• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

1959

කේ.වී.ජී. ද සිල්වා සහ පුත්‍රයෝ යන ප්‍රසිද්ධ පොත්හල පවත්වාගෙන ගිය ජෙරල්ඩ්ගේ ඥාති පුත්‍රයකු විසින් ළමුන් සඳහා පොත්හලක් (The Children’s Bookshop) ආරම්භ කිරීමේ අදහස ඉදිරිපත් කෙරිණ .

එකල පැවති පොත්හල් විසින් විවිධ වර්ගයන්ගේ පොත් පාඨකයාට ඉදිරිපත් කලත් ජෙරල්ඩ් හුදෙක් ඉලක්ක ගත කලේ ළමා පොත් පමණි. සිඝ්‍රයෙන් ව්‍යාප්ත වූ ව්‍යාපාරය , සියළුම වයස් වල ළමයින් සඳහා අධ්‍යාපනය සහ විනෝදය කැටි වූ තැටි විකිණීමද ආරම්භ කෙරිණ .

වසා දමමින් තිබු “ලුවිස් බ්‍රවුන් රෙකොර්ඩ් ගබඩාවේ ” කළමනාකාර “බෙටි ද සරම් ” මහත්මියගේ අවස්ථාවක් සඳහා යෝග්‍ය යෝජනාවක් ජෙරල්ඩ් වෙත ගෙන ආ අතර , ඔහු ගබඩාවේ තිබු සියළුම තොග විශේෂිත වට්ටම් මිලකට මෙන්ම ආපසු ගෙවීමේ සහන ක්‍රමයකට ලබා ගත්තේය . මෙය ” වික්‍රමසුරිය ” නාමය ශ්‍රී ලාංකීය සංගීත කේෂ්ත්‍රය සඳහා ප්‍රවිෂ්ඨය සනිටුහන් කරයි .

 

 

හැත්තෑව දශකයේ මුල් භාගයේ  “The Children’s Bookshop” ශ්‍රී ලාංකීය සංගීතයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වී තිබුනේ , නිරන්තරයෙන් කලාකරුවන් , ඔවුන් මුණගැසී ආගිය තොරතුරු කතා කිරීමට සහ අලුතින් නිකුත් වූ තැටි ගැන දැනගැනීමට පැමිණෙන රසිකයන්ගෙනුත් ය . හැත්තෑව දශකයේ කොළඹ නගරයේ සුප්‍රසිද්ධම හමුවීම් ස්ථානයක් ලෙස ” The Children’s Bookshop ” නම් දරා සිටි අතර, විශේෂයෙන් දිවා ආහාර පැයෙදී එහි අතුරු සිදුරු පිරී ගියේය.

” The Children’s Bookshop” තවදුරටත් එම ස්ථානයේ නොමැති වුවත් , සුරිය ලේබලය යටතේ ශ්‍රී ලාංකිකයා හට තිලිණ කල ගීතයන් සදාකල් ලාංකිකයාගේ දෙසවන පිනවනු ඇත .

ලොස් ෆ්ලෙමින්කොස් සංගීත කණ්ඩායමේ ස්ටැනිස්ලස් ප්‍රනාන්දු, වින්ස්ලෝ සික්ස් සංගීත කණ්ඩායමේ මනෙලා ජෝසප් සහ ඔරිජිනල් පොප් ට්‍රියෝ නියෝජනය කරමින් ඇනෙස්ලි මාල්වනයන්ගේ The Children’s Bookshop මතකයන්

සුරිය රසිකයන්, අර්ජුන සහ ජූඩ්ගේ The Children’s Bookshop මතකයන්

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2020 Sooriya Records –  All Rights Reserved