද්ධව නඩු පවරල වන්දිත් ලබා ගත්තා.

මේ දැනට වැඩ කරන ස්ථානය එක්ක සම්බන්ධ වුණේ 2002 වර්ෂයෙදි.

ගී ඇල්බම

වීඩියෝ

විශේෂ උත්සව අවස්ථා

  • No upcoming events scheduled yet. Stay tuned!

ජෝර්ජ් මනතුංග

 

 

 

Previous Artist
ජිප්සීස්
Next Artist
ටී.එම්.ජයරත්න

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved