• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

ක්ලැරන්ස් විජේවර්ධන

English
தமிழ்
  • චරිතාපදානය
  • ගී ඇල්බම
  • විශේෂ උත්සව අවස්ථා
  • වීඩියෝ

චරිතාපදානය

ශ්‍රී ලංකාවේ සුන්දර කඳුබඩ හපුතලයෙහි උපත ලද මුත් එවන් මිණක උරුමකම රත්නපුරයට ලැබෙනුයේ සිය දෙමාපියන් හා ඔහු එහි බටුගෙදර ග්‍රාමයට 1966 වසරේදී සංක්‍රමණය වූ නිසාවෙනි.

ශ්‍රී සංගබෝ කොරයාගේ අනුග්‍රහය යටතේ ප්‍රථම වරට ගීත පටිගත කිරීමට ක්ලැරන්ස් විජේවර්ධනයන්ට අවකාශ ලැබෙනුයේ ඔහුට පෑහෙන හඬක් සහිත ගායකයෙකු සොයා ගැනීමේ අභියෝගය ඉතිරිකොට තබාය. ප්‍රේමසිංහ මාරඹගේ සහාය මත ඇනස්ලි මාලවන හා ක්ලැරන්ස්ගේ මුණගැසුම සිංහල සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුවූ දෛවෝපගත හමුවීමක් වන්නට ඇත.ඔවුන් දෙදෙනාගේ අසහාය සංගීත ගමන් මගෙහි ආරම්භයත්  “ද මූන්ස්ටෝන්ස්” (The Moonstones) සංගීත කණ්ඩායමේ නිර්මාණයත් ඒ මත්තේ සිදුවන්නට යෙදුණි.

සංගබෝ කොරයාගේ නිවසේ සිදු කළ පුහුණුවීම් සඳහා වූ පටිගත කිරීම් කිහිපයකින් පසුව ඔවුන්ව ජනප්‍රිය ගුවන්විදුලි නිවේදකයෙකු වූ විජය කොරයාට හඳුන්වාදෙනු ලැබුණි. එවකට රේඩියෝ සිලෝන් වූ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ගීත පටිගත කිරීමට ඔවුනට ඉඩ ප්‍රස්ථා හිමි වන්නේ ඒ ඔස්සේය. මෙම ගීත “සැටඩේ ස්ටාර්ස්” (Saturday Stars)හි ප්‍රචාරය වීමත් සමඟ ඇසිල්ලකින් සුවිසල් ජනප්‍රියත්වක් ලද්දේය.

කරුණාරත්න අබේසේකරයන් සිය බිළිඳා වෙනුවෙන් ලියූ “දිලීප පොඩි පුතු” ගීතය ක්ලැරන්ස් සංගීතවත් කළ මුල්ම ගීතය වන අතර එය “මූන්ස්ටෝන්ස්” හිද ගැයූ මුල්ම ගීතයයි.

https://www.sooriya.lk/wp-content/uploads/2018/11/50-Dileepa-Podi-Puthu.mp3

සංගීත ගමනේ ආරම්භය

ක්ලැරන්ස්ගේ ප්‍රථම ඇල්බමය ෆිලිප්ස් ලේබලය යටතේ ( කැටලොග් අංක– JVPC007) නිකුත් විය. “මංගෝ නැන්දා” ගීතය එහි අන්තර්ගතයකි.

සිංහල පොප් සංගීත කලාවට ඉලෙක්ට්‍රොනික ගිටාරය හඳුන්වා දුන්නේ ක්ලැරන්ස්ය. සිය මිතුරෙකුගේ මංගල  සාදයකදී “ද බීකන්ස්” (The Beacons) නම් සංගීත කණ්ඩායම ඉදිරිපත් කරනු දුටු ඔහු ඒ අනුව යමින්ය ඉලෙක්ට්‍රොනික ගිටාරය වැයීම ඇරඹුවේ.   

එවකට ලංකාව තුළ ප්‍රචලිත නොවූ නව සංගීත ආරක් එසේ බිහිවිය.

Big Future for Sinhala Pop by Gaston, 13-02-1972
Big Future for Sinhala Pop by Gaston, 13-02-1972

සංගීත ගමන

අරුත්බර  සරළ ගීත ඔහු ලීවේය. රසවත් තනු යෙදුවේය. ඔහුගේ බොහෝ නිර්මාණ සත්‍ය සිදුවීමක් වටා ගෙතී පැවතීම රසික සිත් ආකර්ෂණය කළේය.

Fabulous Moonstones by Eustace Rulach, Ceylon Observer, 19-08-1969
Fabulous Moonstones by Eustace Rulach, Ceylon Observer, 19-08-1969
Hit Songs with Hidden Stories by Anton De Silva, Weekend, 17-06-1973
Hit Songs with Hidden Stories by Anton De Silva, Weekend, 17-06-1973

1970 වසරේදී ක්ලැරන්ස් මූන්ස්ටොන්ස්  හැර ගියද නව සංගීත කණ්ඩායමක් පිහිට වූයේය. එයට “ද ගෝල්ඩන් චයිම්ස්” (The Golden Chimes) ලෙස නම් දෙන ලද්දේ ජෙරල්ඩ් වික්‍රමසූරිය විසිනි. ක්ලැරන්ස්ගේ දක්ෂතා මේ වන විටත් හැඳින සිට රසිකයා එතැන් පටන් බිහි වූ ඔහුගේ සෑම ගීතයක්ම පාහේ ආදරයෙන් වැළඳ ගත්තේය. ගෝල්ඩන් චයිම්ස් නිකුත් කළ ප්‍රථම ගීත තැටිය සූරිය ලේබය යටතේ (කැටලොග් අංක – CHB 014)නිකුත් විය.

“Golden Chimes ring melodiously” by Kenneth, The Times Weekender, April 1, 1972
Golden Chimes ring melodiously” by Kenneth, The Times Weekender, April 1, 1972

1972 වසරේදී ක්ලැරන්ස්  ඩික්සන් ගුණරත්න සමඟ ”ද ගෝල්ඩන් චයිම්ස්” කණ්ඩායමෙන් ඉවත් වී නැවතත් ඇනස්ලි මාලවන හා එක්විය. “ද සුපර් ගෝල්ඩන් චයිම්ස්” ලෙස ජෙරල්ඩ් නම් කළ සංගීත කණ්ඩායම 1973 වසරේදී බිහිවන්නේ ඔවුන්ගේ එකතුවෙනි.

1974 වසරේදී ක්ලැරන්ස් සුපර් ගෝල්ඩන් චයිම්ස් වෙනුවෙන් නිර්මාණය කළ “කතරගම” ගීතය ලංකාවේ විශිෂ්ටතම ගීතයට හිමි සම්මානය දිනීය.

“පොප් ඇන්ඩ් ටීන් ෆෑන්ෆෙයාර් මැගසින්” (Pop and Teen Fanfare Magazine) විසින් කරන ලද මත විචාරණයකදී 1974 සහ 1976 යන වසරවල ජනප්‍රියතම ගී පද රචකයාට හිමි ස්ථානය ලැබී ඇත්තේ ක්ලැරන්ස් විජේවර්ධනයන්ටය.

ගී පද රචකයෙකු හා තනු නිර්මාපකයෙකු පමණක් නොව ඔහු අති සාර්ථක චිත්‍රපට ගීත අධ්‍යක්ෂක වරයෙකි.  1975 දී තිරගතවූ “සිකුරුලියා” චිත්‍රපටය එම ගමනේ මූලාරම්භයයි.එහි එන “වසන්තයේ මල් කැකුලයි” ගීතය සිංහල චිත්‍රපට ගීත ඉතිහාසයේ පැදි පේලි පහක ස්ථායී කොටසකින් යුක්ත ප්‍රථම ගීතයයි. එම චිත්‍රපටයේ ක්ලැරන්ස් සහ සුපර් ගෝල්ඩන් චයිම්ස් ප්‍රියසම්භාශනයකදී ගී ගයනු දැක්වෙන දර්ශනයක්ද සහිතය.  

“මංගලා”, “අපේක්ෂා”, “චතුමධුර” සහ “චණ්ඩි ශ්‍යාමා” ඔහු සංගීතය අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කිහිපයකි. එමෙන්ම ඔහු චිත්‍රපට සඳහා ගීත කිහිපයක් ගායනාද කළේය.”කොළඹ සන්නිය” චිත්‍රපටය සඳහා ගැයූ “නෙලුම් පොකුරු වගේ” ගීතය සහ “ජනක සහ මංජු” චිත්‍රපටයට ලතා වල්පොල සමඟ ගැයූ ” ලෝකේ ජීවත් ව්න්න්නට” ඒ අතරින් ප්‍රමුඛය.

1975 වසරේදී ශ්‍රී ලංකාවේ පැවති නොබැඳි  ජාතීන්ගේ සමුළුව සඳහා “මහා බලවතුනේ” ගීතය නිර්මාණයේ ගෞරවය හිමිවන්නේ ක්ලැරන්ස් විජේවර්ධනයන්ටය.

ඔහු ලංකාවේ නිකුත් වූ ප්‍රථම කැසට් පටය වන “එනිටයිම්- එනිවෙයා” (Anytime- Anywhere) කැසට් පටය සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක විය.

