• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

අන්න බලන් සකි – මෙන්න බලන් සකි – රිය සක කැරකෙනවා

October 3, 2020 by shamilka Prabath Rajasooriya, Sunil Sarath Perera

අප විවාපත් වන්නට පෙරාතුව හසුන් පත් හුවමාරුකර ගැනීම සිදුකළා

මට ලැබෙන හසුන් පත් ඇයගේ ගමිපියස ට ආසන්න තැපැල් කාර්යාලයය වන පින්නවල නමින් මුද්‍රාව තැබී ඇති බව මා දකිනවා

ඒ යුගයේ සම්බන්ධතා පවත්වා ගත හැකි එකම මාධ්‍යය වුනේ එයයි

එහෙත් එහි අප කිසිවිටක අනුචිත ග්‍රම්‍ය කිසිවක් ලියා තැබුවේ නැහැ ඒවා අප සුරැකිව තබාගත්තේ මතුයම් දිනක අතීත සුන්දර මතක සැමරුම් ඒ ඔස්සේ දිගහැරිය හැකි නිසයි

ඒ යුගය අද යුගයේ ඒකී කාර්යය ඉටුකරගනු ලබන කෙටිපණිවිඩ ක්‍රමවෙsදය අහසට පොළොව වගෙයි

ඒ ගමිපියස එවක තරමක දුෂ්කර කඳු හෙල් සහිත පදෙසක පිහිටා තිබුනත් ඉතාම සුන්දරයි  ගී කවි සිතුවිලි පහළකරවන උල්පතක් බඳුයි

ඒ ලිපි බෙදූ තැපැල් මහතා තම රත් පැහැ  බයිසිකලය පැදගෙන යා හැකි තරම් දුරකට ගමන් කරනවා පසුව එය තල්ලුකරගෙන යන්නට ඔහුට සිදුවෙන්නේ ඉහත දුෂ්කර බව නිසාවෙන්

ප්‍රවාහන / පණිවිඩ හුවමාරු පහසුකමි දුර්වල එදා යුවතියක් දින ඇතැම් විට සති ගණනාවක් තිස්සේ මගබලා සිටින්නේ ඈත දුර රට වෙසෙන ස්‌වකීය ළබැඳියානන්ගෙන් හසුනක්‌ බලාපෙරොත්තුවෙන්

එය තමා වෙත රැගෙන එන්නා ඇය දකින්නේ කුමාරයෙක් වගෙයි

මේ සංසිද්ධිය පාදක කරගෙන මා සිතේ පහළ වූ අදහස් අනුව මේ ගීතය රචනා කරන්නට පෙළඹුනා

මට මතක ඇති විදියට ඒ වනවිට සනත් මල්කාන්ති දෙපොළ පවා විවහප්‍රාප්තව සිටියේ නැහැ

එවක ගුවන් විදුලියේ සංගීත පාලක පී ඩන්ස්ටන්ද සිල්වා මහතා ගේ අධික්ෂණය යටතේ දයාරත්න රණතුංගයන් විසින් කෙරුණු  සංගීතමය වැඩසටහනක් අරබයා මේ ගීතය ඇය විසින් ගායනා කරනු ලැබූවක්

මේ 70 දශකයේ මුල් කාලයේදී නිර්මාණය වූවක් බව කිව හැකියි

Sunil Sarath Perera

 ප්‍රවිණ ගීත රචක හිටපු පරිපාලන නිලධාරි  සුනිල් සරත් පෙරේරා
————————————————————————–
දත තබන්නට දූත හසුන්පත
      කුමාරයෙක්‌ එනවා
        අන්න බලන් සකි
           මෙන්න බලන් සකි
              රිය සක කැරකෙනවා

රෑ තුන්යම නිදි නොලබා
  මුතුවන් අකුරින් ලියවා //
         සුපෙම් පැතුම් හද පුරවා
              සිහින හතක්‌ කරවා

රතට රතේ ලංවෙනවා
        රිදී සීණු හඩ දෙනවා
             කඩුල හතින් එනවා
                ඉහ මල් පීදෙනවා

(සුනිල් සරත් පෙරේරා – 1972?)
——————————–

70 දශකයේ ගුවන් තරංග අතර ට නිතර මුසුවූ ඉහත සංකල්පනාව ඇසුනේ දිවා ගී / නිවේදක තෝරයි / අසන්නන්ගේ ඉල්ලීමි වැනි වැඩසටහන් ඔස්‌සේය

එදා මෙදා තුර මිනිස්‌ දිවියක හරි අඩකට ත් වඩා වැඩි කාලයක්‌ එනමි දශක 04 ක්‌ ඉක්‌මවා ගොස්‌ ලෝ දහම ට අනුගතව ලාංකික ජනජිවිතය ඔවුන්ගේ සංස්‌කෘතිකාංග පමණක්‌ නොව එදිනෙදා චර්යා රටාවන් මහත් විපර්යාසයකට ලක්‌ වි තිබෙනු පෙනීයයි

එදා පොදු ජන දිවිය හා බැඳුනු බොහෝ අංගයන් වත්මන් යොවුනන්ට ආගන්තුක විය හැකිය කත්  / භූමිතෙල් කරත්තකරුවන් / දර කරත්තකරුවන් / එළවඵ වටිටි අමිමා / අමිබරුවන් යොදා කරන සී සෑමි / තොරොමබල් / සාරවිට / කවිකොළ / තෙල්බෙහෙත් / කිරි කරුවන් ආදි මෙකිනොකී වෘත්තීන් හා සම්බන්ධ ජනීජනයා ගේ දසුන් අද විරලය තවමත් තැපැල්කරුවා ගේ භුමිකාව වෙනස්‌කමි සහිතව වුවද තවමත් ඇස ගැටේ

ඒ වෙනස්‌කම් අතරින් වඩාත්ම ප්‍රකට කරුණ වන්නේ  ඔහු ගේ ලිපි මල්ලෙන්  පෙම්හසුන් ගිලිහි යැමයි

එදා පෙම්හසුන් සාහිත්‍යයේ කෙළ පැමිණියෝ  අද වැඩිහිටියන් බවට පත් වී සිටියද ඔවූන්ගේ ඇතැමෙක්‌ තමන් ගේ සුන්දර යොවුන් විය සිහිපත් කරවන සිහිවටන බවට පත් එකී හසුන්පත් සියපණ සේ රකින බව කියා සිටිති

තාක්‍ෂණය විසින් වීකෘති කරණ ලද හසුන් පත් කලාවේ යටගියාවේ මිහිරියාව කැන්දන ඉහත නිර්මාණයේ අගය කිසිදා වියෑකි නොයනු ඇත

————————-

(ස්‌තූති පූර්වක ප්‍රණාමය – සුනිල් සරත් පෙරේරා ශූරින් වෙත පිරිණමමි)

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Back

Leave a Reply Cancel Reply

Your email address will not be published.

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content
Search in posts
Search in pages

Recent Posts

  • Anula Karunathilaka: The Dhammi of our sensibilities

    Anula Karunathilaka: The Dhammi of our sensibilities

    January 17, 2021
  • නලලතේ රැඳි සිකුරා හිනැහෙයි

    නලලතේ රැඳි සිකුරා හිනැහෙයි

    January 10, 2021
  • 70 දශකයේ යුග පෙරළිය – සිංහල පොප් සංගීතයේ මහා මෙහෙයුමිකරවාණන්ගේ වෙළඳ ළමා ගී තැටි නිර්මාණයේ රස මිහිර

    70 දශකයේ යුග පෙරළිය – සිංහල පොප් සංගීතයේ මහා මෙහෙයුමිකරවාණන්ගේ වෙළඳ ළමා ගී තැටි නිර්මාණයේ රස මිහිර

    December 27, 2020
  • The Nightingale Sings

    The Nightingale Sings

    December 19, 2020
  • පවසනු බස මට වැටහේ  – දුර අතීතයක ඇසී නැසී ගිය මියුරසයක ආවර්ජනය

    පවසනු බස මට වැටහේ – දුර අතීතයක ඇසී නැසී ගිය මියුරසයක ආවර්ජනය

    December 13, 2020

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2020 Sooriya Records –  All Rights Reserved