• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

ආලෝකේ පතුරා – සිසිර සේනාරත්න සිනමා ගීතාවලිය

October 2, 2021 by shamilka Prabath Rajasooriya, Sisira Senaratne

සිහල සිනමා සප්ත ස්‌වරය ඔපලූ සිසි කිරණ

80 දශකයෙන් මෙපිටට උපත ලබා එයින් එපිට එදවස නිර්මාණය වූ සිංහල ගී රසවිඳින්නෝ ඊට පෙම් බැන්දෝ හඳුනාගන්නා මියුරු ගීතාවලිය ට හඩ මුසුකල ගායක ගායිකාවන් රැසක්‌ අතරින් හෘදයාංගම සිත් ආලෝලනය කරවන ප්‍රේමණීය ගී ගැයු ගායකයෙකු ලෙස ඔහු ව හඳුනාගනු ලබනවා ඇත

එකී සංගීත රසික රසිකාවියන් අතිබහුතරය සිසිර සේනාරත්න නම් සොඳුරු සංගීත අධ්‍යක්‍ෂකවරයා හා තනු නිර්මපාකයා පිළිබඳව දැනුවත් නොවි සිටීම නොහැඳීනීම කණගාටුදායකය ඔහු ඒකලාව ද ඇතැම් අවස්‌ථාවන්හිදී තම ප්‍රිය භාර්යාව වූ ජ්‍යෙෂ්ඨ ප්‍රවිණ ගායනශිල්පිණි ඉන්ද්‍රාණී විජයබන්ඩාර හා කැටුව හඩ අවදි කල ගී නිර්මාණ සියල්ලම පාහේ මේ සංගීතඥයාගේම හද පත්ලෙන් ගලා ආ මියුරු තනු ද අන්තර් වාද්‍ය සංගීත විරාම වලින් අලංකෘතය
ඔහු විසින් නිර්මාණය කරනු ලැබු ගී කව් ගොන්නෙන් අසාර්ථක වූ රසිකයන් ආදරයෙන් වැළඳනොගත් ගැයුමක්‌ හමුනොවන තරම්ය

සිසිකිරණ විහිදාලන සොමි සඳ වතැති සිසිරයන් ගේ දිවිමග සටහන් අතරින් බිඳිත්තක්‌ මෙයාකාරයෙන් යව්වනයේ රසික ඔබ වෙත නිරාවරණය කරන්නට සිත්විමි

ප්‍රවීණ සංගීතඥ තනු නිර්මාපක – සිනමා සංගීත අධ්‍යක්‍ෂ හා ගායන ශිල්පී සිසිර සේනාරත්න – (1939 මැදින් මස 29 දාතමින් මෙහි සැපත්ව 2015 ක්‌වූ නවම් මස 05 දාතමින් ජීවන ගමණ නිමකරනු ලැබිය)

Sisira Senarathne
Sisira Senarathne

දිවියේ පසු අවස්‌ථාවක සෙසු මිනිස්‌ වර්ගයා අතර තම නාමය රඳවන්නට සමත් වූවන්ගේ ළදරු අවධියේදීම ඔහුගේ හෝ ඇයගේ දෙම්පියන්ගේ අකල් වියෝව හෝ වෙන්වීම සිදුව ඇති බව කියෑවෙයි මෙකී සංගීත ක්‍ෂේත්‍රයේ ම මෙකී දිවයිනේ එවන් ප්‍රකට චරිතයක්‌ වූයේ මහා සංගීතවේදී සුනිලුන්ය (සුනිල් සාන්ත – 1914-1981)

එයාකාරයෙන්ම ඔහුගේ ද දයාබර මැණියන්වූ ලක්‌දූවේ වයඹකොණ හලාවත එම් ඒ ලිලාවතීය තම පුතුගේ ළදරු වියේදීම දිවිමග චාරිකාව හමාර කර නික්‌ම ගියාය ඔහු ගේ ආදරණිය පියාණන් වූ හෙන්රි සොලමන් සේනාරත්න ද නව කුටුම්භයක්‌ අරඹමින් මේ පවුල් ඒකකයෙන් දුරස්‌ වූයෙන් ළදරු සිසිර ගේ අනාගතයේ නිමැයුම්කරුවුයේ සේනාරත්න ආයූර්වේද වෙදැදුරාණන්ය ඒ මෙකි අනාගත සංගීතවේදියාගේ මුත්තනුවණ්‌ය

ඇසූ පීරූ තැන් ඇති සංස්‌කෘත – පාලි භාෂාන්තරයන්හි කෙළ පැමිණියෝ අතර එදා පාරම්පරික වෙදැදුරන් ඉදිරියෙන්ම සිටියහ මුත්තනුවන්ගේ ගැඹුරු හඩින් ගැයෙන සංස්‌කෘත ශ්ලෝක පාඨ කුඩා සිසිර එදා රසවිඳි ගායනයන් ය තමා ගේ පසු නිර්මාණකරණයට හා ගායන කෞෂල්‍යය ඔප්නැංවීමට ඉන් ලද ආභාෂය අතිමහත් යෑයි ඔහු නොයෙක්‌ වර සඳහන් කරනු ලැබ තිබිණි
පසුව අගනුවරට පිවිස මරදාන සංඝරාජයේ සිප්සතර හදාරන්නට වූ සමයේ අසල්වැසි ධර්මදාස වල්පොළ නම් පාසල් මිතුරු සමාගමයේ යෙදී සප්ත ස්‌වර සුරුවිරුකම් දියුණු තියුණු කරගනු ලැබීය

දෙමිතුරෝ අසල්වැසි භාරත රාජ්‍යයෙන් ඇසෙමින් පැවති සිනමා ගී පෙළින් මන්මත්ව වශිකෘතව ගොස්‌ තිබිනි දෙදෙනා එකිනෙකා ට නොදෙවෙනිව එකී භාරත ගී රස උල්පතේ ගිලී කිමිදුනේ ඒවා යළි යළි මුමුණමිනි
එකි ශීල්පකලාවේ වැඩිදුර හැදැරීමේ නොනිත් පිපාසයෙන් ඔහු පෙලෙන්නට විය

මේ අතරවාරයේ එදවස කොළොම්පුරයේ සංගීතකලාවේ නම රැන්දු ආර් ඒ චන්ද්‍රසේන ඇසුරේ තමා ඇසු දුටු ප්‍රගුණ කෙරුණු එකී ශීල්පයේ තතු විස්‌තර ධර්මදාසයන් විසින් සිසිරයන් හා බෙදාහදාගනු ලබන්නට ඇත

Dharmadasa Walpola
Dharmadasa Walpola

විසිවන සියවසේ දෙවන භාගය එළැඹී යම්තම් දෙවසරක ඇවෑමෙන් භාරතයේ ශාන්ති නිකේතනයේ මුල්ම හෙළ සිසුවාණන් වූ ලයනල් එදිරිසිංහ මහා සංගීතවේදියාණන් ගේ සෙවණේ ඇරඹුනු රජයේ සංගීත විදුහලේ හා පුරා කියා ගී සිප්සර ලබන්නට සිසිරයන්ට ඇවැසි විය
දෙවසරක ඇවැමෙන් තමා සෙවූ පැතූ එකී ගීරස වින්දනයේ අක්‌මුල් හා ඇතිතතු මෙහි නොමැත්තේ යැයි කුකුසක්‌ හට ගත්තේ එයින් ලැබුණු උත්තර භාරතීය සංගීත ශිල්පයේ මුලික යමෙකුට කඨෝර යෑයි හැගෙන මූලධර්ම නිසාවෙනි එයින් මුකුලිත වූ ඔහු ගීරසඋල්පත සිඳීයන්නක්‌ සේ හැගිගිය නිසාවෙන්දෝ එයින් ඉවත් වූයේ එතැන් සිට ස්‌වාධීන නිර්මාණකරණයේ නිරතවන්නට ඉටාගෙනය

මෙසමෙයේදී සිංහල සිනමාව නම් වෘක්‍ෂය දඵා ළා වැඩෙමින් පැවතුණු අතර එහි අතුඅග පිපි සුන්දර ගී පුෂ්ප සුගන්ධය දසත පැතිරව යමින් තිබිණි

මේ ලෝකේ නවාතැන වේ දෙදිනයි මෙහි වාසේ…………………..

සිංහල ටීටර් කලාවේ මහගුරු වු සිරිසේන විමලවීරයන් විසින් රිදීතීරයේ දිගහරිනු ලැබූ පොඩි පුතා සිනමා නිර්මාණයට ඈඳා පෙරකි සුමියුරු භාරත සිනමා ගී තනුව සිසිරයන් විසින් ප්‍රතිනිර්මාණය කරනු ලැබුයේ එයාකාරයෙනි

මෙයුගයේම මහා සංගීතවේදී ගුරුදෙවි සුනිල් සාන්තයන් විසින් මවනු ලැබු සප්තස්‌වරය රැව් පිළිරැව් දුන්නේ වචනයේ පරිසාප්ත අර්ථයෙන්ම සිංහල සිනමා පටයක්‌ ව උපත ලැබ තිබුණු අව්‍යාජ පුරෝගාමි සිංහල සිනමා සිත්තම වූ රේඛාවේදීය

ඊට ගී හඩ මුසු කරන්නට කෙළිලොල් යව්වනයෙකු සිටි සිසිරයන් භාග්‍යවන්ත විය එය මෙකී ගායකයා හෙළ ගී රසිකයන් ගේ හදේ ලැගුම් ගැන්වූ ඔහු ගේ ද දිවියේ හැරවුම් ලක්ෂ්‍යයයි එහි කාන්තා හඩ මුසුකළ එකම යව්වනිය වූද අගනුවර මියුසියස්‌ විදුහල් බලිකාවියක්‌ සිටි ඉන්ද්‍රනී විජයබන්ඩාර යුවතිය හා දිවිමග චාරිකාව අරඹන්නට මුල් වූ නිමිත්තයි

Sisira & Indrani Wijebandara
Sisira & Indrani Wijebandara

රේඛාව තිරගත වී වසර සයවසරක ඇවෑමෙන් ඊට වෙසක්‌ කැකුඵ අතු අග ඉඳ නටන විලාසේ යෑයි තම නවයොවුන් හඩ මුසුකල ඉන්ද්‍රාණී 1962 පින්බර වෙසක්‌ කැකුඵ පිදුණ සමයේ අවසාන දිනයේ සිසිරයන් හා දෑගිලි පටලවාගත්හ එවිට ඔහු එපමණම කාලපරිච්ජේදයක රජ්‍ය සේවයේ වගකිවයුතු නිලදරුවෙකු ලෙසින් ශ්‍රී ලංකා රේගුවේ සේවය කරමින් සිටියේය

නිලදරුවන් නම් අපට බොහෝය එහෙත් ඔබවන් සුන්දර මධුර මනෝහර ගී තනු නිර්මාපකයන් ගායකයන් නම් නැතිසේමයදි

රජ්‍ය නිලදරු සිසිර මෙන්ම සංගීතඥ සිසිර ගේ අගය වටහගත් ප්‍රධානියා වරෙක තෙපළිය

එතෙක්‌ ලක්‌ රිදීතිරයේ ඇඳුනු සිනමා සිත්තම් පෙළ වෙනුවෙන් ගී සත්සර රටා මැවූ ගාන්ධර්ව ලැයිස්‌තුවට ඔහුගේ නම එක්‌වුයේ එයිනුත් තෙවසරක විරාමයකදීය ඒ කිංස්‌ලි රාජපක්‍ෂ නම්වු ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියාගේ අදියුරුවෙන් දොරට වැඩි 1965 වසරේ නවම් මස පස්‌වැනි දින මුල්වරට තීරයේ ඇඳි හඳපාන කථාංගයෙනි

