සිංහල සිනමා වංශ කතාවේ මුල් පිටු අතර වොරැඳෙන නාමයකි එඩී ජයමාන්න. ඒ හඬ ඒ රුව වැඩි ඈතක් නොවූ අප සිනමා ඇරඹුමේ අමරණීය සැමරුම් සිහිවටනයක් වැන්න.
වන්නිආරච්චිගේ දොන් ඩේවිඩ් වික්ටර් ජයමාන්න හෙවත් එඩී ජයමාන්න විරල ගණයේ විශිෂ්ට රංගධරයෙකි. එඩී ජයමාන්න සහ බී.ඒ.ඩබ්ලිවු ජයමාන්න ශ්‍රී ලංකාවේ නාට්‍යකලා කර්මාන්තයට සාධනීය බලපෑමක් කළ සොහොයුරන් දෙපලකි. 1930 දශකයේ ඔවුහු මිනර්වා නමින් සංචාරක නාට්‍ය කණ්ඩායමක් පවත්වාගෙන ගියහ. මේ කාලවකවානුව ශ්‍රී ලංකාවේ ජන සමාජය සීඝ්‍ර විපර්යාසයකට ලක් වෙමින් පැවතුණ කාලයකි. බොහෝ දෙනා බටහිර පන්නයට ජීවත් වීමට හැඩ ගැසෙමින් සිටියහ.මෙම සංස්කෘතික පෙරළිය දෙස උපහාසයෙන් බැලූ මොවුන්ගේ නාට්‍ය වල ප්‍රස්තූථයන් වූයේ සිංහල ඉංග්‍රීසි සංස්කෘතීන් අතර අතරමං වූ අර්ථහීන සමාජයේ විවිධ පුද්ගල චරිත හා අවස්ථාවන්ය.

“කඩවුණු පොරොන්දුව” චිත්‍රපටය ජයමාන්න දෙසොහොයුරන්ට පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකා සිනමා කර්මාන්තයටම සුවිශේෂී සංධිස්ථානයක් වන්නේ එය ලංකාවේ ප්‍රදර්ශිත ප්‍රථම කථානාද චිත්‍රපටය වන නිසයි. ජයමාන්න සහෝදරයන් ඉන්පෙර කරන ලද නිෂ්පාදනයන් දකුණු ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයෙකු වන එස්.එම්. නායගම්ගේ අවධානය දිනා තිබූ බැවින් 1947 වසරේදී ඔහු මෙම චිත්‍රපටය සඳහා හිමිකම් ඇවිරීමට සහාය දුණි.එඩී මෙහි “මනප්පුවා” නම් චරිතයට පණ පොවන අතර ඔහුට “ජොසී බබා” චරිතයට රඟපෑ ජෙමිනි කාන්තගෙන් මනා සහයෝගයක් ලැබුණි. උත්තර භරතීය සිනමා ආභාශය නිසා එම චිත්‍රපටය සංගීතය හා විවිධ ගායනයන්ගෙන් වර්ණවත් වී තිබුණි.
“කඩවුණු පොරොන්දුව” සාර්ථක චිත්‍රපට පෙළක ඇරඹුම පමණි. “කොළඹ සන්නිය” තවත් එවැනි චිත්‍රපටයකි. එහි කතා ප්‍රස්තූථය වන්නේ පිටිසරබද පළාතකින් කොළඹට පැමිණෙන පවුලක් නගරබද ජීවන රටාවට හුරුවීමට දරන හාස්‍යජනක අරගලයයි. “කොළඹ සන්නිය” චිත්‍රපටයේ පටිගත කිරීම සිදුවූයේ සූරිය ලේබලය යටතේය.
එඩීගේ සුන්දර ප්‍රියම්බිකාව වන්නේ රුක්මනී දේවියයි. ඔහුට ඇයව හමුවන්නේ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ සිටියදීය. සිංහල සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලි ලද ඇය පංච කළ්‍යාණියකි. එකළ ජනතාව එඩී- රුක්මනී යුවළට දැක්වූයේ රජ පවුලකට සේ ගෞරවය මුසු ආදරයකි.



“හදිසි විනිශ්චය” (1949), “සැඟවුණු පිළිතුර” (1951) සහ “උමතු විශ්වාසය” (1952) රිදී තිරය එකළු කළ ජයමාන්න සොහොයුරන්ගේ නිර්මාණයන්ය.
“කැලෑ හඳ” එකළ බොහෝ දෙනෙක් ආසාවෙන් කියවූ කතාන්දරයකි. එහි චරිත වලට පණ දෙමින් ජයමාන්න සොහොයුරන් එය චිත්‍රපටයකට නැගීය. එය ප්‍රේක්ෂක ආකර්ශනය නොමදව ලැබීය.
“අයිරාංගනී” (1954), “මත භේදය” (1955), “පෙරකදෝරු බෑණා” (1955), “දෛව විපාකය” (1956), “වනලිය” (1958), “කවට ආදරේ” (1960), සහ “මංගලිකා” (1963) සඳහන් කළයුතු තවත් නිර්මාණ කිහිපයකි.






1960 වර්ෂයේ තිරගතුවූ ” සන්දේශය” චිත්‍රපටයේ සංගීතඥයෙකුගේ චරිතය සහ 1976 දී තිරගත වූ “කොළඹ සන්නිය” චිත්‍රපටයේ ආභරණයක් සම්බ වී පොහොසත් වූ පුද්ගලයෙකුගේ සොයුරාගේ චරිතය එඩී ජයමාන රඟපෑ සිහිපත් කළයුතු හාස්‍ය රංගනයන්ය. “තක්කිට තරිකිට උඩපැන නටන්න හිතුණා” සහ “කොළොම්පුරේ ශ්‍රියා” වැනි ගීත වලින් නැගෙන අපූරු හඬද ඔහුගේය.
කඳු මුදුනක සිට තැනිතලාවක් දෙස බලන්නා සේ එකළ ජන සමාජය දෙස බලා සිටි ඔහු බටහිර තාලය අගේ කළ මිනිසුන් වෙත සියුම් උපහාසයක් උපදවා ගනී. “ශ්‍රීනි අපේ ලංකාවෙ සිංහලයා ඉංග්‍රීසින්ගෙ සිරිතට වී පිරියා, සාය ගවුම් ඇඳ ගති නොය මැලියා, මේවා දැකලා පණයන තරමට මටම හිනා” ඔහු ගයයි. කළු සුදු වුවද ඔහුගේ චිත්‍රපට නැරඹීමට ප්‍රේක්ෂකයෝ තවමත් බොහෝ ප්‍රිය කරති. ඒ අන් කිසිවක් නිසා නොව විසිවන සියවසේ ලංකාවේ ජන ජීවිතයේ සාරය ඒවා තුළ නිරූපිත බැවිනි.
ඔහු හරි අපූරුයි; ඉන් ඔහු ගැන සංක්ෂිප්තයි; ඔහුව දකින්න ඔබට කෙරෙන සුහද ඇරයුමයි.
සටහන : රුවින්දී තමාශි
සංස්කරණය : නදීෂා පෝලිස්
පරිවර්තනය : යශිනි සේනානායක


