සුරිය ලේබලය 1969 වර්ෂයේ ජුනි මස 14 වන දින තැප්‍රෝබේන් හෝටලයේදී “Melodies That Linger” යන නමින් තම ප්‍රථම සජීවී සංගීත සංදර්ශනය පැවැත්වූ අතර එහිදී “ස්ප්ලිට්ෆයර් ” සමගින් “ඩැල්රීන් “සහ ” ඩෙස්මන්ඩ් ” ,” එම්.එස්.ප්‍රනාන්දු ” සහ ” ධර්මරත්න සහෝදරයෝ ” ඉදිරිපත් කිරීම් සිදු කළේය .
ගුවන්විදුලිය එකම ශ්‍රවණ මාධ්‍ය වූ සමයක, තමන් කැමතිම ගායකයන් තමන් කැමතිම ගීතයන් ඉදිරිපත් කිරීම සියැසින් දැකගැනීමට බොහෝ ප්‍රේක්ෂකයන් ” සුරිය ෂෝ ” වෙත එක්රොක් විය. එය ප්‍රේක්ෂකයන්ට අමතක නොවන ජිවන අත්දැකීමක් විය.
වැල්ලවත්ත ” රාමක්‍රිෂ්ණ ” ශාලාවේ පැවති දෙවන ප්‍රසංගයේ සිට සංදර්ශනයේ නම ” සුරිය ෂෝ ” ලෙස වෙනස් විය .

සැම විටම ” ටිකට්පත් විකිණී අවසන් ” වුවා පමණක් නොව එකල තරුණ, තරුණියන් සුරිය ෂෝ නැරබීමට තමන් විසින්ම නිර්මාණය කරගන්නා ලද විලාසිතාවන් ඇඳගෙන පැමිණියේය .