1979 වර්ෂයේදී ඇනස්ලි මාලවන සංගීත කණ්ඩායම හැරයාමත් සමඟ ක්ලැරන්ස් ද සුපර් ගෝල්ඩන් චයිම්ස් අත්හැර ඒකළ ගායකයෙකු වශයෙන් ක්ෂේත්‍රයේ රැඳී සිටියේය. ” මලට බඹරෙකු සේ”, “සැන්දෑ වළාවන්”, “දිනෙක මේ නදී”, “අරුණ කිරණ”, “”කුමරියක්”, “සඳ පානේ”, “හද විලේ”,”හන්තානේ”, “රන් දුනුකේ මල සේ” වැනි අදටද එකසේ ජනප්‍රිය ගීත එම වකවානුවේදී නිර්මාණය වූ ඒවාය.

1982 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක ටෙස්ට් ක්‍රිකට් සඳහා එක් වීමට අවස්ථාව ලැබීම වෙනුවෙන් ක්ලැරන්ස්  “ටෙස්ට් ක්‍රිකට් සුවනියර්” (Test Cricket Souvenir) නමින් ගීත ඇල්බමයක් නිකුත් කළේය.

ඔහු සාර්ක් සම්මේලනය සඳහාද තනු නිර්මාණයෙන් සහ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත. එමෙන්ම ශ්‍රී ලංකා පිඟන් සංස්ථාවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූ සිරිමාවෝ මැතිණිය සඳහා ලියවුණු “දුවනි සිරිමා” ගීතය ගැයුණේද ක්ලැරන්ස් විසිනි.

ඔහුගේ නිර්මාණ වන ” දෑසවන් දෑසේ” ගීතයෙන් ළමා අකටයුතුකම් ගැන කියැවෙන අතර ” “කඳු ශිඛරින් වට සෙංකඩගලපුර” ගීතය දළදා මාලිගාවේ ඇතුන් ගැන කියැවෙයි. “සීගිරි රූ ලඳුන් පරදයි” ගීතය රූප රැජිනි තරඟයක් වෙනුවෙන් නිමැවුනකි.

1985 වසරේදී ක්ලැරන්ස් නැවතත් “මදාරා” නමින් සංගීත කණ්ඩායමක් ඇරඹීය. රූකාන්ත ගුණතිලක (කී බෝඩ්), මරියසෙල් ගුණතිලක (කී බෝඩ්/ගායනය), රාජු බණ්ඩාර (ලීඩ් ගිටාරය), කෙනත් ද සිල්වා (බැස් ගිටාරය), ප්‍රභාත් බණ්ඩාර (ලීඩ් ගිටාරය) සහ අජන්ත ගමගේ (ඩ්‍රම්ස්) එහි සාමාජිකයෝ වූහ.

1980 දශකයේදීද ඔහු ඉතාම ජනප්‍රිය වූ ගීත ගොන්නක් නිර්මාණය කළ අතර එවකට සිටි දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයන් හා එකතුවෙන්ද නිර්මාණ බිහි කළේය.

“සුසීමා” සහ “නිදිකුම්බා මල්” යන සිංහල ටෙලිකතා වල සංගීත අධ්‍යක්ෂණය ක්ලැරන්ස්ගේ වන අතර “එලස්ටෝ“, “බාටා”, “ඇස්ට්‍රා” සහ “ආර්පිකෝ” වැනි ප්‍රචාරක දැන්වීම් සඳහා නාදරටාද නිර්මාණය කළේය.

ගායකයින් සියයකට අධික පිරිසක් සඳහා ගීත දහසකට වැඩි ප්‍රමාණයක් ඔහු සංගීත අධ්‍යක්ෂණය කොට ඇත.

Collection of Sooriya records which music direction is by Clarence
Collection of Sooriya records which music direction is by Clarence

තායිලන්තය, සිංගප්පූරුව, එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ඉතාලිය, ප්‍රංශය සහ එක්සත් අරාබිය වැනි බොහෝ රටවල සංචාරයටද ක්ලැරන්ස් සහභාගී වී ඇත.

ලංකාවේ ප්‍රථම මල්ටි ට්‍රැක්  පටිගත කිරීමේ (Multi Track Recording) පහසුකම තිබූ සිං ලංකා ලේබලයේ ශබ්දාගාරයක් හඳුන්වා දීමේ පුරෝගාමියෙකු විය ඔහු.පසුකාලීනව ඔහු එහි ප්‍රධාන කළමණාකාරීත්වයක්ද දැරීය.

1960 දශකයේ ජනප්‍රිය සිංහල සංගීතය උඩු යටිකුරු කළෙකි ක්ලැරන්ස්. ඇතැම් විටෙක සිංහල පොප් සංගීතයේ පීතෲත්වයෙහි ලා ඔහුව සළකන්නේ එහෙයිනි.

