• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

චානක පෙරේරා

English
தமிழ்
  • චරිතාපදානය
  • ගී ඇල්බම
  • වීඩියෝ
  • විශේෂ උත්සව අවස්ථා

චරිතාපදානය

වෙරළාශ්‍රිත නගරයක් වන මොරටුවේ ඉපදී හැදී වැඩුණු චානක පෙරේරා අධ්‍යාපනය හදාරන ලද්දේ වේල්ස් කුමර විද්‍යාලයෙනි. එහිදී ඔහු මූලික ලෙස ප්‍රගුණ කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවයි. එකළ ඔහු අනගි වමත් පන්දු යවන්නෙකු ලෙස පාසලේ ප්‍රකටව සිටියේය.

ඔහුගේ වර්තමාන ජීවන සහකාරිය වන ලංකිකා පෙරේරා ඔහුට හමුවන්නේද මේ අවදියේය. සංගීතයට ඇලුම් කරන්නට ඔහු මුල පුරන්නේ වයස අවුරුදු 18 තරම් වයසේදීය.සංගීත කණ්ඩායමක් ඇරඹීමට සිහින දකින ඔහු ප්‍රථමයෙන්ම මොරටුවේ සිය මිතුරන් හා එක්ව “වයිකින්ග්ස්” (The Vikings) නමින් සංගීත කණ්ඩායමක් අරඹා එම අරමුණ ඉටු කර ගත්තේය.

Chanaka during the school days
Chanaka during the school days

සංගීත ගමනේ ආරම්භය

1965 වසරේදී පාසල් කාලය නිම වීමත් සමඟ ඔහු “ද බීකන්ස්” (The Beacons) සංගීත කණ්ඩායමට සම්බන්ධ විය. මොරටුව ප්‍රදේශයේ  පැසසුමට ලක් වන සංගීත කණ්ඩායමක් වූ මෙය මංගල උත්සව හා ප්‍රිය සම්භාෂණ වල ගීත ගැයීම සඳහා ප්‍රසිද්ධියට පත් විය.

The Beacons, 1965 L to R: Laksiri Wijepala (Leader/ Rhythm guitar), Chanaka Perera (Bass guitar), Donald Perera (Mandolin), Sunimal Peiris (Hawaiian Guitar), Nihal Corea (Drums)
The Beacons, 1965 L to R: Laksiri Wijepala (Leader/ Rhythm guitar), Chanaka Perera (Bass guitar), Donald Perera (Mandolin), Sunimal Peiris (Hawaiian Guitar), Nihal Corea (Drums)
The Beacons, 1967 L to R: Anton Gunatilleke (Lead guitar), Wijith Peiris (Drums), Ralph Gunatilleke (Vocals), Chanaka Perera (Bass guitar), Wimal Peiris (Hawiian Guitar), Laksiri Vijepala (Leader/Rhythm guitar)
The Beacons, 1967 L to R: Anton Gunatilleke (Lead guitar), Wijith Peiris (Drums), Ralph Gunatilleke (Vocals), Chanaka Perera (Bass guitar), Wimal Peiris (Hawiian Guitar), Laksiri Vijepala (Leader/Rhythm guitar)

කෙසේ වෙතත් ඔහුගේ සංගීත ජීවිතයේ කැපී පෙනෙන ප්‍රවර්ධනයක් සිදු වන්නේ 1967 දී ක්ලැරන්ස් විජේවර්ධන හා ඇනස්ලි මාලවනගේ “මූන්ස්ටෝන්ස්” සංගීත කණ්ඩායමට එකතු වීමත් සමගය. එවකට “ද මූන්ස්ටෝන්ස්” විජය කොරයගේ අනුග්‍රහය මත විශාල ජනප්‍රියත්වයක් ලබමින් සිටියහ. දිනක් මංගල උත්සවයකදී ක්ලැරන්ස් හට “ද බීකන්ස්” සමග ගී ගැයීමට අවස්ථාව ලැබිණි. ඉලෙක්ට්‍රොනික ගිටාරයද යොදා ගනිමින් කල ඔවුන්ගේ ඉදිරිපත් කිරීමට ඔහුගේ සිත් ඇදී ගියේය. එබැවින් ජෙරල්ඩ් වික්‍රමසූරිය සඳහා සූරිය ලේබලය යටතේ ” මෝ හිට්ස් බයි මූන්ස්ටෝන්ස්” (More Hits by Moonstones: මූන්ස්ටෝන්ස් වෙතින් තවත් ගීත ; කැටලොග් අංක CHB001) නමින් තැටිගත  කළ ඊපී ඇල්බමය (EP Album) සඳහා චානකට සහභාගී වන ලෙස ආරාධනා ලැබුණි.

L to R Anil, Clarence, Chanaka, Lankika, Wijith, Dixon
L to R Anil, Clarence, Chanaka, Lankika, Wijith, Dixon

සංගීත ගමන

1970 අප්‍රේල් මාසයේදී ක්ලැරන්ස් විජේවර්ධන “ද මූන්ස්ටෝන්ස්”කණ්ඩායමෙන් ඉවත් වී චානක හා විජිත් සමඟ එක්ව නව සංගීත කණ්ඩායමක් ඇරඹුවේය. එය ප්‍රථමයෙන් හැඳින්වූයේ “බ්‍රේකවේස් ෆ්‍රොම් ද මූන්ස්ටෝන්ස්” (Breakaways from the Moonstones : මූන්ස්ටෝන්ස් හැරගියවුන්) ලෙසය. ඔවුන් ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද්දේ මොරටුවේ ශුද්ධ වූ එම්මානුවෙල් පල්ලියේදීය. ලීඩ් ගිටාර වාදනයට “බීකන්ස්” සංගීත කණ්ඩායමේ සමාජික ඇන්ටන් ගුණතිලක තාවකාලික පදනම මත සහභාගී විය.

