පොප් සහ බයිලා සංගීතය නාමයෙන් සුරිය ලේබලය වසංගතයක් පටිගත කරන බව එවකට ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සේවයේ මුලසුන හෙබවූ ඩන්ස්ටන් ද සිල්වා මහතා කියා සිටියේ ය . ආනන්ද සමරකෝන් මහතාගේ වාද්‍ය වෘන්දයේ තමන් සමගින් එකට වාදනය කල ජෙරල්ඩ්ට වසංගතයන් නොවූ සංගීතයක් ගෙන ඒමට උපදෙස් ලබා දෙන ලද්දේ ඔහු විසිනි .
මෙලෙසින්, සුරිය LP 2 යටතේ නිකුත් වූ ” Songs & Rhythms of Sri Lanka” තැටිය විදේශීය සංචාරකයන් සඳහාම විය .
1973 වසරේ මාර්තු මස 11 වන දින පවත් වූ “සුරිය ෂෝ ” සජීවී ප්‍රසංගයේදී ප්‍රථමවරට “පණිභාරතයන්ගේ සාම්ප්‍රදායික නර්තන සහ වාදන කණ්ඩායම ” සමගින් ” සුරිය පොප් වාද්‍ය වෘන්දය ” , Songs & Rhythms of Sri Lanka තැටියේ ගීතයන් පොදු මහජනයාට ඉදිරිපත් කළේය .
1973 වසරේ මැයි මස 5 වන දින නවරඟහලේදී පැවැත්වූ “සුරිය ෂෝ” සජීවී ප්‍රසංගයේදී හිටපු අගමැතිණි ගරු ” සිරිමාවෝ බණ්ඩාරනායක ” මැතිණිය වෙත CHB LP 1 නාමාවලිය යටතේ “ද සුරිය ෂෝ ” තැටිය සහ CHB LP 2 නාමාවලිය යටතේ ” Songs & Rhythms of Sri Lanka ” තැටිය ජෙරල්ඩ් සහ ඩල්සි වික්‍රමසූරිය දෙපල විසින් පිළිගැන්වූ මොහොත .