තවමත් වයස 53ක්ව පමණක් පැවතියදීත් 1996 වසරේ දෙසැම්බර් 13 වන දින ඔහු දැයෙන් සමු ගත්තේ කිසිකළෙක රස නොසිඳෙන ගීත පොකුරක් අපට තිළිණ කොට තබාය.

ඇනස්ලි මාලවන සහ ඉන්ද්‍රානි පෙරේරා අදටද විටින් විට “ඔරිජිනල් පොප් ට්‍රයෝ” (The Original Pop Trio) මතකය රැගෙන රසික හමුවට එන්නේ අදටද රසිකයින් එම ගීත වලට ඇලුම් කරන නිසාවෙනි.

“Clarence” by Meryl Perera, Divayina, December 20, 1996
“Clarence” by Meryl Perera, Divayina, December 20, 1996
“Clarence, Annesley, Indrani in Cyber space” by Prasad Gunawardene, The Island, July 28, 2002
“Clarence, Annesley, Indrani in Cyber space” by Prasad Gunawardene, The Island, July 28, 2002

විශේෂ ස්තුතිය – රුක්ෂාන් කරුණානායක
(තවදුරටත් කියවන්න)
පරිවර්තනය – යශිනි සේනානායක

ගී ඇල්බම

album-art

Jay Moon

By Thomas Günter
Release date: 2017
    Available now on:
    • Spotify
    • iTunes
    • Google Play
    • SoundCloud
    album-art

    The Sooriya Show Vol. 3

    By
    Release date: 1979
    album-art

    Sooriya Show Vol III

    By Eranga & Priyanga, එරංගා සහ ප්‍රියංග, P.L.A. Somapala & Chitra Somapala, Clarence Wijewardena, Indrani Perera, C.T. Fernando
    Release date: 1979
    Available now on:
    album-art

    The Original Sinhala POP TRIO – Clarence/Annesley/Indrani

    By Annesley Malawana, Clarence Wijewardena, Indrani Perera
    Release date: 1995
    Available now on:
    album-art

    The Original Sinhala POP TRIO Clarence, Annesley & Indrani

    By Annesley Malawana, Clarence Wijewardena
    Release date: 1982
    Available now on:
    album-art

    Colomba Sanniya

    By Eddie Jayamanne, Clarence Wijewardena
    Release date:
    Available now on:
    album-art

    Clarence Wijewardena With The Super Golden Chimes

    By Clarence Wijewardena, The Super Golden Chimes
    Release date: 1978
    • Stream Now
    • Stream Now
    Available now on:
    • iTunes
    • Amazon
    album-art

    Clarence Wijewardena With The Super Golden Chimes

    By Clarence Wijewardena, The Super Golden Chimes
    Release date:
    • Stream Now
    • Stream Now
    Available now on:
    • iTunes
    • Amazon
    album-art

    The Sensational Three Sisters

    By The Three Sisters
    Release date: 1970
    Available now on:
    album-art

    Here Comes The Winslow Six

    By Clarence Wijewardena
    Release date: 1972
    Available now on:
    album-art

    Film Idol H.R. Jothipala Goes Pop

    By H.R. Jothipala
    Release date: 1972
    Available now on:
    album-art

    Dance To The Sooriya Hits

    By
    Release date: 1973
    Available now on:
    album-art

    Dalrene Sings Sinhala Pops

    By
    Release date:
    Available now on:
    album-art

    Annesley Malawana

    By Annesley Malawana
    Release date: 1978
    Available now on:
    album-art

    Stanley Pieris Instrumentals

    By Stanley Peiris
    Release date: 1985
    Available now on:
    album-art

    The Superstars Play the Traditional Baila

    By
    Release date: 1985
    Available now on:
    album-art

    Three Sisters

    By The Three Sisters
    Release date: 1985
    Available now on:
    album-art

    The Sensational Three Sisters

    By The Three Sisters
    Release date: 1995
    Available now on:

    විශේෂ උත්සව අවස්ථා

    • No upcoming events scheduled yet. Stay tuned!

    වීඩියෝ

    ක්ලැරන්ස් විජේවර්ධන

    උපත – 1943 අගෝස්තු 03

    විපත – 1996 දෙසැම්බර් 13

    සාමාජිකත්වය දැරූ කණ්ඩායම් –
    ද මූන්ස්ටෝන්ස්
    ද ගෝල්ඩන් චයිම්ස්
    ද සුපර් ගෝල්ඩන් චයිම්ස්
    මදාරා

    ප්‍රභේදය – සිංහල පොප් සංගීතය

    Previous Artist
    කරුණාරත්න අබේසේකර
    Next Artist
    ක්ලෝඩ් ප්‍රනාන්දු

    Newsletter

    Grab our Monthly Newsletter and stay tuned

    Follow Us

     
     
     
     
     

    Copyright © 2021 Sooriya Records –  All Rights Reserved