• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

හැටේ දශකයේ අග භාගයේ සිට අසුව දශකයේ මුල් භාගය තෙක් බොහෝ ජනප්‍රිය ගීතයන් නිෂ්පාදනය කල ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සංගීත ලේබලයකි.

2016 වර්ෂයේදී ” ශ්‍රී ලාංකීය විනෝදාස්වාදය ලෝකයට ” යන්න තේමාව කර ගෙන සංගීත ලේබලය නැවතත් ආරම්භ කරන ලදී .

1959

ජෙරල්ඩ් සහ ඩල්සි වික්‍රමසුරිය තම ව්‍යාපාරික කටයුතු ආරම්භ කලේ ‘Children’s BookShop’  ළමයින් වෙනුවෙන්ම ලියැවුණු පොත් වෙළඳාම් කිරීම සඳහායි.

Read More

1960

ආනයනය කරන ලද සංගීත තැටි වෙළඳාම ආරම්භ කිරීම .

” බීටල්ස් ” සංගීත කණ්ඩායමේ සංගීත තැටි ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද්දේ  ‘ Children’s Bookshop ‘ ආයතනය විසිනි . ආනයනය කරන ලද තැටි සියල්ල (125) ප්‍රථම දිනයේම විකිණී අවසන් විය.

Read More

1968

CHB 001 - 1968

” සුරිය ලේබලයේ ” ප්‍රාරම්භය සහ ” මුන්ස්ටෝන්ස් ” සංගීත කණ්ඩායම සමගින් ගීත ඇල්බමයන් ද්විත්වයක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම.

Read More

1969

” ඩෙකා සිලෝනිස් රෙකෝඩ් ” සඳහා ශ්‍රී ලංකාවේ එකම නියෝජිතයා බවට පත් වීම සහ ඩෙකා ලේබලය යටතේ දේශීය කලාකරුවන් තැටිගත කිරීමේ බලපත්‍රය හිමි වීම .

Read More

1969

සුරිය ලේබලය ප්‍රථම සජීවී සංගීත සංදර්ශනය පැවැත්වූ අතර එය පසුකාලීනව  ” සුරිය ෂෝ ” ලෙසින් ජනප්‍රිය විය .

Read More

1971

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ප්‍රථම LP තැටිය , International Federation of the Phonographic Industry (IFPI)  සංවිධානයේ සාමාජිකත්වය ප්‍රථම වරට හිමි කරගැනීම , සාම්ප්‍රදායික බෙර තාල සහ බටහිර වාද්‍ය වෘන්ද එකිනෙක මුසුකිරිම , ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ළමා ගායන ශිල්පියෙකු විසින් තැටියක් නිකුත් කිරීම ආදියෙන් ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ප්‍රමුඛතාව ගනිමින් ලාංකිකයාට නවමු අත්දැකීම් ප්‍රථමයෙන් ගෙන ඒමට සමත් වූ සංගීත ලේබලයක් ලෙස සුරිය හඳුනා ගත හැක .

Read More

1972

සුරිය ලේබලය සම්ප්‍රදායික සහ සම්භාව්‍ය සංගීතය නිෂ්පාදනය සඳහා ප්‍රවේශය

Read More

1973

පොප් සංගීතය ද්‍රවිඩ භාෂාවෙන් ජනප්‍රිය කරවීම සඳහා මුලික වන්නේ සුරිය ලේබලයයි . ප්‍රථම වරට පැරණි සිංහල නෘත්‍ය ගී නැවත නිර්මාණය කොට තැටිගත කිරීම සිදු කරන්නේද සුරිය ලේබලයයි .

 

Read More

1974

පාවෙන වේදිකාවක් මත ප්‍රථමවරට සජීවී ප්‍රසංගයක් පැවැත් වීම – 1974 වර්ෂයේ මාර්තු මස 10 වන දින ශාන්ත ජෝසප් පිහිණුම් තටාකයේ “සුරිය ෂෝ ” ප්‍රසංගය පැවැත් විය.

1975

සුරිය ලේබලය ආගමික දේශනයන් සහ ගාථාවන් නිෂ්පාදනය සඳහා ප්‍රවේශය – වජිරාරාම විහාරස්ථානයෙදී  ” අතිපූජ්‍ය නාරද මාහිමියන් ” වහන්සේගේ  කටහඬ පටිගත කරන ලදී .

Read More

1977

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ද්විත්ව ඇල්බමයක් (double album) නිකුත් කිරීම – වික්ටර් රත්නායකයන්ගේ  “ස” ඇල්බමය 

1978

කැසට්පට නිෂ්පාදනය සඳහා ප්‍රවේශය සහ එකල ජනප්‍රිය Sri Lanka Performing Rights සමාගමේ ආරම්භය සඳහා මුලික වන්නේ සුරිය ලේබලයයි .

Read More

1995

සුරිය ලේබලය තම ප්‍රථම සංයුක්ත තැටිය වෙළඳපළ සඳහා නිකුත් කිරීම.

සුවිශේෂී මෙහෙවරයන්

සුරිය ලේබලය තම ප්‍රථම සංයුක්ත තැටිය වෙළඳපළ සඳහා නිකුත් කිරීම.

Read More

විවිධ ප්‍රභේදයන්ගෙන් යුත් සංගීතය

සුවිශේෂී මෙහෙවරයන්

Read More

2016

පුනර්ජීවනය ලැබූ සුරිය ලේබලය තම ගමන නොනැවතී ඉදිරියට – ” ශ්‍රී ලාංකීය විනෝදාස්වාදය ලෝකයට ” යන්න තේමාව කර ගෙන සංගීත ලේබලය නැවතත් ආරම්භ කරන ලදී .

Click Here To View 3D Timeline

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved