දොරට වැඩුම

Malani Bulathsinhala and Kumaratunga Munidasa

කුමාරතුංග මුණිදාස සූරීන්ගේදොරට වැඩුමකවි පන්තිය බොහෝ දෙනෙකුට පාසල් යන වයසේදී කියවන්නට ලැබුනේ එය පෙළ පොතෙහි ඇතුලත් වූ බැවිනි. මෙය එකල අපේ ළමා මනසට කොතරම් කාවැදුනාද යන්න අමුතුවෙන් පැහැදිළි කළ යුතු නොවේ.

මෑතදී මේ කවි පන්තිය පොතක් ලෙස මුද්රණය වී ඇති බව අසන්නට ලැබුණි. මවිසින් මේ කවි පන්තිය පොත් සාප්පු වල සහ අන්තර්ජාලයේ සෙවූ මුත් හමු නොවීය. නමුත්, එයටත් වඩා වටිනා දෙයක් හමුවුණි. එනම් දොරට වැඩුම කවි පන්තියෙහි ගායනයකි. කුමරතුඟු වියතාණන් පෝෂණය කළ හෙළ බස නිවැරදිව උච්චාරණය කිරීමට මාලනී බුලත්සිංහල මහත්මිය ගෙන ඇති වෙහෙස මේ කවි පන්තියට සවන්දීමෙන් ඔබට වැටහේවි.

උසස්වින්දන ශක්තියක්,‌ නිර්මාණශීලිත්වයක්මෙන්ම හැදියාවක්ඇති ජනතාවක්මෙරට බිහි කිරීමට දායකවන මෙවැනි නිර්මාණ අපේ අධ්යාපන ක්රමය තුලින් ඉවත් කිරීම කණගාටුවට කරුණකි. සාහිත්යය, කලාව, මිනිස්කම් ක්රමයෙන් දියාරු වෙමින් පවතී. අධ්යාපන ක්රමය දැන් බිහිකරනුයේ යාන්ත්රික මිනිසුන්ය. වර්තමාන සමාජයටද අවශ් යාන්ත්රික මිනිසුන්ය. අපේ බොහෝ වියතුන්ද මේ සමාජ ක්රමයට අනුගත වී, ‘මැටි මෝල්තීරණගන්නා ඇතැම් දේශපාලඥයන්ගේ බැළයන් වී සිටීම ජාතියේ අවාසනාවකි.

අප සෑමදෙනෙකුම පාහේ මේ භෞතිකවාදී යාන්ත්රික සමාජයේ කොටස්කරුවන්ය. සෑම දෙයක්ම තීරණය වනුයේ මුදල් මතය. කලාව, සාහිත්යය පවා සමාජගත වනුයේ එහි සෞන්දර්යාත්මක වටිනාකම මත නොව, මිල මතයි. අප සියළු දෙනාම අද මුදල් සෙවීමේ තරඟයෙහි දුවමින් සිටිමු. අපට සොබාදහම, සමාජ බැඳීම්, යුතුකම් සියළුදේ මතක් වනුයේ තරඟයේ අවසානයට පැමිණ වෙහෙස වූ විටයි.

නවීනත්වය හඹායන මිනිසුන් මේ යතාර්ථය කවදා තේරුම් ගනීවිද?

—————————

උදෑසන මැ කිමැ ඉර අද
කුරුළු ගෙදරැ මඟුලෙක් වෙ
සුභ මොහොතක් ළඟැ යැ නොම
යව රැස් මට පළමු විහිද

මඟුල කිමද එතැන පැවැති
කුරුළු පැටව් දොරට වඩිති
මා එන තෙක් බලා ඉඳිති
යමි යමි ඉක්මන් කර නිති

කැඳවීමක් එයි ඔබටත්
ලැබුණු සැටී සුළඟ බලත්
ඔව් ඔව් ඉක්මන් නැතිවත්
වරදී වේලාව නකැත්

සුදෝ සුදු රැ වලාකුලෙනි
ඇයි මේ සිල් ගත්තා වැනි
මඟුලට කළු නොනිසි බැවිනි
එනු හැර අපි යමු මෙ හිතිනි

කුසුමෙනි ඇයි වෙන්නෙ සිනා
නැත්නම් මඟුලට නොමනා
පැටවුන් එළියට වඩනා
හැටි බලමූ අපි තුටිනා

මඟුල් ගෙදර හඬක් ඇසී
විසිතුරු ඇඳුමෙන් සැරසී
ගී ගයමු සිනා සි සී
කුරුළු යහළුවෙනි එක සී

අපගේ දරුවන් එළියට
වඩනා මේ දවසේ අපට
නැත්තේ නම් මහත් සතුට
ඔබටද ඇත්තේ සැබැවට

කපුටු හාමි නොසිට ළඟින්
ඇයි ඉන්නේ අස්වැ මගින්
ගිනි සැර පිට කරන අගින්
දඬු කඳ නොපෙනෙ දිගින්

අර කූඩුව මැදින් දිනක්
යන්නට කළ නිසා තැතක්
එදඬුව අප දෙදෙනෙකු ලක්
කළ සැටි මට වේ මතක්

හා අර පැටවුන් දෙන්නා
එබී කූඩුයෙන් ඉන්නා
දෙමාපියන් සතුටින්නා
අසළ ගසක රඟ දෙන්නා

හිරු දෙවි බබලවයි පහන
වලා ඉහල කෙරෙයි වියන
සුළඟ හමයි සිහිල රැගෙන
මල් සුවඳින් පහදයි මන

ගී ගයමින් කුරුළු සෙනඟ
ඉඳිති හාත් පස තුරු අග
බලා ඉඳී පුනු දොර ලඟ
ඉඳිකඩ උන් මවද සමඟ

නකැත හොදයි කීය පියා
මව ඉන් ඉදිරියට ගියා
මඟ හැම වස් දොස් හැරියා
එක පැටියෙක් හැඹී පියා

පසුවැ පැමිණ සුබ මොහොතින්
දෙවෙනියාද පියා පතින්
වැඩ ගති පැමිණියෝ හිතින්
හිතට සතුට යැවූ නෙතින්

================
Janaka Boralessa

Janaka Boralessa

ජනක බොරලැස්ස

නිදහස් මාධ්යවේදියෙක්, ෆේස්බූක් පිටු තුළ

Social Media

Latest posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *.

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>