එහි දී ඔහු හෙළසිනමා ගී වංශය පවතිනතාක්‌ කල් එදා වැයුණු ගැයුණු නිපැයුණු ගී රසබැඵවෝ අගයන්නෝ දිවි පවතින තුරාවටත් දිවමන් යළි යළි සිහිවෙන නිර්මාණ ගණනාවකට සත්සර රටා මුසුකරමින් නොනැවතී ඒවා තම හඩ අවදිකරමින් පණපෙවීය

ඉන්ද්‍රාණී විජයබන්ඩාර ඒකල හා සමූහ ගායනා

මල් මල් මල් ලස්‌සන වනමල් පිපිලා තුරුමත හිනැහෙන්නා

ඔබ නැති මේ බිම පාඵයි – අඳුරුයි

 

සිසිර – ඉන්ද්‍රාණී යුග

ඈත අහසේ නැගි දිණිදු පායා

සිසිර සේනාරත්න ඒකල ගායනා

01 පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමේ නැත මහ මන්දිරේ

ටිකිරි හසරැලි බොළඳ සිතිවිලි එහි තිබේ හොඳ ආදරේ

 

02 ආලෝකේ පතුරා මුඵ ලෝකේ ඔපලා – චන්ද්‍ර හෙමින් එයි නැගී

ලොව මිහිර නොබලා – රස සිහින පෙණිලා මගේ මැණික සුවසේ නිදී

කොවුලන්ගේ මධු ගීත – සුලගින් ගෙනා සීත සුවදායකයි රෑ මෙහි…………………..

සියොතුන් හඩන්නේ මොණරුන් රගන්නේ නෑ ඔවුනොත් නිදියාගනී

කොඳ මල් සීනාසේ – විල් නීල් ජලාසේ
රණ හංසයෝ පීනතී – සඳ කැන් බිබි නැහැවෙති

කිංකිණි නොසොල්ලා නටමින් වරෙල්ලා – සුර කෙල්ල නේ ඈ නිදී

මගේ මැණික සුවසේ නිදී……………………….

වදන් ඇමිණුම – නැසිගිය හර්බට්‌ එම් සෙනෙවිරත්න (හඳපාන චරිතාංග රංගනශිල්පියෙකු ලෙස ද කටයුතු කලේය)

(මුලාශ්‍ර හා වැඩිදුර පරිශීලනය – මියැසි හරසර කෘතිය – ලාල් අනන්ද අබේධීර)

යළි හමුවෙමු…………

~සටහන් පෙළගැස්ම‍~

Prabath Rajasooriya

ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න

ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…

Back

Leave a Reply Cancel Reply

Your email address will not be published.

Search blog posts

Generic selectors
Exact matches only
Search in title
Search in content

Recent Posts

  • “REMEMBERING CLARENCE” – By Des Kelly

    “REMEMBERING CLARENCE” – By Des Kelly

    May 22, 2022
  • එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

    එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය – 2

    May 15, 2022
  • “CALYPSO BAILA GREATS” – By Des Kelly

    “CALYPSO BAILA GREATS” – By Des Kelly

    May 8, 2022
  • එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

    එම් කේ රොක්සාමි විසින් නිර්මිත ගීතාවලිය

    May 1, 2022
  • Mohideen Baig: The conscience of a collective

    Mohideen Baig: The conscience of a collective

    April 23, 2022

Categories

  • Feature
  • Memories
  • Sinhala
  • Trivia
  • මතකයන්
  • විශේෂාංග

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved