• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

1971

සුරිය ලේබලය යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ප්‍රථම LP තැටිය නිකුත් වූ අතර, එය CHP LP 1 නාමාවලිය යටතේ “ද සුරිය ෂෝ ” නාමය දැරීය.

International Federation of the Phonographic Industry (IFPI) සංවිධානයේ සාමාජිකත්වය හිමි කරගත් ප්‍රථම ලාංකීය සංගීත ලේබලය වීම .

සුරිය ලේබලය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සාම්ප්‍රදායික බෙර තාල සහ බටහිර වාද්‍ය වෘන්ද එකිනෙක මුසුකිරිම කිරීම: “සුරිය පොප් වාද්‍ය වෘන්දය” සමගින් “පණිභාරතයන්ගේ සාම්ප්‍රදායික බෙර වාදකයන්” 1971 වසරේ අගෝස්තු මස 22 වන දින සුරිය ෂෝ වේදිකාවේදී එකිනෙක මුසුව තම වාදනයන් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ළමා ගායන ශිල්පියෙකු විසින් තැටියක් නිකුත් කිරීම: ළමා ගායිකා ශිරෝමි ප්‍රනාන්දු ගායනා කරන “කොන්දනමාගෙන” තැටිය නිකුත් වූ අතර සුරිය ලේබලය යටතේ දෙවනියට වැඩියෙන්ම අලෙවි වූ තැටිය විය.

“ගුවන්විදුලි සංස්ථාවේ ” (Ceylon Broadcasting Corporation) ඉංග්‍රීසි සේවයේ සතිපතා “සුරිය ෂෝ ” වැඩසටහන ගුවන්විදුලි ප්‍රචාරය ඇරඹීම .

සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 9.45ට විකාශය වූ ” සුරිය ෂෝ ” වැඩසටහන සුරිය නියමාවලිය තීව‍්‍ර කරවීය . මෙම ගුවන්විදුලි වැඩසටහන මෙහෙයවනු ලැබුයේ ” සුරිය ෂෝ ” සජීවී ප්‍රසංගයන්ගේ ස්වර්ණමය හඬ වූ ” විජය කොරයා ” මහතාය .

සුරිය ලේබලය සඳහා ජෙරල්ඩ් සහ ඩල්සි වික්‍රමසූරිය දෙපලගේ පරිශ්‍රමය මෙන්ම ” විජය කොරයා ” යන නාමයද සිහිපත කල යුතු වේ. ” සුරිය ලේබලය ” සහ ” සිංහල පොප් සංගීතය ” සඳහා ඔහු ඉටු කල කාර්‍යභාරය අද්විතීය. විජය කොරයාගෙන් සිදු වූ මෙහෙය නිතරම සිහිපත් කල ජෙරල්ඩ් වික්‍රමසූරිය ” විජය නොමැතිනම් සුරිය නොමැත ” යනුවෙන් නිතරම පවසා ඇත .

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2021 Sooriya Records –  All Rights Reserved