Sooriya Records Sooriya Records
Menu

අජන්තා රණසිංහ

අජන්තා රණසිංහ නම් වූ ඒ සොඳුරු රසවතා.

උපත     : 1941
මරණය : 2016 පෙබරවාරි 17 වන දින

වර්ෂ 1941 දී තලම්මහර ගම්මානයේදී උපත ලැබූ සිඟිත්තෙකි. පසුකාලීනව නුගේගොඩට පැමිණියද ළමාවිය සොඳුරැ මතකයන් රැසක්ම පිරී තිබෙන්නට ඇත්තේ සොඳුරු ගැමි මිහිරියාවෙන්මය. එයට ඔහු පසුකාලීනව පබැඳූ ගීත රාශියක්ම සාක්ෂි දරයි.

අකුරු කරන්නට නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලට යනෙන අතරතුරම හෙතෙම තම නිර්මාණ දිවිය ආරම්භ කළේය. ඒ සිළුමිණ හා පෙරමුණ පුවත්පත්වල ළමා පිටුවවලට තම නිර්මාණ සපයමිනි. ඉන් නොනැවතී 1965 දී දිනමිණ පුවත්පතේ වාර්තාකරණයට එක්වූයේ හිරිමල් යොවුන් වියේදීමය. තාරුණ්‍යයේ නොනිමි අදිටන හා නිර්මාණකරයේ නොතිත් ආශාව ඔහු ලේක්හවුස් ආයතනය තුළ හිණිපෙත්තටම ඔසවා තැබීය. අවසානයේදී නවයුගය පුවත්පතේ සංස්කාරක ධූරයටද පත්වීය.වින්කල් බාස්”, ”සොල්දාදුවා පෙරළා පැමිණියදාවැනි කෘතීන් රචනාකළේය.

ගසක් කෙතරම් ඉහළට නැඟුණද, මලක් සිරසේ පැළඳගෙන මිස නොනැවතෙන බව පසක් කරමින් ගුවන්විදුලි සංස්ථාවටද එක්වීය. වික්ටර් රත්නායක,සිසිර සේනාරත්න, ඉන්ද්‍රානි විජේබණ්ඩාර, ටී.එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ, ඇන්ජලීන් ගුණතිලක, එච්. ආර්.ජෝතිපාල වැනි නම් දැරෑ අතිදක්ෂ ගායක ගායිකාවන්ටද ගී පද රචනා කරමින් සූරිය පටිගතකිරීම් වලද රන් සලකුණක් තැබුවේය ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක, සෝමදාස ඇල්විටිගල, වැනි විශිෂ්ට සංගීත අධ්‍යක්ෂවරැන් සමඟ සුසංයෝගයෙන් මනරම් නිර්මාණ බිහිකළේය.

කිසිදිනක තම අක්මුල් අමතක නොකළ මේ සොඳුරැ රසවතා සිලි සිලි සීතල ඇල්ලේවැනි අපූර්ව ගීත තුළින් රසික හදවත් මුසපත් කිරීමට සමත්විය. දෙහදක් අතර තනිවුණ යෞවනියකගේ සිත රන්කෙන්ඳෙන් බැඳගීයට මනාව මුසුකළේය. ප්‍රේමයේ නිම්හිම් සොයායෑමෙන් නොනැවතඉඳුනිල් ගඟුලැල්වැනි ගේයපද තුළින් දේශානූරාගය අවදිකිරීමටද සමත්විය. “කුරුම්බැට්ටි මැෂිමේ” වැනි සර්වකාලීන ළමා ගීත තුළින් මලෙක මෙලෙක ඇති ළමා මනසටද ආමන්ත්‍රණය කළේය.

Young Ranasinghe

ලාංකේය ගේයපද රචනයේ රසමුසු තැන් මෙන්ම හරබර තැන්ද සොයාගිය ඔහු තෙවරක්ම හොඳම ගීත රචකයා සඳහා වන ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ අතර රාජ්‍ය සාහිත්‍ය සම්මානයටද පාත්‍රවිය.

Ajantha Ranasinghe receiving President's award from former President J.R. Jayawardena
Dr. Ajantha Rnasinghe with Pandit W. D. Amaradewa and Jothipala

ලාංකේය ගේයපද රචනයේ රසමුසු තැන් මෙන්ම හරබර තැන්ද සොයාගිය ඔහු තෙවරක්ම හොඳම ගීත රචකයා සඳහා වන ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ අතර රාජ්‍ය සාහිත්‍ය සම්මානයටද පාත්‍රවිය.

Awards
Awards

ගීත ඇල්බම

Sisira Senaratne
Best of Neela & TM
Best of Neela & TM
Sooriya Show Vol 3
error: Content is protected !!