මෙම සංගීත කන්ඩායමට “රිදී සීනු හඬ” අරුතැතිව “ගෝල්ඩන් චයිම්ස්”  (The Golden Chimes) ලෙස නම් තැබුවේ ජෙරල්ඩ් වික්‍රමසූරිය විසිනි.ඇන්ටන් ගුණතිලක වෙනුවට ඩික්සන් ගුණරත්න නිත්‍ය සාමාජිකයෙකු වශයෙන් කණ්ඩායමට එක් විය. 1971 වසරේදී “ද ගෝල්ඩන් චයිම්ස්” හි ප්‍රථම ඊපී ඇල්බමය “ද ඩයිනමික් නිවු සවුන්ඩ් ඔෆ් ගෝල්ඩන් චයිම්ස්” (The Dynamic New Sound of Golden Chimes කැටලොග් අංක CHB014) නමින් සූරිය ලේබලය යටතේ පටිගත කෙරුණි.

L to R Anil, Clarence, Chanaka, Lankika, Wijith, Dixon
L to R Anil, Clarence, Chanaka, Lankika, Wijith, Dixon

1970 දී චානක සිය පෙම්වතිය වූ ලංකිකාට විවාහ යෝජනා කළ අතර ඔවුන්ගේ විවාහ මංගලෝත්සවය පැවැත්වුනේ 1971 දෙසැම්බර් 1 වැනිදාය.

1973 මැයි මාසයේදී ඩික්සන් හා ක්ලැරන්ස් කණ්ඩායම හැරයන මුත් ලංකිකා චානක එකමුතුවෙන් එහි කටයුතු නොනවත්වා ඉදිරියට කෙරුණි. එදා සිට අද දක්වාම දශක හතරක් ඉක්ම ගිය “ගෝල්ඩන් චයිමිස්”හි දයාබර බල පවුර එම දෙපළ විය.

Chanaka & Lankika with Vijaya Corea at “The Golden Chimes” 30th Anniversary
Chanaka & Lankika with Vijaya Corea at “The Golden Chimes” 30th Anniversary

නව්‍යතාවයට ගරු කරන මෙම නිහතමානී කලාකරුවා සිංහල සංගීත ක්ෂේත්‍රයට කරන ලද අමිල මෙහෙවර අගයනු වස් 2013 දෙසැම්බර් 15 වැනිදා ජීවිතේ එක්වරක් පමණක් ලැබිය හැකි කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.එදා සිට අද දක්වාම “ද ගෝල්ඩන් චයිම්ස්”හි සෑම ගීතයක්ම වර්ණවත් කරන බේස් ගිටාර නාදය උපදින්නේ චානකගේ ගිටාර තතෙනි.

Chanaka receiving ’Miyasi Sansada Silumini’ award, 2008
Chanaka receiving ’Miyasi Sansada Silumini’ award, 2008

චානක පෙරේරාගේ කලා දිවියට වසර පනහ සපිරීමත් “ගෝල්ඩන් චයිම්ස්” කණ්ඩායමට වසර 45 සපිරීමත් යෙදී තිබුණේ 2015 වසරේදීය. එම හේතූන් නිමිති කොටගෙන 2015 අගෝස්තු 23 වන දින රමාඩියා රන්මල් නිවාඩු නිකේතනයේ “සෙලිබ්‍රේශන් සින්ග් අලෝන්ග්” (Celebration Sing Along: සැමරුම් එකමුතු ගී ගැයුම) නමින් ප්‍රසංගයක් පැවැත් වුණි. විජය කොරයාගේ කථනයෙන්ද අනිල් භාරතී සහ රුක්ෂාන් පෙරේරාගේ සහභාගීත්වයෙන්ද පැවති මේ ප්‍රසංගය මිහිරි මතක සැමරුම් සපිරි අති උත්කර්ෂවත් සැමරුමක් විය.

Chanaka & Lankika with their son Chamila at the “Celebration Sing-along”, August 23, 2015
Chanaka & Lankika with their son Chamila at the “Celebration Sing-along”, August 23, 2015

ගී ඇල්බම

album-art

The Dynamic New Sound of The Golden Chimes

By The Golden Chimes
Release date: 1971
  • Stream Now
  • Stream Now
  • Stream Now
  • Stream Now
Available now on:
  • iTunes
  • Amazon
  • Spotify
album-art

The Dynamic New Sound of The Golden Chimes Vol. 2

By The Golden Chimes
Release date: 1972
Available now on:
album-art

The Sooriya Show

By
Release date: 1971
Available now on:
album-art

The Sooriya Show Vol. 2

By
Release date:
Available now on:

වීඩියෝ

විශේෂ උත්සව අවස්ථා

  • No upcoming events scheduled yet. Stay tuned!

චානක පෙරේරා

සාමාජිකත්වය දැරූ කණ්ඩායම් – වයිකින්ග්ස්, බීකන්ස්, මූන්ස්ටෝන්ස්, ගෝල්ඩන් චයිම්ස්

ප්‍රභේදය – සිංහල පොප් සංගීතය

Previous Artist
ක්ලෝඩ් ප්‍රනාන්දු
Next Artist
ජිප්සීස්

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved